Wednesday, November 13, 2019

විජේවීර ඝාතකයා හෙළි වේ ! තාජුදින්ටත් සාධාරණයක් ?

ජනාධිපතිවරණ කටේ අපේක්ෂාවේ අපේක්ෂකයාගේ ලොමු ඩැහැ ගැන්වෙන හෙළිදරව්ව...


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අතිශය කෘර ආකාරයෙන් මරා දැමීම තමන් හා ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ බව පසුගිය දා අනුර කුමාර දිසානායක සහෝදරයා නායක තුමා විසින් හෙළි කරන්නට යෙදින. ඔහුට අනුව තාජුදීන් ඝාතනය සුවපති රාජිතගේ කර්තව්‍යයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය - ඔබ විශ්වාස කළත් නොකළත් - අහිම්සා වික්‍රමතුංගගේ ගිණුමට බැර වෙයි.

කුමාර දිසානායක සහෝදරයා පෙන්වා දෙන පරිදි, අර පුංචි එකා, එනම් චාල්ස් ඇන්තනි, මරා දමන ලද්දේ සම්පන්තන් හිටපු විපක්‍ෂනායක තුමා ලවා යුරෝපයේ වෙසෙන දෙමළ සරණාගතයන් (ඉකොනොමැට්ටා තුමාට අනුව දෙමළ ඩයස්පොරවල්) විසිනි. පුංචි එකාගේ පියා මරා දමන ලද්දේ අප මෙතෙක් සිතා සිටි අයුරින් රාජපක්‍ෂලාවත් ෆොන්සේකාවත් නොවන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙළින්ම LTTE සංවිධානයයේ නායකයාටම බාර දුන් කොන්ත්‍රාතුවකි.



අප කීවාට පමණක් විශ්වාස නොකරන්න. ඔහුගේ මුඛයෙන්ම අසන්න.




මේ රූ-හඬ පටය රුපවාහිනී පුවත් අතරේ නැරඹුවත් එය අන්තර්ජාලයේ සොයා ගැනීමට ලැබුණේ අදය. මෙහි මිනිත්තු 1 තත්පර 5 සිට නරඹන්න.


AKD පවසන පරිදි සමහර තුවක්කු බැන්දේ කවුදැයි හරියටම දැන ගත නොහැක. එසේ වී නමුත් "දඩයම" කරේ තබාගෙන යන්නේ තුවක්කුව බැන්ද අයයි. ඔහු මේ කරුණ සඳහන් කරන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයෙකුට එරෙහිවයි. පාස්කු ප්‍රහාරය මෙවර ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුගේ වැඩක් බව ඔහු පැහැදිළිවම කීවේය.

පාස්කු ප්‍රහාරයෙන් වාසි ලැබිණි යැයි චෝදනා කර ජනාධිපති අපේක්‍ෂකයෙකුට කෙළින්ම ඇඟිල්ල දිගු කළ හැකිනම් ඒ මහේෂ් සේනානායක වෙත පමණි. සේනානායක ජනාධිපති ධුර අපේක්‍ෂකයෙක් බවට පත් වන්නේ ම පාස්කු ප්‍රහාරය විසින් අනපේක්ෂිතව අත්පත් කර දුන් මාධ්‍ය ආවරණය හේතු කොටගෙන ය. නැතිනම් ඔහු පැන්ෂන් ගිය ආමි කාරයෙක් පමණි. ඔහු හමුදාපති ධුරය ලබන්නේම ඊනියා යහපාලන නඩය වෙත ඔවුන්ගේ ස්වාමීන් විසින් පැවරූ වගකීමේ කොටසක් ලෙස මිස හමුදාව තුල ඔහු පෙන්වූ විශේෂ දක්‍ෂතා හෝ කුසලතා හෝ හේතුවෙන් නොවේ.

ඔහු හැරුණු කොට පාස්කු ප්‍රහාරය හේතු කොටගෙන චෝදනාවකට ලක් විය යුතු අපේක්‍ෂකයෙක් වෙයි නම් ඒ මේ ප්‍රකාශය කරන AKD ම පමණි. බෝම්බ පියා ඉබ්‍රාහිම් වෙනුවෙන් දේශපාලන ආවරණය ලබා දුන්නේ ඔහු විසින් වන බැවිණි.



මේ ප්‍රකාශයෙන් AKD මතු කරන අර්ථය ගතහොත්, විජේවීර ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ ඇතුලේ වැඩකි. දැන් අවුරුදු තිහක් තිස්සේ ඉල් මහ විරු සමරුව කියා විජේවීරගේ අමු මිණිය උස්සාගෙන පෙරහැරේ යන්නේ ඔවුන් වන බැවිණි.

"සමහර තුවක්කු බැන්දේ කවුදැයි දැන ගත නොහැක. එහෙත් දඩයම කර තබාගෙන යන්නේ තුවක්කුව බැන්ද එකාම බවට සැකයක් තබා ගත යුතු නැත."

නායකතුමා සහෝදරයා - ජනතා විමුක්ති පෙරමුණ


එසේනම් පාක්ෂිකයිනි, දිවංගත විජේවීර මහතාගේ ආත්මයට ශාන්තිය පිණිස අපේක්‍ෂාවේ අපේක්‍ෂකයාට එක කතිරයකිනුත්, ඒ මරණයට කිසි සම්බන්ධයක් නැති ප්‍රේමදාස මහතාගේ ආත්මයට ශාන්තිය පිණිස සජිත් ප්‍රේමදාසට කතිර දෙකකිනුත් උපහාර දක්වමු.

6 comments:

  1. ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය තුල වෙන කොහෙවත් නැති ඉතා දියුනු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දෙවැනි මනාප දීමේ හැකියාව.
    ඒනිසා ඝෝඨාට කැමති අයට එයාට දෙවැනි මනාපයක් වුනත් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි මනාපය, දියුණු ලක්‍ෂණයකට වඩා පවතින තත්වය ඉක්මවා යන ඉදිරි පියවරක් ලෙස දකිමි. එය 1978 ව්‍යවස්ථාවේ ඉතා සාධනීය අවස්ථාවක් බව බොහෝ දෙනාගේ අදහසයි.

      1978 දී සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ ස්‌වාධීන රාජ්‍යයන් විසින් සම්මත කරගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතර ඉතාම ඉදිරිගාමී සහ පරිපූර්ණ ව්‍යවස්ථාවකි. එසේ වුවත් පසුව ඒ ඒ පාලකයන් විදේශ බලහත්කාරයන්ට යටත්ව ඇති කළ සංශෝධන මගින් ඒ ව්‍යවස්ථාවේ අරමුණු කෙළෙසා දමා තිබේ. විශේෂයෙන්;

      අ. 13 වන සංශෝධනය: මෙය ව්‍යවස්ථා විරෝධීව මහජන විරෝධය තුවක්කු බලයෙන් යටපත් කර ඇඳිරි නීතිය පනවා මළ මිනී මතින් ඇති කළ සංශෝධනයකි,

      ආ. 17 වන සංශෝධනය: ආණ්ඩුව දුර්වල අවස්ථාවක එය බිඳ වැටීමේ අනතුර පෙන්වා සහ

      ඉ. 19 වන සංශෝධනය: ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය සහ දේශපාලන අනාගතය තර්ජනයට ලක් කර, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හයි-ජැක් කර, ව්‍යවස්ථා විරෝධී ලෙස සම්මත කර ගත් එකකි.

      උදාහරණ කොට දැක්විය හැක.

      කෙසේ වුවත්, ජනාධිපතිවරණයකදී දෙවන මනාපය ලකුණු කිරීමේ අවස්ථාව පසුගිය වසර හතළිහක අත්දැකීම් අනුව බැලූ කල උණ්ඩුක පුච්ඡයකි. එය මෙතෙක් කිසි දා අවශ්‍ය වූවේ නැත.

      මෙවර ජනාධිපතිවරණයේදී රතු අලි පැටියා, පාස්කු මහේෂ්, පල්ලේවත්ත වැනි චරිත මාකට් කරගෙන ගිය පුද්ගලයන් (ඔවුන් විසින් මෙකී අපේක්‍ෂකයන් 30% දක්වා ඡන්ද ආකර්ෂණය කර ගනු ඇති බවට කළ පුරෝකථනයන් දිටිමි) සැබවින් ඡන්දය දී තිබුණේ කාටදැයි ඊයේ මහින්ද දේශප්‍රිය විසින් හෙළි කෙරිණ. මේ අයගේ අපේක්‍ෂාව වූයේ ආණ්ඩුවට විරුද්ධව භාවිතා විය හැකි ඡන්ද ආණ්ඩු විරෝධී සැබෑ අපේක්‍ෂකයාගෙන් විතැන් කිරීම මිස වෙනකක් නොවේ. නමුත් අවාසනාවට ඔවුන්ට මහජනතාවගෙන් 1% වත් රැවටීමට හැකි වූයේ නැත.

      Delete
  2. මේක කියවද්දි මූ ගැන මාර වෛරයක් ඇතිවෙනවා.
    මුන්ට ඕන සජිත් දිනවන්න

    ReplyDelete
    Replies
    1. වෛරයෙන් වෛරය නොසංසිඳේ - මෛත්‍රියෙන්ම පමණක් සංසිඳේ
      පුත ළඟ නොබලන්න දුර බලන්න

      Delete
  3. ඔබතුමා හරියටම හරි.
    ඔබ කියන කරුනු බොහෝම නිවැරදිව තර්කානුකූලව ගලපා ඇති නිසා අපිට පිලිගන්නම සිදුවෙනවා.
    මාධ්‍ය විසින් අනෙක් ප්‍රධාන පක්ෂ හා සමතැන ඔසවා තබන ජවිපේ නායක තුමාගේ තර්කය අපිට පිළිගන්නට ම වන නිසා ඒ පදනමින් කථා කතුතුමා කියන දේ බොහෝම සාධාරණයි.

    ඒ අනුව ප්‍රේමදාස ඝාතනයට වගකිව යුත්තේ විජේතුංග හිටපු ජනාදිපති තුමා විය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස අගමැති කාලේ නිමිත්තක් බැලුවාලු. උන්දැ හරි ආසාවෙන් හිටියේ ජනාධිපති වෙන්න.

      ඉතිං බලපු ගුරුන්නාන්සේ කිව්වලු, "ඔබ තුමාගේ ජන්ම කේන්දරේ හරි ප්‍රබලයි. ඔබ තුමා ජනාධිපති වෙන එක වලක්කන්න සක්කරයාගේ පුතා වෛමාටත් බෑ, හැබැයි පොඩි අපලයක් තියෙනවා, ජනාධිපති තනතුරේ සම්පූර්ණ කාලය ඉන්න වෙන්නේ නෑ" කියල.

      ප්‍රේමෙට අවුල් ලු. ඒත් ඒ බවක් පෙන්නන්නේ නැතුව මිනිහ කිව්වලු, "හරි ගුරුතුමා, අපල වලට ගුරුකම් තියෙනවනේ, අපි ග්‍රහය බලල හොඳ ගුරුකමක් කරමු" කියල. ගුරුන්නාන්සේ කියනවලු, "මේක උඩ ඉන්න ග්‍රහයෙක්ගේ අපලයක් නෙමේ, බිම ඉන්න 'විජේ' කියල නම පටන් ගන්න ග්‍රහයෙක්ගෙන් තමයි අපලේ තියෙන්නේ, මේවට අපි ළඟ ගුරුකම් නෑ" කියල. ප්‍රේමෙට හරි හිනා... "හරි මං ඒක බලා ගන්නම්" කියල ප්‍රේමේ යන්න ගියාලු.


      ටික දවසකින්, උපාලි විජේවර්ධන අතුරුදහන්. ඇත්තටම උපාලිට දේශපාලන උනන්දුවක් තිබුණේ නැතුවට JR ට උවමනාව තිබුනලු තමන්ගෙන් පස්සේ උපාලිට තැනක් අරං දෙන්න. උපාලි අතුරුදහන් උනාට පස්සේ වෙන්න ඇති රවී (JR ගේ පුත්‍රයා) දේශපාලනේට නොඑන්න තීරණය කරන්න ඇත්තේ.

      ඊළඟට බලනකොට, විපක්‍ෂයේ ජනප්‍රියම දේශපාලනඥයා විජේ - ඒ කියන්නේ විජය කුමාරතුංග. පොර බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ දුවවයි ඇල්ලුවේ - ඒ කියන්නේ හොඳම දේශපාලන ගහක්. ප්‍රේමදාසගේ මීටරේට මේක වැටුණ ගමන් නාදුනන තුවක්කු කරුවෙක් විජේට වෙඩි තියනවා. ඒක යන්නේ JVP ගිණුමට.

      ඔන්න JVP කාරයෝ බස් ගිණි තියන්න පටන් ගන්නවා, විප්ලවේකින් රටේ බලේ අල්ලන්න. ඔය අතරේ ප්‍රේමදාස ජනාධිපති වෙනවා. දැන් කැරලි ගහන්නේ විජේ - රෝහණ විජේවීර. එයාටත් සම්බුව හම්බ වෙනවා බොරැල්ල කනත්තේදී. ඒ වැඩේට සම්පූර්ණ බලය ප්‍රේමදාස දෙනවා රාජ්‍යාරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්නට. අන්න අනිත් විජේ.

      JVP ඉවර උනාට පස්සේ රංජන් විජේරත්නත් ඉවර වෙනවා - එක LTTE එකවුන්ට් එකටයි යන්නේ. LTTE එකට සල්ලි දීල තුවක්කු දීල තමන්ගේ වැඩේට යොදා ගන්නේ කවුද කියල ඒ කාලේ අපි දන්නේ නෑ.

      නමුත් LTTE එක ඒ ගමන්ම යුද්දේ පටන් ගන්නවා. යුද්දෙත් එක්ක රටේ ජනප්‍රිය වෙන්නේ සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුවයි විජය විමලරත්නයි. විජේ නිසා විමලරත්නත් බෝම්බෙකට අහු වෙනවා.

      මේවා මෙහෙම වෙද්දී රටේ එක එක ප්‍රශ්න එක්ක ප්‍රේමදාසත් තොලොංචි වෙලා යනවා. රටම කිරිබත් කනකොට ප්‍රේමදාස මෙච්චර කාලයක් හොයා හොයා හිටපු ඇත්ත විජේ එළියට එනවා. අන්න එයා තමයි ඩිංගිරි බණ්ඩා විජේතුංග.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !