මෙයින් පළමු වැනි වාක්‍යය පමණක් ගෙන අප ඔහුට ප්‍රතිචාරයක් දැමුවත් සදා ලෝක පූජිත ඉකොනොමැට්ටා තුමාට එය ඉතා ඕනෑ කමින් මගහැරී තිබුණා. යට දැක්වෙන්නේ අප ඔහුට දැක්වූ ප්‍රතිචාරය.රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ.
අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
ඉකොනොමට්ටා තුමාට මගහැරී ගිය අපගේ ප්‍රතිචාරය ළඟ එක්තරා සුනඛයෙක් පහරා තිබෙණු දුටුවත්, දැමූ ප්‍රතිචාරය දැන් අපට නොව ඉකොනොමැට්ටා තුමාටම අයත් බැවින් ඒ ගැන තවත් වද වීමට ගියේ නැත්තේ තමන්ගේ දේවාලය පවිත්‍රව තබා ගැනීමට කපුවාට නැති උවමනාවක් පිට අයට හෙවත් ආතුරයන්ට තිබීමේ යුතුකමක් නැති බැවින්. හැරත් සුනඛයාත් කපුවාගේම නම් ?රනිල් වික්‍රමසිංහ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් රනිල් වික්‍රමසිංහ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු වික්‍රමසිංහගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 19 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?
ඒ අතින් රාජපක්‍ෂලා වෙස්සන්තරලා ය. පසුගිය ඔක්තෝබර විප්ලවයෙන් පසු විපක්‍ෂ නායක ධුරය ලබා ගත්තත් ව්‍යවස්ථා සභාවේ තම නියෝජනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් උනන්දු වූයේ නැත.
එවැනි වටාපිටාවක සිටිමින් "අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ" යි පට්ටපල් කෙබර ඇද බෑමෙන් ඔබ ඔබේ පක්‍ෂයට ලබා දෙන්නට උත්සාහ කරන උත්තේජනය කුමක්දැයි පැහැදිළි නෑ.
බල්ලාට බල්ලාගේ අඩවියේ නිදැල්ලේ ඉන්නට ඉඩ හැර ඉකොනොමැට්ටා තුමාගේ කතාවේ ඊළඟ කොටසට සැපත් වෙමු.
෴