Tuesday, June 11, 2019

අපට ඇයි මෙහෙම උනේ ?

ලංකාවේ අරාබි වසන්තය







සටහන:
අරාබි වසන්තය දැන් අවසන්. ලංකාවේ සිදු වෙමින් පවත්නේ අරාබි වසන්තයේ ඊළඟ කොටස වන වහාබි වසන්තය යි. කාත්තන්කුඩියේ ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ මහජනතාවටත් නිවට ආණ්ඩුවටත් කරන තර්ජන වලින් ඒ බව පැහැදිළිව පෙනේ.

මුස්ලිම් ජනතාව පමණක් නියෝජනය කරන මන්ත්‍රීවරු තමන් දරමින් සිටි ඇමති තනතුරු අත හැරීමෙන් අපට ඒ බව මුලින්ම පෙන්වා දුන්හ. එක් එක් වාර්ගික ජනකොටස් නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර නොගන්නා බව හකීම් අමාත්‍ය වරයාට මතක් කර දීමට අවබෝධයක් ඇති ජනමාධ්‍යවේදියෙක් ඒ මාධ්‍ය සාකච්චාවේ සිටියේ නැත. හකීම් විසින් "මුස්ලිම් ජනතාව නියෝජනය කරන" යන විශේෂණය යෙදීමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යෙදුමකි. එහෙත් එය ඔහුගේ හෘද සාක්‍ෂියට එකඟ යෙදුමක් විය හැක.



අප මීට පෙර ද සඳහන් කර ඇති පරිදි සිංහල ජනයා දේශපාලනඥයන් වටා නොව සිංහලයන් වශයෙන් එකතු විය යුතුය. රටවැසි මුස්ලිම් ජනතාවට තම ආගම නිදහසේ ඇදහීමට සිංහලයින්ගෙන් බාධාවක් නැති අතර මුස්ලිම් මනුෂ්‍යයින්ගේ ඒ නිදහස සිංහලයින්ගේ නහය කෙළවරින් අවසන් වන බව "මුස්ලිම් ජනතාව නියෝජනය කරන" මන්ත්‍රීවරුන්ට මතක් කර දීමට සමත් ආණ්ඩුවක් පත් කර ගත යුතුය.

රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ජුන්ටාව බලයෙන් ඉවත් කර ගැනීමත්, අගමැති ධුරයෙන් පහ කෙරුණත් තවදුරටත් තමන් අතම බලය රඳවා ගත හැකි වන පරිදි අටවා තිබෙන ව්‍යවස්ථා සභාව සහ අනෙක් ඊනියා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර මහජන ඡන්දයෙන් බලයට පැමිණෙන කෙනෙකු අතට බලය ලැබෙන ක්‍රමයක් සකස් කර ගත යුතුය. ඒ සඳහා වහ වහා කළ යුතුව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර වික්‍රමසිංහගේ සහ ඔහුගේ හාම්පුතුන්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කර දැමීමයි. ඒ සඳහා යොදා ගන්නා ක්‍රමවේදය වැදගත් නැත. කාර්‍යය කෙරේනම් ක්‍රමවේදය වැදගත් නැති බව අපට කියා දුන්නේද (මතකය නිවැරදි නම් නිර්මාල් රංජිත් දේවගැතිතැන නැතිනම් ලිට්‍රෝ සන්නාම තානාපති තැන්පත් වලි අමිල චීවරධාරීතුමාය) යහපාලන ඔස්තාද් ලාමය.



ආචාර්‍ය නලින් ද සිල්වා ගේ මේ සංවාදය තවම බැලුවේ නැත. අද එය බලමි.

සියලු දෙනා මේ සංවාදය බලත්වා !

12 comments:

  1. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සාක්ෂි දෙමින් සිටිය දී රාජිත සේනාරත්න ඇමතිවරයා හරස් ප්‍රශ්න කිහිපයක් නැගීය.

    රාජිත: සහරාන් ඒ වෙනකොට රාජ්‍ය බුද්ධි අංශයෙන් පඩි ගන්න 26 දෙනාගෙන් කෙනෙක් බව දන්නවා ද?

    අසාද් සාලි: නෑ.

    රාජිත: කාත්තන්කුඩියේ පොලිසිය අසරණ වෙන්න ඇත්තේ ඒ හින්ද තමයි.
    BBC-Sinhala-06/11/2019

    ReplyDelete
    Replies
    1. සහරාන් රාජිතට කීවලු ද ?
      නැතිනම් රාජිත ද චෙක් එක දීල තියෙන්නේ, එහෙම නැත්නම් අර චතුරය අතේ යවලද ?

      Delete
    2. දේශපාලන තක්කඩියෙක් වන රාජිත සේනාරත්න සම්බන්ධව කතා කිරීමේ අදහසක් දෙතිස් කතාවට නැත. ඔහුට බ්‍රහ්මඃ දණ්ඩනය පනවා තිබේ.

      Delete
  2. නලීන් ද සිල්වා මුස්ලිම් අන්තවාදය ගැන කියන දේවලට එකඟවෙන්න බෑ.
    මුපිලිම් සංස්කෘතිය අරාබිය කේන්ද්‍රකරගත් එකක්. ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට මුස්ලිම් සංස්කෘතිය වෙනස් කරන්න බෑ ඔවුන්ට පුළුවන් අනුකරනය පමණයි. නලීන්ද සිල්වාගේම අදහසක් දක්වනවා නම් සිංහලයන්ට බටහිර විද්‍යාඥයෙක් වෙන්න බෑ වගේ දෙයක් මෙතන වෙන්නේ.

    අනිත් කරුණ මුස්ලිම් සංස්කෘතිය කියන්නේ ජාත්‍යන්තර වාදයක්. අපි හිතමු ලංකාවේ හැමෝම මුස්ලිම් කියලා. ඒත් ඔවුන්ට ජාතිකත්වයක් හදාගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නෑ

    ReplyDelete
  3. තව දෙයක් නලීන්ද සිල්වා පැරණි දේශනයක උපුටා දක්වපු මනෝ ගනේශන්ගේ ප්‍රකාශයේදී ඔහු කීවේි බුද්ධාගමට ප්‍රමුඛත්වය ලැබෙනබව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා කියලා විතරයි. ඔහු එය අනුමතකරනවා කිව්වේ නෑ. ඒ වගේම කතෝලික පියතුමන්ලත් මේක බෞද්ධරටක්ය කියලා මේ වෙලාවෙ කිව්වට. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් ආව ගමන් උන් දෙමළ ජාතිවාදියෝ වෙනවා.

    ReplyDelete
  4. මෙන්න හොඳ විහිලුවක් හම්බවුනා

    https://www.facebook.com/groups/thulawa/permalink/2536000516423963/

    ReplyDelete
  5. සිංහල ජාතික ව්‍යාපාරය තමන් නතු කරගැනීමට රතන, ඤානසාර ආදී රූපකායෙන් පමණක් සිංන්හල බෞද්ධයන් තැත් දරමින් සිටිති.
    අවධියෙන්ම සිටිය යුතු මොහොතකි.

    ReplyDelete
  6. අරාබි බසින් තියෙන නාමපුවරු ඉවත්කරන්න මනෝ ගනේශන් නිකුත්කල චක්‍රලේඛේ ගැන ඔබේ අදහස කුමක්ද?
    ඒක නීත්‍යානුකූලද? මුස්ලිම් අය එකතුවෙලා නඩුවක් දැම්මොත් මොකද වෙන්නේ.

    අනිත් කරුණ තමයි මේක දෙමළ ජාතිවාදී ක්‍රියාවක්. මනෝ ගනේශන්ට ඔ්නේ මුස්ලිම්වරුන් දෙමළ බාශා ආධිපත්‍යය යටතේ තබාගන්න. මගෙනම් අදහස සිංහලයන් මෙයට විරුද්ධ වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. මනෝ ගනේෂන් (ඇමති) කළත් ඒ පසුපස සිටින්නේ රනිල් වික්‍රමසිංහ (අගමැති) බව මා යෝජනා කළොත් ඔබට ඒ ගැන කීමට හැක්කේ කුමක්ද? අරාබි නාම පුවරු ඉවත් කරන බව (ඉවත් කළ යුතු බව නොවේ) ප්‍රකාශ කළ පළමු වගකිවයුතු පුද්ගලයාත් ඉහලම නිලය දරණ පුද්ගලයාත් රනිල් වික්‍රමසිංහ ය.

      රනිල් කරන හැම දේටම විරුද්ධ වීම මගේ ක්‍රමය නොවේ. (කණිෂ්කත් එසේ කියා සිතමි.)

      Delete
    2. ප්‍රශ්නේ තියෙන්නේ ඊලඟට මනෝ ගනේශන් උතුරුඅ නැගෙනහිර සිංහල නාමපුවරු, ග්‍රාමනාම ආදියටත් කොක්ක අදින්න ඉඩතිබීමයි.

      Delete
  7. ඊළඟට එන ජනාධිපතිගේ බලතල ගැන ලිපියක් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මේ දිනවල,
      හුස්මක් කටක් ගැනීමටවත් කාල වෙලාවක් නැත.
      ---

      ඊළඟට එන ජනපතිගේ බලතල ගැන කතා කිරීමට අපට වඩා දැනුමැත්තන් සිටී. මා 19 වන සංශෝධනය ගෙන ඒමටත් පෙර සිට ඊට විරුද්ධ පුද්ගලයෙක් වශයෙන් දැන් සිටින ජනපති හා ඊළඟට පත් වීමට නියමිත ජනපති අතර බලතල සංසන්දනයක් කිරීමේ අවශ්‍යතාවයක් ද නැත. දැන් සිටින ජනාධිපති හිමිජ්ජෙක් නම් ඊළඟට එන එකා දෙබිඩි හිමිජ්ජෙකි. 19 වන සංශෝධනය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව සතුව තිබූ පරමාධිපත්‍යය නොරාජ්‍ය සංවිධාන අතට පත් කර තිබේ. එය කර තිබෙන්නේ ජනමත විචාරණයකින් ද තොරව බැවින් පවත්නා ව්‍යවස්ථාව ව්‍යවස්ථා විරෝධී එකක් ය යනු අපගේ මතය වේ.

      මෙය කර තිබෙන්නේ රටේ අගවිනිසුරු "හූ කියා" ඉවත් කර තමන් විසින් ඒ සඳහාම පත් කර ගත් අගවිනිසුරෙක්ගෙන් සමහර විට පත් කිරීමටත් කලින් සකස් කර තිබූ ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් අස්සන් කරවාගෙන සැළසුම් සහගත ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගිනි.

      උපමාවකින් කීවොත් "වර්ථමාන ව්‍යවස්ථාව වඳ ගැහැණියකගේ පුත්‍රයෙකි". වඳ ගැහැණියකට දරුවන් ලැබිය නොහැකි බව කවුරු කවුරුත් දන්නා මුත්, මෙන්න දරුවා බැබලි බැබලී සිටී.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !