Monday, June 8, 2020

අපි ඉන්නා තැන

මහමැතිවරණය නොපවත්වන ලෙස විවිධ පාර්ශව විසින් දැමූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත විසි කර දැමිණ. ඒ ගැන විස්තරාත්මක නියෝගයක් තවම නිකුත් කළ බව දැන ගන්නට නැත. සමහර විට ඊට හේතුව ජනමාධ්‍ය වන ප්‍රමුඛතා වෙනස් වීම විය හැක.

මේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීම ජයග්‍රහණයකි, එහෙත් එසේ විසි කර දැමීමට හේතු නොදන්නේ නම් ඒ ජයග්‍රහණය සැමරිය හැකිද යන ප්‍රශ්නය ඇති වෙයි. සජිත්-ජලනි බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක තුමාට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පෙත්සම් කරුවන්ගේ ජයග්‍රහණයකි, ඒ කලින් යෝජනා කෙරුණු ජූනි 20 දිනත් මැතිවරණය නොපැවැත්වෙන බැවිණි. පෙරළුණු පැත්ත හොඳයි කියනු වෙනුවට තමන්ගේ සැබෑ අවශ්‍යතාවය වූයේ බාර දුන් නාමයෝජනා අහෝසි කරගෙන නැවත නාමයෝජනා දීමට අවස්ථාව සළසා ගැනීම බව පිළිගැනීමට මේ අයට ආත්ම ශක්තියක් නැත්තේ ඇයි?


පෙත්සම් වල කුමක් සඳහන් වුවත් පෙත්සම් කරුවන් ඔවුන්ගේ මූලික අභිප්‍රාය අනුව කොටස් දෙකකි;

ස.ජ.බලවේගයේ අවශ්‍යතාව නැවත නාම යෝජනා දීමේ අවස්ථාව සළසා ගැනීමයි. එක්ව ඉල්ලුවත් වෙන වෙනම ඉල්ලුවත් පරදින බව දන්නා රනිල් වික්‍රමසිංහට ඒ අවශ්‍යතාවය නැත - මේ කරදරකාරයින් දේශපාලනයෙන් අතුගා දැමීමට හෝ අඩු තරමින් ඔවුන්ගේ කේවල් කිරීම බලය නැති කිරීමට ඔහුට මේ අවස්ථාව වැදගත් ය. එසේ වුවත් පැවති යහපාලන ආණ්ඩුවේ කූට-සහචරයින්ට (දෙමළ රාජ්‍ය පක්‍ෂය, ජනතවි මුක්ති පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු නොරාජ්‍ය සංවිධාන ජාලය සහ තානාපති අංශ) මේ පාර්ශව දෙක එකතු කිරීම අවශ්‍ය ය. අ.කු.දි. ගේ මාලිමා සංධානයට මෙය විශේෂයෙන් අවශ්‍ය වන්නේ තමන්ට අවම මන්ත්‍රීධුර සංඛාවක් (6) තහවුරු කර ගැනීමේ අභියෝගය ඇති නිසාය. අවාසනාවට එය රට හමුවේ එළිපිට කීමේ හැකියාව මේ කිසිදු පාර්ශවයකට නැත.

ව්‍යවස්ථාව අනුව පැවති පාර්ලිමේන්තුව කැඳවීමේ අනිවාර්‍ය අවශ්‍යතාවයක් නැති බව පැහැදිළි මුත් එය අවධාරණය කරමින් පෙත්සම් ගැසූ පාර්ශව ද වෙති. පැවති පාර්ලිමේන්තු සංයුතිය තමන්ට අතිශය වාසිදායක බව පැහැදිළි බැවිනුත්, යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දුන්නේනම් මන්ත්‍රී වරප්‍රසාද සහිතව මැතිවරණයට ඉදිරිපත් වීමේ වාසිය වෙනුවෙනුත් එසේ ඉදිරිපත් වීම තේරුම් ගත හැක. නමුත් එසේ ඉල්ලීමේ සැබෑ අභිප්‍රාය ජනාධිපති වෙත අනියම් බලපෑමක් කර පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් පත්‍රය අවලංගු කරවා ගැනීම ද විය හැක.

පසුගිය සතියේ දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් සුන් වූයේ මේ සියල්ලන්ගේ ම බලාපොරොත්තු ය.



දැන් ඊනියා සුවාධීන මැතිවරණ කොමිසම විසින් තමන් තීරණය කරන දිනයක මැතිවරණය පැවැත්විය හැක. එය ජූනි 20 නොවන බව පැහැදිළිය. මේ කොමිසම මැතිවරණ නොපවත්වන කොමිසමක් බවත් පැහැදිළිය. ජනාධිපතිවරණය නොපැවැත්වීමේ කිසිදු ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් නොතිබූ හේතුවෙන්ම පමණක් ජනාධිපතිරණය පැවැත්වූ පමණින් මෙය මැතිවරණ කොමිසමක් වන්නේ නැත. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත්, එය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වුවහොත් තමන් ඉල්ලා අස් වන බවටත් පම්පෝරි ගැසූ දේශප්‍රිය තුමා තවම එහි සභාපති ය. සමහර විට ඔහු ඉල්ලා අස් වී අප නොදැනුවත්වම නැවත පත් වන්නට ඇත.

ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ තමන්ගේ මැතිවරණ ප්‍රකාශය අනුව ලැබුණු මුල් අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එසේ වුවත් මැතිවරණය නොපවත්වා පැරණි පාර්ලිමේන්තුව එහි සම්පූර්ණ නිල කාලයම (සහ හැකිනම් තවත් වැඩිපුර) පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහිත බලවත් කණ්ඩායමක් ක්‍රියාත්මක බව පැහැදිළිය. මැතිවරණ කොමිසමත් එහි බළල් අතකි. නැතිනම් නාම යෝජනා බාර ගැනීමෙන් පසු නාම යෝජනා ගැසට් නොකර මෙතරම් කල් ගැනීමේ යුතුකමක් නැත. ජනාධිපති විසින් ගැසට් පත්‍රයේ නියම කළ දිනට මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මේ කොමිසමට තිබූ තදියම පැහැදිළි කළ හැක්කේ කෙසේද? මැතිවරණ නීතිය අනුව ඔවුන් කළ යුත්තේ මැතිවරණය නියමිත දින පැවැත්විය නොහැකිනම් පැවැත්විය හැකි දින සඳහන් කර ගැසට් පත්‍රයක් නිකුත් කිරීමයි, ඒ සඳහා ඔවුන්ට මැතිවරණයට නියමිත දිනය ආසන්න වන තෙක් කල් තිබිණ. ජනාධිපතිතුමා තමන්ට ඇති බලතල ප්‍රකාරව ගැසට් පත්‍රය නිකුත් කළ දින සිටම කොමිසමේ හැසිරීම සැක සහිතයි.



දිනය නිර්ණය කිරීම පිණිස මැතිවරණ කොමිසම අද (සඳුදා) රැස්වෙන බව සැළයි. ඔවුන් මෙය අගෝස්තු මුලටම ඇදගෙන යන බව පැහැදිළියි. එය ගැටළුවක් නැත; ගැටළුව වන්නේ මැතිවරණය කල් යාම නොව එය කල් යැවීම මගින් මැතිවරණ ප්‍රතිඵලය වෙත කෙරෙන අනියම් බලපෑමයි. ජනාධිපති ගෝඨාභයට අප්‍රේල් මාසයේ තිබුණු වාසිය දැන් ඇතැයි නොසිතමි. අගෝස්තු මාසය වන විට එය තවත් අඩු මිස වැඩි වනු නැත.

කොමිසමට මැතිවණය පැවැත්වීමේ සැබෑ උවමනාවක් තිබුණේ නම් එය මැයි මාසයේ අවසන් සති දෙක තුල (සෙනසුරාදාම අවශ්‍ය නම් මැයි 23 සහ 30 යන දෙදින තුල) පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් තිබිණි. එසේ වීනම් අර පෙත්සම් ගැසෙන්නේ නැත. පෙත්සම් ගැසූ ගමන් කොමිසම කළේ තීන්දුව දෙනකං මොකුත් බෑ කියා අතපය හකුලාගෙන ළදරු ගැමුණු කුමරු සේ ඇඳට වැටී නිදා ගැනීමයි. ඒ කිසි අතුරු තහනමක් පනවා නැති පසුබිමකය. උසාවිය හමුවේත් ඔවුන් කීවේ ජුනි 20ත් මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවය. අපට හැඟෙන්නේ උවමනාවක් නැති බව මිස වෙනකක් නොවේ.

කොටින්ම මේ කොමිසම උත්සාහ කරන්නේ ව්‍යවස්ථාවේ සීමා අතික්‍රමණය කර ව්‍යවස්ථාව බල රහිත කර තමන් හසුරුවන බලවේග වලට අවශ්‍ය ව්‍යවස්ථා රාමුවක් සකසා ගැනීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙසද යන්න ගැඹුරින් සොයා බැලිය යුතුය. CoViD-19 රෝගයට අනවශ්‍ය අන්දමින් ප්‍රතිචාර දැක්වීමට ලොව පුරා ආණ්ඩු පෙළඹවීම හේතුවෙන් ඇති වී තිබෙන වෙනත් ප්‍රශ්න වලට අවධානය යොමු වන අතරතුර බලවත් පාර්ශව (ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ වචනය: establishment) තමන්ගේ ක්‍රියා මාර්ග බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යමින් සිටී. මේ වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරදවා ලීම ඔවුන්ගේ ප්‍රමුඛතාව බව පැහැදිළි මුත් ගෝඨාභය රාජපක්‍ෂට අවශ්‍ය පාර්ලිමේන්තුව පත් කර ගැනීමට නොදීමටත් ඒ හා සමාන ප්‍රමුඛතාවක් දෙන බව පැහැදිළිය.

ලංකාවේ ඊනියා "සුවාධීන" මැතිවරණ කොමිසමේ කියුං-කෙරුං සම්බන්ධව නිසි විමර්ශනයක් කිරීමට ආණ්ඩුව ප්‍රමාද ඇයි?




2 comments:

  1. බුදුදහම සහ වහල්ලු ක්ියන තේමාව යටතේ ලිපියක් ලියන්න.

    මට හිතෙන හැටියටනම් බුදුන් වහන්සේ කුල ක්‍රමයට තරම් වහල් ක්‍රමයට විරුද්ධ වෙලා නෑ.

    බල්න හර්ෂි අන්ජුමාලාගේ කතාවෙනදි කියලා තියෙන්නේ ස්වාමීන්ට කීකරු වෙන්න කියලා නේද?

    ReplyDelete
    Replies
    1. බුදුදහම සහ වහල්ලු යන තේමාව ගැන සිතිය යුතුයි. මේ දෙකේ සෘජු සම්බන්ධයක් නොදකිමි.

      "බුදුන් වහන්සේ කුල ක්‍රමයට තරම් වහල් ක්‍රමයට විරුද්ධ වෙලා නෑ" යන ප්‍රකාශය ගැන මා මීට වඩා උනන්දුයි. ඒ ගැන හැකිනම් තව විස්තර කරන්න.

      "බල්න හර්ෂි අන්ජුමාලාගේ කතාව" කුමක්ද, අපේ දැනුම් ගබඩාව මේ ගැන තුෂ්නිම්භුතයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !