Friday, October 18, 2019

ජාතික සංවිධානයන්හි ස්ථාවරය හා භූමිකාව

දෙමළ ජාතික සංධානය සිංහල විරෝධී ඉල්ලීම් නැවතත් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කළ යුතු නැහැ. ඔය දෙමළ ජාතිවාදී ඉල්ලීම් නන්දිකඩාල්හි දී පරාජය කෙරුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නට්සි ඉල්ලිම් නැවතත් ඉදිරිපත් වුණා නම් චර්චිල් කුමක් කියන්න තිබණා ද? එහෙත් රනිල් දෙමළ ජාතික සංධානයට ප්‍රතිඥාවක් දී තිබෙනවා.



ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. අප රටට නව ව්‍යවස්ථාවක් ඕන බව සැබෑව. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් ජේ ආර් ජයවර්ධන ඉදිරිපත් කර සම්මත කර ගත් ව්‍යවස්ථාව රටට අහිතකරයි. එසේ වන්නේ එය මෙරට ඉතිහාසයට සංස්කෘතියට එකඟ ව ඒ පදනම් කර ගත් ව්‍යවස්ථාවක් නොවන බැවින්. එය චෙල්වනායගම්ගේ බෑණනුවන් වූ ඒ ජේ විල්සන් ප්‍රමුඛ පිරිසකගේ මැදිහත් වීමෙන් සකස් කරන ලද්දක්. එය ප්‍රංශ හා එක්සත් රාජ්‍ය (ඇමරිකාව) ව්‍යවස්ථා අනුව ඒ අනුකරණයෙන් සකස් කරන ලද්දක්. අපේ රටට ආගන්තුක ව්‍යවස්ථාවක්.

මේ ව්‍යවස්ථාව යටතේ අප අවුරුදු හතළිස්දෙකකට කිට්ටු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ අතරින් දහතුන්වැනි සංශෝධනය හා දහනවවැනි සංශෝධනය අති භයානකයි. මේ සංශෝධන තවත් සංශෝධනයකින් අහෝසි කරන්න ඕන. ඒක තමයි පසුගිය දා රැස්වෙච්ච ජාතික සංවිධාන සම්මේලනය ප්‍රකාශ කෙළේ. ඒ එක්ක ම ඒ සම්මේලනයේ දී තවත් දේ ප්‍රකාශ වුණා. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිවරණයේ දී කොන්දේසි විරහිත ව සහාය දීමත් එකක්. එමෙන් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යන්න තවත් එකක්. මේ සමහර දේ ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවර. සමහර දේ සම්මේලනයේ භූමිකාව. මේ සියල්ල 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.




ස්ථාවරය

  1. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සුරැකෙන, එක පොදු සිවිල් නීතියක් සහිත, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම.
    1. 13වන සංශෝධනය ඉවත් කිරීම.
    2. 19වන සංශෝධනය ඉවත් කිරීම.
  2. 'විධායක ජනාධිපති ධූරය' අහෝසි නොකිරීම.
    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හෝ එම ධූරයේ බලය අවම කිරීම සඳහා හෝ එම බලය අන් අයකු අතට පත් කිරීම සඳහා හෝ කෙරෙන යෝජනා සියල්ල, අප රටේ නායකත්වය දුර්වල කොට, අපගේ රාජ්‍යය දුර්වල කිරීම සඳහා වූ අරමුණින් කෙරෙන යෝජනාවන් ලෙස අප සලකන අතර, එවන් යෝජනාවන්ට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.
  3. ඉදිරි ජනාධිපතිවරණය 'නව ව්‍යවස්ථාවක්' ගෙන ඒම සඳහා වන ජනමත විචාරණයක් බවට පත් නොකිරීම.
  4. සියලුම
    1. ආගමික අන්තවාදී ත්‍රස්තවාදයන් හා
    2. දේශපාලනික අන්තවාදී ත්‍රස්තවාදයන්
    මුලුමනින්ම පරාජය කිරීම.
  5. පරිසරය සුරැකෙන, තිරසාර සංවර්ධනයක් සහිත, සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා වන ජාතික ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව නිසි පරිදි බලාත්මක කිරීම වෙනුවෙන්, එනම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම යන වගකීම නිසි පරිදි ඉටු කිරීම.
  7. ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන සහ නශ්ඨාවශේෂ ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම පිණිස, ඓතිහාසික උරුම කළමනාකරණ පනතක් ගෙන ඒම.
  8. ශ්‍රී ලංකාවට හිතකර, ස්වාධීන, රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන, දේශපාලන නිදහස කේවල් නොකෙරෙන, ජාතික ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි සැකසුණු, නොබැඳි, බෞද්ධ රටවල් සමග විදේශ සබඳතා ශක්තිමත් කරන, බෞද්ධ ධර්මය මුල් කර ගන්නාවූ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  9. රටේ ඉතිහාසය සංස්කෘතිය අනුදත් විදේශ දූත පිරිසක් බිහිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම.
  10. රටට අහිතකරව සැකසුණු විදෙස් ගිවිසුම් අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.
  11. විදේශිකයන්ට මේ රටේ ඉඩකඩම් මිලට ගැනීම සඳහා සකස් වූ නීති සියල්ල අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.


භූමිකාව

  1. ඉහත විස්තර කළ ප්‍රතිපත්තිමය කරුණුවලට සහ ඉලක්කයන්ට එරෙහිව ක්‍රියාත්මක වන සහ විජාතික බලවේගයන්ට වහල්ව සිටින, වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හැරීම.
  2. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදී සියලුම සහෝදර ජනතාවන්ට එකසේ පිළිගත හැකි, අපගේ දේශයට සැබැවින්ම ඇළුම් කරන, එමෙන්ම ඉහත කී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශක්‍යතාවක් සහිත නායකයකු බලයට ගෙන ඒම.
  3. එම නායකයාට යථාර්ථවාදී ලෙස සහයෝගය ලබාදෙන දේශපාලන ධූරාවලියක් සහ සිවිල් පරිපාලනයක් බලගැන්වීම සඳහා කටයුතු කිරීම.
  4. අපගේ මාතෘභූමිය බේරාගැනීම සඳහා වන උක්ත ව්‍යායාමය උදෙසා, දිවයින පුරා විසිරී ඇති
    1. විහාරස්ථාන හා දේවාල
    2. හින්දු කෝවිල්
    3. ක්‍රිස්තියානි පල්ලි
    4. මුස්ලිම් පල්ලි
    මූලීක කරගනිමින් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතාව ඒකරාශී කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීම.
  5. දිවයින පුරා ප්‍රාදේශීය 'සම්මන්ත්‍රණ', දිස්ත්‍රික් මට්ටමේ 'දිසා සමුළු' සහ ජාතික 'මහා සමුළු' සංවිධානය කර ජනතාව දැනුම්වත් කොට, ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික සංවිධාන සම්මේලනයේ' ධජය යටතට සමාජය පෙළ ගැස්වීම.



Monday, September 30, 2019

ගම් මට්ටම්-බිම් මට්ටම්-තම්මැට්ටම් ජනාධිපති

ඔය අපේක්‍ෂක කම දීපං ලමේකුට
එක්සත් ජාතික පාක්‍ෂිකයන් පුල පූලා බලා සිටි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පසුගිය දා නම් කෙරිණ.

ඒ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රීමතී හේමා ප්‍රේමදාස ආර්යාවගේ ආදරණීය පුත්‍රයා වූද, ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආර්යාවගේ ප්‍රේමනීය ස්වාමි පුරුෂයා වූද, එක්සත් ජාතික පක්‍ෂයේ එම ධුරය වැඩිම කාලයක් දැරූ නියෝජ්‍ය නායකයා වූද, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් ස්වකීය පරචිත්ත විජාණනඥාණයෙන් හා බාහු බලයෙන් ඌර්ධවපාතනය කළා වූද, දුගී දුප්පත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සදාවන්දනිය නායක තුමා වූ ද, ඡන්ද නැති ප්‍රජාතන්ත්‍රවාදය™ ලෝකයට මුල් වරට හඳුන්වා දුන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ උදාගම් පිළිබඳ අමාත්‍ය සදා ලෝක පූජිත ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ ය.




Monday, August 19, 2019

අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා

ඊයේ ගාළු මුවදොර පිටියේදී ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන මුත් එහි සාමාජිකයින් නොවන කිහිප ගේ සහභාගිත්වයෙන් ගොඩ නැගුණු ජාතික ජන බලවේගය විසින් පවත්වන්නට යෙදුණු රෝස පාට රැස්වීමේදී අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා වශයෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ™ විසින් එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මහතාව උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ.


මෙහිදී ඒ මහතා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ ඔබ මා කෙරේ තිබෙන විශ්වාසය බැඳීම අබමල් රොනකින්වත් හානියට බඳුන් වෙන්ට ඉඩ නොදෙන බව සහතික කරනවා වශයෙනි. තමන් හා තමන් සහය දක්වන කණ්ඩායම් විසින් මෙතෙක් කරන ලද දේශපාලනය ඉතාමත් කැත පිළුණු වූ ගඳ ගසන එකක් බව ප්‍රකාශ කළ ඒ මහතා තමන් පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බව සපථ කර ප්‍රකාශ කර සිටි මුත් තමන් එසේ කරන්නේ මන්ද යන වගත්, එය කරන්නේ කෙසේද යන වගත් විස්තර නොකිරීමට ද ප්‍රවේශම් විය. නොකෙරෙන වෙද කම බැවින් ක්‍රමවේදය අදාළ නැති බව සිතුවාද ?


Tuesday, August 13, 2019

ගෝඨාභය !


එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් කණ්ඩායම් විසින් මීට මාස කිහිපයකට පෙර කොළොඹ (සමහර විට මුළු රට) පුරාම අළවා තිබූ පෝස්ටරයක්.




Thursday, July 18, 2019

පන්දු යවන්නන් අඩු කුලේද ?

...ලෝක කුසලානයට පසුවදනක්...



මෙවර පැවති දොළොස් වන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනා ගත්තේය. එය කිසිවෙකුට පුදුමයට කරුණක් වූයේ නැත. මේ දශකයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි තුනම පිළිවෙලින් ඒවායේ සත්කාරක කණ්ඩායම් විසින් දිනා ගැනීම සිදු විය. ඒ:
  • 2011: සත්කාරක ඉන්දියාව විසින් මුම්බායි හි දී ශ්‍රී ලංකාව කඩුළු 6 කින් පරාජය කර ද
  • 2015: සත්කාරක ඔස්ට්‍රේලියාව විසින් මෙල්බෝන් හි දී නවසීලන්තය කඩුළු 7 කින් පරාජය කර ද
  • 2019: සත්කාරක එංගලන්තය විසින් ලංඩන් හි දී නවසීලන්තය හතරේ පහරවල් කිහිපයකින් පරාජය කර ද
ආදී වශයෙනි.

ඉහත මුල් තරඟාවලි දෙකේ ම අවසන් තරඟය පරාජයට පත් වූ කණ්ඩායමත් තරඟාවලියේ සම සත්කාරකත්වය ඉසිලූ කණ්ඩායමක්ම වීම මෙහි විශේෂත්වයයි. එසේ වුවත් අවසන් තරඟය තම රටේ පවත්වා ගැනීමට ඒ රටවල් වල ක්‍රිකට් බලධාරීන් උත්සුක නොවීම හෝ අසමත් වීම හෝ හේතු කොටගෙන ඒ රටවල් වලට ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වූ බව ක්‍රීඩා ලෝලියෙක් තර්ක කළහොත් ඊට පදනමක් තිබේ.

ඊට පෙර සත්කාරක කණ්ඩායමක් විසින් ලෝක කුසලානය ජය ගෙන ඇත්තේ 1996 දී පමණක් වන අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තරඟාවලිය ජය ගත්තත් ඒ ශ්‍රී ලංකාව තුලදී නොව පාකිස්තානයේ ලාහෝර් හි දී ය.




Tuesday, June 4, 2019

රතන හිමිගේ අපවත් වීම හෙවත් අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න

අතුරලියේ රතන හිමි දින හතරක මාරාන්තික අඛණ්ඩ උපවාසය අවසන් කළේය.

ඒ නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වීම බාර දීමත් ආණ්ඩුවේ මුස්ලිම් වාර්ගික මන්ත්‍රීවරුන් හැත්ත බුරුත්ත පිටින්ම තමන් දරමින් සිටි ඇමති, නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති තනතුරු වලින් ඉල්ලා අස් වීමත් හේතුවෙන් බවයි සැල.


ඒ අය අස් වූ නිසා රතන හිමි උපවාසය අවසන් කළේද නැතිනම් උපවාසය අවසන් කිරීම නිසා අර කී පිරිස ඉල්ලා අස් වූයේ දැයි අපට තවම පැහැදිළි නැත. රතන හිමිගේ ඊනියා උපවාසය අවසන් කිරීමේ තොරතුර අපට ලැබුණේ මුලිනි. එහෙත් මුලින් වූ සිද්ධිය එය යැයි එක හෙළා පැවසීමට එය ප්‍රමාණවත් හේතුවක් නොවේ.

එසේ වුවත් අතුරලියේ රතන යනු කවරාකාර අවස්ථාවාදියෙකුදැයි සෑහෙන කාලයක සිට දන්නා අපට ඔහුගේ මේ රංගනය සහ එය අධ්‍යක්‍ෂණය කළ තිර රචනය ලියූ ගස් ගොබිලන් ගැන දැන ගැනීමට වෙනත් අංජනම් බැලීමක් අවශ්‍ය නැත.



Thursday, May 23, 2019

මේල පළඳනාව සර්වාංග සන්නාහයක්...

"මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?" යන මැයෙන් ඉදිරිපත් කළ අපගේ පෙර ලිපියට ජගත් පතිරණ මහතා ප්‍රශ්නයකින් ම ප්‍රතිචාරයක් දමා තිබුණා.

විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?

ඊට අප දුන් කෙටි පිළිතුර, නැත. එය බුර්කාවක් නොවේ යන්නයි.

අද ඒ ගැන වැඩිදුර කතා කරමු. අප මෙහිදී මේල පළඳනාව ගැන විස්තර කිරීම සඳහා මූලාශ්‍රය කොට ගැනෙන්නේ පූජාවලිය යි. එහි පූර්වාරාම පූජා කථා යටතේ විශාකාව සහ එතුමියගේ පළඳනාව ගැන මනා විස්තරයක් පෙනෙයි.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !