ආණ්ඩු කරන්නේ අප කියන දේ ම නොවේ, එසේම අප කිහිප දෙනෙක් විරුද්ධ වූවැයි කියා ආණ්ඩුවක් තමන් කරන දේ නවතන්නේ ද නැත. හැරත් ඔය කියන "ලිංගික අධ්‍යාපනය" ළමයි කොහොම හරි කවදා හරි ඉගෙන ගනිති. ඒවා වැළැක්විය හැකි / යුතු දේ ද නොවේ. පසුගිය ආණ්ඩුවේ විරුද්ධ විය යුතු මීට වඩා බරපතල ගැටළු දහසක් තිබියදී මේ පොතක් ගැන වද වීම අවශ්‍යද? ඒ අප සිතූ සැටියි.
එක්තරා ස්වාමින් වහන්සේ නමක් ආණ්ඩු මාරුවෙන් පසු ඒ ගැන හඬක් නගා facebook හි රැල්ලක් ඇති වීමෙන් පසුත් අප සිතුවේ මේ අනවශ්‍ය කලබැගෑනියක් බවයි. එහෙත් අප වැරදි බව පසක් කළේ පහත සංවාදයයි.

