Saturday, June 22, 2013

මාර දූන් පලවා හැරි පොසොන් පසළොස්වක පොහොය

ගිරිමේඛලා නම් දිව්‍ය හස්තිරාජයා පිට නැගී දස බිම්බරක් සේනාව පිරිවරා යුධ පිණිස බෝ මැඩ කරා දිව ආ කාම ලෝකයට අධිපති වසවර්ති මාරයා, තමන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා පෙරුවා වූ පාරමී බලයෙන් පොළෝ මහී කාන්තාව හඬවා ගර්ජනා කරවා, පරාජය කර පළවා හැර ලැජ්ජාවට පමුනවා වදාළ ත්‍රෛලෝකනාථ සර්වඥයන් වහන්සේ පළමු සතිය බෝමැඩ පහල වූ වජ්‍රාසනය මතම සමවත් සුවයෙන් වැඩ සිට, දෙවියන්ගේ සැක දුරු කරනු වස් අහසට පැන නැඟී මොහොතක් කල් යමා මහා පෙළහර දක්වා, බෝධියට ඊසාන දිගින් ආකාශයෙන් බිමට බැස අනිමිසලෝචන නම් අසදෘශ පූජාවකින් මහා බෝධීන් වහන්සේට කෘතඥතාව දක්වා වදාළ සේක. මේ වනාහි බුද්ධත්වයෙන් ප්‍රථම හා දෙවන සති ගත කළ ආකාරයයි. දෙවන සතිය අවසානය සනිටුහන් කරන්නේ වෙසක් මාසය අවසන් වී පොසොන් මාසය එළඹ සිටීමයි.

පොසොන් මාසය එළඹෙත්ම දෙවියෝ උන් වහන්සේ වැඩ සිටි තැනත් වජ්‍රාසනයත් අතරින් පූර්ව සක්වල මුවවිට සිට පශ්චිම සක්වල මුවවිට දක්වා රුවන් සක්මනක් මැවූහ. තථාගතයන් වහන්සේ ඒ සතිය ඒ රුවන් සක්මන මත සක්මන් කළ සේක. තෙවන සතිය අවසානයේ සතුටු සිත් ඇති දෙවියෝ ශ්‍රී මහා බෝධියට වයඹ දිගින් රුවන් ගෙය ක් මැවූහ. සක්මනින් බැස රුවන් ගෙයට වැඩම කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යය ලත් රජ්ජුරු කෙනෙකුන් භාණ්ඩාගාරයට වැද තමන් සතු වූ නොයෙක් රත්න ජාති පරීක්‍ෂා කරන්නේ යම් සේ ද, තමන් වහන්සේ අභිනවයෙන් සතු කර ගත් ධර්මරත්නය පරීක්‍ෂා කිරීමට පටන් ගත්හ. මේසේ තමන් වහන්සේගේ "අනෙක ජාති සංසාරං..." යන ගාථාවෙන් පටන් "අප්පමාදෙන සම්පාදේථ" යන ගාථාව දක්වා තමන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ, පිටක වශයෙන් තුනක් වන, නිකාය වශයෙන් පසක් වන, අංග වශයෙන් නවයක් වන, ස්ඛන්ධ වශයෙන් සුවාසූදහසක් වන එහෙත් රස වශයෙන් එකම ධර්ම රසය වන සියලු ධර්මය මුල සිට අග දක්වාත්, අග සිට මුල දක්වාත්, දෙකෙළවර සිට මැද දක්වාත්, මැද සිට දෙකෙළවර දක්වාත් මෙනෙහි කරන උන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් සවනක් ගණ බුදු රැස් විහිදිණි. මේ බුද්ධත්වයෙන් සතර වන සතියයි.

එසේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සවනක් ගණ බුදු රැසින් දිලිහි දිලිහී රුවන් ගෙයි වැඩ සිටින සඳ, වෙසක් පෝ දා පැරදී පලා ගිය මාරයා අනෙක් දෙවියන්ගේ නින්දා අපහාස විඳිමින් ස්වකිය පරනිම්මිත වසවර්තී නම් දිව්‍ය ලෝකයේ ස්වකිය භවනේ සිටිය නොහැකිව ඉන් පලා ගොස් මගී වෙසක් මවාගෙන දඹදිව එක්තරා මාවතක් මැද දෙපා දිගු කොට හිඳගෙන එක අතක් නිකට තබාගෙන කරබාගෙන දැන් කුමක් කරම්දැයි කල්පනා කරමින් බොහෝ ශෝකයෙන් සුසුම් හෙලමින් සොළොස් කාරණයක් සිතා ඒ මහමග අවුරා සොළොස් ඉරක් ඇන්දේය. මෙසේ හෙතෙම මහමග ඉරි අඳිමින් සිටින විට ස්වකිය පියාණන් සතර සතියකින් නුදුටු ඒ වසවර්තී මාරයාගේ තණ්හාය, රතීය, රගාය යන නම් ඇති දූන් තිදෙන මේ බැව් දැනගෙන වහා එහි පැමිණ නොබා සිටිය මැනවි පියාණන් වහන්ස, අප නුඹ වහන්සේගේ ඒ සතුරා කාම පාශයෙන් බැඳගෙන විත්, නුඹ වහන්සේගේ පාමුල දක්වා ලමුයි කියා වහසි බස් කියා ගොස් විතරාගී ඒ මුනින්ද්‍රියන් වහන්සේ ඉදිරියේ නොයෙක් රාගී ලීලා දක්වා අසමත් ව පැරදී පලා ගියේ අද වන් පොසොන් පසළොස්වක පෝ දිනකය.

මුචලින්ද නාග දරණය - සය වන සතිය
මාර දූන් පරාජය කළ සම්බුදුරජාණන් වහන්සේ ඒ අසබඩ පිහිටි අජපාල නමින් ප්‍රසිද්ධ නුග රුක මුලට වැඩම කර එහි සතියක් වැඩ සිටියහ. ඒ පස් වන සතිය අවසානයේ උන් වහන්සේ මුචලින්ද නම් විල අසබඩට වැඩම කළහ. සක්විති රජ කෙනෙකුන් හෝ සම්මා සම්බුදු කෙනෙකුන් හෝ ලොව පහල වූ විටෙක පමණක් වස්නා මහාමේඝයක් වෙයි. චාතුර්ද්වීපික මහාමේඝ නමින් දක්නා ඒ මේඝය ඇති වූ කල සත් දවසක්ම වර්ෂාව වසී. සතර මහාද්වීපය පුරා වසින ඒ වැස්සෙන් නොතෙමෙන එකම තැනක් හෝ නැති විය. එකල, ඒ මුචලින්ද නම් විල වසන නාගරාජයා එහි පැමිණ මේ සත් දවස බුදුන් උපස්ථාන කෙරෙමියි සිතා, බුදුන් වටා සත් දරණ පටක් ලා මහත් වූ පෙන ගොබය බුදු සිරසට මුතු කුඩයක් සේ ලවා පීහ. මේ බුදුරජාණන් වහන්සේ ලැබූ ප්‍රථම උපස්ථානයයි.


සකල ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පෝ දිනය වැදගත් වන්නේ යම් සේ ද ලංකාවාසී බෞද්ධ ජනතාවට වඩා වැදගත් වන්නේ පොසොන් පෝ දිනයයි. මාසයකට පෙර අගනුවරට රැස්ව උමතු වෙසින් සැණකෙළි කෙළි මහජනතාව උපාසක ලීලාවෙන් රජරට කරා ඇදෙන්නේ මේ කාලයටයි. තරමක් තද වැසි ඇති වන මේ කාලයේ රජරට පුරා ඇති කුදු මහත් සියලු වැව් පිරී යාම සාමාන්‍යයෙන් සිදු වේ. දිය කෙළි කෙළිනු රිසි දනන්ට මේ රජ මගුලකි. පොසොන් මාසයේ දිය කෙළි පමණක් නොව දඩ කෙළිද යහමින් පැවති බවට අපේ ඉතිහාසය දෙස් දෙයි.

ලක්දිව ඉතිහාසය වෙනස් කළ මහින්දාගමනය

ශූර වීර පණ්ඩුකාභය රජුගෙන් (බු.ව. 107, මූලාශ්‍රය මහාවංශය) ඇරඹුණු අනුරාධපුර රජ පෙළපතේ දෙවනුව රජ පැමිණියේ මුඨසීව රජුය (බු.ව. 177, මූලාශ්‍රය මහාවංශය). ස්වකිය පියාණන් විසින් මනා සැළැස්මකට අනුව ඉදි කෙරුණ රම්‍ය නගරයක් වන අනුරාධපුරයේ සිට රාජ්‍යය විචාල ඒ රජුට තම සැට අවුරුදු රාජ්‍ය කාලය තුල කිරීමට බොහෝ කටයුතු තිබුණේ නැත. අභ්‍යන්තර බාහිර ආරවුල් නැති එතුමාගේ රාජ්‍ය කාලයේ වඩාත් දියුණු නාගරික ලක්‍ෂණ ඇති කර ගනිමින් ලෝකයේ ප්‍රධානම නගරයක් ලෙස දියුණු වූ අනුරාධපුරයේ සුඛිත මුදිත මහජනතාවට සැන්දෑ කාලය විවේකයෙන් ගත කිරීම පිණිසත්, ශාරීරික අභ්‍යාසය පිණිසත් උද්‍යානයක් නොමැති අඩුව දැනිණි. මේ රජතුමාගේ අග්‍රගන්‍ය නිර්මාණය අනුරාධපුර නගරයේ කළ මහාමේඝ වනය හෙවත්, අදද හඳුන්වන පරිදි මහමෙවුනා උයනයි. මේ වනෝද්‍යානය සෑදීම පිණිස බිම සළකුණු කරන දින අකාල මේඝයක් වට හෙයින් මේ උයන මහාමේඝ වන නම් වන බැව් අපේ වංශකතා කියයි.

මුඨසීව රජ සමයේ ලක්දිව පුරා සාමය රජයන සෞභාග්‍යමත් කාලයක් වුවත්, දඹදිව තත්වය එසේ නොවීය. පාඨලීපුත්‍රය රජ දහන කර ගනිමින් මගධයේ රජ බවට පත් වූ චණ්ඩාශෝක තෙමේ කාලිංගය දෙවනත් කර මහා ජන සංහාරයක් කරමින් සිටියේ මේ සමයේ ය. පසුව හෙතෙම දිග්විජය කෙරේ කලකිරී දහම් විජය වැළඳ ගත් ඒ රජ තෙමේ ස්වකිය පුත්‍රයන් හා දියණියන් යන දෙදෙනාම බුදු සසුනේ පැවිදි කරවීය. ඒ මහින්ද කුමාරයෝ ලක්දිව බුදුසසුන පිහිටුවීම පිණිස මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගෙන් නිල ලදින් මුඨසීව මහරජු ඉතා මහළු බැවින් ලක්දිව නොවැඩ තමන් වහන්සේගේ මව් දේවී තොමෝ වාසය කරන වේදිසගිරියේ වැඩ වාසය කරයි.

මුඨසීව මහරජුට පුත්තු දස දෙනෙක් හා දූ වරු දෙදෙනෙක් වූහ. මහ පිනැති තිස්ස තෙමේ මුඨසීව රජු ඇවෑමෙන් අනුරාධපුරයේ රජ බවට පැමිණියේය. හෙතෙම අශෝක රජු හා අදෘශ මිත්‍රයහ. හසුන් යවා පුරුදු ඇත්තේය. තිස්ස රජුගේ අභිෂේකය (බු.ව. 237, මූලාශ්‍රය මහාවංශය) සමගම ලක්දිව බොහෝ රුවන් පහල විය. තිස්ස රජ තෙමේ සිතන්නේ, ලක්දිව වනාහී බොහෝ රුවන් ඇත්තේය. මේසේ වූ රුවන් දඹදිව් තලේ නැත්තේය.එසේ හෙයින් මේ රුවන් වනාහි ජම්බුදීප චක්‍රවර්ති අශෝක රජුටම ගැලපේ යැයි සිතා, ඇමතියන් අත ඒ රුවන් පඬුරු කොට යැවුහ. අතිශය දුර්ලභ වූ ඒ රුවන් දැක සතුටු වූ ධර්මාශෝක මිහිපල් තෙමේ, ඒ ඇමතියන්ට තනතුරු දී සත් මසක් එහි තබාගෙන සත්කාර කර අවසන, මේ රුවන් හා සැසඳෙන අනික් රුවනක් නැත. එසේ වුවත් තුනුරුවණ වනාහි අගය කළ නොහැක්කේමය කියා සිතා ඒ තිස්ස රජුට බොහෝ පඬුරු සමග අභිෂේකයට අවශ්‍ය කළමනාද සපයා දී සියල්ලටම වඩා උතුම් දහම් පඬුරක් ලෙස හසුනක් ලියා ඒ ඇමතියන් අත ලක්දිව එවූහ.

මිහින්තලයේ බුදුරුව, අම්බස්තල චෛත්‍යය සහ ආරාධනාගල සේල චෛත්‍ය මළුවට දිස් වන අයුරු
තිස්ස රජ තෙමේ ඒ ඇමතියන් අතින් හසුන් අසා තුනුරුවණ කෙරේ පැහැදී ගොස් වෙසක් පුන් පෝ දා දෙවන වරට අභිෂේකය ලැබූහ. මෙසේ අභිෂේක ලැබූ ඒ නිරිඳා සැණකෙළි සිරියෙන් කල් යවා නුවර වැස්සන්ට දියකෙළි විධාන කොට තෙමේ සතලිස් දහසක් සේනාව පිරිවරා දඩකෙළියට ගියේය. මේ පොසොන් පසළොස්වක දිනයයි. වේදිසගිරියේ වැඩ වාසය කරන මහා මහින්ද ස්ථවිරයෝ මේ බැව් දිවසින් දැක ලක්දිව වඩනට මේ කාලය බව දැනගෙන, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහ තෙර වරුන්ද, සංඝමිත්තානම් තම නැගණියන් වහන්සේගේ පුත් සුමන සාමණේරයන් වහන්සේද, එසේම තම මෑණියන් වහන්සේගේ බෑණනුවන් කෙනෙකු වන අනාගාමි භණ්ඩුක නම් උපාසකයෝද යන මේ සෙනග පිරිවරා අහසින් වැඩ මිහින්තලයේ වැඩ හුන්හ.

එකල ඒ මිස්සක පවුවේ වෙසෙන දේවතාවා මුව වේශයක් ගෙන තිස්ස රජු ඉදිරියෙන් දිව ගිය ආකාරයත්, ඒ පසුපස පන්නාගෙන ගිය මහ රජුට මහින්ද මහ රහතන් වහන්සේ "තිස්ස තිස්ස" ආදී වශයෙන් ආමන්ත්‍රණය කළ ආකාරයත්, "මේ මොන යකෙක්'දැ"යි බියපත් වූ මහ රජුගේ බිය සංසිඳවීමට
සමනාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා - තමෙව අනුකම්පාය - ජම්බුදීපා ඉදාගතා
යනාදී වශයෙන් දේශනා කළ ආකාරයත් චිරප්‍රසිද්ධ කරුණු ය. මෙසේ බියෙන් මිදුණු ඒ දේවානම්පියතිස්ස රාජයා අඹ පැනය හා ඥාති පැනය යන පැන දෙක විමසා වදාළ මහින්ද මහ තෙරුන්ට දුන් පිළිතුරු අනුව බුදුදහම විමසා අවබෝධ කර ගැනීමට සමත් චින්තන ලීලාවක් ලක්දිව ජනයා සතු බව දැන ගත් උන් වහන්සේ ඒ නුවණැති රජුට චුල්ලහත්තිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසා වදාළ අයුරුත්, ඒ දහම් අසා මහ රජු සතලිස් දහසක් සේනාව සමග තෙරුවන් සරණ ගිය අයුරුත් එසේම චිරප්‍රසිද්ධයහ.

අනුබුදු මිහිදු මාහිමියන් දේවානම්පියතිස්ස රජුට සම්මුඛ වූ අම්බස්තලය ෴ පසුබිමින් දිස්වන්නේ ආරාධනාගලයි
මෙසේ තෙරුවන් සරණ ගිය ඒ රජ්ජුරුවන් වහන්සේ තමන් වහන්සේ වෙතට එළඹියා වූ ආහාරය තෙරුන් වහන්සේට පිළිගැන්වූ විට ඒ විකාලය බැවින් තෙරුන් වහන්සේ "දැන් දන් නොවළඳන්නෙමු"යි ප්‍රතික්‍ෂේප කළහ. නුවරට යම්හයි ආරාධනා කළ කල්හි "දැන් මෙහි වසන්නෙමු"යි දැන්වූ සේක. එසේ වී නම් මේ (ගිහි වෙස් ඇති භණ්ඩුක) කුමාර තෙමේ අප සමග යේව"යි යාඥා කළ කල්හි "මේ තෙමේ ගිහි ගෙයි නොවසයි, දැන්ම පැවිදි කරන්නෙමු, මහ රජ තෙපි නුවරට යව්"යයි පිටත් කළ සේක. මුළුමනින් පහ නොවූ සැක ඇති ඒ රජ තෙමේ භණ්ඩුක කුමාරයා පසෙකට කැඳවා විස්තර විචාරන්නේ මහ තෙරුන් වහන්සේගේ විස්තර දැනගෙන අපමණ සතුටට පැමිණ එසේ වීනම් පෙරවරු "රථය එවන්නෙමි, නුවරට වැඩිය මැනව"යි ආරාධනා කොට ගියාහුය. මහ තෙරුන් වහන්සේ එදා සවස් කාලයෙහි ම මිස්සක පවුව මතදී භණ්ඩුක කුමාරයා මහණ කළාහුය. මේ වනාහි ලක්දිව ප්‍රථම පැවිදි කර්මයයි. ඒ භණ්ඩුක උපාසකයෝ ද මහණ කරන කෙනෙහිම සව් කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණ වදාළහ. ඒ භණ්ඩුක ස්වාමින් වහන්සේගේ උපසම්පදා විනය කර්මය සම්පුර්ණ කිරීම පිණිසයි මිහිඳු මාහිමියන් තමන් ඇතුළු රහතන් වහන්සේලා පස් නමක් පිරිවරාගෙන වැඩම කළේ.

ඉක්බිති තෙරුන් වහන්සේ සුමන සාමණේරයන් බනවා, කාල ඝෝෂා කිරීමට නියම කළහ. ඒ තෙරුන් වහන්සේ මුළු ලක්දිව ඇසෙන සේ සෘද්ධි බලයෙන් කාල ඝෝෂා කළාහුය. මෙසේ සුමන සාමණේරයන් වහන්සේ කාලඝෝෂා කළ ස්ථානය අද ආරාධනා ගල ලෙස හැඳින්වේ. මේ කාලඝෝෂාව අසා රැස් වූ ලක්දිව් වැසි දිව්‍ය, නාග සුපර්නාදීන්ට මිහිඳු මාහිමියන් වහන්සේ විසින් සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දේශනා කරන ලද බව කියවේ. මිහිඳු මාහිමියන් තිස්ස රජු හා සම්මුඛ වී දහම් දේශනා කළේ අම්බස්තලයේදීය.

මෙසේ අසංඛ්‍ය සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පසුදිනට පහන් වූ සඳ එහි පැමිණි රථාචාර්යයා පළමුව යවා තබා තමන් වහන්සේ රහත් පිරිවර සමග අහසින් වැඩ නැගෙනහිර මහ වාසලට සැපත් වූහ. රජ්ජුරුවෝ ද මෙපවත් අසා පැමිණ පසඟ පිහිටුවා වැඳ මහ පෙරහරින් ගෙන ගොස් සිංහාසනයේ වඩා හිඳුවා කළමනා සත්කාර කොට දහම් දේශනයට ආරාධනා කළාහුය. මිහිදු මාහිමියන් වහන්සේ අන්තඃපුරයේදී විමානවස්තුව සහ ප්‍රේත වස්තුව මුල්කොටගෙන දහම් දේසුහ. ඒ දහම් අසා අනුලා දෙවින් ප්‍රමුඛ පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් බවට පත් වූහ.

මේ පවත් අසා එක රැස් වන්නා වූ මහජනයාට රජ මැදුර හා අන්තඃපුරය අවකාශ මද බැවින් පස්වරු කාලයේ ධර්ම දේශනා පිණිස රජ ගෙයි ඇත් හල සකසා ධර්මාසන පනවා දුන්හ. තෙරුන් වහන්සේ මෙහි වැඩ හිඳ දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. ඒ ඇසූ දහසක් පුරුෂයින් සෝවාන් කළහ. තව තව එන සේනාව මහත් බැවින් ඇත් හලත් සම්බාධ බැවින් නුවරට දකුණු දිග නන්දන නම් උයනෙහි වැඩ හිඳ සවස් කාලයේ බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. එයිනුත් දහසක් පමණ පිරිස සෝවාන් වූහ. මෙසේ තමන් වහන්සේ අනුරාධපුරයට වැඩි පළමු දිනයේම දෙදහස් පන්සියයක් සිංහලයන් සෝවාන් කරවා මහින්ද මහා රහතන් වහන්සේ, ලංකේශ්වර වූ දේවානම්පිය තිස්ස රජුගේ ආරාධනයෙන්, මුඨසීව මහා රජු විසින් කරවන ලද මහාමේඝවන නම් උයනෙහි රාත්‍රී විහරණය කළ සේක.

දෙවන දා උයනට සැපත් වූ මහ රජු ආරාම පිළිගැනීම කැප බැව් තෙරුන් අතින් දැනගෙන ඒ මහාමේඝවන උද්‍යානය මහා සංඝයාට පිළිගැන්වූහ. මේ මහපෝලෝ ගුගුරුවා පිළිගන්නා ලද දෙවන ආරාම පූජාවයි (පළමු වැන්න වේළුවනාරාම පූජාව වෙයි). මෙහිදී දෙසන ලද දම් අසා අනුලා දේවී සකෘදාගාමී විය. ඒ දෙවින් පැවිදි වන රුචි පහල කළ බැවින් ඈ පැවිදි කර ගන්නා ලෙස ඉල්ලූ මහරජුට "මහරජ, ස්ත්‍රීන් පැවිදි කිරීම කැප නැත්තේය. අපගේ නැගණි සංඝමිත්තා නම් තෙරණි කෙනෙක් වෙති. උත්තම වූ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද බොහෝ භික්ෂුනින්ද ගෙන උන් වඩින ලෙස තොපගේ මිත්‍ර අපගේ පියාණන්ට හසුන් යවව"යි තෙරුන් වහන්සේ පිළිතුරු දුන්හ. මේ ලක්දිව මෙහෙණි සස්නේ මුලාරම්භයයි. මහමෙවුනා උයන පිළිගත් මිහිඳු මහ තෙරුන් පිළිවෙලින්, ශ්‍රී මහා බෝධිය පිහිටන තැන, ලෝවාමහපා පිහිටන තැන, රුවන්වැලි සෑ පිහිටන තැන ආදී සතර බුදු වරුන් විසින් සේවනය කරන ලද්දා වූ උත්තම ස්ථාන සතකට වැඩ වදාරා සමන් මල් අට මිට බැගින් පූජා කර සත් වරක් පොළෝ ගුගුරවා එදින අග්ගික්ඛන්දෝපම සූත්‍රයෙන් බණ කියා දහසක් පමණ දෙනා නිවන් දැක්වූහ.

මෙසේම තුන් වන දා ආශීර්විෂෝපම සූත්‍රයෙන් ද, සිව් වන දවස් අනමතග්ග සූත්‍රයෙන් ද බණ වදාරා නොයෙක් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයන් නිවන් දැක්වුහ. එසේම මහා සීමාව බඳවා බුදුසසුන පන්දහසක් හවුරුදු පවත්නා සේ තිර කළේය. මේ මහා සීමාව බන්ධනය කරන දිනයේද පොළෝ කම්පා විය. පස් වන දින ඛජ්ජනිය පරියාය සූත්‍රයෙන් ද, සවන දවස් ගොමයපින්ඩ සූත්‍රයෙන් ද, සත් වන දවස් ධම්සක්‌පැවතුම් සූත්‍රයෙන් ද බණ වදාරා දහස බැගින් දෙනා සෝවාන් ඵලයට පත් කළ සේක.

මෙසේ තමන් වහන්සේ නුවරට වැඩි සත් දවසක් තුල අටදහස්පන්සීයක් දෙනාට නිවන් සාදා දී, නව තැනෙක මහපොළෝ ගුගුරවා පන්දහසක් කල් පවත්නා සේ සසුන පිහිටුවා වදාළේ මෙවැනි පොසොන් මාසයකදීය. අදත් වසරක් පාසා ලක්දිව ලක්‍ෂසංඛ්‍යාත මහ ජනයා මිස්සක පවුවට සහ අනුරාධපුරයට ඇදෙන්නේ එදා දේවානම්පියතිස්ස මහරජුගේ මාලිගයටත්, එතැනින් ඇත් හලටත්, එතැනින් නන්දන උයනටත් අවසන මහමෙවුනා උයනටත් වශයෙන් මහජන ගඟ ගලමින් දැක්වූ උපහාර සිහි ගන්වමිනි. මහ මග අඩියෙන් අඩියට දන්සැල් දෙන්නේ දම්රසයට ඇදී එන ඒ ජනයාට ප්‍රත්‍යලාභයෙන් සංග්‍රහ කර පින් සිදු කර ගන්නා අභි‍ප්‍රායෙනි. එවැනි අභිප්‍රායක් නැති වන්දනා ගමන් දන්සැල් මේ පොසොන් මාසයේ මේ පින්බිමට එපා !

112 comments:

  1. ටිකක් දිග මුත්, අතිශය සුන්දර රචනාවක්. සාකච්චාවට බොහෝ ප්‍රස්තුත සපයයි. ඔබට පින්.

    "වෙසක් පෝ දා පැරදී පලා ගිය මාරයා මගී වෙසක් මවාගෙන දඹදිව එක්තරා මාවතක් මැද දෙපා දිගු කොට හිඳගෙන එක අතක් නිකට තබාගෙන කරබාගෙන දැන් කුමක් කරම්දැයි කල්පනා කරමින් බොහෝ ශෝකයෙන් සුසුම් හෙලමින් සොළොස් කාරණයක් සිතා ඒ මහමග අවුරා සොළොස් ඉරක් ඇන්දේය."

    යන මේ කතාව අපේ දැනුමට අලුත්ය. මාරයා මහමග ඉරි ඇඳීමට සැලැස්වූ ඒ සොළොස් කාරණා කවරේද?

    ReplyDelete
    Replies
    1. දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය ආදී දස පාරමිතා (10) සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් පිහිටන ෂඩ් අසාධාරණ ඥාන (6).

      Delete
    2. @ කේ: අගනා වටිනා ලියමනෙකි. කේ ට බොහොම පින්. Joseph ඉහත උපුටා දැක්වූ අදහස සදහන් වන්නේ කොතනදැයි (පෙළ දහමේ නම් සූත්‍රය හෝ වෙනත් පොතක නම් එහි නම හෝ) පැවසිය හැකිද?

      Delete
    3. Joseph ඉහත උපුටා දැක්වූ වචන මගේ වුවත්, ඒ කතාව සඳහන් වන්නේ පූජාවලියේ ය. එහි සාධුනාද පූජා කථා යටතේ ය මේ විස්තරය එන්නේ.

      "එසමයෙහි මාරදිව්‍යපුත්‍රයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙවබොහෝ දෙවියන් තමාට කරන නින්දා ඉවසාගත නොහී තමාගේ ඒදිව්‍ය භවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මගී වෙසක් ගෙන දෙපා දිගුකොට ලා එක් අතක් නිකටැ දීලා කරබා හිඳ සිතනුයේ ``..........`` යි සිත සිතා ශෝක කරනුයේ සොළොස් කාරණයක් සිත සිතා සොළොස් හිරක්‌ මඟ අවුරා ඇඟිල්ලෙන් ඇන්දේ ය." යනුවෙන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පළ කෙරුණ පූජාවලියේ 195 වන පිටේ මේ කතාන්තරය දැක්වේ.

      Delete
    4. මෙතැන සඳහන් කළ යුතු තවත් කරුණක් වෙයි. සිද්ධාර්ථ ගෞතමයන්ගේ වසර 80 ක සම්පූර්ණ ජිවිත කාලය චාතුර්මහා රාජික දෙවියන්ට දින දෙකකි. ඊට ඉහල දිව්‍ය තල වලට එක දිනයකටත් වඩා අඩුය. ඉහලම දිව්‍ය ලෝකයේ වෙසෙන මාරයාට පැය කිහිපයකි.

      මාසයක් ගොසිනුත් මේ දැන් පැරදුණා සේ මාරයා සොවින් තැවෙන්නේ එබැවිණි.

      Delete
  2. පණ්ඩුකාභය රජු බු.ව. 107 දී රජ විනිනම්, ඔහු ස්වර්ණපාලි මිස වෙනත් බිසවක් තබා ගත් බවට සඳහනක් ද නැත්නම්, මුඨසීව පණ්ඩුකාභය රජුගේ පුතා නම්, ඔහු රජ වූයේ බු.ව. 177දී නම්, මුඨසීව රජ වන්නේ පණ්ඩුකාභය රජ වී වසර 70 කිනි. නැතිනම් පණ්ඩුකාභයගේ රාජ්‍ය කාලය වසර 70 කි. තිස්ස රජුගේ අභිෂේකය බු.ව. 237 නම් මුඨසීව වසර 60 රජකම් කර ඇත. මෙහි තේරුම පණ්ඩුකාභය ඉතා අඩු වයසින් රජ වූ බවත්, මුඨසීව රජු ඉතා දීර්ඝ කාලයක් ජීවත් වූ බවත්ය. තිස්ස කුමරු මුඨසීව රජුගේ දෙවන පුත්‍රයා බව අසා ඇත. එසේනම්, අර සාලිය කුමාරයාට සිදු වුනා සේ තිස්ස කුමරුගේ වැඩිමහල් සොහොයුරා රජකම නොලබාම මිය යන්නට ඇත.

    මේ ගැන ඔබේ යම් අදහස් සමූහයක් වේද ?

    ReplyDelete
    Replies
    1. ඔබේ නිරීක්‍ෂණ නිවැරදි බව සිතමි. පණ්ඩුකාභය රජ බවට පත් වන්නේ වයස 37 දී බවත් ඔහු සැත්තෑ වසක් රාජ්‍ය කළ බවත් මහාවංශය කියයි. වයස 107 යනු පුදුමයට පත් වීමට වයසක් නොවේ. පණ්ඩුකාභය හා ස්වර්ණපාලි කුමරිය අතර විවාහය සිදු වන්නේ ඒ දෙදෙනාගේ යෞවන වයසේදී ය. එහෙත්, මුඨසීව කුමරු කල් ගොස් ඉපදුණා විය හැක. එසේම ඔහුත් වයස 40 පමණ රජ වී වසර 100 ඉක්මවා ජීවත් වූ බව උපකල්පනය කිරීම වරදක් නොවේ.

      මෙහිදී මතක් කළ යුතු කරුණක් වෙයි. සිද්ධාර්ථ කුමාරයා වයස 16 දී යශෝදරාව ආවාහ කර ගත් මුත් රාහුල කුමාරයා උපදින්නේ වසර 13 කට පසුවයි. පැහැදිලිව පෙනෙන කරුණක් නම්, විවාහය ඉක්මනින් සිදු වුනත්, දරු උපත කල් යාම සාමාන්‍ය සිද්ධියක් බවයි. ප්‍රතිශක්තිකරන වැඩසටහන් නොතිබූ ඒ කාලයේ සමහර දරුවන් අඩු වයසින් මිය යාම ද සිදු විය හැක. ප්‍රතිශක්තිය වැඩි, එහෙයින්ම ජීවත් වීමේ වරම් ලැබූවන් බටහිර වෙදකමේ අනුභාවය (එනම්, රසායනික බෙහෙත් මතම යැපීම හා අතුරු ආබාධ) නැති හෙයින් අතුරු ආන්තරාවක් නැතිව අවුරුදු සියය ඉක්මවා ජීවත් වූවා යැයි සිතමි.

      ඉහත උපකල්පනය දේවානම්පිය තිස්ස රජු කෙරේද ආරෝපණය කළ විට ඔහුත් තරමක් වයස්ගතව, එනම් වයස 40 ඉක්මවූ පසුව රජ වූ බව සිතිය හැක. මහින්ද ස්ථවිරයෝ මෙහි වැඩමවන විට දෙතිසක් ඉක්මවූ වයස් ඇත්තාහ. අශෝකයන් හා අදෘශ මිත්‍ර භාවයක් පවත්වා ගැනීමට නම් තිස්ස රජු වයස 40 ඉක්මවා සිටිය යුතු බවට මෙයත් සාධකයකි.

      මේ අනුව අපට කිව හැක්කේ...
      1. පණ්ඩුකාභය ඉතා අඩු වයසින් රජ වූ බවට ඔබේ නිගමනය සදොස් ය.
      2. පණ්ඩුකාභය වසර 107 ක් ද මුඨසීව රජු ඊට ආසන්න කාලයක් හෝ වැඩි කාලයක් ද ජීවත් වී ඇත.
      3. තිස්ස රජ වන්නේ අවුරුදු 40-50 අතර වේ. ඔහු වසර 100 කට වඩා අඩු කාලයකි ජීවත් වන්නේ. (බොහෝ විට වසර 80-90 අතර කාලයක්)
      4. මිහිදු හිමි වසර 80 ජීවත් වූ බව සඳහන් ය. (මහාවංශයේ එසේ සඳහන් වේදැයි දැන් සිහියේ නැත.)

      Delete
    2. පැහැදිලිවම ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. වයස 107 වන තුරු කෙනෙක් ජිවත් වූවා නම් ඔහුට 37 ත් ළාබාල වයසක් තමා... හික් !

      පණ්ඩුකාභය රජු ලෝකයේ වැඩිම කාලයක් රාජ්‍යපාලනය කළ පාලකයාද ?
      ---
      තවත් එකතු කිරීමක් කළොත්, "බටහිර වෙදකමේ අනුභාවය" ට අමතරව, රසායනිකකරණය කළ අපේ නූතන ජිවන ක්‍රමය බොහෝ ලෙඩ රෝග සහ ආබාධ සමුදායකට හේතුව බව පැහැදිලිය. ඒ අරුතින්, ඔබ එකල රජ වරුන්ගේ දිර්ගායුෂ සම්බන්ධයෙන් දක්වන අදහස සංගත බව පෙනේ.

      Delete
    3. අපේ ජනපති තුමාගේ හිතමිත්‍ර දැන් සිටින ස්වාසිලන්ත රජතුමාගේ පියා, දෙවන සොබුඃසා රජතුමා, මීට වඩා වැඩි කාලයක් පාලනය දරා ඇත. ඔහු නිත්‍යානුකුල පාලකයා වූයේ ඉතා අඩු වයසේදී ය. තරුණ වියට පැමිණි පසු පාලනය බාර ගෙන වසර හැටකට වඩා රජකම දැරීය. ඔහු ගැන මෙතනින් කියවන්න.: http://en.wikipedia.org/wiki/Sobhuza_II

      මා ඉහත බැඳිය සැපයුවත් එය කියෙව්වේ නැත. මා කියූ දෙයක් ලිපිය හා නොගැලපේනම් එය තවදුරටත් විමසා බලන්න.

      Delete
    4. හ්ම්... ඒකත් එහෙමද.

      Delete
  3. "මහමෙවුනා උයන පිළිගත් මිහිඳු මහ තෙරුන් පිළිවෙලින්, ශ්‍රී මහා බෝධිය පිහිටන තැන, ලෝවාමහපා පිහිටන තැන, රුවන්වැලි සෑ පිහිටන තැන ආදී සතර බුදු වරුන් විසින් සේවනය කරන ලද්දා වූ උත්තම ස්ථාන සතකට වැඩ වදාරා සමන් මල් අට මිට බැගින් පූජා කර සත් වරක් පොළෝ ගුගුරවා ..."

    මේ ස්ථාන සත මොනවාද?
    අද අනුරාධපුරයේ අටමස්ථානයක් වෙයි. ඉහත සත සහ අද වන්දනා කෙරෙන අටමස්ථානය අතර සම්බන්ධයක් වේද ?

    ReplyDelete
    Replies
    1. search - atamasthana anuradhapura

      Delete
    2. මේ ස්ථාන සත ගැන "තෘතියාගමන කථා" නම් ලිපියේ විස්තර කෙරේ. 5 වැනි ඡේදය කියවන්න. එම ලිපියට බැඳියක් මේ ලිපියේම ඇතුලත්ය.

      ඒ ස්ථාන සත හා අද ප්‍රසිද්ධ අටමස්ථානය අතර සම්බන්ධයක් නැත. මුලින් කී ස්ථාන සත සතර බුදුවරුන්ගේ පාදස්පර්ශයෙන් ශුද්ධත්වයට පත් භූමි වේ. අටමස්ථානය යනු සංචාරයේ යන අයට "මෙහි එන්න" කීම පිණිස සම්මත කරගෙන ඇති මං සළකුණු වේ.

      එහෙත්, සමහර ස්ථාන මේ දෙකටම පොදුය. අප ලිපියේ දක්වා ඇති ස්ථාන එසේ පොදු ඒවාට උදාහරණ වේ.

      Delete
    3. "...අනුරාධපුර නුවරට වැඩ, [1]දකුණු මහසෑය පිහිටි තැන, [2]මහමෙවුනා උයන්මැද ශ්‍රීමහාබෝධිය පිහිටි තැන, [3]ලෝවාමහාපාය පිහිටි තැන, [4]පිරිත්ලාගෙය පිහිටි තැන, [5]දන්තාදර නම් පොකුණ පිහිටි තැන, [6]ථූපාරාමය පිහිටි තැන, [7]පතස්භුමියෙහි රුවන්මැලි මහසෑය පිහිටි තැන, [8]මිහින්තලයෙහි මහසල සෑ පිහිටි තැන ය යි යන මේ අටමස්ථානය පූර්වබුඬවරයනුදු වැඩහුන් බිම් හෙයින් තමන් වහන්සේද ධ්‍යානසුවයෙන් වැඩ හිඳ..."

      ඉහත අංක 8 ඇත්තේ මිහින්තලයේ නිසා මහමෙවුනා උයනේ ඇත්තේ ස්ථාන සතකි. ඔබ නිවැරදියි.

      ඉන් අංක 4 සහ 5 අද සොයාගෙන ඇත්ද ? අංක 1 ගැන කිව හැක්කේ කුමක්ද ?

      මේ නිසා විය හැක අලුතෙන් සොයා ගත් අටමස්ථානයක් (මිරිසවැටිය, අභයගිරිය, ජේතවනය හා ලංකාරාමය ඇතුලත්) දැන් ප්‍රචලිතව ඇත්තේ. මේ බව පෙන්වා දුන්නාට ඔබට බොහෝ පින්.

      Delete
  4. අළුත් දෙයක් එකතු කර ඇති බව දුටුවා. එයනම් ඉතාම හොඳ අදහසක්.

    මිහින්තලයේ සිතියම දැක එහි යාමට සිත් පහල උනා. ලංකාවේ ප්‍රථම වස් වාසය මිහින්තලයේ නේද? නැතිනම් ඒ මහමෙවුනා උයනේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රථම වස් වාසය මිහින්තලයේ කණ්ඨක චෛත්‍යය අවට ඇති අට සැට ලෙන් ආශ්‍රිතව වේ.

      Delete
    2. මගේ අනුමානය ඒ අනුව නිවැරදියි. ඔබ පෙන්වා දෙනවා 68 ලෙන් ගැන.
      ප්‍රථම වස් වාසය වන විට භික්ෂුන් 68 සිටියාද ?

      Delete
    3. මෙය සියුම් ප්‍රශ්නයක්, ජොසෙෆ්. මා මීට පිළිතුර සෙවීමට මහාවංශය පරිශීලනය කළා.

      එහි, "රජහුගේ බෑණා වූ මහාරිට්ඨ නම් මහාමාත්‍ය තෙමේද රජු ඉදිරියේ සිටියේය. ඒ ධර්මය අසා යාඥා කොට දෙටු කණිටු සොහොවුරන් පස් පනස් දෙනෙකු හා සමග ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි එදවසම පැවිදි වූහ. මහත් ප්‍රඥා ඇත්තා වූ ඒ සියල්ලෝ කරකම් අවසානයෙහි අර්හත් ඵලප්‍රාප්ත වූහ." ලෙස සඳහන් වේ. මේ කියන්නේ ප්‍රථම වස් වාසයට පෙර සිද්ධියයි.

      එයට අනුව තිස්ස රජුගේ බෑණා වූ මහාරිට්ඨ කුමරු තව 55 දෙනෙක් සමග පැවිදි වී රහත් වෙයි. එවිට 'සිංහල' රහතුන් ගණන 56 කි. මිහිඳු මාහිමියන් හා ඒ හිමියන් සමග වැඩම කළ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලාත්, මෙහි පැමිණ පැවිදි වී රහත් වූ භණ්ඩුක උපාසක තැන (දැන් රහතන් වහන්සේ) සමග ගණනය කළ විට උපසම්පදා රහතන් වහන්සේලා 62 නමකි. උපසම්පදා නොවුණු සුමන සාමණේරයන් සමග මේ ගණන 63 ක් වුවත්, වස් වසන්නේ උපසම්පදා වූ භික්ෂූන් වහන්සේලා පමණක් බව අපේ මතකයයි.

      මහාවංශයේ දහසය වන පරිච්ඡේදයේ අවසාන භාගය "මේ සියලුම දෙසැට නමක් රහතන් වහන්සේලා ඒ සෑගිරියෙහි වස් එළඹ රජහට සංග්‍රහ කළ සේක." ලෙස කියමින් ඉහත අදහස සනාථ කරයි.

      ඔබේ පිළිතුර ලැබුනේ යැයි සිතමි.

      Delete
    4. ඔව්, බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් !

      Delete
  5. සිතුවිළිJune 24, 2013 at 3:29 PM

    කවදත් වගේ මෙවරත් කේ ගේ පොහොය ලිපිය ආසාවෙන් කියවූවා. සත් සතිය මෙයාකාරයෙන් අදාල සතිය තුලදීම විස්තර කෙරුනු තැනක් මින් පෙර දැක නැහැ. පොසොන් මස සමග සත් සතිය ගැලපීම කිසිදා සිදු නොවන්නේ මහින්දාගමනයෙන් පොසොන් දාට ඇති අන් සියළු වැදගත් කම් වැසී යන නිසා විය හැක.
    මහින්දාගමනයෙ මා දකින ඉතාමත් වැදගත් කරුනක් වන්නේ එදා මිහිඳු හිමියන් දෙසූ ධර්ම ස්කන්දයයි. එදා උන් වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් පටන්ගෙන, පේත වත්ථු විමාන වත්ථු , බාල පණ්ඩිත ආදී සූත්‍ර තුලින් කල ධර්ම දේශනා මගින් දහස් ගනනක් අපේ මිනිසුන් මගඵල ලද බව තහවුරු වේ.

    එම සූත්‍රම ජීවමානව අදත් වැඩ සිටියත්, ඒ පරපුරේ අපි ජීවත්ව සිටියත්, මගඵල ලබන්නන් දුලබ ඇයිදැයි වැටහේද?
    කේ ගේ මෙම ලිපියෙන් වුවත් අන් බොහෝ තැන්වල ඇති මූලාශ්‍ර තුලින් වුවත් එදා මිහිඳු මා හිමියන් එම සූත්‍ර සජ්ජායනා කළ බවක් නොකියැවේ. උන් වහන්සේ ඒ ඇසුරින් දම් දෙසා ඇත. එසේනම් වෙනස එතැනද?

    ධර්මය අකාලික බව අපි පිළිගනිමු. එදා මිනිසුන් මග ඵලයට ඔසවා තැබූ සූත්‍රය අද අක්‍රමන්‍ය වීමක් සිදු විය හැකිද? වරද භාවිතයෙහි නම් එය නිවැරදි කර නොගන්නේ ඇයි?

    මිහිඳු මා හිමි වැඩි ගමන වටනේ ඉන් උන් වහන්සේ තවත් ජාතියකට ආලෝකය ලබා දුන් නිසාවෙනි. අප එම ආලෝකය නොදල්වා එදා උන් වහන්සේ ආලෝකය දුන්නා යැයි කියමින් උන් වහන්සේට වඳිමින් සිටීමක්ද මේ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබට පින්, සිතුවිළි !

      පොසොන් මාසය සමග සත් සතිය ගැලපීම සිදු නොවන්නේ අද වෙසෙන ගිහි-පැවිදි පඬි වරු පොසොන් යනු මාසයක් ලෙස නොසළකන නිසයි. මේ අය සිතන්නේ පොසොන් යනු ජූනි මාසයට කවුරු හෝ හදා ගත් සිංහල වචනය බවයි. කවුරු හෝ කොතැනක හෝ 'මාර පරාජය සිදු වුනේ වෙසක් දිනයේ' බවත්, 'මාර දූන් පරාජය කෙරුනේ පොසොන් පෝ දිනයේ' බවත් සඳහන් කළොත් පමණි මේ අයට එය සිහි වෙන්නේ.

      මගපල ලබන්නන් දුලබ වීමට හේතුව, අපේ සිතුවිළි (එනම් චින්තන ක්‍රමය) වෙනස් වීම (බටහිරකරණය වීම) බව අපේ අදහසයි. අපි ජාතියක් ලෙස තවදුරටත් සිතන්නේ චතුස්කෝටිකය තුල නොවේ. මිහිඳු මාහිමියන් තිස්ස නිරිඳුගෙන් අසන පැන වලින් කෙරෙන්නේ චතුස්කෝටිකය අවබෝධ කර ගැනීමට සමත් චින්තන ලීලාවක් අප සතුව ඇත්දැයි පරීක්‍ෂා කිරීමයි. ද්විකෝටිකය තුල ජීවත් වන ජනතාවකට බුදුදහම හඳුනාගෙන මගපල ලැබිය නොහැකි බව අපේ නිගමනය වේ. රාත්‍රියට ගොක් කොළ සිහිනෙන් දකිමින් සිටින එලිසබෙත් මහා රාජිණිය වෙතට අද මහරහතන් වහන්සේ කෙනෙක් අහසින් වැඩම කර "ඔබ තුමිය මරණින් මතු `නච සෝ නච අඤ්ඤො` වෙයි" කියා දේශනා කළොත් ඈ "go to hell !" කියා පිළිතුරු දෙනු ඇත.

      අප දකින පරිදි, අද කළ යුතු වැදගත්ම කාරිය ජාතියක් ලෙස අපේ චින්තන ක්‍රමය වෙත නැවත සමීක්‍ෂණයක් කර එය නිවැරදි අතට වෙනස් කර ගැනීමයි. මේ බ්ලොග් අඩවියේ එක අරමුණක් එය වෙයි. අප මේ දහම ගැන කිසියම් අවබෝධයකින් සිටියිනම් ඊට හේතුව සවිඥානිකව අප තුලම ඇති කර ගත් චින්තන වෙනසයි.

      අප ජාතියක් ලෙස ඒ චින්තන වෙනස කරා යයි නම් අනුබුදු මිහිඳු මාහිමියන්ට නියම කෘතගුණ දැක්වූවා වේ.

      Delete
    2. සිතුවිලි
      ඔබ ලබා දුන්නාවූ පිළිම වහන්සේලා ගැන කියන්න යමක් ඉතුරුව නැද්ද? එසේත් නැතිනම් අපරාදේ කියලා හිතුනද? මට ඒ ගැන දැනගන්න හිතුනා හිමිකරුගෙන්.

      Delete
    3. සිතුවිළිJune 26, 2013 at 2:40 PM

      කේ හා ජෝසප් අතර සාකච්චාව බොහෝම දැනුමින් සාරයි, මෙවන් සාකච්චා දකින්නට බොහෝදෙනා මෙහි පැමිණෙත්වා!

      කේගේ නැවත පැහැදිලි කිරීම් වලදී ඔහු මහා වංශය ඇසුරින් පැහැදිලි කරනවා මහින්දාගමනයෙන් දින කිහිපයක් තුල පැවිදි උප සම්පදාව ලැබූ 56 නමක් සිංහල මහ රහතුන් වහන්සේලා ගැන. මේ අදටත් ජීවමාන ධර්ම රත්නයෙහි ආනුභාවයයි

      මිහිඳු මා හිමියන් ධර්ම දෙශනාවට මූලාශ්‍රකොටගත් සූත්‍ර දේශනා කිසිවක් රහසක් නොවෙයි. (පෙර බුදු වරුන්ගේ ස්පර්ශය ලැබූවායැයි මිහිඳු හිමියන් දැක්වූ තැන් ජෝසප් කියා ඇති 1,3 හා 4 ලෙස තවම සොයාගෙන නැති අරුමයන් නොවෙයි )

      ඉන් ගත හැකි තවත් අරුතක් ඇතැයි සිතේ එනම් මිහිඳු හිමියන් පෙන්වා වදාල පෙර බුදු වරුන්ගේ පහස ලැබූ තැන් පිළිබඳ දැනුම රකිනවාට වැඩි උනන්දුවකින් අපේ මුතුන් මිත්තන් ධර්ම රත්නය රැක ඇත.
      ඉදින් අප මිහිඳු මා හිමියන්ට කරනා වූ මහා ගෞරවයක් කොට මෙහි අළුත් ලිපියක් ලෙස ගෙන මිහිඳු හිමියන් මූලාශ්‍ර කොට ගත් එක් සූත්‍ර ධර්මයක් ගැඹුරින් විමසා බලමුද?

      වෙනදා මෙහි පැමිණෙන අනෙක් මිතුරන් තවම නිහඬ මන්දැයි කියාත් විමසා බලමු.

      එසේම මෙහි පැමින මෙම ලිපි හා අදහස් කියවන සියළු දෙනාගේන් මෙම ලිපි සපයන අප අදෘශ මිතුරු කේ හා බොහෝ කොට සාකච්චාවන්හි යෙදෙන සියල්ලන් දිරිමත් කිරීම පිණිස කෙටියෙන් හෝ සටහනක් තබා යන ලෙස මා කාරුනිකව ආරාධනා කර සිටිමි.

      Delete
    4. සිතුවිළිJune 26, 2013 at 2:50 PM

      බිංදු,
      ඔබට මා දුන් පින්තූර කිහිපයෙන් ඔබ මනා විමර්ශනයක් කොට එම ස්ථානය පිළිබඳ ඉතා හොඳ පින්තූර ලිපියක් ඵලකොට තිබෙනවා දුටුවා.

      ඇත්තෙන්ම ඒ ගැන සතුටුයි, දැන් එය පැහැදිලිවම ඔබගේ නිර්මානාත්මක පල කිරීමකි. මා එයට දායකත්වයක් සපයා ඇතුවා පමණි.
      තවත් හැකිවිට ඔබට එලෙස දායකත්වය සපයන්නම්.
      ඔබගේ එම බ්ලොග් අඩවිය විශාල පුණ්‍ය කර්මයක් ලෙසයි මා දකින්නේ, මෙලෙස එය වැඩි දියුනු වීම තුල එය ඉගෙන ගන්නා සිසුනට විශේශයෙන් දහම් පාසැල් සිසුනට ඉතා වටිනා එකතුවක් බවට පත් වේවි.
      මාහට හැකි අයුරින් ඔබගේ බ්ලොග් අඩවිය සඳහාද ප්‍රචාරය ලබා දෙන්නම්.

      Delete
    5. දිරිගැන්වීම පිළිබද ස්තුතියි ! ඔබට‍ බොහෝම පිං ! මෙය මාගේ ජීවිතය හා සමානයි වගේ දැනෙනවා. මා කරන ක්‍රියාවෙන් තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් කියන්නේ මට ඉන් එහාට සැනසෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ, මෙය ඉතාමත් ප්‍රමාණවත් දෙනෙත් පියෙන මොහොතට යැයි මට සිතේ.
      දෙතිස් කථා තුලින් මිතුරු සැම දෙනා එක්ව කරනා කථා බහ නිහඩව මා රස විදින අතර දැනුමට ගොඩක් දේ නතු කර ගන්නවා. නමුත් මේ තර්ක විතර්ක සමග ගැටෙන්න මට අපහසුයි. මක් නිසාද යත් ඉතාමත් ගැඹුරු ධර්ම කාරණා විග්‍රහ කරන බැවින්ය.ඔබ සියළු දෙනාටම මේ පොසොන් සඳ බැස යන්න කලින් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රර්ථනා කිරීම මාගේ යුතුකමකි.

      Delete
    6. සිතුවිළිJune 27, 2013 at 9:25 AM

      මිතුර බිංදු,
      ඔබ ධර්ම සාකච්චා ගැන කියන මතයටනම් මම පෞද්ගලිකව එකඟ වෙන්නේ නැහැ. මොකද, අපි කිසිවෙකුත් ධර්මාව බෝධය ලද්දන් නොවන නිසා. එසේම දහම ගැන යමක් සාකච්චා කිරීමට ඔබ ත්‍රිපිටකය කට පාඩම් කළ කෙනෙකු වීම අවශ්‍ය වන්නේත් නැහැ. අවශ්‍ය වන්නේ එකම දෙයයි එනම් ඉතා කුඩා එක් ධර්ම පාටයක් හෝ එකඟ වූ සිතින් ගැඹුරින් තනිවම විමසා බලා තිබීම පමණයි. ඒ තුලින් ඔබට යම් අවබෝධයක් ලැබුනා නම් ඒ ගැන කථා කිරීමට මැලි විය යුතු නැහැ. අන් අයගේ දායකත්වයෙන් එය වැඩි දියුනු වීමක් මිස හානියක් වෙන්නේ නැහැ.
      ඔබ වටහා ගත් දෙය ඇත්තේ නිවැරදි තැනකනම් ඔබ තව කොතෙක් දහම විමසුවත් ඔබට පරස්පරයක් සොයා ගත නොහැකි වේවි. එය හොඳ මිනුම් දණ්ඩක්.
      හැකි පමණින් ඔබ වටහාගත් දහම ගැන සාකච්චා කරන්න. එහි හරි හෝ වැරදි ගැන වෙහෙසෙන්න එපා. වැරදිනම් නිවැරදි කිරීමට තරම් මිතුරන් ලැබීමට අප වාසනා වන්තයි.
      කලයුත්තේ සාකච්චා කිරීමමයි.

      Delete
    7. @ සිතුවිළි: අද මගඵලලාබීන් බිහි නොවීමට හේතු වශයෙන් කේ දක්වා ඇති කරුණු ගැටළු සහගතය. ද්වීකෝටික තර්කන හැකියාව හෝ බටහිර අධ්‍යාපන දැනුම හෝ කිසිත් නොලද සතිපතා සිල් ගන්නා ගැමි උපාසක අම්මලා හෝ මගඵල ලබා නැත. අපගේ වැටහීමේ හැටියට පෙනෙන දෙයක් තිබේ. සාමාන්‍යයෙන් බුදුවරයෙකු පහළ වන සමයේ විශාල පිරිසක් සත්‍යාවබෝධ කෙරෙති. ඒ, පෙර බුදු සසුන්හි පෙරුම් පුරා (හෙවත් උත්සාහ කර) මගඵල නොලද පිරිස් කර්මානුරූපව බුදුවරයෙකු පහල වන කල උපත ලබන හෙයිනි. පාරමී සපුරා ඇති එවැන්නෝ එක බන පදයකින් එක කමටහනකින් වුව මගඵල ලබති. බුදුසසුන ඇති කල්හි බණ අසා (පාරමිතා වැඩී නොමැති) මගඵල නොලැබූ පිරිස නැවත සුගතියෙක (මනු ලොව) ඉපදී නම් දහම ලැබ ඒ අයද මගඵල ලබති. මිහිඳු හිමි සිරිලක බුදුසසුන පිහිටවූ පසු මහඵල ලද ඇතැම් පිරිස් එලෙස බුදුන් දවස දඹදිව සිටි අය බව අසා ඇත. මෙලෙස කලක් ගත වෙද්දී ශ්‍රද්ධාව හා ප්‍රඥාව අවැසි පමණට වැඩී (හෙවත් පාරමිතා සපිරී) තිබු පිරිස් සත්‍යාවබෝධ කර අහවර වූ පසු සෙස්සන්ට ඒ මගඵල ලැබීම අපහසු කාලයක් උදා වේ. එම කාලයට අනුරූපව ඊටම සරිලන ලෙස සිත තුල තණ්හාව වඩවන තාක්ෂනය, අප සසරටම බැඳ තබන ජනමාධ්‍ය, පරලොවක් කර්ම ඵලයක් නිවනක් ගැන ඇති ශ්‍රද්ධාව හීන හෝ නැති කරවන අධ්‍යාපන ක්‍රමය ආදියද බිහිව තිබේ. මේ සටහනේ අරමුණ කවරෙක් හෝ නිවන් පිණිස වෙහෙසේනම් පාරමිතා මදි ආදිය දක්වමින් එවැන්නන් අධෛර්යමත් කිරීම නොවේ. පාරමිතා කෙතෙක් සපිරී ඇති දැයි අප නොදන්නා බැවින් කළ යුත්තේ උත්සාහ කිරීම වන අතර ඉන් ඵලයක් අදම නොලදී නම් එයම පාරමිතාවක් වී පසු බවයක හෝ මගඵල ලැබීමට ඒ හේතු වනු ඇත. ද්වීකෝටික සිතුවිළි රටාව තුල ඇලීම්-ගැටීම් (උපාදානය) වැඩිය. චතුස්කෝටික සිතුවිලි රටාව තුල ඇලීම්-ගැටීම් (උපාදානය) අඩුය. මේ හැර චතුස්කොටිකයට නිවන් පිණිස කල හැකි අන් යමක් මම නොදකිමි. නිවනේදී සියල්ල අත හැරී යා යුතුය. මුටසීව රජුගේ මළගම තෙක් ලංකාගමනය ප්‍රමාද කරන ෂඩ් අභිඥාලාභී මිහිඳු හිමි තිස්ස රජු, රටවැසියන් හා ඔවුන්ගේ සංස්කෘතිය ගැන මනාව දන සිටි බවත් උන්වහන්සේ එම පැන විමසන්නේ රජු හෝ ජනයා ගැන දැන ගැනීමට නොව වෙනත් කරුණක් උදෙසා බව අපගේ අනුමානයයි.

      Delete
    8. සිතුවිළිJune 27, 2013 at 12:26 PM

      මිතුර SiTh,
      ඔබගේ අදහස හා එක්වීමට නොහැකි කරුනු කිහිපයක් දුටිමි.
      උපාසකම්මලා ගේ චින්තනය ද්විකොටිකයට පටු වීමට බටහිර විද්‍යාව ඍජුව බලපා නැතුවා විය හැක. එහෙත් ඔවුන් තුළ කෙලෙස් වඩවන නොයෙකුත් දහම් ඔවුන් වටේ වෙති. ටෙලි නාට්‍යයම වුවත් එයට හොඳින්ම සෑහේ. පැනයක් විමසීමේදි ඇතත් නොවේ නැතත් නොවේ කියා විමසීම කොතෙක් දෙනාට ගෝචර වනු ඇතිද. එය බහුතරයකගෙන් ගිලිහී ගොස් ඇතැයි කේ කරනා අනුමානය නිවැරදි යැයි මා සිතමි.
      එදා මග ඵල ලැබීමටත් අද හිඟ වීමටත් ඔබ දක්වා ඇති හේතූන් නිවැරදි විය හැක. එහෙත් මා එය එසේ පිළිගැන්මට මැලි වෙමි. සසරක් පුරා පාරමී නොපිරුවද. කෙනෙකුට වීර්‍ය වඩා එහි පිවිසිය හැකි විය යුතුය. අවබෝධයට සරිලන බුද්ධිය ඇත්තෝ කොතෙකුත් වෙති. බුද්ධිය පිහිටා නැත්තවුන්ට ඔබගේ තර්කය නිවැරදි විය හැකිය.
      දහම විමසීම පසෙක තබා, දහම සජ්ජායනා කරන අප දහමෙහි ඵල නැති විට අද එයට කාලය නොවේයැයි පහසුවෙන් මිත්‍යාව වැලඳ ගනිති. සජ්ජායනාවෙහි ඵලයක් නැතැයි මා නොකියමි. එහෙත් සජ්ජායනාවෙහි ඵලය අබැටක්නම් විමසීමෙහි ඵලය මහා මේරුවකි. අප ලැබේදැයි විශ්වාස නැති අබ ඇටය පතා මහා මේරුව හැර දමන මුග්දයන් පිරිසකි.
      වරද සාධාරනීකරණය කිරීම පසෙක ලා දැන්වත් අප වරද පිළිගෙන නිවැරදි විය යුතු නොවේද?

      Delete
    9. 'අද මගඵලලාබීන් බිහි නොවීමට හේතු' නොව එදා මගඵලලාබීන් බිහි වීමට හේතුයි වඩා වැදගත් වන්නේ. මේ කරුණ සාකච්ඡා කිරීමට ඇසල පෝය ඉතාම යෝග්‍යයි. අපි මෙය එහිදී සාකච්ඡා කරමු.

      Delete
    10. සිතුවිළිJune 29, 2013 at 7:57 AM

      කේ එදා මගඵල ලාබීන් බිහි වීමටත් අද එසේ නොවීමටත් හේතු එකම කාසියේ දෙපැත්ත සේ මම දකිමි.
      එය සාකච්චා කිරීමෙහි සුදුසු අවස්තාව ඇසළ මසයැයි ඔබ නිගමනය කරනවානම් අපි එසේ කරමු.

      Delete
    11. මෙන්න මිතුරනි, ප්‍රථම 100 වෙනි ප්‍රතිචාරය ! තව තවත් 100 ජයග්‍රාහී වෙනි ප්‍රතිචාර ලැබේවා !!

      සිතුවිළි හා K,

      "එදා මගඵල ලාබීන් බිහි වීමටත් අද එසේ නොවීමටත් හේතු" ගැන සාකච්චාව අරඹන්න.

      Delete
  6. කේ ට දෙන බවට කී විස්තරය පමා වීම ගැන අපගේ කණගාටුව. කේ සිතුවිළි හා Joseph දක්වන ලද ඇතැම් සටහන් වලට ප්‍රතිචාර අප එම පිටුවල දක්වා ඇත. ඒ, ඔබසැම අපගේ ප්‍රතිචාරයන් අපේක්ෂාවෙන් සිටිතැයි අප සිතු නිසා නොව බිසී නැති දවසක් මට උදා වූ බැවිනි. එම සටහන් වලට ප්‍රතිචාරයක් වේ නම් ඒ, මෙම පිටුවේ පල කිරීම කාගේත් පහසුව පිණිස වේයැයි සිතමි.

    ReplyDelete
  7. චතුස්කෝටික ගැන සටහනක් ===> http://katha32.blogspot.com/2013/05/vesak-poya.html?showComment=1372294638447#c952860594555195869

    ReplyDelete
  8. සීලබ්බත පරාමාස ගැන සටහනක් ===>
    http://katha32.blogspot.com/2013/05/vesak-poya.html?showComment=1372295384805#c6282379162041752055

    ReplyDelete
  9. ගිනි තියා ගැනීම ගැන සටහනක් ===> http://katha32.blogspot.com/2013/05/sathwa-vibhushana.html?showComment=1372300282712#c7831559458786360014

    ReplyDelete
  10. cnews ගැන සටහනක් ===> http://katha32.blogspot.com/2013/05/vesak-poya.html?showComment=1372298636212#c3806026468732823765

    ReplyDelete
  11. සුන්දරිය සහ තිරිසනා ගැන සටහනක් ===> http://katha32.blogspot.com/2013/06/beauty-n-beast.html?showComment=1372301001999#c3194122084106465885

    ReplyDelete
    Replies
    1. ඔබලාට හරි අපූරු චින්තන හැකියාවක් ඇති බවයි පෙනී යන්නේ. SiTh පෙන්වා දෙන කතාව බොහෝ කරුණු කෙරේ සාධාරණ බව කිව හැකියි. සරල උදාහරණයක් දෙමි. අප කුඩා කාලයේ පාචනය සැදුනු දරුවන්ට 'ජීවනී' සහ, බැදි හාල් කැඳ, තැඹිලි වතුර සහ තවත් නොයෙක් දියර වර්ග දීමට පොළඹවන රුපවාහිනි දැන්වීමක් ප්‍රචාරය විය. මේ දේවල් සාම්ප්‍රදායික දැනුම අනුව අපේ ගම් වල එදත් පැවති දෙයකි. එසේනම් වියදම් කරගෙන දැන්වීම් දැමීමට සිදු වූයේ ඇයි?

      හේතුව ඊට ටික කලකට පෙර බටහිර වෛද්‍ය විද්‍යාව විසින්ම මේවා දීම 'මිත්‍යා' බව කියා දියර නොදී සිටීමට මව්පියන් පෙළඹවූ ප්‍රචාරණ ක්‍රමයක් පැවතීම බව පසු කාලීනව කියවීමි. මෙහි හරි වරද වෛද්‍ය විද්‍යාත්මකව කීමට අපට හැකියාවක් නොපවතී.

      කෙසේ වෙතත් මේ එකම උදාහරණය නොවේ. මහවැලි ව්‍යාපාරය යටතේ කුදු-මහත් වැව් දහස් ගණනක බැමි කපා දැමීම ඉතාම විනාශකාරී උදාහරණයකි. රජරට වකුගඩු රෝගය හා මෙහි සම්බන්ධයක් ඇති බව මා තවමත් අදහමි.

      ගොවිතැන සම්බන්ද බොහෝ කෙම් ක්‍රම, සිංහල වෙදකම ආශ්‍රිත ඇදහිලි ආදිය තවත් උදාහරණ වේ.

      Delete
  12. පොත් ගැන සටහනක් ===> http://katha32.blogspot.com/2013/06/ama-pan.html?showComment=1372300826141#c4544009258578110903

    ReplyDelete
    Replies
    1. 1. මහාවංශය - මේසය මත දැනුත් ඇත.
      2. පන්සිය පනස් ජාතකය - වෙසක් මාසය තෙක් වසර ගණනක් මා සතුව පැවතිණි. මුළුමනින්ම කියවා ඇත.
      3. උම්මග්ග ජාතකය - සම්පුර්ණ පොත නොව කොටස් අඩු ඉතා පැරණි පොතක් අප සතුව වෙයි. එහෙත් සම්පුර්ණ පොත පුස්තකාලයෙන් කියවා ඇත.
      මිලින්ද ප්‍රශ්නය - පුස්තකාලයෙන් ලබාගෙන තැන් තැන් වලින් කියවා ඇත.
      විසුද්ධි මග්ගය - කියවා නැත.

      SiTh,

      කී දෙනෙක් මේවා කියවයිද යනු ඇත්ත වශයෙන්ම සැක සහිතය. ඒ බව පන්සියපනස් ජාතක පොත තුලින් අත්දැකීමෙන් දිටිමි. මේ පොත අප විසින් මිලදී ගන්නා ලද්දේම ධර්ම දානය පිණිසමයි. එහෙත් එය අප සතුව පැවති වසර ගණනට සම්පුර්ණයෙන් කියෙවුවේ අපම පමණයි. දැන් එය සාංඝික කර දුන් පසු කවුරු කියවත්දැයි නොදනිමි. එයයි තත්වය. බොහෝ දෙනෙක් කන් දෙකෙන් වැඩ ගෙන පුරුදු ය. එක කණකින් අසා අනෙක් කණින් පිට කරයි. කන් සිදුරු දෙක අතර පිහිටි මොළය වැඩ නොකරයි. අද බොහෝ අය බලාපොරොත්තු වන්නේ එවැනි පොත්ය. කියවා සිතීමට පෙළඹෙන්නේ ඒ සම්බන්ධ විභාගයක් ඇත්නම් පමණි.

      මේ තත්වය යටතේ මේ පරිත්‍යාගය ගැන අපගේත් සැකයක් ඇති නිසාමයි ඔබලාගේ අදහස් විමසන්නේ. මෙතෙක් දුන් අදහස් වලට පින්.

      බොහෝ විට මෙය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 30 අතර දිනයක සිදු වේවි. වැඩි විස්තර වරින් වර ඉදිරිපත් කරන්නම්.

      Delete
    2. SiTh,
      ඔබට පිළිතුරක් එතැන දුනිමි.

      Delete
    3. පොත් ගැන ප්‍රතිචාර කවුරුත් පාහේ එම ලිපියේම දමා ඇති බැවින් අපිදු එසේම කෙළෙමු.

      Delete
  13. ගණින්නාන්සේ ලා ගැන සටහනක් ===> http://katha32.blogspot.com/2013/05/vesak-poya.html?showComment=1372300066849#c8036836079742556468

    ReplyDelete
    Replies
    1. SiTh,
      Hits = IP වීම විය නොහැක. මේ ගණන Blogger විසින් ගණනය කෙරෙන page loads ගණනයි. එනම්, ඔබ අවම වශයෙන් අද දැමූ ප්‍රතිචාර ගණනටවත් එම සංඛ්‍යාව ඉහල දැමීමට දායක වී ඇත.

      ගනින්නාන්සේ ගැන කියතොත්,
      මේ සන්ධර්භය අනුව ඉහල හෝ පහල අරුතක් දිය හැකි පදයකි. ව්‍යාකරණ අනුව නම් මේ ගෞරවාර්ථ පදයකි - එනම්, ආඛ්‍යාතය බහු වචනයෙන් තැබිය යුතු වේ. දුස්සීල මහණුන් ගැන කියන විට ගනින්නාන්සේ ද පූජනීය වන අතර සිල්වත් මහණුන් සමග සංසන්දනය කරන විට පහල මට්ටමකින් තැබේ. රකිනා නිත්‍ය සීලයක් තිබීම නොතිබීම කෙසේ වෙතත් උපසම්පදාවක් (එනම්, සාම්ප්‍රදායික පිළිගැනීමක්) නොමැති බැවිනි. ගනින්නාන්සේ යන පදය දුස්සීල මහණුන් හැඳින්වීම පිණිස භාවිතා කිරීම නම් අපහාසයකි.

      චීවරධාරියා යන පදය ගැන ඔබ දෙදෙනා දක්වන අදහසටත් එකඟ විය හැකියි.

      Delete
  14. @ කේ: යෝජනාවක්: හැකියාවක් ඇතොත් මුල් පිටුවේ (වෙසෙසින් දිගවැඩි) ලිපිවල මුල් ඡේදයත් කොමෙන්ටු ගණනත් පෙනෙන ලෙස සහ වැඩිදුර කියවීමට එබීමටත් ලෙස සකස් කළ හැකිද?

    @කේ: "ගවයන් කෙරේ ආලයෙන් පෙළුණු මේ ස්වාමින් වහන්සේ ගවයන් වෙනුවෙන් දිවි පුදා ගව සංඥාවෙන් මිය ගව දෙනක කුස උපත ලබන්නට ඇත." ප්‍රශ්නය: උපාදානය නිසා භවය වේ. අපායක් ගැන මෙලෝ දෙයක් නොදත් කෙනෙකුට අපායේ කිසි දෙයක් උපාදානය වී තිබිය නොහැක. එහෙත් පවු කළෝ අපාගත වෙති. මෙලෙස කෙනෙකු (ගිනි ලෝදිය ඇති) අපායන්හි ඉපදීම පැහැදිලි කරන්නේ කෙසේද? චුති සිතට කුමක් අරමුණු වී එසේ ඉපදේද?

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJune 27, 2013 at 10:02 AM

      මිතුර සිත්,
      පටිච්ච සමුප්පාද පාලිය,
      අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාන, විඤ්ඤාන පච්චයා නාමරූප, නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා,තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති,
      ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති. ඒව මේතස්ස කේවලස්ස දුඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

      ඔබ අසන පැනයට යමෙකු පිලි තුරක් දුනහොත් එය පටැලැවීමක් වීමට ඇති ඉඩ බොහෝය. උපාදානය නිසා භවය හට ගන්නා බව කියන බුද්ධ දේශනාව ඉහත ආකාරවේ. එය හැකි පමණ ස්වයංව පහදා ගැනීමට වෙහෙසේන්න. ඔබගේ පැනයට නිවැරදිම පිළිතුර මෙහි වේ.
      එක් දෙයක් මා දන්නා හැටියට පහදන්නම්.
      එනම් මෙහි "භව" යනු පුණර්භවය ලෙස සලකන්න එපා මෙහි "භව" යන්නේහි අරුත බොහෝ දුරට පැවත්ම (ස්ථාවර ) වැන්නකි. අනෙක් උපත ගැන මෙහි කියැවෙන්නේ ජාති වශයෙනි ජාති යනු උපතයි.

      Delete
    2. SiTh,

      ඔබේ යෝජනාව සළකා බලන බව කරුණාවෙන් දන්වමි.
      ---

      "ගවයන් කෙරේ ආලයෙන් ..."
      ඔබ උපුටා දක්වන අපේ ප්‍රකාශය තහවුරු කිරීමේ හැකියාවක් අප සතුව නොමැති බව පැහැදිළි යැයි සිතමි. එසේද වුවත්, ඔබේ ප්‍රශ්නයේ වැරද්දක් ඇති බව පෙන්වා දෙමි. ඔබ භවය හා ජාතිය එකක් ලෙස සළකා ප්‍රශ්නය අසන බව පෙනේ. උපාදානය හේතුවෙන් භවය ඇති වේ. භවය හේතුවෙන් ජාතිය ඇති වේ. ජාතිය හේතුවෙන් ඉතිරි සියලු දේ ඇති වේ.

      දැන් ඔබ අපාගත වීම ලෙස හඳුන්වන්නේ අපායේ 'ජාතිය' ඇති වීමයි. නැතිනම් අපාය තුල ජාතක වීමයි. ජාතිය ඇති වන්නේ භවය නිසාය. මා තේරුම් ගෙන ඇති අයුරින් නම්, භවය යනු ප්‍රවාහයකි. ගංගාවක් වැනිය. එය එක තැනකින් බිඳුනොත් වෙනත් තැනකින් නැවත ඇරඹේ. දිය ඇල්ලක් වැනිය. එතැන් සිට නැවත ගලා යයි. (මෙහිදී පහලට වැටෙන / කඩා හැලෙන කොටස නොසළකා හරිමු - මේ උපමාවකි, සදෘශයක් නොවේ.) ජාතිය යනු අර දිය ඇල්ල වැටුණු තැනින් නැවත ප්‍රවාහය ඇරඹීමයි.

      දැන් මෙහි උපාදානය කුමක්ද?

      ප්‍රවාහය ගලන්නේ කැඩී යාමට පසුව ඊළඟට හමු වන දෙයක් අල්ලාගෙන නොවේ. ප්‍රවාහය ගලන්නේ (ඉතාම සරල නිවුටෝනිය භෞතිකය තුල පැහැදිලි කළොත්) ගුරුත්වාකර්ෂණය හේතුවෙනි. උපාදානය එයයි. මීට අමතරව බොහෝ කරුණු ප්‍රවාහයට බලපාන නමුත් උපමාවට වැදගත් නොවේ.

      මේ උපමාව ඔබේ ප්‍රශ්නයට ගලපා බලමු.

      කෙනෙකුගේ මරණයක් යනු ප්‍රවාහය බිඳෙන ස්ථානයයි. ප්‍රවාහයේ වේගය, ප්‍රමාණය (ධාරිතාව), උස ආදී භෞතික සාධක අනුව දෙවනුව ප්‍රවාහය ඇරඹෙන තැන තීරණය වේ. ඒ අයුරින්ම, මැරෙන කෙනා ගේ ජාතිය තීරණය වන්නේ භවයේ ඒ මොහොතේ තත්වය මතයි. උපාදානය විසින් කරන්නේ භවය සෑදීම මිස ජාතිය තීරණය කිරීම නොවෙයි. හොඳයි, ගුරුත්වය හදිසියේ ශුන්‍ය වුනොත් ?

      මා සිතන්නේ ප්‍රවාහය නැවතිය යුතු බවයි. එනම් උපාදානය බිඳීමෙන් භවය නැති වේ. භවය නැති වූ කළ ජාතිය නැත. (ගුරුත්වාකර්ෂණය ශුන්‍ය වන්නේ ප්‍රවාහය බිඳෙන අවස්ථාවේ ද, ඊට පෙරද යන්න ගැටළුවක් කරගෙන තර්ක කළ හැකිය. එහෙත් එතරම් දුර යාම අවශ්‍ය යැයි නොසිතමි.)

      මේ සියලු දෙයින් අප පෙන්වා දීමට උත්සාහ ගත්තේ අපායේ උපත ලැබීමට අපාය ගැන දැන සිටීම අවශ්‍ය නොවන බවයි. වෙනත් වචන වලින් කිවහොත් අපාය කෙරේ උපාදානයක් ඇති කර ගැනීම කියා දෙයක් නැත. අප උපාදානය කර ගන්නේ මේ ලෝකයේ දේය. ඒ අනුව භවය සකස් වේ. භවය අපට ජාතියක් නිර්මාණය කර දෙයි.

      මීට පිළිතුර එපමණයි. "චුති සිතට කුමක් අරමුණු වී එසේ ඉපදේද?" යන්නට පිළිතුරු නොදෙන්නේ අප අභිධර්මය ගැන කතා කිරීමට සුදුසුකම් සපුරා ඇතැයි නොසිතන බැවිණි.

      Delete
    3. සිතුවිළිJune 28, 2013 at 9:47 AM

      කේ, ඔබගේ අනගි පැහැදිලි කිරීමෙහි හැකියාව ගැන මා සතුටු වෙමි. ඔබ එය පැහැදිලි කර ඇති අයුර මාගේ වටහා ගැනීම හා සමපාතවේ. එහෙත් එය ගැටළුවක් ජනිත නොවනා අයුරින් පහදා දීමනම් මා හට කිසිසේත්ම කළ නොහැක්කකි.
      උපාදානය නිසා භවයත් , භවය නිසා ජාතියත් හට ගැන්ම තේරුම් ගත් කල්හී චුති සිතට කුමක් අරමුණු වීමෙන් අපායෙහි ජාතිය හට ගන්නවාදැයි ඇසීම පලක් නැති දෙයක්දෝහෝයි සිතේ.
      තව දුරටත් උපාදානය යන පදයද තැන් දෙකකදී දෙ අරුතක් දී ඇති බවක් මා අසා ඇත එයද පහදා ගැනීම වැදගත් වේ යැයි සිතමි.

      අප පොදුවේ උපාදානය යන්නෙහි අරුත ලෙස ගන්නේ ග්‍රහනය කොට ගැනීම යන ලෙසිනි.
      එය වැරදි නැත, එනම් අප පංචස්කන්ධය උපාදානය කිරීම නිසා භවය තනා ගැනීම සිදු වේ.
      එහෙත් මා අසා ඇති එක් කථාවක බුදු රදුන් හා බමුණු ඵ්‍රාඥයෙකු අතර සිදු වූ හරවත් සාකච්චාවකදී එම බමුණා විසින් ගින්නක් පැවතීමේදී ගින්නෙන් මිදුනු ගිනි දළු දැල්වෙමින් ඉවතට යන බවත්, එසේ ගින්නෙහි මුලින් වෙන් උනු ගිනි දළු කුමක් උපාදානය කොට පවතීදැයි බුදු රදුන්ගෙන් විමසා ඇත.
      එහිදී බුදු රදුන් පිළිතුරු දී ඇත්තේ වාතයම උපාදානයකොට පවතින බවකි.
      මෙයින් උපාදානයකොට පැවතීම යනු මූලය හෝ හේතුව කොටගෙන පැවතීම යන අරුතක් දේ.
      මේ කථාවත් ඒ ගැන යමකුත් ඔබ කවුරුන් හෝ දන්නවානම් ඒ ගැන පහදන්න.

      Delete
    4. සිතුවිළි,

      නිදහස් චින්තනයක් ඇති අන්‍යාගමිකයෙක් බෞද්ධ කිරීමට මේ පිළිතුර සමත් යැයි මම කියමි. මේ ප්‍රවාහය පිලිබඳ උපමාව මනරම්ය.

      k,

      ලෝක නිර්මාණය පල කළා සේ උපාදාන හේතුවෙන් භව ඇති වන ආකාරය ඉදිරිපත් නොකරන්නේ ඇයි. මේ ඊට කාලයයි.

      Delete
    5. සිතුවිළිJune 29, 2013 at 8:13 AM

      ජෝසප් ඔබ නිවැරදියි.
      කේ සතු පැහැදිලි කිරීමෙහි අනගි හැකියාව ඔහු භාවිත කල යුතුයි.
      ඔහු වැන්නකු නිහඬව නොසිට මෙසේ බ්ලොගයක් ආරම්බ කිරීම සැබැවින්ම හොඳ දෙයක්.
      හැබැයි ඔබගේ ප්‍රශ්නය මා දකින්නේ වෙනත් ලෙසකින්.
      නිදහස් චින්තනයක් ඇති අබෞද්ධයෙකු බෞද්ධ කිරීමට මේ සමත්නම් දහම දකිනා නිදහස් චින්තනය පිළිගන්නා බෞද්ධයෙකු මග පලයකට ඔසවා තැබීමට මෙය අපොහොසත් වන්නේ ඇයි?
      එය එසේ විය හැකිද? එහි යම් අභව්‍ය බවක් නැතිද?

      Delete
    6. බෞද්ධයෙකු මග පලයකට ඔසවා තැබීමට සාපේක්‍ෂව අබෞද්ධයෙකු බෞද්ධ කිරීම සුළු දෙයක්. මගපලයක් තමන් විසින්ම උපදවා ගත යුතුයි. කියන දේ අසා සිට (තර්ක කර හෝ නොකර) පිළිගැනීමෙන් පමණක් එය සිදු නොවේ.

      අනෙක් අතින්, අනෙක් අය ඔසවා තැබීමට හැකි වන්නේ තමා සිටින මට්ටමට මීට ඊට ඉහල මට්ටමකට නොවෙයි. ඒ නිසා පළමුව සිදු විය යුත්තේ තමන් මගපල ලැබීමයි. අනෙක් අය 'ඔසවා තැබීම' ඉන් පසුවයි !

      Delete
    7. @ කේ සහ සිතුවිළි:

      පළමුව ඔබ දුන් පිළිතුරු වලට බෙහෙවින් පින්. පටිච්ච සමුප්පාදය වැනි අතිශය ගැඹුරු දහමක් වැටහෙන්නේ තම තම නැණ පමණටය. 'භවය නිසා ජාතිය වේ' යන්න වැඩුණු ප්‍රඥාව ඇත්තෙකුට ඇසිල්ලෙකින් වැටහුනද මද වූ ප්‍රඥාව ඇත්තෙක් දින ගණනක් විමසුවද සිය නුවණට සුළු හෝ වැටහීමක් ඇති නොවීමටද හැක. ඔබ දුන් පිළිතුරු ගැන නුවණින් විමසීමට අපට තව කල් අවැසි ය. එතෙක්, අප නැගු පැනයේ තාක්ෂණික දොසක් ඔබ විසින් සොයා ගත් බැවින් (just for the record) එම පැනය නිවැරදි කිරීමක් හා වැඩිදුර පැහැදිලි කිරීමක් සහිතව පළ කරමු. (ඔබේ කැමැත්තක් වේ නම් මිස ඒ වෙනුයෙන් යලි පිළිතුරු දීමට කරදර විය යුතු නොවේ.)

      සිය නිවෙසට ආසාවෙන් සිටියෙකු මළ පසු එම නිවසේම ප්‍රේතව ඉපදීමත් නිවැසියන් ඒ බව දැන දන් පින් කිරීමත් ඇතැම් ගැමි පරිසරයෙක දැකිය හැක. මෙවැනි දේ පටිච්ච සමුප්පාදයට අනුව බොහෝ භික්ෂුන් මෙන්ම ගැමි බොදුනුවන් ද ගලපා ගන්නේ උපාදානය නිසා බවයත්, බවය නිසා ජාතියත් යනුවෙනි. මෙහි උපාදානය යනු දැඩිව සිතින් අල්ලා ගැනීම හෙවත් මගේ කර ගැනීමයි. භවය යනු පැවැත්ම හෙවත් යමක් ඇති බවට පවතින බවට තිබෙන බවට ඇති හැගීමයි. [ඔබට (නිතර) මනසට එන දේ ඔබ උපාදානය කරගත් දේ බව මින් අදහස් වේ.] ජාතිය යනු ඉපදීමයි. දැන් සිය නිවෙස උපාදානය කරගත් (හෙවත් දැඩිව මගේ කර මනසින් අල්ලා ගත්) අයෙක් මියෙන මොහොතේ භවය සකස් වනුයේ උපාදානයට අනුව බැවින් නිවෙස සිහි වී හෙවත් චුති සිත නිවාස ආසාව වූ අකුසල සිතට අනුරූපව ගෙවල ප්‍රේතව දුගතියේ උපත ලබයි. මේ දැක්වුයේ බොහෝ ගැමියන් හා ඇතැම් දේශකයන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ එන පොදු පැහැදිලි කිරීමක් වන 'උපාදානය නිසා බවයත්, බවය නිසා ජාතියත්' යන්න යම් නිශ්චිත කරුණක් සමග ගලපන අයුරුයි. මෙය නිවැරදි බවත් ප්‍රේත ලොව උපදින සියළු අවස්ථා මෙම පැහැදිලි කිරීමට අනුකූල බවත් අපගේ අදහසයි. ගිනි තියා ගත් හිමියන්ගේ මතු උපත ගවයා හා සම්බන්ධ කර කේ ලියු ඉහත අප උපුටා දැක්වූ සටහන ද මෙආකාර හේතු-පල සම්බන්ධයක් අනුව යමින් බව අපගේ වැටහීමයි. (ඒ, උපුටා දැක්වුයේ එහෙයිනි.) කෙනෙකු කළ බලවත් හෝ පුරුදු කළ හෝ අකුසලයක් සිහි වීමෙන් අපායෙත් බලවත් හෝ පුරුදු කළ හෝ කුසලයක් සිහි වීමෙන් දෙව් ලොවත් උපදින බව ගැමි බෞද්ධයන්ගේ විශ්වාසයද වේ. මෙය කර්ම නියාමයට අනුව නිවැරදි අදහසෙකි. අප ඇසු පැනය වුයේ එලෙස අපායේ හෝ දෙව් ලොව ඉපදීම යන නිශ්චිත අවස්ථාවක් 'උපාදානය නිසා බවයත්, බවය නිසා ජාතියත්' යන පටිච්ච සමුප්පාදයේ එන පොදු මූලධර්මයට අනුව ගැලපීම පැහැදිලි කරන්නේ කෙසේද යන්නය. මීට පිළිතුරක් නොලැබෙතත් අඩුම තරමින් අප අසන පැනය නිරවුල් හා පැහැදිලි යැයි සිතමි.

      සටහන 1. ඉහත ආකාරයේ ගැටළු ඉදිරිපත් කරනුයේ හුදෙක්ම ඊට පිළිතුරක් දැනට අප සතු නොවන නිසාත්, තතු දත් අයෙකු වේනම්, පිළිතුරක් ලැබීම කාගේත් යහපත පිණිස යැයි අප සිතන නිසාත් මිස කිසිවෙකුගේ දැනුම පිරික්සීමට හෝ අභියෝග කිරීමට හෝ නොවේ.

      සටහන 2. පටිච්ච සමුප්පාදය යනු ගැඹුරු දහමක් සේම තම තම නැණ පමණට වැටහෙන්නකි. හෙවත් කල් යත්ම, වැඩි වැඩියෙන් විමසත්ම මුලින් තේරුණු (හෙවත් නුවණට වැටහුණු) පමණට වඩා (ගැඹුරට) පසුව තේරේ. එමෙන්ම, පටිච්ච සමුප්පාදය විස්තර කෙරෙන විධි එකකට වඩා ඇත. ඉහත දැක්වුයේ එක විදිහක්ය.

      Delete
    8. සිතුවිළිJune 30, 2013 at 12:26 PM

      මිතුර සිත්,
      ඔබ මේ ඔස්සේ කථාව ගෙන යාම මා සිතන්නේ ඉතා යහපත් බවයි. මෙය පණ්ඩිත කම පෙන්වීමට හෝ කෙනෙකු වටහා ගැනීමට ප්‍රඥාවන්ත බව පෙන්වීමට හෝ හෙතුවක් නොවෙයි. මා පටිච්ච සපුප්පාද පාලිය ලියා දැක්වූයේ එය තනිවම පහදා ගැනීම තුලින් පමණක් යමෙකු සුළුවෙන් හෝ අවබෝධයක් ලබනා බව මා පිළිගන්නා නිසාවෙනි.
      එසේම යමෙකුගේ පැහැදිලි කිරීමක් තුල යන විට ඇති වන අවබෝධය අඩු පාඩු සහිතයි.
      උදා හරනයකින් දක්වතොත් ඔබ රථයක් පදවාගෙන මිතුරෙකුගේ ගෙදර යනවායැයි සිතන්න. කිසිදා නොගිය මගෙහි මිතුරා ඉදිරි අසුනේ සිට ඔබට ඔතැනින් දකුණට, ඉස්සරහ පාරෙන් වමට ලෙස මග පෙන්වන විට ඔබ නිවැරදිව හා පහසුවෙන් ඉලක්කයට යනවා. එහෙත් තනිව ආපසු එන විට මෙතැනින් කොහාටදැයි ඔබට ගැටළුවක් ඇති වනවා.
      එහෙත් ඔබ මිතුරාගේ ලිපිනය අතේහි තබාගෙන මග සොයාගෙන මිතුරාගේ නිවසට ගීයානම් එසේ වන්නේ නැහැ.
      දහම අවබෝධයත් එසේයි. තමාම මග සොයාගෙන ගිය තැන් ඔබට අමතක වන්නේ නැහැ. එම අවබෝධය සිතට කිඳා බහිනවා.
      ඔබ කියන අයුරු උපාදානය නිසා භවය හටගන්නේ කෙසේද? භවය නිසා ජාතිය හටගන්නේ කෙසේද යන කරුනු වලට එක එල්ලේ පිළිතුරු දීමට මටනම් නොහැකියි, ඇතැම් විට කේ ඒ සඳහා සමත් කම් දක්වාවි.
      එසේම සංඛාරය නිසා විඤ්ඤානය හට ගන්නා බවත් ,විඤ්ඤානය නිසා නාම රූප හට ගන්නා බවත් නාම රූප නිසා සලායතන හට ගන්නා බවත් පටිච්ච සමුප්පාදය කියනවා.
      එහෙත් පංචස්කන්ධ විභාගය බැලුවහොත් එහිදී රූප වේදනා සංඤා සංඛාර යන සතර ස්ඛන්ධ නිසා විඤ්ඤානය හට ගන්නා බවත් එම විඤ්ඤානයට පෙර පසු නොවී සිත හටගන්නා බවත් කියැවෙනවා.
      මෙන්න මේ දෙක සමපාත කර බැලීමෙන් ඔබට මෙය පහදවා ගැනීම වඩාත් පහසු වේවි.
      මෙහිදී මූලිකවම දැකිය යුතු කාරනයක් වන්නේ එක් එක් අවස්ථාවෙහි උපාදානය කරගන්නා දෙ කුමක්ද යන්නයි.
      අවිද්‍යාව නිසා සංස්කරනය කර්මින්, ඒ නිසා විඤ්ඤාන ගොඩ නගමින් එම විඤ්ඤානය නිසා උපාදානය කර ගන්නේ කුමක්ද, මා සිතන්නේ ඒ පංචස්ඛන්දය කියායි, මේ පංච උපාදාන ස්ඛන්දය නිසා භවය හටගන්නා බවත්, එම භවය නිසාම ජාතිය හටගන්නා බවකුත් මා සිතමි.

      ඔබ අසා ඇති පැනය යොනු වන්නේ ධර්මයෙහි වෙනත් කොටසකටය. එනම් සිත පිළිබඳවවූ අභිධර්ම විමසුමටය. කෙනෙකු යම් අරමුණක් සිතින් උපාදානය කරගත් විට එය චුති සිතට බලපෑමෙන් එය මීලඟ සිතට බලපෑමෙන් ඒ අනුව ජාතිය සකස් වන බවකි.

      ඔබගේ ගැටළුවට ඉතා හොඳ පිළිතුරක් රේරුකානේ චන්දවිමල මා හිමියන්ගේ අභිධර්ම මාර්ගය පොතෙහි 176-177 පිටුවලින් ලබා ගත හැකියැයි සිතමි.

      ඔබට එම පොත් පහත බැඳියෙන් නොමිලයේ බාගත කළ හැක.

      http://www.ogatharana.org/

      Delete
    9. @ සිතුවිළි: ඔබේ පිළිතුරටත් රේරුකානේ හිමියන්ගේ සැඳහුමටත් බෙහෙවින් පින්. තවම හරිහැටි විසඳා නොගත්තේ වුව අපගේ පැනය විසදා ගැනුමට මගක් එහි ඇති සේ දකිමු.

      Delete
    10. සිතුවිළිJuly 2, 2013 at 9:10 PM

      ජෝසප්, පළමුව සමා වන්න,
      ඔබ හරවත් පැනයක් නගා තිබුනද එය මගේ ඇස නොගැටුනි. එය දුටුවේ අදයි එම නිසා වහාම එයට පිළිතුරක් ගොනු කරමි.

      පළමුව ඔබ මතුකරන තර්කය ඉතාම නිවැරදියි. කෙනෙකුට බෞද්ධයෙකු වීමට අවශ්‍ය බුද්ධිය ඉක්මවා අති විශාල බුද්ධ වර්ධනයක් මග පල ලැබීමට අවශ්‍ය විය යුතුයැයි සිතනවා.
      මග ඵලයකට ඔසවා තැබීම යනුවෙන් මා අදහස් කලේ එය යමෙකු විසින් කළ යුතු බවක් නොවෙයි, මා ඉන් අදහස් කළේ එම ධර්ම කාරනා වල ගැබ්ව ඇති ශක්තිය ගැනයි. පුද්ගලවශයෙන් ගතහොත් කිසිවෙකුටත් කිසිවෙකු ඔසවා තැබිය නොහැකියි. ඉහලට නැගීමට අත දීමට පමණක් හැකියි. එහෙත් ධර්මය ඍජුවම ඊට බලය සපයයි.
      අප කිසිවෙකුත් එකිනෙකා ලබා ඇති අවබෝධයේ තරම තවම හරියට දන්නේ නැහැ. එහෙත් යමක් නිවැරදිව පැහැදිළි කිරීමෙහි හැකියාව ලැබීමටනම් ඒ ගැන යම් පමනක හෝ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි.

      Delete
    11. SiTh වෙත:

      "... නිවෙසට ආසාවෙන් සිටියෙකු මළ පසු එම නිවසේම ප්‍රේතව ඉපදීම ..." යනාදී ලෙස ඔබ දක්වා ඇති පැහැදිලි කිරීම ගැන නිරීක්‍ෂණය (එනම් ධර්ම කථිකයන් හා උපාසකයන් එසේ විස්තර කරන බව) ගැන අපට ද එකඟ විය හැක. නිරීක්‍ෂණය සම්බන්ධයෙන් එකඟ වුවත් ඒ පැහැදිලි කිරීම ගැන ගැටළුවක් ඇත.

      මේ දැනුම (ගෙවල ප්‍රේතයන්) යනු ප්‍රාග් බෞද්ධ දේශජ දැනුමේ විස්තිරනයක් බව සිතමි. ඉහල දෙව් ලෝ ගැන (හෝ පහල අපායක් ගැන) ඇදහිල්ලක් නොතිබි පැරණි සිංහලයෝ තම ඥාතීන් මිය ගිය පසු මේ වපසරිය තුලම නැවත අරක් ගන්නා බව ඇදහූහ. නෑ යකුන් ලෙස බලි-බිලි ලැබුවේ ඔවුහු ය. මේ ඇදහිලි බුදු දහම සමග මිශ්‍ර වී වෙනස් වූ නමුත් මූලිකාංග වැඩි වෙනසක් නොවීය. කුරුණෑගල යුගයේ ගලේ බණ්ඩාර, ගම්පොල යුගයේ සකල කලා වල්ලභ, (අපට මතක නැති එහෙත් මෑත යුග වල) හෙනකඳ බිසෝ වැනි දෙවි වරු ඇති වන්නේ මේ ඇදහිලි නිසාය. ගලේ බණ්ඩාර දෙවියන් කොටසට ඇතුලත් වීමට පෙර ලේ උරා බිව් යකෙක් බව ජනප්‍රවාදයේ එයි. ඔහු ලේ උරා බිවුවේ තමන් රජකම දීමට යැයි උපායෙන් රවටා මරා දැමීමට පලි ගැනීම පිණිස බව කියති. ඔබ කියන ප්‍රේතයන්ද ඇතුලත් වන්නේ මේ ඇදහිලි හා විස්වාසයන් තුලටයි.

      බුද්ධ කාලින ප්‍රේතයන්ගේ (ප්‍රේත වත්ථු) හා ලක්දිව මුල් කාලින ප්‍රේතයන්ගේ කතා (සීහළ වත්ථු) ඊට වෙනස් වේ. විශේෂයෙන්, 'නිවෙසට ආසාවෙන් සිටියෙකු මළ පසු එම නිවසේම ප්‍රේතව ඉපදීම' සිදු වීම අමිශ්‍ර බුදු දහම (එනම්, තෙවලා දහම) සමග ගලපා ගැනීම කෙසේ සිදු කර ගත හැකිද යන්නම ගැටලුවකි. ඒ ප්‍රේතයන් ප්‍රේතාත්මභාව වලට සුදුසු තැන් වල උපත ලැබූ බවයි ඒ කතා වල සඳහන් වන්නේ. ඔබ කියන ගෙවල ප්‍රේතයන් හා මා කියන ප්‍රේතයන් යන මේ දෙක පැහැදිලිවම ඇදහිලි දෙකකි.

      එසේම, 'නිවෙසට ආසාවෙන් සිටියෙකු මළ පසු එම නිවසේම ප්‍රේතව ඉපදීම' යන්න ශාශ්වතවාදයකි. 'නිවසක් ඇත' යන දෘෂ්ඨියත් 'මළ පසු සිටින්නේ ඒ තැනැත්තාම වේ' යන දෘෂ්ඨියත් (මළ පසු සිටින්නේත් ඒ තැනැත්තාම වීමට, මරණයට පෙර කෙනෙක් / පුද්ගලයෙක් සිටිය යුතුය.) ඇති තැන ඇත්තේ ශාශ්වත දෘෂ්ඨියයි.

      ඒ නිසා ඔබ ඉදිරිපත් කරන ප්‍රවාදය කෙරේ අපේ ඇල්මක් නැත.

      Delete
    12. සිතුවිළිJuly 3, 2013 at 9:09 PM

      කේ, ඔබෙන් මෙසේ විමසීම ගැන වරදක් සිතන්න එපා.
      යමෙකු ජ්‍යෝතිශය වැනි විද්‍යාවන් පිළිගන්නවානම් ඔහු සිටින්නේත් ශාස්වත වාදී පදනමක යැයි මට හිතෙනවා.
      මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
    13. සිතුවිළි, ඔබ අසන්නේ මගේ අදහසයි. එය ඉදිරිපත් කිරීමේ ගැටළුවක් නැත.

      මගේ අදහස නම්, බුදුදහම හැර අනෙක් සියලුම 'දැනුම්' එක්කෝ ශාශ්වතවාදී, නැතහොත් උච්ඡේදවාදී වන බවයි. මේ විග්‍රහය අනුවනම් ජ්‍යෝතිෂ්‍යය පැහැදිලිවම ශාශ්වතවාදී වේ. එසේ නමුත්, එය විශේෂ කොට ප්‍රශ්න නැගීමත්, ඊට පිළිතුරු දීමත් සුදුසු නැත. ඉන් ජ්‍යෝතිෂ්‍යයට 'විශේෂ' අසාධාරණයක් සිදු වන බැවිණි. ආගම්, දර්ශන හා විද්‍යා පසෙක තබමු. අප ඉගෙන ගන්නේ / රැකියාවක් කරන්නේ / අන්තර්ජාලයේ සරන්නේ / බ්ලොග් අඩවි වල ලියන්නේ / ... ඈ මේ දේවල් කරන්නේ ඔය දෘෂ්ඨි දෙකින් එකක් තුල රැඳෙමින් නොවේද ? වෙනකක් තබා අද ජනයා දන් පින් කරන්නෙත් ශාශ්වත දෘෂ්ඨිය තුල හිඳිමින් බව මගේ අදහස වේ.

      Delete
    14. සිතුවිළිJuly 4, 2013 at 8:32 AM

      කේ,
      ඔබගේ පිළිතුර ඉතාමත් නිවැරදියි යැයි සිතමි.
      ශාස්වත වාදයෙන් මිදී එහෙත් උච්චේද වාදයෙහි නොගැටී සිටිය හැකිනම් යමෙකු දහම පූර්ණව අවබෝධ කළ කෙනෙකු විය යුතුයි.
      මේ බව වටහා ගත් අපි තවම කොතැනද ඉන්නේ, ඉතින් මේ බවවත් නොදුටු අය ගැන කියන්නේ කුමක්ද?

      Delete
    15. සිතුවිළිJuly 5, 2013 at 9:08 AM

      කේ මෙය මා ඔබ සමග පටැලැවීමක් තනා ගැන්මට දරන තැතක් නොවෙයි. එහෙත් ඔබ ඉහත සිත් වෙත දුන් පිළිතුරෙහි ඔබ විසින් ශාස්වත වාදය පිළිබඳව ඉදිරිපත් කරන මතය ගැටළු සහගතයැයි මට සිතේ. ඒ මන්ද ඔහු විමසා සිටින්නේ කෙනෙකුගේ සිත ප්‍රථිසන්ධියට බලපාන අයුර ගැන මතයකි. මෙය ශාස්වත වාදයයැයි කීවොත් සමස්ථ අභිධර්මයම ශාස්වත වාදී වනු ඇත. මා සිතන්නේ එය සම්මුති තලයෙහි පිහිටි දේශනාවක් ලෙසයි. එනම් අභිධර්මය සිත පිළිබඳ විමසන්නේ සිත ඇතැයි යන පදනමෙහි සිටයි. එය ශාස්වත වාදයක් නොව සම්මුති පැහැදිලි කිරීමක් යැයි කීම වඩා නිවැරදියැයි මා සිතමි.
      එසේම ඉඳුරන් විසින් හඳුනා ගත් දෙය හේතුවෙන් හටගන්නා වූ විඤ්ඤානය පදනම්ව සිත හටගන්නා බව ඔබ දන්නා වූ මූලික සිද්ධාන්තයකි. මේ සිත පවත්නේ වේදනාවන් උපාදානය කරගැනීමෙනි ආයතන හයකින් හටගන්නා වූ වේදනා නැතිවිට සිතක් පැවතිය නොහැකිය. එසේනම් මේ වේදනා උපාදානය කර ගැනීම නිසා සිත් හටගනීනම් එම සිත් එකක අවසන අනෙකෙහි ඇරබුමට දායක වේ යන්න බොහෝ ප්‍රසිද්ධ බොදු මතයකි. එනම් එක් සිත් පරම්පරාවක අවසන් චිත්තක්ෂනය වූ චුතිය පාදක කොට මීලඟ සිතෙහි මුල් චිත්තක්ශනය වූ පටිසන්ධිය හටගන්නා බව කියැවේ. මේ අභිධරම කොටස ගැන වැඩි දුරට මා හදාරා නැති බැවින් මීට වඩා යමක් කීම අපහසුයි. එහෙත් මෙහි ඇති සිතත්, චිත්තක්ශනයත්, චුතියත්, පට්සන්දියත්, අනෙකක් තබා ආයතන හයත්, වෙදනාවත්, විඤ්ඤානයත් යන සියල්ලම සම්මුතීන් වේ. මෙය ශාස්වත වාදය නොව, සම්මුතිය වටහා ගැනීමයි.
      අද සිටින කාලෝ ෆොන්සෙකා මහැදුරු තුමා වැන්නවුන් දෙසන බුදු දහම නම් පැහැදිලිවම ශාස්වත වාදයයි.
      සිත් ගේ පැනය ශාස්වත වාදී නොවෙයි, ඔහු ප්‍රශ්න කරනුයේ සම්මුතිය තුල සිදු වන උපාදානයත් ප්‍රතිසන්ධියත් ගැන පම්ණකියි මා සිතමි. ඔබ විසින් මේ තලයේ පිහිටා ඔහුට පිළිතුරක් ගොනුකලහොත් එය වඩාත වැඩදායක අයුරින් ඔහුගේ පැනයට පිළිතුරක් වනු ඇතැයි සිතමි.
      මාගේ මේ මැදිහත්වීම පමණ ඉක්මවා යමක් යැයි ඔබ සිතයි නම් මෙය ඉවත් කර දැමුවද කම් නැත.

      Delete
    16. ඉහත අප ශාශ්වත වාදයකැයි කියුවේ SiTh විසින් වනන ලද ප්‍රේත කථා වස්තුවයි. ඔහුගේ ගැටළුව පදනම් වන්නේ ඒ නිරීක්‍ෂණය මතයි. ජීවත් වූ මනුෂ්‍යයෙක් මිය ගිය පසු ප්‍රේතයෙක් වී තමන් මරණයට පෙර බැඳී සිටි දෙය ආශ්‍රිතව ඉපදීම ප්‍රාග් බෞද්ධ කතාන්තර වල විස්තීරණයකැයි අපේ අදහස වෙයි.

      අප දන්නා බුදු දහම අනුව නම්, ප්‍රේතයෙක් හෝ තිරිසනෙක් හෝ තමන් ඇලුම් කළ වස්තු ආශ්‍රිතව උපත ලැබීම විශේෂ අවස්ථාවක් මිස අනිවාර්‍ය සිද්ධියක් නොවේ. එසේ ඉපදුනත්, පෙර ජාති දක්නා නුවණ පහල නොවීනම් ඒ ප්‍රේතයා හෝ තිරිසනා හෝ තමන් ඉපදී ඇත්තේ පෙර ජාතියේ සිටි තැනම බව දැන ගන්නේ ද නැත.

      එහෙත්, ඒ ඒ සත්ත්වයා තමන් උපන් උපන් තැන ආලය උපදවාගෙන වාසය කිරීම ස්වභාවය හෙයින් තමන් පෙර සිටි තැන උපන්නත් නැතත් දැන් උපන් තැන කෙරේ ආලය ඇති කරගෙන වෙසේ.

      අප මේ විස්තර කළ පිළිතුරත් ශාශ්වතවාදී නොවේ යැයි කිව හැකිද? නැත.

      එබැවිනි, "ඒ නිසා ඔබ ඉදිරිපත් කරන ප්‍රවාදය කෙරේ අපේ ඇල්මක් නැත." කියා අප පිළිතුර අවසන් කළේ. මේ ගැන කතා ඉපදවීම මේ අන්තයට නොවැටී කළ හැකි ක්‍රමයක් නොදනිමි.

      Delete
    17. @ කේ: ඔබත් සිතුවිළිත් අතර සිදුව ඇති සංවාදය අනුව අප මීට පිළිතුරු දිය යුතු බවක් නොහැගෙන නමුත් යම් ප්‍රතිචාරයක් සපයමු. පළමුව කිව යුත්තේ 'ප්‍රවාදයක්' තරම් දෙයක් අප ඉදිරිපත් කර නැති බවත් හුදෙක්ම බොදු සමාජයේ පවතින, දේශකයන් වහන්සේ දක්වන (හා අපද අදහන) මතයක් අප දක්වා ඇති බවත්ය. ඊට අනුරූපව පැනයක්ද අසා ඇති අතර සිතුවිළි දුන් බැඳිය අනුව ඊට යම් අදහසක් අපට දැන් ඇත. (සිතුවිළි අභිධර්මය දත්තෙකු බව අප කලින් දැන සිටියේ නැත.)

      ගෙවල ප්‍රේත හා පෙළ දහමේ පේථ වත්ථු හා වෙනත් තැන්හි සඳහන් ප්‍රේතයන් එකම සොබවයේ බව අපගේ වැටහීමයි. ගෙවල ප්‍රේතයන්ට සුදුසු තැන ගෙයම වන්නට ඇත. එසේ වුව, මෙම ගෙවල් ප්‍රේතයන් (හෝ වෙනත් ප්‍රේත කෙනෙකු හෝ) පැරණි හෙළයන් ඇදහු දෙවියන් (හෝ යකුන් හෝ) විය නොහැක. කවරෙකු වුව අදහන්නේ බලවත්, තමන්ට පිහිටක් විය හැකි කෙනෙකුන්ය. තමන්ම දුකට පත්ව කරකියා ගත දෙයක් නොහැකිව සිටින ප්‍රේතයෙකුට කාටවත් පිහිට විය නොහැක. පැරණි හෙළයා එවැන්නන් අදහන මැට්ටෙක් යැයි පවසන්නේ නම් ඒ, එම හෙළයන්ට කරනා අවමානයක් වේ. අපගේ වැටහීමට අනුව හෙළයන් ඇදහුයේ යකුන්ය. මෙම යකුන් (හෙවත් නෑ යකුන්, මළ යකුන් ) යනු බලවත් තේජස් සහිත අමනුෂ්‍ය කොටසකි. 'යක්ෂ' යන වදන අද සමාජයේ යෙදෙන්නේ පහත්, දරුණු වැනි අරුතෙන් වුව පැරණි සමාජයේ ඒ, අද අප දෙවියන් යන වදන යොදන අරුතෙන් යෙදෙන්නට ඇත. 'යක්ෂ' වදන තත්වයෙන් පහත යාමට වෛදික-බමුණු හා බයිබලය ද බලපාන්නට ඇත. භූමාටු දෙවියන්, රුක් දෙවියන් ලෙස හැඳින්වෙන්නේ මෙම යක්ෂ කොටසට වඩා තේජසින් අඩු පිරිසකි. මේ සියල්ලන්ගේ ජාතිය (උපත) දහමට අනුව ගලපා ගැනීම (අපට නම්) අසීරු නැත.

      කෙසේ වෙතත් අප දැක්වූ මතය ඔබ පිලි නොගැනීම අපට ගැටළුවක් නොවුවද ඒ සදහා දී ඇති "ශාස්වතවාදී" හේතුව ගැටළු සහගතය. ඒ, වඩාත් ගැටළු සහගත වන්නේ සිතුවිළි ට දී ඇති පිළිතුර අනුව ඔබ ඒ ගැන කරුණු කාරණා දැනගෙනම එලෙස පැවසීම නිසාය. සාමාන්‍ය පුද්ගලයා ශාස්වත (සදාකාලික ආත්මයක් ඇත) හෝ උච්චේද (සියල්ල මරණින් අවසන් වේ) යන දෘෂ්ඨි දෙකින් එකක ඇත. (ද්වීකොටික න්‍යායේ ඇත-නැත අන්ත දෙක මෙයයි.) එසේ නොවන්නේ නම් (සක්කාය දිට්ඨිය දුරුකළ) සෝවාන් පුද්ගලයෙකු හෝ තමන්ට දෘෂ්ඨියක් ඇති බවට අවබෝධයක්වත් නැති අයෙකු විය යුතුය. (සෝවාන් නොවූ නමුත් මෙම දෘෂ්ඨීන් ගැන දත් බොදුනුවෙකුට මීට වෙනත් දෘෂ්ඨියක් ඇත්තේ ද යනු අප දන්නේ නැත.) තතු එසේ වුව කරුණු විස්තර කිරීමේදී අපට වචන (හෙවත් සම්මුතිය) භාවිත කිරීමට සිදු වේ. ගෙය, තැනැත්තා ආදී වචන වල ආත්ම දෘෂ්ඨිය ඇත. නමුත් වදන් භිත නොකර ලිවීම හෝ පැවසීම හෝ කිරීම ධ්‍යාන අභිඥා නැති අපට නම් දුෂ්කරය.

      Delete
    18. සිතුවිළිJuly 9, 2013 at 1:59 PM

      මිතුර සිත්,
      පළමුව, මා අභිධර්මය දත්තෙකුයැයි ඔබ කර ඇති ප්‍රකාශය නිවැරදි නොවන බව කිව යුතුය.
      මාකථා කරන්නේ මා කියවීමෙන් ලත් දැනුම වටහා ගැනීමෙන් පමණි.
      පටිච්ච සමුප්පාදය දැන හුන් අනඳ මහ හිමියන් වරෙක පටිච්ච සමුප්පාදය බොහෝ ගැඹුරුයැයි කීවද එය සරළවම වටහා ගත හැකිනොවේදැයි බුදු රදුනගෙන් විමසා සිටියේය. එවිට බුදු රදුන් එසේ නොකියන්න ආනන්ද එසේ නොකියන්න කියා දෙවරක් කීවාලු.
      එහිදී බුදු හිමියන් පවසා ඇත්තේ එසේ සරළව වටහා ගත හැකි වුවත් එය ගැඹුරින් වටහා ගත යුතු බවමයි.
      පටිච්ච සමුප්පාදය හෝ අභිධර්මය ගැන අනඳ හිමියන්ට එදා තිබුනු අවබෝධයවත් අපට ඇතිද? ඉතින් අප මේ යමක් දන්නවායැයි කීමට හදිසි වීම සුදුසුද?

      සිත් විසින් මෙහිදී ශාස්වත වාදය යනු නොමරෙන ආත්මයක් ඇති ලෙසත් උච්චේද වාදය යනු මරණින් සියල්ල අවසන් වන බවත් ලෙස දක්වා ඇත.
      එහෙත් මාදකින සැටියට ශාස්වත වාදය යනු අප ශරීරයත් අවට ඇති අපට ගෝචර වන සියළු දෙයත් එසේ ගෝචර වන අයුරින්ම ඇත යන විශ්වාසය ශාස්වත වාදයයි. එමෙන්ම අප සිරුරත් වටා ඇති ගෝචර වන හා නොවන සියල්ලත් පරමාර්ථ තලයේදි නැත කියා ඒවා සියල්ල නැත ලෙස ගෙන සැලකීම උච්චේද වාදයයි.
      බුදු හිමියන් ගේ දේශනාවේදී මේ දෙයාකාරයම පිටුදකින උන් වහන්සේ, ඇත යන අන්තයෙනුත්, නැත යන අන්තයෙනුත් මිදී සිරුරත් තමාත් අවට ඇති ලෝකයත් සම්මුති තලයෙහිදී ඇත ලෙස දක්වමින්ම පරමාර්ථය පැහැදිලි කර ඇත. එහෙත් පරමාර්ථය තුලදී පවා උන් වහන්සේ සම්මුතිය බැහැර කොට නැත. මා දකින හැටියට බුදු දහමේ එන අවබෝධයට ඉතා දුශ්කර තැනක් වන්නේද මේ සම්මුතිය පිටු නොදැක පරමාර්ථය වටහා ගැනීමයි.
      මේ මා එය දකින අයුරුයි.
      කනිෂ්ක, සිත්, ජෝසප් මිතුරනි මෙය ඔබ දකින අයුරු කෙලෙසද?

      Delete
    19. මිතුර SiTh,

      ඔබට කලින් දිනෙක පල කළ පිළිතුර 'Spam' ලෙස වර්ගීකරණය වී තිබී එය නැවත පල කළෙමි. මේ එහි බැඳියයි.

      http://katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1373047380250#c5828162112610048684

      අප මුල් පිළිතුරේ දී ඇති "ශාස්වතවාදී" හේතුව ඒ පිළිතුරෙන් යම් තරමකට පැහැදිලි කෙරේ යැයි සිතමි.

      Delete
    20. ...

      SiTh,

      කිසිම ආකාරයක ප්‍රේත කෙනෙකුන් පැරණි සිංහලයින් (ඔබ හඳුනා ගන්නා ලෙස හෙළයන්) විසින් "ඇදහූ" බව අපේ පිළිගැනීම නොවේ. ඔවුන් විසින් අදහන්නට ඇත්තේ 'නෑ යකුන්' බව අප විසින් ඉහත සඳහන් කෙරී ඇත. මේ නෑ යකුන් යනු තමන් සමග ජිවත් වී මිය ගිය අයවලුන් මිස 'වියුක්ත' එනම් වෙන ලෝකයකට අයත් 'යක්‍ෂයින්' නොවේ. කුරුණෑගල යුගයේ ගලේ බණ්ඩාර, ගම්පොල යුගයේ සකල කලා වල්ලභ, නුවර යුගයේ හෙනකඳ බිසෝ වැනි දෙවි වරු මෙකී නෑ යකුන් ඇදහිල්ලේ නෂ්ඨාවශේෂ වේ.

      බුදු දහම මේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි යම් තරමකට වෙනස් කළා මිස මුලිනුපුටා දැම්මේ නැත. ඒ අනුව, මිය යන සිංහලයෙකුට යකෙක් වීමට අමතරව තව විකල්ප කිහිපයක් බුදු දහම විසින් සැපයුණු බව අපේ අදහසේ සාරාංශයයි. ගෙවල ප්‍රේතයෙක් වීම එක විකල්පයකි. මේ 'නවීන' ප්‍රේතයා බුදු දහමින් උපුටා ගෙන සිංහල කර ගත් අමුතුම එකෙකි. බොහෝ දේශකයන් වහන්සේලා පවා මේ ප්‍රේතයින් දෙකොට්ඨාශය එකක් යැයි ගෙන දේශනා කරනු අප ද අසා ඇත.

      අපේ අදහස නම්, තෙවලා දහමේ එන ප්‍රේතයින් සහ ලංකාවේ පැරණි අනුරාධපුර යුගය තුල ලියැවුණු කතා වස්තු වල සිටින ප්‍රේතයින් සමාන බවත් ඔබ හඳුන්වා දෙන ගෙවල ප්‍රේතයින් ගැන කතා වෙනස් බවත් ය.

      ඔබට සිතීමට කරුණක් දක්වමි.

      * පැරණි ප්‍රේතයින්ට අපි කරන්නේ පිනක් කර අනුමෝදන් කිරීමයි. නැතහොත් උන් උදෙසා කිසිත් නොකර අනෙක් පින්වතුන්ට මේ ප්‍රේතයා උදාහරණ කොටගෙන සංවේග උපදවන ලෙස දහම් දෙසීමයි.

      * ගෙවල ප්‍රේතයින් ට අපි කරන්නේ කට්ටඩියෙක් ලවා බෝතල් කර මහ මුහුදට දැමීම හෝ වෙනත් ක්‍රමයකින් අතරමං කිරීමයි. (මේ බෞද්ධ ක්‍රමයක් නොවේ.)

      Delete
    21. SiTh සහ සිතුවිළි,

      * "සාමාන්‍ය පුද්ගලයා ශාස්වත (සදාකාලික ආත්මයක් ඇත) හෝ උච්චේද (සියල්ල මරණින් අවසන් වේ) යන දෘෂ්ඨි දෙකින් එකක ඇත." --- SiTh

      * "ශාස්වත වාදය යනු අප ශරීරයත් අවට ඇති අපට ගෝචර වන සියළු දෙයත් එසේ ගෝචර වන අයුරින්ම ඇත යන විශ්වාසය ශාස්වත වාදයයි. එමෙන්ම අප සිරුරත් වටා ඇති ගෝචර වන හා නොවන සියල්ලත් පරමාර්ථ තලයේදි නැත කියා ඒවා සියල්ල නැත ලෙස ගෙන සැලකීම උච්චේද වාදයයි." --- සිතුවිළි

      මේ ගැන වචනයක් සඳහන් කිරීමට අපටත් අවසර.

      ශාස්වත වාදය: දැන් (මේ ජීවිතයේදී) පුද්ගලයෙක් සත්ත්වයෙක් ඇත. මරණින් පසු එය විනාශ නොවේ. (එනම් නොනැසෙන ආත්මයක් ඇත.)
      උච්ඡේද වාදය: දැන් (මේ ජීවිතයේදී) පුද්ගලයෙක් සත්ත්වයෙක් ඇත. මරණයෙන් එය විනාශ වේ. (එනම් ආත්මයක් ඇත. එහෙත් එය නැසේ.)

      මෙහි සම්මුති / පරමාර්ථ වශයෙන් වෙන් කර ගත හැකි දෙයක් නැත. බුදු දහම මේ දෙකම ප්‍රතික්‍ෂේප කරයි. මරණින් පෙරද පුද්ගලයෙක් සත්ත්වයෙක් කියා කෙනෙක් නැත කියන බුදුදහමට මරණින් මතු සත්ත්වයා ගැන (ඇත/ නැත වශයෙන්) කීමට දෙයක් නැත. ඒ අරුතිනි බුදුදහම අනෙක් සියලු දෙයින් වෙනස් වන්නේ.

      Delete
    22. SiTh සහ කණිෂ්ක,
      ඔබ දෙදෙනා දක්වා ඇති අදහස් හි වෙනසක් නොපෙනේ. එහෙත් සිතුවිළිගේ පැහැදිලි කිරීම මේ දෙකට හාත්පසින් වෙනස් ය. ඔහු භෞතිකවාදය හා විඥානවාදය පැහැදිලි කර දෙන සෙයකි මට හැඟෙන්නේ.

      ඉහත SiTh විසින් කර ඇති "සාමාන්‍ය පුද්ගලයා ශාස්වත හෝ උච්චේද යන දෘෂ්ඨි දෙකින් එකක ඇත." යන ප්‍රකාශය ගැන එකඟ වුවත් "ද්වීකොටික න්‍යායේ ඇත-නැත අන්ත දෙක මෙයයි." යන්න නම් සැක සහිතයි.

      කේ (කනිෂ්ක) විසින් කරන පැහැදිලි කිරීමේ වැදගත් කම නම් ඉහත කී වාද දෙකම ආත්මවාද බව පෙන්වා දීම බව සිතමි. මගේ අදහසත් එයයි. බුදුදහම අනාත්මවාදයකි. කේ පෙන්වා දීමට උත්සාහ කරන්නේ මේ කරුණ බව සිතමි.

      Delete
    23. සිතුවිළිJuly 11, 2013 at 8:27 AM

      ජෝසප්, ඔබ මා කී දේ වටහා ගත් බවක් දකිමි,
      කණිෂ්ක කියන ආකාරයට, මේ සියළු දහම් ආත්මවාදි බවත් බුදු දහම ඉන් වෙන් වන්නේ ආත්මවාදී මතය පිටුදැකීමෙන් බවත් මුළුමනින්ම එකඟ වෙමි.
      ඔබ කියන භෞතික වාදය හා විඤ්ඤාන වාදය යන පද දෙක මා කියන සම්මුතිය හා පරමාර්ථය යන්නට ගැලපෙන බවක් සිතේ.

      කෙසේ වෙතත් බුදු රදුන්ගේ සමස්ථ දේශනාවම තුල සම්මුතිය පිටුදැකීමක් කර නැත. එහෙත් එහි අරුත සම්මුතිය යනු සත්ත්‍යය යන්න නොවෙයි. (චතුශ්කෝටිකයෙන් සිතා බැලිය යුතු තැනක් )

      සිත් කියන සැම මිනිසෙකුම එක්කෝ ශාස්වත වාදි හෝ උඡ්චේදවාදි මත දරන බව නිවැරදියි, එසේ පිළිගැනීමට ලක් වන්නේ ඔවුන් ද්විකෝටිකයෙන් සිතීමට පෙළඹෙන නිසාම විය යුතුයි, එහිදී සිත්ගේ මතය හා මම එකඟ වෙමි.

      ඒ සියල්ල එසේ වන අතර, ඔබගේ අවසන් ඡේදයෙහි එන "බුදු දහම අනාත්මවාදයකි" යන වැකිය හා මා කිසි සේත් එකඟ නොවෙමි. බුදු දහම අනාත්මවාදයක් නොවෙයි. බුදු දහම තුල අනාත්ම ධර්මතාවයක් පැහැදිලි කරයි. එය අනාත්මවාදයක් නම් එය තර්කයෙන් පැහැදිලි කරගත හැකි මතවාදයකි. එහෙත් බුදු දහමෙහි එන අනාත්ම ධර්මය එසේ තර්කයෙන් පැහැදිලි කළ හැක්කක් නොවෙයි. එය ගැඹුරින් අවබෝධ කල යුත්තකි.ආත්ම වාදය බැහැර කිරීම යනු අනාත්මවාදය කර පිනා ගැනීම නොවෙයි නේද?

      අනිත්‍ය දුක්ඛ අනාත්මයන ත්‍රිලක්ෂනයම ලෝක ධර්මතාවයන් මිස මත වාදයන් නොවෙයි. මෙය ජෝසප් නොදැනකී කථාවකැයි මා නොසිතමි, වැරදීමක් වත් වූවාද?

      Delete
    24. 'අනාත්මවාදය' යන වචනය Google කළ විට හමු වුණා හරි අපූරු ලියමනක්.
      >>> http://lankacnews.com/sinhala/main-news/54820/#comment-263927

      Delete
    25. සිතුවිළිJuly 11, 2013 at 12:48 PM

      ජෝසප් මහත්තයෝ, ඔබ හරි
      කොහොම හරි මමම ඒ වචනය "අනාත්මවාදී බුදු දහම" යොදා ගත්තු තැනක් හොයා ගත්තා නේද?
      මමත් වැරදි වචනයක් එතැන භාවිතා කරලා තියෙනවා. ඒක තමයි අපේ දැනුමේ අසම්පූර්ණ කම. එතැනදී එහෙම කිව්වට මම දැන් නම් බුදු දහම අනාත්මවාදීයි කියලා කියන්නේ නැහැ.
      ඒ වචනය ඇරෙන්න එතැන කියලා තියෙන අනිත් දේවල් අදටත් නිවැරදියි.
      හොඳයි මම මෙතැන අනාත්ම වාදය ගැන හා අනාත්ම දහම ගැන කියන කථාවට ඔබතුමා විරුද්ධද?

      ඇත්තටම කොහොමද ඔය තරම් ඉක්මනින් ඔය වගේ දෙයක් හොයා ගන්නේ, ඒකනම් හැබෑම හපන්කමක්!

      Delete
    26. බුදුදහම අනාත්මවාදයකැයි බුදු මුවින් දෙසුණු තැනක් පෙන්වා දීමට අපට නොහැක.

      එහෙත්, යම් යම් අවස්ථා වල බුදුදහම යම් යම් වාදයක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇත. එහෙත් ඒ සෑම විටකම උන් වහන්සේ ඒ 'වාද' වලට නව අරුතක් දී ඇත. ඒ නිසා 'බුදුදහම අනාත්මවාදයකි' යන ජොසෙෆ් ගේ අදහසට එරෙහි වීම අපහසුය.

      අනාත්මවාදය යනු 'ආත්මයක් නැත' කියා 'අනාත්මයක් ඇත' කීම නොවේ.

      කොපමණ දුරට ගැලපේදැයි කිව නොහැකි මුත්, සාති භික්‍ෂුවගේ කතාව මෙතැනදී සිහි කර ගැනීම සුදුසු වේ.

      Delete
    27. "අනාත්මවාදය යනු 'ආත්මයක් නැත' කියා 'අනාත්මයක් ඇත' කීම නොවේ."
      නියම කතාව !

      සාති භික්‍ෂුවගේ කතාව අපට කියා දෙන්නේ කවදාද ?

      Delete
    28. සිතුවිළිJuly 12, 2013 at 4:31 PM

      කණිෂ්ක , ජෝසප්,
      බුදු දහම අනාත්මවාදීයි කියන මතය මාත් පිළිගත් දෙයක් බව ජෝසප් ඔප්පු කොට පෙන්වූවානේ.
      මම කියන කථාව, අනාත්මය වාදයක් වීමටනම් එය අනාත්මයක් ඇත යන්න නොවෙයි.
      වාදයක් යනු තර්කයෙන් තහවුරු කළ හැකි තත්වයක්, හෙවත් යම් කිසි හේතූන් නිසා පිළිගත යුතු හෝ පිළිගැනීමට ලක් වන කාරනයක්.
      බුදු දහම යනු සියළු මතවාද බැහැර කරනා දහමක්. ඒ තුල කිසිදු ආකාරයක වාදයන් පැවතිය නොහැකියි. එනම් දහමේහි කියන කිසිදු කරුනක් කිසිවෙකුට තර්කයෙන් හෝ අන් අයුරකින් ඔප්පු කොට දැක්වීමක් කළ නොහැකියි. එහෙත් මනස යෙදවීමෙන් අවබෝධ කල හැකියි.
      තනියම කල්පනා කරන කොට හිතෙන දේවල් මෙතැන කියන්න ගිහිල්ලා මම හැමෝවම අවුල් කරනවා කියල හිතෙනවා. ඒක නිසා මම මේ ගැන කථාව මෙතැනින් නවතනවා.

      Delete
    29. සිතුවිළිJuly 12, 2013 at 4:32 PM

      සාති භික්ෂුවගේ කථාව අපිටත් දනගන්න කියන්න.

      Delete
    30. සාති භික්ෂුව යනු භවයෙන් භවයට යන (සදාකාලික) යමක් ඇති බවත් ඒ විඥානය බවත් දේශනා කළ භික්‍ෂුවකි. මජ්ජිම නිකායේ මූලපන්නාසකයේ මහා තණ්හා සංඛය සුත්‍රය ඇසුරු කරන්න. එහි නිධාන කතාව කෙවට්ඨ පුත්ත සාති නම් භික්ෂුව ගැනත් ඔහුගේ දිට්ඨිය ගැනත් සඳහන් කරයි.

      Delete
    31. සිතුවිළිJuly 13, 2013 at 10:10 PM

      http://www.buddhadhammasangha.com/Ranjith/Files/MN_38_MahaThanhaSankaya.pdf

      කණිෂ්ක විසින් මෙහිදී උපුටා දක්වන "මහා තන්හා සංඛ සූත්‍රය" ඔබ සැමට ඉහත යොමුවෙන් කියැවිය හැකිය.
      කණිෂ්ක ඔබ නිවැරදිව මෙම සාකච්චාවට ගැලපෙන සූත්‍ර ධර්මය යෝජනා කොට ඇතැයි මා සිතමි.

      මෙම සූත්‍ර ධර්මය තුල තථාගතයන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රථිලෝම වශයෙන් කිහිප වරක් පැහැදිලි කිරීමෙහි යෙදෙන දේශනාවකි. එසේම කෙනෙකුට තමන්ගේ අවබෝධයෙහි තරම මැනගැන්මට මහඟු මිනුම් දණ්ඩකි.
      මේ දේශනාව තුලදී ඉහත සිත් විසින් නගන පැනය නිරුද්ධ වී යයි. එහෙත් මා කී මතය මෙහි සනාත වීමක් හෝ නිරුද්ධ වීමක් නොදුටුවෙමි.
      මා විසින් බුදු දහම අනාත්මවාදයක් නොවේයැයි දැඩිව කියා පෑම වරදක් බව කණිෂ්ක විසින් කිවාදැයි නොදනිමි. මා කීමට තැත් කල බුදු දහම වාදයක් නොව දහමකි යන මතය මෙම සූත්‍රය හා බැඳෙන්නේ කෙසේදැයි මා හට නොවැටහුනි.
      කෙසේ වෙතත්, බුදු දහම දහමක් වේවා අන් යමක් වේවා එවන් වචන මත ගැටීමෙන් හෝ ඒවා දෘශ්ටි වශයෙන් දැඩිව ග්‍රහනය කරගැනීමෙන් සිදු විය හැක්කේ අවැඩක්ම පමණක් බැවින් මා ඒ විවාදය ඉල්ලා අස් කර ගනිමි.

      ලෝකය ඇතිවීම හා නිරෝදය ජෝසප් ඇතුළු අප මිතුරන්හට ගැඹුරින් ගෝචර වූයේ කෙසේද, පූර්ණ ලෙසම පරමාර්ථ ධර්ම දේශනාවක වන මහා තණ්හා සංඛ සූත්‍රයද ඔවුනට ගැඹුරින් ගෝචර වනු ඇත. මිතුරනි මෙය කියවා බලන්න. ධර්මය කෙතරම් අසිරිමත්දැයි දැකිය හැකි සූත්‍රයකි.

      එසේම "මාගේ ශාස්තෲ වූ තථාගතයන් වහන්සේ සියල්ල දනී මා වනාහී නොදනී" යන අසපු මතය මුලින් සිඳ දමන සූත්‍ර දේශනාවකි (12 පිටුව )

      Delete
    32. @ කණිෂ්ක:

      "අප දන්නා බුදු දහම අනුව නම්, ප්‍රේතයෙක් හෝ තිරිසනෙක් හෝ තමන් ඇලුම් කළ වස්තු ආශ්‍රිතව උපත ලැබීම විශේෂ අවස්ථාවක් මිස අනිවාර්‍ය සිද්ධියක් නොවේ." ------- මෙය අපගේද අදහස වේ. භවය සකස් වන්නේ උපාදානයට අනුවය. උපාදානය වන්නේ වස්තු පමණක් නොවේ. කුමන හෝ උපාදානයට අනුව බවයත්, බවයට අනුරූපව ජාතියත් වනු ඇත. අප ඉහත දැක්වුයේ එවන් විශේෂ අවස්ථාවක් වන අතර අප මුලින් මතුකළ පැනය එවන් තවත් විශේෂ අවස්ථාවක් අරබයා පටිච්ච සමුප්පාදය ගැලපීම සම්බන්ධයෙනි.

      "අප මේ විස්තර කළ පිළිතුරත් ශාශ්වතවාදී නොවේ යැයි කිව හැකිද? නැත. ... මේ ගැන කතා ඉපදවීම මේ අන්තයට නොවැටී කළ හැකි ක්‍රමයක් නොදනිමි." ------- මෙය අපගේ අදහසට සමීපය. එසේ වුව මෙය අන්තයකට වැටීමක් නොව හුදු ලෝක ව්‍යහාරය (හෙවත් සම්මුතිය) අනුව යෑමක් පමණි. "කෙනෙකු" මළපසු "ප්‍රේතව" ඉපදී ආදී ලෙස ලිවීමෙන් අප කෙළේ සම්මුතිය භාවිත කිරීම පමණි. මෙය කිව හැකි වෙනත් ක්‍රමයක් අපිදු නොදනිමු. උදාහරණයක් ලෙස සුමේධ තාපස කල සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝසතුන් ලේන කුලයේද ඇත් කුලයේද රජ කුලයේද දෙව් ලොවද ඉපිදෙමින් ආ සේකැයි කී විට කවුරුන් හෝ ඒ එකම ආත්මයක් භවයෙන් භාවය ආවේ යැයි ශාස්වත දෘෂ්ඨියකට එන්නේ නම් ඒ එම තැනැත්තාගේ නුවණේ දුබල කම මය. පරලොව කරමපල ඇතුළු ලෞකික සම්මා දිට්ඨියේ පිහිටි ජාතක කතා ආදිය ඉගෙන ගන්නා (පාසැල්) වයසේ (හෝ ඊට වැටහීම් නුවණ ඇති) බොදුනුවෙකු බොහෝ විට එවන් ශාස්වත දෘෂ්ඨියක සිටිය හැක. පටිච්ච සමුප්පාදී ගැඹුරු දහම් කරුණු එක විට ඉගැන්වීම කළ නොහැකි බැවින් එහි ලොකු වරදක් මම නොදකිමි. [මෙම ශාස්වතවාදී දෘෂ්ඨියෙන් මිදීමට යැයි කියා බටහිර වෙදුන් හා වෙනත් පුස්සන්ගෙන් සමන්විත කොලොම්බියනස්ලා පිරිසක් අදහන one-life බුද්ධාගමට වඩා නිසැකව ඒ යහපත්ය.]

      "පෙර ජාති දක්නා නුවණ පහල නොවීනම් ඒ ප්‍රේතයා හෝ තිරිසනා හෝ තමන් ඉපදී ඇත්තේ පෙර ජාතියේ සිටි තැනම බව දැන ගන්නේ ද නැත."-------- මෙය අපගේද අදහස වෙයි. දුගතියක උපත ලද්දෙකු පෙර ජාති දක්නා නුවණක් ලද නොහැක. උපාදානය නිසා සකස් වූ (අළුත්) භවය, මගේ කරගෙන, මම වී සිටීම මිස උනේ කුමක්ද කියා මෙම සත්ව කොටස් නොදන්නවා විය යුතුය. එහෙත් මීට පටහැනි අවස්ථා ප්‍රේත වත්ථුවේ දැක්වෙනවා නොවේද? දුක් විඳින ප්‍රේතයින්ගෙන් යම් තෙර කෙනෙක් කුමක් නිසා මේ දුක වීදැයි අසන කළ තමන් කළ අහවල් දේ නිසා යැයි එම ප්‍රේතයන් පවසති. මේ ගැන ඔබගේ අදහසක් වේද?

      "ඔවුන් විසින් අදහන්නට ඇත්තේ 'නෑ යකුන්' බව අප විසින් ඉහත සඳහන් කෙරී ඇත."------- මේ අපගේද අදහස වේ. එසේ වුව තමන්ගේ ඕනෑම නෑයෙකු එලෙස ඇදහු බවක් මම නොසිතමි. සිය රැහේ (හෙවත් සමුහයේ) නායක මට්ටමේ ඇතැම් කෙනෙකු මළ පසු එලෙස "දේවත්වයට" පත් වන්නට ඇත. බොහෝවිට එවන් කෙනෙකු සිය "අමනුෂ්‍ය" ස්වරුපයෙන් ඇතැම් කෙනෙකුට දර්ශනය වන්නටත් උපදෙස් දෙන්නටත් ඇත. මේ පැහැදිලිවම සංයුක්ත කතාවෙකි. අප ලියු දෙකින් වියුක්ත යකෙක් ගැන අදහසක් මතු වීමට ඉඩක් අපි නම් නොදිටිමු. අප දන්නා අද දෙවියන් වී ඇති එවන් පැරණිම යකුන් දෙදෙනෙකු නම් උපුල්වන් හා විභීෂණය. ගෝත්‍රික අවධියේදී සිය නායකයා කාගේත් නෑයෙකු වන්නට ඇත. පරහිතකාමිව ධාර්මිකව කටයුතු කරන එවන් නායකයෙකු සිය ගෝත්‍රය කෙරෙහි දැඩි ඇල්මකින් මළේ නම් ඔවුනට පිහිට වීමට තරම් බලවත් "යක්ෂ" ආත්මෙක කලාතුරෙකින් ඉපදිය හැක. හෙළ යක්ෂ ගෝත්‍රය මෙවන් යකුන් හා ගනුදෙනු කරන ක්‍රමවේදයක් දැන සිටිබව අපගේ විශ්වාසයයි.

      "තෙවලා දහමේ එන ප්‍රේතයින් සහ ... ගෙවල ප්‍රේතයින් ගැන කතා වෙනස් බවත් ය." ------ ඔබ දක්වන වෙනස ප්‍රේතයින් ගැන නොව ප්‍රේතයින් ගැන මිනිසුන් සිදු කරන කටයුතු වලය. පින් දීම බුදුදහමේ නිර්දේශිත ක්‍රමයයි. බෝතල් වල ප්‍රේතයින් භූතයින් පැක් කිරීමේ ක්‍රමය අද සිදුවන නමුත් ඒ, කොහෙන් ආ ක්‍රමයක්ද යනු මම නොදනිමි. ගෙවල ප්‍රේත, ගල් ප්‍රේත, මළ ප්‍රේත ආදීය සමාජය මෙම ප්‍රේතයන්ට දී ඇති නම්ය. අප කරනුයේ ඒ භාවිත කිරීම පමණි. කාලයත් ප්‍රේත ලොවේ වෙනස්කම් ඇති වීමට ඉඩ ඇති මුත් ඒ ගැන මම නොදනිමි. දශක කිහිපෙකින් කොම්පියුටර් හෝ ස්මාට් ෆෝන් ඔබමින් සිටින ප්‍රේතයින් ඇති විය හැක.

      Delete
    33. @ සිතුවිළි:

      "ශාස්වත වාදය යනු අප ශරීරයත් අවට ඇති අපට ගෝචර වන සියළු දෙයත් එසේ ගෝචර වන අයුරින්ම ඇත යන විශ්වාසය ශාස්වත වාදයයි. එමෙන්ම අප සිරුරත් වටා ඇති ගෝචර වන හා නොවන සියල්ලත් පරමාර්ථ තලයේදි නැත කියා ඒවා සියල්ල නැත ලෙස ගෙන සැලකීම උච්චේද වාදයයි."------ පෙළ දහමේ නම් මෙම දෘෂ්ඨීන් ගැන කියවෙන විට හුදෙක්ම පුද්ගලයා ම (හෙවත් නාම-රූප) අරමුණු වේ. සාති භික්ෂුවගේ ශාස්වත දෘෂ්ඨිය ගැන කියවෙන මහා තණ්හා සංඛය සුත්‍රය ඔබ ප්‍රිය කළ බැවින් 'මරණින් පසු රහතුන් නැත' යන යමක භික්ෂුවගේ උච්චේද දෘෂ්ඨිය ගැන කියවෙන යමක සූත්‍රය (ස.නි.) ද ඔබ ප්‍රිය කරනු ඇත. [මෙම සූත්‍ර දෙකම ගැඹුරු දහම් කරුණු ගැන වේ.] ඔබ දක්වා ඇති අදහස ඇතැම් මහායානික අදහස් වලට වඩා සමීපය. එය වැරදි බවක් මින් අදහස් නොවේ. බාහිර ලෝකය පටලවා ගැනීම නිසා හුදෙක්ම නිවන් මග දුරස් වේ. ගැඹුරින් හදාරන්නේ නම් ඔබ මහායානික ඉගැන්වීම් ප්‍රිය කරනු ඇත. [මේ ගැන අපගේ අදහස වෙනත් ලිපියෙක කියා ඇත.]

      "එසේම "මාගේ ශාස්තෲ වූ තථාගතයන් වහන්සේ සියල්ල දනී මා වනාහී නොදනී" යන අසපු මතය මුලින් සිඳ දමන සූත්‍ර දේශනාවකි (12 පිටුව )"------ මෙය අසපු මතයක් යන වග අප නොදන්නා නමුත් මෙම සූත්‍රයේ ඇත්තේ පටිච්ච සමුප්පාදය හරි හැටි වටහාගත් භික්ෂුන් ඒ බව බුදුරදුන්ට සනාථ කෙරෙන අයුරුය. "මාගේ ශාස්තෲ වූ තථාගතයන් වහන්සේ දනී මා නොදනී" යන අදහස අවැසි දහම අවබෝධ කළ රහතුන්ට නොව දහම් අවබෝධ කරනු වස් බුදුන් සරණ යන සව්වාටය. කාරිය පටන් ගනුමටත් පෙර "මා වනාහි සියල්ල දනී" ලෙස මමත්වය උපරිම කර ගත් විට අනතුර වැඩි වේ. " " “භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වෙති. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි, ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දනිති. මම නොදනිමි. නොදන්නා මම දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි”යි නිහතමානී ගුණයෙන් යුතුව ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මේ ශ්‍රද්ධාවන්තයා සිටිනා තැනයි."

      Delete
    34. සිතුවිළිJuly 21, 2013 at 11:49 PM

      මිතුර සිත්,

      ඔබ ඉහතින් කණිෂ්ක වෙත ලබා දී ඇති පිළිතුරෙහි මාගේ දැක්ම හා ගැටෙන තැනක් නැත, එනම් ඔබ දෙක්වා ඇති දැක්ම මා ද එලෙසම දකිමි.

      ඔබ විසින් මාවෙත පවසා ඇති දේ අනුවනම්, මා දරනා අදහස මහායානික ඉගැන්වීම් හා ගැලපේදැයි මා නොදනිමි. මන්ද මා එය කිසි දිනෙක හදාරා නැති බැවිනි. මාගේ මහායානික දැනුම සෙන් දහමෙහි එන කථා කිහිපයකට පමණක් සීමා වේ.
      එහෙත් විවෘතව දහම දැකීමට තැත් දරනා බැවින්, මහායානය ඉගෙන ගැනීම අවැඩකියි මා නොසිතමි.
      ඔබ යෝජනා කොට ඇති යමක සූත්‍රයද මා කියවා නැත්තෙමි. එය සොයා කියවීමට කැමැත්තක් ඇති වේ.

      කෙසේ වෙතත් මා විසින් අසපු මතයක් ලෙස දක්වා ඇති අදහස පිළිබඳ ඔබගේ පිළිතුරටනම් මා එකඟ නොවෙමි.
      අප මානයෙන් යුතුව මා දනිමියි ගැනීම එකකි, මාගේ සාස්තෲන් දන්නා බැවින් හා මා නොදන්නා බැව් දන්නා බැවින්, ශාස්තෲන් ගේ දැනුමින් මා සෑහීමකට පත් වීම අනෙකකි.
      මෙහිදී සර්වඥතා ඥානය නොතකා හැරීමක් හෝ අවතක්සේරු කිරීමක් මා නොකීවෙමි. එහෙත් ශාස්තෲන්ගේ අවබෝධය තමා තුල වඩා නොගන්නා කෙනාහට දහම තුල පැවැත්මක් නැති බවක් මට සිතේ. බුදු හිමියන්ගේ අවබෝධයෙන් අංශු මාත්‍රයක් හෝ මගේ කර නොගන්නා සැබැවින්ම බුද්ධ අනුගාමිකයෙකු නොවේ යන්න මාගේ දැක්මයි.

      පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු දහමක අංශු මාත්‍රයක් හෝ අපටද වටහා ගත හැකිය. එහෙත් ඒ තුලින් සෝවාන් තත්වයේ සිටියදී පටිච්ච සමුප්පාදය සරලයැයි කියූ අනඳ හිමියන් මෙන් මුලා විය යුතු නැත. එනමුත් මා දන්නා යමක් වේනම් ඒ ගැන විශ්වාසය තැබීමත්, ශාස්තෲන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමත එකවිට කල යුතු දේ ලෙස මා දකිමි.
      මා වනාහී නොදනිමි කියා සිතන්නා සැමදා ශාස්තෲන්ගෙන් යැපෙන්නෙකි. තමන් දියුනුවක් නොලබන්නෙකි.

      Delete
    35. ඉහත katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374373548411#c5915027995524862933 සටහනේ දෙවන ඡේදයේ අග කොටසේ "(හෝ එම වයසේ කාණ්ඩයේ කෙනෙකුගේ වැටහීම් නුවණ ඇති)" ලෙස නිවැරදි විය යුතුය. කීමට අවැසි වුයේ; සාමාන්‍ය පෙළ තෙක් විෂයක් ලෙස බුදුදහම හදාරන බොදු සිසුවෙකු සතු යම් අවබොධයක් වේ. මේ වයසේදී පටිච්ච සමුප්පාදිය වචන ලෙස කටපාඩම් කරන මුත් එහි අරුත බොහෝ විට නොතේරේ. (මට නම් තේරුනේ නැත.) එහෙත් කර්මය, පරලොව ආදිය ගැන ඇති දේ තේරේ. එබැවින් එම දැනුම බොහෝ කොටම ශාස්වත දෘෂ්ඨියට වැටෙන්නකි. බොහෝ දෙනෙක් සාපෙළින් පසු බුදුදහම නොහදාරන බැවින් සාමාන්‍ය බොදුනුවා වයස ගියද එම ශාස්වත දෘෂ්ඨියේම නැවතේ.

      Delete
  15. @ කේ: තිස්ස රජු හතලිස් දහසක් පිරිස සමග මුව දඩ කෙලියේ ගිය බව මහාවංශය ලියා තබයි. [14 පරිච්චේදය ගාථා 1,2] සුද්දා පැමිණ අප 'සිවිලයිස්' කළ බව කීමට නොක්ස්ගේ වල්පල් භාවිත කරන ඇතැම් කිතුනුවන් හා කළු සුද්දන් සේ මහින්දාගමනයෙන් අප 'සිවිලයිස්' වූ බව කීමට බොහෝ භික්ෂුන් භාවිත කරන්නේ මහාවංශයේ එන එම වැකියයි. එම වැකිය අනුව වුව මෙහිදී රජු යන්නේ විනෝදය පිණිස සතුන් මැරීමට මිස කුසගින්නට සතුන් මරා මස් කෑමට නොවන බවට තිස්ස රජු දඩයක්කරයෙකු කරන පිරිසට පහසුවෙන් පෙන්වා දිය හැකි වුව හෙළ ඉතිහාසයට මඩ ගැසීම විනා වෙනත් අරමුණක් එම පිරිසට නැති බැවින් ඒ ගැන නොවෙහෙසෙමි. අප දකින ලෙස එකිනෙක පටහැනි කරුණු ඇති මහාවංශයේ එකිනෙක පටහැනි දේ එකම වැකියක ඇති තැනක් ලෙස එම වැකිය අපට පෙනේ. දඩයමට හෝ විනෝදෙට හෝ සතුන් මැරීමට කැලයට යන අයෙක් ඉතා නිහඩව කැලයට යා යුතු වේ. හතලිස් දහසක පිරිසක් කැලයට ගිය විට සියළු සතුන් සද්දෙට බය වීම පළාතකවත් නොඉඳ දුවන්නේ නොවේද? මේ ගැන ඔබගේ අදහසක් වේද?

    ReplyDelete
    Replies
    1. තිස්ස රජු සතලිස් දහසක් පිරිවර ගෙන දඩ කෙළියේ යාම අපටනම් පරස්පරයක් ලෙස නොපෙනේ. ඉතාම සරල හේතුව -> මේ හතලිස් දහස සමහර විට අතිශයෝක්තිය විය හැක.

      වඩා වැදගත් හේතු:
      හතලිස් දහසක් පිරිවරා දඩ කෙළියට යාම යනු දුනු හතලිස් දහසක් හා ඊතල ලක්‍ෂ ගණනකින් සන්නද්ධ වූ පිරිසක් එකාවන්ව මුවන් පසුපස හඹා යාම නොවෙයි. අනෙක් අතින්, නිහඬව කැලයට යාම ගැන ඔබ පවසන දේ දඩයම ගැන දන්නා මුත් දඩ කෙළිය ගැන නොදන්නා කෙනෙකුගේ ප්‍රකාශයකි. ඔබ කියන්නේ ආහාරය පිණිස සතෙක් එලා ගැනීමට වනයට වදින මානවයකුගේ ක්‍රමයයි. ඒ ප්‍රකාශය නම් ඔබේ මුල් ප්‍රකාශය (...'සිවිලයිස්' වූ බව...) හා පරස්පරයි. තිස්ස රජුම තණ කන මුවා නොවිද දුනුදිය පොලා ඌ දිවීමට සළස්වා පසුපස පැන්නූ බවයි මහාවංශය කියන්නේ.

      හතලිස් දහසක් සැබවින්ම ඇවැසි වෙන්නේ රජුගේ ආරක්‍ෂාවට සහ සුව පහසුවටයි. මේ වන විට සාමකාමී රටක් වුවත්, රජු ආරක්‍ෂා කිරීම පළමුව සිදු කළ යුතුයි. හදිසි අනතුරු සිදු විය හැකි පරිසරයකි මෙහි ඇත්තේ. ඒ නිසා දඩයමට යන වනය වටා රැකවල් ලෑම අත්‍යාවශ්‍යයි. දෙවනුව, රජුගේ සුව පහසුව සැළසිය යුතුයි. ආහාර පාන පමණක් නොව ඔහුට පවන් සැලීම, බුලත් සැපයීම, පැන් වැඩීම, සතුන් (අශ්වයින් හෝ ඇතුන්) සහ රථ බලා ගැනීම, ඒවා නඩත්තු කිරීම, වෙදකම් කිරීම, හදිසි ඉදි කිරීම් කිරීම වැනි බොහෝ දෑ කිරීම පිණිසත් ඒ සඳහා ඇවැසි බඩු බාහිරාදිය ගෙන යෑම පිණිසත් පිරිස අවශ්‍ය වේ. තිස්ස රජු සතලිස් දහසක් පිරිවරා ගියේ ඒ නිසාය. මුවෙක් එලා ගැනීම පිණිසම නොවේ.

      දඩ කෙළියට යන රජු, වනය රැකවල් ලැවීමෙන් පසු මුව රංචුවක් කොටු කර ගත යුතුය. ඒ සඳහා පිරිස් වෙන් වෙන්ව බෙදා පිටත් කළ යුතුයි. මේ පිරිස් වලට පැවරෙන්නේ මුවන්ට පැන දිවිය හැකි වපසරිය සීමා කිරීම හා රජුගේ දුන්න ක්‍රියාත්මක වන මානයෙන් එපිට පැන දුවන මුවන් බිය ගන්වා ආපසු එලවීමයි. මෙය නිහඬව කරන දෙයක් නොවේ. රජු කරන්නේ තමන්ට රැකවල් සහිත වැව් පිටියක් වැනි (එකල අද තරම් වැව් නොතිබුණත් දිය කඩිති අනිවාර්යයෙන් තිබෙන්නට ඇත) සීමිත ප්‍රදේශයක දුවමින් පනිමින් මුවන් හා ක්‍රීඩා කිරීමත් බොහෝ හෙම්බත් වුණු මුවන් යන්නට හැරීමත් සිත් ගත් ජවසම්පන්න එකෙක් දෙන්නෙක් විද බිම හෙලීමත් ය. බොහෝ විට මෙය එකිනෙකා අභියෝග කරමින් ඔට්ටු අල්ලමින් තම අමාත්‍යයන් හා සේනාපති වරුන් හා සමග කෙරෙන ක්‍රීඩාවකි (වෙනත් වචනයකින් කීවොත්, ප්‍රතිමල්ලයා වන්නේ මුවා නොවේ. ඌ ක්‍රීඩා උපකරණය පමණකි; පාපන්දුව මෙනි). මුව දඩයම් ක්‍රීඩාවේ අනිවාර්‍ය ත්‍යාගය අං තට්ටුව මිස මාංශය යැයි මානම් මොහොතකටවත් නොසිතමි.

      තිස්ස රජුගේ දඩ කෙළිය කඩාකප්පල් වුවත්, සාර්ථක දඩ කෙළියක් ගැන ආලවක කතාවේ සඳහන් වේ. අලව් රජු විසින් ඉලක්ක කෙරෙන මුවා රජුගේ රැකවල සිටි සේනාව ඉක්මවා පැන දිවීමට සමත් වූ අතර රජු ඌ පසුපස පන්නා ගොස් අලව් යකුට අසු විය. ඉතිරි සියල්ල බණ කතා සාහිත්‍යයේ ඇත.
      ~~~
      මේ සියල්ල මෙසේ විස්තර කළ පසු "මහින්දාගමනයෙන් අප 'සිවිලයිස්' වූ බව" කියන භික්ෂූන්ට වෙනම දීමට පිළිතුරක් අපට ඉතිරිව නැත. ඒ අය පසෙක සිටියදී සියලු දෙනා වෙත අවධාරණය කිරීමට අප කැමති වන්නේ මහාවංශය මෙහිදී ඉතාම සංගත වන බවයි.

      Delete
    2. @ කේ: ඔබේ සවිස්තරාත්මක පිළිතුරට බෙහෙවින් තුති. මහාවංශයේ අතිශයෝක්ති නැති බව පැවසීමට නොහැකි නමුත් යමක් අතිශයෝක්ති ලෙස නම් කිරීමේදී හැකිතාක් කල්පනාකාරී වීම අපගේ සොබාවයයි. මහානාම හිමියන් හතලිස්දහසක් ලෙස දක්වා ඇත්තේ හරියටම සංඛ්‍යාව කුමක් වුව අති විශාල පිරිසක් රජු සමග සිටි බැවින් විය යුතුය. දඩයම මෙන්ම දඩ කෙලිය ගැනද අපට ප්‍රයෝගික අවබෝධයක් නොතිබූ බව අමුතුවෙන් කිව යුතු නැත. (ඔබගේ විස්තරය නිසා දැන් සුළු අදහසක් තිබේ.) ඔබගේ පැහැදිලි කිරීම අප ඇසු පැනයට අගනා පිළිතුරකි.

      මහාවංශයේ සඳහන් 'මුව දඩ කෙළිය' ගැන ඔබගේ පිළිතුරට වෙනස් විස්තරයක්: "එදා මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ ලක්දිවට වැඩම කළ දින මිස්සක පර්වතය මුදුනේ පැවැතියේ ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයකි. අවුරුද්දේ වැසි පතා ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයකි. එදින නැකත් කෙළි දිනයකි. වැස්ස වළාහක දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයක්ය යන්න ගත් විට ජෙට්ඨ මූලක නැකත් කෙළිය වූ කලි දිය කෙළියෙන් හා දේව පූජාවන් ගෙන් සමන්විත වූ සශ්‍රීකත්වය බලාපොරොත්තුවෙන් සිදු කළ උත්සවයකි." www.lakehouse.lk/budusarana/2013/06/23/tmp.asp?ID=fea02 මෙම ස්වාමින්වහන්සේ මේ තොරතුරු ලබා ගත් මූලාශ්‍රයක් දක්වා නැත.

      Delete
    3. මේ ස්වාමින් වහන්සේ රාවණා ගැනත් යමක් කියා ඇත්දැයි දැන ගැනීමට සතුටුයි.
      මක් නිසාද යත්, රාවණා ගේ මහා තෙද බලැති පුත්‍රයා ඉන්ද්‍රජීත් නම් වන බැවිණි. හෙතෙම ඒ අභි-නාමය ලැබූයේ ඉන්ද්‍රයා දිනූ හෙයිනි. ඒ බව කියන්නේ භාරතීය ග්‍රන්ථයක් වන රාමායනයයි.

      Delete
    4. @ කේ: මෙම ස්වාමීන් වහන්සේ හා උන්වහන්සේ පවසන දෑ ගැන අප ඉහත දුන් යොමුවේ ඇති දෙයකට වඩා අපි නොදනිමු. ඉන්ද්‍ර දෙවියන් යනු හිරු දෙවියන්ය, ජලයට අධිපති දෙවියන්ය, නිල පැහැ දෙවි කෙනෙක, විෂ්ණු දෙවියන්ය, බුදුන් සරණ ගිය දෙවි කෙනෙක, ආදී වශයෙන් විවිධ මත ඇත. එකම නම ඇති වෙනස් (ප්‍රසිද්ධ) පුද්ගලයන් මෙන්ම වෙනස් නම් ඇති එකම (ප්‍රසිද්ධ) පුද්ගලයන්ද අපගේ කෙටි ජීවිත් කාලය තුල පවා දක්නට වේ. මෙම සොබාවය වසර දහස් ගණනක කාල පරාසයකට අදාලව දෙව් ලොවට අදාල නොවීමට හේතුවක් නැත.

      Delete
    5. එසේ වීනම් ඒ ගැන මින් මනත කතා කිරීමේ පලක් නැත. අපට මෙහි ඕනෑ හැටියට ඕනෑ දෙයක් කීමේ නිදහස ඇත. ඒවාට පිළිතුරු දීමට උන් වහන්සේ පැමිණෙන්නේ නැත. එවැනි අවස්ථාවක කළ යුතු සුදුසුම දේ ඒ ගැන කතා නොකර සිටීමයි.

      එහෙත්, ප්‍රාග් බෞද්ධ සිංහලයින් විසින් ඉන්ද්‍ර නම් දෙවි කෙනෙක් පිදූ බව පිළිගැනීම අපට අසීරු බව පමණක් සටහන් කර තබමි. එකම නම ඇති වෙනස් පුද්ගලයින් සිටීම හෝ වෙනස් නම් එකම පුද්ගලයා හැඳින්වීම පිණිස භාවිතා කිරීම හෝ අදත් සිදු වීම උන් වහන්සේ හඳුන්වා දෙන ප්‍රවාදය ස්ඵුට කරන්නේ නොවේ. ඇත්ත වශයෙන් ඉන් කෙරෙන්නේ උන් වහන්සේගේ ප්‍රවාදය දුර්වල කිරීමයි.

      Delete
    6. @ කේ: අපට අවැසි වුයේ ඔබගේ පිළිතුරට දුටුවාට පසු ජාලයේ අපට හමුවූ විකල්ප අදහසක් මතු කිරීම පමණි. එකම නම ඇති දෙවිවරු ගැන කරුණ මතු කෙළේ ඒ ගැන මතවාද ඇතිබව පෙන්වා දීමට පමණි. (එම තර්කය ඉහත මතය සවිමත් කිරීමට හෝ දුබල කිරීමට හෝ දෙඅකාරයෙන්ම යෙදිය හැකි බව පෙනේ.) එහෙත් එම මතය සනාථ කිරීමේ හෝ ඛණ්ඩනය කිරීමේ හෝ උවමනාවක් අපට නොවීය. උන්වහන්සේ දක්වන මතය ද අපැහැදිලිය. අපගේ වැටහීමට අනුව මහින්දාගමනයට පෙර ලක්දිව ප්‍රබලව මුල් බැස තිබුනේ 'යක්' ඇදහිල්ල මිස දේව ඇදහිල්ල නොවේ. මේ කරුණද උන්වහන්ස්ගේ මතය දුර්වල කරයි. කෙසේ වෙතත් ඉන්ද්‍ර දෙවියන් හා යක්-දෙව් මාරුව ගැන නලින් ද සිල්වා දක්වන අදහස වැදගත්ය. www.vidusara.com/2010/03/03/feature2.html .

      හතලිස් දහසක් තරම් විශාල පිරිසක් සමග මුව දඩ කෙළිය කෙසේ කරත් ද යන අප මතුකළ පැනයට ඔබ දුන් පිළිතුර කෙනෙකුට සෑහීමට පත් වීමට ප්‍රමාණවත්ය. මෙහිදී සංඛ්‍යාව නිවැරදි හෝ අඩුම තරමින් ඒ විශාල සෙනගක් ලෙස උපකල්පනය කළ විට විසදා ගත යුත්තේ මුව දඩ කෙළිය කුමක්ද යන්නය. මෙය බඩගින්නට මුවන් මැරීම නොවන බව පැහැදිලිය. විනෝදය පිණිස මුව දඩයම ලෙස ඔබ දැක්වූ අදහසට අමතරව ඊට වඩා අපට සිතා ගත හැකි යමක් වේ නම් ඒ උත්සවයක් යන්නය. 'කෙළිය' යන වදන මහාවංශයේ යෙදෙන්නේ අද විදිහට 'උත්සවය' යන අරුතින් බව පෙනේ. මේ අනුව මෙය අද අපේ රජතුමා ගාලු මුවදොර දහස් ගණන් සේනාව සමග පවත්වන සැමරුම් උත්සවය වැනි යුදමය ආකාරයේ එකක් හැක. තමන් ඇදහු දෙවියන් යකුන් ද සිහි කෙරෙමින් ඇමතිවරු, සේනාධිපතිවරු ඇතුළු සේනාව විශාල ලෙස ඊට සහභාගී වන්නට ඇත. සිය දස්කම් දක්වන රජු හා සෙනෙවියන් මුවෙක් දඩයම් කිරීම එහි අංගයක් වන්නට ඇත.

      Delete
    7. ආචාර්ය නලින් ද සිල්වා වියතාණන්ගේ ඉන්ද්‍ර යකා => ඉන්ද්‍ර දෙවියන් වීම පිලිබඳ ප්‍රවාදය සංගත දැයි අපට පැහැදිලි නැත.

      අජන්තා චිත්‍ර අතර ඉන්ද්‍ර නම් යක්ෂයෙකුගේ රූපයක් වෙයි කියන එතුමා ඉන්, ඉන්ද්‍ර නම් යක්ෂයෙකු 'යක්‍ෂ ගෝත්‍රිකයන්' ගේ වැඳුම් පිදුම් වලට ලක් වූ බවට නිගමනයකට බැස ගනී. මේ විලම්බීත කතාවකි. මේ කියන යක්‍ෂ ගෝත්‍රිකයන් (මේ වචනය ගැන අපේ එකඟත්වයක් නැත) ලංකාවේ සිටියා යැයි ඔබ කියන උන් නොවේ. (අජන්තා හි චිත්‍ර ඇඳීමට ලංකාවෙන් ගියේ නෑ නේද?) ආචාර්ය නලින් ම සඳහන් කරන පරිදි ඔහු කතා කරන්නේ පර්සියාවේ සිටියා යැයි ඔහු විසින් සැළකෙන යක්‍ෂ ගෝත්‍රිකයින් පිරිසක් ගැනය. ලංකාවේ යක්කු සමග මෙය පටලවා ගන්නේ ඇයි ?

      එසේම අජන්තා හි චිත්‍ර ඇඳෙන්නේ බුද්ධ කාලයට වඩා සියවස් කිහිපයකට පසුවයි. ඒ කාලයේ ඔය කියන යක්‍ෂ ගෝත්‍රිකයින් සිටියේ කොහෙද ? දඹදිව ඔවුන් සිටියානම් (සාතාගිර/හේමවත/ආලවක වැනි) ඒ යකුනුත් ලංකාවේ යකුනුත් විසින් අදහන ලද්දේ එකම දෙවි වරුන් අප කෙසේද එකඟ වන්නේ ? බෞද්ධ සාහිත්‍යයේ (හා තෙවලා දහමේ) කියැවෙන යක්කු වෙසමුණි රජුගේ සේනාවෝය. ලංකාවේ යකුන් ගැන කිව හැක්කේ කුමක්ද ?

      මේ කියන යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ ඉන්ද්‍ර නම් දෙවියා ආර්යයන් විසින් පැහැර ගනු ලැබුවේ නම්, අනතුරුව වෛදිකයින් (එනම් ආර්යයින්) විසින් ඔහු සක් දෙවිඳු බවට පත් කර ගනු ලැබුවේ නම්, බුද්ධ කාලයේ දී සක්‍ර දෙවියන් බුදුන් හමු වීමත්, ඉන් සියවස් ගණනකට පසු ඉන්ද්‍ර නම් යක්‍ෂයා අජන්තා ලෙන් වල ප්‍රාධුර්භුත වීමත්, සිදු වන්නේ කෙසේද ? මේ කොට්ටාශ දෙක (එනම් යක්‍ෂ ගෝත්‍රිකයින් හා ආර්යයන්) වෙන වෙනම අජන්තා ගුහා නිර්මාණය වන කාලය දක්වා ස්වාධීනව පැවති බව පිළිගැනීම ඉහත කරුණු දෙක සිදු වූ බව පිළිගැනීමට ඇති එකම ක්‍රමයයි. එහෙත්, එය එසේද ? එසේ වීනම්, අජන්තා ලෙන් නිර්මාණය කරන්නට ඇත්තේ යක්කු ද, නැතිනම් වෛදිකයින් ද ?

      ඉහත සියල්ලෙන් අප පැහැදිලි කිරීමට උත්සාහ ගන්නේ ආචාර්ය නලින් කීමට උත්සාහ කරන අජන්තා ලෙනේ සිටි ඉන්ද්‍ර නම් යක්‍ෂයෙක් හේතුවෙන් ප්‍රාග් බෞද්ධ ලංකාවේ ඉන්ද්‍ර නම් දෙවියෙක් ඇදහූ බවට නිගමනයකට පැමිණිය නොහැකි බවයි. මේ සිද්ධි දෙක (සත්‍යය වුවත් නැතත්) එකිනෙක ස්වායත්ත සිද්ධි වේ.

      Delete
    8. @ කණිෂ්ක: නලින් ද සිල්වාගේ ලිපියේ යොමුව දුන්නේ හෙළයන් ඉන්ද්‍ර දෙවියන් ඇදහු බව සනාථ කිරීමට නොව හුදෙක්ම ඉන්ද්‍ර දෙවියන් ගැන විකල්ප අදහස් ඇති බව දැක්වීමටය. ඔබේ අවසන් ඡේදයේ නිගමනය හා අප එකඟය. ඔබ නගන පැන වලට නිවැරදිම පිළිතුරු ලැබේ නම් ඒ නලින් ද සිල්වාගෙන් ම විය යුතුය. නලින් ද සිල්වා දක්වන අදහස් සම්බන්ධ පැන වලට සාර්ථකව පිළිතුරු දීමේ තරම් හැකියාවක් මට ඇත්තේද නැත. ඔබ නගා ඇති පැන පිළිතුරු අපේක්ෂාවෙන් නොව ඔබේ නිගමනය තහවරු කරනු වස් බව පැහැදිලිය. එමෙන්ම මේ, නලින් ද සිල්වා දක්වන ප්‍රධාන කරුණක් ද නොවන අතර මේ ගැන අප තුල ලොකු උනන්දුවක් මෙන්ම එතරම් දැනුමක් ද නැත. තතු එසේ වුව ඒ ගැන අපගේ අදහස කෙටියෙන් දක්වමු.

      අපට තේරෙන හැටියට නලින් ද සිල්වා කියනුයේ ලක්දිව යකුන් සිටි බවටත් ඔවුන් (හෙවත් ඔවුන්ගේ මුතුන් මිත්තන්) පර්සියාවෙන් සංක්‍රමණය වූවන් බවටත් සියවස් ගණනාවක් පුරා වූ එම ගමන භාරතය හරහා වූ බවටත් ඉන්ද්‍ර ඇතුළු යකුන් ඇදහීම ඔවුන් කළ බවත් එනිසා ලක්දිව මෙන්ම භාරතයේත් යකුන් ඇදහීම වූ බවත් පසුකාලීනව බමුණු දහම බලවත් වනවිට භාරතයේ යකුන් දෙවියන් වූ බවත් ලක්දිව මෙම සීරුමාරු වීම සෙමෙන් සිදු වූ බවත්ය. (මෙම මතය අප මුළුමනින්ම පිළිගන්නා බවක් මින් නොකියවේ.)

      අජන්තා ලෙන්හි ඉන්ද්‍ර යක් කෙනෙකුගේ සිතුවම් ඇතිනම් ඒ එම ඇදහිල්ල නටබුන් ලෙස හෝ එකල තිබු නිසා විය හැක. ආටානාටිය සූත්‍රයට අනුව සියළු (අමනුස්ස) යකුන් වෙසමුණි යටතේ වෙයි. එම යකුන් සිටින්නේ ලංකාවේද ඉන්දියාවේද ඇමෙරිකාවේද යන්න අදාළ නොවේ. පෙළදහමට අනුව නම් සක් දෙවිඳු යනු දිගුකල් බලපවතින නිලයක් හෝ පදවියක් හෝ වේ. නලින් ද සිල්වා කියන ලෙස එම දෙවියන් ගැන දැනුම එම සංස්කෘතිය තුළ (අභිඥාලාබීන් මගින්) වෙනම නිර්මාණය වී පසුකාලීනව ඉන්ද්‍ර දෙවියන් සක් දෙවිඳු වුවාද විය හැක.

      Delete
  16. SiTh,

    "අපගේ වැටහීමට අනුව හෙළයන් ඇදහුයේ යකුන්ය. මෙම යකුන් යනු බලවත් තේජස් සහිත අමනුෂ්‍ය කොටසකි. 'යක්ෂ' යන වදන අද සමාජයේ යෙදෙන්නේ පහත්, දරුණු වැනි අරුතෙන් වුව පැරණි සමාජයේ ඒ, අද අප දෙවියන් යන වදන යොදන අරුතෙන් යෙදෙන්නට ඇත. භූමාටු දෙවියන්, රුක් දෙවියන් ලෙස හැඳින්වෙන්නේ මෙම යක්ෂ කොටසට වඩා තේජසින් අඩු පිරිසකි."

    යන ඔබේ ලියවිල්ලේ,
    1. යකුන් යනු බලවත් තේජස් සහිත අමනුෂ්‍ය කොටසකි
    2. භූමාටු දෙවියන්, රුක් දෙවියන් ලෙස හැඳින්වෙන්නේ මෙම යක්ෂ කොටසට වඩා තේජසින් අඩු පිරිසකි

    යන අදහස් තව පැහැදිලි කළ හැකිනම් අගේය.

    ReplyDelete
    Replies
    1. @ කණිෂ්ක:

      යකුන් (හෝ යක්ෂයන්) නම් අමනුෂ්‍ය කොටස බලවත් සත්ව කොටසෙකි. ඒ අයට අවැසිනම් මිනිසුන්ට හෝ වෙනත් යකුන්ට හෝ බලපෑම්, කරදර කිරීම මෙන්ම අතහිත දීමද කළ හැක. සම්‍යක් දෘෂ්ඨික හෙවත් දිට්ඨියෙන් බොදු යකුන් බොදුනුවන්ට, වෙසෙසින් සිහළ බොදුනුවන්ට යම් උපකාර කරනවා විය හැක. ඒ වගක් උපකාර ලබන අය නොදන්නවාද විය හැක. මෙම යකුන් අතර යක් සෙනෙවියන් (හෙවත් නායකයන්) සිටින බවත් එවැන්නන් සමඟ සිය දහස් ගණන් අනුගාමික යකුන් (හෙවත් සේනාව) සිටින බවත් අසා ඇත. මිත්‍යා දෘෂ්ඨික හෙවත් බොදු නොවන දිට්ඨි සහිත යකුන්ගෙන් බොදුනුවන්ට කරදර පීඩා විය හැක. මෙම යකුන්ද සිය කර්මය විපාක වල හැටියට බලවත් හෝ දුබල හෝ විය හැක. යකුන් ගැන වැඩි විස්තරයක් (ඇතැම් නවීන උගතුන් පිළිනොගන්නා) ආටානාටිය සූත්‍රයේ වෙයි. යකුන් යනු දුක් විඳින දුබල ප්‍රේත කොටසට වෙනස් පිරිසක් බව එම සූත්‍රයෙන් වඩාත් පැහැදිලි වේ. මෙම ධාර්මික (බොදු) යකුන්, අධාර්මික යකුන්, හා ඔවුන්ගේ සේනා මනුලොවට අනුරූපව අප ගලපා ගත්තේ හමුදා නායකයන්, ප්‍රාදේශීය මැරයන් හෝ පාතාල නායකයන්, හා ඔවුන්ගේ අනුගාමිකයන් ලෙසය. මෙම (හොඳ හෝ නරක හෝ) යකුන් සමඟ ගනුදෙනු කරන ක්‍රමයක් දැන සිටියෝ යක් රැහේ හෙළයෝය.

      භූමාටු හෝ රුක් දෙවියන් නම් තමන්ගේ පාඩුවේ සිටින අහිංසක සත්ව පිරිසෙකි. මේ අයට මිනිසුන්ට හෝ වෙනත් අමනුස්ස කොටස් වලට හෝ බලපෑම් කිරීමට තරම් ශක්තියක් නැත. එනිසාම පින් දීම හැරුණු කොට මේ පිරිස ගැන වෙහෙසෙන සොයා බලන හෝ (යකුන් සමග මෙන්) ගනුදෙනු කරන සිරිතක්ද අප අතර නැත. මනුලොවට අනුරූපව නූතන මධ්‍යම පාන්තික වැසියන් වැනිය. අධිවේගී මගක් ඉදිකිරීමට ඔබ වෙසෙන නිවෙස කැඩීමට රජය තීරණය කළහොත් නිවෙස හැර දැමීම හැර වෙනත් යමක් කිරීමට තරම් බලයක් මධ්‍යම පාන්තික වැසියාට නැත. දුටුගැමුණු මහරජු මහාසැය ඉදි කිරීමට ගස කැපීමට තීරණය කළ විට එම ගසේ සිටි රුක් දෙවගනට හැඩීම අනුකම්පාව අයැදීම හැර අන් යමක් කිරීමට බලයක් නොවීය. අසා ඇති කතාවේ හැටියට තමන්ගේ ගුණවත් බව නිසාම මහරජු සැය එම දෙවඟන නමින් නම් කළා මිස එසේ නොකෙළේ නම් ඒ ගැන එම දෙවඟනට කළ හැකි අන් යමක් නැත.

      මේ ලීවේ සාමාන්‍ය (ගැමි) සමාජයේ හා බණ කතා වල ඇති දේත් දේශකයන් වහන්සේ දෙසන දේත් අනුව අපගේ නුවණට වැටහෙන දේ මිස අමනුස්ස ලෝකයේ සංචාරය කර දැනගත් තොරතුරු නොවන බව කිව යුතුය. (මේ ගැන ඔබ නොදැන සිටියේ නම් ඒ අපගේ මවිතයට කරුණෙකි.)

      Delete
    2. SiTh ඔබේ රචනාව හරබර බවත්, එය අමුතුවෙන් ඒ ගැන සිතීමට අප පෙළඹවූ බවත්, පිළිගත යුතුය. අප යකුන් ගැන දරන අදහස ඊට වෙනස් වේ. එහෙත්, අපේ අදහස වෙනස් වීම ඔබේ අදහස අගය නොකර සිටීමට හේතුවක් නොවේ.

      අප යකුන් වර්ග කීපයක් ගැන අදහමු. මේ එක එක් යකා (යක්‍ෂ වර්ගයා) වෙන වෙනම සැළකිය යුතු වේ. උන්ගේ සම්භවය හා පැවැත්ම වෙනස්ය. මේ සියලු යකුන් එක වර්ගයක් ලෙස සැළකීම ගැටළු වලට මුල බවයි අපේ අදහස.

      ~~~~~~~~~~~~~~~
      1. බුද්ධ ධර්මයේ කියැවෙන යකුන්:
      මොවුහු වෛශ්‍රවණ දෙවියා (යක්‍ෂයා) ගේ සේනාවෝය. වෙසමුණි ලෙසද හැඳින්වෙන හෙතෙම සතර වරම් රජ වරුන්ගෙන් කෙනෙකි. ස්වච්ඡන්දයක් නැත. තව්තිසා වැසි සක් දෙවිඳු යටතේ තම වපසරිය පාලනය කරයි. අනෙක් වරම් රජ වරු, එනම්, ධ්‍රැතරාෂ්ඨ රජු ගාන්ධර්වයන් ද, විරූඪ රජු කුම්භාණ්ඩයන් ද, විරූපාක්‍ෂ රජු නාගයන් ද පාලනය කරන බව මේ කතා වල සඳහන් වේ. (මේ වර්ග සතරට අමතරව ගුරුළන් හා දානව රාක්‍ෂෂ නමින් තවත් කොටස් දෙකක් සිටි බව සමහර පත පොතේ සඳහන් වේ).

      කෙසේ වෙතත් මේ අය සංසන්දනය කෙරෙත් නම්, එය කළ යුත්තේ සක් දෙවිඳු රජු ලෙස සළකා ය. එවිට සතර වරම් රජ වරු සේනාපති වරු ලෙස සැළකිය හැක. එහෙත්, ඔවුන් ද (ශක්‍රයා යටතේ වුවත්) පෙදෙසක් පාලනය කරන බැවින් රජුන් ලෙස සළකු කළ, සාතාගිර හේමවත ආදී යක්කු ඇත්ත වශයෙන්ම වෙසමුණි රජුගේ සේනාපති වරු වේ. ආලවක යක්‍ෂයා දෙවෙනි මට්ටමේ සේනාපතියෙකි. මේ මට්ටමේ සිට බිම් මට්ටම දක්වාම විවිධාකාර යක්කු සිටිත්.

      එහෙත්, මේ කිසිම යකෙක් ඔබ කියන 'යක් රැහේ හෙළයින්' හා සම්බන්ද වී සිටි බවක් අපට නම් සිතෙන්නේ නැත.

      2. සාසන ඉතිහාසයේ කියැවෙන යකුන්:
      මුන් වර්ග දෙකකි. පළමු යක්කු පෙර අප සඳහන් කළ යකුන්ගේ ගුණම දරන එහෙත්, දඹදිව නොව ලක්දිව වාසය කර ගත් යක්කුය. මුන් වෙසමුණි රජුගේ ආඥාව පිළිගත් බවට සාධක නැත. වෙසමුණි රජුගේ ආඥාව පිළිගන්නා යක්කු නම් මුන් ගිරි දිවයිනට පලවා හැරීම පිණිස බුදුරජාණන් වහන්සේට වැඩම කිරීමට සිදු වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ලක්දිව වැඩ සිදු කරන්නේ සම්පූර්ණ යක්‍ෂ ජනපදයක් ඉවත් කිරීමයි; ආලවක යකා හෝ කාලි යක්ෂිණිය හෝ දමනය කිරීම වැනි සිල්ලර වැඩක් නොවේ.

      දෙවන වර්ගය විජයයා ලංකාවට කඩා වදින විට සිටි යක්කුය. මේනම් මනුෂ්‍ය වර්ගයක් බව පෙනේ. පළමු යකුන්ගේ බල පරාක්‍රමය දුටු (තවම සිංහල වී නොසිටි) ස්වදේශිකයෝ තමනුත් යකුන් සේ බලවත් බව පෙන්වීමට තමන් යකුන් ලෙස හඳුනා ගත්තා ද විය හැක.

      3. නෑ යක්කු:
      ප්‍රාග් සිංහල අපේ මුතුන් මිත්තන් මිය ගිය ඈයින් ඇදහූ බව පෙනේ. අද වැද්දන් මේ ඇදහිල්ල පවත්වාගෙන එයි. සිංහලයින් අතර ද ප්‍රාග් සිංහල මේ ඇදහිල්ල මෑතක් වන තුරුම පැවතී බව ලක්දිව විවිධ පෙදෙස් හි ඇති, මින්නේරි, කඩවර, දෙවොල්, සමන්, (කතරගම) මහසෙන්, ගලේ බණ්ඩාර, තැනිවැල්ලේ ඈ නොඑක් ප්‍රාදේශීය දේවාල අනුව නිගමනය කළ හැක.

      4. සන්නි වල සිටින, තොවිල් ආදියට සහභාගී වන යක්කු.
      මෙයත් ප්‍රාග් සිංහල ඇදහිල්ලකි. නැතහොත් පසු කාලිනව මලයාලි මිනිසුන්ගේ සංක්‍රමණය හේතුවෙන් ඇති වුණා ද විය හැක. කෙසේ වෙතත්, දේවාල තනා භාරහාර නොවෙන, එහෙත් අපට වන කරදර රෝග-පීඩා වලින් මිදීමට, නැතහොත්, බිල්ලක් ගැනීම පිණිස මිනිසුන්ට කරදර කරන 'දුප්පත්' යක්කු මේ ගණයට අයත් ය. මහසෝනා, රීරි යකා, ඔඩ්ඩි මස්සිනා, ආදීහු උදාහරණ වේ.

      මෙයට අමතරව නිදන් රකින බව කියන බහිරවයින් බලි-බිලි පිළිගන්නා මුත්, ඔවුන් මනුෂ්‍යයින් සොයාගෙන විත් කරදර කරන්නේ නැත.

      5. බැඳගෙන වැඩ ගන්නා යකුක්‌.
      මේ යක්කු ඉහත 4 වන කොටසටම අයත්, එහෙත් වඩා දුර්වල යක්කු විය හැක. එසේ නැතිනම්, ඇඟපත හයි-හත්තිය ඇති වැඩි බුද්ධියක් නැති මිනිසුන්ම විය හැක. ගම් වල අදත් මෙවැනි මිනිස්සු සිටිති. මුන්ට කන්න බත් පලඟානකුත් බොන්න කැමති දේකුත් දුන් කළ ගමක වැඩ කර ගත හැකිය. (නගරේ මෙවැනි අය නැතුවා නොවේ.එහෙත් ඒ අය සිටින්නේ මන්ත්‍රීතුමාගේ ආරක්‍ෂක අංශයේ ය.)
      ~~~~~~~~~~~~~~~
      ...

      Delete
    3. ...

      භූමාටු දෙවියන් ගැන ඔබේ විග්‍රහයට එක කරුණක් එකතු කරමු.

      "දුටුගැමුණු මහරජු මහාසැය ඉදි කිරීමට ගස කැපීමට තීරණය කළ විට එම ගසේ සිටි රුක් දෙවගනට හැඩීම අනුකම්පාව අයැදීම හැර අන් යමක් කිරීමට බලයක් නොවීය." යනු සම්පූර්ණ සත්‍යය නොවේ. දෙවිවරු අයත් වන්නේ ශක්‍රයාටයි. දෙවියන්ට අවනඩුවක් වූ විට පැමිණිලි කෙරෙන්නේ එතැනටයි. දුටුගැමුණුට එරෙහිව ස්වර්ණමාලි නඩුවට සිදු වුනේ කැලණියේ සමෘධි නිලධාරියා සම්බන්ධ විනය පරීක්‍ෂණයට සිදු වූ දේට සමාන සිදු වීමකි.

      දෙවඟන පැමිණිල්ල කළත්, දුටුගැමුණු රජු ඒ වන විටත් තුසිතයට නැගීම පිණිස සුදුසුකම් සාදාගෙන අවසන්ව තිබිණි. තුසිතය තවත් දෙව් ලෝ දෙකක් ඉහල පිහිටියේ වෙයි. එවැනි අවස්ථාවක සක් දෙවිඳුන්ගේ බලය සීමිතයි. සක් දෙවිඳුන්ගේ ආඥාව දුටුගැමුණු රජු කෙරේ බල පවත්වන්නේ නැත.

      එසේම, රජු ගස ගලවන්නේ මහා සෑය සැදීම පිණිසයි. ඒ ස්ථානය බුදුරජාණන් වහන්සේ විසින් සමවත් සුවයෙන් වැඩ සිටි, අනුබුදු මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පෙන්වා දී සමන් මල් අට මිටකින් පූජා කරනු ලැබ ඒ රජු විසින් අකුරු කොටවා ගල් ටැඹක් සිටුවා සළකුණු කර තිබුණු, මහා විහාරයට අයත් භූමි භාගයයි. මේ තත්වය යටතේ, ඒ දේවතාවිය අනවසර පදිංචිකාරියකි. නඩුව විසි වීමට හා රජු හා සමථයකට එළඹීමට ඇයට සිදු වීමට මෙයත් එක් හේතුවකි. අනෙක් පසින්, මහා විහාර සීමාවේ ගසෙක ස්ත්‍රී පරාණයක් වාසය කිරීමත් එක්තරා දුරට ගැළපෙන්නේ නැත.

      රුක් දෙවි වරු ඇදහිල්ල අදත් පවතින බව පෙනේ. විවිධ බෝධි රුක් වෙත එක් එක් කාල වලට ජනයා ඇදෙන්නේ ගස ගැන ඇදහිල්ලකින් පමණක්ම නොවේ. ඒ ගසේ වෙසෙන දෙවියන් ගැන ද විශ්වාසයෙනි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ සිටින්නේ කළු දේවතා බණ්ඩාර නම් දෙවියෙකැයි කියයි. ඔහු මේ ලක්දිව සුරක්‍ෂිතම රුක් දෙවියා බවට සැකයක් නැත. මොවුන් අහිංසක බව නම් ඇත්ත; එහෙත් අසරණ නැත.

      මේ ලියුවේ දෙවියන් හා යක්‍ෂයන් ගැන අපට කීමට ඇති දේය.

      Delete
    4. SiTh,
      ඔබ දෙදෙනාගේ යක්ෂ සාකච්චාව ඉතාම වැදගත්. මේ සාකච්චාව දිගටම කරගෙන යන්න. හැකිනම් වෙනම ලිපියක් ලෙස පල කරන්න. එය සියලු පාඨකයන්ට රසවත් ලිපියක් වේ යැයි සිතමි.
      ---------------

      K,
      මෙපමණ යක්කු තොගයක් සිටි බව නොදැන සිටියෙමි. මීට එකතු කල හැකි විවිධ යක්කු විවිධ රටවල සිටිති. ක්‍රිස්තියානියේ, සාතන්, ලුසිෆර් ආදී නම් වලින් හැඳින්වෙන යකෙක් සිටී. ඉන්දියාවේ කාලි අම්මණ්ඩි මෙවැනි යකින්නකි. රුසියාවේ බාබායාග යකින්න කතා වල නිතර හමු වේ. ග්‍රීක කතා වල මෙඩුසා තවත් යකින්නකි. ඉස්ලාම් ආගමේ එන අල්ලා ඉතාම බලවත් යකෙකි. චීනයේ, ජපානයේ, කොරියාවේ, අග්නිදිග ආසියානු රටවල් වල බොහෝ යක්කු ගැන කියැවේ. මේ සියලු යක්කු පර (විදේශීය) යක්කු කියා අතහැරියත්, අසුරයින් (රාහු අසුරේන්ද්‍රයා, වේපචිත්ති අසුරයා වැනි) ඔබට මග හැරීම පුදුමයකි.

      ඔබ ඔවුන් පළමු කොටසට අයත් කොට සැළකුවා ද?
      ---------------

      ඔබ දෙදෙනා සිතන පරිදි:

      * සිරිසඟබෝ රජ කාලයේ පැමිණි රක්තකරාක්ෂයා අයිති වන්නේ කුමන කාණ්ඩයටද?
      * විශාලා මහනුවරට අමනුෂ්‍ය බිය ඇති කළවුන් හා මේ යක්ෂයා අතර සම්බන්ධය කුමක්ද?
      * දිය රකුසන් ගැන කිව හැකි දේ කවරේද?

      Delete
    5. @ Joseph:

      [1] "මීට එකතු කල හැකි විවිධ යක්කු විවිධ රටවල සිටිති."

      එම යකුන් මීට එකතු නොකර එම රට රටවලම ඉන්ඩ ඉඩ හැරීම වඩා සුදුසුය. වෙන රටවල් කෙසේ වෙතත් ඉංගිරිස් වහරන රටවල satan, devil හෝ demon ලෙස එම සංස්කෘතිය තුල හඳුනා ගැනෙන සත්වතෙම හා අපේ යක්කු වෙනස්ය. ද්වීකෝටික ක්‍රමය තුල God ධන අක්ෂයේ අන්තයට වනවිට ඔවුන්ගේ satan ඊට ප්‍රතිවිරුද්ධ ඍණ අක්ෂයේ වේ. එනම් ඔවුන්ගේ satan අරුත් දැක්වෙන්නේ God ට සාපේක්ෂවය වන අතර හෙතෙම ඇසුරු නොකළ යුතු කිසිම හොඳක් නැති භයානක කෙනෙකි. අපේ යක්කු අතර ඉඳ හිට අපට ලෙඩ දාන යක්කු ද සිටියද ඔව්හු අපට උදව් උපකාර ද කෙරෙති. පෙළ දහම අනුව තත්වය මීටත් වඩා සංකීර්ණ වේ. ඒ, ඇතැම් යකුන් බුදුදහමේ ගැඹුරු කරුණු බුදුරදුන්ගෙන් විමසීමට තරම් ප්‍රඥාවෙන් ඉහළය. පෙළ දහම අනුව විශාල යක් පිරිසක් තෙරුවන් සරණ ගිය ඇත්තන්ය. පෙළ දහමේ අප දැක නැති මුත් (බොහෝ විට අටුවා වලට අනුව) සාතාගිර හා ආලවක වැනි යකුන් සෝවාන් වුවන්ය. මෙවන් උතුම් යකුන් හා සුද්දන්ගේ devil කලවම් නොකළ මනාය. වෙනත් වදනින්, අපේ යකුන් ගැන අපට තිබිය යුත්තේ අපේ සංස්කෘතියට සාපේක්ෂ ඇගයුමකි. එසේ වුව, වෙසෙසින්, අපේ නූතන උගත් සමාජය (මිත්‍යා ලෙස සලකමින් හෝ) අපේ යකුන්ට දී ඇත්තේ වේදයේ හෝ බයිබලයේ හා එම විදෙස් සංස්කෘතීන්ට සාපේක්ෂ වෙමින් දෙන ඇගයුමකි. මෙම සටහන බටහිර නොවන සංස්කෘතීන්හි ඇති යකුන්ට අදාළ නොවේ. ඒ, එම යකුන් ගැන යමක් කීමට තරම් දැනුමක් අපට දැනට නැති බැවිනි.

      [මේ, ඉහත කොමෙන්ටුවක කණිෂ්ක ද උපුටා දැක්වූ අපගේ " 'යක්ෂ' යන වදන අද සමාජයේ යෙදෙන්නේ පහත්, දරුණු වැනි අරුතෙන් වුව පැරණි සමාජයේ ඒ, අද අප දෙවියන් යන වදන යොදන අරුතෙන් යෙදෙන්නට ඇත. 'යක්ෂ' වදන තත්වයෙන් පහත යාමට වෛදික-බමුණු (මත) හා බයිබලය ද බලපාන්නට ඇත." වැකියෙන් කීමට අවැසි වූ එක් දෙයකි. katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1373314283117#c3304762400524951377 ]

      [2] "... අසුරයින් (රාහු අසුරේන්ද්‍රයා, වේපචිත්ති අසුරයා වැනි) ඔබට මග හැරීම පුදුමයකි." ------> (අඩුම තරමින් පෙළ දහමට අනුව) අසුර යනු යක්ෂ නොවේ.

      ඉහත දැක්වුයේ ඔබ K ගෙන් විමසු ඇතැම් කරුණු ගැන අපගේ අදහසයි. ඔබ අපෙන් විමසු කරුණු 3 ගැන එතරම් දැනුමක් අපට නැත. රක්තකරාක්ෂයා යනු එක සත්වයෙක් ලෙස සලකයි නම් විශාලා මහනුවර තුන්බිය එවන් එක අමනුස්සයෙක් නිසා ඇති වූවක් නොවන බැවින් මේ සිද්ධි දෙක අතර සම්බන්ධයක් හැදීම අපහසුය. නලපාන ජාතකයේ දියරකුසෙක් ගැන සදහන් වේ. අප දන්නා අනෙක් දියරකුස් වනාහි දොස්තර හොඳහිතගේ සතුරාය.

      Delete
    6. @ කණිෂ්ක:

      katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374609881714#c6183385437543808570

      ඔබේ ඉහත සටහනේ අවසන් ඡේදය වැදගත්ය. ඊට ඌනපූරණයක් පසුව දක්වමු.

      "දෙවිවරු අයත් වන්නේ ශක්‍රයාටයි." ------ මෙය සම්පූර්ණ සත්‍ය නොවිය හැක. මාර දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ සේනාව හෝ සක් දෙවිඳුගේ නායකත්වය පිළිගැනීම සිදු විය නොහැක. සියළු සම්‍යක් දෘෂ්ඨික (හෙවත් තෙරුවන් සරණ ගිය) දෙවියන් සහ වෙනත් ධාර්මික දෙවියන් සක් දෙවිඳුගේ නායකත්වය පිලිගන්නවා ඇත. එනම් ඇතැම් දෙවිවරු සක් දෙව් රජුට අයත් (හෝ යටත් හෝ) නොවේ. මේ ගැන කාට හෝ මෙවන් තර්කයක් මතු කළ හැක; "යුද සමයේ උතුරේ බලය පිරබාහරන් සතුය. එහෙත් නිල වශයෙන් උතුර (හා එනිසා පිරබාහරන්) ලක්දිව ජනපතිට අයත්ය. මෙලෙස ඇතැම් දෙව් ලෝ මාර දෙව් පුත් සතුය. නමුත් නිල වශයෙන් සදෙව් ලොවම සක් දෙව් සතුය" යනුවෙනි. අපගේ අදහස නම් සදෙව් ලොවට අධිපති යැයි කීවද සක් දෙව් රජුට කිසිදා ලෞකික කටයුතු සම්බන්ධයෙන් මාර දෙව් පුත් අභිබවා යා නොහැකි බවයි.

      "දෙවියන්ට අවනඩුවක් වූ විට පැමිණිලි කෙරෙන්නේ එතැනටයි."------- සක් දෙවිඳුගේ නායකත්වය පිළිගන්නා දෙවිවරු සම්බන්ධයෙන් පමණක් වුවද මෙය සම්පූර්ණ සත්‍ය නොවිය හැක. අල්පේශාක්‍ය දෙවිවරුන්ට මහේශාක්‍ය දෙවිවරු අසළට යාම හෝ කළ නොහැක. එවන් විටෙක පැමිණිලි කිරීමක් ගැන සිතීම අපහසුය. 'දුටුගැමුණුට එරෙහිව ස්වර්ණමාලි නඩුව' නොදැමූ නොඇසූ නඩුවක් වීමට ඉඩ වැඩිය.

      "දෙවඟන පැමිණිල්ල කළත්, දුටුගැමුණු රජු ඒ වන විටත් තුසිතයට නැගීම පිණිස සුදුසුකම් සාදාගෙන අවසන්ව තිබිණි." --------- ඔබ දැක්වූ උපමාව නම් බිය උපදවන එකකි. ඉන් හැඟෙන්නේ දෙවඟනට යම් අසාධාරණයක් හෝ අපහසුවක් හෝ වුවද දෙව් ලෝ ඒමට සිටිනා දුටුගැමුණු රජුට අවාසි වන දෙයක් සක් දෙව් රජු නොකළ බවයි. මෙය උපමාවට ගලපන විට හැඟෙන්නේ අපේ රජතුමා ගස් බැඳී නිලධාරියාට අසාධාරණයක් හෝ අපහසුවක් හෝ වුවද සිල්වාට අවාසි වන තීන්දුවක් නොලැබුණේ සිල්වා රජවීමට සිටිනා නිසා බවයි. (බියක් ඇති නොවන්නේද?) [මෙහිදී අප සලකන්නේ මෙම සිද්ධියේ තමන්ම ගස් බැඳගත් පිටපත නොවේ.] සිල්වාට ප්‍රශ්නයක් වුවොත් රජතුමා ඒ විසඳනු ඇත. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයාට ප්‍රශ්නයක් වන විට (මනුලොව නූතන ප්‍රජාතන්ත්‍රවාදය හා තාක්ෂනය යටතේ සිය රටේ නායකයා වන රජුට පැමිණිලි කළ හැකි වුවත්) විසඳුම් නම් නොලැබේ. දෙව්ලොව තත්වයද මෙයම වේ. කර්මයම දායාද කොටගෙන ජීවත් වෙන දෙවඟනට තත්වය මීට වඩා අපහසු වන්නට ඇත.

      ඉහත කරුණු දැක්වීම කෙළේ සුළු කරුණක් අරබයා ඔබ හා වාදයක පැටලීමට නොව දෙව්ලොව යනු අප සිතා සිටින තරම් සුන්දර සාධාරණ තැනක් නොවේ යන්න අපගේ අදහස බව දැක්වීමටය.

      Delete
    7. @ කණිෂ්ක:

      katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374609842307#c1734287374808479941

      [1] "උන්ගේ සම්භවය හා පැවැත්ම වෙනස්ය." ---------- පැවැත්ම වෙනස්ය. සම්භවය ලෙස ඔබ කියනුයේ සම්භවය ගැන මිනිසුන් අතර ඇති කතා විය යුතුය. සම්භවය යනු උපත නම් (බුදුදහමට අනුව) කුමක් හෝ පෙර භවයේ රැස් කළ කුසල් අකුසල් (සංඛාර), උපාදානය හා චුති සිත අනුව කොයි යකාටත් ඒ ඒ යක්ෂ භවය ලැබෙන්නට ඇත. එනම් සම්භවය එකමය. වෙනසක් ගැන කීමට නම් මෙම පෙර බැව්හි අදාළ නිශ්චිත සිද්ධි ගැන කීමට සිදු වේ. එවන් දේ ඇතැම් අටුවා වල සදහන් වෙතත් ඒ සීමිතය.

      [2] "බුද්ධ ධර්මයේ කියැවෙන යකුන්" -------- වඩාත් නිවැරදිව කිවහොත් පෙළ දහමේ කියැවෙන යකුන්ය. මේ ගැන විස්තර ආටානාටිය සූත්‍රයේ වේ. මෙහිදී සැලකිය යුතු යම් දෙයක් වේ. යක්ෂ සේනාව වෙසමුණි යටතේ වේ. වෙසමුණි යක්ෂයෙක් සේම දෙවියෙක් ලෙස ද දැක්වේ. යක්ෂ හා දේව යනු එකිනෙක බෙහෙවින් වෙනස් දෙපිරිසක් බව සාමාන්‍ය පිළිගැනීමයි. සතරවරම් දෙවිවරු යටතේ පාලනය කෙරෙන්නේ චාතුර්මහාරාජික නම් මනුලොවට ආසන්නම දෙව් ලොවයි. සතරවරම් දෙවිවරු සමස්ත චාතුර්මහාරාජික දෙව් ලොවම පාලනය කෙරේ නම් එම රජවරු යටතේ සිටින්නේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ හා ගන්ධර්ව යන සිවු පිරිස නම් චාතුර්මහාරාජික දෙව් ලෝ වැසියන් වනුයේ එම සිවු පිරිසයි. මේ මේ අනුව යක්ෂ යනු (තවත්) දේව කොටසක් ලෙස සැලකීමට සිදු වේ. මෙය තරමක් සංකීර්ණ තත්වයකි. දෙව් ලෝ ප්‍රේත ලෝ ආදිය මනු ලොවට වඩා සංකීර්ණ බව පෙනේ. (සත්ව විෂය අචින්ත්‍ය යන්නද මෙහිදී සිහිපත් කරමු.)

      [3] "මේ මට්ටමේ සිට බිම් මට්ටම දක්වාම විවිධාකාර යක්කු සිටිත්. එහෙත්, මේ කිසිම යකෙක් ඔබ කියන 'යක් රැහේ හෙළයින්' හා සම්බන්ද වී සිටි බවක් අපට නම් සිතෙන්නේ නැත." ---------- යක් රැහේ හෙළයින් බොහෝ විට ගනුදෙනු කෙළේ ඔබ කියනා බිම් මට්ටමේ යකුන් සමඟ බවත් නමින් ප්‍රසිද්ධ වී ඇති යකුන් සුළු පිරිස ඉහළ මට්ටමේ බවත් අපගේ අදහසයි.

      [4] "මුන් වෙසමුණි රජුගේ ආඥාව පිළිගත් බවට සාධක නැත." --------- අප දන්නා තරමින් වෙසමුණි රජුගේ අණට අකීකරු යකෙක් සිටිය නොහැක. එහෙත් මෙවන් දෙයක් සිදු හැක. අපේ රජතුමා සිල්වා පිස්සු කෙලින විට දන්නේ නෑ වගේ සිටි. එමෙන්ම මැරයන්ද ඇතුළු රටේ සියළු වැසියන් රජුට යටත් වුව ඇත ගමක නම් නොදන්නා මැරයෙක් පිස්සු කෙලින විට ඒ ද රජතුමා ගණන් ගන්නේ නැත. යකෙක් පිස්සු කෙළින විට ඉන් අදහස් වන්නේ යකා වෙසමුණි රජුට අවනත නොවන බව හෝ ඉහළින් සිටින බව හෝ නොව වෙසමුණි රජුට මැදිහත් වීමට තරම් බරපතල සිද්ධියක් නොවන බවයි.

      [5] "මේනම් මනුෂ්‍ය වර්ගයක් බව පෙනේ." -------- යක්කු වර්ගීකරණය කිරීමේදී මනුස්ස-අමනුස්ස බෙදීම මුලින්ම කෙළේ නම් වර්ගීකරණය වඩා පැහැදිලි වේ. [බුදුරදුන් ලංකාවේ යකුන් එළවීම විස්තර සහිතව වෙනම සාකච්චා කළ යුතු කරුණෙකි. ඒ ගැන පසුව කරුණු දක්වමු.]

      [6] "ප්‍රාග් සිංහල අපේ මුතුන් මිත්තන් මිය ගිය ඈයින් ඇදහූ බව පෙනේ." --------- එසේ වුව තමන්ගේ ඕනෑම නෑයෙකු එලෙස ඇදහු බවක් මම නොසිතමි. සිය රැහේ (හෙවත් සමුහයේ) නායක මට්ටමේ ඇතැම් කෙනෙකු මළ පසු එලෙස "දේවත්වයට" පත් වන්නට ඇත. katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374373548411#c5915027995524862933 අදද ඇතැමුන් මිය ගිය මව පියා තමන්ට පිහිට වන බවක් විශ්වාස කරති. මෙය ඒ අයගේ මරණයෙන් අවසන් වන හුදු විශ්වාසයක් මිස පරපුරෙන් පරපුරට යන ඇදහිල්ලක් නොවේ. ඉහත අපගේ සටහනේ අප උලුප්පා දැක්වුයේ මෙම වෙනසයි. එමෙන්ම ඔබේ මෙම යක්ෂ වර්ගීකරණය යටතේ දක්වා ඇති ඇත්තන් අද ප්‍රසිද්ධ මහසෙන් දෙවියන් ආදී ලෙස දෙවියන් නමින් මිස යකුන් ලෙස නොවේ.

      [7] "බැඳගෙන වැඩ ගන්නා යකුක්‌. මේ යක්කු ඉහත 4 වන කොටසටම අයත්, එහෙත් වඩා දුර්වල යක්කු විය හැක. එසේ නැතිනම්, ඇඟපත හයි-හත්තිය ඇති වැඩි බුද්ධියක් නැති මිනිසුන්ම විය හැක." ------- මිනිසුන්ගෙන් ගන්නා වැඩක් ඒ ලෙස කිව හැකිවා මෙන්ම ඉතිහාස පොතපතේ ඒ ලෙස කියාද ඇත. මිනිසුන්ගෙන් ගත වැඩ ඒ ලෙසත් යකුන්ගෙන් ගත් වැඩ ඒ ලෙසත් කියා ඇත යනු අපගේ අදහසයි.

      Delete
    8. [SiTh] : http://katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374809555948#c4548965474215598348
      ~~~~~~~~~~~~~~~

      "දෙවිවරු අයත් වන්නේ ශක්‍රයාටයි."

      මේ අපගේ නොසැළකිල්ලයි. අප කතා කරමින් සිටියේ යක්‍ෂයින් සහ භූමාටු දෙවියන් ගැන බැවින් ඉහත ප්‍රකාශය වැරදි නැත. එහෙත් ඒ බව වෙසෙසින් සඳහන් නොවීම අඩුපාඩුවකි.

      දෙව් ලෝ සයකි. ශක්‍රයා ඉන් දෙකකට පමණක් අධිපති බව දරයි. මේ දෙව් ලෝ දෙකට ඉහලින් පිහිටි යාමය, තුසිතය, නිම්මානරතිය හා පරනිම්මිත වසවර්ති යන සතර දෙව් ලෝ වල දෙවියන් කෙරේ ශක්‍රයාගේ අධිපති බවක් නැත. තුසිත දෙව් ලෝ යාමට සිටින දුටුගැමුණු රජුට එරෙහිව ස්වර්ණමාලි දෙවඟනගේ පැමිණිල්ල ගැන අප කී දේ සිහියට නංවමු. එහෙත්, පහත දෙව් ලෝ දෙක, තව්තිසාව සහ චාතුර්මහාරාජිකය ගත් කළ ඒ දෙව් ලෝ වැසි සියලු දෙවියෝ ශක්‍රයාගේ වසඟයේ පවතිත්.
      ---
      ඔබ මාරයා ගැන සඳහන් කළ බැවින් පහත කොටසත් එකතු කරමු.

      ශක්‍රයා පහල දෙව් ලෝ දෙක තම පරාක්‍රමය තුල රඳවා ගන්නේ යම් සේ ද, වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා සදෙව් ලොවම තම වසඟයේ පවත්වා ගනී. අනෙක් දෙව් ලෝ වල අධිපති කම් දරන දෙවි වරු සිටියත් ඒ අය තමන්ගේ පාඩුවේ සිටීමට කැමති බව පෙනේ. මේ දෙදෙනාගෙන් ශක්‍රයා, ඉහල දෙව් ලෝ සමග සැසඳූ කල තම තරම මහත් නොවන බව දනී. එබැවින් ඔහු ඒ තැන් වලට යාම පිණිස පින් රැස් කරයි. මනුෂ්‍ය ලෝකය දෙස යොමු කල නෙතින් සිටින හෙතෙම පින් දහම් කරන සත්ත්වයින්ට උදව් උපකාර කරන බවත්, ලක්දිව බුදුසසුන රැක ගැනීම පිණිස ඇපකැප වී කටයුතු කරන බවත් කියැවේ.

      වසවර්තියා එසේ නොවේ. කාම ලෝකයේ ඔහුට යාමට මීට වඩා ඉහල තැනක් නැත. ඔහුට ඉහලින් සිටින්නෝ කෙලෙස් යටපත් කළ යෝගවචරයින් වන බැවින් ඔහු ඊට කැමති නැත. කෙලෙස් තවන, භාවනා කරන ශ්‍රමණයන්, තවුසන් වැනි අයට මේ දෙවියා සහ ඔහුගේ පිරිවර බොහෝ හිරිහැර කරත්.
      ---
      පැමිණිල්ල:

      මින් ඇප විසින් අදහස් කරන ලද්දේ සිල්වා රජ වන බව නොවේ. කැලණියේ සමෘධි නිලධාරියා ගස් බැඳීම බැලූ බැල්මට වරදකි. එසේම දෙව්දුවගේ ගස ගැලවීමද වරදකි. එහෙත්, පැමිණිල්ලක් කිරීම පිණිස බැලූ බැල්මට වරදක් බව පෙනී යාම ප්‍රමාණවත් වුවත් නඩුව පවත්වාගෙන යාමටත්, ඉන් ජයග්‍රහණය කිරීමටත් එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා බලපාන අනෙක් සාධක ඇත. දුටුගැමුණු රජු තුසිතයට යාමට සුදුසුකම් සපුරා තිබීම එක සාධකයක් පමණි. එහි තේරුම දුටුගැමුණු රජු ඒ වන විටත් ශක්‍රයාට වඩා ඉහල තලයක සිටින බැවින් ශක්‍රයා විසින් නඩුව ඇසීම තේරුමක් නැති දෙයක් බවයි (අගවිනිසුරු වෙනුවෙන් අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට යොමු කළ නියෝගයට සිදු වූ දේ මෙතැනත් සිදු වනු ඇත).

      ගස ගලවන්නේ මහා සෑය සෑදීම පිණිස වීම තවත් කරුණකි. මහා සෑය පිහිටන ස්ථානය බුදුරදුන් විසින්ම සමවත් සුවයෙන් වැඩ සිට පාරිශුද්ධත්වයට පත් කළ බිමක් වීමත්, එතැන මිහිදු මාහිමියන් විසින් සමන් මලින් පූජා කර තිබීමත්, මෙතැන මහසෑය පිහිටන බවට දෙවනපෑතිස් රජු විසින් අකුරු ලියා පිහිටැවුණු ගල් ටැඹකුත්, තමන්ට එරෙහිව ශාක්ෂියට ඇති විට දෙවඟනට කළ හැකි දෙයක් නැත.

      දෙව් ලොව සාධාරණය අසාධාරණය කෙසේ වුවත්, මෙතැන ඈට අසාධාරණයක් වී ඇති බවක් අපටනම් නොපෙනේ.

      Delete
    9. [SiTh] : http://katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374809625607#c383236526902474287
      ~~~~~~~~~~~~~~~
      [1] 'සම්භවය ලෙස ඔබ කියනුයේ සම්භවය ගැන මිනිසුන් අතර ඇති කතා විය යුතුය' -- ඔව්, මේ නිගමනය හරි.

      [2] මේ කරුණ ඔබ ඉතා නිවැරදිව ග්‍රහණය කරගෙන ඇත. ප්‍රේතයින් ගැන මෙතැනට අදාළ නැත. ප්‍රේත නිකාය අපායකි. යක්කු දේව නිකායකි. අලව් යකුම ගත්තත්, මනුෂ්‍යයින්ට සාපේක්‍ෂව ඔහු ඉතා ධනවත්, බලවත්, තෙදවත් බව පෙනේ. සාතාගිර හේමවත යන යක්කු ඔහුට වඩා සිය දහස් ගුණයෙන් බලවත් ය. ආටානාටිය සූත්‍රයේ කියවෙන යක්‍ෂ සේනාපති වරු හා වෙසමුණි රජු ඊට වඩා බලවත්ය. මේ අය දෙවිවරු වේ.

      [3] ඔබ මේ නිගමනයට එන්නේ වෙනත් පදනමකිනි. මේ සියලු යකුන් එකම කොටසක් ලෙස නොසළකන අපට ඔබේ නිගමනයට පැමිණීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ.

      [4] මනුෂ්‍ය යක්කු වෙසමුණි රජුගේ අණ පිළිපැදිය යුතු නැත. වෙනම සම්භවයක් ඇති යකුන් වෙත්නම් උන් එකම නමින් හැඳින්වුවත් වෙසමුණි රජුගේ අණ පිළිපැදිය යුතු නැත. දඹදිව ජනයා වෙසමුණි නම් රජෙක් යකුන්ට දුන් නිසා ලක්දිව යක්කු ඔහු තම රජු ලෙස පිළිගත යුතුද?

      [5] ඉහත අප දේව කොටසට ඇතුලත් කළ (වෙසමුණි රජුගේ පිරිවර) අමනුෂ්‍ය යක්කුය. අප අදත් සමහර මිනිසුන් හඳුන්වන ලෙස මිනිසුන් විසින් තව මනුෂ්‍ය කොටසක් යකුන් ලෙස හඳුන්වයිනම්, නැතහොත් කිසියම් මනුෂ්‍ය වර්ගයක් විසින් තමන් යක්ෂයින් යැයි හඳුනා ගැනෙයි නම් උහු මනුෂ්‍ය යක්‍ෂයෝය.

      [6] මහසෙන් යකෙකැයි අපගේ අදහසක් නොවීය. අපගේ අදහස වන්නේ මහසෙන් රජු මියගිය පසු මින්නේරි දෙවියන් ලෙස බුහුමනට පාත්‍ර වීම පැරණි නෑ යකුන් ඇදහිල්ලේ දිගුවක් බවයි. ඒ ඇදහිල්ල දෙදහස් තුන්සිය වසරක බෞද්ධ ශිෂ්ඨාචාරයක් තිබියදීත් අද දක්වාම නොනැසී පැවතෙයි.

      [7] මේ කරුණ ගැන එකඟයි. ඔබ කියන අයුරින් සටහන් කළ හැකි අවස්ථා ඇත. එහෙත් එසේ නොකළ හැකි අවස්ථාද අතරින් පතර තිබිය හැක. ඒ සුළු කොටස නොසළකා හල විට මේ යක්කු වෙනම කොටසක් ලෙස සැළකීම නිවැරදි සේ පෙනේ. නැතිනම් එකතු කළ යුත්තේ වෙසමුණි රජුගේ පිරිසටයි. ඒත් තමන්ගේ ගෝලයෙක් හොරකම් කරගෙන උගෙන් වැඩ ගන්නා විට නිකං බලං ඉන්න රජෙක් මක්කටැයි කියා අනෙක් යකුන්ට සිතීමට ඉඩ ඇත. වැඩ ගන්නා මිනිහාත් නිකංම ගමේ ගොඩේ කට්ටඬියෙක් වන විට තත්වය බරපතලය.

      Delete
  17. අනාත්ම - අනාත්මවාදය, පුනර්භවය - පුනුරුප්පත්තිය, පංචස්ඛන්ධය - පංචඋපාදානක්ඛන්ධය, භවය - ආත්මය, බුදුදහම - බුදුසසුන, භික්ෂු - සංඝයා, සමාධිය - සම්මා සමාධිය වැනි වදන්හි බස අනුවද දහම අනුවද තේරුම එකම නොවේ. එසේ වුව ඇතැම් ගරුකටයුතු දේශකයාණන් වහන්සේ ඇතුළු බොහෝ දෙනෙක් ලියන කියන දෙවිටම මෙවදන් එකිනෙක සම අරුතින් යොදනු පෙනේ. එවන් විටෙක ඇතැම් කෙනෙක් වහාම යුද ප්‍රකාශ කරනු දැකිය හැක. කවුරුන් හෝ නොදන්නා කම නිසා අරුත වරදවා තේරුම් ගෙන ඇති සෙයක් වේ නම් ඒ පෙන්වා දීම මැනවි. අන් සැමවිටම වචන අරබයා සටනට යාම තුල සංවාදයක් දිගට කරගෙන යාම අපහසු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. SiTh පෙන්වා දෙන කරුණ සත්‍යයකි. අපද සමහර විට ඒ අකටයුත්ත කර ඇත. මෙය සිදු වන්නේ, බොහෝ විටම, සැකය නිසාය.

      කෙනෙක් සාකච්ඡාවකදී හෝ තර්කයකදී හෝ ප්‍රශ්නයක් නැගූ විට වචනයක අරුතක් කෙරේ එල්බ ගන්නේ, එසේ නොකර යම් පිළිතුරක් දුනහොත්, ඒ පිළිතුර වචනයක වෙනස් තේරුමක් හේතුවෙන් නිවැරදි නොවිය හැකි අවස්ථා වලයි. බොහෝ විට හරි හැටි නොහඳුනන දෙදෙනෙක් අතර සාකච්චාවකදී, නැතිනම් ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිට කරන තර්ක කිරීමකදී මෙය සිදු වනු දැකිය හැක.

      වචන අරභයා සටනට යාම කෙසේ වෙතත්, වචන ඒ ඒ සන්ධර්භය තුල දෙන තේරුම පිලිබඳ සම්මුතියක් ගොඩ නගා ගැනීම මීට පිළියමයි.

      Delete
    2. ඇත්ත, සමහර හාමුදුරුවරු බණ කියන්න ගියාම වචන පටලවලා අච්චාරුවක් කරනවා. අපි ඉතින් කරන්නේ 'තම තම නැණ පමණින්' කියල අපිට වැටහෙන තරමට තේරුම් ගන්න එක තමයි. ඒත් සමහර දේවල් වල නම් එහෙමවත් ගන්න දෙයක් නෑ. මම හිතන්නේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනේ බලපෑම සහ බටහිර විද්‍යාව අනුව බුදුදහම විග්‍රහ කරන්න යෑම තමයි හේතුව.

      Delete
    3. සිතුවිළිJuly 24, 2013 at 9:52 PM

      සිත් ගේ මේ අදහස හා එකඟ වෙමි.
      වැරදි තැන වරදි වචනය යෙදීමෙන් අදහස් පැටැලීමක් වේ. එහෙත් එලෙස වදනක් ඔස්සේ ගැටුමකට යාම නුසුදුසුය.
      එහෙත් යමෙකුගේ අදහසකට ප්‍රති අදහසක් ඵල කිරීමේදී වැරදියට යෙදූ වදනක් ඇතොත් එය නිවැරදි කරමින්ම යා යුතුය, නැතහොත් එය තවත් පටැලැවීමක් විය හැක. එසේම තමා යෙදූ නිසා වැරදි වදන වැරදි තැනදීත් නිවැරදියැයි නොගැටීමට යම් නිහතමානී කමක්ද අවැසි වෙයි.
      දෙදෙනෙකු එකම වදන දෙ ආකාරයකට වටහා ගැනීම නිසාද මෙවන් ගැටලු ඇති වේ මේය යහපත් සාකච්චාවකට ඉතා වැදගත් අදහසකි.
      ආසන්න්යේම ඇති හොඳම නිදසුන තමා නොඅදහන ගන්දබ්බයෙකු ගැන කීමට ගොස් මහසෝනා ජෝසප්ගෙන් දොස් ඇසූ සේ.
      කෙසේ වෙතත් නිවැරදි තැන නිවැරදි වචනය භාවිතා කිරීමට අප කවුරුත් ප්‍රවේශම් වීමනම් නුවනට හුරු බව සිතමි.

      Delete
    4. @ කණිෂ්ක, Joseph, සිතුවිළි:

      "බොහෝ විට හරි හැටි නොහඳුනන දෙදෙනෙක් අතර සාකච්චාවකදී, නැතිනම් ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිට කරන තර්ක කිරීමකදී මෙය සිදු වනු දැකිය හැක." ------ බොහොම හරි. නොහඳුනන නොව හඳුනන ඇත්තන් අතර පවා මෙවන් තත්වයන් ඇතැම් විට ඇතිවන විට ජංජාලයේ සැඟව සංවාද වාද විවාද කරන විට තත්වය බරපතලය.

      Delete
  18. @ කණිෂ්ක: බෞද්ධ සාහිත්‍යයේ හා පෙළ දහමේ එන අලව් යකු මනුස්සයෙක්ද? අමනුස්සයෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඉහත,
      [1] http://katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374609842307#c1734287374808479941
      හා
      [2] http://katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374609881714#c6183385437543808570
      හි අප කළ විග්‍රහයන්ට අනුව,
      අලව් යකු මනුෂ්‍යයෙකු නොවන බව ඉඳුරා පැවසිය හැක.

      Delete
    2. @ කනිෂ්ක:

      ඔබ දී ඇති කොමෙන්ටු දෙකේ ඇති විග්‍රහ අනුව නම් අලවු යකු අමනුස්සයෙක් බව ඉඳුරාම තබා ලාවට වත් මටනම් පැහැදිලි නොවීය. අලවු යකු යනු දරුණු (හෙවත් අද කල හැටියට පාතාල නායකයෙකු වැනි) මිනිසෙකු බවට අදහසක් අප තුල පැවති අතර මීට හේතුව ආලවක දමනය පාඩම ඉගැන්වූ බුද්ධාගම ගුරුතුමා, ගුරුතුමී හෝ ස්වාමීන් වහන්සේ එසේ පැවසු නිසා බව ඉඳුරාම පැවසිය හැක. මෑතකදී පළ වූ ගාමිණී සුමණසේකර විසින් රචිත "වඳිමි සිදුහත්" කතාවේ* ආලවක දමනය විස්තර වන්නේ ".... අලව් නුවර වැඩිපුරම විසුවෝ යක්‍ෂ නම් ගණයට අයත් වන්නෝය. ඔව්හු ස්‌වභාවයෙන් ම දැඩියෝ ය. රළු වරම් ගති ඇත්තෝය. තදින් කිපෙති. .... මෙනුවර ආලවක නම් යක්‌ අධිපතියෙක්‌ වසයි. ..." ආදී ලෙසය. divaina.com/2012/01/22/feature01.html ඒ මහතා ආලවක මිනිසෙකු සේ සලකන බව පැහැදිලිය. පෙළ දහමේ ආලවක දමනය සඳහන් වෙන ආලවක සූත්‍රය (ඛු.නි. සුත්ත නිපාතය) අනුව ආලවක යනු මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද යනු එකහෙළා නිශ්චය කිරීම අපහසුය. පැරණි සාහිත්‍යයේ ආලවක යනු අමනුස්සයෙක් ලෙස සලකා ඇති නමුත් නූතන උගතුන් ආලවක යනු මනුස්සයෙකු ලෙස සලකන බව පෙනේ. අපගේ අදහස නම් පෙළ දහමේ "යක්ඛෝ" යන පදය යෙදෙන්නේ අමනුස්සයන් අරබයා බවත් ඒ අනුව ආලවක යනු අමනුස්සයෙක් බවත්ය. මෙම "යක්ඛෝ" යන පදය යක්ෂ ගෝත්‍රිකයන් අරබයා යෙදෙන්නේ යැයි ගැනීම තුල සිදුව ඇති අපූරු දේ පසුව දක්වමු.

      * මෙම කතාවේ "වඳිමි සිදුහත්" යන නමේ අරුත කුමක්ද? අප වඳින්නේ බුදුන් මිස සිදුහත් නොවේ. වඳිමි යන්නෙහි වෙනත් සාහිත්‍යම අරුතක් තිබේද? මෙහි දැක්වෙන ආලවක දමනයේ එන "යක් සෙනෙවියාට" බයේ සිය රාජ්‍ය විචාරන රජතුමා ගැන අඬන්න දැයි සිනාසෙන්න දැයි මට නම් සිත ගත නොහැක. [මේ ගැන, සාහිත පොත පත කියවන මහතෙකු සේ පෙනෙන සිතුවිළි තුමාගේ අදහසක් වේ නම් අගයමි.]

      Delete
    3. http://katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374609842307#c1734287374808479941 යන තැන්හි අප ඉදිරිපත් කළ විග්‍රහයේ අංක 1 යටතේ "බුද්ධ ධර්මයේ කියැවෙන යකුන්" ලෙස මාතෘකා යොදා ඇති කොටසේ දෙවන ඡේදයේ ආලවක ගැන අපේ අදහස දැක්වේ. මේ අංක 1 යටතේ අප නම් කර ඇති ශක්‍රයා, සතරවරම් රජවරු, සාතාගිර-හේමවත යක් සෙනෙවි වරුනුත් අමනුස්සයන් බව ඔබට ලාවටවත් පැහැදිලි නොවීනම් ඒ අපගේම වරදකි. ඒ නිසා ආලවක ඇතුළු ඉහත නම් කළ සියල්ලන් අමනුෂ්‍යයන් බව පැහැදිලිව නැවත සටහන් කරමි.

      ඒ විග්‍රහයේම අංක 2 යටතේ තවත් අමනුස්ස යකුන් කොටසක් ගැන හා මනුස්ස යැයි සැළකිය හැකි යකුන් කොටසක් ගැන අදහස් ඉදිරිපත් කෙරේ.
      ~~~~~~~~~~~~

      ගාමිණී සුමණසේකරට තමන්ගේ කෘතියේ කැමති දෙයක් ලිවීමේ නිදහස ඇත. අපට මේ අඩවියේ කැමති කැමති දේ ලිවීමේ හැකියාව පවතින්නාක් මෙනි. ඔහු ඒ ලිපිය තමන්ගේ ඇදහිල්ලට ගැලපෙන අයුරින් ලියා ඇත. එය වරදක් කොට දැකීම අපේ ක්‍රමය නොවේ. එහෙත්, ආලවක යක්‍ෂයා යනු මනුෂ්‍යයෙක් නොවන බව පැහැදිලිවම අපේ පැරණි පොත් වල සඳහන් වේ.

      ගාමිණි සුමණසේකර විඤ්ඤු කෙනෙකැයි අප විසින් නොසැළකෙන බැවින් ඔහුගේ අදහස ඉවත ලෑම ආයාසයකින් තොරව කළ හැක. ඔබ විසින් මේ බැඳිය නොසැපයිනම් අප ඒ ලිපිය කියවන්නේවත් නැත. ඔහුගේ මතය අදහන පිරිසකට ඔහු විසින් එවැනි ලිපියක් සම්පාදනය කෙරුණු බව පෙනේ. ඊට වඩා දෙයක් එහි නැත.

      ඔහු විසින් තෝරාගෙන ඇති නම ගැනත් කිව යුත්තේ එපමණකි. සිදුහත් වැඳීමක් අප කරන්නේ නැත. එහෙත්, කතෝලිකයින්ගේ මරිය මව් තුමිය නැමදීම අනුකරණය කර මහාමායා වන්දනා සංවිධානය කරන පැවිද්දන් සිටින රටක මේවා කතා කළ යුතු දේ නොවේ.

      ගාමිණි සුමණසේකර මේ ආමන්ත්‍රණය කරන්නේ මාටින් වික්‍රමසිංහයන්ගේ අභාවයෙන් මතු කෙරුණු (වෙනත් කෙනෙක් විසින් නොපිරැවුණු) රික්තය නම් ඒ ගැන අපේ විරෝධයක් නැත.

      Delete
  19. සිතුවිළිJuly 24, 2013 at 9:56 PM

    කණිෂ්ක, සිත්,

    ඔබ දෙදෙනාගේ යකුන් පිළිබඳ සාකච්චාව වෙනම ලිපියක් ලෙස සම්පාදනය කොට මෙහි ඵල කරන්න. එය ඉතා හොඳ කරුනු වලින් සමන්විත වැදගත් ලිපියක් වනු ඇත.

    මූලික අදහස ජෝසප්ගේ, මාත් ඒක වැදගත් සේ සිතූ නිසා මෙසේ කියමි.

    ReplyDelete
    Replies
    1. @ Joseph සහ සිතුවිළි:

      අපගේ "යක්ෂ සාකච්චාව" පටන් ගත්තා පමණි. ඒ ගැන ලිපියක් පල කිරීම සුදුසු නම් කල් පසු වී එසේ කිරීම වඩා හොඳ බව අපගේ අදහසයි.

      Delete
  20. ඉහත කොමෙන්ටු වල 'පසුව කරුණු දක්වමු' යැයි කී දේ දැනට මුලින්ම ඇති "බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පෝය" ලිපියේ දක්වමු. මෙම කොමෙන්ටු වලට ප්‍රතිචාරයක් වේනම් ඒ ද එම ලිපියේ දැක්වීම පහසුවට හේතු වනු ඇත.

    ReplyDelete