Monday, August 19, 2019

අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා

ඊයේ ගාළු මුවදොර පිටියේදී ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන මුත් එහි සාමාජිකයින් නොවන කිහිප ගේ සහභාගිත්වයෙන් ගොඩ නැගුණු ජාතික ජන බලවේගය විසින් පවත්වන්නට යෙදුණු රෝස පාට රැස්වීමේදී අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා වශයෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ™ විසින් එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මහතාව උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ.


මෙහිදී ඒ මහතා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ ඔබ මා කෙරේ තිබෙන විශ්වාසය බැඳීම අබමල් රොනකින්වත් හානියට බඳුන් වෙන්ට ඉඩ නොදෙන බව සහතික කරනවා වශයෙනි. තමන් හා තමන් සහය දක්වන කණ්ඩායම් විසින් මෙතෙක් කරන ලද දේශපාලනය ඉතාමත් කැත පිළුණු වූ ගඳ ගසන එකක් බව ප්‍රකාශ කළ ඒ මහතා තමන් පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බව සපථ කර ප්‍රකාශ කර සිටි මුත් තමන් එසේ කරන්නේ මන්ද යන වගත්, එය කරන්නේ කෙසේද යන වගත් විස්තර නොකිරීමට ද ප්‍රවේශම් විය. නොකෙරෙන වෙද කම බැවින් ක්‍රමවේදය අදාළ නැති බව සිතුවාද ?


ජාතික ජන බලවේගය යනු අනුර කුමාර දිසානායක හා තානාපති කාර්‍යාල වලින් / විදෙස් නොරාජ්‍ය සංවිධාන වලින් සෘජුව හෝ වක්‍රව හෝ පඩි ලබන තවත් කිහිප දෙනෙකුගේ මිතුරු සංසදයකි. ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයකදී නිතැතින් වැටෙන ඡන්ද ලක්‍ෂ හතරක් හෝ පහක් (ජවිපෙ වචනයෙන් කියතොත් වහලුන්ගේ ඡන්ද) මිස ජන බලවේගයක් එතැන නැත. හැරත් ජනතා විමුක්ති පෙරමුණේ නොවන වෙනත් වැඩි දෙනෙක් ඔතනට ආවේ වික්‍රමසිංහගේ සුවච කීකරු දාසයා වන අනුර කුමාර අපේක්‍ෂකයා වනු ඇතැයි අපේක්‍ෂාවෙන් නොවන බව උණුසුම් සහෝදරත්වයෙන් කළ නාම ප්‍රකාශනයට ලැබුණු ප්‍රතිචාරයෙන් ද ගම්‍ය විය. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූයේ නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙක් වශයෙන් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැනි වෘත්තිකයෙක්, සමහර විට ගම්මිරිස් ඉබ්‍රාහිම් මහතා වැනි සාසනය වෙනුවෙන් දරුවන් දන් දුන් සදා ලෝක පූජිත දානපතියෙක් මෙකී බලවේගය විසින් නම් කෙරෙනු ඇති බවයි. ඊයේ ගාළු මුවදොරට සැඳෑ සුවය විඳීමට එක් වූ දහස් ගණන් ජනතාව අපේක්‍ෂා භංගත්වයට පත් වූ බව මේ අනුව සිතිය හැක.

ජාතික ජන බලවේගය යනු දේශපාලන පක්‍ෂයක් නොවේ - එය අනුර කුමාර විසින් මෙහෙයවන මිතුරු සංසදයකි. අනුර කුමාර මෙහෙයවෙනු ලබන්නේ කොල්ලුපිටියෙනි (තානාපති කාර්‍යාල වලින් සහ අරලිය ගහ මන්දිරයෙනි). ජාතික ජන බලවේගය තමන්ගේ අපේක්‍ෂකයා නම් කිරීම පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් තමන්ගේ අපේක්‍ෂකයා නම් කිරීම හා සංසන්දනය කිරීම නුණුවන කමකි, නුණුවන දනන්ට නම් එය වැදගත් දෙයක් ලෙස පෙනිය හැක. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් පොහොට්ටුව විසින් අප්‍රමාදව ගෝඨාභය වෙනුවෙන් නාම යෝජනා බාර දෙනු ඇත. ජාතික ජන බලවේගය එවැන්නක් කරනු නැත.

අපගේ තක්සේරුව නම් එක්සත් ජාතික පක්‍ෂයෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වුවහොත් මෙකී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දෙනු ඇති බවයි. ඒ පක්‍ෂයෙන් කරුණාරත්න ජයසූරිය ඉදිරිපත් වුවහොත් මේ ඊනියා අපේක්‍ෂකයා ඔහුට සහාය දක්වනු ඇත. ඔක්තෝබර මාසයේ අගමැති කමින් අස් කරලත් අරලිය ගහ මන්දිරය දමා නොගොස් දිවා රෑ ගෙවලයෙක් සේ එහි රැඳී සිටි රනිල් වික්‍රමසිංහනම් මේ කපේදී ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැත.



කෙසේ වුව, මේ සියල්ල සිදු වීමට නම් ජනාධිපතිවරණයක් කැඳවිය යුතුව තිබේ. පළාත් පාලන ඡන්දය දින නියමයක් නැතුව කල් දැමූ (එය තවම පවත්වා අවසන් නැත), පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැමූ, පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නැතුව කල් දැමීමට සහ ජනාධිපතිවරණය අහෝසි කිරීමට 20 වැනි සංශෝධනය නම් මරාලයක් ගෙන ආ මේ අශුද්ධ සංධානය විසින් මේ වසරේ දී ජනාධිපතිවරණය පවත්වාවි යැයි සහතිකයක් නැත.

අපට තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමෙන් තමාගේ අයිතිවාසිකම් කඩ වී යැයි උසාවි යන මැතිවරණ කොමිසමකි, එසේම මැතිවරණ පැවැත්වීමෙන් ඒ අයගේ අයිතිවාසිකම් කඩ වන බවට තීන්දු කළ අධිකරණයකි. උසාවියේම පැවරූ නඩුවක් හේතුවෙන් නොවන්නට අර කොටසක් පමණක් පැවැත්වූ පළාත් පාලන මැතිවරණය ද ජනතාවට අහිමි වනු ඇත. එවැනි තත්වයක පොහොට්ටුව විසින් ජනාධිපති අපේක්‍ෂකයෙක් නම් කිරීම ජනාධිපතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් ගත් ඉදිරි පියවරකි. මහජන ඉල්ලුම අඩුව යා නම් හූලේ ඇතුළු මේ හාදයන් එක් වී ජනාධිපතිවරණයත් දින නියමයක් නොමැතිව කල් දමනු ඇත. දේශප්‍රිය විසින් මෙතෙක් නොතිබි ප්‍රජාතන්ත්‍ර-ප්‍රේමයක් මවාගෙන, දින නියමයක් නොමැතිව කල් දමා තිබූ, පළාත් සභා මැතිවරණ පැවැත්වීමට තකහනියේ උත්සාහ කිරීම දෙස අප බලන්නේ මේ සන්ධර්භයේ සිටය.

මේ අල්ලපනල්ලේ ජාතික ජන බලවේගය නම් අටවා ගත් කණ්ඩායමක් විසින් වික්‍රමසිංහගේ ප්‍රවේනි දාසයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම මගින් ගම්‍ය කරන්නේ ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහය අඩාල වී ඇති බවද ? නැතිනම් එක්සත් ජාතික පක්‍ෂය තුල ඇති නායකත්ව බල අර්බුදය කෙරේ ඇති ජනතා අවධානය අඩු කර ගැනීමද ?




සුභ පැතුම්


Lieutenant General Shavendra Silva, WWV, RWP, RSP, USP, psc is a Sri Lankan general. The current Commander and former Chief of Staff of the Sri Lankan Army
ශ්‍රී ලංකාවේ යුධ හමුදාපති ධුරයට පත් නොවූ ජනප්‍රියම නිලධාරියා මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම්, ශ්‍රී ලංකාවේ හමුදාපති ධුරයට පත් වූ ජනප්‍රියම නිලධාරියා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා බව සිතමි.

ඒ මහතාගේ පත් වීම වෙනුවෙන් දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !

2 comments:

  1. අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා ගැන සාමාන්‍ය ජනයා තුල ඇති අපේක්‍ෂාවේ තරම වැටී ඇති කොමෙන්ට් ගණනින් පෙනේ. අහෝ දුකකි ඉරකි තිතකි.

    ReplyDelete
  2. මුලතිව් මහේත්‍රාත්ට විරුද්ධව නීති පියවර ගන්න පුළුවන්ද?
    මිනිහා පැහැදිලිවම දෙමළ ජාතිවාදියෙක්.
    ඌ හිටියොත් සිංහල බෞද්ධයන්ට පාඩුයි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !