Wednesday, May 15, 2019

මුස්ලිම් කාන්තාවන්ගේ `නින්ජා` හිස් ආවරණ

පසුගිය පාස්කු ඉරිදා කතෝලික පල්ලි ඉලක්ක කරගෙන එල්ල වූ "පිරිසිදු" ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රහාරයෙන් පසු මුහුණ ආවරණය කෙරෙන පැළඳුම් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරිණ. මේ අතිශය ප්‍රමාද වී ගැනුණු තීරණයකි. මනුෂ්‍යාත්මභාවයක් ලැබ මෙළෝ උපන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හැඟීම් රහිත රෙදි පොට්ටනියක් මට්ටමට, එනම් තිරිසන් ආත්මභාවයකටත් අන්ත අසරණ භාවයකට, පත් කිරීම මේ ඊනියා වස්ත්‍රයෙන් කෙරේ. කිසි පැකිලීමක් නැතිව අරාබිකරයේ මිනිසුන් ගැහැණුන් ගල් ගසා මරන්නේ මේ ඉලව් රෙද්දේ පිහිටෙන් තමා.
මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ
මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ
මනුෂ්‍ය අනන්‍යතාවය සඟවන මේ වස්ත්‍ර තහනම් කිරීම කළ යුතුව තිබුණේ 2009 දී ම ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එය දැඩි ප්‍රතිරෝධයකින් තොරව කළ හැකිව තිබියදීත් කළේ නැත. දැන් සිරිසේන විසින් ද මෙය තහනම් කර තිබෙන්නේ හදිසි නීතිය යටතේය. හදිසි නීතිය දීර්ඝ නොකළ විටෙක මේ තහනම ඉබේ අහෝසි වනවා ඇත. එසේ වන්නට ඉඩ නොතබා මෙය සාමාන්‍ය නීතියෙන් තහනම් කිරීම කාලීන අවශ්‍යතාවයකි.




එසේම,
පළමුව නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සදොස් බව ඉස්ලාම් අන්තවාදීන් විසින් පැවසෙන්නට යෙදින. සමහරු මේ ගැන ඉතා උද්‍යෝගයෙන් කතා කළ බව පෙනිණි. ඔවුන් විරුද්ධ වූ ප්‍රධාන කරුණ නම් `කණ` පෙනෙන්නට අවශ්‍ය නැති බවයි. ඉස්ලාම් අන්තවාදීන්ගේ බලහත්කාර කමට හිස නැමූ නිවට ආණ්ඩුව තව ගැසට් එකක් නිකුත් කළේය. ඒ ගැසට් එකට අනුව තහනම් වන්නේ ඉහත BBC චිත්‍රයේ දැක්වෙන පළමු හා දෙවන ආවරණ පමණි.

හැඳුනුම්පත් සම්බන්ධව වෘත්තීය වශයෙන් කටයුතු කර තිබෙන අපේ අදහස නම් මෙය ඉතා සාවද්‍ය තර්කයක් බවයි. කණ, නිවැරදිව කිවහොත් කන් දෙකම පුද්ගල අනන්‍යතා හඳුණා ගැනීමේ වැදගත් අංග වේ. ඉස්ලාම් බැතිමතුන් විසින් කළ පාස්කු පූජාවෙන් දිවි අහිමි වූ සමහරුන්ගේ සිරුරු නිශ්චිතව හඳුණා ගැනීම පිණිස මුහුණු විනාශ වී තිබිණි නම් ඔවුන්ගේ ඥාතීන් විසින් ඒ සිරුරු වල කන් පෙතිද පරීක්‍ෂා කරන්නට ඇත.

ප්‍රමුඛ ප්‍රශ්නය `ආරක්‍ෂාව` බවට පත් වී ඇති විටෙක ඉහත රූපයේ දැක්වෙන සියලු මුහුණු සහ හිස් ආවරණ තහනම් කළ යුතුය. ආරක්‍ෂාව එතරම් ප්‍රමුඛතාවයක් නොවන තත්වයක් යටතේ වුව මනුෂ්‍ය අනන්‍යතාවය සඟවන පැළඳුම් තහනම් විය යුතුය. ඉහත රූ සටහන ආධාර කරගෙන විස්තර කළොත්, එහි 1 සහ 2 පමණක් නොව 4 වන පළඳනාව ද හදිසි නීතිය යටතේ නොව රටේ සාමාන්‍ය නීතිය යටතේ තහනම් විය යුතුව තිබේ.

මක් නිසාද, ඉහත රූප වල දැක්වෙන ආකාරයේ හිස් ආවරණ පැළඳ සිටින කෙනෙක් පැත්තෙන් බලා හඳුනා ගැනීම ඉතාම අපහසු බැවිණි. වෙනත් වචන වලින් කියතොත් සැකකරුගේ සැකයට භාජනය නොවී සැකකරු හඳුනා ගැනීමේ ඉඩකඩ මේ හිස් ආවරණ මගින් අහුරා දමයි. එය ආරක්‍ෂාවට දැඩි තර්ජනයකි.



අනන්‍යතාවය වසන් කරන්නෝ සොර සිත් ඇත්තෝය - අපරාධකාරයෝය. එවැනි වස්ත්‍රයක් පළඳනාවක් ඇඳීම කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ලෙස අර්ථ ගැන්වීමට ඕනෑම අන්තවාදියෙකුට නිදහස ඇතත් එසේ තර්ක ගොඩ නැංවීමේදී ඒ අන්තවාදීන් විසින් සැළකිය යුතු කරුණක් වන්නේ තමන් ඉදිරියේ සිටින / තමන් පසුපසින් එන පුද්ගලයා කවරෙක්ද යන්න දැන ගැනීමට තවත් පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවයි.

ඇමති මංගල සමරවීරට අනුව මේ සිංහල බෞද්ධ රටක් නොවේ. එසේම මෙය ඉස්ලාම් රටක් ද නොවේ. ඉස්ලාම් කාරයින්ගේ ශුද්ධ ග්‍රන්ථය මේ රටේ ශුද්ධ ග්‍රන්ථයක් වශයෙන් සම්පූර්ණයෙන් ව්‍යවස්ථාපිත ද නැත. මෙහි සම්පූර්ණයෙන් යැයි සඳහන් කෙරෙන්නේ අධිකරණ ඇමති හකීම් විසින් කිසියම් ආකාරයක ඉස්ලාම් උසාවි පිහිටුවා ඒවායේ නීතිය වශයෙන් ඉස්ලාම් නීතිය බල ගන්වාගෙන තිබෙන බැවිණි.

සිංහලයින් විසින් ගොනිබිල්ලා කිට් එක ලෙස සමාදරයෙන් හැඳින්වෙන ඉස්ලාම් නින්ජා ඇඳුමෙන් සැරසී සිටින්නේ ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නැතිනම් ඇවිදින බෝම්බයක් දැයි දැන ගැනීමේ හැකියාවක් නැති බැවින් හිස් ආවරණ සහිත මේ ඇඳුම් සම්පූර්ණයෙන් තහනම් කළ යුතුය. ඊට වඩා ප්‍රමුඛතාවයක් දී මේ වන විට ලංකාවේ බලපැවැත්වෙන ඉස්ලාම් නීති (තේසවලාමේ නීතියත් ඇතුළුව) රාජ්‍යය පිළිගත් අධිකරණ පද්ධතියෙන් බැහැර කළ යුතුය.

දැන් නින්ජා ඇඳුම් ඇඳීම තහනම් නම් මේ තහනම් ඇඳුම ඇඳීමේ චෝදනාවට ලක් වී වරදකරු වන කෙනෙකුට නියමිත දඬුවම කුමක්ද ? එසේ චෝදනා කර නඩු පැවරිය යුත්තේ රජය (එනම් නීතිපති) ද නැතිනම් පොලිසිය ද? අනන්‍යතාව දැන ගැනීමට නොහැකි බැවින් එවැන්නෙක් ගැන පැමිණිල්ලක් කරනු කැමැත්තෙක් විසින් එසේ කළ යුත්තේ බලහත්කාරය යොදා (එනම් ගෙදරට පැන්න හොරෙකුට සළකන අයුරින්) ඔහු කුදලාගෙන පොලීසියට රැගෙන යාමෙන් පසුද ?



පින්තූරය: https://www.bbc.com/sinhala/sri-lanka-47802485
මේ ද අවධානයට ලක් විය යුතු ලිපියකි.


3 comments:

  1. මහින්ද රාජපක්ෂ යුගයේ අවසානය උදා වන්නේම ඔවුන් විසින් කල යුතුව තිබූ බොහෝ කාරනා හිතා මතා මග හැර දැමීමේ අනුවන කමට ගෙවන වන්දිඅක් වශයෙනි.
    නින්ජා ඇඳුමද ඉන් එක් වරදක් බව ඔබ හා නිසැකවම එකඟ වෙමි.

    මේ අවස්ථාවේ සිරිසේන වික්‍රමසිංහ රජය මේ කරමින් සිටින්නේ කූට ලෙස සිංහලයා මුලා කරමින් කැරට් අල පෙන්වමින් රැවටීම මිස කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ගොනි කිරීම නම් නොවෙයි.
    ඉතින් එවැනි නිහීන රජයකින් මෙවැනි නියමාකාර නීති පැනවීමක් තුලින් ස්ථීරසාරව ප්‍රශ්න විසඳීමක් බලා පොරොත්තු වීම පුහු බලාපොරොත්තුවකි.

    රාජපක්ෂ රජයෙන් යම් නරකක් විනිද, එයම හෙතු කොටගෙන ඔවුන් ඒ නරක ඉදිරියට ගෙන යමින් සිටිති.
    රාජපක්ෂ යුගයේ යම් හොඳක් විනිද, එහි හොඳ නම රාජපක්ෂ වරුනට යන බැවින් මොවුන් එය හිතා මතා පැහැර හරිමින් සිටිති.
    ඉතින් එවසන් ප්‍රථිපලය ලෙස අපි කුමක් බලාපොරොත්තු විය යුතුද?

    පසුව ලියමි:
    නොයෙකුත් නගර සභා මගින් මේ ඇඳුම තහනම් කිරීමේ පනත් සම්මත කර ඇථි බව ප්‍රවෘත්ති ඔස්සේ දැන ගතිමි.
    එහි නීත්‍යානුකූල භාවය හා, එසේ තහනම් කොට ඇති ඇඳුම් කවරේද, ඒ නීතිය ක්‍රියාත්මක වනුයේ කුමන ආකාරයකින්දැයි අපිට සොයා බැලීමට ක්‍රමයක් ඇතිද?

    ReplyDelete
    Replies
    1. මහින්ද ගැන
      බොහෝ දෙනෙක් මහින්ද රාජපක්‍ෂට තෙවැනි වර ජනාධිපතිවරණයේ දී මනාපය නොදුන්නේ ඔහුගේ කළ වැරදි හේතුවෙන් බව කියනු මා අසා ඇත. මා නම් ඔහුට ඡන්දය නොදුන්නේ ඔහු විසින් කළ යුතුව තිබුණු මුත් නොකළ හොඳ වැඩ වෙනුවෙනි. සිරිසේන ආවත් ඒ හොඳ වැඩ නොකෙරෙන බැවිනුත් ඔහු වටා භ්‍රමණය වෙමින් සිටි ග්‍රහයන් හොඳ හැටි අඳුනන බැවිනුත් ඔහුට වචනයෙන් හෝ උදව්වක් දැනුවත්ව නොදිනිමි.

      ආචාර්‍ය නලින් ද සිල්වා කියන ලෙස මහින්ද ඉවෙන් මෙන් "සුළඟ හමන අත දනී". එසේම ඒ අතට පියෑඹිම ද ඔහුට කජ්ජක් නොවේ. ඔහුට අනුව අප විසින් කළ යුත්තේ අපට අවශ්‍ය පැත්තට සුළඟ ඇති කිරීමයි.

      අපගේ විවේචනය නම් බලය ලැබුණු පසු සුළඟ තමාට උවමණා පැත්තට හරවා ගැනීමට නැතිනම් සුළඟ නොසළකා සිටීමට ඔහු දරණ නැඹුරුතාවයයි. සිරිසේන බලයට පත් කළේ, එජාප+ජවිපෙ+දෙමළ කණ්ඩායම්+මුස්ලිම් කණ්ඩායම් වල ඡන්දයෙන් වුවත් 19 වන සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ශ්‍රී.ලං.නි. පක්‍ෂය ග්‍රහණය කර ගැනීමට ඔහුට බල කෙරිණ. කාලයාගේ ඇවෑමෙන් සිරිසේන පක්‍ෂය ග්‍රහණය කර ගනු වෙනුවට පක්‍ෂය විසින් සිරිසේන ග්‍රහණය කරගෙන තිබෙනු අපට දක්නට ලැබිණ.

      මහින්දගෙන් මේ දෙය බලාපොරොත්තු විය නොහැක. සිංහල ජාතික ව්‍යාපාරයේ උදව්වෙන් බලයට පැමිණි ඔහු එකී ජාතික ව්‍යාපාරය තම ග්‍රහණයට නතු කර ගත්තේය. අද රටේ පවතින තත්වයට සිංහල ජාතික ව්‍යාපාරය දුර්වල වීමත් එක හේතුවකි. ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් පැවතුණේ නම් මුස්ලිම් දේශපාලනඥයන් ඇතුළු සිංහල විරෝධීන් මෙතරම් බලවත් වන්නේ නැත.
      ---

      Delete
    2. ඇඳුම ගැන
      ප්‍රාදේශීය සභා / නගර සභා ආදියට පුරවැසියාගේ ඇඳුම ගැන නීති දැමිය නොහැක. එවැනි නීති පැනවුවොත් ඒවා ඉවත් කිරීමට අවශ්‍ය වනු ඇත්තේ එක මූලික අයිතිවාසිකම් නඩුවක් පමණි. බොහෝ විට මෙවැනි උත්සාහයන් හුදු ජනප්‍රියත්වය උදෙසා ගෙනෙන තාවකාලික යෝජනා බව සිතමි.

      එසේ වුවත් පාර්ලිමේන්තුවට එවැනි නීති පැනවීමේ හැකියාවක් ඇත. විශේෂයෙන් ජාතික ආරක්‍ෂාව සළකා මුහුණු ආවරණ පැළඳීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීති සංග්‍රහ කළ හැක. එහෙත් අපට තිබෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අසන ආණ්ඩුවක් නම්, හොරාගේ අම්මාත් පොලිසිය එන විට බල්ලන් ගෙන එන්න එපා ! ලංකට් ඇඳන් එන්න එපා ! රැවුල් වවාගෙන බඩගාගෙන එන්න ! ආදී වශයෙන් කොන්දේසි පනවන්නේ නම්, ඇයි කලින් නොකියා ආවේ අද බෑ හෙට එන්න ආදී වශයෙන් බලහත්කාරය පායි නම් එවැනි රටක මෙවැන්නක් කිරීම හැකියාව ගැන කතා කර පලක් නැත.
      ---

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !