![]() |
| Microsoft OneDrive |
Saturday, September 27, 2014
Cloud storage for File backup
Monday, September 15, 2014
Monday, September 8, 2014
අග්‍ර ශ්‍රාවිකාවෝ
| මෙහෙණින් වහන්සේලා |
ගෞතම සම්මාසම්බුද්ධ සාශනය පමණක් නොව ඊට පෙර පහල වූ සම්බුද්ධ සාශන වලත් පසුව අනාගතයේ පහල වන සාශන වලත් මෙහෙණි සස්න පවතින බව බුද්ධ වංශ දේශනා වලින් පෙනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඛේමා - උප්පලවන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකා ලෙස පත් කර වදාළ අයුරින් තමන් වහන්සේලා ගේ සස්නේ මෙහෙණින් වහන්සේලාට නායකත්වය දීම පිණිස සෑම සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්ම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ලා නම් කර වදාළත්. අද ලිපියෙන් අප ඒ පුරාණ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ගැන දැන ගනිමු.
Sunday, August 10, 2014
දසබෝධිසත්තුප්පත්තිකථාව
මේ වස් කාලයයි. පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින වෙහෙර විහාර වල ගජරාමෙට පින් කම් සංවිධානය කෙරෙන්නේ මේ කාලයේදී ය. පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා වෙතොත් උන් වහන්සේලා පසුවස් සමාදන් වන්නේ නිකිණි පෝ දිනයේය.
![]() |
| සම්මා සම්බුදුවරු |
Friday, August 1, 2014
වළා
අද මාතෘකාව වළා. මෙය 'වලා' නොවන බව දෙතිස් කතා කියවන පාඨකයන්ට පළමුව මතක් කරමු. එවැනි මතක් කිරීමක් කිරීම තම බුද්ධියට කළ නිගාවක් ලෙස සිතේනම් අප පාඨකයින් ඒ ගැන කමාව භාජනය කරත්වා. එසේම පහත රුපවාහිනී සාකච්චාවේ යෙදෙන බුද්ධිමතා වලා නොවන බව දෙවනුව මතක් කරමු.
මේ සියලු වැල්වටාරම් ආරළු-බූරුලු වල අරුත වලා ගැන අද කතා නොකෙරන බවයි. අද මාතෘකාව වළාය. ඔව්, අර අහසේ පාවෙන ඒවා.
| විශ්ව බන්ධු ගුප්තා මහතා |
Tuesday, July 22, 2014
හෙල්මට් ගැලවූ අසරණයාගේ කලිසමත් ගැලවීම
හෙල්මට් ගලවමුද යනු මීට දෙමසකට පෙර පල කෙරුණු ලිපියකි. යතුරු පැදි ධාවකයන් විසින් පූර්ණ ශීර්ෂාවරණ පැළඳීම වැළැක්වීම පිණිස නීතිය බලාත්මක කිරීම පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තැන්පත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා විසින් කෙරුණු ප්‍රකාශයක් ඊට ප්‍රස්තුත විය. ඒ දින වලම අපට ලැබුණු විද්‍යුත් ලිපියක් එයට සුදුසු ඌන පූර්ණයක් ලබා දුන්නත් එය අපගේ වැඩි සැළකිල්ලක් නොලැබීමට හේතුව එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික අරගල වෙනුවෙන් පෙනී සිටීම දෙතිස් කතාවේ විෂය පථය තුල අපහසු කරුණක් වීම නිසාය. හැරත් ඒ විද්‍යුත් ලිපිය දෙතිස් කතා වෙත ම යොමු කෙරුණක් නොව, සාමාන්‍ය විද්‍යුත්-ලිපි-කණ්ඩායක් වෙත යැවුණු ලිපියෙකි.
කාලය සමග ඒ පළමු ලිපිය මතකයෙන් ඉවත් වී ගියත් ඒ මතකය නැවත අලුත් වූයේ එහි ම දෙවන කොටස ලෙස සැළකිය හැකි ලිපියක් නැවත ලැබුණු බැවිණි.
Friday, July 11, 2014
මා නික්ඛම මහාවීර...
ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මේ පොහෝ දිනයේ සිදු වූ සිදු වීම් බොහොමයක් වෙසක් පොහෝ දිනය හා අන්‍යොන්‍ය වශයෙන් බැඳී පවතී.
![]() |
මා නිඛම මහාවීර - ඉතෝ තේ සත්තමේ දිනේ |
- මව්කුස පිළිසිඳ ගැනීම
- ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනිහක් හා පැවිද්දෙක් යන සතර පෙරනිමිති අතුරින් ප්‍රථම හා අවසාන නිමිත්ත දර්ශනය
- රාහුල කුමරුගේ උත්පත්ති මංගල්‍යය
- කිසා ගෝතමියගේ නිබ්බුත පද ඇසීම ඇසීම හා ඈ වෙත සිය මුතුහර තෑගි කර යැවීම
- නාටිකාවන්ගේ විප්‍රකාර දැකීම
- මහාභිනිෂ්ක්‍රමණය
- තව්තිසා දෙව් ලොව සිළුමිණි සෑය ඇති වීම හා බඹ ලොව සළුමිණි සෑය ඇති වීම
- සිද්ධාර්ථ කුමාරයා සසර කතරින් එතෙර කිරීම පිණිස තිස් යොදුන් මග ගෙවා පැමිණීමට උපකාර වූ කන්ථක අශ්වරාජයා තිරිසන් ආත්මභාවයෙන් චුත වී දිව්‍ය ශ්‍රී ලැබීම
- රාජගහ නුවර පිඬු සිඟා වැඩිම, ආහාරයේ පිළිකුල මෙනෙහි කිරීම හා අධිෂ්ඨාන කරගෙන වැළඳීම
- මගධ රාජාධිපති බිම්බිසාර රාජයාගේ අර්ධ රාජ්‍ය භාර ගන්නා ලෙස කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම හා බුදු බව ලබා පළමුව රජගහ නුවරට වැඩම කරන ලෙස කළ ආරාධනය පිළිගැනීම.
Saturday, July 5, 2014
බාදක මැදින් දෑවුරුද්දක්
![]() |
| පළමු වසර සැමරුම් ලිපිය |
පළමු වසරේ වැඩිම කියැවීමක් ලද ලෝකය හට ගැනීම හා එහි නිරෝධය ලිපිය වැඩිම කියැවීමක් ලබමින් තවමත් පෙරමුණේ වෙයි. ඒ ලිපිය මේ වන විට දහස් වරකට වඩා කියවනු ලැබී ඇත. වැඩිම පාඨක ප්‍රතිචාර ලැබූ ලිපිය ලෙස සමනල පව්වේ සිරිපා පිහිටවූ වෙසක් පුර පසළොස්වක ලිපිය අභිබවා ඒ වසරේ පොසොන් හා ඇසළ පෝ දින ලිපි ඉදිරියට පැමිණ තිබේ. මේ ලිපි දෙකම පාඨක ප්‍රතිචාර සියය ඉක්මවා ලබා තිබේ. ඒ සාර්ථක සංවාදයක ලකුණකි. ඒ සියලු සුභ ලකුණු තිබියදීම සංවාද සඳහා සහභාගී වන පිරිසේ අඩුවක් පෙනෙන්නට තිබීම කනගාටුවට හේතුවකි. සිංහලයින්ට සිංහලයින් හා සිංහලෙන් කතා කිරීමට දෙයක් නැත්ද? ඇත්නම් ඒ දෙලොවට වැඩක් නැති ඕපාදූප පමණද?
Subscribe to:
Posts (Atom)
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.
එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !




