Sunday, August 21, 2016

ව්‍යවස්ථා සම්පාදනය outsource කරමුද ?

අද ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව පසුගිය ලියමනේදී අප පහත ප්‍රකාශය කළෙමු.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.

සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා අපට වඩා මේ ගැන දන්නා වගකිවයුතු මහත්මයෙකි. එතුමා අද දිවයිනට ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා මාතාව පර දේශයන් දෙකක් විසින් එක ගෙයි කෑමට ලක් වී ඇති බව පෙනේ. එසේනම් වැඩි-බයිලා නවතා ඒ ලිපිය කියවමු.





Friday, August 19, 2016

හාල් මොටද තණකොළ කන ගොන්නුන්ට


අප කුඩා සංදියේ තිබුණු එකම ගුවන් විදුලි සේවය ගුවන් විදුලිය™ පමණක් වුවත් බොහෝ හොඳ ගීත එයින් අසන්නට ලැබිණි. ඒවා අප හදවත් තුල කිඳා බැස තවමත් රැව් දෙමින් පවතී. මේ ගීතය අසා බලමු.



කරුණු කාරණා පෙළ ගැසෙන සැටියට රටක් තබා මේ ගීතවත් හෙට අපේ දරුවන්ට උරුමද?

මේ ගී දරුවන්ට අසන්නට සැළැස්වීමෙන් අප ඔවුන් ඉදිරියේ විහිළු කාරයන් බවට පත් නොවේද? මේ ගී අසන අපේ දරුවන් ඒවා නාසන අන්‍යයන් ඉදිරියේ හෑල්ලුවට ලක් නොවේද? ඒ අපට පසුගිය කෙටි කාලයේ වද දුන් පැනයයි.





Thursday, July 28, 2016

ඡායා කැබිනෙට්ටුව සහ රණවිරුවන් පාවාදීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතා විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ගේ සංසදය වන "ඒකාබද්ධ විපක්‍ෂය" විසින් ඡායා කැබිනෙට්ටුවක් පත් කර ගත් බව පුවත් පත් වල පල විය. මේ වනාහී බ්‍රිතාන්‍යයේ වහරේ එන shadow cabinet යන්න පදගත පරිවර්තනයට ලක් කිරීමෙන් තනා ගත්තකි.

ජාතිවාදීන් ලෙස නිකරුනේ චෝදනාවට ලක් වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලය නාඳුනන බව ඉහත සිද්ධියෙන් පෙනේ. ඉංගිරිසි මනුෂ්‍යයෙක් shadow cabinet ය යන්නෙන් ලබා ගන්නා අදහස සිංහලයෙකුට 'ඡායා කැබිනෙට්ටුව' යැයි කී විට ලැබේද?

වෙනත් වචනයෙන් කියතොත්: පොල් බූරුවාට ඉංගිරිසි මනුෂ්‍යයා coconut donkey යැයි කියන්නේ නම් ඒ මිනිසා විසින් පකිස් බූරුවා හැඳින්වීම පිණිස භාවිතා කළ යුත්තේ කවර වදනක්ද?

සිංහලය නාදුනනු පමණක් නොව, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින බවද තවත් තහවුරු කරමින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීමේ පනත අධිකරණයේදී අභියෝගයට ලක් නොකර සිටීමටද ඒ අය තවදුරටත් කටයුතු කර තිබිණි. ඒ දිනවල උදය ගම්මන්පිල්ල රිමාන්ඩ් භාරයේ සිටින්නට ඇත. එහෙත් අනික් අයවළුන් අල හිටෙව්වා ද?





Monday, May 30, 2016

සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?

ජීවීන්හට පොදු වූ ලක්ශණ රාශියක් හා ඒ මගින් ජීවින් අජීවීන්ගෙන් වෙන්කොට ගත හැකි වගක් අපි කුඩා කාලයේදීම උගත්තෙමු.
ගලක් ?
ඒ අනුව ජීවීන් ආහාර ගනියි, ස්වසනය කරයි, තම වර්ගයා බෝ කරයි ආදී වශයෙන් වූ පොදු ලක්ෂණ භාවිතා කරමින් ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර ගැනීමේ ශාස්ත්‍රය අපි උගත්තෙමු. ඒ අනුව ගස් වැල්ද සතා සීපාවාද ඇසට නොපෙනෙන කුඩා කෘමිසතා හා අන්වීක්ශීය ක්ශුද්‍ර ජීවියා දක්වාද ජීවීන් ලෙස අපි පැහැදිලිවම ශාත්‍රානුකූලව හඳුනා ගතිමු. එසේම ඒ ජීවීන් ජීවත් වන බවත් උන් තුල ජීවයක් ඇති බවත් ඒ ජීවය හානි වීමෙන් මරණයට පත් වන බවත් ඇසින් දැක, කනින් අසා, අතින් ස්පර්ශ කොට නුවනින් වටහා ගතිමු. තවත් කුමක්ද, මේ සියළු දෙනා ජීවීන්මය එය අපි ප්‍රත්‍යක්ශයෙන් දනිමු.
නෑ, ගල් ආදෙක් !
එහෙත් අද වන විට නූතන විද්‍යාව ජීවී අජීවි වෙන් කිරීමෙහි නිර්නායක ගැන පැහැදිලි කිරීමකින් වැලකී සිටිති. එසේනම්, මෙසෙ අප ප්‍රත්‍යක්ශ කල දැනුම සත්‍යයද?

මේ පිළිබඳව ධර්මානුකූලව සලකා බැලීමෙන් වෙනත්ම මානයකින් මේ කරුන විග්‍රහ කල හැකි බවක් මට වැටහේ.




Monday, May 9, 2016

සිතුවිළි වෙනස් වෙලා !

සිතුවිළි අපට එකතු වූයේ මේ අඩවියේ මුල්ම කාලයේ දී ය. බුදු පිළිම අඩවිය පවත්වාගෙන ගිය (මෙහි යාවත්කාලීන කිරීමක් කලෙකින් දුටුවේ නැත) බිංදු සහ සිතුවිළි දෙතිස් කතාවේ ප්‍රාරම්භක පාඨකයෝ ය. ප්‍රතිචාර තීරය හරහා පළමුව අදහස් බෙදා ගත්තද ඔහුගේ සාරවත් අදහස් වලට ඉඩ දීම පිණිසත්, නව මං ඔස්සේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දීම පිණිසත් ලේඛකයෙකු ලෙස දෙතිස් කතාව හා එක් වන ලෙස මිතුරු ජොසෙෆ් හා සිතුවිළි වෙත කළ ආරාධනාව ජොසෙෆ් විසින් ප්‍රතික්‍ෂේප කෙරුණත් සිතුවිළි විසින් බාර ගන්නා ලදී.
නයනේ නිසා උපන් සිතුවිළි
ඒ අනුව සිතුවිළි විසින් රචිත ලිපි බොහොමයක් දෙතිස් කතාවේ පල කෙරිණි. පහත දැක්වෙන්නේ ඒවාය. දැන් සිතුවිළි නම වෙනුවට සැබෑ නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට සිතුවිළි සුදානම්ය. ඔහුගේ නව අඩවියට මෙතැනින් පිවිසිය හැක.




Tuesday, April 12, 2016

අවුරුද්දට නිවාඩු කෝ

අප්‍රේල් මස 15 වැනිදා, සිකුරාදා, රජයේ නිවාඩු දවසක් බව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අප මේ ලියමනට මාතෘකාව යොදන ලද්දේ ඊට කළිනි. එබැවින් එහි වෙනසක් නොකරම අවුරුද්ද සහ නිවාඩු සම්බන්ධව කතා කරමු.
මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය
අවුරුද්ද වෙනුවෙන් අපට නිවාඩු දින දෙකක් ලැබිණි. ලංකාව බොහෝ රටවලට වඩා නිවාඩු වැඩි රටකියි ද ලංකාව ඊනියා දියුණුවක් නොලබන්නේ නිවාඩු වැඩි හෙයිනියි ද කියා මන්තරයක් සේ මතුරන ප්‍රාඥයින් දුසිම් ගණනින් සිටින තත්වයක් යටතේ නිවාඩු දින දෙකක්වත් ලැබීම ද ලොකු ජයකි. එහෙත් අමතක නොකළ යුතු කරුණ නම් මේ නිවාඩු දින දෙක අපට දුන්නේ ඉංගිරිසින් විසින්ම වන බවයි.





Tuesday, March 22, 2016

සුභ සහ යස

දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්?


අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!!






රහතන් වහන්සේ නමක් බොරු කියද්ද ?

Monday, March 7, 2016

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම

නේරුලා විසින් නූතන ඉන්දියාව සාදා ගැනීම පිණිස කෙවට්ඨ උපක්‍රමය භාවිතා කළ අයුරු අප පෙර ලිපියෙන් සංවාදයට ගතිමු. එහි ලා අවාසිදායක ගිවිසුම් වලට එළැඹීමට ස්වකිය අසල්වාසීන් පෙළඹවීම පිණිස මිලිටරි බලහත්කාරය යොදා ගත් අයුරු උදාහරණ සහිතව හැදෑරුවෙමු. තත් කාරණයේදී ඉන්දියාව විසින් උපකරණ කර ගත් ගිවිසුම් පිළිබඳව අද විමසා බලමු. මින් පළමුවැන්නෙන් අදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාව හා සමග වූ ගිවිසුම්ගත බැඳීම් එළෙසම අභිනව `නිදහස්` ඉන්දියාව සමගද වලංගු බවයි. සැකෙවින් කියතොත් වාංශික රාජ්‍ය වලට ස්වෛරීභාවය වෙනුවට ඉන්දියාවේ අභිමතය පරිදි පමණක් විදේශ සම්බන්ධතා හා ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට මින් බල කෙරිණි.

ඉන්දීය මහකොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට පෙනෙන වර්තමාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යවල දී කිසියම් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා හමුදා බලය 1/3 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත්, බ්‍රිතාන්‍ය අගමැති විසින් රුපියල් බිලියන ගණනක් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා `ප්‍රතිසංවිධානය` උදෙසා `දන් දීමට` ප්‍රතිඥා දීමත් මේ සන්ධර්භය යටතේ විග්‍රහ කළ යුතු කරුණු වේ.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !