Friday, May 24, 2013

සමනල පව්වේ සිරිපා පිහිටවූ වෙසක් පුර පසළොස්වක

සකල ලෝකවාසි බෞද්ධ ජනතාවට පමණක් නොව මුළු තුන්ලෝකයටම ඉතාම වැදගත් සිදු වීම් සිදු වූ මාසය වෙසක් මාසයයි. ගස් වැල් මලින් පිරී ගොස් මුළු ලංකාවම මංගල සිරියක් උසුලන්නේ මේ කාලයේදීය. දෙමාසයක්‌ පමණ ජනයා ක්ලාන්ත කළ ග්‍රීස්මය කෙමෙන් අඩු වී ගොස් පරිසරය සිහිල් බවක් දනවයි. නිරිත සහ බටහිර දෙසින් සුළං හමන්නට පටන් ගන්නේ සරුංගල් අතැති පොඩි උන් සහ මහ උන්ද වෙල් එළි හා පිට්ටනි වලට රොක් කරමිනි. කාලගුණය සෞම්‍ය වන අතර කඩින් කඩ වැසි ද ඇති වෙයි. පොත් සාප්පු, සිල්ලර වෙළෙඳ සල් වල එළිපිට සව් කොළ ගොඩ ගසා විකිණෙන්නේ සරුංගල් සෑදීම පිණිස පමණක් ම නොවේ. ඕවිටි වල වතු වල ඉබාගාතේ වැඩුණු පුවක් ගස් වලට උණ ගස් වලට මේ අපල කාලයකි. මේ අසරණ ගස් ගැන අනුකම්පාවෙන්දෝ මහජන චීන සමූහාණ්ඩුව ලංකාවේ පදික වේදිකා හා තාවකාලික කඩ ඉදි කරගෙන මහජනයාට ලාභයට විකල්ප අළෙවි කරයි. ඒවා රෙඩි මේඩ්ය. ජනයා ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බුදුන් පිදීමට ලක ලැහැස්ති වෙති.

මේ ජනයා තොරන් බඳිමින්, පහන් කූඩු දල්වමින්, දන්සැල් දෙමින්, වන්දනා ගමන්හි නියැලෙමින් මේ සමරන්නේ සනරාමර ලෝකශිවන්කර ශ්‍රී සම්බුද්ධ දිවාකරයානන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන තුන්මහා මංගල්‍යයයි. ලංකාවේ වැඩිම ජනතාවක් පෙහෙවස් සමාදන් වීම පිණිස දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන හා සිද්ධස්ථාන වලට එක් රොක් වන්නේ වෙසක් පුන් පෝයටයි. එකී විහාරස්ථාන වල කථින පින් කම් වලට නොදෙවෙනි පින් කම් රාශියක් මේ පොහොය මුල් කොටගෙන සිදු වේ. මහනගර සුළු නගර වල නොයෙක් සමිති, සමාගම්, සංවිධාන මුල් වී පහන් කූඩු, භක්ති ගීත තරඟ සංවිධානය කෙරේ. වෙසක් කලාප කියා මේ වෙනුවෙන් ම වීථි වෙන් කර ගැනීම ද සිරිතකි. වෙසක් පුර පසළොස්වක් දිනයෙන් ඇරඹෙන මේ ආමිස පූජා බොහෝ විට අව අටවක් දිනය වන තෙක් ම ජයට පැවැත්වේ. බොහෝ ජනයාට පින් සහ පව් බොහෝ පහසුවෙන් පුරා ගැනීමට මේ සුදුසුම කාලයයි.

වෙසක් පෝ දින සිදු වූ සම්බුදු තෙමගුල අරමුණු කොට ලියැවුණු එවන් ගීයකට සවන් දෙමු.
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝසත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා - තුරු ලතා තුළින් මල් පියලි සලා...
සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදු වූවා
අමා දහර දිය ගලා ගලා - තුරු ලතා තුළින් මල් පියලි සලා...
ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා - තුරු ලතා තුළින් මල් පියලි සලා...
වෙසක් මාසයේ සිදු වූ බුදු තෙමගුල හා බැඳුනු සිදු වීම් දහස් ගණනකි. එසේ හෙයින් ඒ ගැන වර්ණනා කිරීම වික්ටර් රත්නායක ශූරින් විසින් ගැයෙන ඉහත ගීතයට ලඝු කොට වෙසක් මාසය ආශ්‍රිත තවත් සිදු වීම් සළකා බලමු.

සුමේධ තවුසාණන් දීපංකර බුදුන් පාද මූලයේදී නියත විවරණ ලැබීම

අප වෙසෙන මේ කල්පය මහාභද්‍රකල්පයට නම් වෙයි. මහාභද්‍රකල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් එපිට සාරමන්ඩ නම් කල්පයක් වීය. ඒ කප තණ්හංකර, මේධංකර, දීපංකර නම් සම්මා සම්බුදු වරයන් වහන්සේලා තුන් නමක් පහල වූහ. ඒ බුදුරජාණන් වහන්සේලා ගෙන් අන්තිම දීපංකර නම් දිවාකරයාණන් වහන්සේ මුළු ලොව් දහම් අමා ජලයෙන් තෙමා වදාරමින් සිටින සමයේ අප මහා බෝසතාණෝ අමරාවතී නම් නුවරක බ්‍රාහ්මණ මහාසල් කුලයෙක සුමේධ නමින් ඉපිද ප්‍රඥාවෙන් සංසාර දුක දැන නිවන් පතා තාපස පැවිද්දෙන් පැවිදි වී හිමාලයේ පන්සලක් කොටගෙන වසත්. උන් වහන්සේ පැවිදිව සත් දවසකින් උපදවා ගත් පංචාභිඥා හා අෂ්ඨ සමාපත්ති ඇත්තේය, මහත් සෘද්ධි ඇති සේක.

මෙසේ වසන උන් වහන්සේ එක් දිනක් අහසින් වඩින්නේ, රම්‍යවති නම් නුවරට යන මග සරසනා මිනිසුන් දිටී. සුමේධ තාපසයන් වහන්සේ ඒ දැක ආකාශයෙන් බිමට බැස මේ කිමදැයි විචාරා බුදුන් වඩින බැව් දැන උපන් ප්‍රීතියෙන් මටත් කොටසක් දෙව් යැයි ඉල්ලීය. බෝසතුන්ගේ සෘද්ධි දුටු ඒ මිනිස්සු එක්තරා මහත් කලල් වගුරක් උන් වහන්සේට පවරා දුන්හ. බෝසතාණන් වහන්සේ සිතන්නාහු, මාගේ සෘද්ධියෙන් මේ වල ගොඩ කිරීම මහත් දෙයක් නොවෙයි. එසේ වුවත්, ආනුභාවයෙන් කරන්නා වූ සත්කාරයෙහි ඇලුම් හැර ඇඟින් ඩා සොලවා කරන්නා වූ සත්කාරයම උතුම් යැයි සිතාලා උදැල්ලක් හා කූඩයක් ගෙන කාර්යය ඇරඹුවා හු ය.

මෙසේ වගුර ගොඩ කරන්නා වූ කල කාලය ඉක්ම ගියේය, වගුර මදක් ඉතිරි වී ගියේය, සාරලක්‍ෂයක් මහරහතන් පිරිවරා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වඩින්නේය. මෙසේ සවණක් ගන බුදු රැසින් බබල බබාලා තමන් ඉදිරියේ වැඩ සිටියා වූ බුදුන් දැක ප්‍රීතීන් පින පිනා අද මාගේ ජීවිතය බුදුන්ට පුදන්නේ මැ යි සිතා තමන් පොරවා සිටි අඳුන් දිවි සම කලල් වසා අතුරා බුදුන් දෙසට සිරස නමා ඒ මත්තෙහි හොත්තේ ය. එසේ හොත් සුමේධ තාපසයන් වහන්සේ මෙසේ වූ බුද්ධ ලාභයක් මටත් වේවයි පැතීය.

ඒ දුටු දීපංකර නම් බුදුරජාණන් වහන්සේ මේ පුරුෂ තෙමේ බුද්ධ රාජ්‍යය පතා දිවි පුදමින් අද මෙතැන හොත්තේය. කෙසේද මේ තෙමේ අනාගතයේ බුදු වන්නේදැයි බුදු නුවණින් මේ කප බලා නොදැක ඊළඟ කප බලා නොදැක මෙලෙසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් බලා බුදු වන බැව් දැන තමන් වහන්සේ පසුපස්සේ වඩනා සාරලක්‍ෂයක් රහතුන් අමතා:
පස්සථ ඉමං තාපසං
ජටිලං උග්ගතාපනං
අපරිමෙය්ය ඉතො කප්පෙ
අයං බුද්ධො භවිස්සති
යන මේ ගාථාවෙන් විවරණ ශ්‍රී දී වදාළහ.

මෙසේ නියත විවරණ ලත් ඒ මහතාණන් ගේ පිට නොමැඩ ඒ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ හා උන් වහන්සේගේ සාරලක්‍ෂයක් පිරිවර රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන වැඩමවා වදාළහ. මෙසේ ඒ අප මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රථම නියත විවරණය ලැබූයේ මෙවැනි වෙසක් මාසයකදී ය.

මාර පරාජය

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ සූවිසි බුදු වරුන්ගෙන් සූවිසි විවරණ ලබා වෙසක් පෝ දිනෙක ලෝ ජනිත වූ ඒ මහතුන් පන්තිස් වසක් සපිරෙන වෙසක් පුන් පෝ දින උදෑසන සුජාතාව විසින් පූජිත කිරිපිඩු පිළිගෙන ඒ රන් පාත්‍රය උඩුගං බලා යවාලා සොත්තිය බමුණා විසින් දුන් කුසතණ අට මිට බෝමැඩ අතුරා එහි පැන නැංගා වූ වජාසනය මත වැඩ හිඳ සතර සම්යක්ප්‍රධාන විර්යය වඩා වැඩ හුන් සඳ අළුයම් කාලයේදී වසවර්ති මාරයා සිද්ධාර්තයා අද බුදු විය නොදෙමියි කියා සැහැසිව දස බිම්බරක් මාර සෙනග ගෙන ගිරිමේඛලා නම් දිව්‍යමය හස්තියානය මත පැන නැඟී බෝමැඩ කරා ආ බවත් නොයෙක් ප්‍රයෝගයෙන් සිද්ධාර්ථ තවුසන් පළවා ගත නොහී උන් විසින් මහී කාන්තාව ගර්ජනා කරවා වජ්‍රාසන අයිතිය පිළිබඳව දෙස් දුන් සඳ ගිරිමේඛලා නම් ඇතු පිටින් උඩුකුරු කොට වැටී ක්‍ෂමා කරවාගෙන පලා ගිය බවත්, බොහෝ වර්ණනා සහිතව ජනප්‍රවාදයේ සඳහන් වේ.

යට දැක්වෙන්නේ එබඳු ජනකවියක් ඇසුරෙන් කෙරුණු ගීයකි.
මේ සිද්ධිය අපේ සෘතියට එක් වූයේ 'මාර පරාජය' නමිනි. මාර පරාජය බොහෝ කව් ගී වලට පමණක් නොව චිත්‍ර වලට ද වස්තු බීජ විය. පහත දැක්වෙන්නේ අනුරාධපුර යුගයේ සිට ජනාදරයට පාත්‍ර වී පැවති සැස්සේරුව රජ මහා විහාරයේ පැරණි ලෙන් විහාරයේ නුවර යුගයට අයත් විය හැකි චිත්‍රයකි. මාර දිව්‍ය පුත්‍රයා ඇතු පිටින් හිස යටිකුරු කොට වැටෙන අයුරු මෙහි මැනවින් නිරූපිතයි.
මාර දිව්‍ය පුත්‍රයා බිම හෙන සේ ගිරිමේඛලා ඇතු දන ගැසීම
මෙකී මාර පරාජය සිදු කෙරුණේ වෙසක් පුර පසළොස්වක දින රාත්‍රිය ගෙවී පසුදින අළුයම් කාලයේ ය. වෙසක් දිනට පසු දින අපට නිවාඩු දිනයක් වන්නේ මේ හේතුවෙන් විය හැකිය. මෙසේ මාර පරාජය කර ඒ අළුයම් කාලයේදී සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගත් ඒ උත්තමයන් වහන්සේ ප්‍රථම සතිය, එනම් වෙසක් මස තුන් වන සතිය ඒ බෝ රුක මුලම බද්ධ පර්යංකයෙන් නොනැගිට සමාධි සුවයෙන් ගත කර වදාළහ. එසේ ගත කළ උන් වහන්සේ සමාධියෙන් නැගිට තමන් වහන්සේට සතියක් සෙවන දුන් මේ ඇසතු ගස අනාගතයේ බොහෝ දෙව් මිනිසුන් කෙරෙන් පුද පූජා ලබන බව දැන, ඒ සියළු පූජාවන්ට අග්‍ර වූ පූජාවක් මම්ම කෙරෙමි යි සිතාලා සතියක් ඒ බෝ රුක දෙස බලා සිටිමින් අනිමිසලෝචන නම් වූ ගම්භීර පූජාවකින් පූජා කළාහු ය. මේ වනාහි බුද්ධත්වයෙන් දෙවන සතිය යි.

කිඹුල්වත් පුර වැඩම කිරීම හා ඥාති සංග්‍රහ | යමක මහා ප්‍රාතිහාර්යය

මැදින් මැදි පෝ දින කාළුදායි මහතෙරුන්ගේ ඇරයුමින් ස්වකිය ඥාති වර්ගයාට අනුග්‍රහ පිණිස අංග-මගධ දෙරටින් මහණ වූ දස දහසක් දෙනා වහන්සේය කිඹුල්වත් නුවරින් පැමිණ පැවිදි වූ දස දහසක් දෙනා වහන්සේය යන මේ විසිදහසක් මහරහතුන් පිරිවරා රජගහ නුවරින් නික්මුණ ශාක්‍යකුලතිලක වූ ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේ දිනකට එක යොදුන බැගින් පා ගමනින් වැඩම කරමින් වෙසක් මස පුන් පෝ දා කිඹුල්වත් නුවරට සැපත් වූහ. ශාක්‍ය රජවරු න්‍යාග්‍රෝධ නම් උයන උන් වහන්සේගේ වාසයට පිළියෙළ කළාහු ය. පිළියෙළ කර බුදුන් එහි වඩා හිඳවූ මුත් මහා මානී වූ ඒ ශාක්‍ය රජ වරු බාල කුමාර කුමරියන් ඉදිරියට යවා උන් ලවා බුදුන් වැන්දවූහ, තමන් නොවැන්දහ. උන්ගේ සිත් දැන ගත් ශාක්‍යසිංහයන් වහන්සේ පෙර බුදුවරු ස්වකිය බන්ධුවර්ගයා වෙතින් කෙසේ වැඳුම් ගත්තෝදැයි බලා ඒ අනන්තාපර්යන්ත වූ බුදුවරුන්ගේ චාරිත්‍රය මම ද අද සම්පුර්ණ කරමි යි අධිෂ්ඨාන කොට පීත කසින සමාපත්තියට සමවැද දස දහසක් සක්වල මුළුල්ලේ ස්වකිය ශරීර ප්‍රභාවයෙන් ඒකාලෝක කර වදාළහ. නැවත ආකාශය දෙස බලා වදාළ කල්හි උන් වහන්සේ ගේ ආනුභාවයෙන් රුවන් සක්මනක් මැවී ගියේය. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සක්මනට පැන නැඟී මානයෙන් මැඩුණු ඒ බන්ධුන් හිස දුහුවිලි පහරන්නා සේ සක්මන් කරන්නට පටන් ගත්හ. ඒ වේලෙහි දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම සේනාව අවුත් පිරිවරා සිට ගත.

එකල්හි බුදු රජහු තේජෝ කසින සමාපත්තියට සමවැද දස දහසක් සක්වල සිසාරා සියෝලඟින් ගිනිකඳ හරනට පටන් ගත. එසේම ආපෝකසින සමාපත්තියට සමවැදී දියකඳ හරනට පටන් ගත්හ. එමතුද නොව නිල් බුදු රස් හරනා විට නිලකසින සමාපත්තියට සමවදින සේක; රන්වන් රස් හරනා විට පීතකසින සමාපත්තියට සමවදින සේක; සුදු බුදු රස් හරනා විට ඕදාතකසින සමාපත්තියට සමවදින සේක; සෙසු බුදු රස් හරනා විට වෙන වෙනම කසින සමාපත්තියට සමවදින සේක; මෙසේ නොයෙක් රස් විහිදමින්, වෙන වෙනම සමාපත්ති වලට සමවදිමින්, එක විට විවිධ සමාපත්ති වලට සමවදිමින් ඥාතීන්ගේ මන් දුරලමින් යමක මහා ප්‍රාතිහාර්යය පෑ සේක. මෙසේ ප්‍රාතිහාර්යය පානා ඒ සර්වඥයන් වහන්සේ තමන් වැනිම තව බුදුරුවක් සක්මන කෙළවර මවා ලූ සේක. නිර්මිත බුදුහුත් සැබෑ බුදුහුත් එක ලෙසම සක්මන් කරන සේක, නොඑක් ප්‍රාතිහාර්ය දක්වන සේක. ලොවුතුරා බුදුන් විමසන පැන නිර්මිත බුදුන් විසින් විසඳෙන සේක, ඒ නිර්මිත බුදුන් විසින් විමසන පැන ලොවුතුරා බුදුන් විසින් විසඳන සේක. මෙසේ බුදු වරු දෙදෙනෙක් ප්‍රාතිහාර්යය දක්වන සඳ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් තෙවැනි බුදු කෙනෙකුන් ලෙස අහසින් වැඩ බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කළේය; නමස්කාර කළ ඒ තෙරුන්වහන්සේ බුද්ධ ශ්‍රීය වර්ණනා කර පෙර කුමන සමයෙක කුමන වූ පිනක් කර කුමන වූ ප්‍රාර්ථනාවක් කළ සේක්ද, කවර වූ හේතුවකින් මේ බුදු සිරි ලත් සේක්ද, ලෝ සතුන්ගේ වැඩ සළකා ඒ ගැන දෙසා වදාරන ලෙස ආරාධනා කළාහු ය.

මෙසේ ආරාධනා ශ්‍රී ලත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව දෙසා වදාළහ. එසේම ශාරිපුත්‍රයන් වහන්සේ විසින් ආරාධිතව මතු බුදු වන මෛත්‍රිය නම් බුදුරජාණන් වහන්සේ පිලිබඳ අනාගතවංශ දේශනාව දෙසා වදාළහ. මේ දෙසුම් අවසානයේ සියළු බුද්ධ ශ්‍රී දුටු සුද්ධෝධන රාජයන් මානයෙන් පිරිහී සන්තෝෂයෙන් ඉපිලී නැමී නැමී විත් බුදුන් අබිමුවේ සිට ගත නොහැකිව පෙරලි පෙරලී වැන්දේය. මෙසේ සිය පියාණන් වහන්සේගෙන් තුන් වන වැඳුම ලත් පසු මන් බිඳුන සියළු ශාක්‍ය ඥාතීහු පැමිණ වැන්දාහ. වැඳ සතුටු සාමිචි කතා කරමින් සිට ගෙවල් වලට ගියහ. පසුදින දානයට ආරාධනා නොකළහ.

බුදුරදුන් බික්සඟන පිරිවරා මහමග පිඩුසිඟා වඩින බැව් අසා උතුරු සළුව අඳිමින් ම දිව ආ සුදොවුන් රජු මහ මගදීම දෙසූ ගතා දෙකක් අසා සෝවාන් හා සකෘදාගාමි වීමද, යශෝදරාව බුදුන් දැකීමද, නන්ද කුමරු ස්වකිය තුන්මගුල එළඹ සිටි දිනේ නොකැමැත්තෙන් ගොස් මහණ වීමද, රාහුල කුමරු මහණ වීමද, එදින සොවින් පීඩිතව පැමිණි සුදොවුන් රජුගේ ඉල්ලීම පිළිගෙන දෙමාපිය අවසරයෙන් තොරව කුල දරුවන් පැවිදි නොකිරීම පිණිස සික පද පැනවීම ද, සුදොවුන් රජුගේ සෝ දුරු කිරීම උදෙසා දෙසූ දහම් අසා ඒ රජ්ජුරුවෝ අනාගාමි වීමද, මේ වෙසක් මස සිදු වුණු සෙසු සිද්ධි වේ.

තෘතිය ලංකාගමනය

බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම, එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා, අනුරාධපුරය සහ රුහුණේ තව ස්ථාන වල සමවත් සුවයෙන් වැඩ සිට සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම වෙසක් පුන් පෝ දිනක සිදු විය. බුදුරදුන් ගේ තෘතිය ලංකාගමනය වෙනත් ලිපියක විස්තර කෙරේ.

සමනල පව්වේ සිරිපා පිහිටවන ලද්දේ සුමන දෙව් රජුගේ ඇරයුමින් වෙසක් පුර පසළොස්වක පෝ දින බැවින්, ඒ දිනයෙන් පසු සය මාසයක් යන තෙක් සිරිපා පියුම වන්දනා කිරීම හා පුද පූජා පැවැත්වීම දෙවියන්ට අයත් කාර්යයකි. ඒ සඳහා ඉඩ සළසමින් වෙසක් පෝ දිනයේ මිනිසුන් සිරිපා වඳින සිරිපා වාරය අවසන් කෙරෙන අතර ඉන් පසු නැවත වාරය ඇරඹෙන උඳුවප් පුර පසළොස්වක දිනය තෙක් කාලය අවාරයයි.

ලක්දිව රක්නා පිණිස සක් දෙව් රජුන්ට බාර කිරීම

අසූ වයස් පිරි තථාගතයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් වනයේ සල් ගස් දෙකක් අතර පැනවුණු පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස බාර කිරීම වෙසක් පෝ දිනයේ සිදු වුණු බව අපේ වංශකතා සඳහන් කරයි. සක්දෙව් රජු එය උපුල්වන් දෙව් රජුට පැවරූ බවත්, උපුල්වන් දෙව් රජු දෙවි නුවර අරක් ගෙන ලක්දිව හා සම්බුදු සසුන අද දක්වා රකින බවත් වංශකතා හා ජනප්‍රවාදයේ එයි.

විජය රාජයා තම්බපන්නියට සැපත් වීම

අපේ වංශකතා සඳහන් කරන පරිදි දඹදිවින් පැමිණ මෙහි රජ වූ ප්‍රථම රාජයා වන විජය තෙමේ තම්බපන්නියට ගොඩ බැස්සේ ද වෙසක් පුන් පෝ දා ය. උපුල්වන් දෙව් තෙමේ සක් දෙව්රජ අණ පරිදි මිනිස් වෙසක් ගෙන පැමිණ විජයයාට පිරිත් පැන් හා පිරිත් නූල් සැපයූ බවත්, ඒවායේ ආනුභාවයෙන් කුවේණි නම් යකිනියගේ ප්‍රයෝග වලින් ඔහු දිවි ගලවා ගත් බවත්, ඈ සරණ කොටගෙන යකුන් සාධා තම්බපන්නියේ නුවරක් කොට ගෙන රජ පැමිණි බවත් වංශකතා අපට කියයි.

ලක්දිව ඉතිහාසය

අනුරපුරයේ රජ වූ දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම වෙසක් පුර පසළොස්වක දිනෙක සිදු වූ බවත්, අසදෘශ මහා සෑ රදුන් වන අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම ද ඈත අතීතයේ වෙසක් පෝ දින සිදු වූ තවත් වැදගත් සිදු වීම් වේ.

මෑත අතීතය සළකතොත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය වෙත තිබූ අවසන් බැඳී වලින් ද මිදී ජනරජයක් වීම සිදු වූයේ වෙසක් මාසයකයි. ලක්දිව දෙකඩ කොට දෙමළ රාජ්‍යයක් සාදා ගැනීමට සිතා යුධවැද සිටි බලවත් සතුරු හමුදාවක් පරාජය කර සිංහලද්වීපය පුරා ජයකෙහෙළි නැංවූ වෙසක් පෝ දිනය පරදා දන්සැල් දෙමින් දනන් සතුටින් මුසපත් කළ ඒ විජයග්‍රහණයේ දිනය යෙදෙන්නේත් වෙසක් මාසයටයි.

මෙසේ එක සිද්ධියක් නොව සිද්ධි බොහෝ ගණනක් හේතුවෙන් වෙසක් මාසය, සහ වෙසක් පුර පසළොස්වක දිනය සිංහලයට ඉතා වැදගත් වේ. බක් මස එළඹුණ අවුරුදු උත්සව සැණකෙළිය මදි වීම නිසාදෝ බොහෝ තැන් වල වෙසක් පෝය දිනයේ පවා ඇත්තේ සැණකෙළි සිරියකි. එව කව බොව කියා මුව පිනවන්නට කතා කරන්නෝ බොහෝය. එව බලව කියා ඇස පිනවන්නට කතා කරන්නෝ ඊට වැඩිය. නොයෙක් ආකාරයේ නලා පිඹිමින්, බෙර ගසමින්, හූ තබමින්, විසුළු රූ මවමින්, ගුත්තිලයේ කියවෙන උදේනි නම් නුවර සැණකෙළි සිහි ගන්වමින් මහා මාර්ග සිසාරා ගමන් කරන ජනයා බොහෝය. සෘද්ධිමත් කෙනෙකුන් විසින් අපාය මහ මග මවා දැක්වූවා මෙනි.

මේවා මෙසේ තිබියදීම ඒ ගැන වචනයක් කතා නොකරන සමහර වහන්දෑ අපේ අවුරුද්ද වෙසක් පෝ දිනයයි, සිංහල අවුරුද්ද කාලිංග මාඝයන් විසින් අපට බලෙන් දුන් දෙයක, නැකත් කෙළි කෙලීම සීලබ්බත පරාමසයෙකැ, යනාදී වශයෙන් බොහෝ පිරුළු කියා අපට විහිළු සපයති. උන් වහන්සේ නිවැරදිය. මෙවැනි ආතලයක් මුසු සැණකෙළි අප අවුරුදු සමයේ නම් නොකෙළු විරූමය.

සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා !

93 comments:

  1. සමහර වහන්දෑ අපේ අවුරුද්ද වෙසක් පෝ දිනයයි, සිංහල අවුරුද්ද කාලිංග මාඝයන් විසින් අපට බලෙන් දුන් දෙයක, නැකත් කෙළි කෙලීම සීලබ්බත පරාමසයෙකැ, යනාදී වශයෙන් බොහෝ පිරුළු කියා අපට විහිළු සපයති. උන් වහන්සේ නිවැරදිය. මෙවැනි ආතලයක් මුසු සැණකෙළි අප අවුරුදු සමයේ නම් නොකෙළු විරූමය.

    දෙයියම්පා පාවහන් !!!

    නෑ නෑ දෙයියම්පා ඇත්ත !

    සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! කියා මමත් මේ වෙසඟේ ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  2. වෙසක් මාසයේ අසිරිය, වටිනාකම සැකවින් අපගේ මතකය අලුත් කර දීම ඔබට‍ බොහොම පිං !!

    ReplyDelete
  3. සිතුවිළිMay 27, 2013 at 10:37 PM

    කේ විසින් රචිත වෙසක් පොහොය ලිපිය කියැවීමට ඉඩ ලැබුනේ අදයි,
    කවදත් වාගේ බොහෝ කරුනින් සම්පූර්ණවූ හරවත් පොහොය ලිපියකි. එසේම එය සුන්දර කිරීමට යොදාගෙන ඇති ගීත හා කව් ගායනා හොඳින් අරුත උලුප්පවන සුළු වීමද මා රස වින්දෙමි.
    අවසානයේ කරනා අද වෙසඟෙහි හරසුන් භාවිතය ගැන විවේචනය කෙතරම් මේ සුන්දර හරවත් ලිපියට ගැලපේද?
    අපේ අවුරුද්ද වෙසඟයැයි කියනා වහන්දෑගේ දේශනාවෙහි අරමුණ කුමක්ද? ඔවුන් ඒ තුලින් තම අනුගාමිකයා නිවන් මග වැද්දවීමට දරන තැතක්ද ඒ? නැත ඒ පුහුදුන් කමෙහි මුලාවයි.
    සීලබ්බත පරාමාසය වැනි වචන විකාර රුතින් ගෙන මිනිසුන් හට කරනාවූ මුලාවෙන් ඔවුනුත් අනුගාමිකයිනුත් ලබනුයේ කුමක්ද? කිසිවක් නැත, ගොර සසරෙහි දිගු බව මිස අන් යමක් නොවේයැයි සිතමි. මා සිතන අයුරු අයෙකු බුදුනට මලක් පුදා සීලබ්බත පරාමාසයෙහි යෙදෙන අතර, තවකෙකු බුදුනට මලක් පුදා ගොර සසරින් මිදීමෙහි මග තනයි. සීලබ්බත පරාමාසය යනු පවක් හෝ අකුසලයක් නොවේ යැයි මා සිතමි. එය ගැලවිය යුතු මුලාවක් මය.

    බොහෝ කථා කල හැකි ලිපියකි, හොඳ සාකච්චාවකට මගක් තැනේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. @ සිතුවිළි: සීලබ්බත පරාමාස යනු නිවන (හෙවත් සංසාරික විමුක්තිය) උදෙසා කෙනෙක් වෘත ලෙස සමාදන්ව අනුගමනය කරන වැරදි ක්‍රම ලෙස කෙටියෙන් දැක්විය හැක. මේ සඳහා එදවස උදාහරණ ලෙස දක්වා ඇත්තේ ගෝවෘත අජවෘත ආදීයයි. හරකෙක් බල්ලෙක් ලෙස දිවි ගෙවා (එමගින් පෙර කර්ම ගෙවා අවසන් කර) විමුක්තිය ලබා ගැනීමට හැකි බව එකල ඇතැම් ඉගැන්වීම් විය. මා දන්නා තරමින් ලෞකික ලාභ අපේක්ෂා වෙනුවෙන් එකල මිනිසුන් අනුගමනය කළ හ‍රි හෝ වැරදි හෝ කිසිවක් සීලබ්බත පරාමාස ලෙස අදහස් නොවේ. එමෙන්ම සීලබ්බත පරාමාස දුරුවන්නේ සෝවාන් වූ පසුවයි. අද සමාජයේ නැකත් නිමිති ආදිය භාවිත කරන්නන් ඒ කරන්නේ ලෞකික ලාභ අපේක්ෂාවෙන් මිස නිවන් අපේක්ෂාවෙන් නොවන බැවින් එවන් දේ සීලබ්බත පරාමාස ලෙස දැක්වීම සදොස් බව මගේ අදහසයි. අද සමාජයේ සීලබ්බත පරාමාසයට අසුවන යමක් වේ නම් ඒ නිවන් පිණිස හේතු වන බව අදහමින් මස් මාංශයෙන් වැළකීම විය යුතුය.

      Delete
    2. සිතුවිළිMay 28, 2013 at 8:09 AM

      සිත්,
      ඔබ මාගේ අදහසම විස්තාරනය කිරීමක් මිස වෙනත් මතයක් දක්වා ඇති බවක් නොදිටීමි.
      ලෞකික ලාභාපේක්ශාවෙන් යෙදෙන නැකැත් ශාස්ත්‍ර භාවිතය සීලබ්බත පරාමාසයක් නොවේයැයි මාද සිතමි.
      එසේම සීලබ්බත පරාමාසය යනු පවක් හෝ අකුසලයක් නොවේයැයි කීමෙන් මා අදහස් කළේ එය සසර විමුක්තිය නම් වූ උතුම් චේත්නාවෙන් යෙදෙන කාරියක් බව සිහි කිරීමටමය.
      එහෙත් එය මෝහයෙන් මුලාව කරන්නක් බැවින් එයම විමුක්තිය වලකන්නකි. මා උදාහරන ලෙස බුදු හිමියන්හට මලක් පිදීම ගත්තේද එබැවිනි.
      ඔබ පවසන නිර්මාංශ වීමද මාගේ උදාහරනය සේම යැයි මා සිතමි. අයෙකු නිර්මාංශ වීමෙන් සීලබ්බත පරාමාසයෙහි යෙcදෙද්දී තවකෙකු එක් සතෙකුගේ හෝ දිවි රැක දීමෙ අරමුනින් වේලක් වේලක් පාසා එම අරමුනින් මාංශ භක්ශනයෙන් වැලකීමෙන් තම නිවන් මග ශක්තිමත් කරගනී.
      මා පළමු වරට නිර්මාංශ වීම කලේ නිර්මාංශ බෞද්ධයා කුහක බෞද්ධයෙකු යැයි යම් පොතක වූ බව කියා භික්ශුවක් විසින් එයට දැඩි ලෙස පහර දෙනු ඇසීමෙනි. මා සැබැවින්ම එය කලේ එම පොතෙහි වූ අදහස හා මා එකඟ වූ නිසාමය. (මෙය උඩ යට මාරු වූ අදහසක් ලෙස පෙනී යා හැක )

      Delete
    3. "සීලබ්බත පරාමාසය යනු පවක් හෝ අකුසලයක් නොවේ" යන ප්‍රකාශය ගැන:

      SiTh මේ ගැන කදිම උදාහරණයක් දී ඇත. "අද සමාජයේ සීලබ්බත පරාමාසයට අසුවන යමක් වේ නම් ඒ නිවන් පිණිස හේතු වන බව අදහමින් මස් මාංශයෙන් වැළකීම..." ඒ ප්‍රකාශය ගතහොත් නම් සිතුවිළිගේ ඉහත ප්‍රකාශය නිවැරදිය. එහෙත්, පැරණි දඹදිව වූ සීලබ්බත පරාමාසයයෝ නම් පව් කෙසේ වෙතත් අකුසල් යැයි සිතමි. ඒ ගැන ඔබ දෙදෙනාගේ විවේචනය කෙසේද?

      පුණ්ණ හා සේනිය පරිව්‍යාජකයන් දෙදෙනාගේ කතාව උදාහරණයක් කොට සළකන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ දෙදෙනා තිරිසන් අපායට යන බවයි. බිලි පූජා ගැන නම් කතා කළ යුතුම නැත.

      SiTh "සීලබ්බත පරාමාස යනු නිවන උදෙසා කෙනෙක් වෘත ලෙස සමාදන්ව අනුගමනය කරන වැරදි ක්‍රම ලෙස කෙටියෙන් දැක්විය හැක. මා දන්නා තරමින් ලෞකික ලාභ අපේක්ෂා වෙනුවෙන් එකල මිනිසුන් අනුගමනය කළ හ‍රි හෝ වැරදි හෝ කිසිවක් සීලබ්බත පරාමාස ලෙස අදහස් නොවේ." ලෙස පවසා ඇත.

      නිවන ගැන තබා සසර ගැන හැඟීමක්වත් නැති ජන සමූහයක් ගැන ඔබට කිව හැක්කේ කුමක්ද? ඉහත ප්‍රකාශයට අනුවනම්, ඒ ජන සමුහය (අපි දැනට එක්ස්කිමෝවරු යැයි හඳුන්වමු) සීලබ්බත පරාමාසය දුරලා ඇත. මක් නිසාද, එක්ස්කිමෝවරු නිවන උදෙසා කිසිත් කරන්නෙත් නැත, ලෞකික ලාභ අපේක්ෂා වෙනුවෙන් කරන කිසිවක් සීලබ්බත පරාමාස ලෙස අදහස් වන්නේත් නැත.

      Delete
    4. සිතුවිළිMay 30, 2013 at 9:30 AM

      කේ
      ඔබගේ ලිපියේ වූ එක වදනක් ඔස්සේ මේ සාකච්චාවක් වී ඇත,
      "සීලබ්බත පරාමාසය"
      ඔබ සීමිත ජන කොටසකට මෙය ලගු කොට ගත් කල්හී ඔබගේ මතය තර්කානුකූලව නිවැරදිය,
      සීලබ්බත පරාමාසය පවක් හෝ අකුසලයක් නොවේ යන මගේ කියමන බොහෝ කොට පහදාගත් හේතු සහිතවම කීවක් මිස කටට ආවාට කීවක් නම් නොවෙයි.
      සීලබ්බත පරාමාසය යනු කුමක්ද? මා දන්නා තරමින් එය නීවරණ ධර්මයකි. එනම් නිවන වලකන ධර්මයකි. නිවන වලකන ධර්මයකින් මිදීම අවශ්‍ය කාටද? මා සිතන්නේ මේ ගැටළුව ඇති වන්නේ නිවන සොයන්නාට මිස අවශේශයාට නොවේ. එසේ ගත් කල නිවන තබා සසර ගැනවත් නොදැනුවත් මිනිසුන් හට මෙය බලපාන සාධකයක් විය නොහැක. ඔබගේ එස්කිමෝ උදාහරනයටද එහි බලපෑම එයාකාරය. නිවන නොසොයන්නාට පින හෝ කුසලය යන සංකල්ප වලංගුය.
      එසේම නිවන නොදන්නාහට ලෞකික ලාභාපෙක්ශාව කෙරෙහි සීලබ්බත පරාමාසයක් බල නොපාන බව මට සිතේ. නිවන දන්නාහට වුවද එය එසේමයැයි සිතෙ.

      පුණ්ණ හා සෙනිය උදාහරනයේදී ඔවුන් පැතිවේ නිවන නොව සසර විමුක්තිය යැයි සිතමි. එම නිසා අප මේ ගැන කථාවට නිවන වෙනුවට සසර විමුක්තිය යන පදය යොදා ගමු. (එය නිවනටද සාධාරන නාමයකි )
      නිවන නොදත්තවුන් සසර විමුක්තිය පතා අකුසල් ක්‍රියා වල යෙදුනු බවනම් අවිවාධිතය. එහෙත් අද අප කථා කරනුයේ නිවන යන සංකල්පය දන්නා මිනිසුන් නිවන පතා වැරදි මග යාමය. ඔවුන් කිසි විටෙකත් නිවන පතා බිලි පූජා නොකරති. බුදු රදුනට මල් පුදති, එය අකුසලයක්ද නැතිනම් කුසලයක්ද, මේ මල් පිදීම සීලබ්බත පරාමාසය ජයගත්තකැයි ඔබ සිතන්නේද?
      එසේනම් නිවන පතා මල් පූජා කරන සැවොම සීලබ්බත පරාමාසය යන නීවරණ ධර්මය ජය ගත්තවුන්ද?
      පොතක් ලිවීමට තරම් මේ ගැන මා සිතා ඇති බවක් සිතේ.
      සිත්ගේ හා කේගේ අදහස් මේ ගැන දැන ගැනුමට කැමැත්තෙමි.

      Delete
    5. @ කේ:

      අප ඉහත දැක්වූ නිර්මාංශ වෘතය "සීලබ්බත පරාමාසය යනු පවක් හෝ අකුසලයක් නොවේ" යන්නට ඇතැම් විට උදාහරණයක් නොවිය හැක. මෝහ මුලික සිතක් යෙදේ නම් ඒ, අකුසල් බැවින් නිර්මාංශ වෘතය එවිට අකුසලයක් විය හැක. (නිර්මාංශ යැයි කී විට මෙහිදී අදහස් වනුයේ නිර්මාංශ ජනයාගෙන් කොටසක් පමණි.)

      බුදුනට මලක් පිදීම සීලබ්බත පරාමාසයට අයත් ද යනු ගැටළු සහගතය. සාමාන්‍යයෙන් මල් පූජා කරන්නේ අරහං ගුණය සිහි කර ආමිස පූජා වශයෙන්, පින් සිදු කර ගැනීමට හෝ කරන්නන් වාලේ ය. ආරන්‍ය සේනාසනයක නිවන් අරමුණු කර බවුන් වඩන යෝගාවචරයෙක් මල් පූජා කරන භෞතික ක්‍රියාවලියෙන් නිවන් අපේක්ෂා කරයි නම්, ඒ සීලබ්බත පරාමාස වනු ඇත. එහෙත් මෙවැන්නක් ප්‍රායෝගිකව (අද සමාජයේ වුව) සිදු වෙතැයි මම නොසිතමි.

      "නිවන ගැන තබා සසර ගැන හෝ හැඟීමක් නැති ජන සමූහයක් ගැන ඔබට කිව හැක්කේ කුමක්ද? ඉහත ප්‍රකාශයට අනුවනම්, ඒ ජන සමුහය (අපි දැනට එක්ස්කිමෝවරු යැයි හඳුන්වමු) සීලබ්බත පරාමාසය දුරලා ඇත. මක් නිසාද, එක්ස්කිමෝවරු නිවන උදෙසා කිසිත් කරන්නෙත් නැත, ලෞකික ලාභ අපේක්ෂා වෙනුවෙන් කරන කිසිවක් සීලබ්බත පරාමාස ලෙස අදහස් වන්නේත් නැත." ----> මෙයට සිතුවිළි දී ඇති පිළිතුර ප්‍රමාණවත් වේ යැයි සිතමි. ප්‍රමාණවත් නොවේ නම්; බුද්ධාදී අටතැන ගැන ඇති සැකය ලෙස හැඳින්වෙන විචිකිච්චාව සෝවාන් වීමේදී දුරු වේ යැයි සැලකේ. දැන් ඉහත එස්කිමෝලා විචිකිච්චාව දුරලු අයද? බුදුන් ගැන අසා හෝ නැති ඉහත එස්කිමෝලාට බුදුන් ගැන කිසිදු සැකයක් තිබිය නොහැක.

      Delete
    6. K,
      SiTh "සීලබ්බත පරාමාස යනු නිවන උදෙසා කෙනෙක් වෘත ලෙස සමාදන්ව අනුගමනය කරන වැරදි ක්‍රම ලෙස කෙටියෙන් දැක්විය හැක. මා දන්නා තරමින් ලෞකික ලාභ අපේක්ෂා වෙනුවෙන් එකල මිනිසුන් අනුගමනය කළ හ‍රි හෝ වැරදි හෝ කිසිවක් සීලබ්බත පරාමාස ලෙස අදහස් නොවේ." ලෙස පවසා ඇත.

      ඔබ ඒ ප්‍රකාශය බිඳ හෙලීමට ප්‍රති උදාහරණයක් දී ඇත, එහෙත් එපමණකින් සෑහි එතනම සිටී. SiThගේ ප්‍රකාශය සත්‍ය බවට මේ දක්වා සැකයක් තිබුනේ නැත. අවුරුදු සමයේ කලණ මිතුරු නම් කෙනෙක් සමග දැඩි වචන හරඹයක යෙදුනෙමි. ඒ බව මෙහි ද සඳහන් කළ බව මතකයි. ඒ නිසා ඔබ (මගේත් අදහස වන) SiTh ගේ ඒ අදහස බිඳ හෙලයිනම් ඊට විකල්පයක් දීම යුතු කමකි.

      Delete
    7. සිතුවිළිMay 30, 2013 at 4:29 PM

      සිත්,
      ඔබගේ අදහස ගැන මා නැවතත් අදහස් දැක්වීමක් කල යුතුයැයි සිතේ.
      මෝහ මූලික සිතක් යෙදේනම් කියා ඔබ කියන කාරනය හා මගේ එකඟත්වයක් නැත.
      මන්ද, කෙනෙකු යෙදෙන කාරිය නිර්මාංශ වීම නම්, චේතනාව නිර්වානාවබෝධයනම්. තිබිය හැකි මෝහය වනුයේ මා නිර්මාංශ වීමෙන් බොහෝ පින්/කුසල් රැස්කරමි එම නිසා මාහට නිර්වාන මාර්ගය ලැබෙනු ඇත යන්නයි. (මෙය මෝහ සිතුවිල්ලක්ද යන්න නැවතත් පැනයක් නැගිය හැක ) කෙසේ වෙතත් චේතනාව යහපත්ය, ක්‍රියාව යහපත්ය, ක්‍රියාවෙහි පලය තමාට, අනුනට, තමාට හා අනුනට, තමාට හෝ අනුනට යන අයුරින් යහපත්ය, විඤ්ඤූන් විසින් පසසනු ලබන්නකි. ඉතින් අකුසලයක් වන්නේ කෙසේද. නිසැකවම පුන්‍ය චේතනාවෙන් නිර්මාංශ වන්නා කුසල් රැස් කරයි. එසේනම් එය සීලබ්බත පරාමාසයක් වන්නේ කෙසේද?
      මේවා වදනින් පැහැදිලි කිරීම අසීරු බවත් එසේ කිරීමට තැත් දැරිය යුතු නැති බවත් කේ කීවේත්, ජෝසප් නැවත නැවත කියන්නේත් මෙය යැයි මා සිතමි.
      කුසල් රැස් කිරීම අසීරු නැත, එහෙත් නීවරණ ධර්මයන් වටහා ගැනීමම අති දුශ්කරය, ඉන් මිදීම සීරු වන්නේ එබැවිනි. ඔබ නීවරණ ධර්මයක් සැබැවින් වටහා ගත්තානම් ඉන් මිදීම පහසුය. එසේනම් මගඵල අත්කරගැනීම පහසු තරමට ඔබ වැඩී ඇති බවකි.

      බුදුහිමියනට මලක් පිදීමෙන්ද කුසල් රැස් කරන තර එය දැක්ම නිවැරදි නැති කල මෝහය තුනී නොවූ කල සීලබ්බත පරාමාසයකි. ඔබ කරනා ඕනෑම කුසල කර්මයක් ඔබට සැබැවින්ම කුසල් රැස්කර දුන්නහ, ඔබ නීවරණ ධර්මය වටහා ගෙන නැති තාක් ඔබ එහි ගැත්තෙකි.
      කොටින්ම කුසලයත් නීවරණයත් යනු එකිනෙක මත නොයැපෙන වෙනස්ම සංකල්ප දෙකකි. නීවරණ ධර්ම ජය ගත හැක්කේ කුසල් වැඩීමෙන් නොව, මනස වැඩීමෙන් හා කෙලෙස් තුනී කිරීමෙනි. කුසලය මනස වැඩීමට පෝශනය සපයති.
      භෞතික ක්‍රියාවකින් නිවන් පැතීම අද සමාජයේ සිදු නොවෙතැයි ඔබ අනුමාන කරන්නේ කුමන පදනමකින්ද? ඔබ කියන්නේ අද සමාජයේ සමස්ත බෞද්ධයාම සීලබ්බත පරාමාසය ජය ගත් උන් බවද ?
      මෙය මුලාවකි, හෙතුවද පැහැදිලිය බොහෝ දහම උගතුන් සීලබ්බත පරාමාසය එදා භාරතයේ පැවති ගෝ වෘත සුනඛ වෘත වලට ලගු කරති. මා දකිනා ලෙස එය බරපතල වරදකි.
      අඩු ගනනේ මූලික නිවරණ ධර්ම තුන ගැඹුරින් වටහා ගැනීමට තැත් දැරීමනම් ඉතාමත් හරවත් උත්සහයකි. කල හැකිනම් කල යුත්තේද එයමයි.


      Delete
    8. @ සිතුවිළි:

      "භෞතික ක්‍රියාවකින් නිවන් පැතීම අද සමාජයේ සිදු නොවෙතැයි ඔබ අනුමාන කරන්නේ කුමන පදනමකින්ද? ඔබ කියන්නේ අද සමාජයේ සමස්ත බෞද්ධයාම සීලබ්බත පරාමාසය ජය ගත් උන් බවද ?" සමස්ත බෞද්ධ සමාජයම නිවන් අරමුණු කොට වැඩ කරන්නේ යයි ඔබ සිතන්නේද? බෞද්ධ සමාජයෙන් සියයට අනුවකට පමණ නිවන තබා සසර ගැන අදහසක්වත් තෙරුවන් ගැන ශ්‍රද්ධාවත් හරියට ඇතැයි සිතීම අපහසුය. සීලබ්බත පරාමාසය දුරු වන්නේ සෝවාන් වීමේදීය. යම් දරුවෙකු පාසැල් යාම හෝ අකුරු ඉගෙනීම හෝ නොකරයි. මේ දරුවා උසස් පෙළ විභාගය අසමත් වී නැත. ඔබේ නිගමනය ඔහු උසස් පෙළ ජයගත්තෙක් බවද? ඔබ කියන ලෙස, තවත් උගතුන් පිරිසක් අද සමාජයේ ඇති නැකත් බැලීම්, බෝධි පූජා, වෙනත් පුද පූජා, දාන මාන, පිරිත් ආදී සියළු දේ සීලබ්බත පරාමාස ලෙස හඳුන්වයි. මේ ක්‍රමයේදී මට ඇති ගැටළුව හැම සිකුරාදාම මොහොමඩ් පල්ලි යෑම මීට අයත් නොවන්නේ ඇයිද යන්නය. එකල සීලබ්බත පරාමාස ලෙස සැලකු අජ වෘත ගෝ වෘත අනුගමනය කළෝ බොදුනුවෝ නොවුහ. (සීලබ්බත පරාමාස යනු තවත් අයුරකින් 'අත්තකිලමතානු යෝගය' ලෙස එකල සැලකු ක්‍රමයට අයත් ඇතැම් දේ ලෙස පෙනේ.) නිර්මාංශ වෘතයේදී අකුසලයක් වීමත් සීලබ්බත පරාමාස වීමත් හා මල් පිදීමේදී අකුසලයක් නොවීමත් සීලබ්බත පරාමාස නොවීමත් කරන්නාගේ චේතනාව අනුවම වනු ඇත (හෝ නොවනු ඇත.) මෝහ මුලික සිත් ඇත්තේ දෙකක් පමණක් බව අසා ඇත. (මේ සිත් 59 විග්‍රහයේදී විය යුතුය.) අභිධර්මය ගැන මගේ දැනුම සීමිත් බැවින් මීට වඩා යමක් කීම අපහසුය.

      Delete
    9. සිතුවිළිMay 31, 2013 at 9:19 AM

      සිත්, මේ කරුනේදී නම් ඔබ යමක් පටලවාගෙන ඇති බවක්ම මට පෙනේ. එම නිසා නැවත කීමට සිත් විය, මෙය මාගේ පාන්ඩිත්‍ය පෙන්වීමේ තැතක් කොට වැරදියට වටහා ගන්නට නම් එපා. මේ සිතුවිළි නම් නම පිටුපස සිටින මිනිසා කවරෙකුදැයි කිසිවෙකු නොදන්නා නිසා එවන් උවමනාවක් පැනැනොනගියි.

      පළමුව සීලබ්බත පරාමාසය යනු කුමක්දැයි අප දැකිය යුතුය, එය නීවරණ ධර්මයකි. නීවරණ ධර්මය බලපාන්නේ නිවන සොයා යන ගමනේදී එය වලකන ආකාරයෙනි. ඔබ ඉතා නිවැරදිව කියා ඇති පරිදි සිකුරාදාට පාල්ලි යන මොහොමඩ්ට සීලබ්බත පරාමාසය "බලපාන්නේ" නැත.
      එසේම කුසල් අකුසල් සංකල්පය සමග නීවරණ ධර්ම සංකල්පයද පටලවා ගත යුතුද නැත. එය එන්ජින් ඔයිල් සමග පාන් සැසඳීම වැනිය.

      ඔබ යම් කාරියක යෙදෙන විට එයට මූලික වන චේතනාව හා කරන කාරිය අනුව කුසල් අකුසල් රැස්වේ මේ සරල දෙය අප කවුරුත් දන්නා කරුනකි. එහෙත් එකම කුසල කර්මය නීවරන ධර්මයන්ගේ වැසුනු පුද්ගලයාට නිවන් මග විවෘත නොකරයි. එහෙත් කෙමෙන් කුසල් වැඩෙන විට කෙලෙස් සේම නීවරණ ධර්මද තුනී වෙමින් ගොස් ඉවත් වීම සිදු වේ. නීවරන ධර්ම ඉවත් වූ හෝ තුනී වූ තැනැත්තා ඉන් පසු එකම කුසල කාරනය දකින අයුරු වෙනස් වේ. සෝවාන් මගටවත් නොපිලිපන් අය බුදු හිමියන්ට මල් පුදන්නේද නීවරණ ධර්මයන්ගේ වැසීගෙනය. නිර්මාංශ වීමද එසේමය. ඒ අතින් ගත් කල අප කරන සියළු සබ්බ කාරියන්ම නීවරනයන්ගේ වැසී සිට කරනු ලබන දේය. එය කුසලය හා සම්බන්ධ නැත.
      "කේ"ගේ එස්කිමෝ වරයාත් ඔබගේ මොහොමඩුත් නීවරණයන්ගේන් වැසී සිටින්නන් බව දැන් පැහැදිලියැයි සිතමි. එහෙත් එය ඔවුනට බලපාන්නේ නැත.
      අපි මෙසේ එය බලමු
      ඔබ හිසට අඩි තුන හතරක් උඩින් ඇති වහලය ඔබට අහස නිරීක්ශනයට උවමනාවක් ඇති වන තුරු බාදකයක් නොවේ. සෑම සියළු දෙනාගේම ඉහට උඩින් වහල ඇතත් අහස දකිනු රිසියා වහලය බාධක බව දැන සිහියෙන් මිදුලට ගොස් අහස නරඹයි. මොහොමඩුත්, එස්කිමෝ වරයාත් අහසක් ඇති බව නොදනී. වහලය එසේම පවතී.
      එස්කිමෝ වරයා දඩයමක් කර වේල පිරිමසා ගන්නා සේ, මොහොමඩ් හරක් මස් කා පල්ලි යන්නා සේ, සිංහලයා සහල් පිටියෙන් පොල් පැණියෙන් කැවිලි තනා හිතමිතුරන් සමග බෙදා ගනිමින් අවුරුදු සමරයි. වහලය ඒ කිසිවකට බාධක නැත. සිංහලයාට අවුරුදු සැමරීම් තුලින් අහස බැලීමෙහි (නිවන් මග සෙවීමෙහි ) උවමනාවක් නැත.

      සිංහල අවුරුද්ද සීලබ්බත පරාමාසයකැයි කීම වචනවල අරුත් පටැලැවීමක් යැයි මා කීවේ එබැවිනි. පැහැදිලිවම එය ධර්මය හා බැඳුනු වදන් අවභාවිතයෙහි යෙදීමකි.

      Delete
    10. @ සිතුවිළි:

      [1] සමස්තයක් ලෙස ගත කල ඔබත් අපත් සීලබ්බත පරාමාස ගැන කියනුයේ එකම අදහස බව අපගේ හැගීමයි. එසේ වුව අප විසින් පටලවා ගෙන ඇත්තේ කුමක්දැයි කියා පැටලවීම ලෙහා දැක්විය හැකිද?

      [2] සීලබ්බත පරාමාස යනු දස සංයෝජන වලින් එකකි. සෝවාන් වීමේදී සීලබ්බත පරාමාස දුරු වේ. (රහත් වීමේදී දහයම දුරු වේ.) පංච නීවරණ යනු නිවන් මඟ අවුරන ධර්මතා පහකි. සීලබ්බත පරාමාස ඉන් එකක් ලෙස නොදැක්වේ. (එහෙත් එම විග්‍රහය අනුව බලතොත් සීලබ්බත පරාමාස, විචිකිච්චාව යන්නට ඇතුලත් වන බව මගේ අදහසයි.)

      [3] සීලබ්බත පරාමාස ලෙස එකල ගෝ වෘත අජ වෘත ආදිය දක්වා තිබීමත් අද ඒවා දක්නට නොවීමත් නිසා මේ සංවාදය (මට තේරෙන හැටියට) සීලබ්බත පරාමාසයට අද කල අයත් වන්නේ කුමක්දැයි යන්න ගැනය. මේ ගැන අප මේ දක්වා කියා ඇති දේ වඩාත් පැහැදිලිව යලි කිව යුතු නම් ඒ බව පවසන්න. එවැනි පින් අතේ දෙයක් කිරීමට මා බෙහෙවින් කැමතිය.

      Delete
    11. සිතුවිළිMay 31, 2013 at 10:45 AM

      දෙදෙනාම කියන්නේ එකනම්, පටැලැවිලි ලෙහීමක් අවශ්‍ය නැත.
      සීලබ්බත පරාමාසය යනු අජ වෘත ගෝ වෘත නොවේ එය අප කරනා සියල්ලටම ඉහලින් අප වසා සිටින මුලාවේ වැස්මක් බව පමනක් පිළිගැනීම සැහේ යැයි සිතමි.

      Delete
    12. මිතුරනි,

      සිතුවිළි මනරම් උදාහරණයක් දී ඇත. වහලයේ උදාහරණය කදිමයි. එහෙත්...

      මගේ අදහස දැන් කෙළින්ම පවසමි. ඊට පෙර කරුණු දෙකක් එකතු කරමි.

      1. සීලබ්බත පරාමාස යනු නීවරණ ධර්මයක් නොවේ. අපට දහම වැටහෙන ලෙස අර්ථ නිරුපණය කළ හැකි වුවත් වෙනස් කළ නොහැක. නීවරණ ධර්ම පහක් ඇත කියා ඒ පහ නම් කර ඇති විට අලුත් දෙයක් ඊට එක් කිරීම ධර්මයේ ස්වාක්ඛාත බව පිළිගනිමින් සිදු කළ නොහැක.
      3. සීලබ්බත පරාමාස යනු සංයෝජන ධර්මයකි. සෝවාන් බව සමග ප්‍රහීන වන සංයෝජන තුනෙන් එකකි.

      දැන්...
      එක්ස්කිමෝවරු ගැන ප්‍රශ්නයට පිළිතුර.
      එක්ස්කිමෝවරු සීලබ්බත පරාමාසය ප්‍රහීන කර නැත. එමතු නොව, මොහොමඩ්ලාද මැල්කම්ලාද සින්නදොරේලාද සීලබ්බත පරාමාසය දුරලා නැත. එසේම සිරිසේනලාද එය දුරු කර නැත.

      සීලබ්බත පරාමාසය හුදෙකලා කොටගෙන දුරු කළ නොහැක. සීලබ්බත පරාමාසය දුරු කෙරෙන්නේ විචිකිච්චාව දුරු කිරීමෙනි. විචිකිච්චාව දුරු කෙරෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කිරීමෙනි. එතැනයි හේතුව ඇත්තේ (හේතු-ඵල නොව පෙර-පසු සම්බන්ධයකි මා පෙන්වා දෙන්නේ...එයත් තේරුම් කිරීමේ පහසුව තකා).

      සක්කාය දිට්ඨිය ඇති සත්ත්වයා (ඌ කිනිතුල්ලෙක් වුවත්) මමය මාගේය මගේ ආත්මයය යන අල්ලා ගැනීම ඇති කර ගනී. මම යන්න අල්ලා ගැනීමත් සමගම මගේ විමුක්තිය යන අල්ලා ගැනීම ඇති වේ. ඌ කිනිතුල්ලා හෝ අබ්දුල්ලා හෝ වුවත් නිවැරදි විමුක්ති මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය දන්නේ නැත. නිවැරදි විමුක්ති මාර්ගය සොයාගෙන දෙසා වදාළ උත්තමයන් වහන්සේ ගැන දන්නේ නැත. ඒ මාර්ගය ඉගෙනගෙන අනුගමනය කරන උත්තමයන් වහන්සේලා ගැන දන්නේ නැත. මෙලෝ පරලෝ ගැන නිවැරදිව දන්නේ නැත. දානයේ විපාක දන්නේ නැත... මේ ආදී වශයෙන් නිවැරදි දේ නොදන්නා තැන ගොඩ නැගෙන්නේ සැකයයි (හරි දේ නොදැන වැරදි දේ හරි යැයි ගෙන මුලා වී සිටීමට අපි සිංහලෙන් සැකය යැයි නොකියමු. එහෙත්, විචිකිච්චා යන්නට තේරුම ලෙස සැකය යන්න දීමට වඩා නිවැරදි දේ ගැන විශ්වාසය නැති වීම යැයි කීම වඩා නිවැරදි බව සිතමි.). ඒ අනුව එතැන ඇත්තේ විචිකිච්චාවයි.

      ඊළඟට සිදු වන්නේ ඉහත විස්තර කළ දේ නොදන්නා කම නිසා විමුක්තිය පතා නිවැරදි නොවන ක්‍රම වලින් උත්සාහ දැරීමයි. සීලබ්බත පරාමාස යනු එයයි. සීලබ්බත පරාමාසය නැති කෙරෙන්නේ සක්කාය දිට්ඨිය හා විචිකිච්චා යන සංයෝජන දෙකම නැති කිරීමත් සමගමයි. එකක් නැති කර ඊට පසු උත්සාහ කර අනෙක නැති කිරීම වශයෙන් නොවේ. තුනම එක වරම ප්‍රහින කරයි. එය සෝවාන් වීම නමින් හඳුන්වයි.

      දැන් තත්වය පැහැදිලි යැයි සිතමි. නිගණ්ඨනාථපුත්ත තුමාද, ජේසු තුමාද, අල්ලාහඃ නම් අමනුෂ්‍යයාද, අලි ඔලුවක් සහිත කනපති නම් දෙවියන්ද, මායා රටේ කුකුඛාන් ද, කොෆියුසියස් ද, අහුරමස්දඃ නම් දෙවියන් ද, එක්ස්කිමෝ වරුද, කිනිතුල්ලන්, ගොළුබෙල්ලන් ආදීන්ද, බරක් ඔබාමාද, මැල්කම් රංජිත්ද, පිට සක්වල ගැන චිත්‍රපටි වල එන ඒලියන් සත්තුද, මදුරුවෝද මෙකී නොකී අපට සිතා ගත හැකි සියලු සත්තු සීලබ්බත පරාමාස සහිතවම සිටිත්. කිසියම් අසපුවක අනුගාමිකයින් පමණක් (ඒ අසපුවේ අනුගාමික වීම හේතුවෙන්) සීලබ්බත පරාමාස රහිත බව පවසන කෙනෙක් වෙත්නම් ඔහුගේ සක්කාය දිට්ඨිය පළමුව පරීක්‍ෂා කළ යුතුව තිබේ.

      Delete
    13. සිතුවිළිJune 2, 2013 at 7:33 AM

      කේ
      මා නිවැරදි කිරීම ගැන ඔබට පින්
      ඔව් සංයෝජන ධර්මයක් නීවරණ ධර්මයක් ලෙස දැක්වීමෙන් මා වරදක් කර ඇත.

      ඔබ මෙහි අවැසි කරුනු ඉතා හොඳින් පැහැදිලි කොට ඇති අතර, මූලික සංයෝජන ධර්ම තුන ගැන කෙනෙකුට හොඳ අදහසක් ලැබීමේ ඉඩ විවෘත කර ඇත.
      එසේම කිනිතුල්ලා හා අබ්දුල්ලා ගැන කියා ඔබ මේ ගැඹුරු කථාවට මද හාස්‍යයක් එක් කොට කියවන්නාගේ රුචිය වඩවා ඇත.
      මෙවර පොහ්ය සාකච්චාව ඉතා සාර්ථක බව දකිමි.
      මූලික වශයෙන් සීලබ්බත පරාමාසය ගැනත්
      චතුශ්කොටිකය ගැනත් ඒ ඇසුරින් හොඳ කතිකාවතක් හා යමෙකුට කියවා වටහා ගත හැකි සාකච්චාවක් බිහි විය.
      අවසන් වශයෙන් කියමි, අහෝ මුලාවූ අසපු වාදීන්ගේ අවාසනාව.
      ඔවුන්ගේ පිරික්සිය යුත්තේ සක්කාය දිට්ටිය නොව, අසපු දිට්ටියයැයි සිතමි

      Delete
    14. නිවැරදි කිරීම: කිසියම් අසපුවක අනුගාමිකයින් පමණක් සීලබ්බත පරාමාස රහිත බව පවසන කෙනෙක් වෙත්නම් ඔහුගේ සක්කාය දිට්ඨිය නොව විචිකිච්චාව පළමුව පරීක්‍ෂා කළ යුතුව තිබේ.

      Delete
    15. @ කේ:

      "...නොදන්නා කම නිසා විමුක්තිය පතා නිවැරදි නොවන ක්‍රම වලින් උත්සාහ දැරීමයි. සීලබ්බත පරාමාස යනු එයයි." ------- මෙය නිවැරදිය. බෞද්ධයන් මෙන්ම කිතුනු, ඉස්ලාම් හා හින්දු පිරිස්ද යම් විමුක්තියක් පතති. බොදුනුවා අපේක්ෂා කරන විමුක්තිය නිවන නමින් හැදින්වේ. සීලබ්බත පරාමාස ඉහත අරුතට අනුව විස්තර කිරීමේදී මෙම සියළු ජන කොටස් සැලකිය යුතුය. බුදුන් දවස ගෝවෘත අජවෘත ආදිය දක්වමින් ඒ, විස්තර කර ඇත්තේ එසේය. මේ අනුව අද සමාජයේ සීලබ්බත පරාමාස වලට හසුවන දේ නම් ඩයස් හැම ඉරිදාම පල්ලි යෑම හා ගිහින් කරන කවර හෝ දේ, ඇතැම් රටවල ඇතැමුන් පාස්කු සමයේ හෝ නත්තල් සමයේ හෝ ඇනගසාගෙන කුරුස වල එල්ලී සිටීම, හින්දුන් කටුවල එල්ලී සිටීම හෝ මසින් වැළකීම, මොහොමඩ් පස් සැරයක් වැදීම, හැම සිකුරාදා පල්ලි යෑම, රාමලාන් සමයේ උපවාස කිරීම, රැවුල් වවාගෙන සිටීම, හලාල් කෑම ආදියයි. මේ සියල්ල සංසාරික හෝ පරලොව හෝ ආත්මීය විමුක්තියක් අරමුණෙන් අනුගමනය කරන වෘත ය. [විමුක්තිය කෙසේ වෙතත් අපායගාමී වීමට ඉඩ වැඩි මේ කිසිවකට කිසිත් නොකියා (ඊටත් වඩා ඒ, එම ආගමිකයන් මැනවින් සිය ආගම ඇදහීම ලෙසට සහතික ද දී) සිංහල බෞද්ධයන් සිංහල අවුරුද්ද සමරන විට හෝ කේන්දරයක් ගලපන විට හෝ හිටු කියා අසපු වලින් ප්‍රහාර එල්ල කෙරේ. ඒ, සිංහල බෞද්ධයන් සිංහල අවුරුද්ද සමරන්නේ හෝ කේන්දර බලවා ගන්නේ හෝ සංසාරික විමුක්තියක් අපේක්ෂාවෙන් නොවන විටකදීත්ය.]

      දැන් බෞද්ධයන්ට අදාළ සීලබ්බත පරාමාස වලට උදාහරණ මොනවාද? මා දන්නා තරමින් (යෝගාවචරයන් හැර) බොදුනුවන් වහවහා නිවන් අපේක්ෂාවෙන් කටයුතු නොකරන බැවින් ඔවුන් කරන කිසිවක් සීලබ්බත පරාමාස වලට හසු නොවේ. මින් කියා වෙන්නේ (සෝවාන් නොවූ) බොදුනුවන් සීලබ්බත පරාමාස දුරුකළ බවක් නොවේ. සීලබ්බත පරාමාස යන්නේ පද නිරුක්ති දැඩිව ගෙන දැඩි උත්සාහයකින් අනුගමනය කරන සිල් හෝ වෘත විය යුතුය. වෙනත් වදනින් යම් ලාභයක් හෝ ඵලයක් අපේක්ෂාවෙන් රකින සීලය වුව මීට අයිති විය හැක. යම් යෝගවචරයෙකු සිය සාමණේර හෝ උපසපන් සීලය වුව මමත්වයෙන් ගෙන රක්නේ සීලබ්බත පරාමාසයට හසුවිය හැක. මේ සියුම් අවස්ථාවකි. මින් කියවෙන්නේ සිල් රකින්ඩ එපා යන්න නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඉහත සටහනෙක අප විසින් "සීලබ්බත පරාමාස යනු නිවන උදෙසා කෙනෙක් වෘත ලෙස සමාදන්ව අනුගමනය කරන වැරදි ක්‍රම ලෙස කෙටියෙන් දැක්විය හැක. මා දන්නා තරමින් ලෞකික ලාභ අපේක්ෂා වෙනුවෙන් එකල මිනිසුන් අනුගමනය කළ හ‍රි හෝ වැරදි හෝ කිසිවක් සීලබ්බත පරාමාස ලෙස අදහස් නොවේ." ලෙස දැක්වීමේදී අප පළමුව අන්‍යාගමිකයන් ද දෙවනුව නිවන් උදෙසා බවුන් වඩන පිරිස් හැර සෙසු බොදුනුවන්ද නොසලකා හැර ඇත. මේ නොසලකා හැරීම ඒ අය සීලබ්බත පරාමාස දුරුකළ සේ සැලකීමට හේතුවක් නොවෙතත් කේ විසින් එවන් අදහසක් ඇතිකර ගැනීම ඉන්පසු වූ සංවාදයට හේතු වන්නට ඇත.

      Delete
  4. පළමුව, වෙසක් පොහොය නිමිති කොට මෙවන් අගනා ලිපියක් සැපයු කේ ට බොහෝ පින් සිදු වේවා. හැම දෙයක් අරබයාම කුමක් හෝ හොඳ නරකක් සොයා පෙන්වීම මගේ දුබලකමක් විය හැකි නමුත් නොඅසා නොකියා බැරි නිසාම මතු කළ යුතු දෙකරුණෙකි. (1) අපැහැදිලි යමකි: "උන් වහන්සේ නිවැරදිය. මෙවැනි ආතලයක් මුසු සැණකෙළි අප අවුරුදු සමයේ නම් නොකෙළු විරූමය." මෙහි ඍජු අරුත කුමක්ද? මෙය අප තේරුම් ගත යුත්තේ උපහාසය ලෙසද? ඔව් නම් වෙසක් ලිපියක් වැනි ගරු ගාම්බීර වැදගත් රටාවකින් යුතු ලිපියෙක විහිළු කිරීම සුදුසුද? (2) හුදු යෝජනාවෙකි: මේ ලිපියේ වෙසක් සමයන්හි වූ සිදුවීම් රැසක් ඇත. (ලබන වෙසක් පොහොය ලිපියට යමක් අළුතින් එක් කිරීමට සිදු වනු ඇත.) මෙවන් ලිපි බොහෝ වසර ගණනක් පුරා පළවේ යැයි උපකල්පනය කරමින් (හා පතමින්) එක් පෝදා ලිපියෙක එම පොහොයට අදාළ සියළු සිදුවීම කෙටියෙන් සඳහන් කරන අතර එක සිදුවීමක් පමණක් සවිස්තරව දක්වන රටාවක් ගතහොත් ඒ ලේඛක-පාඨක දෙපිරිසටම පහසු නොවන්නේද? විස්තර කෙරෙන සිදුවීම කාලීන සමාජ වටපිටාව අනුව තීරණය කළ හැක. මේ ලීවේ අහිතකින් නොවන අතර බෙහෙවින් වෙහෙස වී ලියු ලිපියකට සුළු හෝ දොස් දක්වන ප්‍රතිචාරයක් නිසා සිත් තැවුලක් වී නම් කමත්වා.

    ReplyDelete
    Replies
    1. දිග වැඩි නේද? මම තවම සම්පුර්ණයෙන් කියෙව්වේ නෑ. මට මේ මුළු ලිපියම එක හුස්මට කියවගෙන යන්න ඕනේ වෙලාවක් යොදාගෙන. Sith කරන යෝජනාව ගැන සළකා බැලීමනම් හොඳයි. ඒ (2) ගැනයි.

      (1) ගැන කියන්න ඇත්තේ, මා දන්නා පරිදි, ඒ ඔහුගේ ශෛලිය බවයි. එක දෙයක් පිළිවෙලට කියාගෙන විත් අවසන් වාක්‍යය (මෙහිදීනම් අවසන් චේදය) මගින් අර රටාව බිඳ දමා සියල්ල වෙනස් කරයි. විහිළු කතා වලට නම් මරු. ඒත් මේ වගේ ලිපියකටනම් ... අනේ මන්ද !

      Delete
    2. [1]මෙහි ඍජු අරුත කුමක්ද? මෙය අප තේරුම් ගත යුත්තේ උපහාසය ලෙසද?
      මේ හුදු උපහාසය නොවේ. වෙසක් දිනය අවුරුද්දට වඩා සැණකෙළියක් වී ඇති සැටිත්, අවුරුද්ද නොසමරන අය වෙසක් දිනය සමරන සැටිත්, වෙසක් දිනයේ මූලික අරමුණ (එනම් සම්බුදු තෙමගුල සිහිකර පහන්සංවේග උපදවා ගැනීම) නොකෙරෙන සැටිත් දැක සිතේ නැගුනු කළකිරිමයි වචන වලට පෙරලුණේ.

      [2] ඔබේ යෝජනාව අපේ සිතටද වරින් වර නැගෙන අදහසකි. හැකි තරම් එසේ කිරීමට මහන්සි ගන්නම්. වෙසක් මාසයේ නම් සිදු වූ සිද්ධි ඉතා අධිකය. මෙහි පහසුවෙන් ඉවත් කළ හැකි සිද්ධිය මාර පරාජය වුවත් අප එය ඇතුලත් කළේ, අපම රැස්වෙහෙර වැඳපුදාගෙන ගත් චායාරූපය පල කළ යුතුම යැයි සිතුන නිසාය. තෘතිය ලංකාගමනය වෙනම පිටුවක් ලෙස පිටපත් කර පසුගිය වසරේ වෙසක් දිනට දාතමය දමා මේ පිටුවෙන් බැඳියක් දුන්නෙත් ලිපිය කෙටි කර ගැනීමේ අදහසිනි. ඉදිරි ලිපි මෙතරම් දිගු නොවනු ඇත. විකල්පයක් ලෙස 'මගී ප්‍රවාහනයට නව තාක්ෂනය' ලිපිය කොටස් දෙකකින් ඉදිරිපත් කළ සේ කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමත් සළකා බැලිය හැක. ඔබ දෙදෙනා කළ මේ මතක් කිරීමට ස්තුතිය පිරිනමමි.

      Delete
  5. @ කේ: 'ලෝකය හට ගැනීම හා එහි නිරෝධය' ලිපියේ දැමිය යුතු පිළිතුර පහසුව තකා මෙහි දමමි. ඔබ (හා Joseph) දක්වා ඇති (එකක් හැර) කිසිඳු කරුණක් අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් නොවේ. එම කරුණු ගැලපෙන්නේ අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය බොරු (හෝ අසත්‍ය හෝ වැරදි හෝ) නම් ඒ බව පැහැදිලි කිරීමටය. මේ ගැන වැඩිදුර ලිවීමට පෙර ඔබ දක්වා ඇති, මෙහිදී මා දුටු වැදගත්ම කරුණ ගැන ගැන ඇසිය යුතුය. එනම් "වරද වන්නේ අනෙක් සූත්‍ර සමග නොපෑහීමයි." ලෙස ඔබ කියන අනෙක් සූත්‍ර මොනවාද?

    Joseph චතුෂ්කෝටික ගැන කියූ විට මා ඒ නොදැක්කා සේ පිළිතුරු දුන් බව ඔබ දකින්නට ඇත. මේ ගැන පෙර සිදු වූ සංවාද වලදී 'උඹට චතුෂ්කෝටිය ද්විකෝටිකයෙන් තේරුම් ගන්ඩ බෑ' වැනි ප්‍රතිචාර මට ලැබී ඇත. මට තේරෙන අයුරින් චතුෂ්කෝටික යනු ද්විකෝටිකයේම (case by case) ස්වරුපයක් පමණි. අඩුම තරමින් පෙළ දහමේ ඒ දැක්වෙන්නේ එම අරුතිනි. නැතහොත් මට චතුෂ්කෝටික නොතේරේ.

    ReplyDelete
    Replies
    1. චතුස්කෝටිකය මා දැන ගත්තේ ('ඉගෙන ගත්තේ' නොවේ) k ගෙනි. ඔහු සමහර විට එය ඔබටත් කියා දෙයි. මා එය ඔබට කියා දීමට තවම සමත් නැත. (සොම්බි මල්ලි වගේ කෙනෙක් ඇහුවානම් කියා දෙන්න තිබුණා...)

      Delete
    2. සිතුවිළිMay 28, 2013 at 6:36 PM

      ඇත්තෙන්ම චතුශ්කෝටිකය යන සංකල්පය ගැන මා ද නොදනිමි.
      සියල්ල නොදැනීම වරදක් නොවනා නිසා ඒ කෙරෙහි නිහඬවීමි.ඔබලා ඒ ගැන සාකච්චා කරනවානම් අපද දැනුවත් වනු ඇත.

      Delete
    3. ප්‍රශ්නය: "වරද වන්නේ අනෙක් සූත්‍ර සමග නොපෑහීමයි." ලෙස ඔබ කියන අනෙක් සූත්‍ර මොනවාද?
      පිළිතුර: ප්‍රස්තුත ලිපියට හේතුභූත වූ (ඔබ ලෝක සූත්‍රය ලෙස හඳුනා ගත්) සූත්‍රය උදාහරණ කොට දෙමි.
      සටහන: ඉහත ලිපියේ ප්‍රස්තුතයෙන් පිටතට ගෙන කෙරෙන සාකච්චාවෙන් බොහෝ වැරදි වැටහීම් සිදු විය හැකි බව අපේ අවංක විශ්වාසයයි. අප මෙහි කතා කරන සන්ධර්භය තුල අග්ගඥ සූත්‍රය හා ලෝකෝත්පත්තිචර්යාවංශය ගැන අපට ගැටළුවක් නැත.

      Delete
    4. ප්‍රශ්නය: චතුස්කෝටිකය

      මෙය ඉගැන්වීම අපහසුයි. ඇත්ත වශයෙන්ම සිදු වුණේ අප යමක් කීමත්, ජෝසෙෆ් විසින් එය පිළිගැනීමත්ය. එසේ වුවත්, ඔහු එය භාවිතා කරන අයුරු දුටු විට, ඔහු එය නිවැරදිව තේරුම් ගෙන ඇති බව පෙනේ. මින් අදහස් වන්නේ එක්කෝ අප දෙදෙනාම දන්නා බව හෝ දෙදෙනාම නොදන්නා බව හෝ මිස අප දන්නා දේ සත්‍ය වන බව නොවන බැව් ඔබට මතක් කරමි.

      [i] දැනට ඔබට තේරෙන අයුරින් චතුෂ්කෝටික යනු ද්විකෝටිකයේම (case by case) ස්වරුපයක් පමණි කියා ගනිමු.
      එසේනම් ඒ අවස්ථා සතරට උදාහරණ සතරක් දිය හැකිද?
      - මෙසේ ඇසීම එක ක්‍රමයක්.

      [ii] ධන සංඛ්‍යා යනු ශුන්‍යයට වඩා වැඩි අගයක් ඇති සංඛ්‍යා නම් හා සෘණ සංඛ්‍යා යනු ශුන්‍යයට වඩා වැඩි අගයක් ඇති සංඛ්‍යා නම් ශුන්‍යය (0) ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
      - මේ අනිත් ක්‍රමය.

      උත්සාහ කර බලන්න.

      Delete
    5. (ii) ඔබ පළමුව ධන හා ඍන සංඛ්‍යා අර්ථ දක්වයි. එහිදී ඔබ 'ශුන්‍ය' යන්න භාවිත කරයි. එහෙත් ශුන්‍ය යන්න ඔබ අර්ථ දක්වා නැත. ඉන්පසු ශුන්‍ය ගැන කිව හැක්කේ කුමක්දැයි ඔබ අපෙන් අසයි. මේ පැනය අප ඔබෙන් ඇසිය යුතු දෙයකි. (ඔබගේ අර්ථ දැක්වීම් වල සඳහන් ශුන්‍යය යනු කුමක්ද?)

      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

      (i) සිතුවිළිගේ පහසුව පිණිස මුලින් සුළු හැඳින්වීමක් කරමු. ද්වීකෝටික ක්‍රමය සැලකීමේදී අප යම් ප්‍රකාශයන් (ප්‍රස්තුත හෙවත් propositions) සලකමු. ඕනෑම ප්‍රකාශයක් නොව සත්‍ය හෝ අසත්‍ය (දෙකින් එකක්) තීරණය කළ හැකි ප්‍රකාශ පමණි. මේ අනුව යම් ප්‍රකාශයක් එක්කෝ සත්‍ය වේ නැතහොත් සත්‍ය නොවේ (හෙවත් අසත්‍ය වේ) වෙනත් දේ පිළිනොගැනේ. වෙනත් අයුරින් ද්වීකෝටිකයෙදී ප්‍රකාශයකට දිය හැක්කේ (1) සත්‍ය වේ (2) සත්‍ය නොවේ යන අගයන් දෙකෙන් එකක් පමණි. චතුෂ්කෝටිකයේදී යම් ප්‍රකාශයකට (1) සත්‍ය වේ (2) සත්‍ය නොවේ (3) සත්‍ය ද වේ අසත්‍ය ද වේ (4) සත්‍ය නොවන්නේ ද වේ අසත්‍ය නොවන්නේද වේ ලෙස අගයන් හතරෙන් ඕනෑම එකක් දිය හැක. මෙයම වෙනත් අයුරින් (1) ඇත (2) නැත (3) ඇත්තෙත් වේ නැත්තේත් වේ (4) ඇත්තේත් නොවේ නැත්තෙත් නොවේ ලෙස ද දැක්විය හැක.

      උදාහරණයක් සලකමු. කඩදාසියක තිරස්ව සමාන්තර රේඛා දෙකක් අඳින්න. මෙම රේඛා දෙකම දෙපසටම සීමාවකින් තොරව ඇඳීමෙන් ලැබෙන (මනංකල්පිත) දේ මෙහිදී 'රූපය' ලෙස සලකමු. දැන් පහත ප්‍රකාශය සලකමු. "මෙම රූපය පරිමිත දිගින් යුක්තය." දැන් ද්වීකෝටික ක්‍රමය තුල මීට සත්‍ය ලෙස හෝ අසත්‍ය ලෙස හෝ අගයක් දිය නොහැක. හේතුව මෙම රූපයට අදාලව 'දිග' යන්න කුමක්දැයි අපැහැදිලි වීමයි. චතුෂ්කෝටික ක්‍රමය තුල අගයන් හතරෙන් කැමති අගයක් දිය හැක. අයෙකුට සිරස් දිශාව පමණක් සලකමින් (1) ද තිරස් දිශාව පමණක් සලකමින් (2) ද වුව තෝරා ගත හැක. (3) අනුව සත්‍ය වේ අදාල වන්නේ සිරස් දිශාව සැලකීමේදී වන අතර සත්‍ය නොවේ අදාල වන්නේ තිරස් දිශාව සැළකීමේදීය. වඩා සුදුසු (3) සේ පෙනේ. (3) සහ (4) ඇත්ත වශයෙන් එකම වේ.

      පෙරදිග (හින්දු-බමුණු) දැනුම් පද්ධතිය තුල ත්‍රිකෝටික යනුවෙන් ඉහත (1,2,3) යෙදේ. එහිදී (4) නොසැලකෙනුයේ එය (3) හා තුල්‍ය නිසා විය යුතුය. එහෙත් පෙළ දහමේ පැන විමසීමේදී ඉහත සිව් ආකාරයම දැක්වේ. ඒ එකල පැන විමසු සම්මත ආකාරය නිසා විය යුතුය. ඉහත උදාහරණයට අනුව, ද්වීකෝටික ක්‍රමය යොදා ගත නොහැකි විට පවා චතුෂ්කෝටික ක්‍රමය යොදා ගත හැකි බව පෙනේ. මේ නිසා චතුෂ්කෝටික ක්‍රමය වඩා ප්‍රබල තර්ක ක්‍රමයක් ලෙස සැලකේ. එහෙත් ඇත්ත වශයෙන් සිදුව ඇත්තේ ප්‍රකාශය අපැහැදිලි වීම, එහි ඇතැම් පද අර්ථ දැක්වීම වල ගැටළු, ප්‍රකාශය ඉදිරිපත් කරන අයුරු වැනි දුර්වලතා නිසා ද්වීකෝටික ක්‍රමයට එය ගෝචර නොවීමත් චතුෂ්කෝටික ක්‍රමය තුල එම ගැටළු විසදමින් තර්කය ඉදිරියට ගෙන යාමත්ය. එලෙස තර්ක කිරීමේදී චතුෂ්කෝටිකය තුල යෙදෙන්නේද ද්වීකෝටිකයම වේ. චතුෂ්කෝටික ක්‍රමය යනු ද්වීකෝටික ක්‍රමයේම ස්වරුපයක් යැයි අප කීවේ එබැවිනි. (ද්වීකෝටිකය හා චතුෂ්කෝටිකය ක්‍රියාත්මක වන විදිහ සාමාන්‍ය මනුස්සයෙක් යම් කාරියක් උදෙසා ආණ්ඩුවේ කන්තෝරුවකට හා පුද්ගලික සමාගමකට ගිය විට වැඩ කෙරෙන විදිහට තරමක් සමාන සේ පෙනේ.) සිංහල තර්ක ක්‍රමය චතුෂ්කෝටිකය යැයි (නලින් ද සිල්වා) කියනුයේ යම්කිසි දෙයක් සම්මුති මෙන්ම පරමාර්ථ වශයෙන් සන්ධර්බ දෙකක් තුල සැලකීමේ හැකියාව සිංහල බෞද්ධයන්ට ඇති නිසා විය යුතුය.

      චතුෂ්කෝටික ක්‍රමය තුල ද ක්‍රියාත්මක වන්නේ ද්වීකෝටික ක්‍රමය යනු ඇත-නැත (ශාස්වත-උච්චේද) අන්ත දෙක යෙදීමම වේ. මෙම අන්ත දෙක මෙන්ම ඒවායේ සංයෝගද බුදුදහමේදී බැහැර කෙරේ. බුදුරදුන් චතුෂ්කෝටික ක්‍රමය පවා බැහැර කරන්නට මේ එක් හේතුවක් වන්නට ඇත. අනෙක නම්, පැවැත්ම, නිවන, පිරිනිවන්පෑම වැනි ඇතැම් දේ කිසිදු තර්ක ක්‍රමයකට (වචන වලට) ගෝචර නොවීම විය හැක. තර්කය අවැසි වාද හා සංවාද සදහාය. නිවන් අවබෝධය තර්කය මඟින් කළ නොහැක. මේ නිසා චතුෂ්කෝටික ක්‍රමයෙන් වුව ප්‍රශ්න ඇසු විටෙක, අසන්නාගේ සිතේ මට්ටම (පාරමිතා ආදිය) අනුව පිළිතුරු නොදීම හෝ නිවන් පිණිස හේතු වන ධර්මයක් දෙසීම හෝ බුදුරදුන් කරන්නට ඇතැයි සිතිය හැක.

      මේ ගැන කේ ගේ ප්‍රතිචාරයක් වේ නම් අගයමි.

      Delete
    6. @ කේ: "ප්‍රස්තුත ලිපියට හේතුභූත වූ (ඔබ ලෝක සූත්‍රය ලෙස හඳුනා ගත්) සූත්‍රය උදාහරණ කොට දෙමි." ----- ඔබගේ සටහනේ සන්ධර්භයක් ගැන සඳහන් වුවද ඔබ පිළිතුරු දී ඇත්තේ සන්ධර්බය නොසලකා බව අපගේ වැටහීමයි. අග්ගඥ්ඥ සූත්‍රය සම්මුති දේශනාවකි. එහි ඇත්තේ කුල ක්‍රමය ඇති වූ හැටි හා ඒ ගැන ඉතිහාසයයි. ලෝක සූත්‍රය පරමාර්ථ දේශනාවකි. සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා පටලවා ගැනීම නොකළ යුතු දෙයකි. අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය හා පටහැනි සූත්‍රයක් වේ නම් ඒ, කුල ක්‍රමයේ විකාශය සිදු වූ අයුරු අග්ගඥ්ඥ සූත්‍රයේ විස්තරයට පටහැනි ලෙස දැක්වෙන සූත්‍රයක් විය යුතුය.

      ----------------------------------------------------------

      @ Joseph: "ලෝකය හට ගැනීම හා එහි නිරෝධය" ලිපියේ කෙරුනු සංවාදය අත්හිටවුයේ ඇයි?

      Delete
    7. සිතුවිළිMay 29, 2013 at 9:09 AM

      චතුශ්කොටිකය ගැන ඔබගේ සාකච්චාවෙන් මාද දැනුවත් වුනෙමු, එම සංකල්පය හා සතර කොන ගැන දැන සිටියද එය මෙයාකාර වූ වදන් සහිතව දැන නොසිටියෙමි.
      එම දැනුවත් කිරීමෙහි පින ඔබ සැමට අයත්වේ.

      යමක් කීමට කැමැත්තෙමි.
      මෙවන් සාකච්චාවලදී අපට බොහෝ විට හුරු පුරුදු අප පවසන දෙය වැරදි කොනින් ගෙන පටැලැවෙන සාකච්චාවන්ය. එහෙත් මෙහි තත්වය ඉඳුරාම වෙනස් බවක් පෙනේ. මට වැටහෙන තරම් අනෙකාට නොවැටහේ වැනි මුලාවන්ගෙන් තොරව ගැඹුරින් සාකච්චා කල හැකි තැනකි.
      එකිනෙකාගේ වෙනස් වූ අවබෝධයේ පිහිටෙන් අකිනෙකාට අවබෝධය පසක් කරගත හැකි සාකච්චාවක් දිගින් දිගටම ගොඩ නගමු.

      Delete
    8. සිතුවිළිMay 29, 2013 at 9:24 AM

      බුදු රදුන් දෙසූ දහමෙහි අවසන් අරමුන සසර විමුක්තිය හෙවත් නිර්වාණයයි. නිර්වාණය යනු කිසිදු තර්කයකට ගෝචර නොවන තත්වයකි. එසේනම් තර්කයන්ට ගෝචරවන සංකල්ප යනු මොනවාද?
      තර්කයට ගෝචර වන්නේ මත්වාදී සංකල්පයන්මය. නිර්වාණය යනු මතවාදයක්ද?
      මා දකිනා ලෙස එය කිසිදු ලෙසකින් මතවාදයක් නොවේ. එසේනම් එහි පිවිසෙන මග මතවාද ඔස්සේ ගොඩ නැගිය හැකිද? එසේ නොවේයැයි මා සිතමි. බුදු රදුන් ද්විකෝටිකයත් චතිශ්කොටිකයත් යන වාද ක්‍රම බැහැර කරනුයේ එබැවින් විය නොහැකිද?
      බුදු රදුන්ගේ දේශනා අප විසින් සම්මුතු තලයේ දේශනා හා පරමාර්ථ තලයේ දේශනා ලෙස වර්ග කොට දැක්වීමද අප විසින් වටහා ගැනීමේ පහසුව පිනිස ගොඩනගා ගන්නා මත වාදයන්මය. අග්ගඤ්ඤ සූත්‍රය සම්මුති තලයේ දේශනාවක් ලෙස මා විසින්ද පෙර දක්වා ඇත. එහෙත් එවන් මතවාද ගැනීම තුලින් අප තුල ගොඩ නැගෙන්නේ දෘශ්ටීන්ය. එක පසෙක දෘශ්ටියකින් මිදුනු සැනින් අප ඇලෙන්නේ අනෙක් පස වූ දෘශ්ටියෙහිය. කාන්දම් දෙකක් අතර තැබූ යකඩ ඇනයක් මෙනි. දෙපසෙහිම හෝ සතර අතෙහිම හෝ නොඇලී පසුවන්නේ කෙසේද? චතුශ්කෝටිකය ප්‍රශ්න කොට අප එලැඹිය යුත්තේ එතැනටයයි සිතමි.

      Delete
    9. SiTh @ Joseph: "ලෝකය හට ගැනීම හා එහි නිරෝධය" ලිපියේ කෙරුනු සංවාදය අත්හිටවුයේ ඇයි?

      --- එය සීමාව ඉක්මවා යාම නිසාය. අග්ගඥ සූත්‍රය ගැන හෝ එහි හරි/වැරදි බව ගැන හෝ කතාවක් එහි නොවීය. සිදු වූයේ ලංකා සී නිවුස් හි තැනක මා විසින් ඒ නම නොදන්නා සූත්‍රයේ මට මතක තිබූ 'චක්ඛුංච පටිච්ච...' යන කොටස ඉදිරිපත් කිරීමත්, ඒ සූත්‍රය ගැන සංවාදයක් ඇති කිරීම වැදගත් යැයි සිතූ නිසා ඒ සූත්‍රය මා දැන ගත් තැනට (එනම් k වෙතට) ආපසු පැමිණීමත්, මගේ ඉල්ලීම අනුව k විසින් එම සූත්‍රය ඉදිරිපත් කිරීමත්ය.

      ඒ සූත්‍රයේ විග්‍රහය සමග අග්ගඥ සූත්‍රය සැසඳීම සිතුවිළි විසින් ලංකා සී නිවුස් හි තැනක සොම්බිට දුන් පිළිතුර විවේචනය කිරීම පිණිසයි මා යොදා ගත්තේ. ඉන් එහා අග්ගඥ සූත්‍රය ගෙන යාමේ උවමනාවක් නොතිබිණි. k විසින් කිහිප වරක් පෙන්වා දුන් පරිදි මෙවැනි ගැඹුරු තැන් වචනයෙන් කියා දීමට යාම නොකළ යුතුය. එය පිළිගෙන මම නිහඬ වීමි. එහෙත් ඒ උපදෙස දීමට බුද්ධියක් තිබූ k ඒ උපදෙස පිළිගත නොහැකිව පැටලී සිටින බවද දිටිමි. ඔහුට වරදක් කිව නොහැක. හිතට එන දේ කීමේ/නොකීමේ නිදහස අපිට ඇතත් වෙබ් අඩවි පාලකයා එහි පැමිණෙන අය සතුටු කල යුතුය. "අපි ප්‍රියදර්ශනට තට්ටු තුනේ බුද්ධාගම ගැන කියලා දෙමුද?" කියා මා ඔහුගෙන් ඇසුවෙත් මේ පඹ ගාලෙන් ඔහු ගලවා ගැනීමටයි. වැඩක් උනේ නැත.

      Sith,
      අග්ගඥ සූත්‍රය හෙලා දැකීම අප කාගේවත් අදහසක් නොවූ බව ඉතා වගකීමෙන් කියමි. ඒ බව පිළිගන්න. අර මුලින් සඳහන් කළ සූත්‍රය සමග සැසඳූ කල අග්ගඥ සූත්‍රය වැඩකට නැති කතන්දරයක් පමණක් බවත් පිළිගන්න. එසේම ඒ ගැන සාකච්චාව දිගට ගෙන යාම කිසිවෙකුටත් ප්‍රයෝජනවත් නොවන බවත් පිළිගන්න. k ඕනෑවටත් වඩා ඒ ගැන විස්තර කර ඇත. ඔහු මුලින්ම ලියූ පිළිතුරු, එනම් ප්‍රශ්න හමුවේ මංමුලා වීමට පෙර දුන් පිළිතුරු, ඉතා පැහැදිලියි. ඒවා කියවා ගත්තොත් ඔබේ ගැටළු වලට පිළිතුරු ලැබෙයි. අග්ගඥ සූත්‍රය ගැන මගෙන් මීට වඩා පිළිතුරු ලැබිය නොහැකියි. ඒ ගැන සමා වන්න.

      Delete
    10. SiTh,

      (ii) "ඔබ පළමුව ධන හා ඍන සංඛ්‍යා අර්ථ දක්වයි....මේ පැනය අප ඔබෙන් ඇසිය යුතු දෙයකි."

      ඔබ මෙය ග්‍රහණය කර ගත් ආකාරය නිවැරදිය. නමුත් ඔබ ඕනාවට වඩා ප්‍රවේසම් සහගත වෙමින් පිළිතුරු දෙයි. ඔබ පාසැලේ ඉගෙන ගත් ආකාරය මතකද?

      අපේ සංස්කෘතිය තුලදී ශුන්‍යය ධන හෝ සෘණ නොවේ. මා ඉහත අර්ථ දැක්වීම කළේ ඒ ඇසුරිනි. නමුත් අපට පාසැලේ ඉගැන්වෙන බටහිර ගණිතයේ ධන සංඛ්‍යා අර්ථ දැක්වෙන්නේ ශුන්‍යයත් ඇතුලත්වය. ඒ නිසා බොහෝ අවස්ථා වල 'නිෂ්ශුන්‍ය ධන සංඛ්‍යාවක්' ලෙස ලිවීමට අපට සිදු වේ. එහෙත් ශුන්‍යය ධන ලෙස ගැනීමේ පහසුව ඔබට ඇත. ඉහත උදාහරණය චතුස්කෝටිකයේ සිව් වන අවස්ථාවට උදාහරණයකි.

      සත්ත්වයා මරණින් පසු තත්ත්වය අද බොහෝ දෙනා (පැවිදි පඬි වරු පවා) අපට කියා දෙන්නේ ඉහත අයුරිණි, එනම් මොහුත් නොවේ වෙන කෙනෙකුත් නොවේ (නච සෝ නච අඤ්ඤො) යන අරුතිනි. ඒ තවත් උදාහරණයකි.

      ඔබ කියන තුන් වන කෝටිකය ([3] සහ [4] ඇත්ත වශයෙන් එකම වේ) සිව් වන කෝටිකයට තුල්‍ය වීම ඉහත උදාහරණ කෙරේ ගලපා බැලීම හොඳ අභ්‍යාසයක් විය හැකි බව යෝජනා කරමි.

      මිහිඳු හිමි තිස්ස රජුට ඉදිරිපත් කළ අඹ පැනය හා බන්ධු පැනය ගත්තත්, ඉන් පරික්ෂා කෙරෙන්නේ චතුස්කෝටිකය ගැන හැඟීමක් තිස්ස රජු නියෝජනය කරන සංස්කෘතිය තුල ඇත්ද යන්න බව සිතමි. ගැඹුරු දහම් කරුණු තේරුම් ගැනීමට නම් ද්විකෝටිකයේ සීමාවෙන් මිදිය යුතුය. නියම ධර්මය පවතින්නේ ද්විකෝටික සීමාව පමණක් නොව චතුස්කෝටික සිමාවෙන්ද එපිටිනි. බොහෝ දෙනා විරුද්ධ විය හැකි වුවත් ඒ බව මෙහි සටහන් කොට තබමි.

      Delete
    11. SiTh,

      ඔබේ දිගු විස්තර සහිත (i) පිළිතුර සම්බන්ධයෙන් අපේ වැඩි විරුද්ධත්වයක් නැතත්, ඒ ගැන එකඟත්වයක් ද ඇත්තේ නැත. ද්විකෝටිකය සම්බන්ධයෙන් ගැටළු නැත. චතුස්කෝටිකය ද්විකෝටිකයට ඌනනය කිරීමට හැකි බව ඔබ විසින් නිගමනය කිරීමයි ගැටළුව. ඔබ ගත් උදාහරණ ද නොගැළපෙන බවයි අපේ අදහස.

      ඒ ගැන සිතුවිළි හා සංවාදයක් කෙරෙතොත් පසෙකට වී කියවීමට රුසියෙමි.

      Delete
    12. සිතුවිළි,

      චතුස්කෝටිකය යනු තර්ක ක්‍රමයකැයි මා යම්කිසි තැනක කියා ඇත්නම් සමාව අයදිමි. එය තර්ක ක්‍රමයක් වන බවක් අපේ අදහස නොවේ. ඇත්ත වශයෙන් අප තර්ක ශාස්ත්‍රය ගැන වැඩි යමක් දන්නේ නැත.

      අප තේරුම් ගත් අයුරින්, වචන වලින් ප්‍රකාශ කළත් නැතත්, ඕනෑම දෙයක පවත්නා තත්ත්වය ගැන ප්‍රකාශ කළ හැකි අවස්ථා සතරකි චතුස්කෝටිකය යනුවෙන් ගැනෙන්නේ.

      උදා 1:
      1. සිතුවිළි පවතී.
      2. සිතුවිළි නො-පවතී.
      3. සිතුවිළි පවතින්නේ ද නො-පවතින්නේ ද වෙයි.
      4. සිතුවිළි නොම-පවතින්නේ ද නොම නො-පවතින්නේ ද වෙයි.

      මිතුරු SiTh පවසන අයුරින් 3 අවස්ථාව 4 අවස්ථාවට තුල්‍ය වන බව ඔබ සිතන්නෙහිද?

      ඉහත ද දැක්වූ මිහිදු හිමිගේ බන්ධු ප්‍රශ්නය සළකා බලමු. තිස්ස රජුට බන්ධුන් බොහෝ සිටී. බන්ධු නොවන අය ඊට වඩා සිටී. තිස්ස රජු අයත් වන්නේ කුමන කුලකයටද? ඔහු අයත් වන්නේ නෑයෙක්ද නොවන නො-නෑයෙක්ද නොවන කුලකයටයි.

      භෞතික විද්‍යාවේ ප්‍රසිද්ධ අර ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගනිමු. අංශුව සිදුරු දෙකෙන්ම එක වර ගමන් කර ඇති බව ඉන් කියැවේ. ඒ තුන් වන අවස්ථාවට උදාහරණයකි. (ද්විත්ව සිදුරු වෙනුවට ත්‍රිත්ව සිදුරු පරීක්‍ෂණයක් කළේනම් කුමක් විය හැකිද යනු වලංගු ප්‍රශ්නයකි. ඊට පිළිතුරු මා සතුව නැති බව දැන්ම කියා තබමි.)

      චතුස්කෝටිකය තේරුම් ගැනීමට පහසුම ක්‍රමය වෙන් (Venn) රූප සටහනක් ඇඳ ගැනීමයි. මෙහි A හා B ලෙස චේදනය වන කුලක දෙකකි. සර්වත්‍ර කුලකය යනු සියළු අවස්ථා අඩංගු කුලකයයි. එනම් චතුස්කෝටිකයේ අවස්ථා සතරයි.
      A කුලකය පළමු අවස්ථාව නම්,
      B කුලකය දෙවන අවස්ථාව වේ.
      A චේදනය B තෙවන අවස්ථාව වන අතර
      (A චේදනය B)' සිව් වන අවස්ථාව වේ.

      ද්විකෝටිකයේ ඇත්තේ A හා A' පමණි. ද්විකෝටිකය දන්නා අය චතුස්කෝටිකයේදී A'=B ලෙස ගැනීමට උත්සාහ කිරීම ගැටළු ඇති කරයි. ඉහත (SiTh ට) මා දුන් ශුන්‍යය පිලිබඳ උදාහරණය මෙහි දැක්වූ කුලක ඇසුරින් සිතා බලන්න. ඔබ යමක් මින් තේරුම් ගත්තේනම් ඔබ චතුස්කෝටිකය සම්බන්ධයෙන් බොහෝ දුරට අප දන්නා තරමම දන්නා බවට සෑහීමට පත් විය හැක. අපට වඩා දන්නා කෙනෙක් පැමිණ ඒ දැනුම නිෂේධනය කරන තෙක් එය අපට සෑහෙනු ඇතැයි සිතමි.

      Delete
    13. SiTh,

      අග්ගඥ සූත්‍රය සම්බන්ධයෙන් ඔබ දක්වා ඇති කරුණු සමග විවාදයක් නැත.

      Joseph මේ කියන කරුණු අගය කරමි. ඒ කරුණු වල සත්‍යයක් ඇත.

      Delete
    14. සිතුවිළිMay 30, 2013 at 9:53 AM

      කේ ඔබ චතුශ්කෝටිකය යන්න අරුත් දක්වා ඇති අයුර ඉතා මනරම්ය. මා එය අගයමි. එසේම මාහට එය හොඳින් වැටහේ.
      මේ සංකල්පය මා දැන සිටි බවත් එය මාගේම සිතුම් හා අභ්‍යන්තර වාද විවාද උදෙසා මා භාවිතා කොට ඇති බවත් සත්ත්‍යය.
      මා බොහෝ විට පවසන දෘශ්ඨි ගත වීම යන අදහස පැන නගින්නේද මේ පදනමිනි.
      උදා හරනයකට දක්වතොත්: ඔබ ඉහතින් කියා ඇති නච සෝ නච අඤ්ඤෝ යන පදය, අප එය පිළිගතහොත් එය මත වාදයකි. එය දෘශ්ටියකි. එය වැරදියැයි තර්කයෙන් පහදා කියා පිළිගතහොත් එහි තත්වය එයමවේ. (මේ බැලූ ආකාරය ද්විකෝටිකයකියැයිද කිව හැක. ) කෙසේ වෙතත් පුනර්භවික සත්ත්වයා
      හිටි එකාම වශේයන්
      අන් එකෙකු වශයෙන්
      හිටි එකාම නොව අන් එකෙකුත් නොව වශයෙන්
      හිටි එකා නොවන්නේත් නොව අනෙකෙකු නොවන්නේත් නොව වශයෙන්
      කොට කුමන ආකාරයකින් ගත්තද එය දෘශ්ටියකි, මතවාදයක පිහිටීමකි.
      එම නිසා මේ සියළු ආකාර ඉක්මවා යායුතු බවට ඔබ තැනෙක කරන යෝජනාවනම් ඉතාමත් අගනේය.
      ද්විකෝටිකයත් චතුශ්කෝටිකයත් දැන සිටීම වැදගත් බව පිළිගනිමි. එය තර්ක ක්‍රමයක් වේවා / නොවේවා ඒ අනුව යමක් පහදවා ගැනීමටත් ඒ අනුව යමක් කෙරෙහි දෘශ්ටීන් ගොඩනගා ගැනුමටත් දරන තැත තුල අප මගින් බැහැර වන බවනම් පෙනේ.

      Delete
    15. @ කේ:

      [1] එම උදාහරණයේ ඇති වරද පැහැදිලි කළ හැකිද?

      [2] වෙන් රූප සටහනේ A සහ B ලෙස හඳුනා ගන්නේ ඔබ ඉහත දක්වා ඇති සිතුවිළි පවතී ආදී (1,2,3,4) න් කුමන දේද?

      [3] ශුන්‍ය ගැන පාසලේ ඉගෙන ගත විදිහක් ඇත්තටම මතක නැත. සාමාන්‍යයෙන් අපට වැදගත් වන සංඛ්‍යා කුලක නම් නිශ්ශුන්‍ය සංඛ්‍යා, ධන සංඛ්‍යා හා ඍන නොවන සංඛ්‍යා ය. ද්වීකෝටික ක්‍රමය තුල මේ ගැන අවුලක් අපට නොපෙනේ.

      [4] "ද්විකෝටිකය දන්නා අය චතුස්කෝටිකයේදී A'=B ලෙස ගැනීමට උත්සාහ කිරීම ගැටළු ඇති කරයි." අප දකින ලෙස A'=B ලෙස ගැනීමන් බොහෝ දෙනෙක් චතුස්කෝටිකයේ කෙසේ වෙතත් ද්වීකෝටිකයේ ගැටළු ඇති කර ගනී.

      [5] චතුෂ්කෝටිකයේ (3) හා (4) තුල්‍ය වේ යන්න මා ලියා ඇත්තේ ඕනෑම ප්‍රකාශයක් සදහා නොවේ. චතුස්කෝටිකය වුව ඕනෑම ප්‍රකාශයක් සදහා වලංගු යැයි මම නොසිතමි.

      ඔබ දුන් උදාහරණ ගැන පසුව අදහස් දක්වමු. මා අදහස් දක්වා ඇත්තේ මට තේරෙන සීමාව තුල සිටය. ධර්මාවබෝධය (හෝ සත්‍යාවබෝධය) යනු තර්කයෙන් බාහිර දෙයකි. ඒ ගැන කිසි වාදයක් මෙහි ඇති බවක් මම නොදකිමි. ඇත්ත වශයෙන්, මට පෙනෙන විදිහට තර්කය ඔබ වැඩියෙන් මුලා කරයි.

      Delete
    16. @ Joseph:

      සමාව ඉල්ලීමට දෙයක් නොමැත. ඔබේ පිළිතුරට තුති. මා cnews හි බොහෝ කොමෙන්ටු නොකියවන නමුදු සාමාන්‍යයෙන් ඔබේ පින්තුරය ඇති කොමෙන්ටු කියවමි. අග්ගඥ්ඥ සූත්‍රයේ ඇත්තේ කතන්දර හා කතන්දර පමණි යනුවෙන් ඔබ ලියා තිබුනා මතකය. ඊට මා යමක් කියන්නට ඇත. එහෙත් එම කතාව ගැන ඊට වඩා ඉතිහාසයක් දැන නොසිටියෙමි. ලෝක සූත්‍රය හා සැසදීමේදී අග්ගඥ්ඥ සූත්‍රයේ ඇත්තේ කතන්දර හා කතන්දර පමණි යනුවෙන් ඔබ ලීවේ නම් මා පෙර කොමෙන්ටු නොදමනු ඇත. ඉතිහාසය නොදැන මැද්දට පැන අවුලක් මා අවුලක් ඇති කෙළේ නම් සියල්ලෝ කමත්වා. මට හැඟෙන අයුරින් කේ ලියා ඇති දේ (පසුව කෙලින්ම කියූ) 'බුදුරජාණන් වහන්සේ කර ඇත්තේ එක බොරුවකට එරෙහිව තව බොරුවකින් සිය සව්වන් සන්නද්ධ කිරීම පමණි' යන උපකල්පනය මත (හෝ ඔහුට අනුව නිගමනය අනුව යමින්) ලියා ඇත. ඔබ දෙදෙන එම ස්ථාවරයේම ඇතැයි සිතා මේ ගැන අපට කීමට ඇති දේ පසුව කියමු.

      Delete
    17. SiTh,

      [1] එම උදාහරණයේ ඇති වරද පැහැදිලි කළ හැකිද?

      එය චතුස්කෝටිකය තේරුම් කිරීම පිණිස නොව තේරුම් නොකිරීම පිණිස උවමනාවෙන්ම තෝරා ගත් අසම්පුර්ණ උදාහරණයකි.
      ~~~

      [2] වෙන් රූප සටහනේ ...

      A සහ B කැමති පිළිවෙලට 1 හෝ 2 හෝ වශයෙන් ගත හැක. මේ උදා.1 ලෙස දුන් උදාහරණයේ A'=B වේ. එසේ නොවන අවස්ථා පවතී. උදාහරණ ලෙස ශුන්‍යය පිළිබඳ උදාහරණය සහ තිස්ස රජුගේ නෑයන් ගැන උදාහරණය ගත හැක. ඒ උදාහරණ දෙකේදී A'=B නොවේ.
      ~~~

      [3] ශුන්‍ය ගැන පාසලේ ඉගෙන ගත විදිහක් ...

      මෙය කලින් කලට නව නිර්දේශ පැමිණීම නිසා සිදු විය හැක. අපට නම් අපේ ගුරුවරු කිසිවක් නැති තැන ශුන්‍යය යන අවබෝධය ලබා දුන්හ. අප ඉතාම කුඩා කාලයේදී අපට සෘණ සංඛ්‍යා නොවීය. සෘණ සංඛ්‍යා ඉගෙන ගන්නා මුල් කාලයේ අපට ශුන්‍යය (0) ධන සංඛ්‍යාවක් නොවීය. තවත් ඉහලට යන විට පමණි අපට 0 ධන ලෙස උගන්වන ලද්දේ.
      ~~~

      [4] ද්විකෝටිකය දන්නා අය චතුස්කෝටිකයේදී ...

      ද්විකෝටිකයට B අවශ්‍ය වන්නේ මන්දැයි මට නොතේරේ. ඇත්තේ අවස්ථා දෙකක් පමණක් විට A සහ A' පමණක් භාවිතා කර කාර්යය කළ හැක.

      චතුස්කොටිකයට A'=B ලෙස ගැනීම ගැටළුවක් බව ඉහත [2] දුන් පිළිතුරින් පැහැදිලි විය යුතුයි.
      ~~~

      [5] චතුෂ්කෝටිකයේ (3) හා (4) තුල්‍ය වේ ...

      මෙතැන 'ප්‍රකාශය' යන්න ගැන අපගේ එකඟත්වයක් නැත. තර්ක ගැන අප වැඩි යමක් නොදන්නා බවට පෙර ප්‍රතිචාරයේ කළ සඳහනට ඔබේ අවධානය යොමු කරමි.
      "ඕනෑම දෙයක පවත්නා තත්ත්වය ගැන ප්‍රකාශ කළ හැකි අවස්ථා සතරකි චතුස්කෝටිකය යනුවෙන් ගැනෙන්නේ."

      Delete
    18. @ කේ: අප විසින් චතුස්කෝටිකය තර්ක ක්‍රමයක් ලෙස සැලකීමෙන් වරදක් කර ඇත. චතුස්කෝටිකය සිංහල දැනුම් පද්ධතියේ මෙන්ම පෙරදිග දැනුම් පද්ධතියේද න්‍යාය වෙයි. න්‍යාය හා තර්ක ක්‍රම ගැන Joseph දක්වා ඇති (උදාහරණ කෙසේ වෙතත්) අදහස නිවැරදිය. මා තර්ක ශාස්ත්‍රය විෂයක් ලෙස හදාරා නැති මුත් දන්නා තරමින් (පිළිගත හැකි) තර්ක ක්‍රමයක් ලෙස ඇත්තේ ඇරිස්ටෝටලීය තර්ක ක්‍රමය පමණි. බටහිර දැනුමේ න්‍යාය ද්වීකෝටික වේ. බටහිර දැනුම තුල ද්වීකෝටික න්‍යායයේත් එම තර්ක ක්‍රමයේත් ඇති සමීපත්වය නිසා සහ වෙනත් න්‍යායක් නැතිකම නිසා මේ දෙකම එකක් සේම සැලකේ. ද්වීකෝටික තර්ක ක්‍රමය තුල ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ ද්වීකෝටික න්‍යාය තුලයි. ඔබ විසින් දුන් සියළු උදාහරණ චතුස්කෝටික නැතිව විසදා ගත හැක. ශුනයයේ ගැටළුව ධන ඍන හා ශුන්‍ය අර්ථ දැක්වීම අනුව විසදා ගත හැක. නෑයන් හා නොනැයන් ගැන ගැටළුවද එම කුලක සහ මම අර්ථ දැක්වීමෙන් විසදා ගත හැක. එහෙත් මෙහිදී ඇති ගැටළුව නම් මේ සියල්ල අර්ථ දැක්වීමට (හෙවත් මුල පනවා ගැනීමට) සිදු වීමයි. මේ ගැටළුව චතුස්කෝටිකයේ නොමැත. ඔබට නෑයන් සිටිත් දැයි මිහිදු හිමි ඇසු විට 'Define නෑයන්' ලෙස තිස්ස රජුට කීමට සිදු නොවන්නේ එබැවිනි. පෙළ දහම ද්වීකෝටික තර්ක ක්‍රමය තුල තේරුම් ගැනීමට යෑම වරද සහගත බව පෙනේ. එකම අංශුව එකම විට දෙතැනක තිබෙන ද්විත්ව සිදුරු පරීක්ෂණයේ ඇත්තේ තර්ක ක්‍රමය තුල ගැටළුවක් නොව පනවාගෙන ඇති න්‍යාය (හෝ ඉන්ද්‍රිය ගෝචර 'සත්‍ය' හෝ (ඊනියා)'නිරීක්ෂණ' හෝ) ගැන ගැටළුවකි. බුදුරදුන් එකම විට දෙව් ලොව අභිධර්මය දෙසීමත් මනුලොව දම් දෙසීමත් පිළිගැනුම අපට ගැටළුවක් නොවේ. "ඕනෑම දෙයක පවත්නා තත්ත්වය ගැන ප්‍රකාශ කළ හැකි අවස්ථා සතරකි චතුස්කෝටිකය යනුවෙන් ගැනෙන්නේ." ලෙස චතුස්කෝටික න්‍යාය ගැන ඔබ කියන දේ නිවැරදිය. ද්වීකෝටික න්‍යායේ ඇත්තේ අවස්ථා දෙකකි. බටහිර තර්ක ක්‍රමය එම න්‍යාය මත පදනම් වේ.

      Delete
  6. යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
    යං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
    යං තත්ථ යෝනකපුරේ මුනිනෝච පාදං
    තං පාද ලාංඡන මහා සිරසා නමාමී

    මේ ගාථාවේ තේරුමත් ගාථාවේ ඉතිහාසයත් දන්නේ නම් විස්තර කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. SiTh,

      ඔබ 'තෘතිය ලංකාගමනය' නම් ලිපිය (බැඳිය ඉහත ලිපිය තුලම දක්වා ඇත: katha32.blogspot.com/2012/05/kalyaanan-padalanchanan.html) කියෙවූවානම් ඔය ගැටළුවෙන් අඩකට පිළිතුරු ලැබුණා වේ.

      මා ඔය ගාථාව කියවා කටපාඩම් කර ගත්තේ සිරිපා පත්මය අබියසදී ය. එහෙත් ඒ ගාථාවේ ඉතිහාසය ඉගෙන ගැනීමට හැකි නොවීය. සිරිපා, කැළණි, රුවන්වැලි සෑ, මහා බෝධි පමණක් නොව මාතර වෙහෙරහේන වැඳීමටත් අපේ පාලි පඬි වරු එකල ගාථා බැඳ ගත්හ.

      ඉතිහාසය පසෙක තබා තේරුමට ආවොත්, මේ ගාථාවෙන් සිරිපා සලකුණු කිහිපයක් නම් කර ඒවා සිරස නමා වඳින බවයි කියවෙන්නේ.

      දන්නා පාලියෙන් කියන්නම්, නොදන්නා පාලිය ඉතුරු කර.

      1. නම්මදාය නදියා = නර්මදා නදිය
      පුලිනේච තීරේ = වැලි තලය.
      (නර්මදා නදී තෙර වැලි තලය මතද)
      2. සච්ච බද්ධ ගිරිකේ = සච්ච බද්ධ පර්වතය (සච්චබද්ධ ජටිලයා විසූ තැන)
      3. සුමනාචලග්ගේ = සුමන කූටය මත (මෙය සංධි වූ පදයකි)
      (සච්චබද්ධ පව්ව හා සුමන කූටය මතද)
      4. තත්ථ යෝනකපුරේ = අරුත පැහැදිලියි, යෝනකපුරය

      මේ අනුව ගාථාවේ අරුත:
      "ඉහත කී ස්ථාන සතරෙහි මුණින්ද්‍රියන් වහන්සේ පා තැබූ සේක්ද... ඒ පාද ලාංඡන මම් සිරස නමා වඳිමි."


      වෙසෙසින් කිව යුතු දෙයක් වෙයි. සාමාන්‍ය පිළිගැනීම අනුව යෝනක පුරය යනු යවන රටයි. යවන රට යනු ග්‍රීක (වඩාත් නිවැරදිව කිවහොත් අයෝනියන්) ශිෂ්ඨාචාරයයි. බුදුරජාණන් වහන්සේ යවන රටට වැඩි සේක්දැයි අපට හරියටම කිව හැකි නොවුනත් ඉහත 'තෘතිය ලංකාගමනය' ලිපියට අනුව, උන් වහන්සේ කැළණි ගං පතුලේ එක් සිරිපාදයක් තබා ඇත.

      මේ ස්ථානය අරාබියේ මක්කම බව සමහරු ජනකවි ශාක්‍ෂි කොටගෙන පවසත්. එහෙත්, ජන කවි වල කියැවෙන මක්කම යනු මන්නාරමත් හලාවතත් අතර බොහෝ විට වර්තමාන වයඹ පළාතට අයත් විහාරස්ථානයක් යැයි ඇති මතයත් බැහැර කළ නොහැක. නම්පොතේ මක්කම ගැන සඳහන් වන බව වෙබ් අඩවි වල දුටු නමුත් මේ හදිසියට නම්පොත සොයා ගත හැකි නොවීය. නම්පොතේ මක්කම ඇතොත්, සිරිපාදය ඇත්තේ ලංකාවේ මක්කමේ මිස අරාබියේ මක්කමේ නොවන බව ඉඳුරා පැවසිය හැක.


      මෙය පමණ ඉක්මවා ගිය පිළිතුරක් නොවේයැයි සිතමි.

      Delete
    2. @ කේ: බොහොම පින්. මක්කම යන්න වෙබ් අඩවි වල ඇති නම්පොතේ ඇත. ඉහත ගාථාවේ තේරුම ගැනත් සිරිපතුල් ගැනත් එකිනෙක පටහැනි දේ දක්නට ඇත. මා දැනට දන්නා තරමට සිරිපතුල තැබු එක් තැනක් අරාබියේ ඇති මක්කම බව මගේ අනුමානයයි.

      Delete
  7. වසරක් ගත වන විට පොහොය දොලසේ වටිනාකම පැහැදිලි කර හමාරයි. හැමදාමත් පොහොය ලිපි ගැන කථා කරන්න අවශ්‍ය නැ නේ. දෙතිස් කථා කියපුවහම පෝය හැරුණු කොට තව ලියන්න කවර නම් කථා තියෙනවද අපට? හැමදාම පෝය ලිපි කියවන්නද ඔබ සැමගේ ආශාව? විවිධත්වයෙන් දකින්න විවිධ දේවල් වලින් මෙය පෝෂණය විය යුතුයි කියලයි මගේ අදහස.එකම දෙයක එල්ලීගෙන සිටිනවට වඩා සොයා යමු අපි දැනුම් සාගරයක්.........! එය නිවැරදිද මිතුරනි?

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නෑ !

      (මගේ සිංහලත් දැන් හරි දියුණුයි නොවේද මිතුරනි)

      Delete
    2. සිතුවිළිMay 28, 2013 at 5:59 PM

      අවබෝධය හිස් නම් දැනුම් සාගරයක ඵලය කුමක්ද? දැනුමින් සන්නද්ධ වූ පමණින් අප හට ලැබෙන අගය කුමක්ද?
      එකම කරුන සිය දහස් වරක් හෝ නැවත නැවත සාකච්චා කොට ඒ පිළිබඳ අවබෝධය ගොඩ නැගිය හැකිනම් එය අගනා බව මා සිතමි.
      පොහොය ලිපියට පමණක් කොටුවිය යුතු බවක් ඉන් නොකියමි. නොයෙක් දේ ගැන කාටත් රුචි දේ ගැන කථා කරමු එහෙම හොඳයි.

      Delete
    3. මිතුර සිතුවිලි,
      "අවබෝධය හිස් නම් දැනුම් සාගරයක ඵලය කුමක්ද?" මොහාතින් මොහොත එකතු වන අලුත් දෑ වලින් කිසිදිනක අවබෝධය හිස් නොවේ. නුවණ ඇත්තා මේ හැම දෙයකින්ම ප්‍රයෝජනයක් ගනී. අනුවණයාට මේ කිසිම දෙයකින් පලක් නොවේ.එවගේම එකම කරුණ කල් මරණ විට එහි වටිනාකම ශුන්‍ය වේ. රසය හීන වේ. කේටද, ඔබටද, මටද, දෙතිස් කථා එපාවී තව තව අලුත් දෑ සොයා යාවි.හරියට උපමාවක් කියනවා නම් "ගොනා බැදී කණුව වගේ"

      Delete
    4. සිතුවිළිMay 29, 2013 at 9:39 AM

      මිතුර බිංදු,
      මතවාදීව හෝ ගැටීමට මා ඉතාමත් අකැමැත්තෙමි.
      එහෙත් ඔබගේ අදහස හා එකඟ වීමනම් කල නොහැක්කකි.ඔබ සතුව යම් දැනුමක් වූ පමණින් ඔබ එය අවබෝද කොට නැතිනම් ඔබට ඒ ඔස්සේ යා හැකි දුර අසීමිතය. ධර්ම කාරනා සම්බන්ධයෙන් මෙය වඩාත් නිවැරදිය.
      ධර්මය සොයා යාමෙහිදී වැඩි දුරක් යාම නොව වැඩි යමක් වටහා ගැනීම ගැන වෙහෙසිය යුතුයැයි සිතමි. දැන් ධර්ම භාණ්ඩාගාරික වරයෙකුට ඇබෑර්තු නැත. අන්තර් ජාලයත් පොත් පතුත් ඒ කාරිය ඉටුකරමින් සිටී. එම නිසා දැනුම ගැන වෙහෙසීම පල රහිතයැයි සිතමි. කළ යුත්තේ අවබෝධය පිනිස වෙහෙසීමයි. එය පරිගනකයට හෝ පොත් පත් වලට කල නොහැක්කකි. ගොනා බැඳි කනුව ගොනාට වැඩක් නැත, එහෙත් නුවනැත්තාට එයම නිර්වාණ මාර්ගය උදෙසා උවද කමටහනක් කොටගත් හැකිය, අනිත්ත්‍යය මෙනෙහි කිරීමට එය උවද නුවනැත්තාට සෑහේ යැයි මට සිතේ.

      Delete
    5. සිතුවිළි,

      "ඔබ සතුව යම් දැනුමක් වූ පමණින් ඔබ එය අවබෝද කොට නැතිනම් ඔබට ඒ ඔස්සේ යා හැකි දුර අසීමිතය." යන ඔබේ වැකියේ "අසීමිතය" යන්නේ 'අ' යන්න ලොප් කර ඔබ හා එකඟ වීමටයි මගේ කැමැත්ත.
      ~~~
      බිංදු,

      දෙතිස් කථා එපාවී තව තව අලුත් දෑ සොයා යාවි.හරියට උපමාවක් කියනවා නම් "ගොනා බැදී කණුව වගේ"
      යන උපමාවේ නොගැලපීමක් දිටිමි. ගොනා කොපමණ එක තැන කැරකුනත් සිටින තැන හැර දා යා හැකි කණුව කුමක්ද?

      Delete
    6. සිතුවිළිMay 30, 2013 at 9:59 AM

      ඔබ යමක් අවබෝධ කොට ඇත්නම් යා යුතු දුරක් තව දුරටත් නැත. ඔබට යමක් ඔස්සේ අසීමිත දුරක් යා හැක්කේ ඔබ එය අවබෝධ කොට නැතිනම් පමණි.
      සියළු දැනුම ගැන මා එසේ දැනට පිහිටමි.
      එසේම සියල්ල අවබෝධ කිරීමද ප්‍රායෝගික නැත. එබැවින් දන්නා ටික අවබෝධ කිරීමට වෙහෙසීම මහා ගොඩක් දැන ගන්නවාට වඩා යහපත් යැයි මට දැනට සිතේ.
      මා කී ආකාරය වදන් පටැලිලි බවක් වෙත්නම් කමා කරත්වා.

      Delete
    7. මිතුර සිතුවිලි
      මාගේ දැනුම ඔයාලගේ දැනුම තරම් පුළුල් නැති බව මා පිලිගන්නවා.මා සිතු අයුරින් ලීවා මිසක් ඔබගේ දැනුම පහතට හෙළුවේ නැත. කෙසේ වෙතත් මම හිතනවා මට දෙන්නම් කියූ බුදු පිළිම ටික කෝ කියලා අහන්න.

      Delete
    8. "ඔබ යමක් අවබෝධ කොට ඇත්නම් යා යුතු දුරක් තව දුරටත් නැත. ඔබට යමක් ඔස්සේ අසීමිත දුරක් යා හැක්කේ ඔබ එය අවබෝධ කොට නැතිනම් පමණි."

      සිතුවිළි,
      පිළිගනිමි, ඒ කතාවත් ඇත්ත තමයි.

      Delete
    9. සිතුවිළිMay 31, 2013 at 9:36 AM

      බිංදු මානම් මේ සාකච්චාවෙහි යෙදෙන්නේ නොදන්නා දේ දන ගැනුමටත් අනෙක් අයගේ අවබෝධය තුළින් යමක් උකහා ගෙන මාගේ අවබෝධය පුළුල් කරගැනීමටත් මාගේ අවබෝධයෙන් අන් අයහට හැකිනම් යමක් දීමටත් පමනයි. එනිසා උස් කිරීමක් පහත් කිරීමක් ඇති නොවේ. සාකච්චාවට ඔබත් එක් වීමනම් අගෙයි.

      තායිලන්තයේ ප්‍රධානම බෞද්ධ විහාරය වූ අයෝධ්‍යාවෙහි මහා රන් වන් පිළිමයෙහි ඡායා රූපයක් මා කේ වෙත ලබා දී ඇත. එය ඡායා රූප ගත කිරීමෙහිදීද මට ඔබගේ බ්ලොගය සිහි උනා. හැකිනම් එය කේ ගෙන් ලබා ගන්න.

      Delete
    10. මිතුර සිතුවිලි

      ස්තුතියි! මම එය ලබා ගන්නනම්. එය මගේ බුදු පිළිම යටතේ යොදන්නද? නැති නම් ඔබේ නමින් සටහනක් තබන්නද? මට අයිති නැති දෙයක උරුමය අයිති කෙනාට ලබා දීම සාධාරනයි යන්න මගේ වැටහීම. තෙරුවන් සරණයි!

      Delete
    11. සිතුවිළිMay 31, 2013 at 4:55 PM

      බිංදු,
      මා එය ඔබට දුන් පසු එය ඔබ සතුය, කැමැත්තක් කිරීමේ නිදහස ඔබට ඇත. ඔබගේ බ්ලොගයට දායක වීමට ලැබීම ගැන මා සතුටු වෙමි..

      Delete
  8. @ කේ: ".... කණ ආශ්‍රිත ඉන්ද්‍රියයක් (කර්ණ ශංකය) .... අප භාවිතා කරන්නේ පැහැදිලිවම ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ඇති වේ යැයි කියන බරේ දිශාව නිර්ණය කිරීමටය. ..... කර්ණශංකයට ගුරුත්වාකර්ෂණය නොදැනෙන බව සැබැවි, එහෙත් අප සමබරතාවය රැක ගැනීම පිණිස බලපාන බරේ දිශාව (එනම් යට දිශාව) පිලිබඳ හැඟීම දැනෙන්නේ ඒ අවයවයටයි. ඒ හැඟීම විසිනි ගුරුත්වාකර්ෂණය යන ප්‍රවාදය නිර්මාණය කෙරෙන්නේ. ඔබට හැකිනම් මේ කරුණ නිශේදනය කරන්න. එසේ කළ හැකි වේවා යනු මගේ අවංක පැතුමයි."

    ඔබගේ (හෝ කාගේ හෝ) කන තුල (හෝ වෙන කොහේ හෝ) ඇති අවයවයකට බරේ දිශාව දැනේ යැයි කියන්නේ නම් ඒ එසේ නොවන බව තර්කානුකුලව ඔප්පු කළ හැකි යැයි මම නොසිතමි. (ඊයේ රෑ හීනෙන් මා මලක් දුටු බව කීවේනම් ඒ එසේ නොවන බව තර්කයෙන් ඔප්පු කළ හැක්කේ කෙසේද?) ගුරුත්වාකර්ෂණය ගැන වුව කීමට ඇත්තේ ඒ දේමය. නලින් ද සිල්වා වුව ගුරුත්වාකර්ෂණය දැනෙන ඉන්ද්‍රිය කියන අයෙකුට කීයක් දෝ දෙන බව කියා ඇත්තාක් මිස ඒ එසේ නොවන බව ඔප්පු කරන බවක් කියා නැත්තේ එනිසා විය යුතුය. අප දන්නා ඉන්ද්‍රිය පහ නොවන දෙයකට එම මුදල ලැබේදැයි සැක සහිතය. කෙසේ වෙතත් මෙහි සුළු අවුලක් ද තිබේ. එනම් බටහිර දැනුමට (වෙසෙසින්, බටහිර වෙදකමට) අනුව නම් ඉන්ද්‍රිය හා අවයව යනු එකම විය හැකි වුවත් බුදුදහමට අනුව ඒ එකම නොවේ. මේ සිද්ධිය මා සතු ඉන්ද්‍රිය පහත් මනසත් නොවන වෙනත් ඉන්ද්‍රියක් හා ඊට ගෝචර අරමුණක් ගැන බැවින් මීට වඩා යමක් මේ ගැන කීම අපහසුය.

    ප.ලි. "නලින් ද සිල්වා ආචාර්ය තුමාගේ ලිපි අපිද වසර 25 කට පමණ පෙර සිට කියවමු." මීට අනුව එම පළමු ලිපිය කියවන සමයේ මා පෙර පාසලේද Joseph ප්‍රාථමිකයේද සිතුවිළි ළඟ ළඟ පන්තියකද වන්නට ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිMay 29, 2013 at 9:30 AM

      මා උසස් පෙල පන්තියේ සිටියා වන්නට හැක

      Delete
    2. ඔබගේ (හෝ කාගේ හෝ) කන තුල (හෝ වෙන කොහේ හෝ) ඇති අවයවයකට බරේ දිශාව දැනේ ...
      --- චිකේ... කියවුනා. එහෙම කියන්න හොඳද මන්ද ... හික් !

      Delete
    3. මේ ඉන්ද්‍රිය කර්ණශංකය දැයි මතක නැති නිසාය එය සැම විටම වරහන් තුල දැක්වීමට අප උත්සුක වූයේ. හැරත්, අප කණේ කොටස් හා ඒවායේ ප්‍රයෝජන ඉගෙන ගත්තේ ඉතාම පහළ පංති වලදීය. නලින් ද සිල්වා ආචාර්ය තුමා අර ගුරුත්වාකර්ෂණය දැනෙන අවයවය ගැන ලියන සැම විටම අපට ඒ කුඩා සංදියේ දැනුම මතක් වන බවයි අප විසින් සඳහන් කර ඇත්තේ. ඔබ එය නිශේධනය කිරීමේ උත්සාහයක් නොදරයි නම් ඒ දැනුම අප හා ඔහේ තිබුනාවේ, ඉන් කිසිවෙකුට හානියක් වන්නේ නැත.

      හැරත්, ඔබ කියන වෙන කොහේ හෝ තිබෙන අවයවය ගැන ජොසේෆ් ගේ ප්‍රතිචාරය කියවන තෙක් අපට වැටහුණේ නැත. අප සිතුවේ එය හුදෙක් හාස්‍යය කියාය. අනේ අපි නොදන්නා දේ කෙතරම් ද ! තව බිඳක් දුර සිතුවොත්, නලින් කියන පුස්සන්/ ඇන්කරයන් නොදන්නා දේ කොතරම් ද !! ඔබ හා ජොසෙෆ් දන්නා දේ කොතරම් ද !!!

      අනේ මම මගේ කර්ණශංකය ඉල්ලා අස් කර ගන්නම්, ඔබ දෙදෙනා ඒ අවයවය නලින්ට කියා හිලව්වට දෙන කීය හෝ ලබා ගන්න. ;)

      Delete
    4. @ කේ:
      ඉහත සටහනෙන් Joseph යම් හාස්‍යයක් සොයා ගෙන ඇතත් ඒ සටහන් කිරීමේදී එවන් සිතක් මට නොවීය. එමෙන්ම, මා අදහස් කෙළේ ඔබ කියනයුරු ඒ, තර්කානුකුලව නිශේදනය කිරීමේදී පුද්ගලයා හෝ ස්ථානය වැදගත් නොවන බවයි. එමෙන්ම, ඒ තර්කානුකුලව නිශේදනය කළ නොහැකි බවයි. නැතහොත් අඩුම තරමින් එසේ කරන හැටියක් මා නොදන්නා බවයි. දැන් ඔබ නොදන්නා අපි දන්නා දෙයක් මෙහි ඇති බවක් මට නොපෙනේ. (Josephගේ ප්‍රතිචාරයෙන් ඔබට කුමක් වටහුනේද?) ඔබ කියන දේ ගැන ඔබට සහතික නම් එය යම් ආකාරයක පර්යේෂණාත්මක තත්ත්ව යටතේ 'විද්‍යාත්මකව' තහවරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යම් ඉඩක් තිබිය හැක. ලෝ පතල වීමට හේතු විය හැකි ඒ ගැන ඔබ විසින් සොයා බැලීම වටනේ නොවේද?

      එම සටහනේ අප වැදගත් යැයි කියූ දෙයක් ඔබ මග හැර ඇත. ඉන්ද්‍රිය හා අවයව යනු සමාන අරුතින් ඔබ භාවිත කරනු පෙනේ. ඉන්ද්‍රිය හා අවයව ඔබට අනුව එකමද?

      Delete
    5. SiTh,

      කර්ණශංක කතාව අවසන් කිරීම:
      නිෂේදනය යනුවෙන් මා අදහස් කළේ තර්කානුකූලව එය කිරීම නොවේ. එසේ කිරීම පිණිස මා තර්කයක් ඉදිරිපත් කර ඇත්තේ ද නැත. නිෂේදනය කිරීම යනුවෙන් මා අදහස් කළේ කරුණු දක්වා (සහේතුක) ප්‍රතික්‍ෂේප කිරීමයි.

      ඉන්ද්‍රිය හා අවයව:
      නැත. ඒ දෙක සමාන නැත. අපට අවයව බොහෝය. උණ්ඩුක පුච්ඡය උදාහරණයකි. කිසියම් කාර්යයක් හෝ කිහිපයක් කිරීම පිණිස හැඩ ගැසුණු (විකසනය වුණු) ශරීර අංගයක් අවයවයක් අවයවයක් ලෙස සළකමි. ඉන්ද්‍රිය යනු සංවේදන ලබා ගැනීම පිණිස හැඩ ගැසුණු අවයව වේ. මේ දැක්වුයේ අපේ අදහස අපේ වචනයෙනි. මේ අදහසට පරිබාහිර වෙනත් දෙයක් හැඟෙන සේ කිසියම් තැනෙක කිසියම් දෙයක් අප අතින් ලියැවී ඇත්නම් එය නිවැරදි නොවන බව මතක් කරමි.

      Delete
    6. ඇතුල් කණේ පිහිටි සර්පිලාකාරව දඟර ගැසුණු නාලයකි. එහි දියරක් පවතින අතර කනෙන් ලබා ගන්නා ශබ්ද තරංග හේතුවෙන් මේ දියරය කම්පනය වේ. නාලයේ ඇතුල් බිත්තියේ පිහිටි දහස් ගණනක් වන කේශ වැනි සංවේදක මගින් මේ කම්පනය ග්‍රහණය කරගෙන ස්නායු හරහා මොළයට යැවීමෙන් අපට ඇසීම සිදු වේ.

      http://en.wikipedia.org/wiki/Cochlea

      දැන් ප්‍රස්තුතයට එමු. කිසියම් සර්පිලාකාර නාලයක් ඇත්නම්, ඒ තුල දියරක් ඇත්නම් ඒ දියරයේ කම්පන දැන ගැනීමටත් හැකිනම් එහි අරුත කම්පන නොවන විටෙක ඒ දියරයට නිශ්චලතා පිහිටීමක් ඇති බවයි. මේ නිශ්චලතා පිහිටීම හිස හරවන පැත්ත අනුව වෙනස් වේ යැයි සිතමි. නිශ්චලතා පිහිටීම ඇති වන්නේ ගුරුත්වය යටතේ නිසා (ඒ දියරයේ /තරලයේ බර නිසා) කණට (කර්ණශන්කයට) ගුරුත්වය දැනේ යන්න පදනමක් සහිත ප්‍රකාශයක් යැයි සිතමි. එහෙත් මේ ප්‍රකාශය 'නිශේදනය' කිරීම පිණිස අපට අවශ්‍ය වන්නේ ශුන්‍ය ගුරුත්ව තත්ත්ව යටතේ ඒ දියරයේ හැසිරීම හැදෑරීමයි. අභ්‍යවකාශ ෂටලයක් තුල 3D පරිලෝකන (scan) යන්ත්‍රයක් සවි කිරීමෙන් තොරව මේ කටයුත්ත කළ හැකි බව සිතමි.

      ඉහත සියල්ල ලිවීමට සිතුනේ එකම එක කරුණක් නිසාය.

      නව ජංගම දුරකථන වල Accelerometer සහ Gyro ලෙස හඳුන්වන සංවේදක දෙකක් අඩංගුය. උපකරණය කුමන පැත්තට හැරවුවත් ඒ පැත්තට හැරෙන ලෙස දර්ශකය සකස් කෙරෙන්නේ මේ මගිනි (බොහෝ විට මෙය Accelerometer විය යුතුය). ජංගම දුරකථනය හෝ ටැබ් එක පහළ දිශාව Accelerometer යොදාගෙන හඳුනා ගන්නා ලෙස කණෙන් අප පහල දිශාව හඳුනා ගන්නා බව කීම තර්කානුකුල බව සිතේ. ගුරුත්වය යන්න ත්වරණය (Acceleration) ඇසුරෙන්ද පැහැදිළි කෙරෙන බවත් මෙහිදී සිහි කිරීම වැදගත් දැයි නොදනිමි.

      Delete
  9. සිතුවිළිMay 29, 2013 at 2:34 PM

    සිත්, ජෝසප්
    ඔබලා මාගේ කථාව ගැන කිසිත් නොකීම ගැනනම් කනගාටුයි,
    ගන්නම දෙයක් නැත්නම් එහෙම වත් කියන්න. එතකොට ආයෙ නොලිය හිටියහැකියි. නැත්නම් ආයෙත් ඔය වගේ ගන්න දෙයක් නැති කථාවක් ලියාවි.

    ReplyDelete
    Replies
    1. ඔබ බිංදු බිංදු රන් ගෝමර මාලා කියමින් සිටිනු දිටිමි. හික් හික් ! ඔබට පිළිතුරු දෙන්නම්, කනගාටු වෙන්න එපා. ලංකා සි නිවුස් හි වෙසක් ලිපියට ඔබ දැමූ ප්‍රතිචාරයට මගේ ප්‍රතිචාරයත් එක් කළා. ඒ ගැන ඔබට කිව හැකි දේ එක වචනයකින් දෙන්න.

      Delete
    2. @ සිතුවිළි: මොන කතාවක් ගැන ද මේ කියන්නේ? cnews වෙසක් ලිපියේ කිසිත් නොදුටුවෙමි.

      Delete
    3. මිතුරු සිත් හා ජොසෙෆ්,

      සිතුවිළි මේ කියනු ඇත්තේ "නාම ගොත්ථං න ජීරතී !" නමින් පළ වූ අනෙක් ලිපිය ගැනයි. ජොසෙෆ්නම් ඊට ප්‍රතිචාරයක් දමා තිබුණා මතකයි. එයට සිතුවිළි පිළිතුරක් දුන් බවක් නම් මතක නැත. :)

      Delete
    4. සිතුවිළිMay 30, 2013 at 10:10 AM

      ජෝසප්,
      බිංදු බිංදු මල්.... මේ කුමක්ද, මම එහෙම දෙයක් ලිව්වේ නැහැ
      සී නිව්ස් වෙසක් ලිපියට මා ඊයේ දිනයේ කෙටි සටහනක් තැබුවා ඇත්තටම නිස්කලංකව එය කියවන්න ඉඩක් නම් ලැබුනේ නැහැ. ඒ ත් ඒ සටහන පල වෙලා නැහැ. ඉතින් ඔබ ප්‍රතිචාරයක් එක් කලේ කුමකටද.
      මගේ ප්‍රතිචාර පල නොවන්නේ ඇයි දැයි අසා දැමූ සටහන පලවී ඇති අතර නියම සිංහ එයට ප්‍රතිචාර දක්වා ඇති බවක් දිටිමි.

      සිත්, ඒ කේ කියා ඇති කථාව තමයි.

      Delete
    5. සිතුවිළි,

      ඊයේ දිනයේ ඔබ තැබූ කෙටි සටහන:
      "මට පොහොය ලිපිය කියවන්න එතරම් ඉඩක් ලැබුනේ නැහැ මේ සැරේ. තවමත් කියෙව්වාට සම්පූර්න නැහැ. ඒත් මේක බොහෝ දුරට සූත්‍ර දේශනාවේ සිංහල පරිවර්ථනය කොපි පේස්ට් කල ලිපියක් වගෙයි පෙනෙන්නේ. නිර්මානාත්මකව පොහොය ලිපි සම්පාදනය අතින්නම් අසාර්ථකයි.

      අනෙක් කරුන ඇයි මෙවර ලිපියෙහි සාකච්චාව දින තුනකට පමණක් සීමා වෙලා, කෝ අපේ සාකච්චා සගයින්, මක් වෙලාද? සාකච්චා කල යුතු තරම් දෙයක් නැති වෙලාද.

      අනේ අපේ ආතර අයියා වත් හිටියානම්!"


      මේ මා ඊයේ දැමූ ප්‍රතිචාරය:
      සිතුවිළි,

      සඳුදා සිට දමන එක ප්‍රතිචාරයක් වත් පල උනේ නැත. මේ දක්වා තිස් වරකට වඩා ප්‍රතිචාර දැමුවෙමි. පල නොවීමට හේතුව නොදන්නා අතර ඊයේ ඒ ගැන ඊ-මේල් එකක් ද දමා දැනුවත් කළෙමි. ඊටද ප්‍රතිචාර නැත. ඔබ දැමූ ප්‍රතිචාරය හේතුවෙන් තව එකම එකක් දමා බැලීමට SiTh විය. පල වේවා කියා පතමි.

      “මේ ලිපියේ ඉතාම සාමාන්‍ය කරුණු කිහිපයක් හා වර්ණනා බොහොමයක් මිස සාකච්චාවට වැදගත් දෙයක් නොදිටිමි. ඊයේ උදේ කියැවූ දෙතිස් කතා අඩවියේ වෙසක් ලිපියේ මීට වඩා ගත යුතු දේ බොහෝය.” යන කරුණයි මට ඉහත ලිපිය ගැන කීමට තිබුණේ. ඔබනම් එය කියවා ඇති බව දිටිමි.


      මා එය දැමූ පසුවයි ඔබේ ප්‍රතිචාරය සමගම අතුරුදහන් වුනේ. අදත් කිහිප වරක් ප්‍රතිචාර දැමුවත් කිසිවක් පල වුනේ නැත.

      හේතුව අනුමාන වශයෙන් දනිමි.

      Delete
    6. @ සිතුවිළි: හැම ලිපියටම කොමෙන්ටු දාන්ඩ ඕනේ කියල නීතියක් මේ අඩවියේ තියේද? (හහ් හා) මා සිතුයේ "නාම ගොත්ථං න ජීරතී !" යනු සිතුවිළි තුමාට වුනු සිද්ධියක් (ඇත්ත කතාවක්) හා ඒ ගැන විවරණයක් කියාය. උදැල්ලේ කතාව අසා තිබු බැවින් ඒ ගැන ඊට වඩා යමක් මට නොවිය. ඒ, නිර්මාණයක් (බොරු කතාවක්) නම් අවංකවම කියනුයේ සාහිත්‍ය විචාර කිරීමේ හැකියාවක් මට කිසිසේත්ම නැති බවයි. ඒ බැරිකම ගැන සමාවන්න. (සෙන් කතාවක් නිකමට මෙන් cnews හි කොපි පේස්ට් කර මා බෙල්ල බේරා ගත්තේ ඉතා අපහසුවෙන් බවත් ඔබලාගේ ගීත විචාරය ගැන මට කියන්නට තිබුනේ කුමක්ද යන්නත් ඔබ දකින්නට ඇත. (හහ් හා))

      Delete
    7. සිතුවිළිMay 30, 2013 at 12:15 PM

      ජෝසප්,
      ඔබ හරි, මා දැමූ අතුරුදන් වූ ප්‍රථිචාරය එය තමයි. එය පල වූ බවක්වත් මා නොදිටීමි
      ඔවුන්ට අප වැලකීමෙන් ලද හැක්කේ කුමක්දයි නොදනිමි. පොහොය ලිපියට වඩා අපගේ සාකච්චාව හේතුවෙන් එහි පැමිනි බොහෝ දෙනෙකු විය. ඉන් ලිපියෙහි හිට්ස් ගනන මෙන්ම රිප්ලයි ගනනද ඉහල ගියේය. ඔවුන් එය වලකන්නේ ඇයි?
      ඔබගේ නුමානය කුමක්ද? කීමට කැමතිනම් දැන ගැන්මට කැමැතියි.

      Delete
    8. @ Joseph : (1) කුමක්ද හේතුව? (2) ඉහත සිත් විය ලෙස නොව SiTh විය ලෙස කිම?

      Delete
    9. සිතුවිළිMay 30, 2013 at 12:19 PM

      සිත්, ඔබ එහි සාහිත්ත්‍යයෙන් එහා යමක් නොදකීනම් මා ඔබෙන් ඉන් එහා යමක් නොපතමි.

      Delete
    10. SiTh සහ සිතුවිළි,
      lankacnews හි දැමූ ඒ ප්‍රතිචාරයේ SiTh ලෙස සටහන් කළේ ඔබ සිහි වූ නිසයි. (අර කෝල් එකක් දීල අන්තිමට අම්ම-තාත්ත/ගෙදර අය/ අහල-පහල අය මතක් කරන්නේ... ඒ වගේ) ඊට වඩා ගැඹුරක් නැත. කලින් ඒවා පල නොවූ නිසා එය ඊ මේල් එකක් ලෙස සුරැකිව තබා ගත්තෙමි. එයම පිටපත් කර මෙහි දැමුවෙමි.

      හේතුව:
      අර හිමියන් ගිණි තබා ගත්තාට පසු මා දැමූ බොහෝ ප්රතිචාර lankacnews පළ කලේ නැත. ඊට ටික දිනකට පෙර සිටයි මේ රැල්ල ඇති වුනේ. අර 'හාමුදුරු නමකට මරණ තර්ජන ගැන එක ලිපියක් ඉවත් ඉවත් කර ගත් බව මතකයි නේද. ඒ කාලේ ඉඳලයි මේක ඇරඹුණේ. මේ මා ඒ ලිපියට දැක්වූ ප්රතිචාරයයි. ලිපිය ඉවත් කර ගැනුනේ ඊට පසුවයි. (මේ දෙක අතර හේතු-ඵල සම්බන්ධයක් තිබීම අවශ්යම නොවේ.)
      ---

      බොදු බල සේනාව, ජාතික නිදහස් පෙරමුණේ තරඟකරුවෙක් වූයේ කවදා සිටද? කවර අංශ වලද?

      ටික දිනක සිට නිරීක්ෂණය වූ දෙයක් තමයි සී නිවුස් -> ඊ නිවුස් මට්ටම වැටී බොදු බල සේනාවට පහර දෙන බව. එසේ වූයේ ඇයි? බොදු බල සේනා යනු මෙතරම් පහර ලැබීමට තරම්, මෙතරම් ප්රචාරයක් ලැබීමට තරම් වටිනා සංවිධානයක් ද?

      මේ පුවතේ හෙඩිම බලන්න… “බොදු බල සේනා මා මරන්න හොයනවා – නායකත්ව මණ්ඩලයේ හිමිනමක් සැඟවේ”. බොදු බල සේනා යනු LTTE නැතිනම් JVP වැනි මිනීමරු සංවිධානයක්ද. බොදු බල සේනාව විසින් මේ වන විට මරා දමා ඇති ‘හිටපු’ සාමාජිකයින් ගණන කීයද?

      මෙහිම වෙනත් තැනක “පහන් දැල්වීම බෞද්ධ ප්රතිපත්තිවලට විරුද්ධයි – බොදු බල සේනා” නමින් පල කෙරී ඇති ලිපිය පිළිකුල් සහගත ලෙස නොමග යවන සුළුයි. ඒ ලිපිය සිහියෙන් කියෙව්වොත් සී නිවුස් අවධාරණය කර කීමට උත්සාහ කරන දේ ඥානසාර උන්නාන්සේ විසින් කියා නැති බව පෙනී යා යුතුයි.

      මේ නිවැරදි මාධ්ය හැසිරවීම නම් නොවේ.

      බොදු බල සේනා සමග තරඟයක් වෙත්නම් පහර දිය යුත්තේ බොදු බල සේනාවටයි. දිනා ගත යුත්තේ බොදු බල සේනාවට දැනට සහය දක්වන මහජනතාවයි. මේ කරන්නේ මහජනතාවට පහර දීමයි; මහජනතාවගේ බුද්ධියට පහර දීමයි. ඉන් කිසිවෙකුට ලැබෙන දෙයක් නැත.

      ---
      මම බොදු බල සේනාවේ අදහස් නියෝජනය නොකරමි. ඒ බව පැහැදිලි යැයි සිතමි. එහෙත්,

      lankacnews හි සිංහල කම හා ජාතිආලයත් බෞද්ධ කමත් වෙස් මුහුණු පමණකි. ඒ පිටුපස සිටින්නේ බෞද්ධ විරෝධී 1/4 මාක්ස් වේ. නැගී එන බෞද්ධ බලය දුර්වල කිරීම මේ අයගේ උවමනාව බව මගේ 'පුංචි' මොලේට තේරේ. ඒ බවට ශාක්ෂි ලෙස අර කී ලිපිය ඉවත් කර ගත් පසු නිදහසට කරුණු දක්වමින් ඉදිරිපත් කල ලිපිය දැක්විය හැක. ඔවුන්ම කියන ලෙස බොදු බල සේනා ගැන පුවත් පල කරන්නේ ඊට පහර දීමටයි. ඒ සමගම පහර වදින තව කොටසක් සිටින බවත් පහර දෙන විට තෝරා බේරා පහර දිය යුතු බවත් මේ අය දන්නේ නැත. lankacnews (ජාතික නිදහස් පෙරමුණ) බෞද්ධ ලිපි පල කරන්නේ බෞද්ධ හිට්ස් (චන්ද) උවමනා නිසා හා ඒ නිසාම පමණි.

      හාමුදුරුවන් ගිනි තබා ගැනීම ගැන මා ඉදිරිපත් කළ අදහස් ඔවුන් පල නොකිරීමට හේතුව, මා වක්රාකාරයෙන් ඔවුන්ගේ මාධ්ය භාවිතය විවේචනය කිරීමයි. පෝය ලිපියට තිස් වරකට වඩා දැමූ ප්රතිචාර පල නොකිරීමට හේතුව ඒ සෑම ප්රතිචාරයකම 'දෙතිස් කතා' යන වචනය තිබීමයි (ඔවුන්ගේ පෝය ලිපිය කියැවීමට එන අය ඒ ලිපිය චාටර් නිසා වෙන තැනකට යාම ගැන ඔවුන් කැමති වෙයිද - සාධාරණයි). වෙනදා වෙසක් ලිපිය ඔවුන් පිටපත් කර ගන්නේ සසිත් රාජසූරිය ගෙනි. මෙවර වෙන කෙනෙක් එය ලියා ඇත්තේ සසිත්ටද lankacnews හි දේශපාලනය ගැන ගැටළුවක් ඇති වීම නිසා විය හැක. දෙතිස් කතාවෙන් අවුරුදු ලිපිය කොපි කර ගන්නා විට මේ අයට මේ ගැටළුව තිබුණේ නැත (K ඒ බව දැන සිටියාද?). මා මගේ මුල්ම ප්‍රතිචාර වලින් යෝජනා කලේ lankacnews දෙතිස්කතා හි පෝය ලිපිය පිටපත් කර ගත යුතු බවයි.

      අර හිමියන් ගිණි තබා ගැනීම ගැන මගේ අදහස් K වෙත සැපයීමි. එය කපා කොටා එළි දැක්වීම (හෝ නොදැක්වීම හෝ) ඔහුගේ කාරියකි.

      අර තකතීරු පාස්ටර් තැන වලං කඩේට පැන්න ගොනා සේ දිගට හරහට (කුණුහරුප පවා භාවිතා කරමින්) පහර දෙනු ඔබලා දකින්නට ඇතැයි සිතමි. ඔහු දැන් lankacnews සුරතලාය. හම්බයන් ලෙස පෙනී සිටිමින් ද තවත් කිහිප දෙනෙක් උඩ පැන පැන බෞද්ධයින් තලති. lankacnews ට හදිසියේ හම්බ ප්රේමයක් පහල වීද, නැත. ඒ lankacnews හි දේශපාලනයයි. එය තමයි මා අනුමාන කරන හේතුව !

      Delete
    11. ජොසෙෆ්,

      ඔබේ ලිපිය කටුගෙයි (කටු වැඩ කරන තැන = Draft) ඇත. ඊට අමාරුවෙන් පූර්විකාවක් ලියා ගතිමි. පසු වදනක් ලිවිය යුතුව තිබේ. ඔබේ සියලු අදහස් සමග අප එකඟ වේනම් එය ලිවිය යුතු නැත. අවාසනාවට එසේ නැත. ඔබ ඒ ලියා ඇති සියලු දේ ගැන එකඟද, නැතිනම් නැවත සළකා බැලීමට අවශ්‍යද? ඔබ කෝපයෙන් නැතිනම් හදිසියෙන් ඒ රචනාව ලියූ බවට ලකුණු ඇත. ඉහත රචනයෙන්ද ඒ සිතිවිල්ල නිවැරදි බව තවදුරටත් සනාථ වේ.

      මේ සති අන්තයේ කාර්යබහුල වීම හේතුවෙන් ප්‍රතිචාර දැමීම අඩාල විය හැක. ඔබේ ලිපියට පසු විවේචනයක් ලියා ගැනීමට හැකි නොවුනත් හෙට, එනම් ඒ ස්වාමින් වහන්සේගේ අපවත් වීමෙන් සත් වන දිනයේ, එය පල වන ලෙස සකසන්නම්. අපේ විවේචන පසුව කර ගනිමු.

      Delete
    12. සිතුවිළිMay 31, 2013 at 8:27 AM

      පසුගිය සතියක කාලය තුල ලංකාවේ සිදුවූ සමාජ දේශපාලන තතවයන් ගැන මා යාවත්කාලීන වූයේ නැත. හේතුව ඔබලා දනී. කෙසේ වෙතත් ලන්කා සී නිව්ස් හි මාධ්‍ය භාවිතය, දේශපාලන භාවිතය හා ඔවුන් බෞද්ධ ලිපි පල කිරීමෙහි අභිලාශය පිළිබඳ මාගේ තක්සේරුව ජෝසප් හා අතිශයින්ම සමගාමී වේ. මේ නිරීක්ශනයත් එය ඍජුව විවේචනය කිරීමට ඉදිරිපත් වීමත් මා අගයමි.
      මා මීට පෙර කිහිප විටක් ඔවුනට එවන් විවේචන ඉදිරිපත් කොට ඇති අතර කිසිවක් කිසිදින පල වූයේනැත. එසේම මාවද කාලයක් වාරනය කොටතැබූ අවස්ථාවක්ද වේ.
      මොවුන්ගේ අදහ්ස් 1/4 මාක්ස් පමණක් නොව, මොවුන් පිටුපසද 88/89 භීශන අවතාර සිටිනා බවද අප මතක තබා ගත යුතුය. තම දේශපාලන භාවිතය ඉදිරියේ ඔවුනට සියල්ල සාධාරනය
      කේ,
      භික්ෂුවක් ගිනි තබාගනිමින් දිවි තොර කර ගැනීම ගැන ජෝසප්ගේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි. එය හැකි ඉක්මනින් පල කරන්න. එය සාකච්චාවට බඳුන් විය යුතු කාරනයකැයි මාද සිතමි.
      අද භික්ෂු සමාජය ගමන් කරමින් සිටින්නේ කොතැනකටදැයි බරපතල ගැටළුවක් පැනනැගී ඇති අවස්ථාවකි.

      Delete
    13. @ Joseph: cnews හි ප්‍රශ්නය පැහැදිලිය. අපැහැදිලි පිළිතුරය. එම අඩවිය දුටු මුල්ම දින කිහිපය තුල වුව එහි අරමුණ හා භාවිතාව හදුනා ගැනීමට අපහසුවක් නොවීය. ප්‍රශ්නය: ජාතික ව්‍යාපාරයට සැලකිය යුතු පාඨක පිරිසක් අතරට යා හැකි වෙනත් මාධ්‍යක් හෝ අඩවියක් හෝ තිබේද?

      Delete
    14. SiTh,

      මා ඔය අඩවියට ගොඩ බට මුල්ම කාලයේ කෙනෙක් මට චෝදනා කළේ පහත දැක්වෙන අයුරිනි.

      "ඔබ‍ට මෙහි අවුල් ජාලයක් (තොප්පිය හරි උන් දා ගනිත්වා) කිරීමට උවමනා බව පෙනී යයි. ඔබගේ අවුල් ජාල වලට සෑම දෙනාම හසු නොවන බව හොඳින් මතක තබා ගන්නා ලෙස මා ඔබට තරයේ කියා සිටිමි. ඔබගේ සියළුම වංචා ඉදිරියේ දී මම එකින් එක එළි කරමි. ඔබ මෙම වෙබ් අඩවියට පිවිසෙන පිරිස් පන්නා දමමින් සිටියි. බොරු වැඩ කාරයෙකු වීමට ගොස් සිංහල බෞද්ධයන්ගේ මතවාද වලට ඉඩක් ලැබෙන ලෙස අමාරුවෙන් ගොඩ නඟා ගෙන ඇති මෙම වෙබ් අඩවිය විනාශ නොකර දන්නා මඟුලක් කරගෙන සිටින ලෙසට සිංහල බෞද්ධයින්ගේ අනාගත සිත සුව පිනිස ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි."

      මූලාශ්‍රය: http://lankacnews.com/sinhala/foreign-news/23977/

      [ මෙතුමා ඒ වංචා පසුගිය වසර එක හමාර පුරා හෙළි කරන්නට ඇත. lankacnews ඒවා පල නොකරන්නට ඇත. හික් ! :) ]

      lankacnews පාඨකයින් දහස් ගණනක් සිටින අඩවියකි. අපට යමක් කිව යුතුනම්, වැඩි ප්‍රමාණයකට එය කීමට හැකි වන ලෙස වැඩි ජනතාවක් එක් වන තැනක් තෝරා ගත යුතුය. දෙවනුව එහි අපට ඇවැසි දේ කීමට නිදහස තිබිය යුතුය. විකල්ප අඩවි නිකංම ගොසිප් සැපයීම මත හෝ රාජ්‍ය විරෝධී වෛරය මත අළෙවි පදනම ගොඩ නගාගෙන ඇති විට අපට අවශ්‍ය දේ ඒ තැන් වල කීමෙන් සිදු වන්නේ අප විහිළු සපයන්නන් බවට පත් වීම පමණි. රාජ්‍ය විරෝධී අඩවි වල අපේ ප්‍රතිචාර පල වීමේ ඉඩකඩ අඩුය.

      ඒ නිසා වඩා ප්‍රබල නොවන 'පණිවුඩ' දීමට හා සමාන අදහස් දරන නව මිතුරන් හඳුනා ගැනීමට lankacnews වෙනුවට වෙන විකල්පයක් දැනට නැත. සිතුවිළි, පිස්සා, නියමසිංහ, Sith, හොඳ හෙළයා, මාතර ආතර, හීන් සැරේ, කවුරුන්ද සම & කළනමිතුරු වැනි අපේ දැනුම පෝෂණය කළ චරිත මුණ ගැසෙන්නේ එතැනිණි. එසේම Joseph ද චරිතයක් බවට පත් වූයේ එතැනිණි. ඒ බව අමතක නොකළ යුතුය. මෙතැන සිටින්නේ සමාන අදහස් දරන අයනම්, වෙනස් අදහස් දැන ගැනීම පිණිසද lankacnews අපට වැදගත් වේ.

      එසේ කරන ගමන් වඩා ප්‍රබල පණිවුඩ දීමට විකල්ප ස්ථානයක් ගොඩ නගා ගත යුතුය. මෙතැන දැනට අපි භාවිතා කරන්නේ ඒ අවශ්‍යතාවය පිණිසයි. හිමියන් ගිනි තබා ගැනීම ගැන lankacnews වාරණය කළ මගේ ප්‍රතිචාර මෙතැනට ගෙන ඒම එහි පළමු පියවරයි. ඔබලාටත් ඒ මගම ගත හැකි බව සිතමි.

      Delete
    15. සිතුවිළිMay 31, 2013 at 12:34 PM

      ජෝසප් ඔබගේ ඉතාමත් විවෘත දැක්මකින් යුත් මේ ප්‍රකාශය මා අගය කරමි.

      එය එසේ විය යුතුය

      Delete
    16. සිතුවිළිMay 31, 2013 at 5:00 PM

      මිතුරනි,
      මෙහි පලවන සෑම නව ලිපියක්ම මා විසින් මාගේ මුහුණු පොත් ගිණුම තුලින්ද ප්‍රචාරය කරමි.එයදිගින් දිගටම කරනා විට එකා බැගින් එක්වීමටත් වැඩි ලයික් ප්‍රමානයක් ලබා ගැනීමටත් හැකි වේවි.
      මෙහි පැමිනෙන පිරිස වර්ධනය කර ගැනීමෙන් මෙම අඩවිය ශක්තිමත් කර ගැනීම වැදගත් බව මාද පිළිගනිමි.

      Delete
    17. සිතුවිළි,

      මූණු පොත යැයි කියන ජංජාලය සහ වෙනත් එවැනි විකාර ගැන මගේ උනන්දුවක් නැත. අන්තර්ජාලයේ චරිතයක් බවට පත් වී සැබෑ ජිවිතයෙන් වෙන් වීමයි ඒවායෙන් කෙරෙන්නේ. මා සිරිතක් ලෙස කොමෙන්ට් දමා ඇත්තේ සී නිවුස් හි පමණි. එහි මට හැකි අයුරින් මේ අඩවියට ප්‍රචාරයක් ලබා දුනිමි. එයත් දැන් වළක්වා ඇති සැටියකි පෙනෙන්නේ.

      අපි යවන පෞද්ගලික ඊමේල් වල අගට මේ ලිපිනය ඇතුල් කිරීම තව විකල්පයකි. මා එය එතරම් කරන්නේ නැති නමුත් අළුත් ලිපියක් පිට වූ විට තෝරා ගත් මිතුරන් පිරිසකට චැට් එකෙන් බෙදා හරිමි. මේවා වැඩි වෙහෙසක් නැතිව කළ හැක.

      Delete
    18. ජොසෙෆ් හා සිතුවිළි මිතුරනි,

      ඊයේ දිනයේ මේ වෙබ් අඩවියට පාඨකයින් 200 (හරියටම 209) ඉක්මවා පැමිණි බව අහම්බෙන් මෙන් දිටිමි. ඊට ප්‍රධානම හේතුව ඔබලාගේ දායකත්වය බව සිතමි. මෙතෙක් පැමිණි ගණන ඔබලාටත් දැන ගැනීමට හැකි වන ලෙස visit counter එකක් ඇතුලත් කරමි. ඔබ දෙදෙනාටත්, මේ වෙබ් අඩවියට පැමිණි සියලු දෙනාටත් ස්තූතිය පිරිනමමි.

      ඔබ සියලු දෙනාගේම යහපත් අදහස් ඇතොත් ඒවා සාකච්චා කිරීමට මේ අඩවිය යහපත් තෝතැන්නක් බවත් ඒ සමගම සිහි කරමි.

      Delete
    19. සිතුවිළිJune 7, 2013 at 1:20 PM

      අගෙයි, අහන්නත් සතුටුයි,
      යහපත් සාකච්චා සඳහා සුදුසු හොඳ පරිසරයක් පවත්වාගෙන යාමට ඔබට මගේ සුභ පැතුම්
      හොඳ යහපත් චේතනාවෙන්ම පවත්වාගෙන ගියහොත් තව තවත් මෙය ආකර්ශනීය තැනක් වනු ඇත.

      Delete
    20. අප්‍රමාණ සංතෝසයි !

      මුළු page visit ගණන 8000 පැනල තියෙනවත් දැක්කා. ඒ කියන්නේ මාසෙකට 1000 ටත් වඩා අඩුයි. මාසෙකට 900 කියන්නේ දවසකට 30.

      මේ ගණන මීට වඩා වැඩි කර ගන්න හිතන එක හොඳයි, දැන් අවුරුද්දකට ලං උනා නේද?
      දැන්වත් "තමන්ට" නමක් දා ගත්තොත් නරකද?

      Delete
    21. නමක් ගැන පසුව බලමු.

      සාමාන්‍යයෙන් දිනකට page visit ගණන 30 ට වඩා අඩුයි. ඒත් මම වැදගත් කම දකින්නේ කරුණු ඇතුලත් ප්‍රතිචාර සහ උකහා ගත හැකි දේ අඩංගු සාකච්චා වල මිස page visit ගණනේ නොවෙයි.

      හැබැයි, page visit ගණන වැඩි වෙනකොට අර දේවල් වැඩි වෙන හැකියාවක් ඇති බවනම් පිළිගන්න වෙනවා.

      Delete
    22. @ Joseph:

      [1] lankacnews.com/sinhala/foreign-news/23977 පිළිතුරට තුති. මා දැන නොසිටි කිරිබටි ගැනත් ඔවුනගේ ගැටළුත් දැන ගතිමි. ඒ ගැන වත්මන් තත්වය නොදනිමි. කෙසේ වෙතත් ඔබත් දියසේනත් අතර සිදු වී ඇත්තේ රසබර හරබර සහ දුක්බර සංවාදයකි. එහිදී ඔබ දෙපලම නිවැරදිය. එමෙන්ම, 'සිංහල බෞද්ධයන්ගේ මතවාද වලට ඉඩක් ලැබෙන ලෙස අමාරුවෙන් ගොඩ නඟා ගෙන එම වෙබ් අඩවිය' තුල එම දියසේන දැමු වෙනත් කොමෙන්ටු අප දැක නැත. ඒ, ඇතැම් විට සිංහල බෞද්ධයන්ගේ මතවාද වලට ඉඩක් නැති බව තේරුණු නිසා විය හැක. (BTW, දියසේන නමින් දැන් cnewsහි දැමෙන කොමෙන්ටු ගැන කුමක් නම් ඔබට සිතේද? ඒ වෙනත් දියසේන කෙනෙක් බවට සැකයක් නැත. ඔහුගේ (විනෝද සමය නොව) ධර්මානුකුල විග්‍රහ බොහෝ දුරට නිවැරදිය. එහෙත් ඔහුට ලැබෙන ප්‍රතිචාරයක් වේ නම් 'පෙත්ත ගත්තේ නැද්ද' වැනි දෙයකි. බොහෝ දෙනාට අනුව ඔහු පිස්සෙකි. පිස්සන්ට දම් දෙසීමට ගිය විට සිදු වන්නේ එයයි. ඒ පිස්සන්ගේ වරදක් නොවේ.)

      [2] cnews හි අඩවියේ මට නොතේරෙන යමක් වේ නම් කොමෙන්ටු පල කෙරෙන ක්‍රම වේදයයි. අප දැමු ඇතැම් කොමෙන්ටු එවෙලේම මෙන් පළවීමත්, කුණුහරුප සහිත කොමෙන්ටු පවා පළවීමත්, කතා32 ඇතුළු වෙනත් යොමු සහිත ඔබගේ කොමෙන්ටු පළවීමත් නිසා කොමෙන්ටු නොකියාවම පල කෙරෙන්නේ යැයි සිතින. එහෙත් අප යැවූ කතා32 හා වෙනත් ඇතැම් යොමු සහිත කොමෙන්ටු පළ නොවීමත්, ඇතැම් පුවත් වල දොස් දැක්වූ කොමෙන්ටු පළනොවීමත්, එම අඩවියේ මාධ්‍ය භාවිතාව, එම පක්ෂයේ හා ඔවුන්ගේ නායක (සහෝදර) තුමාගේ ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කළ කොමෙන්ටු පළනොවීමත් නිසා මේ අය කොමෙන්ටු කියවන බව පිළිගැනීමටත් සිදු වේ.

      [3] විමල් වීරවංශගේ දේශපාලන ස්ථාවරත්වයට හෝ මනාප සදහා හෝ එතුමාට එවන් අඩවියක් අවැසි යැයි මා නොසිතන නමුත් (තවමත්) මාධ්‍යවේදී මානසිකත්වයේ දිවි ගෙවන නිසාත් ජවිපෙ ප්‍රචාරක ක්‍රමවේදය අනුගමනය කරන නිසාත් එවන් අඩවියක් පවත්වාගෙන යනවා විය යුතුය. ජවිපෙ මෙන්ම ජානිපෙ ද මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන පිලිනොගනිති. එම නායකයන්, සාමාජිකයන් හා ඇතැම් භික්ෂුන්ද මාක්ස් අදහන්නන් මිස (උපතින් හැරුණු කොට) බෞද්ධ ද නොවෙති. එහෙත් සැලකිය යුතු (තරුණ) පිරිසක් මේ දෙපිරිස සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන කොටසක් ලෙස දැඩිව විශ්වාස කරති. මෙම ව්‍යාජ ජාතික ව්‍යාපාරය සැබෑ ජාතික ව්‍යාපාරයක් බිහි වීම වළකා ඇත.

      [4] එම අඩවිය බොබසේට පහර ගැසීමට හේතු කිහිපෙකි. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය + සිංහල වීර විදහන ---> සිහළ උරුමය + ජනවිජය ---> ජාහෙඋ වෙනම බලවේගයක් හදා එජාප ඡන්ද සන්ධානෙට ගෙන ආ සේ බොබසේ ඉදිරියේදී වෙනම හෝ එජාපෙ සමග හෝ ඡන්ද කර, තමන් වෙත දැනට ආකර්ෂණය වී සිටින නාගරික සිංහල බෞද්ධ ඡන්ද තමන්ගෙන් ඩෑහැගනු ඇතැයි විමල් වීරවංශට සාධාරණ බියක් තිබෙනවා විය හැක. පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට මුස්ලිම් විරෝධී මෙන්ම බෞද්ධ හිතෛෂී පුවත් පල කරන අතරම බොබසේට පහර දීමට සිදු වන්නේ එබැවිනි.

      Delete
  10. සිතුවිළිJune 13, 2013 at 8:22 AM

    සී නිව්ස් වෙසක් ලිපියට ප්‍රතිචාර 62යි
    කතා 32 වෙසක් ලිපියට ප්‍රථිචාර 82යි!

    ReplyDelete
    Replies
    1. සැබවින්ම ඒ ගැන මගේ අවධානයක් නොවීය. මෙයට ප්‍රධාන හේතුව අපේ මාතර ආතර මාමා අහිමි වීමයි. දෙවනුව ඒ ලිපියේ ගන්නට දෙයක් නැති වීමයි. තුන් වැනි හේතුව අපේ අදහස් වාරණය වීමයි. සිව් වැනි හේතුව බුදු තෙමගුල පරයා අර උන්නාන්සේගේ ගිනි කෙළිය මහජන අවධානය දිනා ගැනීමයි.

      k විසින් මගේ ලිපිය සතියක් පමා කිරීම මෙහි වෙසක් ලිපියේ අවධානය රඳවා ගැනීමට ඉවහල් වූ බව සිතමි. සියල්ලටම වඩා මේ ලිපියේ අන්තර්ගතය ඉහලයි. ඒත්, සී නිවුස් ලිපියේ බැලුම් ගණන 20,899 වීමත් මෙහි තවමත් ඒ ගණන (මුළු වෙබ් අඩවියේම 8250 වීම තුල) 500 වත් නැති වීමත් ගැන කිව හැක්කේ කුමක්ද? (මේ පිටුව බැලූ වාර ගණන කුමක් වුවත්, ඉන් අඩකට වගකිව යුත්තේ අප දෙදෙනාම වන බව මට සිතේ.)

      සිතුවිළි ඔබ මේ වන විට ලිපි ලියන නිසා දෙමාසයකට වරක්වත් එක බැගින් පල කිරීම සුදුසුයැයි සිතමි.

      Delete
    2. සිතුවිළිJune 13, 2013 at 1:22 PM

      ජෝසප් ඔබ කියන හේතු සියල්ල සත්ත්‍යයයි මටත් සිතෙනවා. එසේම මෙම බ්ලොගය නරඹන්නන් තව වැඩි විය යුතු අතර එමගින් කේ කියන ලෙස අදහස් පල වීම් වැඩි වනු ඇත.
      කේ, කේ කියනවාට වඩා යම් නමකින් ඔහු හැඳින්විය හැකිනම් හොඳයි. ඔහු එකට මැලි නම් අපි ඔහුට නමක් දා ගනිමු. (කේ අකුරින් එන මොකක් හරි නමක් )
      මෙම ලිපිය බැලූ සමස්ත වාර ගනනින් අඩකට වග කිව යුත්තේ අප දෙදෙනාමයැයි කීවාම නම් ලැජ්ජා හිතුනා. ඇයි දෙයියනේ වෙන කරන්න වැඩක් නැතිවද?

      මා ලිපි ලිවීමට සැබැවින්ම දස්කම් දක්වන්නෙකු නොවෙයි. එහෙත් හිතට වැදුනු ගැඹුරු අදහසක් කතාවකට පෙරැලිය හැකියි. ගනින් නාන්සේලා ගැනත් එහෙම අදහසක් තිබුනා (හාමුදුරු කෙනෙක් එක්ක මා උනු කථා බහකින් හිතට වැදුනු අදහසක් ) ඒත් කට ඉස්සර කර ගත් නිසා දැන් ඒක ගැලපෙන්නේ නැහැ. වෙන අදහසක් හිතලා බලමු.

      Delete
    3. සිතුවිළි, ඔබේ නිරීක්‍ෂණය අප දිරිගන්වන්නක් බව නොකිවමනාය. එහෙත්, ලංකා සී නිවුස් හා අප සැසඳීම එතරම් සුදුසුදැයි නොදනිමි.

      මේ ලිපියේ මුළු 'බැලුම්' ගණන (page views) මේ සටහන තබන මොහොතේ 187 පමණි. බක් පෝ ලිපිය හා සිංහල අවුරුදු ලිපිය එමෙන් දෙගුණයක් පමණ දෙනා විසින් බලා ඇත. එහෙත් 400 ඉක්මවූ වාර ගණනක් බලා ඇත්තේ එකම එක ලිපියක් පමණි.

      මේ ඔබ දෙදෙනාගේ දැන ගැනීම පිණිසයි.

      Delete
    4. Hits = IP ලිපින ගණන නොවන්නේ නම් අප ගණින්නේ පිටු පෙරළු වාර ගණන මිස පුද්ගලයන් ගණන නොවේ. මේ අඩවියේ බැලුම් ගණනය වන්නේ කෙසේදැයි මම නොදනිමි. කොමෙන්ටු දමන පස් හය දෙනෙකු දිනපතා හා තව සුළු පිරිසක් අතරින් පතර මේ අඩවියට පිවිසෙන බව අපගේ අනුමානයයි. cnews හි ක්‍රමවේදය කුමක් වුව එහි ලිපි කියවන පිරිස ඔවුන් දක්වන hits ගණනින් අඩකට වඩා අඩු බව අපගේ අනුමානයයි.

      Delete
    5. ගනින්නාන්සේ යන්න අද බොහෝ දෙනෙක් දුස්සීල භික්ෂුන් අරබයා යොදන්නේ නමුදු එකල (නුවර යුගයේ) ඒ භාවිත වන්නට ඇත්තේ උපසම්පදාව නොතිබූ එකල වැඩසිටි උපසපන් නොවූ එක්තරා භික්ෂුන් පිරිසක් අරබයා ය. මේ අයට සාමනේර සීලයද නොවීය. මේ පිරිස සිවුරට අමතරව ඉනේ රෙදි පටියක් බැඳ සිටි බව අසා ඇත. අද පරාජිකා වී ඇති නමුත් දිගටම සිවුරේ සිටින ඇතැම් භික්ෂු ප්‍රතිරූපකයන් මෙන් නොව නිසි සීලය තමන් සතුව නැති බැවින් වෙනම් නමක් දා ගැනීමට තරම් එම පිරිස ගුණගරුක වීම අප අගය කළ යුතුය. අද ද පවතින නෑයන් මහණ කිරීම හා වෙනත් පුද පූජා බොහොමයක් ධර්මය නොදත් ගනින්නාන්සේලගේ කල ඇරඹි දේය. කාසය කණ්ටක යනු තව බිහි වී නැති වෙනත් පිරිසකි. අද තව සමහරු දුස්සීල භික්ෂුන් අරබයා යොදන චීවරධාරී යන්නද නොගැලපෙන යෙදුමකි.

      Delete
    6. සිතුවිළිJune 27, 2013 at 9:42 PM

      SiTh
      ඔබගේ මේ අදහස ඉතාමත් නිවැරදියි.
      එසේම, චීවරධාරී යන්න මා කිසි විටෙක භාවිතා නොකරන වදනක්. සෑම භික්ෂුවක්ම චීවරය දරනා බැවින් චීවර ධාරියෙකි. සිවුර තුළ රැඳෙමින් භික්ෂූත්වයට නොගැලපෙන පැවැතුම් ඇති අයහට මා අමතන්නේ භික්ෂු වේශධාරීන් කියායි.
      සත්ත්‍ය වශයෙන්ම මෙය මාගේ මිතුරු එක් ජේශ්ඨ (වැවේ ගෙදර ) මාධ්‍යවේදියෙකුහට නායක හිමිනමක් විසින් දී තිබූ අවවාදයකි. මා මිතුරාගෙන් එය දැනගත් දා සිට මා එය එලෙසින්ම පිළිපදිමි.

      Delete
    7. SiTh
      Hits = IP වීම විය නොහැක. මේ ගණන Blogger විසින් ගණනය කෙරෙන page loads ගණනයි. එනම්, ඔබ අවම වශයෙන් අද දැමූ ප්‍රතිචාර ගණනටවත් එම සංඛ්‍යාව ඉහල දැමීමට දායක වී ඇත.

      ගනින්නාන්සේ ගැන කියතොත්,
      මේ සන්ධර්භය අනුව ඉහල හෝ පහල අරුතක් දිය හැකි පදයකි. ව්‍යාකරණ අනුව නම් මේ ගෞරවාර්ථ පදයකි - එනම්, ආඛ්‍යාතය බහු වචනයෙන් තැබිය යුතු වේ. දුස්සීල මහණුන් ගැන කියන විට ගනින්නාන්සේ ද පූජනීය වන අතර සිල්වත් මහණුන් සමග සංසන්දනය කරන විට පහල මට්ටමකින් තැබේ. රකිනා නිත්‍ය සීලයක් තිබීම නොතිබීම කෙසේ වෙතත් උපසම්පදාවක් (එනම්, සාම්ප්‍රදායික පිළිගැනීමක්) නොමැති බැවිනි. ගනින්නාන්සේ යන පදය දුස්සීල මහණුන් හැඳින්වීම පිණිස භාවිතා කිරීම නම් අපහාසයකි.

      චීවරධාරියා යන පදය ගැන ඔබ දෙදෙනා දක්වන අදහසටත් එකඟ විය හැකියි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !