Monday, November 18, 2019

සජිත් ප්‍රේමදාස සහ ආර්‍යාව

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පරාජය ලැබීය. එසේම ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ද ඉල්ලා අස් විය. දැන් ඔහු නිදහස් මිනිසෙකි.

En route to Colombo after casting my vote at Hambantota
මේ මැතිවරණ ව්‍යාපාරය තුල සජිත් වෙනුවෙන් වක්‍රව හෝ සහය දැක්වීමට අපට අවශ්‍යතාවයක් නොතිබූ මුත්, ඔහුට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යාමට අවශ්‍යතාවයක් ද නොවීය. කෙටියෙන් කියතොත් ගුණකුත් නැති නුගුණකුත් කීමට නැති පතෝල දේශපාලනඥයෙක් වන ඔහු ජනාධිපති වීමට අප විරුද්ධ වූයේ ඔහු වටා සිටින සහ ඔහු නියෝජනය කඳවුරේ සිංහල විරෝධී ආස්ථානය හේතුවෙනි. සජිත් ජනාධිපති වී නම් සිරිසේන v1.0 නැවත ආරම්භ වීමට ඉඩ තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂයකින් හෝ වන සජිත් ප්‍රේමදාසගේ ඉදිරි දේශපාලන ගමනට දෙතිස් කතාවේ සුභ පැතුම් !




අප ප්‍රාර්ථනා කළ පරිදි සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය පැරදින. නමුත් එයින් ඔහු ජීවිතයෙන් පැරදුණේ නැත. ඔහුට මීට වඩා ඉදිරියට දේශපාලන අනාගතයක් හිමිය. අපගේ පෞද්ගලික අදහස අනුව ඔහු ඉදිරිපත් විය යුතුව තිබුණේ මීළඟ (2024) ජනාධිපතිවරණයට මිස මෙවර ජනාධිපතිවරණයට නොවේ. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරියේ පරාජයට පත් වීම ගෞරවයක් බව ඔහු සිතුවේ නම් එහි වරදක් ද නැත. ජනාධිපතිවරණයෙන් පැරදුණත් ඔහු ඊළඟ මහමැතිවරණයෙන් නැවත පාර්ලිමේන්තු පැමිණෙනු ඇත.

එක්සත් ජාතික පක්‍ෂය මෙතරම් කූජිත වූ වෙනත් අවස්ථාවක් නැත. දැන්වත් රනිල් වික්‍රමසිංහ නායකත්වය පුරප්පාඩු නොකරයි නම් සජිත් ප්‍රේමදාස තීරණයක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඔහු හම්බන්තොටට සීමා වීම පක්‍ෂයටත් තමාටත් කර ගන්නා විශාල අසාධාරණයකි.

සජිත්, ඔබ එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් නොවන්න. ඊළඟ මැතිවරණයට කොළොඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන්න.

සමහර විට අපගේ ඡන්දයත් ඔබට ලැබෙනු ඇත.



එසේම තව එක දෙයක් කියමි.

ඔබේ භාර්‍යාව පරාජය හමුවේ ඔබ සමග ප්‍රසිද්ධියේ සිටීම ධනාත්මක ලක්‍ෂණයකි. එහෙත් ඈ සමාජයට විහිළු සපයන්නියක් නොවන සේ හසුරුවා ගන්න. ඔබේ පියාණන්ටත් වැරදුණ තැනක් නම් ඔහුගේ ආරියාව ඕනෑවට වඩා ප්‍රසිද්ධියට දැක්වූ ඇල්මයි. ගම් වල මිනිසුන් මෙයට බනින්නේ කුල මල ඇද ගනිමිනි. එය දැඩි අවාසියකි.

4 comments:

  1. ගොටාගේ පුකේ ඇගිල්ල ගහලා ගූ කාපන් මානසික ලෙඩා

    ReplyDelete
    Replies
    1. මානසික ලෙඩා මහතාණෙනි, ඔබ තුමාව දෙතිස් කතාව වෙත සාදරයෙන් පිළිගන්නා අතර මෙය ඔබගේ පළමු ප්‍රතිචාරය බව සිතමි.

      මීළඟ අවස්ථාවේ ප්‍රතිචාර දමන විට "Anonymous" තෝරනු වෙනුවට "NAME/URL" තෝරා ඔබ තුමාගේ නම සටහන් කරන්නේ නම් මැනවි. ප්‍රතිචාරය අවසානයේ නම සඳහන් කිරීමට වඩා එහි පිළිවෙලක් තිබේ.

      ප්‍රතිචාරයට ස්තූතියි !

      Delete
    2. සෙන්නා November 19, 2019 at 11:14 AM
      ගෙදරට ගොඩ වැදුණු කවරෙකුට වුව නිග්‍රහ කිරීම සිංහලයෙකුට යුතු නොවේ.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !