Monday, July 13, 2015

සිකුරුගෙන් බ්‍රහස්පතිට අභියෝගයක් !

රෑ අහසේ දීප්තිමත් බවින් දෙවැන්නාත් තෙවැන්නත් එක්වී....


බ්‍රහස්පති සහ සිකුරු
බ්‍රහස්පති සහ සිකුරු
මේ දිනවල ලෝකයේ සෑම කලාපයකටම පාහේ (සමකය ආස්‍රිත රටවලට විශේශයෙන් ) දැකගත හැකි අපූරු සිදුවීමක් අහස්තලයෙහි සිදුවෙමින් තිබේ. එනම් රාත්‍රී අහසෙහි සඳුට පසු දෙවැනි දීප්තිමත්ම ආකාශ වස්තුව වන සිකුරු හා තෙවැනි දීප්තිමත්ම ආකාශ වස්තුව වන බ්‍රහස්පති අතර සිදුවන ග්‍රහ සංයෝජනයයි. තාරකා විද්‍යාවේදී ග්‍රහ සංයෝජනයක් ලෙස හඳුන්වන මෙය ජ්‍යෝෂිත විද්‍යාවේදී ග්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබයි.

සුර්‍යයා බැස යාමෙන් මොහොතකින් ලංකා වාසින්හටද මේ අපූරු සිදුවීම ජූලි මාසය පුරාද දැක ගත හැකි වනු ඇත. මෙහි ආසන්න උච්චතම අවස්ථාව උදා වූයේ ජූනි මස 29 සිට ජූලි මස 1 දක්වා දින කිහිපයේදීය.





අප අසල්වාසීන් ගැවසෙන මානය....


බුද, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන් සූර්‍යයා වටේ බ්‍රමනය වන්නේ එකම තලයක බැවින් මේ ග්‍රහ වස්තූන් අපට රාත්‍රී අහසේ දැක ගැනීමට ලැබෙන්නේද එකම රේකාවක් ආස්‍රිතවය. මේ රේඛාව වඩාත් පැහැදිලිව කියනවානම් රාත්‍රී අහසෙහි ඇඳෙන අදෘශ්‍යමාන සෙවනැලි රේඛාවකි. එනම් රාත්‍රී අහස දෙස බලා සිටින අප සිටින්නේ පෘතිවියෙහි සූර්‍යයාට මුහුණ පා ඇති දෙසට ප්‍රථි විරුද්ධ පසෙහිය. එවිට සූර්‍යාලෝකය මගින් තනන පෘථිවියෙහි ඡායාව රාත්‍රී අහසට පතිත වේ. අපට රෑ දවල් වෙමින් පොලොව කැරකැවුනද සූර්‍යයාට සාපේක්ශව පොළොව සෙමින් (උත්ත්‍රධ්‍රැවයට ඉහලින් බැලූ විට ) ඔරලෝසු කටුවට ප්‍රථිවිරුද්ධ දිශාවට සෙමින් සූර්‍යයා වටා කැරකේ. මේ ගමනේදී අපට මනසින් මවා ගත හැකි සෙවනැලි රේඛාවක් අහස මත සනිටුහන් වීම සිදු වේ. මේ සෙවනැලි රේඛාව හරහා අපේ ආසන්නම ග්‍රහ වස්තුව වූ සඳ ගමන් කිරීමේදී චන්ද්‍රග්‍රහණ හට ගැනේ.

මේ සෙවනැලි රේඛාව වැදගත් වනුයේ ඒ ඔස්සේ අපට අප සූර්‍ය ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ වස්තූන්ගේ චර්‍යාව නිරීක්ශණය කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බැවිනි.


සිකුරු විසින් බ්‍රහස්පති පරදවාවිද....?


මෙම දිනවල අහසෙහි සිදුවන මේ අසිරිමත් දර්ශනය සිදු වන්නේද මේ සෙවනැලි රේඛාව ඇසුරේය. ජූනි මස මුලදී මේ සෙවනැලි රේඛාව ආසන්නයෙහි සවස් කාලයෙහි වඩා ඉහලින් සිටියේ බ්‍රහස්පති ග්‍රහයායි. එහෙත් ක්‍රමයෙන් වඩා පහලින් සිටි සිකුරු ඒ වෙත ලඟා වී ජූනි 29 30 දිනවල ඉතා ආසන්න පිහිටුමක් ඇති කර ගත්තේය. (මේ ආසන්න තාවය හුදු දෘශ්ඨි මායවක් පමණක් වේ ) ඉන් පසු කෙමෙන් බ්‍රහස්පති අසුකරමින් වඩා ඉහලට දැන් වන විට ඇදී ගොස් ඇත.

මෙහිදී අපට මේ ගමනෙහි වේගයන් අතර වෙනස පෙනෙන්නේද ඒවායෙහි පිහිටුමේ ඇති අති විඩශාල වූ දුර පරතරය නිසාමය. ඉතාමත් ඈතින් පිහිට බ්‍රහස්පති සිදු කරන චලිතයෙහි විශාල කොටසක් වුවත් අපට පෙනෙනුයේ ඉතා සුළු දුරකින් ගමන් කොට ඇති ලෙසකිනි. එහෙත් වඩා ආසන්නයේ ඇති සිකුරු සාපේක්ශව ගමන් කරන කුඩා දුරත් අපට විශාල දුරක් ලෙස පෙනේ. එම නිසා අපට පෙනෙන්නේ සිකුරු විසින් ඉතා පහසුවෙන් අති විශාල වේගයකින් බ්‍රහස්පති පසු කර ගිය බවකි. සත්‍යය වශයෙන්ම වඩා කුඩා පතයක බ්‍රමණය වන සිකුරුගේ වේගය අති විශාල පතයක බ්‍රමනය වන බ්‍රහස්පතිට වඩා මදකින් වැඩිය. එහෙත් අපට නිරීක්ශනය වන වෙනසෙහි හේතුව නම් එය නොවෙයි.


කලින් දසුන් මග හැරුනානම් මේක මගහරින්න එපා.....


මේ අපූරු විචිත්‍ර දර්ශනය තවත් සුපිරි දසුනක් නුදුරේදී මැවීමට සූදානම්ය. එනම් ජූලි 18 වැනිදා සියුම් අඩ සඳක් අපට අහසෙහි දැක ගැනීමට ලැබෙන්නේද මේ සිකුරු බ්‍රහස්පති සංයෝගය ඇසුරේමය. රාත්‍රී අහසෙහි පළමු, දෙවැනි හා තෙවැනි දීප්තිමත්ම වස්තූන් එක කුඩා ප්‍රදේශයක් තුල දැක ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය හැඳින්වේ. රාත්‍රී 6.30ත් 8.00 ත් අතර බටහිර අහස නරඹන්න. මේ අසිරිමත් දසුන් ඔබට දැකිය හැකි වේවි.

මෙයින් පසුව ජූලි මස අවසාන භාගයේදී බටහිර අහසේම සිකුරු බ්‍රහස්පති ආසන්න වීමක් සිදුවන අතර එය ජූලි මස මුලදී තිබූ තරමින් නොවන අතර සැඳෑ අහසේ සිකුරු බ්‍රහස්පති එක්ව ඉදිරිපත් කල අනගි රැඟුම ඉන් පසු කෙමෙන් අවසන් ව යනු ඇත.


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !