Friday, July 31, 2020

21: මෙවර වැඩිම මනාප කාටද ?

ගරු සරත් වීරසේකර මහතා මන්ත්‍රීවරයකු වීමට පෙරත්, එනම් නාවික හමුදාවේ සිටියදීත් පසුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධිපති ලෙසත් රට වෙනුවෙන් තීන්දු තීරණ ගෙන කටයුතු කර ඇත; මන්ත්‍රීවරයෙකු වශයෙනුත් එසේම සෘජු තීරණ වල සිටිමින් ඉතාම දුෂ්කර අවස්ථා වල පවා රට වෙනුවෙන් පෙනී සිට ඇත; මන්ත්‍රීධුරයක් නොමැතිව පවා ජාත්‍යන්තරය සමග ගැටෙමින් රට ජාතිය වෙනුවෙන් කටයුතු කර ඇත; මෙවර මැතිවරණයෙන් නැවත මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණත් ඔහු රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරමින් සිටි කටයුතු ඊට වඩා මැනැවින් තවදුරටත් ඉදිරියට කරගෙන යනු ඇත.

වැදගත් දේ නම් ඒ මහතා ඉතාම දුෂ්කර අවස්ථා වල පවා ජාතිය වෙනුවෙන් අභිමානයෙන් යුතුව පෙනී සිටීමට දැක්වූ නිර්භීත භාවයයි. එතුමාට සාපේක්‍ෂව උදය ගම්මන්පිළ "තමාට පෙර රට" යැයි තේරුමක් නැතිව කට පාඩමෙන් කියවන පෙර පාසැල් දරුවෙකි. 19 වන සංශෝධනය අවස්ථාවේ එයට පක්‍ෂව ඡන්දය දී ලැජ්ජාවක් නැතිව තමන් මහා දිණුමක් ලැබුවා සේ පුරාජේරු කතා කී විමල් වීරවංශ නිකංම නිකං කෙළ තොල්ලෙකි. දිනේෂ් ගුණවර්ධනගේ වයස ගැන සළකා (මේ ඔහුගේ අවසන් මැතිවරණයයි) කිසිත් නොකියමි. මංමුලා වී පාර හොයාගෙන "පිස්සෙක් වගේ" ඇවිදින විජේදාස, ජීවමාන විහිළුවක් වී සිටින බන්දුල ගුණවර්ධන ආදීන් ගැන කතා කිරීමේ පලක් නැත. මේ කියුවේ දිනීමේ වැඩි ශක්‍යතාවයක් ඇති (පරාජය වේ යැයි අප නොසිතන) අයවළුන් ගැනය. මේ හාදයින්ට වඩා පැන්ෂන් ගිය UNP කාරයෙක් වන ගාමිණී ලොකුගේ ගේ ගතියක් තිබේ.





Friday, July 24, 2020

අනතුරු දෙකක්, මරණ දෙකක් !

මේ මස 20 වැනිදා උදෑසන නුගේගොඩ ගුවන් පාලම මතදී මාර්ග අනතුරක් සිදු විය. ගුවන් පාලම මතදී එක බස් රථයක් තවෙකක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් එහි රියදුරා මිය ගියේය. තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු විය. එසේම සිය ගණනකගේ කාල වෙලාව අපතේ ගියේය. ලංකාවේ හිඟන ආණ්ඩුවට මිලියන ගණනක් නිකරුණේ වියදම් විය.

එසේම ඊට දෙසතියකට පමණ පෙර මොරටුවේදී බේබදු සල්ලාලයෙක් විසින් මාර්ගයේ වැරදි පැත්තෙන් පැදවූ සැප රියට යට වී පාපැදි කරුවෙක් මිය ගියේය. CCTV දර්ශණ අනුව බල්ලන් දෙදෙනෙක් පමණක් ඒ ගැන වද වනු පෙනිණි.

මාර්ග අනතුරු ලංකාවේ සාමාන්‍ය සිදු වීම්ය. මීට පස් වසරකට පමණ පෙර සම්මන්ත්‍රණයකදී කියැවුණේ ලංකාවේ දිනකට මාර්ග අනතුරු වලින් අට දෙනෙකුන් මිය පරළොව යන බවයි. අද මේ ගණන මීට වඩා වැඩි මිස අඩු වී ඇත්නම් ඒ කොරෝනා වෛරස රෝග බිය හේතුකොටගෙන මහා මාර්ග පාළුවට යාම හේතුවෙනි. එවැනි තත්වයක මේ මරණ දෙක ගැන පමණක් අප මෙහි සටහන් තබන්නේ ඇයි ?


Tuesday, June 30, 2020

දවස ගෙවුණ හැටි

කොරෝනා අලකලංචිය අප සමාජයේ බොහෝ දේ වෙනස් කළේය. අපගේ දින චරියාවත් ඊට අයත්ය. කොරෝනා පිස්සුව හොඳටම හොඳ වුණත්, මෙහි අතුරු විපාක තව කාලයක් යන තුරු අපට වද දෙනු ඇත.

සිරිතක් වශයෙන් දෙතිස් කතාවේ අපගේ පෞද්ගලික තොරතුරු සටහන් කරන්නේ නැත. හේතුව සරල ය. පෞද්ගලික කරුණු සටහන් කිරීමෙන් සිදු වන්නේ අපට අවධාරණය කිරීමට අවශ්‍ය දේට අවශ්‍ය අවධානය ගිලිහී යාමයි. එසේ වුවත් උක්ත කාරණාව පොදුවේ වැදගත් යි සිතන බැවින් සටහන් කිරීමට සිතුවෙමි.

සහෝදර බ්ලොග් රචකයන් වෙතත් ඒ සමගම කෙරෙන ආරාධනාවක් වෙයි.



Monday, June 8, 2020

අපි ඉන්නා තැන

මහමැතිවරණය නොපවත්වන ලෙස විවිධ පාර්ශව විසින් දැමූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත විසි කර දැමිණ. ඒ ගැන විස්තරාත්මක නියෝගයක් තවම නිකුත් කළ බව දැන ගන්නට නැත. සමහර විට ඊට හේතුව ජනමාධ්‍ය වන ප්‍රමුඛතා වෙනස් වීම විය හැක.

මේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීම ජයග්‍රහණයකි, එහෙත් එසේ විසි කර දැමීමට හේතු නොදන්නේ නම් ඒ ජයග්‍රහණය සැමරිය හැකිද යන ප්‍රශ්නය ඇති වෙයි. සජිත්-ජලනි බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක තුමාට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පෙත්සම් කරුවන්ගේ ජයග්‍රහණයකි, ඒ කලින් යෝජනා කෙරුණු ජූනි 20 දිනත් මැතිවරණය නොපැවැත්වෙන බැවිණි. පෙරළුණු පැත්ත හොඳයි කියනු වෙනුවට තමන්ගේ සැබෑ අවශ්‍යතාවය වූයේ බාර දුන් නාමයෝජනා අහෝසි කරගෙන නැවත නාමයෝජනා දීමට අවස්ථාව සළසා ගැනීම බව පිළිගැනීමට මේ අයට ආත්ම ශක්තියක් නැත්තේ ඇයි?


Saturday, May 2, 2020

විකල්ප නෑ

අප්‍රේල් මාසය කොරෝනා සමගම ගෙවී ගියේය. මැයි මාසය කලබලයක් නැතිවම ආවේය. වෙනදා මැයි පළමු වැනිදා ඇසෙන්නේ කම්කරුවන් නැති කම්කරු පෙළපාලි වල හිස් ඝෝෂාවයි. අද ඒ කිසිවක් නැත. අප්‍රේල් මාසය ආරම්භයේදී අපට කිසි සුභවාදී බලාපොරොත්තුවක් අනාගතය ගැන තිබුණේ නැත. දැනුත් නැත. එහෙත් අවිනිශ්චිත භාවය යම් තරමකින් අඩු වී තිබේ. කොරෝනා වසංගතය සමග පුළු-පුළුවන් හැටියෙන් ජීවත් වීම මිස අපට වෙන විකල්පයක් නැති බව අප්‍රේල් පළමු වැනිදා අප කීවෙමු. ආණ්ඩුවත් දැන් දැන් ඒ වග තේරුම් ගනිමින් සිටින බව පෙනීම පමණක් සතුටට කාරණයකි.

කොරෝනා වසංගතයට පෙර බඩගින්නට බිත්තියේ පස් කෑ, මඤඤොක්කා කොළ කෑ, තව විවිධ දේ කෑ අය ගැන පුවත් පල වුවත් අප්‍රේල් මාසය තුල එවැනි දේ වාර්තා වූයේ නැත. ඒ ජනමාධ්‍යයේ ප්‍රමුඛතා වෙනස් වීම හේතු කොටගෙන මිස බැසිල් රාජපක්‍ෂගේ අමුතු සාර්ථකත්වයක් හේතුවෙන් සිදු වූවක් නොවේ. සත්‍යය නම් රටක් මෙසේ වසා දමාගෙන දිගු කාලයක් ගත කිරීම ප්‍රායෝගික නැති බවයි.

රුපියල් 5000 ගැන විවිධ කතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. අපට නම් එවැන්නක් ලැබුණේ නැත (එය ලබා ගැනීමට තරම් අහේනියක් තවම ඇති නොවීම වෙනම කතාවකි). එහෙත් රටේ වැඩි දෙනාගේ ආදායම් මාර්ග මේ වන විට ඇහිරී ගොස් තිබේ. අප විසින් පෞද්ගලිකව මූල්‍යාධාර ලබා දී අපේම ඥාතියෙකු විසින් කොළොඹ දිස්ත්‍රික්කයේ සුළුවෙන් ආරම්භ කෙරුණු ව්‍යාපාරයක් ඇඳිරි නීතිය සමගම වල පල්ලට ගියේය. ඒ සඳහා මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර නිකරුනේ දිරා යන එයට යට වූ ණය කන්දක් පමණක් ඉතිරිව තිබේ. වැටුප් ගෙවන ආයතන බොහොමයක සම්පූර්ණ වැටුප් ගෙවීමත් ප්‍රශ්නයකි. අප සේවාස්ථානයත් ඇතුළු බොහෝ ආයතන වැටුප් කප්පාදුව ආරම්භ කර ඇත.




Wednesday, April 1, 2020

ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මේ මොහොත වන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර ගම් ප්‍රදේශ දෙකක් සම්පූර්ණයෙන් වසා දමා නිදහස් ගමනාගමනය නවතා ඇත. ලංකාවේ දෙවන රෝගියා මළවුන් අතරට ගිය අතර ඒ මෘත කලේබරය රජයේ වියදමින් ආදාහණය කළ ආකාරය සම්බන්දයෙන් ජාතිවාදී මරක්කල දේශපාලනඥයන් සහ තවත් පිරිස් විසින් විවේචන එල්ල කෙරේ. ප්‍රස්තුත මරණකාරයා මරාගෙන මැරෙන මෙහෙයුමක සිටි බවයි ඊට පෙර සැළ වූයේ.



ඇඳිරි නීතිය යටතේ ජිවත් වීම අපේ පරම්පරාවේ උදවියට සහ අපේ වැඩිහිටියන්ට එතරම් අරුමයක් නොවේ. මෙයින් සමහරු තුන්ඩු කෑල්ලේ ඇඳිරි නීතියටත් යටත්ව විසුවෝ ය. එදා ඒ ඇඳිරි නීතිය පැනවූ උදවිය මෙදා මේ ඇඳිරි නීතිය විවේචනය කිරීමයි ලොකුම හාස්‍යය.

නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවාය කියා සිංහල කියමනක් තිබේ. ඒ අයුරින්ම වෙලාව හොඳ නම් ගඟේ මූදේ දැමුවත් අනතුරක් වන්නේ නැත. නිදහසින් පසු ලංකාව රාජ්‍යයක් වශයෙන් මුහුණ දුන් දරුණුම ව්‍යසනය 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමින් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යි. එහි කිසි හොඳක් අප මේ වන තුරු දුටුවේ නැත. මොන මොන ව්‍යසන ආවත් කවුරු මොන කුමන්ත්‍රණ කළත් මේ ලංකාද්වීපයට සම්‍යග්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ බැල්ම වැටී තිබේ. ඒ හේතුවෙන් සමහර ව්‍යසන රටේ යහපත වෙනුවෙනුත් කැරකේ. මේ එවැනි අවස්ථාවකි.


19 වන සංශෝධනය නොවිණි නම් පසුගිය වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නැත - එසේනම් තවමත් ජනාධිපති සිරිසේනමය. වික්‍රමසිංහ අගමැති වන සෞඛ්‍ය ඇමති ධුරය සේනාරත්න විසින් දැරෙන ආණ්ඩුවක් යටතේ තට්ට සේනානායක යුධ හමුදාපති ධුරයත් සින්නයියා නාවුක හමුදාපති ධුරයත් දරද්දී පිරිමි මිසී මහතා විසින් සෞඛ්‍ය සේවයේ ප්‍රතිපත්ති තීරණය කරන විටෙක නව කොරෝනා වෛරසය ලංකාව ආක්‍රමණය කළේ නම් ජනතාවට අබ සරණය - සදා ලෝක පූජිත සුවපති නාමධාරී නැව්පති සේනාරත්න තව නැව් දුසිමක් මිලදී ගන්නවා ඇත.




Friday, March 13, 2020

විශේෂ නිවේදනය

ඊයේ උන දේ අද වෙන්න දෙන්න එපා ඕං !


The public is advised to refrain from misuse of all forms of telecommunication services to circulate or share false or fabricated information on Covid-19 to create unnecessary panic among the general public.

This is a punishable offence in terms of the law.

- TRCSL

සෙස්ස පස්සට...

Thursday, February 20, 2020

ශ්‍රී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා

පසුගිය නොවැම්බර 27 දින ලියා පල කළ "මහමැතිවරණය සහ රටේ අනාගතය" ලිපියට අප මිත්‍ර "නයනේ - සිතුවිළි" දැමූ අදහසට ප්‍රතිචාර වශයෙන් අප දැමූ දිගු පිළිතුරේ කොටසකි පහත උපුටා දැක්වෙන්නේ.

...
මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ ආණ්ඩුවේ නොමැති තත්වය යටතේ මුස්ලිම් මනුෂ්‍යයන්ට දැන් කෙළින්ම පොහොට්ටුව වෙත මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ. එය කළමනාකරණය කර ගැනීම ඒ පක්‍ෂය සතුය.

එහෙත් නැවතත් බැසිල් විශ්වාස නැත. සෛන්දමරද ප්‍රදේශයට නගර සභාවක් දෙන බව පොරොන්දු දුන්නේ මේ වල් බූතයා ය.

හොඳ වෙලාවට මුස්ලිම් මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ නැත. දැන් ඊළඟ මැතිවරණයේදී මූ ගොස් සෛන්දමරද ප්‍රදේශයට පළාත් සභාවක් දෙමිය කියන්නටත් ඉඩ තිබේ. එසේ පොරොන්දු දී ගන්නා ඡන්ද අවශ්‍ය ද? කළ යුත්තේ සුදුසු මානසික තත්වයක මුස්ලිම් මිනිසුන් ඒ ප්‍රදේශ වලින් ඉදිරිපත් කිරීමයි.

...

November 28, 2019 at 7:48 PM


පසුගිය සතියේ ගැසූ ගැසට් පත්‍රයකින් ආණ්ඩුව විසින් අපගේ රෙද්ද කඩා දැම්මේය. දැන් අපට සමාජයට මුහුණ දීමට හැකියාවක් නැත. ආණ්ඩුව විසින් ඒ ගැසට් පත්‍රය මගින් රෙද්ද කඩා දැමුණු එකම පුද්ගලයා අප නොවුණත්, දශකයකට වඩා මදක් වැඩි සිංහල බ්ලොග් ඉතිහාසය තුල ආණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා බවට පත් වීමට අපට සිදු වී තිබේ.

අදෝ !



යට දැක්වෙන්නේ ඒ ගැසට් පත්‍රයෙන් රෙද්ද ගැළවුණු අප වැනිම තවත් මහතෙකුගේ ශෝකාලපයයි.


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !