Microsoft OneDrive |
අන්තර්ජාලය භාවිතා කෙරෙන්නේ ඡායාරූප පල කිරීමට පමණක් නොවේ. අද සමහරු කාර්යාල කටයුතු පවා කර ගන්නේ ජංගම උපකරණ වලිනි. මේවා අන්තර්ජාලය නිබඳවම භාවිතා කරයි. නිවසේ සිට සකස් කෙරෙන ලිපියක් කාර්යාලයෙන් මුද්‍රණය කරවා ගැනීම, කාර්යාලයේ සිට ආරම්භ කළ කිසියම් වගුවක්/ වාර්තාවක් ක්ෂේත්‍රයේදී අවසන් කිරීම වැනි උදාහරණ මේ සම්බන්ධයෙන් දිය හැක. මෙහිදී කෙරෙන්නේ කිසියම් ගොනුවක් අන්තර්ජාලය මාධ්‍යය වශයෙන් භාවිතා කර උපකරණ දෙකක් අතර හුවමාරු කර ගැනීමයි. නොමිලේ ලබා ගත හැකි එවැනි සේවාවන් කිහිපයක් පිළිබඳව අද කතා කරමු.
Microsoft® OneDrive
Microsoft OneDrive |
මෙය නොමිලේ ලබා දෙන ඉඩ ප්‍රමාණය 7 GB වුවද මෑතක දී එය 15 GB දක්වා වැඩි කර ඇත. ජංගම දුරකථන වලින් ගන්නා පින්තූර ඉබේ cloud storage වෙත යැවෙන සේ සකස් කිරීමේදී අමතර ඉඩක් ලබා දේ. අප සතු ගිණුම ඒ අනුව 30 GB ධාරිතාවයකින් යුක්තය.
Microsoft OneDrive ගිණුමක් ඇරඹීමට ඉහත පින්තූරය (icon) මත කොටන්න.
Dropbox
Dropbox |
නිතර වෙනස් වන Microsoft OneDrive හා සසඳන කළ Dropbox ගිණුම වඩා ස්ථාවර බව කිව හැක. මෙයද කැමරා වලින් ගන්නා සේයා රූ කෙළින්ම cloud වෙත යැවීම වෙනුවෙන් 3 GB අමතර ඉඩක් ලබා දේ. ඒ නොමිලේ දෙන 2 GB ට අමතරවයි. එසේම මිතුරන්ට ආරාධනය කිරීම වෙනුවෙන් ද අමතර 500 MB බැගින් එකතු කිරීමද Dropbox සිදු කරයි. පෞද්ගලිකත්වය සහ තොරතුරු වල රහස්‍ය භාවය සැළකූ කළ මෙය එතරම් සුදුසු ක්‍රමයක් දැයි සිතා බැලීම ඒ ඒ පුද්ගලයාගේ කාර්‍යයකි.
Dropbox ගිණුමක් ඇරඹීමට ඉහත පින්තූරය (icon) මත කොටන්න.
Google Drive
Google Drive |
Google Drive ගිණුමක් ඇරඹීමට ඉහත පින්තූරය (icon) මත කොටන්න.
මේකනම් අසාර්ථක ලිපියක්. ඇත්තම කියනවනම් මම සම්පූර්ණයෙන්ම කියෙව්වෙවත් නෑ. සමහර විට මම මේ ගැන දැනටත් දන්න නිසා වෙන්න පුළුවන්. කරුණු ගැලපීමත් ගලා යාමත් සාර්ථක නෑ.
ReplyDeleteසමහර විට සිතුවිළිට මේක ප්‍රයෝජනවත් වෙයි.
සරලව කියනවනම්:
1. Linux පාවිච්චි නොකරන කෙනෙකුට ගැලපෙන්නේ OneDrive. Online apps කිහිපයක් (Word, Excel, Powerpoint, Onenote) සපයන නිසා ඕනෑම තැනකින් ලිපි ලේඛන සකස් කර ගන්න පුළුවන් - Linux සහිත පරිගණකයක උනත්.
2. Linux පාවිච්චි කරන කෙනෙකුට Google Drive ගොඩක් ගැලපෙනවා. විශේෂයෙන් Google Apps (ඊමේල් සමග) ලැබෙන නිසා Word, Excel සහ Powerpoint වෙනුවට පොහොසත් විකල්පයක්.
මේ දෙකම 15GB ධාරිතාවක් සපයන නිසා ඉඩකඩ ප්‍රශ්නයක් නොවේ. පහසුකම් අතින් දෙකම හරි හරියට තියෙන බව කියන්න පුළුවන්. ලිපි ලේඛන backup කරන්න නම් ඒ දෙන ඉඩ උවමනාවටත් වඩා වැඩියි. විශේෂයෙන් Google Drive එක සැලකුවොත් Google Docs ඒ ධාරිතාව ඇතුලට ගණන් හදන්නේ නැති නිසා MS Office විකල්පයක් විදියට ඒක ඉතාම හොඳයි. අනික් අතින්, Microsoft OnDrive ඉතාම ලොකු (මට මතක විදියට 10GB වගේ) file upload කරන්න ඉඩ දෙනවා. එක ඒ පැත්තේ වාසියක්.
3. Dropbox කතා කරන්නේ වෙනම කණ්ඩායමකට. ගොඩක් දුරට platform indipendance තමයි එයාලගේ ශක්තිය. File ගැන මිස Document ගැන සාපේක්ෂව වැඩි අවධානයක් එයාල දෙන්නේ නෑ. හැබැයි photo upload කරන්න නම් Dropbox හොඳයි කියලයි මම හිතන්නේ.
4. ඒ වගේම box.com වගේ තව file upload services ගොඩක් තියෙනවා. ඒත් කණිෂ්ක තෝරාගෙන තිබෙන services වැරද්දක් නෑ කියල කියන්න පුළුවන්.
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි ජොසේෆ්. ඒ අදහස් ටික බොහෝ වටී.
Deleteමේ කාරනයගැන මුලින්ම විමසුවේ මමමය. එහෙත් මෙතරම් සවිස්තර තාක්ශනික ලිපියක් මට කියැවීමට සිත් නොදේ.. ඉතාම දැඩිව සිත හික්මවාගෙන බලහත්කාරයෙන් කල යුතු ක්‍රියාවකි.
ReplyDeleteඑහෙත් කණිෂ්කගේ පොදු පරමාර්ථයෙන් කල ක්‍රියාව අගැයීම් වස් කෙසේ හෝ මේ භාධකය බිඳගෙන හැකි ඉක්මනින් ලිපිය කියවිය යුතුය.
එසේනම් කියවා ප්‍රයෝජන ගන්න. එය අපට සතුටකි.
Deleteසද්දයක් තිබුනානම් හොඳයි නේද?
ReplyDeleteසද්ද දැමීම ඔබලා සතුය. LcN එකේනම් ඔබලා බොහෝ සද්ද දමා තිබෙනු දිටිමි. ඒ දැක නිහඬව සිටිනු නොහැකිව අපද සද්දයක් දැමූ බව දකින්නට ඇත.
Deleteඅහෝ එහි "ක" යන්නක් මතුව තිබුනේ එසේද?
Deleteමා එය නොහැඳිනිමි.
නැවත ගොස් බැලිය යුතුමය.
මෙහි ආ අනෙක් උන් කොහේ ගියාද?
SiTH තුමාගේ මළ ගෙදර ගියාද?
Deleteඉර්ධි බල සහිත රහතුන් මතුවන කාලේ.....
Deleteඅවිද්‍යාවට මක් උනාද?
SiTH හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා..
Deleteඅවිද්‍යා පච්චයා සංකාරා සංකාර පච්චයා උපාදාන => අවිද්‍යාට උපාදානයක් !
අවිද්‍යාට උපාදානයක් කීවේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං වගේ එකක් ද?
Deleteඅවිද්‍යාට කවරක් උපාදාන වීදැයි අප හරිහැටි දන්නේ නැත. ඒ ගැන විමසීම පෞද්ගලිකත්වයට කෙරෙන අනවශ්‍ය ඇඟිලි ගැසීමක් බව සිතේ.
Delete