Friday, May 17, 2019

මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?

පෙර ලිපියෙන් අප විස්තර කළේ මුස්ලිම් කාන්තාවන් විසින් භාවිත කෙරෙන නොයෙක් ආකාරයේ හිස් ආවරණ ගැනයි. ඉන් සමහරක් විසින් එය පළදින්නාගේ මුහුණ ද ආවරණය කරයි. මෙය මහජන ආරක්‍ෂාවට තර්ජනයක් බව පැහැදිළි කළ අප මෙකී මුහුණු ආවරණ සම්බන්ධව ස්ථිර තහනමක් පැනවිය යුතු යැයි යෝජනා කළෙමු.


හිස් ආවරණ ගැන එවැනි ස්ථිර තහනමක් යෝජනා නොකළත් ඒ සම්බන්ධව ද යම් සීමා කිරීම් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ගිණි අව්වේ කිසියම් හිස් ආවරණයක් පැළඳ පැමිණෙන කෙනෙක් ගොඩනැගිල්ලක් තුල එය පැළඳ සිටීම අවශ්‍ය නැත. අප අයත් සංස්කෘතියට අනුව ගොඩනැගිල්ලක් තුල හිස් ආවරණ පැළඳ සිටීම අන් අයට අපහාසයකි. එසේ නොවන්නේ එකී හිස් වැසුම ස්වකීය නිලය හෝ තත්වය හඟවන නිල ඇඳුමේ කොටසක් වන්නේනම් පමණි.




හිස් ආවරණ දැමීම සහ ගැලවීම


ගොවියන් කුඹුරේ වැඩ කරද්දී ඒ අසල මාර්ගයෙන් හෝ නියර මතින් හෝ ගමන් කරන විට, එසේ නැතිනම් වෑ කන්ද මතින් ගමන් කරන විට හිස් වැසුම ගලවන ලෙස අපේ වැඩිහිටියන් අපට උපදෙස් දී ඇත. නමුත් දැන් ජනමාධ්‍යයට ගෙන්වන ඊනියා කලාකරුවන් (මුන්ට ඊනියා යැයි යෙදෙන්නේ උන් රටේ සංස්කෘතිය නොදන්නා බැවිණි. සංස්කෘතිය නොදන්නා උන් අතින් කෙරෙන කලාව පරයින්ට කලාවක් වුනත් අපට කලාවක් නොවේ) සංවාද පවත්වන්නේ තොප්පි දමාගෙනය. හිස පුරා තට්ටය තිබුණත් සනත් නන්දසිරි තොප්පි දමාගෙන සංවාද කරනු දැක තිබේද? අපේ ගුරුවරුන් පංති කාමර තුල හිස් වැසුම් පැළඳ සිටීමට අපට ඉඩ දුන්නේ නැත.

රටේ රජු වුව පන්සල තුලට යන්නේ ඔටුන්න හිස ලා නොවේ. අනෙක් අධිකාරම නිළමේවරුන්ද එසේමය. බිම්බිසාර රජු පතුල් පලා ලුණු දමා චිටි චිටි යන අනුකරණයෙන් පිළිස්සෙන ලෙස ගිණි ගොඩේ ඇවිද්දුද්දී විඳ අවසන් කළේ පාවහන් දමා විහාර මළුවක ඇවිදීමේ පාප කර්මයයි. අද ඒ ගැන සළකන්නෝ දුර්ලභය.

කතෝලික කාන්තා පූජක පක්‍ෂය හිස් ආවරණ පළඳියි. එය මුහුණ ආවරණය නොකෙරෙතත් කන් සහ කේශ කලාපය ආවරණය කෙරේ. එය පූජක නිල ඇඳුමේ කොටසකි. හෙදියන් වැනි සමහර වෘත්තීන්හිදී ද හිස් වැස්මක් නිල ඇඳුමේ කොටසක් වෙයි. ආරක්‍ෂක සේවයේ නම් හිස් වැස්ම අනිවාර්‍ය අංගයකි. සුපවේදීන් හිස් වැසුම් පළඳින්නේ කෙස් ගස් වැටීමෙන් ආහාර අපවිත්‍ර වීම වැළැක්වීම පිණිසය. මීට අමතරව හිස් වැසුම් පළඳින පිරිසක් නම් යතුරු පැදි කරුවන් ය. ආණ්ඩුව විසින් යතුරුපැදිකරුවන් හිස් ආවරණ පැළඳීම අනිවාර්‍ය කෙරෙන නීති පනවා තිබේ. එකී ආවරණ නැතුව යතුරුපැදියේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. පරිපූර්ණ ආරක්‍ෂාවක් ලැබීමට නම් පූර්ණ ශිර්ෂාවරණ පැළඳිය යුතු බව ඒ හා සම්බන්ධව කෙරී ඇති පරීක්‍ෂණ වල නිගමනයයි.



බුද්ධ ශාසනය හා අනෙකුත් ආගම්


ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛතාව පිරිනමන්නේය යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇත්නම් එහි අරුත බුද්ධාගම හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර කඩ නොකොට ආරක්‍ෂා කිරීමේ වගකීමක් ආණ්ඩුවට ඇති බව මිස වෙනකක් නොවේ. මේ වගන්තියේ නිෂ්පත්තිය ඇත්තේ උඩරට නිළමේවරුන් හා සමග ඉංගිරිසින් අස්සන් කළ ගිවිසුමේය. එය ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ලංකාවේ මිනිසුන් විසින් ඇදහෙන වෙනත් ආගම් සම්බන්ධව ආණ්ඩුවට එවැනි වගකීමක් නැත. ඒ හේතුවෙන් කතෝලික පල්ලි වලට ඇතුල් වන විට තොප්පි ගැලවීමට හෝ මුස්ලිම් පල්ලි වලට ඇතුල් වන විට තොප්පි දැමීමට හෝ වගකීමක් රාජ්‍ය නිලධාරීන්ට තිබිය යුතු නැත. විදේශ රාජ්‍ය විසින් නොරාජ්‍ය සංවිධාන ලවා ලියවා ඉදිරිපත් කර තිබෙන "යෝජිත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි වගන්ති තිබුණත් ඒවා ඒ ඒ අයගේ හිත් වල මිස එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙන් තවම කෙටුම්පත් කර වත් නැති බව අගමැති කියන විටෙක මංගල සමනලවීර විසින් කළ මහජනයා කුපිත කෙරෙන ජාතිවාදය අවුළුවන ප්‍රකාශය හේතුවෙන් ඔහු දරණ සියලු ඇමති තනතුරු ඔහුගෙන් ඉවත් කළ යුතුව තිබේ.

කිසිවෙක් විසින් ගණන් නොගැනෙන මහසොහොන් බලකාය නමැති සමිතියක් අටවාගෙන සිටින අමිත් වීරසිංහයා පුරාණ කතාවක් හේතු කොටගෙන පොලීසිය විසින් කුදලාගෙන යා නම් ඉහත කී වර්තමාන කතාව හේතුකොටගෙන සමනලවීරයා අත්අඩංගුවට නොගෙන සිටීමේ යුක්ති සහගත හේතුවක් පොලීසියට නැත. ඒ හා සමගම විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන අදාළ අමාත්‍ය වරයාගේ වල්ලභයන් ද ඉවත් කිරීම මැනවි.

එසේම,
බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා වන අසාද්‍ය සාලියා ද සාමයට සහ මහජන ආරක්‍ෂාවට තර්ජනයකි. සැක කටයුතු ස්ථාන පරීක්‍ෂා කිරීමට යන විට සැක කටයුතු පුද්ගලයින්ට කලින් දන්වා අවසර ගෙන එකී සැක කටයුතු පුද්ගලයින් විසින් අනුමැතිය දෙන ඇඳුම් ආයිත්තම් වලින් පමණක් සැරසී ඔවුන් විසින් අවසර දෙන උපකරණ පමණක් රැගෙන ඔවුන්ගේ ප්‍රොටෝකෝල් අනුව කටයතු කළ යුතු නම් ඒ පරීක්‍ෂාවෙන් ඇති ඵලය කිම? [lankacnews | adaderana]

මෙවැනි ප්‍රකාශ කරන්නන් නිදැල්ලේ ඉන්නට හැරීම මහජනයා තවදුරටත් සැක සංකා සහිත වීමට හේතුවකි. එක්කෝ මේ අසීරු අවස්ථාවේ මුන් කටවල් වහගෙන සිටිය යුතුය. නැතිනම් ආරක්‍ෂක අංශ විසින් මුන්ගේ කටවල් වැසිය යුතුය. එය නොකොට අමිත් වීරසිංහයා වැනි හාල් කෑලි පසුපස පැන්නීමෙන් මුස්ලිම් ජනතාවට ලැබෙන ආරක්‍ෂාවක් නැත.



වයඹ පළාතේ නොසන්සුන්තා


ශුද්ධ ඉස්ලාම් භක්තිකයන් විසින් කතෝලික දේවස්ථාන වල බැතිමතුන් කුරබාන් කිරීම සිංහල බෞද්ධයින්ට කුපිත වීමට හේතුවක් නොවේ. සිංහල බෞද්ධයන් කුපිත වී නම් කුපිත වීමට හේතු සපයන ලද්දේ මංගල සමනලවීර, රනිල් වික්කමසිංහ, කරුවල ජඩසූරිය යන අයවළුන් සහ අදාළ මුස්ලිම් දේශපාලනඥයන් විසිනි. මේ සිංහල අපගේ රටක් නොවන බව සමනලවීරයා පැවසීය. ඉස්ලාම් භක්තිකයන් වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නන්ට උත්සාහ කරන බව වික්කමසිංහ කීය. ජඩසූරිය ප්‍රකාශයක් නිකුත් කළේ සිංහලයින් 83 දෙමළ කොළාහලයක් කළ බව කියමිනි. මේ අතරට පැන්න රෝසි කියන්නේ සිංහල ත්‍රස්තවාදය පරාජය කළ යුතු බවයි - ඉස්ලාම් ත්‍රස්තවාදය හුරතල්ද?

83 කළු ජූලිය රනිල් වික්කමසිංහ ඇමති කම් දැරූ ආණ්ඩුවේ උවමනාවකි. ඊට සහභාගී වූවෝ සිංහල බෞද්ධයින් පමණක් නොවේ. දෙමළ කඩ ගිණි තැබීමට දෙමළුන්ද සහභාගී වූ අතර ගිණි ගන්නා කඩ වලින් රුපවාහිනී යන්ත්‍ර ඇතුළු විද්‍යුත් උපකරණ "පරෙස්සම් කිරීම" පිණිස ගෙදර උස්සං ගිය අයගෙන් බොහොමයක් මුස්ලිම් ය. කොළොඹ බහුතරයක් සිංහල නොවේ - එදා කියාත් වැඩි වෙනසක් නැත. මේ සියල්ල අමතක කරමු. එදා ඇමැති ධුර දරමින් මේ සියල්ලට සම්මාදම් වූ වික්කමසිංහ 2015 අගමැති වූ පසු දෙමළ සංධානයෙන් ඒ ගැන සමාව ඉල්ලා සිටියේ නැද්ද? ඉල්ලා සිටියේමය. දෙමළ සන්ධානය ද සමාව දුන්නේය. දැන් ඒ දෙපාර්ශවය සමථයකට පත්ව ඇත්නම් කරුවල ජඩසූරිය නම් ගොක් කොළ හීනෙන් දකින මහල්ලාට මේ පරණ තුවාල පාරවා සිංහලයින්ට ඇඟිල්ල දිගු කිරීමෙන් ගැනීමට ඇති ශාන්තිය කුමක්ද?

