දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්? අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!! ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින ෴
ස ර ස තුමා පෙර පෝස්ටුවට දැමූ කොමෙන්ටුව සහ ඔබට ප්‍රදානය කල සර ස සම්මානය නිසා ඔබේ පෝස්ටු නෙලුම් යායේ කාරුනික ඇසට ලක් වීම ගැන ස ර ස තුමා ගේ බල්වවත් ප්‍රීතිය!
ReplyDeleteඒ පිළිබඳව ඔබට ස්තූතිය !
Deleteඑහෙත්, නෙළුම් යායක් ගැන වද විය යුතුද?
හරිම 'සිල්ලර' ප්ලෑන් එකක්, හික් !
ReplyDeleteමෙය දෙපැත්ත කැපෙන කතාවකි. ඔබ අදහස් කරන්නේ මා ගැනද ?
Deleteඅපේ උන් රජා = ජනාධිපති කියල හිතන් ඉන්න එක තමයි ලොකුම ගොන් කම
ReplyDeleteමෙයත් දෙපැත්ත කැපෙන එකකි. රාජ්‍යයයේ අධිපති රජු වන්නේ යම් සේ ද ජනරජයේ අධිපති ජනාධිපති වේ. එය නොසළකා හැරිය නොහැකි සමාන කමකි.
Deleteරජකම බොහෝ විට ප්‍රවේණි වශයෙන් සහ සමහර විට සම්මතයෙන් ලැබෙන අතර ජනාධිපති කම ඡන්දයකින් (එ.ජ.) හෝ සම්මතයෙන් (ඉන්දීය) හෝ හිමි වේ. මෙය වෙනසකි.
දැන් මෙහි ගොන් කම කවරක්ද ?
සිරිදූවේ පිටධම්ම............. ධර්මයෙන් පිටනේ...
ReplyDeleteමෙහෙමයි.......
Deleteසිරිදූවේ පිටධම්ම
සිරිදූවේ = සිරිලංකාව නං දූපතේ
පිටධම්ම = ධර්මයෙන් පිට දෙසන්නා....
හා !
Deleteමාත් මේක ඇහුව බුකියෙ ශෙයා වෙලා. කියන දේවල් තර්කානුකූලයි. බෞද්ධ කියල ජෛන සම්ප්‍රදාය සහ හින්දු දේව පූජා තමා අපි කරතියාගෙන යන්නෙ.
ReplyDeleteඒත් ප්‍රශ්නෙ රජකෙනෙක් ගැන කියන එකයි. අපට රජෙක් ඕන නෑ. අපට ඕන මහජන නියෝජිතයන්.ඒකාධිපතියෙක් සැපවිදින රජෙක් ඕන නෑ. ජනාධිපතිකෙනෙක් මදිද
ඔව් අපිට ජනාධිපති කෙනෙක් හොඳටම ඇති. හැබැයි රජෙකුගේ වගකීම් වලින් ලොකු කොටසක් එහෙම පිටින්ම ජනාධිපති කෙනෙකුටත් පැවරෙනවා.
Deleteඋදාහරණ ලෙස රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, ජනතාවගේ යහ පැවැත්ම වගේ කාරනා.
එතකොට අර සැප විඳින රජෙක් කියන කාරනාව රජාටත් සරළ ජනාධිපතිටත් පොදු නම්, අපි බලන්න ඕනේ අර කියපු යුතුකම් ඉටුකල හැක්කේ කාටද කියන එක නෙවෙයිද?
මම රජෙක් නෙවෙයි සරළ ජනාධිපති කියන ගමන් ජර්මනියට ගිහින් කෙස් හිටුවන, අරයගේ පුතා ලැම්බොගිනි පැද්දා කියලා තමන්ගේ පුතාට ඉතාම වටිනා ලැම්බොගිනියක් ගෙනත් දෙන, අරයගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පුතා රට සවාරි ගියා කියලා ත්මන්ගේ පුතා කිසිම තනතුරකින් පරිභාහිරව එක්සත් ජාතීන්ගේ සමුළුවලට ගෙනියන රජෙක් නොවන ජනාධිපති කෙනෙක් හරිම වටිනවා
පළමුව කිව යුත්තේ රජෙක් යනු ඒකාධිපතියෙක්ම නොවන බවයි. බොහෝ දෙනෙක් රජා ය කිව් සැණින් (තම හිතේ) ඒකාධිපතියෙක් මවා ගනිති. අනතුරුව හිතේ මවා ගත් ඒකාධිපතියාට දිගට හරහට බැට දෙති.
Deleteඒකාධිපති පල්ලියේ බලපෑමෙන් ඒකාධිපති රජවරු රජකම් කළ රටවල සිට නිෂ්පාදනය කරන ප්‍රවාද ගෙඩි පිටින්ම ගිලගෙන මේ රටවල පණ්ඩිතයන් ලෙස පෙනී සිටීමට කැමති සිවිල් බලයක් ඇති අයියලා පිරිසක් විසින් එකී ප්‍රවාද ජනමාධ්‍ය ඔස්සේ නිරතුරුව වමනය දැමීම මීට හේතුව බව සිතමි.
නිදහස් ලංකාවේ මෙතෙක් පහළ වූ ඉතාම තක්කඩි ඒකාධිපති බලලෝභී දූෂිත පාලකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ බව කියමි. ඒ රජෙක් නොවේ, අඩු වශයෙන් ජනාධිපතිවත් නොවේ. මෙවැනි වියරුවක් ඇති තුච්ඡ මිනිසෙකු ලංකාවේ ජනාධිපති පුටුවේ වාඩි වුණොත්...
අනේ කුහුඹුවනේ තොපිටත් රජෙක් ඉන්නේ කියල කියපු අපේ උන් දැන්?? රජෙක් එපාලු.. සිංහල ගොන් වහන්සේලා ටිකට නොතේරෙන්නෙ රජා කියන්නෙ සැප විදින එකාට නෙවේ.. සැබෑ නායකයෙකුට .. පිස්සෙක් උනත් කථාවේ මුළ ඉදන්ම ගත යුත්තක් තියෙනවා මේකෙ නන්..
ReplyDeleteරජෙක් සිටීම හෝ නොසිටීම ප්‍රශ්නයකැයි නොසිතමි. විය යුත්තේ අර්ථයෙන්-ධර්මයෙන් රට කරවීමයි. අද නොකෙරෙන්නේ ද එයමයි.
Deleteලංකාවේ මිනිස්සු කැමති කද බඩ මහත රජවරුන්ට...
ReplyDeleteඔබ තුමා කියන්නේ ජනවාරි අට ඊනියා විප්ලවය කළේ ඉන්දියාවෙන් ආපු තුනී කෙසඟ හිඟන්නෝ කියලද ?
Deleteරහතන් වහන්සේ කෙනෙක් තම රහත් බව සඟවාගෙන සිටිය යුතුමයි කියා මා හිතන්නේ නෑ. එම අදහස මරිය තුමිය ජීවිත කාලයම කන්‍යාවක්ව සිටියා යන අදහස වැනිම බොළඳ එකක්. එමනිසා පිටිදූවේ සමන්ත බද්‍ර හිමි තම රහත්බව පැවසීමේ වරදක් මා දකින්නේ නෑ. අනිත් අතට රහතන් වහන්සේ කෙනෙක් වුවත් කියන හැමදේම පිළිගත යුතුත් නෑ.
ReplyDeleteහාමුදුරුවො මෙතනදී කීව අදහසනම් නියමයි. මටත් ඒ දවස්වල හිතුන දේ තමයි. වායු සමීකරණය කරලා තිබුනේ, රූපවාහිනී සවිකලේ අරලියගහ මන්දිරයේ කක්කුස්සියේ විතරද කියන එක.
සමන්ත භද්‍ර රහතන් වහන්සේගේ රහත් බව මාතෘකා කර ගැනීම අපේ අවශ්‍යතාවය නොවේ. එහෙත්,
Delete// වායු සමීකරණය කරලා තිබුනේ, රූපවාහිනී සවිකලේ අරලියගහ මන්දිරයේ කක්කුස්සියේ විතරද //
මේවා ගොං පාට් ය. මේවා ගොං පාට් බව සැක නැතිව කිව හැක්කේ මේවා ඇදගෙන යාමට තඩි ගොනෙක් යොදා ඇති නිසාය. ඒ තඩි ගොනා රං ගොන්ජා නමින් හැඳින්වේ. රං ගොන්ජා තඩි ගොනෙක් බව ඔප්පු වන්නේ ගම්පහ එ.ජා.ප ලැයිස්තුවෙන් ඉහළින්ම තේරුන බැවිනි.
අහෝ අවාසනාවක මහත,
Deleteමේ හැම අවසන් වන්නේ ගම්පහ මතක් කර දීමෙනි
පබාලාත්, මැරවින්ලාත් ඉහලින් මනාප ගත්තේ ගමපහින්ම බැවින් කුමක් කියන්නද?
ගම්පහ ළමයි පාරු පාලමෙන් එගොඩ වී කොළොඹ ඉස්කෝලෙ එන්නේ ඇයි ?
Deleteඅපිත් සියනෑ කෝරලේ
Deleteරාගම මොන කෝරළේ ද ?
Deleteඒ කියන්නේ ජෝසප් මහත්තයත් රාගම පැත්තේ කෙනෙක් වගෙයි !
Deleteරාගමත් සියනෑ කෝරලේ ම තමයි.
හික්, අල්ලයි මගේ නැට්ට !
Deleteදැන් අපි එහෙ නෑ.
ජෝසෆ් ඉන්නේ දෙක නෑ කෝරලේ.
Deleteඅපේ තාත්තා කියනවා ඉස්සර කියමනක් තිබුනලු සියනෑ කෝරලේ 4 දෙනෙක් කන කෑම හතර කෝරලේ එක්කෙනෙක් කනවා, සියනෑ කෝරලේ 7 දෙනෙක් කන කෑම හත් කෝරලේ එක්කෙනෙක් කනවා යනුවෙන්.
"අල්ලයි මගේ පස්ස" කියලා නෙවෙයි නේද කිව්වේ ?
Deleteනෑ එහෙම නෙවෙයි.
Deleteපහු ගිය දොහේ බ්ලොග් කාරයින්ට සම්මාන් දුන්නලු නේද?
ReplyDeleteකතා 32ට සම්මාන දෙන හැටි බලන්න වත් ආරාධනාවක් ලැබුනේ නැද්ද?
ඔබතුමා මේවා ගනන් ගන්නේ නැති බව හොඳාකාරවම දන්නවා. ඒත් එවැනි ආරාධනාවක් වත් ලැබීම හෝ නොලැබීම තුල ඔවුන්ගේ අගැයීම් නිර්නායක ගැන අපිට යම් වැටහීමක් ගන්න පුළුවන් ඒ නිසයි ඇහැව්වේ.
ඔය සම්මාන උලෙල මනසින් අතහරින්න. සිරිධම්ම හාමුදුරුවොත් එහෙම තමයි කියන්නේ.
Deleteකණිෂ්ක මහත්තයා උත්තරයක් දෙයිද කියලා තව දවසක් දෙකක් බලලා මම ඕක කොහොමත් අත හැරලා දානවා තමයි. එහෙම හොඳ නේද?
Deleteසම්මාන උළෙලක් අල්ලාගෙන සිටියේ නැත - සා ර ස තුමාගේ අදහසට ප්‍රතිචාරයක් දැමුවා පමණි.
Deleteපිටිදුවේ හිමියන්ගේ ගමන් මග විමසීමේදී පෙනෙන්නේ ජනතාවට තමන් අමතකව යන විට නැවත මතක් කිරීමේ කලාවේ කෙළ පැමිණියකු බවයි.
ReplyDeleteපුද්ගලයා කවරකු වුවද කියන කතාවේ ගත යුත්තක් ඇත. නයා නයකු ලෙස නොසිතන කල බබලත්හු දර මිටියට බඳිති. රජා රජකු ලෙස නොසිතන කල බබලත් නොවන සහ එසේ නොවන්නේත් නොවන අය රජා (ග්‍රාම) සේවකයකු කර ගනිති.
"පිටිදුවේ හිමියන්ගේ ගමන් මග විමසීමේදී පෙනෙන්නේ ජනතාවට තමන් අමතකව යන විට නැවත මතක් කිරීමේ කලාවේ කෙළ පැමිණියකු බවයි."
Delete--- මෙය ඉතාම නිවැරදියි. පිටිදූවේ වැනි කපටි මහණුන් වෙනුවෙන් ප්‍රචාරයක් දීමේ අභිලාශයක් නැතත් ඔහු මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යන කල අලුත් (හෝ පැරණි) මාතෘකාවක් සමග කරළියට පැමිණීමට ඔහු දක්වන දක්‍ෂතාව අගය කළ යුතුයි. ඔහු බ්ලොග් ලිවීමට එකතු නොවීම අප අතර කප් ගැසූ බ්ලොග් ඔස්තාර්ලාගේ වාසනාවකි.
"පුද්ගලයා කවරකු වුවද කියන කතාවේ ගත යුත්තක් ඇත."
--- අප මෙය ප්‍රචාරය කළේම ඔය හේතුව නිසයි. මෙය අපත් නොයෙක් වර කියා ඇති මුත් අප කියනවාට වඩා ගැම්මක් පිටිදූවේ වැනි ධන-බල-කිර්තියෙන් ආඩ්ය වූවෙක් විසින් කීමේදී පවතියි. මෙය ප්‍රචාරය කළේ ඔබලාගේ ප්‍රතිචාර වලට වඩා අනාගත බලාපොරොත්තුවකිනි. ඒ මෙයට ඉලක්ක වන ගමරාළගේ ප්‍රතිචාරය ඔස්සේ කතා කිරීමට සුදුසු මාතෘකාවක් ලබා ගැනීමටයි.
බලාපොරොත්තු වූ ලෙසම ගමරාළ ඊට ප්‍රතිචාර දක්වා තිබිණි.
නයා නයකු ලෙස නොසිතන කල බබලත්හු දර මිටියට බඳිති. රජා රජකු ලෙස නොසිතන කල බබලත් නොවන සහ එසේ නොවන්නේත් නොවන අය රජා (ග්‍රාම) සේවකයකු කර ගනිති.
--- මේ මසුරං කියමනකි.
පිටිදූවේ සිරිධම්ම හිමියන් මෙරට සම්ප්‍රදායික බුදු දහම සමඟ ගැටුම් ඇතිකරගත්විට රාවය වැනි පුවත්පත් කවදාවත් නැතුව එතුමාගේ බෞද්ධ දේශනා තම පුවත්පත් වල පලකිරීමට කටයුතු කලා. ඔවුන් එසේ කලේ පිටිදූවේ හිමි සහ මෙරට සාම්ප්‍රදායික බුදු දහම සමඟ ගැටීම් ඇතිකර දෙකම වැනසීමේ පවුටු අරමුනින්. නමුත් පිටිදූවේ හිමි ඒ වැඩවලට හවුල් වුනේ නැහැ.
ReplyDeleteඑසේම එතුමා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගියෙත් නැහැ. එතුමාගේ එම උජුපටිපන්න ගුනය අගය කල යුතුයි. අනිත් අතට වාහනයකට අමතර රෝදයක් අවශ්‍යයි වගේ මේ වගේ විකල්ප බෞද්ධ සම්ප්‍රදායයන් තිබීමෙනුත් හොඳක් වෙනවා. නමුත් ඒවා ප්‍රධාන සම්ප්‍රධාය සමඟ නොගැටිය යුතුයි.
මේ අදහස සැළකිය යුතු බව පෙනේ.
Deleteමෛත්‍රීපාල කිව්වා එයා පාවිච්චි කරන්නේ පරණ නිල රථයක් කියලා.
ReplyDeleteරජෙක්නම් ගැලපෙන රථයක් පාවිච්චි කල යුතුයි. පරණ කාර් එකක් පාවිච්චි කරනවානම් ගැන තැන් නැන්වල එය කියවීමෙන් වැලකිය යුතුයි. නැතිනම් ඔහු රජෙක් නෙමෙයි, ග්‍රාම සේවක කෙනෙක්.
ඔව් ඒ වගේම උන්නැහේ කිව්වා උන්නැහෑගේ ආරක්ෂාවට එකම හමුදා භටයෙක් වත් තවම යොදාගෙන නැහැයි කියලා
Deleteඒ කියන්නේ උන්නැහේට කොටින්ගෙන් රෝ කල්ලියෙන් ආදී නොයෙකුත් සිරි ලකට විරුද්ධ කල්ලි වලින් කිසිම තර්ජනයක් නැහැ කියන එකත් උන්නැහේම දන්නවා කියන එකනේ. එතකොට උන්නැහේ සිරි ලකේ රජු ද? නැතිනම් ග්‍රාම සේවකද?
ජොසෆින් අපිත් එක්ක තරහා වෙලාද?
Deleteකවුද ඒ?
Delete