![]() |
| ඕන්න කැපුවා... | Source: srilankabrief . org |
මේ මැතිවරණය ආණ්ඩු මාරු කරන, අගමැති වෙනස් කරන මැතිවරණයක් නොවේ. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය එවැනි බොහෝ දේ කිරීමට අවශ්‍ය උත්තේජනය සපයා දෙනු ඇත. පවත්නා පාර්ලිමේන්තුව තවත් වසරකට වඩා කාලයක් මෙසේම පැවතිය යුතුව තිබෙන අතර එය වෙනස් කිරීමට මැතිවරණයෙන් පසුවද කිසිවෙක් ඉදිරිපත් වේ යැයි සිතිය නොහැක. එහෙත් කැබිනට් සංශෝධනයක් නම් විය හැක. ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති බැවින් මේ පක්‍ෂ දෙකම තමන්ගේ කේවල් කිරීමේ බලය උරගා බලන්නේ මේ මැතිවරණයේදීය.



