Friday, August 1, 2014

වළා



අද මාතෘකාව වළා. මෙය 'වලා' නොවන බව දෙතිස් කතා කියවන පාඨකයන්ට පළමුව මතක් කරමු. එවැනි මතක් කිරීමක් කිරීම තම බුද්ධියට කළ නිගාවක් ලෙස සිතේනම් අප පාඨකයින් ඒ ගැන කමාව භාජනය කරත්වා. එසේම පහත රුපවාහිනී සාකච්චාවේ යෙදෙන බුද්ධිමතා වලා නොවන බව දෙවනුව මතක් කරමු.

මේ සියලු වැල්වටාරම් ආරළු-බූරුලු වල අරුත වලා ගැන අද කතා නොකෙරන බවයි. අද මාතෘකාව වළාය. ඔව්, අර අහසේ පාවෙන ඒවා.

විශ්ව බන්ධු ගුප්තා මහතා
පහත සාකච්ඡාවේ යෙදෙන බුද්ධිමතා IT පිළිබඳ විශේෂඥයෙකි. එතුමා IT පිළිබඳ තමාගේ පෘතුල දැනුම සහ දීර්ඝ කාලින අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඉන්දියාව වෙලාගෙන තිබෙන දූෂණය සහ වංචාවට එරෙහිව සටන් කරන සමාජ ශෝධකයෙකි.


වළා ගැන IT විශේෂඥයෙකු හා කතාබහක්

විශ්ව බන්ධු ගුප්තා (Vishwa Bandhu Gupta) ඒ එතුමාගේ නාමයයි. විශ්ව බන්ධු යනු සකල විශ්වයම ඥාති කරගෙන සිටින බවයි. ඒ අරුතින් එතුමා අපගේද ඥාතියෙක් වේ. එසේම එතුමාගේ කතාවේ අතිශය ගුප්ත බවක් ද ගැබ් වී ඇත. අපි එතුමාගේ කතාවට සවන් දෙමු.


ගුප්තා මහතාගේ අපූරු දේශනය
එතුමා කතා කරන්නේ ඉන්දීය රජය විසින් එරට ජනයාට ලබා දීමට සැළසුම් කර ඇති අනන්‍යතා පත්‍රය හෙවත් ශ්‍රී ලංකාවේ භාෂාවෙන් කියතොත් හැඳුනුම්පත පිළිබඳවයි. මේ පරිගණකගත කරන ලද අතිශය සංකීර්ණ මෙවලමකි. අපට මේ කතාව වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ද පරිගණකගත කළ හැඳුනුම්පතක් නිකුත් කිරීම පිළිබඳව දැන් වසර කිහිපයක පටන් කතා බහ කෙරෙන නිසාය.

හැඳුනුම්පත ගැන කතාව අතර තුර ගුප්තා මහතා තම කුශාග්‍ර බුද්ධිමත් බව පසක් කරමින් තොරතුරු සුරක්‍ෂාව (Information Security) සහ වළා (Cloud) ගැනද කතා කරයි. අපට වැදගත් වන්නේ ඒ කොටසයි.

මේ විස්තර කෙරෙන සන්තෑසිය ලංකාවේ සිදු නොවීම පිණිස දුර දිග බලා කටයුතු කිරීම පාලක-පාලිත දෙපක්‍ෂයේම යුතුකමයි. මෙහිදී IT අංශයේ කටයුතු කරන වෘත්තිකයන් සතුව ඇත්තේ දැඩි වගකීමකි.

සැළකිය යුතුයි:
  1. විශ්ව බන්ධු ගුප්තා මහතා ඉන්දියාවේ හිටපු ආදායම් බදු (Income Tax - IT) කොමසාරිස් වරයෙකි. IT හෙවත් ඉන්කම් ටැක්ස් ගැනත් ඉන්කම් ටැක්ස් වංචා ගැනත්, වංචාකාරයින් ගැනත්, වංචා උපක්‍රම හා ඒවාට අනුබල දෙන නීති රීති ගැනත් ඔහුගේ දැනුම සහ අවබෝධය මුළු ඉන්දියාවේම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. එතුමා වළා (Cloud) සහ තොරතුරු සුරක්‍ෂාව (Information Security) ගැන දෙසන දෙයින් ඒ සම්බන්දව එතුමාගේ දැනුමද හෙළි වේ.
  2. හින්දි බසින් කෙරෙන මේ සංවාදය ඉංගිරිසි බසින් උපසිරැසි යොදා තිබේ. හින්දියෙන් කියන සේ සර්වප්‍රකාරයෙන්ම පරිවර්තනය කර දීමට ඉංගිරිසිය සමත් නොවෙතත් මෙය නිපදවූ ශිල්පියා ඊට ප්‍රසංශනිය උත්සාහයක් දරා ඇත.

4 comments:

  1. සිංහලෙන් දාන්න.
    නැත්නම් ගතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් නැතුවා නොවේ.

      Delete
    2. ඉතිං සිංහලෙන් දානවකෝ හලෝ.
      මට මේ අලි බැලිල්ලක් නිසා මල පැනල ඉන්නේ.
      > http://lankacnews.com/sinhala/news/120173/#comment-815099

      Delete
  2. ඔබේ දෙතිස් කතාවේ අවුලක් ඇත. එහි සමහර දේ පෙනෙන්නේ නැත.
    උදා: මාතෘකා, අනු මාතෘකා, ප්‍රතිචාර ගණන ඇතුළු foot note එක.
    මගේ browser එක IE11.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !