Thursday, February 20, 2020

ශ්‍රී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා

පසුගිය නොවැම්බර 27 දින ලියා පල කළ "මහමැතිවරණය සහ රටේ අනාගතය" ලිපියට අප මිත්‍ර "නයනේ - සිතුවිළි" දැමූ අදහසට ප්‍රතිචාර වශයෙන් අප දැමූ දිගු පිළිතුරේ කොටසකි පහත උපුටා දැක්වෙන්නේ.

...
මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ ආණ්ඩුවේ නොමැති තත්වය යටතේ මුස්ලිම් මනුෂ්‍යයන්ට දැන් කෙළින්ම පොහොට්ටුව වෙත මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ. එය කළමනාකරණය කර ගැනීම ඒ පක්‍ෂය සතුය.

එහෙත් නැවතත් බැසිල් විශ්වාස නැත. සෛන්දමරද ප්‍රදේශයට නගර සභාවක් දෙන බව පොරොන්දු දුන්නේ මේ වල් බූතයා ය.

හොඳ වෙලාවට මුස්ලිම් මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ නැත. දැන් ඊළඟ මැතිවරණයේදී මූ ගොස් සෛන්දමරද ප්‍රදේශයට පළාත් සභාවක් දෙමිය කියන්නටත් ඉඩ තිබේ. එසේ පොරොන්දු දී ගන්නා ඡන්ද අවශ්‍ය ද? කළ යුත්තේ සුදුසු මානසික තත්වයක මුස්ලිම් මිනිසුන් ඒ ප්‍රදේශ වලින් ඉදිරිපත් කිරීමයි.

...

November 28, 2019 at 7:48 PM


පසුගිය සතියේ ගැසූ ගැසට් පත්‍රයකින් ආණ්ඩුව විසින් අපගේ රෙද්ද කඩා දැම්මේය. දැන් අපට සමාජයට මුහුණ දීමට හැකියාවක් නැත. ආණ්ඩුව විසින් ඒ ගැසට් පත්‍රය මගින් රෙද්ද කඩා දැමුණු එකම පුද්ගලයා අප නොවුණත්, දශකයකට වඩා මදක් වැඩි සිංහල බ්ලොග් ඉතිහාසය තුල ආණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා බවට පත් වීමට අපට සිදු වී තිබේ.

අදෝ !



යට දැක්වෙන්නේ ඒ ගැසට් පත්‍රයෙන් රෙද්ද ගැළවුණු අප වැනිම තවත් මහතෙකුගේ ශෝකාලපයයි.



සෛන්තමරුත නගර සභාව ප්‍රකාශයට පත් කිරීම ගැන රනිල්ගේ "ලිච්ඡවී" රාජකීය එජාපයවත්, සජිත්ගේ ගම්මට්ටම්-බිම්මට්ටම්-තම්මැට්ටම් එජාපයවත් ලප-අනුර දවස්-පඩි-මෑන්පවර් එජාපයවත් විරෝධයක් දැක්වුයේ නැත. දැක්වීමට ඔවුන් තුල මේ කාරණාව සම්බන්ධව එවැනි විරෝධයක් ද නැත. සම්පන්තන්ගේ-සුමන්තිරන්ගේ වෙල්ලාල නඩය විරෝධයක් දැක්වීදැයි නොදනිමි. අනුර කුමාර මේ ගැන සිංහල ජනතා බලවේග වලට සමච්චල් කරනු දිටිමි. සජිත්ගේ නොමේරූ ළදරු ඒකකයත් ඉදිරි දින වලදී මේ සමච්චල් කිරීමට එකතු වනු ඇත.



සෛන්තමරුත නගර සභාව ප්‍රකාශයට පත් කිරීම එජාපයේ ද පොරොන්දුවකි. එහෙත් රනිල් වික්‍රමසිංහ එය කළේ නැත, හේතුව රහසකි. රනිල් විසින් එය දෙන ලද නම් සාමාන්‍ය එජා පාක්‍ෂිකයා එය ගැටළුවක් කර ගන්නේ නැතුවා පමණක් නොව අනුර කුමාර විසින් එය සමච්චලයට ලක් කරන්නේ ද නැත. දැන් සිදු වී තිබෙන්නේ සිදු නොවිය යුතුව තිබුණකි.


මෙය මෙසේ සිදු වීමට ඉඩ ඇතැයි ජනාධිපතිවරණයටත් කලින් දැන සිටි අපට එය පුදුමයක් නොවේ. පුදුමය මීට විරුද්ධ වේ යැයි අප විසින් උපකල්පනය කළ අයගේ නිහැඬියාව හෝ පක්ෂපාතිත්වයයි. ගලබොඩ ගෝරිල්ලා යන සුරතල් නාමයෙන් විරුද්ධවාදීන් විසින් හැඳින්වෙන, අධිකරණයෙන් සිරදඬුවම් ලැබ, ජනාධිපති සමාව පිට දැන් එළියේ සිටින ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ මෙයට පක්‍ෂව දේශනා කරනු දැක සිත නිවී සැනහී ගිය බව කීම අතිශයෝක්තියක් නොවේ. අපට ප්‍රත්‍යක්‍ෂ නොවන කිසියම් සත්‍යයක් උන් වහන්සේගේ සමාධි සිතට ප්‍රත්‍යක්‍ෂ විණිද ?

ආණ්ඩුවට පක්‍ෂ සමහරු මෙය සාධාරණීකරණය (justify යන තේරුමින්) කරන්නේ මුස්ලිම් බලය ඇති මහනගර සභාවක් දෙකට කඩා දෙකක් බවට පත් කිරීම සිංහලයාගේ පැත්තෙන් ගත් කළ ජයක් බවයි. ඔවුහු ජයග්‍රාහී ලීලාවෙන් අපට සුද්දන්ගේ "divide & rule" මතක් කර දෙති - මේ මහා මුලාවකි. සුද්දන් divide & rule කළේ නම් එතෙක් වෙනම රාජ්‍යයක් ලෙස පාලනය වූ උඩරට පහතරට හා එකතු කරන්නේ ඇයි? පසුව පළාත් වශයෙන් බෙදා වෙන් කළත් ඒවා පරිපාලන ඒකක මිස වෙනම පාලන ප්‍රදේශ නොවීය. ඒවා පාලන ඒකක බවට රූපාන්තරණය කෙරුණේ 1987 දී ඉන්දීය බලහත්කාරයට යට වීම හේතුවෙනි. හැරත්, කල්මුණේ දෙකට කඩා සෛන්තමරත වෙනම නගර සභාවක් වීම සිංහලයින්ගේ මහා ජයග්‍රහණයක් නම් එහි මුස්ලිම් වෙසෙන මිනිසුන් (කිසියම් ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන්) මහමගට බැස ඔල්වරසන් දෙමින් ජල්ලියක් අල්ලන්නේ ඇයි?



අපේ රටේ දේශපාලන තීන්දු ගන්නන් (මෙහිදීනම් මා ඇඟිල්ල දිගු කරන්නේ බැසිල් රාජපක්‍ෂ වෙතයි) දුර දකින්නේ නැත, මීළඟ මැතිවරණය ගැන මිස අනාගත පරම්පරාවේ පැවැත්ම ගැන සිතන්නේ නැත. දැන් බැසිල් (ඔහු අඩු තරමින් මන්ත්‍රී කෙනෙකුවත් නොවේ), අගමැති මහින්ද (ඔහු පක්‍ෂ නොවීනම් මේ ගැසට් එක මුද්‍රණය වන්නේ නැත) සහ ඇමති තෙන්නකෝන් සිතා සිටින්නේ මහමැතිවරණයෙන් මුස්ලිම් ඡන්ද ලබාගෙන අවුරුද්දකින් පමණ පසු ගැසට් එක අවලංගු කිරීමටද ? ඒ ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද නොලැබුණොත් ගැසට් එක වහාම අවලංගු කරනවාද ?

මේ ගැන චාපා කියන දේ ත් අසමු. ඔහු ඒ ගැන බොහෝ දේ කියන අතර ඊයේ පෙරේදා ආපසු එන තෙක් බැසිල් සිටියේ ඔහුගේ රටේ (ඇමරිකා ඔරුමත්තනාඩුවේ) බවත් මතක තබාගෙන මෙය ඇසිය යුතුය. 2015 ආණ්ඩු පෙරළියට ටියුෂන් ගැනීමට රනිල් ගියේ ද ඔරුමත්තනාඩුවටම වෙයි. ඔවුන් ශ්‍රී ලංකා හමුදාපතිට වීසා තහනම පැනවීම හා මේ ගැසට් එක එකකට එකක් සම්බන්ධ ද ?


දෙමළ ජාතිවාදය වුවත් මුස්ලිම් ජාතිවාදය වුවත් වෙනත් ජාතිවාදයක් වුවත් එක මූලික කරුණක් මත පදනම් වෙයි. ඒ රටේ ප්‍රගතිය වෙනුවෙන් තම ජනවර්ගය විසින් දක්වන දායකත්වට වඩා වැඩි පංගුවක් තමන් වෙනුවෙන් වෙන් කර ගැනීමයි. මුස්ලිම් ඇමතිලා වරාය, ආනයන-අපනයන වෙළෙඳාම, කර්මාන්ත හා සම්බන්ධ අමාත්‍යංශ වෙත දක්වන ඇල්ම මගින් තහවුරු වන්නේ රටේ බදු ආදායම් ජනවර්ගයක් ලෙස ගසා කෑමට ඔවුන් දක්වන නැඹුරුතාවයයි. දෙමළ ඇමතිවරු ගැන රටට අත්දැකීම් අඩු වුවත්, මුස්ලිම් ඇමතිවරු ගැන ඇතිපදම් අත්දැකීම් ඇත. මුස්ලිම් අධිකරණ ඇමතිවරයෙක් නීති පීඨය / නීති විද්‍යාලය ට කළ දේ කාලයක් ආන්දෝලනයක් ඇති කළේ නැද්ද ? කසාද ලියාපදිංචි ගාස්තුව තම ජන වර්ගයට පමණක් අඩු කර ගැනීමට ඔවුන් ගත් ක්‍රියා මාර්ගය අපට පෙන්වන්නේ ජාතිවාදීන්ට යන්තම් ඉඩක් දුන්නොත් ඔවුන් යා හැකි දුරයි. සිංහලයා ගෙරි හං කඩේ කතාව මෙහිදී අමතක නොකළ යුතුය.



රටේ ජනගහණයෙන් 10% වත් නැති දෙමළුන් වෙනුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් 30% හා මුහුදින් 70% වෙන් කර දෙන ලෙස ඉල්ලා දේශපාලන සහ ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත වීම සාධාරණ වන්නේ කෙසේද? එය සාධාරණ නැත, එසේම මුස්ලිම් මිනිසුන් වෙනුවෙන් ය කියා ජාතිවාදී පදනමින් කෙරෙන මෙවැනි බෙදීම් ද සාධාරණ නැත.

සෛන්තමරත වල මිනිසුන් වෙනම රාජ්‍යයක් ලැබුණා සේ ප්‍රීති ඝෝෂා නගන්නේ එහි ජාතික වීරවරයෙක් ලෙස සැළකිය හැකි සහරාන් හෂීම් තමන්ට අල්ලඃ ගෙන් ලැබුණු කන්‍යාවන් 72 සමග ස්වර්ගයෙන් බැස ප්‍රාදුර්භූත වූ නිසා නොවේ. ආණ්ඩුවේ ඊළඟ බජට් එකේ සිට වැඩි පංගුවක් තමන්ට වෙන් කෙරෙන බව දන්නා බැවිණි. නැතිනම් තිබෙන නගර සභාවක් දෙකඩ වී අළුත් එකක් නිර්මාණය වීම රටක් වශයෙන් සුභ නැත. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා වැඩි වන විට ඒ සඳහා කෙරෙන වියදම් ද අනුපාතිකව ඉහළ යයි. එසේම නාස්තිය ද ඉහළ යයි (පසුගිය ආණ්ඩුවේ තුච්ඡ පළාත්පාලන මැතිවරණ පණතින් මේවායේ සභිකයින් ගණන වැඩි කර ඇති සැටිත් සිහියට නගා ගන්න). මෙහි පිරිවැය දරන්නේ සියලුම මහජනතාවයි. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හෙංචයියන් මෙහි සෘජු වාසිය උකහා ගනී. ඔවුන් ගුත්තිලයේ එන උදේනී පුර වැණුම් සිහි කෙරෙමින් වීථි පුරා ඩෙඟා නැටීම තේරුම් ගත යුත්තේ මේ පදනමෙනි.

සෛන්තමරත යනු මුස්ලිම් 100% සිටින ප්‍රදේශයකි. එහි කොළොඹ මහනගර සභාව, කඩුවෙල නගර සභාව හෝ වැලිගම ප්‍රාදේශීය සභාව හෝ වැනි නිදහස් පරිසරයක් නැත. මෙහි කටයුතු කළ හැක්කේ කිසියම් ජනවර්ගයකට අයත් කල්ලියකට පමණි. වෙනත් වචන වලින් කියතොත් මෙය මුදා නොගත් ප්‍රදේශයකි. එවැනි ප්‍රදේශයකට නගර සභාවක් දීම පාතාලයට ස්වයංපාලනයක් දීම වැන්නකි.

බැසිල්, ඊළඟට මාළිගාවත්තටත් නගර සභාවක් දෙමුද ?




4 comments:

  1. පුරපති මරා සිටි එවකට යාපනය
    කොටියන් ගත්තා ද ඊලම් පාලනය
    දෙන ගව තර්ක ටොයියනි සැදි පාචනය
    දෙමු නුඹලාට බක පඬි මුල් ආසනය

    පේදුරුතුඩුව හා චාවාකච්චේරී
    වෙල්වැටිතුරයි මන්නාරම ඇත තේරී
    කාලෙක ඉඳන් තිබුණත් පුරසබ මේරී
    ගොං කම් පාන උන් ආරේ ගති නාරී

    සායිඳමරුදු ත්‍රස්ථයකු ගෙ ගම වීලූ
    ඒකට සබය දුන්නයි රට වෙන් වේලූ
    වෙල්වැටිතුරය වෙයි ගම පිල්ලෙගෙ වේලූ
    අයියෝ ටොයියන්ට ඒ බව සිහි නෑලූ

    හැත්තෑ පහේ පුරපති මැරු වෙලුපිල්ලේ
    ඒකෙන් නැටෙව්ව ද ඊළම උගෙ අල්ලේ
    ඒකගෙ ගමට පුරසබයක් ඇත වැල්ලේ
    මේවා දතොත් ටොයියන් සරමෙන් එල්ලේ

    ReplyDelete
    Replies
    1. උඹ සජියට නේද චන්දේ දුන්නේ

      Delete
  2. මගුලක් කියන්නැතුව ඕක තද කරල ඇඳ ගනිං ආං ගැසට් එක අත්හිටවලා

    ReplyDelete
  3. චාපා මහත්තයගේ දේශන කීපයක්ම ඇහුවා. එයාගේ දුර්වලකම් දෙකක් පේනවා.
    1. හැම දේම ආර්ථික සාධක වලට ඌණනය කිරීම.
    2. හැම දෙයක් පිටිපස්සෙම ඇමරිකන් කුමන්ත්‍රණයක් දැකීම.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !