Friday, July 31, 2020

21: මෙවර වැඩිම මනාප කාටද ?

ගරු සරත් වීරසේකර මහතා මන්ත්‍රීවරයකු වීමට පෙරත්, එනම් නාවික හමුදාවේ සිටියදීත් පසුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධිපති ලෙසත් රට වෙනුවෙන් තීන්දු තීරණ ගෙන කටයුතු කර ඇත; මන්ත්‍රීවරයෙකු වශයෙනුත් එසේම සෘජු තීරණ වල සිටිමින් ඉතාම දුෂ්කර අවස්ථා වල පවා රට වෙනුවෙන් පෙනී සිට ඇත; මන්ත්‍රීධුරයක් නොමැතිව පවා ජාත්‍යන්තරය සමග ගැටෙමින් රට ජාතිය වෙනුවෙන් කටයුතු කර ඇත; මෙවර මැතිවරණයෙන් නැවත මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණත් ඔහු රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරමින් සිටි කටයුතු ඊට වඩා මැනැවින් තවදුරටත් ඉදිරියට කරගෙන යනු ඇත.

වැදගත් දේ නම් ඒ මහතා ඉතාම දුෂ්කර අවස්ථා වල පවා ජාතිය වෙනුවෙන් අභිමානයෙන් යුතුව පෙනී සිටීමට දැක්වූ නිර්භීත භාවයයි. එතුමාට සාපේක්‍ෂව උදය ගම්මන්පිළ "තමාට පෙර රට" යැයි තේරුමක් නැතිව කට පාඩමෙන් කියවන පෙර පාසැල් දරුවෙකි. 19 වන සංශෝධනය අවස්ථාවේ එයට පක්‍ෂව ඡන්දය දී ලැජ්ජාවක් නැතිව තමන් මහා දිණුමක් ලැබුවා සේ පුරාජේරු කතා කී විමල් වීරවංශ නිකංම නිකං කෙළ තොල්ලෙකි. දිනේෂ් ගුණවර්ධනගේ වයස ගැන සළකා (මේ ඔහුගේ අවසන් මැතිවරණයයි) කිසිත් නොකියමි. මංමුලා වී පාර හොයාගෙන "පිස්සෙක් වගේ" ඇවිදින විජේදාස, ජීවමාන විහිළුවක් වී සිටින බන්දුල ගුණවර්ධන ආදීන් ගැන කතා කිරීමේ පලක් නැත. මේ කියුවේ දිනීමේ වැඩි ශක්‍යතාවයක් ඇති (පරාජය වේ යැයි අප නොසිතන) අයවළුන් ගැනය. මේ හාදයින්ට වඩා පැන්ෂන් ගිය UNP කාරයෙක් වන ගාමිණී ලොකුගේ ගේ ගතියක් තිබේ.





Google විසින් සේවා කෙරෙන මේ බ්ලොග්ගඩවියේ වචන දෙකක් සෙවීම මහා ලොකු අමාරුවක් නොවේ. "සරත් වීරසේකර" යන දෙවදන එසේ සෙවූ අපට ලිපි සතරක් ප්‍රතිඵල ලෙස ලැබිණ. යට දැක්වෙන්නේ ඒ සතරයි. ඒ සමග දැක්වෙන්නේ මේ ලිපියට අදාළ කොටසයි. සම්පූර්ණ ලිපිය කියවීමට කැමැත්තෝ එකී එකී සිරස්තලය මත කොටා වා.
  1. අප්පච්චි මලා !
  2. රාජපක්‍ෂලා වෙනුවෙන් නොව රට, ජාතිය සහ ආගම වෙනුවෙන් මේ මගඩියට විරුද්ධ වීමට කශේරුකාවක් සහිත සිංහලයින් පාර්ලිමේන්තුවේ සිටියේ එක් පුද්ගලයෙක් පමණි. ඒ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මන්ත්‍රී තුමාය. පනතට එරෙහි වීම නිසා නොව ඊට පෙර එතුමාගේ ක්‍රියා මාර්ග හේතුවෙන් ජාතික වීරවරයෙක් බවට පත්ව සිටින වීරසේකර මන්ත්‍රීතුමා නිවට කම වෙනුවට වීර කම තෝරා ගත්තේ කිසිම වාසියක් නැතිවය. බොහෝ විට එතුමාට මීළඟ මැතිවරණයේ දී චන්ද්‍රිකා ළමා තැනීගේ අදිසි නායකත්වය සහිත සංධානයෙන් නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය එසේය.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට එකම එක විශාල සේවයක් කළේය. 225 ආසන ඇති පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගැනීමට උපකාර කිරීමයි. මේ පාර්ලිමේන්තුවේ සිංහලයින් සිටින්නේ එකෙකි - අනෙක් උන් සිංහලයින් ලෙස පෙනී සිටින්නෝ ය, නැතිනම් පරයෝ ය. තමන් නියෝජනය කිරීමට එක මන්ත්‍රීවරයෙකුට වඩා පත් කර යැවීමට හැකි තරම් සිංහලයින් ලංකාවේ නැද්ද ? නැතිනම් සිංහලයින් 70% සිටිනවාය කියන රටේ පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය 1-223 (කතානායක තුමා හැරුණු කොට) වීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

    මේ තත්වය යටතේ ඊනියා 'ස්වාධීන' සභා වල සිටීමට ඉඩ ඇති සිංහලයින් ගණනත්, ඒ සිංහලයින් විසින් සිංහලයින් ගැන සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගන්නා ක්‍රියා මාර්ග ගැනත් සන්සුන් මනසින් සිතා බැලීමට සිංහලයින්ට කාලයයි.

    දෙමළු දෙමළුන් පිළිබඳව සිතති; මේ ලෝකේ නැති (නැති නිසාම?) දෙමළ ජාතියක් සහ දෙමළ රටක් තනා ගැනීම වෙනුවෙන් සවිඥානිකව කටයුතු කෙරෙති. ඉස්ලාමිකයෝ තමන් කුමන වර්ගයට අයත් වුවත් පය ගසා සිටින බිම ඉස්ලාම් කිරීමට සවිඥානිකව කටයුතු කෙරෙති. සිංහලයෝ පමණක් මේ ලෝකයේ කිසිවෙක් විසින්වත් නොරැකෙන ඊනියා යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කටයුතු කෙරෙති. තමාගේ දෙයක්නම් ඒත් කමක් නැත - ඒවාත් අනුන්ගේ.
  3. වි.නා.ස. වීමේ ප්‍රතිඵලය
  4. අප පෙරද සඳහන් කළ ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතිශයින්ම සිංහල විරෝධිය. සිංහල බෞද්ධයින්ට මේ රටේ හිමි දෙයක් වෙතොත් එය අහිමි කිරීමේ ශක්‍යතාව මේ සංශෝධනය විසින් සිංහල විරෝධීන් අතට ගොස් තිබේ. සිංහල බෞද්ධයින්ට හිමි දෙයක් නැතොත් ඒ නැති දේ ලබා ගැනීමේ හැකියාව ද මෙමගින් අහුරා දමා තිබේ.

    අප මේ බව එකල ද පෙන්වා දුන් මුත් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා හැර මෙහි බරක් පතලක් තේරුම් ගත් කෙනෙක් සිටියේ නැත. ජාතික වීරවරයෙක් වන සරත් වීරසේකර මහතා මෙය දැන ගත්තේ එතුමාගේම ඥානයෙන් මිස අප කී නිසා නොවේ.
  5. හාල් මොටද තණකොළ කන ගොන්නුන්ට
  6. 19 වන සංශෝධනය සහ එහි වටාපිටාව ගැන සඳහන් කර අප ජනතාවගෙන් ඉල්ලීමක් කළෙමු.

    සිංහල බෞද්ධයින් නිදි වැදී සිටියොත් අපට අහිමි වන දේ දිනා ගැනීමට තව වසර 50 කටත් හැකි වේය කියා කිව නොහැක. අපට 1956 දී වාරයක් ආවේය. සිංහලය රජබස කර ගනු මිස ඊට වඩා දෙයක් කර ගැනීමට අපට හැකි වූයේ නැත. 2005 දී අපට ලැබුණු අවස්ථාව දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් එහා ජයග්‍රහණයක් කරා ගියේ නැත. මීළඟ අවස්ථාව කවදා ආවත් ඒ වන තෙක් අප ජීවත්ව සිටීදැයි කිව නොහැක. ඒ නිසා අද කළ යුතු දේ අදම කළ යුතුව තිබේ.

    ඒ නිසා යෝජිත 19 වන සශෝධනයට එරෙහි වෙමු. සියළු සිංහලයින් දැනුවත් කරමු. ඊට විරුද්ධ කරවිය හැකි සෑම මන්ත්‍රී වරයෙකුටම බලපෑම් කරමු. පාර්ලිමේන්තුවේ දී එය පරාජය කරවමු. පරාජය කළ නොහැකි නම් තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩ නොදෙමු. ඒ අද දවසේ සිංහලයාගේ ජාතික කර්තව්‍යයයි.

    මෙය බීරි අලින්ට විණා වැයීමක් පමණක් වූ අතර මන්ත්‍රී සරත් වීරසේකර හැරුණු විට ඉතිරි සියලු දෙනාගේ සහයෙන් මේ ද්‍රෝහී සංශෝධනය සම්මත විය. උදය ගම්මන්පිල්ල ඇතුළු කිහිප දෙනෙක් පසුව මෙහි දොස් දක්වා තිබෙණු දුටු මුත් සක්‍රිය දේශපාලනයේ යෙදෙන ඔහුට තමා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් නොවීය කියා මේ අපරාධයෙන් ගැලවී යා නොහැක.
  7. ලිච්ඡවී පාලනයක අවසානය !
  8. ලංකාවේ පාර්ලිමේන්තුව අරුම-පුදුම තැනකි. 1987 කුප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුම් ප්‍රකාරව 13 වන සංශෝධනය ගෙන එන විට එය කියවා බලා විරුද්ධ වීමට ගාමිණී ජයසූරිය වැනි කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටියහ. 1999 දී චන්ද්‍රිකා විසින් ගෙන එන ලද "පොට්ටනිය" දෙමළ ත්‍රස්තවාදීන්ට දෙන කප්පමක් බව පැහැදිළිව පෙනී පෙනීත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් එය ගිණි තබන ලද්දේ එය චන්ද්‍රිකාගේ ඒකාධිපති ගමනට උදව්වක් බව කියමිනි. එවකට ආණ්ඩු පක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ වැනි ඇමතිවරු පැකේජය ඉවත් කර ගැනීමට බල කරන ලදී.

    නමුත් 2015 අප්‍රේල් මස ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන එන විට ඊට විරුද්ධ වීමට සිටියේ එකම එක මන්ත්‍රී වරයෙකි. ඒ සරත් වීරසේකර මහතා බව සටහන් කර තබන්නේ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.
මේ ගැන දැන් මතු කෙරෙන්නේ ඇයි ?

දැන් මේවා ගැන කතා කරන්නේ තව සතියකින් මහමැතිවරණය පැවැත්වෙන නිසාත් ගරු සරත් වීරසේකර මහතා කොළොඹ දිස්ත්‍රික්කයෙන් ඊට ඉදිරිපත් වන නිසාත් ය.



හිටපු මන්ත්‍රී විමල් විරවංශ වෙනුවෙන් බෙදා හරින ලද අත් පත්‍රිකාවක් අපට ලැබිණ. එය අංක 19 හැඩයට කපා කලාත්මකව සකසා තිබිණි. එහි පහත අයුරින් සඳහන් වෙයි.
  1. 2004 - මනාප 231,185
    කොළඹ සංධාන ලැයිස්තුවේ පළමු ස්ථානය සහ සමස්ථ දිවයිනේ දෙවන ස්ථානය
  2. 2010 - මනාප 280,672
    කොළඹ සංධාන ලැයිස්තුවේ පළමු ස්ථානය සහ සමස්ථ දිවයිනේ දෙවන ස්ථානය
  3. 2015 - මනාප 313,801
    කොළඹ සංධාන ලැයිස්තුවේ පළමු ස්ථානය සහ සමස්ථ දිවයිනේ තෙවන ස්ථානය
2004 දී සමස්ථ මනාප සංඛ්‍යාව අනුව (කොළඹ දිස්ත්‍රික්කයේ එජාප) රනිල් වික්‍රමසිංහත් 2010 දී (ගම්පහ නිදහස් සංධානයේ) බැසිල් රාජපක්‍ෂත් පළමු තැන ගන්නට ඇති බව අපගේ මතකය යි. කෙසේ වුවත් 2015 දී රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්‍ෂ පහක් ගත් බවත්, මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලින් ලක්‍ෂ හතර ඉක්මවා ලබා ගත් බවත් හොඳටම මතකය. එසේම ගම්පහින් ප්‍රසන්න රණතුංග කොළඹ විමල් වීරවංශට වඩා මනාප ගත් බවත් සහසුද්දෙන් ම පැවසිය හැක. එහි අර්ථය විමල් වීරවංශ තමන්ගේ කොලයේ මොනවා ලියාගෙන තිබුණත් 2015 දී සමස්ථ දිවයිනේ තෙවන ස්ථානයට මනාප ලැබූ කතාව ඇත්තක් නොවන බවයි. එය ඇත්තක් විය හැක්කේ සංධාන ලැයිස්තු පමණක් සැළකීමෙනි. කෙසේ වුවත් මෙවැනි සංසන්දන මගින් කිසිවෙකුට යහපතක් නොකෙරෙයි.

2015 කොළඹ සංධාන ලැයිස්තුවේ දෙවැනියට සිටියේ උදය ගම්මන්පිළ (මෙවර අංක 8) වන අතර සිව් වැනියට සිටියේ දිනේෂ් ගුණවර්ධන (මෙවර අංක 13) ය. මේ තිදෙනාම මෙවරත් තේරී පත් වනු ඇති බව නිසැක ය. හදිසි අනුකම්පා ඡන්ද හේතුවෙන් එවර ලැයිස්තුවේ තුන් වැනි තැනට පත් සුසිල් ප්‍රේමජයන්ත ගැන නම් ඉහළ තක්සේරුවක් නැත.



එසේ වුවත් අපගේ මෙවර අවධානය ගරු සරත් වීරසේකර මහතා වෙතටය. එතුමා මන්ත්‍රීවරයකු වීමට පෙරත් රට වෙනුවෙන් තීන්දු තීරණ ගෙන කටයුතු කර ඇත; මන්ත්‍රීවරයෙකු වශයෙනුත් එසේම සෘජු තීරණ වල සිටිමින් ඉතාම දුෂ්කර අවස්ථා වල පවා රට වෙනුවෙන් පෙනී සිට ඇත; මන්ත්‍රීධුරයක් නොමැතිව පවා ජාත්‍යන්තරය සමග ගැටෙමින් රට ජාතිය වෙනුවෙන් කටයුතු කර ඇත; මෙවර මැතිවරණයෙන් නැවත මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණත් ඔහු රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරමින් සිටි කටයුතු ඊට වඩා මැනැවින් තවදුරටත් ඉදිරියට කරගෙන යනු ඇත.

වඩාත්ම වැදගත් දේ නම් ඒ මහතා ඉතාම දුෂ්කර අවස්ථා වල පවා ජාතිය වෙනුවෙන් අභිමානයෙන් යුතුව පෙනී සිටීමට දැක්වූ නිර්භීත භාවයයි. එතුමාට සාපේක්‍ෂව උදය ගම්මන්පිළ "තමාට පෙර රට" යැයි තේරුමක් නැතිව කට පාඩමෙන් කියවන පෙර පාසැල් දරුවෙකි. 19 වන සංශෝධනය අවස්ථාවේ එයට පක්‍ෂව ඡන්දය දී ලැජ්ජාවක් නැතිව තමන් මහා දිණුමක් ලැබුවා සේ පුරාජේරු කතා කී විමල් වීරවංශ නිකංම නිකං කෙළ තොල්ලෙකි. දිනේෂ් ගුණවර්ධනගේ වයස ගැන සළකා (මේ ඔහුගේ අවසන් මැතිවරණයයි) කිසිත් නොකියමි. මංමුලා වී පාර හොයාගෙන "පිස්සෙක් වගේ" ඇවිදින විජේදාස, ජීවමාන විහිළුවක් වී සිටින බන්දුල ගුණවර්ධන ආදීන් ගැන කතා කිරීමේ පලක් නැත. මේ කියුවේ දිනීමේ වැඩි ශක්‍යතාවයක් ඇති (පරාජය වේ යැයි අප නොසිතන) අයවළුන් ගැනය. මේ හාදයින්ට වඩා පැන්ෂන් ගිය UNP කාරයෙක් වන ගාමිණී ලොකුගේ (මෙවර අංක 10) ගේ ගතියක් තිබේ.

හරි, අපි මේ ලිපිය ලියන්නේ ගාමිණී ලොකුගේ ට මනාප දෙන ලෙස ඉල්ලීමට නොවේ.
මේ ලිපියෙන් ආමන්ත්‍රණය කෙරෙන්නේ මෙවර පොහොට්ටුවට ඡන්දය දීමට දැනටමත් තීරණය කර තිබෙන සහ කාට දෙම් දැයි තවම තීරණය කර නැති කොළොඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් වෙතටයි.

ඔබ සිංහලයෙක් නම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සිංහල නියෝජනයක් තිබීම අවශ්‍ය යැයි සිතන්නේ නම්, ඔබේ මනාපය හිමි විය යුත්තේ කාට දැයි දෙගිඩියාවක් තබා ගත යුතු නැත. එය සරත් වීරසේකර මහතා වෙනුවෙන් අංක 21 ඉදිරියේ සළකුණු කරන්න (ඉතිරි මනාප කැමති කා වෙනුවෙන් හෝ ලකුණු කරන්න, නැතිනම් සළකුණු නොකර සිටින්න). සරත් වීරසේකර කිසිදා ඔබ දුන් මනාපයට ණය කාරයෙක් වන්නේ නැත.

දෙතිස් කතාවේ සතුට මෙවර මහමැතිවරණයේ මනාප ගනින විට ලංකාවේ වැඩිම මනාප ගත් මන්ත්‍රීවරයා වශයෙන් ගරු සරත් වීරසේකර මහතාගේ නම සඳහන් වනු දැක්මයි.




4 comments:

  1. 100% ක් එකඟයි,
    මෙවර ඡන්දයේදී යමෙකුට සිතේ දෙගිඩියාවකින් තොරව ඡන්දයක් භාවිතා කල හැකිනම් ඒ සරත් වීරසේකර මහතා අරඹයාම පමනකැයි මමද සිතමි.

    මා පදිංචි දිස්ත්‍රික්කය කොළඹ නොවනා නිසා ඒ වාසනාව මා සතු නොවූවද, සිතේ සතුටින් මා දන්නා හැමෝටම ඒ යෝජනාව ඉදිරිපත් කරමි. ඔවුන් අතරින් කිහිප දෙනෙකු හෝ ඒ සත් කාරිය කරනු ඇතැයි විශ්වාස කරමි.

    ReplyDelete
  2. අයියා ඩාක් සීරීස් එක බැලුවෙයි.
    ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නවල හැටියට මොකාට චන්දෙ දෙනවද කියනඑක මොනතරම් පොඩි දෙයක්ද?

    ReplyDelete
  3. වියත්මගෙන් ගම්පහට ඉල්ලන එකා කවුද?
    ගම්පහෙන් මනාප දෙන්න දෙන්නෙක් කියහල්ලා.
    මධුමාධවට මනාපයක් දෙන්න තීරනය කරලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. කතා කතුAugust 5, 2020 at 3:34 PM

      වියත්මගෙන් ගම්පහට ඉල්ලන එකා අංක 10 නාලක ගොඩහේවා ය.
      වෙනත් අය ගැන යෝජනා කිරීම මේ නිහඬ කාලය බැවින් සුදුසු දැයි නොදනිමි. බ්ලොග්ගඩවියක් යනු දෙපාර්ශවයක් අතර පමණක් අදහස් හුවමාරු වන පෞද්ගලික මාධ්‍යයක් නොවේ.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !