Friday, February 14, 2020

වැලන්ටෛන්ලා බෞතිස්ම කිරීම හෙවත් උන්ගේ "අපේ හතේ පොත"

ඉඳහිට හෝ පල වන දෙතිස් කතා කියවන පාඨක සමූහයාට මැතිවරණයක් ලැබෙන නව වසරක් මුලින්ම පතමි. මේ කතා කරන්නට යන්නේ වැලන්ටෛන් දිනය ගැන නොවේ. මේ කියන්නට යන්නේ කිව යුතු නැතිව තිබුණු කතාවකි. "හතේ අපේ පොත" පහුගිය ආණ්ඩුව ගානේ හතේ ළමයින්ට දුන් පොතකි. අපේ සල්ලි (ඔව්, බදු සල්ලි) මේවාට වැය වී නැතුවා විය හැක. එබැවින් "නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ" යන පදනමින් මෙය කතිකා නොකළ යුතු මාතෘකාවක් බවයි අප සිතුවේ.

ආණ්ඩු කරන්නේ අප කියන දේ ම නොවේ, එසේම අප කිහිප දෙනෙක් විරුද්ධ වූවැයි කියා ආණ්ඩුවක් තමන් කරන දේ නවතන්නේ ද නැත. හැරත් ඔය කියන "ලිංගික අධ්‍යාපනය" ළමයි කොහොම හරි කවදා හරි ඉගෙන ගනිති. ඒවා වැළැක්විය හැකි / යුතු දේ ද නොවේ. පසුගිය ආණ්ඩුවේ විරුද්ධ විය යුතු මීට වඩා බරපතල ගැටළු දහසක් තිබියදී මේ පොතක් ගැන වද වීම අවශ්‍යද? ඒ අප සිතූ සැටියි.

එක්තරා ස්වාමින් වහන්සේ නමක් ආණ්ඩු මාරුවෙන් පසු ඒ ගැන හඬක් නගා facebook හි රැල්ලක් ඇති වීමෙන් පසුත් අප සිතුවේ මේ අනවශ්‍ය කලබැගෑනියක් බවයි. එහෙත් අප වැරදි බව පසක් කළේ පහත සංවාදයයි.



එයින් අප කළ නිරීක්‍ෂණ අනුව බැස ගත් නිගමනය නම් පසුගිය ආණ්ඩුව විසින් රටට කර ඇති හානිය මතුපිටට පෙනෙනවාට වඩා බොහෝ ගැඹුරට විහිදී ඇති බවයි. 19 වන සංශෝධනය අහෝසි කර දැමීම බොහෝ ගැටළු විසඳීමට ඉවහල් වේ ය යන මතය දැරුවත්, එයින් පමණක් මේ ප්‍රශ්නය විසඳීමට නම් පිටුබලයක් නොලැබෙයි. කොටින්ම මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අළුතින් ලියූවත් ප්‍රශ්නය නම් නොවිසඳෙයි. ප්‍රශ්නය ඓතිහාසික එකකි - දශක ගණනක සිට ක්‍රමයෙන් ඇති කෙරුණු මුල් බැස ගත් එකකි.



ලංකාව සිංහලයින්ගේ රට වෙයි. වෙනත් රට වල සිංහලයින් වෙසෙතත් ඒ ඒ රටවල් සිංහලයින්ගේ රටවල් නොවෙයි. මෙය පරම සත්‍යයකි. එහෙත් ලංකාව සිංහල රාජ්‍යයක් නොවේ (ඇමති මංගලත්, ඇමති විජේදාසත්, ජවිපෙ මන්ත්‍රී වරු කිහිප දෙනෙකුත් මේ බව වචන වැරදි වැරදී ප්‍රසිද්ධියේ කියා ඇත). එසේනම් ලංකාව කුමක්ද?

ලංකාව අවනත රාජ්‍යයකි.

නිදහස ලැබූ දා පටන් ක්‍රම ක්‍රමයෙන් ලංකාව තම ග්‍රහණයට ගැනීමට ඔවුන් ක්‍රියා කර තිබේ. මේ නිහඬ ආක්‍රමණය තමන්ට සංයුක්තව දැනෙන (ඇඟට දැනෙන) සෑම අවස්ථාවකම ඊට පිළිතුරු ලෙස සිංහල බලය දේශපාලනික වශයෙන් ලෝකයට ඉදිරිපත් කරවීමට සිංහලයින් සවිඥානික වුවත් එය ප්‍රතික්‍රියාවකට සීමා නොවී කල් පවත්නා ආරක්‍ෂක විධිවිධාන සකසා ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. වෙනත් අයුරකින් කිවහොත්, සිංහලයින් විසින් දේශපාලන බලයේ හිණි පෙත්තට ඔසවා තැබූ අය විසින් එකී බලයේ ප්‍රභවය නොසළකා හැරීම දිගින් දිගටම සිදු වූ සංසිද්ධියයි.

1956 දීත්, 1970 දීත්, 2004 දීත්, 2019 දීත් සිදු වූයේ එයයි, එනම් සිංහලයා සිංහලය ගැන සවිඥානික වීමයි. 1956 දී සිංහලය රජ-බස විය. 1972 දී රටේ පරමාධිපත්‍යය මහජනතාව වෙත පවරමින් ලංකාව ජනරජයක් විය. 2005 දී එළිපිට කෙරුණු ක්‍රිස්තියානිකරණ ව්‍යාපාරය පසු බස්සවා 2009 දී දෙමළ ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පැවැත්විණ. දැන් සිංහල ඡන්දයෙන් නන්දසේන ගෝඨාභය ජනාධිපති ය. එසේ වුවත් සිංහල රාජ්‍යය නැවත පිහිටුවා ගැනීමට අප තවම සමත් වී නැත.



ඉහත සංස්කරණය කළ වීඩියෝවේ සිටින පුද්ගලයින් තම බලපුළුවන්කාරකම් පෙන්වන්නේ සිංහලයින්ට එරෙහිවයි. පහත වීඩියෝවේ මේ අය, විශේෂයෙන් සුදු රෙදි ඇඳි කත, වඩා වඩාත් ආවේගශීලී වෙමින් ස්වාමින් වහන්සේ කුප්පන්නට (intimidation) කටයුතු කරනු පෙනෙයි.



දැන් අපගේ වෙනස් වූ අදහස මෙසේය.

මෙකී "හතේ අපේ පොත" පසුගිය ආණ්ඩුවේ අවජාතක ව්‍යාපෘතියකි. මෙය අවජාතක වන්නේ ඊට සම්බන්ධ අය එවැන්නන් වීම හේතුවෙන් නොව ඊට උප්පැන්න දීමට දැන් කිසිවෙකුත් ඉදිරිපත් නොවන බැවිණි. මෙය රැක ගැනීමට කතා කරන උදවිය (ගණිකාවක ලෙස Youtube රසිකයින් විසින් හඳුනා ගැනෙන, තමන් විසින් ලිවී යැයි කියන පොත් වලට ප්‍රචාරයක් ලබා ගැනීමට පැමිණ සිටින ප්‍රසිද්ධ නිළිය සහ විදෙස් අරමුදල් ලබන නොරාජ්‍ය සංවිධානයක් ලෙස දැනට ක්‍රියාත්මක වන ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරන වැටුප් නොගන්නා මන්ත්‍රී තුමා හැරුණු කොට) පවා කියන්නේ වෙනස් කළ යුතු තැන් ඇතොත් වෙනස් කළ යුතු බවයි. මේ පොත තවදුරටත් කරේ තබාගෙන යා යුත්තේ ඇයි ?

ඒ අනුව අපගේ අදහස පහත පරිදි වේ:
  • ආණ්ඩුවේ වියදමින් මේ පොත මුද්‍රණය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම හෝ නොකළ යුතුය.
  • ආණ්ඩුවේ පාසල් වල (මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා) මෙය නොමිලයේ බෙදා හැරීමට අවසර නොදිය යුතුය.
මෙකී පොතෙන්, එහි නිර්මාතෘන්ගේ ප්‍රකාශිත අරමුණ කුමක් වුවත්, සංස්කෘතික ආක්‍රමණයක (සිංහල ළමා මනස දූෂ්‍ය කිරීමක) ලකුණු පෙන්වන බැවිණි.




ඉහත සංවාදයට සහභාගී වන කාන්තාවන්ගේ ප්‍රකාශ වල සාරාංශය ගෙන බැලූ විට ඒවායේ පොදු සාධකය සිංහල හර පද්ධතියට පහර දීමත් බෞද්ධ සංස්කෘතිය හෑල්ලු කිරීමත් පවුල් සංස්ථාවේ සාම්ප්‍රදායික තත්වයට අකුල් හෙළීමත් බව පැහැදිළි ය. ලිංගික ක්‍රියා පිළිබඳ දැනුම පවුල (දෙමාපියන්) තුලින් සහ සමීප සමාජය (වැඩිහිටියන්) තුලින් උකහා ගත යුතු දැනුමක් මිස සම්මතකරණයට (standardization) ලක් කර නිලධාරීතන්ත්‍රය හරහා ලබා දිය යුතු දැනුමක් නොවේ. වෙනත් වචනයෙන් කියතොත් එය විසරණය විය යුතු දැනුමක් මිස ඉගැන්විය යුතු එකක් නොවේ. ලිංගික ක්‍රියා පිළිබඳ දැනුම ඉතා පැහැදිළිවම සංස්කෘතියට සාපේක්‍ෂ වූවකි.

මේ පොත කරවූ සහ එය නිකුත් කිරීම ගැන බලධරයන් ලෙස ක්‍රියා කරන කතා කරන අයවළුන් සිංහල සංස්කෘතියේ පිහිටි අයවළුන් නොවේනම් ඔවුන්ට සිංහල දරුවන් වෙනුවෙන් මෙවැනි පොතක් සකස් කර එය පාසැල් පද්ධතිය හරහා සිංහල දරුවන් වෙත යොමු කිරීමේ අධිකාරී බලයක් තිබිය යුතු නැත. මේ පොත ගැන කතෝලික සභාවේ මතය කුමක්දැයි අප දන්නේ නැත. කතෝලික සභාව මේ පොතට පක්‍ෂ වේ යැයි සිතීමේ සාධක නැත - බෞද්ධ හිමිවරුන්ට වඩා මෙවැනි කාරණා ගැන සමස්ථය දැකීමක් කතෝලික සභාවේ පෙර හැසිරීමෙන් පෙන්නුම් කර තිබේ.

මෙහි දෙමළ පරිවර්තනයක් ඇතැයි සිතමි, දෙමළ පාසැල් වල ඒ පොත සාදරයෙන් පිළි ගන්නේද, මුස්ලිම් පාසැල් වල තත්වය කෙසේද ?



ලිංගික ක්‍රියා ගැන ලියූ පොත් නොමිලේ ප්‍රචාරය කර ගැනීමට පැමිණි ප්‍රසිද්ධ නිළිය මේ සංවාදය අතරතුර ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු යැයි ප්‍රකාශයක් කරයි. අනෙක් කාන්තාවන්ගේ ප්‍රතිචාරය හොරාට කළින් කෙහෙල්කැන වැට පනිනා බැව් සිහි ගන්වයි. ඔවුන්ගේ හැසිරීම සාධාරණයි. රහස් නම් සාක්‍ෂාත් කර ගන්නා තෙක් කිසිවෙකුට නොකිව යුතු යැයි මහෞෂධ පඬි තුමන්ගේ ඉගැන්වීම මෙහිදී සිහි වෙයි. තමන් මුවින් නොකීවත් ඒ කාන්තාවන්ගේ සැඟවුන අභිප්‍රාය ද එයමැයි. පාසැල් දරු - දැරියන් අත පත් කරන පොත දීර්ඝ කාලින මහා සැලැස්මක මූලාරම්භය වෙයි.

පසුගිය කාලයේ, 2015 පෙරළියටත් පෙර සිට, ප්‍රසිද්ධ ජනමාධ්‍ය - විශේෂයෙන් විජය පුවත්පත් සමාගමේ ඉංගිරිසි මුද්‍රිත මාධ්‍ය - වල LGBT ආරංචි වලට වැඩි ඉඩක් වෙන් කෙරෙනු නිරීක්‍ෂණය කළ අය මේ ලිපිය කියවන්නේ යැයි සිතමි. ගැහැණු ලෙස පෙනී සිටින පිරිමි, පිරිමි ලෙස පෙනී සිටින ගැහැණු මේ මාධ්‍ය වල ඉඩක් ගැනීම හුදු අහම්බයක් නම් නොවේ. පසුගියදා ප්‍රචාරයට පත් වූ දරුවෙක් බිහි කළ පිරිමියා ගැන කතාව සළකන්න.

සමාජ සම්මතය නම් පිරිමියෙක් දරු ප්‍රසූතියක් නොකරන බවයි, දරු ප්‍රසුතියක් කරන්නේ ගැහැණියක විසිනි. ඇත්ත වශයෙන් රෝහලේ දී සිදු වූයේ ද එයමැයි - එනම් ගැහැණියක විසින් දරුවෙක් ප්‍රසූත කිරීමයි. එකී ගැහැණියක තමන් පිරිමියෙක් ලෙස පෙනී සිටීම ද්විතීයික කාරණයකි. මෙය පුවතක් විය යුතු නැත. නමුත් ඊට දුන් අනවශ්‍ය ප්‍රචාරය LGBT ව්‍යාපාරික සමාගම් වල ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසකි. අවාසනාව මීට ප්‍රචාරය දෙන තනි පුද්ගලයන් සහ මාධ්‍ය ආයතන තවත් පිරිසක් විසින් තමන් කඩේ යවන බව නොදැන ඒවා ප්‍රචාරයට හවුල් වීමයි.




හතේ අපේ පොත හුදෙකලා සිද්ධියක් නොවේ. අර සංවාදයේ පෙනී සිටි අඩුවෙන් කතා කළ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යැයි අප අනුමාන කරන කාන්තාව සහ ඇය අසල සිටි තරබාරු පුද්ගලයා මෙහි ගැඹුර දන්නේ යැයි නොසිතමි. නමුත් ස්වාමින් වහන්සේ ආවේගශීලි කිරීමට ප්‍රාතිමෝක්‍ෂය ගැන පාළි පාඨ වැරදි වැරදී උපුටා දක්වන සුදුරෙදි ඇඳි කාන්තාව (ප්‍රාතිමෝක්‍ෂය, සිඛ වළඳ, සිඛවළඳ විනිස ලංකාවේ සියළු පාසැල් දරුවන්ට නොමිලේ බෙදන බව ද මේ ගොන්නු සිතන්නේ?) සහ මේ ගැන කතා කරන අනෙක් කාන්තාවන්, මූලාසනය දරන්නේ යැයි අප සිතන අංශුමාත්‍රසිංහ මන්ත්‍රීවරයා, පැත්තක සිට හාමුදුරුවන් සමග කතා නොකර අමාත්‍යංශ වල නිලධාරීන් ලක ලැහැස්ති වී ගොස් අමාත්‍යවරයා අන්දවා මේ පොත බෙදා හැරීමට යෝජනා කරන මන්ත්‍රී සහෝදරයා ආදී සියළු දෙනා මේ ක්‍රියාවලියේ හවුල් කරුවන් බව පෙනේ.

මේ ක්‍රියාවලියේ අවසානය අප සංස්කෘතික වශයෙන් කොතැනකට ගෙන යාමද ? පරිවාස දෙපාර්තමේන්තුවට වින්දිතයන් සාක්‍ෂි දීමට පෙළඹවීම අපහසු නම් කළ යුත්තේ රටේ සියළුම දරුවන්ගේ ලැජ්ජා-බය සිඳලීමට යෝජනා ගෙන ඒමද ? තමන්ගේ අසමත් කම වසා ගැනීමට අනුන්ගේ රෙද්දකට (LGBT ව්‍යාපාර වල න්‍යාය පත්‍ර වලට) මුවා වීම මේ දෙපාර්තමේන්තු වල ඉහළ තැන් අරක් ගෙන සිටින නෝනලා ගන්නා පඩියට තරම් වේද ? අර වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ නෝනලා සමත් ද ?

ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ. නැවත කියමි, ලංකාව අවනත රාජ්‍යයකි.



මේ අයගේ අභිප්‍රාය ඔබේ දරුවා අපයෝජනයෙන් ගලවා ගැනීම නොවේ. ඔබේ දරුවා වෙළෙඳ භාණ්ඩයක් කර LGBT සමාගම් වලට අළෙවි කිරීමයි. මේ ඝෝෂා කරන්නේ, ස්වාමින් වහන්සේලාට තග දමන්නේ LGBT ව්‍යාපාර වල මුදල් නොවන බවට සහතිකයක් දිය හැකි කෙනෙක් වෙත්ද ?

ඔබේ දරුවා රංජන් රාමනායක කෙනෙක් වනු දැක්ම, දැරිය පියුමි හංසමාලි කෙනෙක් නැතිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කෙනෙක් වනු දැක්ම ඔබේ අභිප්‍රාය නම් මෙවැනි දේට ඉඩ දී බලා සිටින්න. එසේ නැතිව, දරුවා අනාගතයේ ගුණ-යහපත් පවුලට හිතවත් හොඳ පියෙක් / මවක් බවට පත් වී පරම්පරාවේ හොඳ නම ගෙන යනු දැක්ම කැමති නම් මෙවැනි කුමන්ත්‍රණ වලට වචනයෙන් හෝ විරුද්ධ වන්න. ඔබ ගුරුවරයෙක්, ගුරුවරියක් නැතිනම් අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක් නම් මේවාට වඩාත් විරුද්ධ වන්න. එය අනාගත පරම්පරාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමකටත් වඩා ඔබට වැටුප් ගෙවන සාමාන්‍ය (සිංහල බෞද්ධ/ කතෝලික / හිංදු / මුස්ලිම්) මිනිසුන්ගේ බදු මුදල් වලට සාධාරණය ඉටු කිරීමකි. අමාත්‍යංශ වල ඉහළ නිලධාරීන්ට මේවා වෙනුවෙන් සංතෝසම් ලැබුණත් සාමාන්‍ය ජනතාව වන ඔබට මේවායින් ලැබෙන පෞද්ගලික ප්‍රයෝජනයක් නැත.

13 comments:

  1. මේ සමගම ලිංගික ක්‍රියා පිළිබඳ දැනුම පවුල (දෙමාපියන්) තුලින් සහ සමීප සමාජය (වැඩිහිටියන්) තුලින් උකහා ගත යුතු අන්දම ගැන විස්තරයක් කළොත් ඉතාම අගනේය. ඔබේ ලිපියට අනුව එය දැනටමත් වෙනවා යයි සිතමි.
    ස්වාමින් වහන්සේ අර ගැහැණියට තවත් ආවේගශීලි කිරීමට උවමනාවුයේ නැත. උන් වහන්සේ තමාගේ කතාවත් කලේ ආවේගශීලිව බව පෙනුනි. ප්‍රාතිමෝක්‍ෂය, සිඛ වළඳ, සිඛවළඳ විනිස අඩිය ගැන ඒ ස්වාමින් වහන්සේ දැනුවත්ව සිටියානම් උන් වහන්සේට එය එතැනදී හොඳින් නිශේදනය කරන්නට හැකියාවක් තිබුණි.
    LGBT හා මෙතනට පැමිණි ගණිකාව අතහැර මේ දේ ගැන ලියුවානම් අගේය.

    ReplyDelete
    Replies
    1. විස්තරේ අම්මගෙන් අහ ගනිං.

      Delete
    2. අඥාත (Anonymous) ලෙස ප්‍රතිචාර දැක්වීම අවහිර කර නැතත් එය අදහස් හුවමාරුවට බාදාවකි, බුර්කා පැළඳි කෙනෙක් හා සංවාදයක් මෙනි.

      ඔබ නගන පැනය දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිනම් තමන්ටත් ඔසවන්නට බැරි ගලක් මවන්නේ නැත්තේ ඇයිදැයි ඇසීමට සමානය, නැතිනම් මහා බලවත් පහනේ භූතයා වෙනත් කෙනෙක් පැමිණ පහන පිරිමදින තෙක් සිටියේ ඇයිදැයි අසනු වැනිය. ප්‍රශ්නය ඇත්තේ අසන්නා තුලමය.

      මා මෙහි ප්‍රකාශ කරන්නේ
      1. ලිංගික කෘත්‍යය ගැන දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ බවත්, ඒ හේතුවෙන්;
      2. සිංහල සංස්කෘතියේ නොපිහිටි කෙනෙක් විසින් සිංහල සංස්කෘතියේ දරුවන්ට ඒ ගැන කියා දීමට ඉදිරිපත් වීම සංස්කෘතික ආක්‍රමණයක් බවත් (මෙය හිංදු, කතෝලික ඈ අනෙක් සංස්කෘතීන් ගැනද පොදුය);
      3. එවැනි කර්තව්‍යයකට (සංස්කෘතික ආක්‍රමණයකට) මහජනතාවගේ බදු මුදල් යොදාගැනීම සහ;
      4. මහජන බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් සහ පාසල් පද්ධතිය යොදා ගැනීමට ඉඩ දීම වැරදි බවත් ය.

      ඉහත 1 ගැන විස්තර කිරීමේදීය, දෙමාපියන් සහ වැඩිහිටියන් සම්බන්ධ වන්නේ. දැන් ඔබේ ප්‍රශ්නය වෙත ආවොත්,
      මා ඔබේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හෝ නොවන බැවින් මේ ගැන මගෙන් උපදෙස් විමසීම අඥාන කමකි. මෙය දැනටමත් ලංකාවේ සිදු වෙයි. අවුරුදු දහස් ගණනක් සිංහල ජාතිය පැවතුනේ අනෝමා ජනාදරීලා අපට පොත දැමූ බැවින් නොවේ.

      දැරියක් වැඩිවිය පැමිණි විට සාම්ප්‍රදායිකව කෙරෙන චාරිත්‍ර-වාරිත්‍ර වලට අපහාස උපහාස කළ අයමයි දැන් ඔය පොත පෙරළාගෙන එන්නේ. මේ අය මුලින් කරන්නේ අපේ ක්‍රමයට ගැරහීමයි. ක්‍රමානුකුලව වසර ගණනක් තිස්සේ එය තහවුරු වූ පසු ඇති වන්නේ සංස්කෘතික හිඩැසකි. ඊළඟ පියවර එකී හිඩැස පිරවීමට බටහිර ලිබරල්වාදී කුණු-කන්දල් අපට පැටවීම යි. එය සම්පූර්ණ වූ පසු නැවත හැරී යාමක් නැත (point of no return !).

      Delete
    3. ස්වාමින් වහන්සේ ආවේගශීලී වීම වැරදි ය. එසේ නොවී සිටියේ නම් වඩාත් සුදුසුය. කතෝලික පාදිලි කෙනෙක් එතැන සිටියේනම් ඔහු මීට වඩා සංයමයකින් ඒ අවස්ථාව හසුරුවා ගනු ඇත. එහෙත් ස්වාමින් වහන්සේ ආවේගශීලි වීම මෙතැන කේන්ද්‍රීය ප්‍රශ්නය නොවේ. අර සුදුවත හැඳි කාන්තාව ප්‍රකාශය කරන අයුරු නැවත නරඹන්න. එකම දේ වරද්ද වරද්දා කියමින් "අනේ සමාවන්න", "මං මේ බුදුදහමට අපහාස කරනවා නොවේ", "මමත් බෞද්ධ", "උත්තරීතර බුදුදහම" ආදී යෙදුම් නැවත නැවත කියමින් ඈ කරන්නේ බෞද්ධයින් කුපිත කිරීම මිස වෙනකක් නොවේ. ඈ මෙහි හැසිරෙන්නේ ස්ත්‍රී දූෂණ නඩුවක විත්තියේ නීතිඥයා මෙනි.

      "LGBT හා මෙතනට පැමිණි ගණිකාව අතහැර මේ දේ ගැන ලියුවානම් අගේය." යනු ගොන්ම ගොන් ප්‍රකාශයකි. "හතේ අපේ පොත" යනු මුට්ටියයි. මුට්ටිය දැමූ අය අතහැර මුට්ටියට පමණක් පහර දීමට යෝජනා කරන්නේ ඔබත් මුට්ටිය දැමීමට හවුල් බැවින් ද ?

      අප සැබවින් ඉලක්ක කළ යුතු වන්නේ පොත නොව එහි කතෘවරුන්මය; පහර දිය යුත්තේ මේ ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන්ටමය. පොතට විරුද්ධ වී පොත තහනම් කර ගැනීම පමණක් ජයග්‍රහණයක් නොවේ.

      Delete
  2. ඔය පොත ඔච්චර හොඳනම් සිංහල මාධ්‍ය පොත පමනක් තහනම්කර දෙමළ මාධයෙන් ඉගෙන ගන්නා අයට විතරක් දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කන්‍යා මඩම් (convent) ලෙස හැඳින්වෙන බාළිකා පාසැල් වල මේ පොත බෙදා දීම සුදුසුය. සෙන් බ්‍රිජට් වැනි මෙවැනි මඩම් වලිනි මේවායේ කතෘවරුන් (පොතේ කතෘ වරුන් නොව ව්‍යපෘති වල කතෘ වරුන් ගැනයි මේ කියන්නේ) බිහි වන්නේ. ඊළඟට දෙවන පෙළේ පාසැල් වල (ඕල්කොට් පාසැල් ද ඇතුළත්) සමහර ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට මේවා දීමේ වරදක් නැත. ඔවුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ මතවාද දැනටත් දරන අයයි. නමුත් ඒ බහුතරය නම් නොවේ. ඒ නිසා සෑම දරුවෙකුටම මේවා දිය යුතු නැත.

      ඔබ කියන ආකාරයෙන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් ලෙස පසුගිය ආණ්ඩුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමට යෝජනා කෙරුණු මද්‍රාසා පාසැල් ලෙස හඳුන්වන චරිත ශෝධනාගාර වල මේ පොත නොමිළේ බෙදා දීම හොඳ ආරම්භයක් බව සිතමි. එය සාර්ථක නම් අනෙක් දේවල් සළකා බලමු.

      Delete
  3. පියුමි හංසමාලිගේ හොඳ පැත්තක් තියෙනවා. එයා සෙග්ගක්කාර ජීවිතයක් තෝරා ගත්තා.
    ඒ වගේම එහි වගකීමත් බාර ගත්තා.ඒකේ යම් සමතුලිත තාවයක් තියෙනවා.

    මට ඔ්නේ දෙයක් කරන්න අයිතියක් තියෙනවා, හැබැයි මම ගොන් වැඩක් කලොක් එහි පාඩුව සමාජය විසින් දැරිය යුතුයි කියන "සමාජ ලිබරල් වාදය" = (සමාජවාදය+ලිබරල්වාදය) තමයි වඩත් හානිකර.

    ReplyDelete
    Replies
    1. එකඟයි !
      "මම අවුරුදු 4 දී අතවරයට ලක් උනා, ඒ නිසා හතේ පොත නියමයි" කියන තර්කය තමයි මම ආසම සීන් එක අර සංවාදයේ. හරිම ගොබ්බයි වගේ පෙනුණට එහෙමම නෑ.

      ඔන්න ඔය වගේ ගොං තැම්බවල් මොනව හරි කුණු රස පොත් ලියල ඒකට වෙළෙඳ පොළක් හදා ගන්න මාකටිං ප්‍රොජෙක්ට් එකේ බජට් එක අපිට පටවන සීන් එකක් තමයි මට පෙනුණේ. දැන් හතේ "අපේ" පොත (නිකං දුන්න එක) කියවපු උන් අටට ගියාම මොකද්ද කියවන්නේ? අටේදි "ඒකිගේ" පොත නිකං දෙන්නේ නෑ නේ. යහපාලනේ ඊළඟ අවුරුදු පහත් ඇදුනනම් ඒකත් වෙන්න ඉඩ තිබ්බා, අපේ සල්ලි වලින්.

      Delete
  4. මේ ලිපිය කියවමින් ඊට අදාල වීඩියෝ කිහිපයකුත් අදාල පොතේ ඵ්ඪ්F එකකුත් පරිශීලනය කලා
    ළමා පරපුරට ලිංගික අපයෝජනයන්ගෙන් ගැලැවීමට කියා දීම ඉතාම වැදගත් කාරනයක් ලෙස මම දකිනවා
    එයට ප්‍රධානම හේතුව ලෙස මම දකින්නේ වැඩි හිටි වියේදී ඇති විය හැකි පෞරුශ විශමතා පිළිබඳ ප්‍රශනයයි. යහපත් පෞරුශයකින් හෙබි පුද්ගලයෙකු බිහි වීමට ආරක්ෂිත ළමා වියක් වැදගත් යැයි මා පෞද්ගලිකව සිතනවා.

    කෙසේ නමුත් මේ පොත පිටුපස ඇති බළල් අත් පිළිබඳව කථා කටු තුමාගේ විග්‍රහය හා එකඟ විය යුතුයි.

    ඒ වගේම අභයතිස්ස හිමියන් මෙහිදී මහු කරන ඒ ඒ වයසට අනුරූඔඅ වූ දැනුම ඒ ඒ වයසේදී ලබා දීම සිදුවිය යුතුයි කීම ඉතාම හරවත් රකාශයක්. මේ පොත මගින් ඇතැමුන් ලබන අත්දැකීම් සියල්ලන්ගේ අත්දැකීම් කිරීමට උත්සාහ දරා ඇති බවකුයි පෙනෙන්නේ. එය ඉතා නරක තත්වයක්.

    ඒ වගේම මෙවැනි කූට උපක්‍රම මගින් ස්වයං වින්දනය හා සමලිංගිකතාවය උත්කර්ශයට නැගීමේ උත්සාහයක් ඇතැයි අවධානමක් හඳුනා ගැනීමේ කිසිදු වරදක් දකින්නේ නැහැ.

    අපි අපේ රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නයනේ - සිතුවිළි,

      "ළමා පරපුරට ලිංගික අපයෝජනයන්ගෙන් ගැලැවීමට කියා දීම ඉතාම වැදගත් කාරනයක් ලෙස මම දකිනවා එයට ප්‍රධානම හේතුව ලෙස මම දකින්නේ වැඩි හිටි වියේදී ඇති විය හැකි පෞරුශ විශමතා පිළිබඳ ප්‍රශනයයි." මේ ගැන 100% එකඟයි. අවුරුදු 4 දී අතවරයට ලක් වූවා යැයි කියන කාන්තාවම උදාහරණ කර ගන්න. ඈ අදත් සමාජය වෙත මුදා හරින වෛරය කොතරම් ද ? නමුත් මෙය (එනම්, බාල වයස් කරුවන් ලිංගික අපයෝජනයන්ට ලක් වීම) වැළැක්වීමට ළමයින් දැනුවත් කිරීම නම් නොවෙයි විසඳුම. මේ ගැන වගකීම ඇත්තේ වැඩිහිටි සමාජය අතයි.

      "The Man Without a Face" මා කලකට පෙර නැරඹු චිත්‍රපටියක්, එහි දැක්වෙන්නේ එවැනි චෝදනාවකට ලක් වූ වැඩිහිටියෙක් පත් වන තත්වයයි.
      https://www.youtube.com/watch?v=rVz8xW4OqTA

      "පොතේ" ප්‍රතිලාභ වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන්, පිරිමින් සහ අනෙක් අය මටනම් පෙනෙන්නේ "පල්ලි වල කඩු තබාගෙන සිටින්නේ දැරිවියන්ගේ ආරක්‍ෂාවට" යැයි ප්‍රස්ථා පිරුළක් ඉදිරිපත් කළ ප්‍රාඥයාගේ ගණනටයි. වෙනස මේ අය යෝජනා කරන්නේ දැරිවියන් අතටත් දරුවන් අතටත් සෑම දෙනා අතටත් කඩු ලබා දීමටයි. අවසානයේ සිදු වන්නේ තුවාල කරුවන් වැඩි වීම මිස අඩු වීම නොවෙයි.

      Delete
  5. https://www.youtube.com/embed/IZ_Yr6X5kV8?start=401

    ReplyDelete
  6. පොඩි කාලෙම පවුල ඇතුලේ දූශනය වෙලා ආපහු අවුරුදු 17 දිත් දූශනය වෙන කෙනෙක්ට පවුලෙ සිදුවන දූශනය ගැන තියන්නෙ පුලුල් අත්දැකීමක් කියලා හිතීම විහිළුවක්. ඇය ට තියන්නෙ පුද්ගලික අත්දැකීමක් සාධාරණ විශ්වීය අත්දැකීමක් හැටියට විග්‍රහ කෙරෙන ලිං මැඩි මානසිකත්වයක්.

    පසු කළෙක ලැබුනු අධ්යාපනයත් එක්ක කෙනෙකුට වූ අතවරය ගැන ලියලා ඒක සමාජගත කිරීමේ වරදක් නැහැ, එයින් අඳුරු පැතිකඩක් නිරාවරණය කරනවා. හැබැයි මේ නිරාවරණය තුල ඈ ඈට වුන දේ හැම පවුලකම හැම ළමයාටම වෙනවා කියලා කියන්න තරමට සාහසික වෙනවා. ඈ දිහා කවුරු හරි බැලුවත් ඈ ඒක දකින්නෙ අඩන්තේට්ටමක් හැටියට.

    ඈ සම්ප්‍රදායික කියලා අප හිතන මහා සමාජ ධාරාවට පහර දෙන්නෙ වෛරය ක්‍රෝධය වැනි ප්‍රාථමික අවගුණ සියල්ලම එකට එකතු කරලා. ඈ ගමන්ම නිර්ලජ්ජී ලෙස තමන් රචනා කළ කාම හෑල්ල ට ප්‍රසිද්ධියක් දෙන්නෙ, දැන් ඔය පොත හොයන ලිංගික අසහන කාරයන් සොය සොයාමයි.

    අප වැනි සමාජ ආරක්ශණය අඩු රටක අපට තියන ලොකුම ආරක්ශාව තමා අම්මා. අම්මලාට චන්ඩිත් යටයි. අම්මලා ට අතවරයක් වුනා නම් පොඩි කාලෙ ඒ අම්මා දුවව ඇහැ වගේ රකිනවා. මොකද ඒ අතවරය සිදු වුන දවසෙ ඉඳලා මේ වෙනකල් ඈ සමාජය විසින් හික්මවා තිබෙනවා. හැබැයි අනෝමා වගේ අය දිගටම සමාජයෙන් ඇරියස් එකක් ඉල්ලනවා. ඈට තියන ප්‍රශ්නය ඉපදී අහවල් දින ගණනකදී සල්ලාලයන්‍ට අසු වීම.

    අඩු වියේ වුනත් පෙම්වතෙක් එක්ක ලිංගික සන්තර්පණය ලැබීම ඈ ප්‍රතික්ශේප කරන්නෙ නෑ. ඈ හිතන්නෙ ළමයි ලිංගික අපහරණයට ලක් වීම වලකන්න නම් ලිංගික නිදහස දුන්නම හරි කියලා (මේ බයියො ගෑණියෙක්ගෙ අහවල් එක දැකලා නැති නිසා දුටු දුටු එකා පස්සෙ යනවා කියලයි හිතන්නෙ) ඒත් බටහිඩ පීඩොෆීලියා කියලා ලේබල් අලවලා පැත්තකට කළත් ළමයි ගොදුරු කරගන්න අය බටහිර ලොව බහුලයි.

    සෑම රතියක්ම වින්දයින් පස්සෙ ඔවුන් තව තව කඩ ඉම් හොයා යනවා. ළමා ලිංගික සේවයන කරන්න පුළුවන් රට වල් හොයාගන එනවා. අද තායිලන්තයෙ කුඩා කාන්තාව ඔවුන්ගෙ ගොදුරු. ලංකාවෙ කොල්ලන් ඔවුන්ගෙ ගොදුරු. ඒවාට ජනාදරී ලා නිහඬයි ඔවුන් ගහන්නෙ පවුලේ අයට. ඔවුන්ට ඕන පවුලත් දැරියත් අතර සබැඳිය බිඳින්න ඒකට තියන එකම මඟ පාසල. ළමයා ඉගෙනගත්තත් නැතත් තවම ඔවුන්ට පාසල විශ්වාසයි.

    මේවයින් කරන්න හදන දේ අනුවේදනීය කරන්න "මට මෙහෙම මෙහෙම ලියුම් ලැබිලා තියනවා" කිය කියා ඉතා සුවිශෙෂ සාම්පලයක කට්ටිය සමග කරන සන්නිවේදනය සාමාන්‍යකරණය වෙනවා. මේකෙන් වෙන්නෙ අපහරණයෙන් වැලකීම නෙවෙයි අපහරණය සංස්තාපිත වීමයි.

    එහෙම නෑ කියලා හිතුවත් මේකයි වෙන්නෙ. නොයෙක් ආර්ථික අපහසුතා ඇති විශම සමාජයක ඒකයි වෙන්නෙ. ප්‍රශ්න වැඩි වුනාම තාත්තගෙ වකුගඩුවක් අක්‍රීය වුනාම දැන් දැරිය දන්නවා මට ඉල්ලුමක් තියනවා කියලා. එතකොට ඈ වටපිට බැලුවම ඒ ඉල්ලුමට කලින්ට වඩා ගෙවීමක් කරන අය ටිකක් බිහිවෙනවා. ඒකයි ඇත්තටම වෙන්නෙ. මේ දැනුම පාසලෙන් ලබලා ගොඩ යන අය නෙවෙයි වැඩි.

    මේ නිසා වැඩිහිටියන්ට හැමතිස්සෙම හිතන්න වෙනවා "දුවව බදගත්තොත් වරදක් සිතයිද" කියලා. පියා දුරස්ථ වෙනවා. අසමාන අසමමිතික සමාජයක බාහිරින්යමක් දානකොට පරිස්සමින් ඒක කරන්න ඕන.

    අනික කවුද දැන් දැනුම ගන්න පොත් බලන්නෙ? බටහිර හැම තැනම යටිතල පහසුකම් තියනවා නම් දැනුම විතරයි දෙන්න ඕන. නමුත් එහෙම නැති තැනක දැනුම විතරක් දුන්න ගමන්, දැන් හැමෝම ලිංගික අපහරණයට ලක් වීමට අවශ්‍ය මූලික දැනුම ලබාගන්නවා. පවුලෙ අපහරණය පසු බෑවත් පාරෙ අපහරකයා ට මේකෙන් ලේසියි. කොහොමත අපහරකයා තර්ජනය කරනවා.

    මේ අපහරණ ප්‍රශ්නය විසඳන්න ඕන වෙනත් කොනකින් පොතක් ලිව්වා කියලා ඕකෙන් මුකුත් වෙන්නෑ. ලමයි ඕක කුතූහලයට බලයි හැබැයි එයාල එදා ඉඳලා "මා දිහා බලන අරයා මෙයා ඔක්කොටම ඕන අරක" කියලා හිතයි. මේකෙන් දරුවා ට පෙර සූදානමක් තමා දෙන්නෙ. අපි සමබිමකට කලින් මේ කරන දේවල් හොඳ වෙන්නෙ මේවා වලට සෙමිනා තිය තිය ඒවා වල කියව කියව ඉන්න අයටයි අන්තර්ජාටිහ්ක ආයතන වලින් සල්ලි ගන්න අයටයි විතරයි. ඒකට අමතරව කැමැත්තෙන්ම නහය තොල් විදගත්ත අයට තැන නොතැන නොබලා කතා කරන්නත්, ගණිකා වෘත්තියට ඇඩ් දෙන්නත් අවස්ථවක් ලැබෙනවා.

    එයාලාට ඕන පොත් පත් විකුණගන දරුවො කුරුවල් කරගන්න විතරයි. මෙයාලාට ඕන අඹ යහළුවො කතාවෙ නිමා ගල්බන්ඩගෙ ගොදුරක් වෙලා සුනිල් මෛත්‍රිට ආඳවන කතාව. ළමයින්ගෙ අහින්සක කම් නැති කරන්න ඕන නෑ. වැඩිහිටියන් දැනුම්වත් කරලා රට බේරන පවුරක් වගෙ අපේ අක්කලාට නංගිලා රකින්න කියමු අයියලාට මල්ලිලා නංගිලා රකින්න කියමු. තනි තනි කරදර ප්‍රචාරය නොකර මැඩගමු.

    අපේ තරුණයා පරපීඩකයෙක් නෙවෙයි, උන්ට ඕන ලස්සන රටක් මිසක් තැන් තැන් වල හස්තෝපක්‍රමයේ යෙදෙන රටක් නෙවෙයි, ඒ රට උන්ට හදන්න අපි අත්වැලක් වෙමු. උන් ඒ රට හදයි.
    ---
    layaback | 2 weeks ago
    https://www.youtube.com/watch?v=FS_22GM0CLQ

    ReplyDelete
    Replies
    1. අපගේ රචනාව පසෙක තිබියේවා, මේ ඉතාම සාර්ථක රචනයකි. කිව යුතු දේ ඉතා හොඳින් කියා තිබේ. උපුටා දැක්වීමට ස්තූතියි, රචකයාට ප්‍රණාමය.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !