Monday, May 30, 2016

සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?

ජීවීන්හට පොදු වූ ලක්ශණ රාශියක් හා ඒ මගින් ජීවින් අජීවීන්ගෙන් වෙන්කොට ගත හැකි වගක් අපි කුඩා කාලයේදීම උගත්තෙමු.
ගලක් ?
ඒ අනුව ජීවීන් ආහාර ගනියි, ස්වසනය කරයි, තම වර්ගයා බෝ කරයි ආදී වශයෙන් වූ පොදු ලක්ෂණ භාවිතා කරමින් ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර ගැනීමේ ශාස්ත්‍රය අපි උගත්තෙමු. ඒ අනුව ගස් වැල්ද සතා සීපාවාද ඇසට නොපෙනෙන කුඩා කෘමිසතා හා අන්වීක්ශීය ක්ශුද්‍ර ජීවියා දක්වාද ජීවීන් ලෙස අපි පැහැදිලිවම ශාත්‍රානුකූලව හඳුනා ගතිමු. එසේම ඒ ජීවීන් ජීවත් වන බවත් උන් තුල ජීවයක් ඇති බවත් ඒ ජීවය හානි වීමෙන් මරණයට පත් වන බවත් ඇසින් දැක, කනින් අසා, අතින් ස්පර්ශ කොට නුවනින් වටහා ගතිමු. තවත් කුමක්ද, මේ සියළු දෙනා ජීවීන්මය එය අපි ප්‍රත්‍යක්ශයෙන් දනිමු.
නෑ, ගල් ආදෙක් !
එහෙත් අද වන විට නූතන විද්‍යාව ජීවී අජීවි වෙන් කිරීමෙහි නිර්නායක ගැන පැහැදිලි කිරීමකින් වැලකී සිටිති. එසේනම්, මෙසෙ අප ප්‍රත්‍යක්ශ කල දැනුම සත්‍යයද?

මේ පිළිබඳව ධර්මානුකූලව සලකා බැලීමෙන් වෙනත්ම මානයකින් මේ කරුන විග්‍රහ කල හැකි බවක් මට වැටහේ.




Monday, May 9, 2016

සිතුවිළි වෙනස් වෙලා !

සිතුවිළි අපට එකතු වූයේ මේ අඩවියේ මුල්ම කාලයේ දී ය. බුදු පිළිම අඩවිය පවත්වාගෙන ගිය (මෙහි යාවත්කාලීන කිරීමක් කලෙකින් දුටුවේ නැත) බිංදු සහ සිතුවිළි දෙතිස් කතාවේ ප්‍රාරම්භක පාඨකයෝ ය. ප්‍රතිචාර තීරය හරහා පළමුව අදහස් බෙදා ගත්තද ඔහුගේ සාරවත් අදහස් වලට ඉඩ දීම පිණිසත්, නව මං ඔස්සේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දීම පිණිසත් ලේඛකයෙකු ලෙස දෙතිස් කතාව හා එක් වන ලෙස මිතුරු ජොසෙෆ් හා සිතුවිළි වෙත කළ ආරාධනාව ජොසෙෆ් විසින් ප්‍රතික්‍ෂේප කෙරුණත් සිතුවිළි විසින් බාර ගන්නා ලදී.
නයනේ නිසා උපන් සිතුවිළි
ඒ අනුව සිතුවිළි විසින් රචිත ලිපි බොහොමයක් දෙතිස් කතාවේ පල කෙරිණි. පහත දැක්වෙන්නේ ඒවාය. දැන් සිතුවිළි නම වෙනුවට සැබෑ නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට සිතුවිළි සුදානම්ය. ඔහුගේ නව අඩවියට මෙතැනින් පිවිසිය හැක.




Tuesday, April 12, 2016

අවුරුද්දට නිවාඩු කෝ

අප්‍රේල් මස 15 වැනිදා, සිකුරාදා, රජයේ නිවාඩු දවසක් බව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අප මේ ලියමනට මාතෘකාව යොදන ලද්දේ ඊට කළිනි. එබැවින් එහි වෙනසක් නොකරම අවුරුද්ද සහ නිවාඩු සම්බන්ධව කතා කරමු.
මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය
අවුරුද්ද වෙනුවෙන් අපට නිවාඩු දින දෙකක් ලැබිණි. ලංකාව බොහෝ රටවලට වඩා නිවාඩු වැඩි රටකියි ද ලංකාව ඊනියා දියුණුවක් නොලබන්නේ නිවාඩු වැඩි හෙයිනියි ද කියා මන්තරයක් සේ මතුරන ප්‍රාඥයින් දුසිම් ගණනින් සිටින තත්වයක් යටතේ නිවාඩු දින දෙකක්වත් ලැබීම ද ලොකු ජයකි. එහෙත් අමතක නොකළ යුතු කරුණ නම් මේ නිවාඩු දින දෙක අපට දුන්නේ ඉංගිරිසින් විසින්ම වන බවයි.





Tuesday, March 22, 2016

සුභ සහ යස

දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්?


අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!!






රහතන් වහන්සේ නමක් බොරු කියද්ද ?

Monday, March 7, 2016

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම

නේරුලා විසින් නූතන ඉන්දියාව සාදා ගැනීම පිණිස කෙවට්ඨ උපක්‍රමය භාවිතා කළ අයුරු අප පෙර ලිපියෙන් සංවාදයට ගතිමු. එහි ලා අවාසිදායක ගිවිසුම් වලට එළැඹීමට ස්වකිය අසල්වාසීන් පෙළඹවීම පිණිස මිලිටරි බලහත්කාරය යොදා ගත් අයුරු උදාහරණ සහිතව හැදෑරුවෙමු. තත් කාරණයේදී ඉන්දියාව විසින් උපකරණ කර ගත් ගිවිසුම් පිළිබඳව අද විමසා බලමු. මින් පළමුවැන්නෙන් අදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාව හා සමග වූ ගිවිසුම්ගත බැඳීම් එළෙසම අභිනව `නිදහස්` ඉන්දියාව සමගද වලංගු බවයි. සැකෙවින් කියතොත් වාංශික රාජ්‍ය වලට ස්වෛරීභාවය වෙනුවට ඉන්දියාවේ අභිමතය පරිදි පමණක් විදේශ සම්බන්ධතා හා ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට මින් බල කෙරිණි.

ඉන්දීය මහකොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට පෙනෙන වර්තමාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යවල දී කිසියම් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා හමුදා බලය 1/3 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත්, බ්‍රිතාන්‍ය අගමැති විසින් රුපියල් බිලියන ගණනක් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා `ප්‍රතිසංවිධානය` උදෙසා `දන් දීමට` ප්‍රතිඥා දීමත් මේ සන්ධර්භය යටතේ විග්‍රහ කළ යුතු කරුණු වේ.




Thursday, February 25, 2016

කේවට්ඨ සූත්‍රය

ඉන්දියාව සෑදුණු හැටි

ඉන්දියාව අරාබින්ගේ නිර්මාණයකැයි සිතමි. තමන් යුරෝපයට විකුණන අගනා කුළුබඩු සහ මුතු මැණික් ඈ වටිනා දේ උකහා ගන්නා මූලාශ්‍රය සඟවනු කැමති අරාබීහු අල් ටකියා ක්‍රමයට ඒවා උපදින්නේ ඉන්දියාවේ යැයි යුරෝපීයයන්ට කියන්නට ඇත. ඉතා වටිනා දෑ උපදින අරුම පුදුම රටක් වූ ඉන්දියාව සොයා යාමට යුරෝපීයයන්ට අවශ්‍ය වන්නේ එහෙයිණි.
බුරුමයද ඇතුලත් වන බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යය (මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර නොගත් දේශීය පාලකයන් යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍ය වේ) - මූලාශ්‍රය: Wikipedia
අරාබීන් තමන්ට ඉන්දියාවට යාමට මග කියා නොදෙන බැව් දත් යුරෝපීයයෝ සාගරයට බටහ. සොයා ගත් සැම ගොඩබිම ම ඉන්දියාව යැයි සිතූහ. වර්තමාන ඇමරිකාව සොයා ගත්තේ යැයි කියන කොළොම්බස් ඉන්දියාව සොයා ගත් බව සිතුවේත්, එහි (සහ මහද්වීපික ඇමරිකාවේ) ජීවත් වූ ස්වදේශික ජනයා රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වූයේත්, එපමණක් නොව කැරිබියන් මුහුදේ ඇති දූපත් රාජ්‍යයන් බටහිර ඉන්දීය කොදෙව් ලෙස අද දක්වාත් හැඳින්වෙන්නේ ත් ඉන්දියාව සොයා යාමේ මේ ආසාව හේතුවෙනි.





Saturday, February 20, 2016

මිතුරෙක් නැති රටක්

වර්ථමාන ඉන්දියාව ගැන හැඳින්වීමක්


ඉන්දියාව: එය දන්නා කාලයේ පටන් අපේ අසල්වැසියන්ගේ සතුරු රාජ්‍යයකි. ඉන්දියාවට මිතුරන් නැත - සිටින්නේ අපරාධකාරී හවුල්කරුවන් පමණි. සෝවියට් සමුහාණ්ඩුව විසුරුවා හරින තෙක් ඕ තුරුළේ සිට සිය අසල්වාසීන්ට කෙණෙහිලිකම් කළ ඈ දැන් ඇමරිකා එක්සත් ජනපද ප්‍රමුඛ බටහිර රටවල සහය ඇතිව ස්වකීය අසල්වාසී රාජ්‍යයන්ට අතපෙවීම් කරන්නීය.
බෙදීමට පෙර ඉන්දියාව: එහි ප්‍රාන්ත සහ අර්ධ ස්වාධීන රාජ්‍ය සමග
බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාව - මූලාශ්‍රය: The British Library
ඉංගිරිසින් විසින් දෙකට-තුනට කඩා නිදහස නොදුන්නේනම් වර්තමාන ඉන්දියාව චීනය අබිබවන ජන ගඟකට සෙවන දෙන සුවිසල් රාජ්‍යයක් වනු ඇතැයි සමහරු කියත්. අනෙක් අතින්, ඉංගිරිසින් විසින් එකිනෙකින් ස්වාධීනව තිබූ ප්‍රදේශ රාජ්‍ය සහ වංශික රාජ්‍ය එකතු කර බ්‍රිතාන්‍ය ඉන්දියාව (British India) නොසෑදී නම් අද එහි තිබෙනු ඇත්තේ ලංකාවට වඩා මදක් විශාල රාජ්‍යයන් විසි තිස් ගණනකි - සමහර විට මේ ගණන සිය ගණනක් වීමටද ඉඩ නැතුවා නොවේ.




Wednesday, February 10, 2016

CEPA එපා නම් ETCA හොඳද ?

ශ්‍රී ලංකාවේ හෙට දවස අඳුරු කරවන ETCA ගිවිසුම පරදවමු


ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංජිනේරු සංගම් / වෘත්තීය සමිති එකාබද්ධව පිහිටුවා ගනු ලැබූ ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය විසින් බෙදා හරිනු ලැබූ පත්‍රිකාවක සිරස්තලය. එයින් ශ්‍රී ලංකික මහජනතාවට ආයායචනය කර සිටින්නේ වික්‍රමසිංහ රෙජීමය විසින් ඉන්දියාව සමග ලහි ලහියේ අත්සන් කිරීමට සැරසෙන ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුමට එරෙහි වන ලෙසයි.

පළමුව අපි ඒ අත් පත්‍රිකාව කියවා සිටිමු.

පත්‍රිකාවට අනුව අප මෙකී ගිවිසුමට විරුද්ධ විය යුතු වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය.
  1. ලාංකිකයන්ගේ රැකියා වෙළෙඳපොල ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනීම
  2. ගිවිසුම් පාර්ශවකරුවන් අතර ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් වියදම් අධික එසේම ශ්‍රී ලංකා අධිකරණ බලාධිකාරියෙන් එපිට ඇති බේරුම්කරණ ආයතන වෙත යාමට සිදු වීම
ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය තමන්ගේ පත්‍රිකාවේ කුමක් කීවත් යෝජිත ගිවිසුම පිළිබඳව අදහස් දැක්වීමට පෙර ඉන්දියාව සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු වෙයි. ඒවා මීළඟ ලිපියෙන් සළකා බලමු.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !