සිරිතක් වශයෙන් දෙතිස් කතාවේ අපගේ පෞද්ගලික තොරතුරු සටහන් කරන්නේ නැත. හේතුව සරල ය. පෞද්ගලික කරුණු සටහන් කිරීමෙන් සිදු වන්නේ අපට අවධාරණය කිරීමට අවශ්‍ය දේට අවශ්‍ය අවධානය ගිලිහී යාමයි. එසේ වුවත් උක්ත කාරණාව පොදුවේ වැදගත් යි සිතන බැවින් සටහන් කිරීමට සිතුවෙමි.
සහෝදර බ්ලොග් රචකයන් වෙතත් ඒ සමගම කෙරෙන ආරාධනාවක් වෙයි.
෴
- අපහසු තත්වයන් යටතේ පෙරට වඩා වැඩි කාලයක් මිඩංගු කර රාජකාරී කිරීමට සිදු වීම
- වැඩි කාලයක් රාජකාරියට වැය කළත් සැළකිය යුතු මට්ටමකින් ආදායම අහිමි වීම.
කොරෝනා පිස්සුව හෙවත් ලොක්ඩවුන් කාලයේ දින චරියාව දැන් විමසා බලමු.
කොරෝනා සමග වාසේ
- පාන්දර 10:00 :- අවදි වීම. දත් මැද මුහුණ සෝදා උදෑසන ආහාරය ගෙන...
- උදෑසන 11:00 :- වැඩ ඇල්ලීම.
- මධ්‍යහන 3:00 :- දිවා ආහාරය සඳහා වැඩ අත් හැරීම, ආහාර අනුභවය, දිනය සඳහා ස්නානය (සහ දරුවන් නෑවීම) සහ සමහර විටෙක වත්තේ පිටියේ වැඩක් කිරීම.
- දහවල් 5:00 - 6:00 :- සවස් භාගය සඳහා වැඩ ඇල්ලීම.
- සවස 9:00 :- රාත්‍රී ආහාරය සඳහා පවුලේ සාමාජිකයින්ගේ දැඩි ඉල්ලීම මත පිරිනැමෙන තාවකාලික විරාමය හෙවත් strategic time out.
- රාත්‍රී 10:00 - 11:00 :- නැවත වැඩ ආරම්භය. සමහර දින වල relaxing වීම සඳහා බැලෙන බයිස්කෝප් එක මේ කාල පරිච්ඡේදයට ඇතුලත්ය.
- මධ්‍යම රාත්‍රී 2:00 :- සුව නින්ද ! මේ සුව නින්ද අප වෙත එළඹෙන්නේ තව පැයක් දෙකක් යහන මත එක එක ඉරියව් අත්හදා බැලීමෙන් අනතුරුව ය.
දැන් කොරෝනා පිස්සුව යම් තරමකට හොඳ වී තිබුණත්, මැයි මාසයේ සිට යම් සීමාවන්ට යටත්ව රාජකාරි ස්ථානය වෙත වාර්තා කිරීම ආරම්භ කර තිබුණත්, ඉහත සටහන් කළ වේලාවන් තවමත් වෙනස් කර ගැනීමට අපහසුය. නිදි දෙව්දුව නම් 2:00 ට පෙර අප දෙස කිසි සේත් බලන්නේ නැත.
පශ්චාත් කොරෝනා සමයේ (ජෙප්පන් දැඩි බලාපොරොත්තු රඳවාගෙන සිටින දෙවෙනි රැල්ල නොආවොත් - ඔවුන් බලාපොත්තු තබාගෙන සිටින සමාජවාදී සමාජය කවදාවත් නොඑන සේ) අපගේ අධිෂ්ඨානය සහ බලවත් උත්සාහය අපගේ දිවි පෙවෙත යථා තත්වයට පත් කර ගැනීමයි.
සහෝදර බ්ලොග් රචකයන් වෙත කෙරෙන ආරාධනාව නම් තමන්ගේ දින චරියාවටත් මෙවැනි දේ සිදු විණි නම් ඒ අත්දැකීම් සටහන් කිරීමටයි.
හර්ෂි අන්ජුමාලා කිව්වේ රජ්ජු මාලාට :D
ReplyDeleteවිඪූඩභ ගේ අම්මත් වහලියක්.
අනේ පිඬු සිටුතුමාටත් වහල්ලු හිටියා.
බුදු හාමුදුරුවෝ වහල් වෙළඳාම වැරදියි කිව්වා.
ඒ හැරෙන්න ඒ කාලේ තිබුන වහල් ක්‍රමයට විරුද්ධ වුනේ නෑ නේද?
නොකළ යුතු වෙළඳාම් කතාව බුදු හාමුදුරුවන්ගේ දේශනයක් නෙමෙයි මහත්මය.
Deleteමිනිහෙක් රස්සාවක් කරලා කාල ඇඳලා ඉන්නවට බුදු හාමුදුරුවෝ විරුද්ධ නැහැ. ජෙප්පො තමා විරුද්ධ.
බුදු හාමුදුරුවෝ වහල් වෙළඳාම වැරදියි කිව්වාදැයි සොයා බැලිය යුතුය. මා සිතන අන්දමට නම් වහල් වෙළෙදාම යැයි සඳහන් කළ විට අද අපට දැනෙන අන්දමේ වෙළෙදාමක් එදා බුදුන් දවස තිබෙන්නට නැත.
Deleteරජ්ජුමාලා දාසියකි, එසේම විඩුඩභගේ මෑණියෝ මහානාම ශාක්‍යයාගේ මාළිගාවේ දාසියක් බව සඳහන් ය. ඒ මිස එදවස සිටි වාළුන් (වහලුන් යනු නිවැරදි නොවන බව කියවා ඇත) ගැන පැරණි පොත පතේ සඳහන් නැත. සමහර විට මෑත කාලීන වම්මුන් විසින් ලියූ විකාර ලිපි ලේඛන වන එවැන්නක් සඳහන් වනවා විය හැක.
එදා දාසයින් පසෙක දමමු - අද අපත් කාගේ හෝ දාසයෝ නොවෙමුද.
@AnonymousJuly 1, 2020 at 5:08 PM
Delete"මිනිහෙක් රස්සාවක් කරලා කාල ඇඳලා ඉන්නවට බුදු හාමුදුරුවෝ විරුද්ධ නැහැ. ජෙප්පො තමා විරුද්ධ."
මෙය තර්කානුකූල කතාවකි.
ජෙප්පන් ගැන කතා නොකර ඉමු, ඊනියා "සුවාදීන" කොමිසම විසින් මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පොලිසිය දමා අප කුදලාගෙන යා හැකි නිසා.
++
ReplyDelete!
Deleteදින චරියාව ලියන්න ආරාධනා තියෙන්නේ බ්ලොග් රචකයන්ට උනාට මම නම් කොමෙන්ට් රචකයෙක් විතරයි.
ReplyDeleteරස්සාවයි වැඩයි කතු තුමාගේ විදියටමයි. දින චරියාව කොටස් දෙකයි. කොරෝනා ඉසිඹුවේ මුල් කාලේ පාන්දර 8.00 ට නැගිටලා කාල බීල 9.00 ට විතර කාර්යාලයට විනාඩි 15යි තා බටය (YouTube) ඇතුළු අන්තර්ජාලයට විනාඩි 45යි අනුපාතයට රාජකාරි කරමින් දැහැමෙන් සෙමෙන් රෑ වෙලා එළි උනා.
දෙවැනි ආකාරයේ චරියාව පටන් ගන්න උනේ ළමයින්ගේ ඉස්කෝල වල අන්තර්ජාල ඉගැන්නිල්ලට පිං සිද්ධ වෙන්න. ළමයින්ගේ ඉගෙනගැනිල්ලටයි මගේ මගේ අර රාජකාරි ක්‍රමයටයි ඉර එළියෙන් වැඩ කරන ඩේටා ප්‍රමාණය මදි උනා. ඉතින් මං ඉහළ ධාරිතාවක් තියෙන පැකේජයකට මාරු උනාද? නෑ පින්වතුනි. ළමයි ඉස්කෝලෙ ගෙනියන දවස් වල වගේම පාන්දර 5.00 ට නැගිටලා 8.00 වෙනකං රස්තියාදු ගහන්න පටන් ගත්තා. රාජකාරි වැඩ වලට පැයකට විනාඩි 15 එහෙම්මම තියල ඉතිරි වෙලාවෙ අයිස් ගහන්න පුරුදු උනා.
ඒකත් එහෙමද !
Deleteඇත්තටම වහල් ක්‍රමය ගැන
ReplyDeleteමේ මාතෘකාව වෙනම ලිපියක් හැටියට කතා කලයුතු දෙයක්.
බුදුන්ගේ කාලයේ ඒ ප්‍රෙද්ශයේ නගරබදව වහල් ක්‍රමය සුළු වශයෙන් හෝ තිබිලා තියෙනවා.
පුරාණ ග්‍රීක සහ රෝම සංස්කෘතිවල, මුස්ලිම් ශිෂ්ටාචාරය තුල, ඇමරිකාවේ යුරෝපීය යටත්විජිතවල වගේ මහා පරිමාන වහල් ක්‍රමයක්නම් තිබිලා නෑ.
නමුත් අඩු කලයේ අයට කිසිම ගැටළුවක් නැතිව පැවිදිවීමට අවසර දුන් බුදුන් වහන්සේ, දාසයෙකුට මහන වෙන්න නම් ස්වාමියාගෙන් අවසර ගතයුතු බවට නියමකර තියෙනවා.
අද ඔබ තුමාට මහණ වෙන්න ඕනේ නම් රස්සාවෙන් අස් වෙලා එන්න කීවොත් වැරදිද ?
Deleteදාසයෙකුට මහණ වීමට ස්වාමියාගෙන් අවසර ගෙන එන්නැයි කීමේ තේරුම බුදු රජාණන් වහන්සේ HR issues ගැන දැනුම් තේරුම් ඇතිව කටයුතු කිරීම මිස අනෙකක් නොවේ.
ස්වාමියා කිව්වොත් බෑ කියලා,
Deleteකසාද බැඳපු පිරිමියෙක්ට මහනවෙන්න බිරිඳගෙන් දරුවන්ගේ විසෘත පවුලක නම් අනෙක් සාමාජිකයන්ගෙන් අවසර ගන්න කියලා තියෙනවද?
එතනදි HR ජෝතිපාල ගැන සලකන්නේ නැද්ද?
ස්වාමියා කිව්වොත් බෑ කියලා: එවැනි විටෙක එය ඒ දෙදෙනාගේ ප්‍රශ්නයක් මිස බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් නොවේ.
Deleteබුදු රජාණන් වහන්සේ රාජපුරුෂයන් මහණ නොකරන අනුදැන වදාරා තිබේ. මීට හේතු (ධර්ම පාඨ අනුව නොව, අපගේ අදහස අනුව) දෙකකි. එකක් රජුගේ උදහසට ලක් නොවීමයි. දෙවැන්න මහණ වූ රාජපුරුෂයා රජු වෙනුවෙන් ඔත්තු සේවාවේ යෙදීම මිස මහණ කමේ නොයෙදීමේ ඉඩකඩ තිබීමයි. ඔහු සතුරා අත පත් වුවහොත් සතුරු රජුගේ උදහසට ලක් වේ. මේ විනය නීතිය වඩා වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ දිවමන් නොවන කලටය.
දාසයන් සම්බන්ධ කරුණ මීට වඩා වෙනස් ය. රාජපුරුෂයෝ රාජකාරියෙන් බැඳී ඇත්තේ වී නමුත් නිදහස් පුද්ගලයෝ ය. දාසයෝ යම් තාක් දුරකට නිවහල් පුද්ගලයෝ නොවෙති. ඔවුහු කිසියම් ගිවිසුමකින් ස්වකීය ස්වාමියාට බැඳී සිටිති. මහණ වීම නම් සියළු බැඳීම් අතහැර පැමිණීම යි. ස්වාමි-සේවක සම්බන්ධය රැඳී පවත්නා ගිවිසුමෙන් ඉවත් වීම පූර්ව කොන්දේසියක් වන්නේ එහෙයිනි.
දරුවන් මහණ වීමේදී දෙමාපිය අවසරය අවශ්‍ය වීමත් මේ හා සංසන්දනය කළ හැකි කරුණකි.
කසාද බැඳපු පිරිමියෙක්ට මහනවෙන්න බිරිඳගෙන් දරුවන්ගේ විසෘත පවු...: මේ ඔබ විසින් නොඇසිය යුතු මට්ටමේ ගොබ්බ ප්‍රශ්නයකි. මෙය ප්‍රශ්නයක් යැයි ගතහොත් ඊට පිළිතුර ඉහත දැක්වේ (නිවහල් පුද්ගලයෙක් වීම).
Deleteකසාද බැඳපු පිරිමි (හෝ ගැහැණු) බුද්ධ කාලයේ දඹදිව සිටියේ නැත. මිනිස්සු-ගැහැණු කසාද බැන්දවීම පරංගි වැඩකි. "දෙවියන් එක් කළ දේ මනුෂ්‍යයා වෙන් නොකෙරෙත්වා" යි කියා ගැහැණිය පුරුෂයාට බාර දීම කාන්තාරයේ ගෝත්‍රික ඇදහිළි වල මිස ශිෂ්ඨාචාර වල කෙරෙන්නක් නොවේ.
බුද්ධ කාලයේ දඹදිව පැවති තත්වය (ඔබට දහම් පාසැලේ දී උගන්වන්නේ බොරු ය !) අනුව ඔවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. බෞද්ධ නැතිනම් ප්‍රාග්-බෞද්ධ සන්ධර්භයකවත් ඔය ප්‍රශ්නය වලංගු නැත. ඔවැනි ප්‍රශ්න ඇසෙන්නේම ඔබට අපට ළදරු කළ සිට ලැබෙන විධිමත් සහ අවිධිමත් ක්‍රිස්තියානි-අධ්‍යාපනය හේතුවෙනි.