අනෙක් අතින්, වික්කමසිංහයාට වෙසක් උත්සවය ගැන හැඟීමක් නැත. ඉස්ලාම්කාරයින් වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නේ නම් ඔහුට ඒ ගැන කිසි මුසුප්පුවක් නැතුවා සේම ඔහුට පිළිවන් නම් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට ඔහුත් යමක් කරනු ඇත. "වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට ඉස්ලාම් කාරයන්ට ඉඩ නොදෙමි" යි ඔහු බෙරිහන් දෙන්නේ තමන් විසින් එය කඩාකප්පල් කිරීම වඩාත් උද්වේගජනක වන බැවිණි. කුලියාපිටිය ආශ්‍රිත නොසන්සුන් තත්වය මේ අයගේ නිමැවුමකි. කුලියාපිටියේ දේශපාලන බලවතා රනිල්ගේ සමීපතමයෙක් වන ළමේකුට ලක්‍ෂය බැගින් ගෙවන අකිල විරාජ් කාරියවසම් මහතාය.

ජඩසූරියයා නොදන්නවා වුවත් 83 ගුටි කෑමට ලක් වූයේ දෙමළුන් පමණක් නොවේ. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ සිංහලයෝ ප්‍රහාර වලට ඉලක්ක වූහ. ඒ සිංහලයින් ගැන අද කවුරුත් කතා කරන්නේ නැත. මෙවර කුලියාපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ නොසන්සුන්තාවයේදී ද සිංහලයින් පහර දෙන විට මුස්ලිම් මිනිසුන් මෛත්‍රී භාවනාව කරමින් සිටියේ යැයි උපකල්පනය කරතොත් හේ මෝඩයෙකි, නැතිනම් ජඩසූරියගේ මට්ටමේ කෛරාටිකයෙකි. මුස්ලිම් පල්ලි වල කඩු තිබුණේ තණකොළ කපන්න යැයි මුස්ලිම් කටයුතු ඇමති ප්‍රකාශ කරන විට ඔවුන් තණකොළය යන සංඥා නාමයෙන් ගන්නේ "නොඅදහන්නන්" බව තේරුම් නොගන්නේ නම් තණකොළ නොකෑවත් ඔහු ගොනෙකි.



ආවරණ සහිතව සිටින ත්‍රස්තවාදීන්


විය යුතු පරිදි ආරක්‍ෂක අංශ තත්වය පාලනය කළේය. එසේ වුවත් රටක් වශයෙන් සිදු වූ හානිය විශාලය. ජය ගත නොහැකි ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට බැරිනම් කල් දමා ගැනීමට වික්කමසිංහ සහ ඔහුගේ දාසයා වන අනුර කුමාරගේ ජනතා විරෝධී පෙරමුණ නොයෙක් උත්සාහ ගන්නවා ඇත.

එක්සත් ජාතීන්ගේ මල ඉලව්ව වහා ඉදිරියට පැන නිවේදනයක් නිකුත් කළ වේගය අනුව සිතා ගත හැක්කේ මේ අය නිවේදනය කලින් ලියා නිකුත් කිරීමට අවස්ථාව එන තුරු බලා සිටි බවයි. ඔවුන්ගේ නොඉවසිලිමත් කමේ දිග පළල කොතෙක්ද යත් R2P යන්න සඳහන් කර එවැනි නිවේදනයක් නිකුත් කිරීමට අඩු තරමින් මිණී දහයක් පහළොවක්වත් ගොඩ ගැසෙන තුරු බලා සිටීමට ඉස්පාසුවක් මේ හාදයින්ට තිබුණේ නැත. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පාලනය කරන්නේ ද ඔවුන් විසින් නොවීනම් ඔවුන්ට රාමු කරගෙන බිත්තියේ එල්ලා දිනපතා කියැවිය යුතු උත්තරයක් දිය හැකිව තිබිණි.

පෙර ලිපියන් සඳහන් කළ මුස්ලිම් කාන්තාවන් පමණක් නොව ඉහත සඳහන් සියලු දෙනා තම තමන්ගේ සැබෑ මුහුණ නොපෙනෙන ලෙස ආවරණ සහිතව සිටින අයවළුන් වේ. මොවුන්ගෙන් සමහරක් ත්‍රස්තවාදීන් ය. මේ ලිපිය මුහුණු ආවරණ ඉවත් කර ත්‍රස්තවාදියා හඳුනා ගැනීමට උපකාරයක් වේවා !




ප.ලි.:

බොහෝ දුරට, මෙවර වෙසක් සැණකෙළි නොපැවැත්වෙනු ඇත. ඒ සම්බන්ධ අපගේ උපහාරය දිවි පිදූ මුස්ලිම් සහෝදර වරුන්ට හිමි වේ - සාමය ඔවුන් මත පතිත වේවා !

වෙන වසර වල නම් වෙසක් සැණකෙළියක් කර ගත් තරුණයෝ බයිසිකල් වල නැගගෙන කන් බීරි කරන නලා හඬවමින් නොයෙක් ආකාරයේ වෙස් මූණු (මේවාට සමහරු වෙසක් මූණු කියාත් කියති) බැඳගෙන මහජනයාට හිරිහැරයක් වෙමින් යති. මේ සියලු දෙනා බෞද්ධ නොවේ. කොළොඹ හා තදාසන්න නගර වල අපගේ අත්දැකීම අනුව බොහෝ මුස්ලිම් තරුණයියෝ තමන්ගේ සිංහල මිත්‍රයින් සමග මේවාට සම්බන්ද වෙති. එය නරක දෙයක් නොවේ.

පවත්නා තත්වය යටතේ ආරක්‍ෂක අංශ වලට වගකීමක් තිබේ. වෙස් මූණු බැඳගෙන වීථි සංචාරය සහ කන් අගුල් වට්ටන නලා හඬවාගෙන නොයන ලෙස මහජනතාව කල් තබා දැනුවත් කිරීම ඒ කාර්‍යයයි. එසේ කර වෙස් මුහුණු බැඳගෙන යන අයවළුන් දුටු තැන අත් අඩංගුවට ගැනීම කළ යුතුය. මේවාට කල් තබා පිළියම් නොකර වෙසක් කියා ආරක්‍ෂාව අඩු කළොත්, ඒ අවසරයෙන් ඉස්ලාම් ත්‍රස්තවාදියෙක් ක්‍රියාත්මක වුවහොත් ආරක්‍ෂක අංශ වලට පාලනය කර ගැනීමට තත්වයක් ඉතිරි නොවනු ඇති අතර ඊළඟ ප්ලේන් එකෙන් R2P කාරයින් ලක්දිව ගොඩ බසිනු ඇත.


දෙතිස් කතාවේ වෙසක් පණිවිඩය:

අපට වෙසක් සැණකෙළි ලබන අවුරුද්දෙත් කළ හැක. සැණකෙළි පිණිස අපට රටක් තිබිය යුතුය.

රට නැති වුණොත් සිදු වන්නේ මුලධර්මවාදී ක්‍රිස්තියානි කාරයින් වන රෝසිලාගේ, මුලධර්මවාදී ඉස්ලාම් කාරයින් වන සාලිලාගේ කෙණෙහිලි කම් වලට දිනපතා මුහුණ දෙමින් හූල්ල හූල්ලා සිටීමටය. අද අපේ පැත්තට කතා කරන කාදිනල් තුමාවත් එදාට අපට ඉතිරි වන්නේ නැති බව මතක තබා ගත යුතුය. එදාට උන් වහන්සේ අපේ පැත්තට කතා කළත් ගණන් ගන්නා කෙනෙක් නැත.

ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම රජයේ වගකීමකි. වගකීම ඉටු නොකරන ආණ්ඩුව ගෙදර යැවීම මහජනතාවගේ වගකීම වේ. එසේ නොකොට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පවරා ඇති ආයතන වල වගකීම බලෙන් ඉටු කිරීමට ගොස් ඒ ආයතන වලින්ම නිකරුණේ වෙඩි කෑම අමාරුවෙන් ලබා ගත් මනුෂ්‍යාත්මභාවයට කෙරෙන නිගාවකි.

එසේ හෙයින්, සියලු බෞද්ධයෝ තම තමන්ගේ ගමේ විහාරස්ථාන වල එකතු පහදු පිං කම් හි නියැලෙමින්, එසේම තම තමන්ගේ නිවෙස් සැරසිළි කෙරෙමින් වෙසක් ශ්‍රීයෙන් බුබුළුවා ලමින්, අවේලාවේ වීථි සංචාරයෙන් වෙන් වී, මෛත්‍රී විහරණයෙන් යුක්තව මේ වෙසක් සමයේ කල් ගත කෙරෙත්වා !

එසේම මෙවර වෙසක් දිනය දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරදවා ලූ විජයග්‍රහණයේ දිනය බව අමතක නොකොට සුදුසු පරිදි ඒ සැමරුම් ද කෙරේවා !



මේවාත් කියවන්න:




5 comments:

  1. විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුර: නැත. එය බුර්කාවක් නොවේ.

      Delete
    2. නයනෙ - සිතුවිළිMay 22, 2019 at 1:38 PM

      කොහෙන් ආ සම්බන්ධතා වයක්ද ඒ
      එවැනි සම්බන්ධතාවක් ගොඩ නැගීමේ අරමුණ කුමක්විය හැකිද?

      මතක තියා ගන්න අපි ඉන්නේ තේ කෝප්පයේ පවා කිඹුලන් ඇතිදැයි විමසිලිමත් විය යුතු යුගයක.

      Delete
    3. https://si.wikibooks.org/wiki/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8_%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F_%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F

      ඒ මේල පලඳනාවෙහි හුයකින් අවුණන ඇවිණිල්ලෙක් නැත, හුයින් කළමනා මේ රිදී කෙන්දෙන් කරන ලද ඒ පලඳනාව හිස්මුදුනෙන් හෙළාපීකල සර්වාඬ්ගය හොබවාගෙන දෙපිටිපත්ලින් පිටත්වසිටගන්ති. ඒ ඒ ස්ථානයෙහි ඇණයතුරෙන් සන්ධි කරන ලද, එහි ගැට ඝනරන් ම ය ය, මල රිදී ම ය ය, මුදුනෙහි එක් සන්ධියෙක, දෙකනට දෙසනිදියෛක, දෙවුරයට දෙසනිධියෙක, දෙවැලමිටට දෙසන්ධියෙක, දෙඋකුලට දෙසන්ධියෙක, දෙදණට දෙසන්ධියෙකැ යි මෙසේ සියලු ශරීර ය ඒ ඒ තැන් හොබවා සිටිනාවූ ඒ ආභරණයෙහි ඒ පළඳනාවෙහි ඉස්මුදුනෛහි එක් මයුර රූපයක් කරනලද. ඒ මොනරාගේ දකුණැළයෙහි ඝනරන් ම ය වූ පන්සියයක් පියාපත, වමැළයෙහි එසේම පන්සියයක් පියාපත, තුඩ ප්රගවාලමය ව නිමනලද, ඇස් ඉන්ද්රයනීල මාණික්යපමයය, ග්රීිව ය හා පිල් ද ඉන්ද්රහනීලයෙන් ම නිමන ලද, තඹපත් ඝන රනින් ම නිමන ලද, කකුල් ද ඝනරනින් ම නිමන ලද, ඒ පලඳනාව පැලඳගත්වේලෙහි විශාඛාවන් ඉස්මුදුනෙහි පර්වතයක් මුදුනෙහි නටන මොනරකුසේ ශොභමාන ය, දහසක් රන්පත් සුළං ගත්කල පඤ්චාඬ්ගික තූය්ය් ර්නාකද සේ මධුර වූ නාද ඇසෙයි, දුර සිටියන්ට ජීවමාන වූ මයුරෙකැ යි සිතෙයි, ළඟ දුටු කෙනෙක් ම පලඳනා ය යි දනිති, ඒ මේල පලඳනාාව නව කෙළක් රන් පමණ අගනේ ය, කළ මිල ලක්ෂයක් දෙනලද.

      Delete
  2. ප්‍රතිචාර දැමූ සැමට ස්තූතියි. මේ ගැන දිගු පිළිතුරක් දැන් දැමුවා.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !