මිතුරු ජොසේෆ් මෙසේද කියයි.
"ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති. තව හතළිස්දාහක්වත් සිතුවිළි වෙන්නැති."ඒ සත්‍ය නොවේ. මේ ලක්‍ෂයෙන් අඩු තරමින් දස දහසක් පසළොස් දහසක්වත් එක් කෙනෙකුට අයිති කර ගැනීමේ හැකියාවක් නැත. මේ කාලය පුරාවට රටවල් 126 කින් පුද්ගලයින් මේ වෙබ් අඩවියට පැමිණ තිබේ. එසේ වුවත් මේ අඩවියේ කරක් ගැසූ අය අතරින් 90% පැමිණ ඇත්තේ රටවල් 10 කිනි. ඒ,
- ලංකාව
- එක්සත් ජනපද රාජ්‍යය
- සිංගප්පූරුව
- ඔස්ට්‍රේලියාව
- කැනඩාව
- එක්සත් රාජ්‍යය
- එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය
- මාලදිවයින
- ඉතාලිය හා
- කටාර් රාජ්‍යයෙනි.
මේ පල වන්නේ දෙතිස් කතාවේ 187 වැනි ලිපියයි. මේ සියල්ල අප විසින් පමණක් ලියැවුනා ද නොවේ. මිතුරු ජොසෙෆ්, සිතුවිළි හෙවත් නයනේ, අවිද්‍යාව සහ බිංදුත් මෙහි ලිපි සම්පාදනයෙන් දායක වී තිබේ. ඊට අමතරව ආචාර්‍ය නලින් ද සිල්වාගේ ලිපි කිහිපයකුත්, එක් මානි ගේ තීරුවකුත් තවත් ලේඛකයන්ගේ පුවත් පත් වල පල වූ ලිපියක් හෝ දෙකකුත් උපුටා ගෙන අපගේ අදහස් ද සහිතව පල කර තිබේ. ඒ අයටද ස්තූතිය පල නොකළොත් අසාධාරණයකි.
පාඨකයින්ට තමන්ගේ ලිපියක් මෙහි පල කර ගැනීම අවශ්‍ය නම් ඊටද ඉඩ තිබේ. කළ යුත්තේ එය පැහැදිළි සිංහල යුනිකෝඩ් අකුරින් ලියා පහත පෝරමය උපයෝගී කරගෙන එවීමයි, එසේ නැතිනම් ප්‍රතිචාරයක් වශයෙන් පල කර එය වෙනම ලිපියක් ලෙස ඉදිරිපත් කරන්නැයි සටහන් කිරීමයි. ලිපිය දිග වැඩිනම් ඉල්ලීමක් කළොත් email ලිපිනය ලබා දිය හැක.
කිසියම් වෙබ් අඩවියක්, email සංසදයක් මෙහි පලවන ලිපියක් හෝ කිහිපයක් උපුටාගෙන වෙනස් කිරීමකින් තොරව ප්‍රචාරය කෙරේනම් ඊට ද අපගේ අනුග්‍රහය හිමි වේ. ඒ ගැන අපට දැනුම් දීමක් කෙරේනම් සුදුසුය. එසේ නොකිරීම ද ගැටළුවක් නොවේ. ලිපිය උපුටා ගත්තේ මෙතැනින් බව එහි දක්වන්නේ නම් මැනවි. එහෙත් එසේ නොකළේයැයි අප බුද්ධිමය දේපළ පනත කරට ගෙන නඩු යන්නේ ද නැත.
ඉතිං,
අදට ඇති !
෴
ලක්ෂයට සුබ පැතුම්!
ReplyDeleteසිංහල බ්ලොග් කියවන අයගෙන් ආසන්න වශයෙන් 60%ක් පමණ ලංකාවේ සිට කියවන අයයි. ඉතිරි 40% ලංකාවෙන් පිට සිට කියවන අයයි. මෙය ආසන්න වශයෙන් සිංහල බ්ලොග් බොහොමයකට පොදු තත්ත්වයක්.
මගේ බ්ලොග් එකට වැඩිම කියවන්නන් එන රටවල් 10 වෙනස් වන්නේ සුළු වශයෙන් පමණයි. ඉතාලිය හා මාල දිවයින වෙනුවට ජපානය හා ඉන්දියාව සිටීමයි වෙනස. ඉතාලිය හා මාල දිවයින මුල් 10 අතර නැතත් ඊට ආසන්නව ඉන්නවා.
ඔව් ඇත්ත.
Deleteමා ඔබගේ බොජුන්හල දිනපතා (ඔව්, දිනපතා !) බලන අයෙක්. නව ලිපියක් පල වී තිබීම හෝ නොතිබීම එහිදී නිර්නායකයක් වන්නේ නෑ. ලිපියක් පල වී තිබුණොත් සිදු වන්නේ එහි රැඳී සිටින කාලය දීර්ඝ වීමයි. එසේ නැතිනම් ප්‍රතිචාර පමණක් බැලෙයි. අප විසින් ප්‍රතිචාරයක් දැමෙන්නේ එය අපටත් ඔබටත් ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් පමණයි. හේතුව, අවකාශය සහ කාලය.
සුබ පැතීම ගැන ස්තූතියි.
*ලංකා රාජ්‍යය විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු යටතේ තිබිය යුතුය.
ReplyDelete*එය එක් පාර්ලිමේන්තුවකින් පමණක් පාලනය විය යුතුය.
*පලාත් සභා අහෝසි විය යුතුය. (සුදුම සුදු අලියෙකි. නැතුවට අවුලක් නැති බව රනිල් උතුමෝ ක්‍රියාවෙනම ඔප්පු කොට අවසන්ය)
*ගම් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා තවත් ශක්තිමත් විය යුතුය. මධ්‍යම රජයේ ප්‍රතිපත්ති හා තීන්දු ක්‍රියාවට නැගීමේ ඔවුන් සතු හැකියාව හා ශක්තිය වැඩි කළ යුතුය.
*පාර්ලිමේන්තු ආසන ගණන 25 ට සීම කළ යුතුය. එක් දිස්ත්‍රික්කයකින් එක මන්තිරීවරයෙකු හොඳටම ප්‍රමාණවත්ය. දැන් 225 ක් සිටියා කියා කරණා මල ඉලව්වක් නැත.
*මන්ත්‍රීවරයකු වීම සඳහා අවම අධ්‍යාපන සුදුසුකම් හා උපරිම වයස් සීමාවක් නිර්ණය කළ යුතුය.
*ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරනය හා පලාත් සභා චන්ද එකම දිනක පැවැත්වීමේ ක්‍රමයක් සැකසිය යුතුය. (සල්ලි ඉතුරු වෙයි මයෙ හිතේ).
* මන්ත්‍රීවරුන් සඳහා දැන් ආරෝපණය කොට ඇති අසීමිත බලතල ඉවත් කොට ඔවුන් ජනතාසේවක (ග්‍රාමසේවක වගේ) මට්ටමට දැමිය යුතුය.
* පක්ෂ දේෂපාලනය අවසන් කළ යුතුය. සුදුසුකම් ඇත්‍තෝ ස්වාඅධීනව චන්දය ඉල්ලා පාර්ලිමෙන්තු හෝ පලාත් පාලන ආයතනවලට යෑමේ ක්‍රමයක් සැකසිය යුතුය. සියලු පක්ෂ තහනම් කොට අහෝසි කර දැමිය යුතුය.
එතකොට අපි හැමෝටම ලක්ෂෙට කොඩි දැමිය හැකිය.
ඔබ හුවා දක්වන කරුණු ගැන වෙනම කතා කරන්නම්.
Deleteඉල්ලීමක් කිරීමට කැමතියි.
වචනයක දෙකක ප්‍රතිචාරයක් නොවී දිගු ප්‍රතිචාර දමන විට අනන්‍යතාවය හැඟවෙන නමක් යොදා ගැනීම වඩා සුදුසුයි. එවිට සංවාදය පැහැදිළිව ඉදිරියට ගෙන යා හැකියි.
ඔබට ස්තූතියි.
සියල්ලට පළමුව ලක්ෂය ලඟා වීම සරළ බසින් කීවොත් ආතල් දෙන ෆන් ලිපි කිසිදා පල නොවූ හරවත් දෑ සඳහාම ඉඩ වෙන්කල, සිය ප්‍රචාරය උදෙසා කිසිදු උත්සාහයක් නොදැක්වූ දෙතිස් කථා වැනි බ්ලොගයක් ලක්ෂය ඉක්මවීම ඇත්තෙන්ම සතුටට කාරනයකි.
ReplyDeleteඑසේම අප මිත්‍ර ජෝසප් කී පරිදි ඒ ලක්ෂයෙන් බහුතරය අප අපම නොවී විවිධ පුද්ගලයන් වීම එයිටත් වඩා සතුට දනවන කාරනයකි.
ඒ අප මෙහි කථා කරන දෑ ට ලැබුනු වටිනාකමකි.
තවත් රචකයන්හට කථා කතුතුමා කරන ඇරයුම තවත් හොඳ ඉදිරි පියවරක් ලෙස මා දකිමි.
ඉහත ඇනෝ තුමා තම යෝජනාවලියට අංක යොදා තිබුනේ නම් අපට ඉතා පහසුවෙන් අපට ඉන් වෙනස් වන තැන් පමණක් ලියන්නට තිබුනි.
කෙසේ වෙතත් මා එයට වෙනස්ව දරන මත පමණක් මෙසේ දක්වමි
ගම් නගර සභා ශක්තිමත් කිරීම මා මේ ක්‍රමය තුල අනුමත නොකරමි.
මේ සිටින්නේ ගමේ කසිප්පු කාරයන්ට නිල බලයක් ලබා දෙන සභා ක්‍රමයකි. එයත් පක්ෂ වලින් තොරව ගමේ පිළිගැනීමක් ඇති ප්‍රභූන්ගේ සභාවක් හරහා වැටුප් වරප්‍රසාද වලින් තොරව කලයුතුයි.
මගේ මතය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගනන 75ක් පමණ විය යුතුය.
225 හොඳටම වැඩිය
ඇමති ධූර 15කට සීමා කලයුතුය
විශ්‍රාම වැටුප් පැරණි අයටද බලපාන පරිදි අහෝසි කල යුතුය.
සියළු අපේක්ශකයින්ගේ ජීවදත්ත සටහන් ජනතාවට ප්‍රසිද්ධ කල යුතුය.
ඒකීය රට තුල එක් ජාතියක් එක් නීතියක් දැඩිව ස්තාපිත කල යුතුය.
සිංහල බෞද්ධ යාගේ සංස්කෘතික උරුමයන් රැකීමට රජය සතු මූලික වගකීමක් විය යුතුය.
රට පුරා ඇති පුරාවස්තු මධ්‍යම රජයේ වගකීමක් විය යුතු අතර එයට වගකීමෙන් බැඳීසිටීමට නීති සැකසී තිබිය යුතුය
තව කරුනු දැක්වීමට බලාපොරොත්තු වෙමි
ඔබ අපට හැමදාම ශක්තියක් විය. එය අගයමි. ඔබ දක්වන කරුණු වෙනම සාකච්චාවට ගත යුතුයි. ඉහත ඇනෝ ලෙස පැමිණි සහෘදයාට පැවසූ කරුණ මෙතැනට ද අදාළයි. ඉතිං ඔබට කීමට ඇති දේ ඔබ විසින් ලියැවෙන වෙනම ලිපියක තර්කානුකූලව සහ හේතු සහිතව ඉදිරිපත් නොකරන්නේ ඇයි?
Deleteමම මේ දවස්වල ජාතික ආගමික වශයෙන් වැදගත් වැඩක් කරනවා. එට ඒකට ඔයාලාගේ උදව් අවශ්‍යයි. මේකට සල්ලි යන්නේ නෑ. ඒ වගේම තනිතනිව වැඩ කරන්න තියෙන්නේ. මොලේ හොල්ලන්න විතරයි තියෙන්නේ. මට
ReplyDeleteජෝසප්, කතා තතු, නයනේ තුන් දෙනාගේ ෆේස්බුක් නම් හෝ ඊමේල් අංක එවන්න.
padmasiri.pathirana@gmail.com
වැඩි විස්තර පෞද්ගලිකව දන්වන්නම්.
පෞද්ගලික විද්‍යුත් ලිපින ප්‍රසිද්ධ ස්ථාන වල පල කිරීම සුදුසු නැත. එසේම අන් අයගේ ලිපින බෙදා හදා ගැනීමද සුදුසු නැත. අප සම්බන්ධ කර ගත හැකි ලිපිනය ඔබට ලැබෙන්න සළස්වන්නම්.
Deleteඅළුතින් බජට්ටුවක් එලි දැකලා. එදා රවී ගේ පලමු බජට්ග්ටුව ගැන මම කිව්වේ පොඩි ඒකාගේ "ළියුම" කියලා "ලියුම" නෙවෙයි.
ReplyDeleteඅද වෙනකොට ලෝකේ හොඳම මුදල් ඇමතිව ඉවත් කර පත් කර ගත් මෝස්තර නිරූපන ඩිප්ලොමාධාරී විද්වත් ඛේමාගේ කොලුවා විසින් අළුතින් දිරිපත් කොට ඇති බජට්ටුවේ වත ගොත අපේ කතා කතු තුමාගේ දැක්මෙන් විග්‍රහ කෙරෙනවානම් අපූරු යැයි සිතේ.
බලාපොරොත්තුවෙන් සිටිමි.