Monday, December 16, 2013

සත්කුළු පව් වළලු මතින්



මහාචාර්‍ය චන්දන ජයරත්න 'චක්‍රාවාටය' සොයා ගත් විද්‍යාඥයා බව අසන්නන්ට දැනෙන සේ රූපවාහිනියේ දේශන දීමට සමත්ය. එතුමාට අනුව බටහිර විද්‍යාඥයින් විසින් දැන් දැන් ප්‍රකාශ කෙරෙන්නේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුනුවණින් අවබෝධ කර දෑමය. උන් වහන්සේ අවබෝධ කර ගත් ද්විසහස්සී ලෝක ධාතු, ත්‍රිසහස්සී ලෝකධාතු ඈ සංකීර්ණ දේ බටහිර විද්‍යාව විසින් තවම සොයාගෙන නැති බව කොළොඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්‍යවරයා අපට කියා දෙයි. උගත් මහාචාර්‍යතුමා කියන දේ හරිද? නැතිනම් බුදු දහම 'චක්‍රාවාට' ලෙස හඳුන්වන්නේ වෙනත් කිසිවක්ද?

මේ බෙරයක් පමණක්මද
සත්කුළුපව් වළලු මතින් ලොවට වඩින හිරු
සත් සමුදුරු වළලු දියෙන් කිමිද නහන හිරු
සත් රුවනින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුල ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
ඒ පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන මියුරු ගීයක මුල් පද පෙළ.
සත්ගිරිකුළු හිස එපිටිං - සත්මහසමුදුර එපිටිං
සක්වල දේශය එපිටිං - එන වන බමරෝ, එන වන බමරෝ...
විශාරද ටී.ඇම් ජයරත්නයි එසේ ගයන්නේ.
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
මෙසේ ගයන්නී විශාරද නන්දා මාලිනිය.

ඉහත දැක්වූ සියළු ගීත වල කියැවෙන එක පොදු වස්තුවක් නම් සත්කුළුපව් සහ සත් සමුදුර වේ. සක්වල ගැන කියැවෙන බොහෝ තැන් වල සත්කුළුපව් සහ සත් සමුදුර ගැනද කියැවේ. සක්වල ගැන බොහෝ දේ කියන උගත් මහාචාර්‍යතුමා මේ ගැන නිහඬයි. සත්කුළුපව් යනු මොනවාද, ඒවා පිහිටියේ කොහිද? එසේම සත් සමුදුර යනු කුමක්ද, එය කොහි පිහිටියේද යන කරුණු ගැන මේ ලිපියෙන් මදක් විමසා බලමු.

සත් සමුදුර, සත්කුළුපව් සහ සක්වල

බෞද්ධ සූත්‍ර ඇසුරේ අප දකින සක්වල (හෙවත් චක්‍රාවාටය) බටහිර විද්‍යාවේ අපට උගන්වන 'චක්‍රාවාට' වලින් වෙනස් වන බව අප 'දෙව්ලොවින් මනු ලොවට' ලිපියේදී විස්තර කළෙමු. එක පින්තූරයක් දහසක් වදන් පරයා ලන බව අදහමින් පහත රූපය මදක් විමසමු. මේ පින්තූර උපුටා ගැනෙන්නේ "Zirak-Zigil" නම් වෙබ් අඩවියෙනි.

සක්වල හෙවත් චක්‍රාවාටය - ගුවන් දර්ශනය
බෞද්ධ සාහිත්‍යයේ (සේම වෛදික සාහිත්‍යයේත්) අපට හමු වන සක්වල හෙවත් චක්‍රාවාටයේ සැකැස්ම ඒ රූපයේ පරිදි වේ. එහි මධ්‍යයේ ඇත්තේ මහාමේරු පර්වතයයි. සාහිත්‍ය විස්තර අනුව ඒ පර්වතය සුවාසූදහසක් යොදුන් සාගරයෙන් යටද, එපමණම ප්‍රමාණයක් සාගරයෙන් මතුවී ද පවතී. මධ්‍යය සිහින් වන මතුපිට සහ පතුල පැතලි වන බෙර වර්ගයක ස්වරූපයක් ඇත (ඉහත රූපය බලන්න). බෙරය රවුම් (වෘත්තාකාර) හැඩයක් ගන්නා මුත් මහාමේරු පර්වතය හතරැස් (චතුරශ්‍රාකාර) වන බව ඒ විස්තරය අනුව නිගමනය කළ හැක. එහි නැගෙනහිර දශාව රිදීමයය - එබැවින් නැගෙනහිර පස මුහුද සුදුය. දකුණු දිග ඉන්ද්‍රනීලමානික්‍ය වේ - එබැවින් දකුණු දිග මුහුද නිල් පැහැ වේ. මහමෙර බටහිර දිශාව පබලුමයය - එබැවින් එදෙස මුහුද රතුය. උතුරු දිග රන්මුවාය - එබැවින් උතුරු දිග මුහුද රන්වන් පෑ වේ. මේ විස්තරය අනුව මහමුහුද ස්වකිය වර්ණය ලබා ගන්නේ ආකාශයෙන් නොව මහාමේරු පර්වතයෙනි. පෘතුවිය මත මහාමේරු පර්වතය සොයා ගැනීමට උත්සාහ කළ විද්‍යාඥයන් සහ ගවේශකයින් ඉන් පරාජය වූයේ එය ආකාශ වස්තුවක් වන බැවින්ද?

මෙසේ මධ්‍යයේ පිහිටි මහමෙර හෙවත් සුනෙරගිර වටා තව පර්වත වළල්ලකි. ඒ යුගන්ධර පර්වතය1 නමින් ගැනේ. මේ දෙක අතරෙහි පැනෙන මහා සාගරය සිදන්ත සාගරය නමි. මේ පර්වත යුග්මය වටා තව මුහුදකි, එය වට කර ඊශධර පර්වතය2 පිහිටියේය. එය වට කර නැවත මුහුදකි. අනතුරුව කරවික පර්වතය3 පිහිටයි. එය වටා මුහුදකින් පසුව තව පර්වත වළල්ලකි; ඒ සුදර්ශන පර්වතය4 නම. ඉන් අනතුරුව තව මුහුදකි. ඒ මුහුද වට කොට නෙමින්ධර පර්වතය5 වෙයි. අනතුරුව වින්තක පර්වතය6 හා අශ්වකර්ණ පර්වතය7 ද මෙසේම මුහුදු වලින් වෙන් කෙරී එකිනෙක පිරිවරා පිහිටියේ වෙයි. ඉහත දැක්වූ එකිනෙකා පිරිවරා වළලු ආකාරයෙන් පිහිටි පර්වත පංති සතක් සත්කුළුපව් ලෙස හැඳින්වේ. ඒ පර්වත පංති සත එකිනෙකින් වෙන් කරන්නේ සප්ත මහා සාගරයයි. මධ්‍යයේ සිට පරිධියට යන විට මේ පර්වත උසින් අඩු වන අතර සාගර ද පිළිවෙලින් පළලින් හා ගැඹුරෙන් අඩු වේ.

එපමණක් ද නොවේ. මේ සාගර එකිනෙක වෙන් වෙන් රසයන්ගෙන් ද යුක්ත වේ වන බව වෛදික සාහිත්‍යය අපට කියා දෙයි. ඒ කිරි සයුර1, කරදිය සයුර2, දීකිරි සයුර3, ගිතෙල් සයුර4, මිරිදිය සයුර5, සුරා සයුර6 (මුද්‍රික පානය ~ මිදි යුෂ), උක් රස සයුර7 (පැණි)වශයෙනි. ආචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු බටහිර විද්‍යාඥයින් මන්දාකිණි හඳුනාගෙන ඒවා නම් කිරීමට පෙර පැරණි ජම්බුද්වීප වාසීහු සහ ලන්කාවාසීහු වසරේ එක්තරා කාලයකට ආකාශය හරහා විහිදෙන සිහින් වලා පටලයක් සේ දිස් වන තාරකා වළාව ක්‍ෂිරපථය හෙවත් කිරිමුහුද ලෙස හැඳින්වුහ. කිරි මුහුද මධ්‍යයේ මහාමේරුව පිහිටි බැව් ඔවුහු ලියා තැබූහ. මහාමේරුව මුළුමහත් සක්වළම එකතු කර තබා ගන්නා රැහැන බව ඔවුහු ඇදහූහ. ඉතාම ශක්තිවන්ත නොසෙල්වෙනසුළු අතිශය ස්ථිර දේ පිණිස අපේ පැරැන්නෝ මහමෙර උපමා කළහ. අද චන්දන ජයරත්නයෝ මන්දාකිණි මධ්‍යයේ පිහිටි ගුඪාගාධ හෙවත් කළු කුහර ගැන අප දැනුවත් කරති. මේ හුදෙක් අහම්බයක් ද?

මහමෙරත්, ඒ වටා සිටි සප්තමහා සාගරයත් සප්තකුඨපර්වතයත් පිරිවරා පිටතින් පිහිටියේ අප දන්නා සාගරයයි. ඒ සාගරය වටා සියල්ල සීමා කරමින් පිහිටි පර්වත පංතිය සක්වලගල ලෙස හැඳින්වේ. බුදුරදුන් සම්මා සම්බුද්ධත්වයට පත් වන දා වසවර්ති මාරයා ස්වකිය මරසෙන් රැගෙන නොයෙක් භයංකර විලාසයෙන් බෝමැඩ කරා එන සඳ පළා ගිය දෙවි වරු සක්වල ගල මුවවිටේ එල්ලී බලා සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සක්වලේ සීමාව මෙයයි.

සප්තකූටපර්වතය සහ සක්වල ගල අතර පිහිටි මුහුදේ සතර දිශාවේ සතර මහාද්වීපයෝ වෙති. ඒ මහාමේරුවට පෙරදිගින් පූර්ව විදේහය, දක්ෂිණ දෙසින් ජම්බුද්වීපය, අපරදිගින් අපරගෝයානය හා උතුරු දිගින් උතුරුකුරුදිවයින ලෙසිණි. සූර්යය චන්ද්‍ර දෙදෙනා මහාමේරු පර්වතය වටා ගමන් කරන පථය පිහිටියේ මේ සතර මහාද්වීපය මතිනි. ජම්බුද්වීපයට හිරු මුදුන් වන විට උතුරුකුරුදිවයිනට මධ්‍යම රාත්‍රිය බවත් පූර්ව විදේහයට හිරු බැස යන බවත්, ඒ මොහොතේ අපරගෝයානයට හිරු පායමින් ඇති බවත් සාහිත්‍යයේ සඳහන් වේ.

සූත්‍ර ඇසුරේ අප දකින බෞද්ධ ලෝකය කවරාකාරදැයි යන ප්‍රශ්නයයි ඒ අප සාකච්ඡා කළේ. නැවත දිනෙක මේ ලෝකයේ දිව්‍ය ලෝක පිහිටා ඇති ආකාරය ගැන කතා කරමු.

මතු සම්බන්ධයි...

35 comments:

  1. ඉතාම වටිනා ලිපියක්. බොහෝ සැකසංකා වලින් මිදී නිවැරදිව ධර්මාවබෝදය ලැබීමට අවශ්‍ය මුලික දැනුම් පද්දතිය පිළිබඳව කෙරෙන සැබෑ පර්යේෂණයක්. බොහෝ "උගත් " විචාරකයින් කරුණු විචාරයේදී "මිත්‍යා" හෝ පසුව එක්වූ කරුණු හෝ ගොතන ලද කතා ලෙස අනවබෝධයෙන් හා හීනමානයෙන් (විද්‍යාත්මක නැතැයි ) ඉවත්කිරීමට උත්සහ කරන බොහෝ කරුණු දෙස නැවත බැලිය හැකි මාවතක් ඔබ විසින් විවර කරමින් ඇත. මෙහි සදහන් බොහෝ දේ පිළිබඳව තවම නියම අවබෝදයක් නම් නැත. ප්‍රශ්න ඇසීමට ඉක්මන් වැඩිද කියල හිතෙනවා "මතු සම්බන්ද" නිසා. කුතුහලය නිසා කිහිපයක් අසමි. පසු ලිපිමගින් කීමට ඇති කරුණු නොවන්නේ නම් පමණක් පිළිතුරු අපේක්ෂා කරමි.
    1) මෙහි "ලෝකය " සහ "පොලොව " අතර සම්බන්ධය කෙබදුද? එවැනි සම්බන්දයක් නැතිද?
    2) මෙය "එක්" ආකෘතියක්ද ? නැතිනම් "එකම" ආකෘතියද?
    3) මධ්‍යය සිහින් වන මතුපිට සහ පතුල පැතලි වන බෙර වර්ගයක ස්වරූපයක් ඇත (ඉහත රූපය බලන්න). බෙරය රවුම් (වෘත්තාකාර) හැඩයක් ගන්නා මුත් මහාමේරු පර්වතය හතරැස් (චතුරශ්‍රාකාර) වන බව ඒ විස්තරය අනුව නිගමනය කළ හැක.
    මෙහි "ඒ විස්තරය" යනුවෙන් අදහස් කලදේ නොවැටහේ.

    ReplyDelete
    Replies
    1. මිතුරු අවිද්‍යා,

      (ඔබේ නම අප අපහසුතාවයට පත් කරයි !)
      1. ඉහත අපගේ රචනයේ පොළොව ගැන සඳහනක් වීද? එසේ නොවුන බවයි අපගේ අදහස. පොළොව යනු අපට පෑගී තිබෙන දෙයයි. ලෝකය ගැන 'දෙව්ලොවින් මනු ලොවට' ලිපියේ විස්තර කෙරී ඇත.

      2. බෞද්ධ සූත්‍ර ඇසුරේ සහ සිංහල සාහිත්‍යයේ අපට හමු වූ එකම ආකෘතිය මෙයයි.

      3. ඒ විස්තරය යනු සාහිත්‍යයේ හමු වන විස්තරයයි. ඔබට මූලාශ්‍රය සැපයීමට කැමති මුත් දැනට ඒ ගැන මතකයක් නැත. මේ ලිපි ලියවෙන්නේ කලකට පෙර කියැවූ දේ ගැන මතකයෙනි. නම් ගම් අඩමාන අවස්ථා වල Google දෙවියන් විමසමු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම "පොළොව" ලෙස අදහස් කලේ ඔබ පෘථිවිය ලෙස සටහන් කල දෙයයි. හැම දෙයම සාපේක්ෂව හිතන්න පුරුදුවෙලා හින්දද මන්ද හරියට නිරවුල් රූපයක් හදාගන්න බෑ. ඊලඟ කොටසත් ආවම හරියයි සමහරවිට. නැත්නම් තව වෙලාව අරගෙනම හිතන්න වෙනවා.
      අනේ සමාවෙන්න ඕන කනිෂ්ක මට තවම මේක "උගතෝකෝටිකයක්". (පුළුවන් නම් උගතෝකෝටිකය ගැනත් ලියන්න )
      1) සාහිත්‍ය විස්තර අනුව ඒ පර්වතය සුවාසූදහසක් යොදුන් "සාගරයෙන්" යටද, එපමණම ප්‍රමාණයක් "සාගරයෙන්" මතුවී ද පවතී.
      මෙහි සදහන් "සාගරය " යනු කුමක්ද?
      2) මහමෙරත්, ඒ වටා සිටි සප්තමහා සාගරයත් සප්තකුඨපර්වතයත් පිරිවරා පිටතින් පිහිටියේ අප දන්නා සාගරයයි.
      මෙහි "අප දන්නා සාගරය" යනු කුමක්ද?
      3) එහි නැගෙනහිර දශාව රිදීමයය - එබැවින් නැගෙනහිර පස මුහුද සුදුය.මෙම විස්තරය අනුව ඔබ කියන සාගරය "මුහුද" නොවන බව සිතිය හැකිය.

      Delete
    4. ඔව්, ඒක ඇත්ත. මෙතැන පටලැවිල්ලක් තියෙනවා. ඒත් ඒකට වැරදි කාරයෝනම් අපි නෙවෙයි.

      පඨවි ලෙස පාලියෙන් හඳුන්වන දේට සකු බසින් කියන්නේ පෘථිවි කියා. එහි තේරුම පොළොව යන්නම තමයි. ඒත්, බටහිර විද්‍යාව සිංහලට පරිවර්තනය කළ බුද්ධිමතුන් Earth ලෙස ඉංගිරිසියෙන් හඳුන්වන ලද "ආකාශ වස්තුව" හැඳින්වීම පිණිස සකුවෙන් ණයට ගත් පෘතුවිය යන වචනය භාවිතා කළා. සරල මතුපිට අරුතින් මේ දෙකම එකක්. ඒ අප "පෘතුවිය" මත වාසය කරන නිසයි. එහෙත් අර්ථ දැක්වීමෙන් මේ දෙක දෙකක්.

      "පොළොව යනු අපට පෑගී තිබෙන දෙයයි. පෘතුවිය යනු තමන් වටා කරකැවෙමින්ම සූර්යයා වටාත් කරකැවෙන ආකාශ වස්තු රාශියකින් එකක්. ලෝකය ගැන 'දෙව්ලොවින් මනු ලොවට' ලිපියේ විස්තර කෙරී ඇත."

      1) ඔබ සිතේ තිබෙන සියල්ල ඉවත් කර ගන්න (රික්තයක් නිර්මාණය කර ගන්න). එහි එක් රැස් වූ මහත් ජලකඳක් මවා ගන්න. ඉහත සාහිත්‍ය විස්තරයේ සාගරය එවැනි දෙයක්. = බඳුනකින් තොරව එක් රැස්ව පවත්නා මහත් ජලකඳක්. සප්ත මහා සාගර ගැන කියැවෙන විට ඒවායේ ගැඹුර ගැනත් පළල ගැනත් කියැවෙන මුත් පතුල ගැන කියැවෙන්නේ කුමක්ද යනු අපටත් ප්‍රශ්නයක්. මහමෙර යනු ඒ සාගරයේ අඩක් ගිලී පාවෙන වස්තුවක්. අඩක් ගිලී යැයි කීවද මහමෙර පෑනක් හෝ ක්ෂිරමානයක් හෝ පාවෙන ලෙස ජලයේ පාවෙන්නේනම් නෑ. මහමෙර ස්ථිර වස්තුවක්. සාගරය ඒ වටා පිහිටි ජලකඳයි. මහමෙර සාගර ජලතලයෙන් යට වී ඇති කොටස හා ජලතලයෙන් මතු වී ඇති කොටස වෙන වෙනම සුවාසුදහසක් යොදුන් වන බවයි කීමට අවශ්‍ය කරුණ වූයේ.
      2) නොයෙක් රසැති ජලයෙන්(?) යුත් සාගර ගැන සඳහන් කළ බැවින්ද ඒවා අප දැක නැති බැවින්ද අප දන්නේ එකම ලුණු රස සාගරය ගැන පමණක් බැවින්ද එනමින් සඳහන් කරන ලද්දේ ජම්බුද්වීපය වටා පිහිටි එසේම ලංකාද්වීපය වටාද පිහිටන ඔබත් අපත් දන්නා හඳුනන මහා සාගරයයි.
      3) සාගරය හා මුහුද යන පද දෙක බටහිර දැනුම විවරණය කිරීමේදී පැහැදිලි අරුත් දෙකක් ගනී. ඒ අයුරින්ම ඉහත විස්තරයේත් ඒ ඒ මුහුදු ලෙස අප විසින් සඳහන් කෙරෙන්නේ අවසන් සාගරය බෙදා දැක්විය හැකි කොටස් සතරයි. මෙය ඉදිරියේදී පැහැදිලි වනු ඇත.

      Delete
  2. හිකිස්‌.....
    මට ගහන්න බෑ පුතෝ මේවා ලියල. මම ගුඪාගාද ගැනත් දන්නවා. සක්වල ගැනත් දන්නවා. මාව තම්බන්න හිතුව මදි.

    මහාචාර්‍ය චන්දන ජයරත්න

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ඇත්තම මහාචාර්ය තුමා නොවෙයිනේ. ඒ බව අපට දැනෙන බැවිනි කළින් ප්‍රතිචාරයට නිහඬ වූයේ. ඔබ සැබෑ මහාචාර්ය වුවත් නැතත් දෙතිස් කතා ඔබ සාදරයෙන් පිළිගනී. එසේම හරවත් සාකච්චාවක නියැලීමට ඔබට ආරාධනා කරයි.

      Delete
  3. සිතුවිළිDecember 19, 2013 at 6:29 PM

    කණිෂ්කයන්ගේ මේ ලිපිය කියෙව්වා,
    මේ මාතෘකාව මා එතරම් ප්‍රිය උපදවන හෝ දැන ගැනීමට කුතුහලයක් ඇති දෙයක් නොවෙයි. මේ ගැන මා පෙර සඳහනක් කල බැව් මතක ඇත.
    කෙසේ වෙතත් කණිෂ්කයන්ගේ ලිවීම් රටාවට ඇති කැමැත්ත නිසාම කියවීමි.
    සාකච්චා වන කරුනුද කියවා බලමි. සාකච්චාවකට එළැඹීමකට තරම් විශය ගැන දැනුමක් හෝ උනන්දුවක් නැති බැවින් නිහඬව සිටිමි.

    ReplyDelete
  4. සිතුවිළිDecember 19, 2013 at 10:48 PM

    කණිෂ්කයන්ගේ මේ ලිපිය කියෙව්වා,
    මේ මාතෘකාව මා එතරම් ප්‍රිය උපදවන හෝ දැන ගැනීමට කුතුහලයක් ඇති දෙයක් නොවෙයි. මේ ගැන මා පෙර සඳහනක් කල බැව් මතක ඇත.
    කෙසේ වෙතත් කණිෂ්කයන්ගේ ලිවීම් රටාවට ඇති කැමැත්ත නිසාම කියවීමි.
    සාකච්චා වන කරුනුද කියවා බලමි. සාකච්චාවකට එළැඹීමකට තරම් විශය ගැන දැනුමක් හෝ උනන්දුවක් නැති බැවින් නිහඬව සිටිමි.

    ReplyDelete
  5. මට පිස්සු වගේ. සිතුවිළිටත් ඒ වගේද ?
    මේ ලිපියේ අවුලක් තියෙනවා. එක්කෝ හදිසියෙන් ලියලා... නැත්නම් වෙන කවුරු හරි ලියූ දෙයක් අනුවර්තනය/ පරිවර්තනය කරලා. මම කිහිප විටක් කියවල බැලුවත් කතාවේ පැහැදිළි කමක් නෑ - ගැලපීමක් නෑ වගේ.
    අවිද්‍යා මචං, උඹට නම් ප්‍රශ්න දෙක තුනක් අහ ගන්න තරමටවත් තේරුණා. ලොකු දෙයක් !

    මට තේරුන දේ ලියන්නම්.

    [අ] මහමෙර කණුවක් වගේ මැද්දේ පාවී පාවී තියෙනවා. ඒ වටේට කඳු වළලු 7 ක් තියෙනවා. ඒවාට සත්කුළු කියනවා.

    [ආ] ඔය කඳු වළලු වෙන් කරන්නේ සාගර 7 කින්. ඒවා සත් සමුදුරු.

    [ඉ] එතකොට මහමෙර, (සාගරය 1, කන්ද 1), (සාගරය 2, කන්ද 2), (සාගරය 3, කන්ද 3), (සාගරය 4, කන්ද 4), (සාගරය 5, කන්ද 5), (සාගරය 6, කන්ද 6), (සාගරය 7, කන්ද 7)....... හරි !

    [ඊ] ඊට පස්සේ තව සාගරයක්. ඒකේ වටේට තව කන්දක්. ඒක තමයි සක්වල මුවවිට. එහෙම බැලුවාම, කඳු නවයක් සහ සාගර අටක් තියෙනවා සක්වලක් තුල.

    [උ] අර අන්තිමට කියපු සාගරය කොටස් හතරකට බෙදෙනවා - උතුරු, දකුණු, නැගෙනහිර හා බස්නාහිර වශයෙන්. ඒවා මුහුදු. ඒවායේ පාට වෙනස්. ඒ මුහුදු වලට පාට ලැබෙන්නේ මහමෙරු පර්වතයේ පාට අනුවයි.

    [ඌ] මුහුදු හතරට අයිති දිවයින් හතරක් තිබෙනවා, පූර්ව විදේහය, ජම්බුද්වීපය, අපරගෝයානය හා උතුරුකුරුදිවයින ලෙස.

    මේක නේද කතාව???

    ReplyDelete
    Replies
    1. ජොසෙෆ්,

      ඔබේ පැහැදිළි කිරීම අගනේය. සත් සමුදුර හා සත්කුළු පව් සම්බන්ද සාහිත්‍ය විස්තරය එසේ කියයි.

      මේ කතාවේ ගැට මුසු තැන ගුරුත්වය සම්බන්ධයෙන් වෙයි. එකල ගුරුත්වය නොතිබුණු බව ඔබ කීවොත් එකඟ වෙමි - එය නිවැරදියි. එහෙත් නිවුටන් මෙලෝ එළිය දැකීමට පෙරත් මිනිස්සු උස් තැන් වලින් පහළට වැටී ජීවිත හානි කර ගත්හ. ඒ නිසා වැටීම සම්බන්දයෙන් ගුරුත්වාකර්ෂණය හැර වෙනත් පැහැදිළි කිරීමක් මේ කතාවේ අඩංගු වීම අවශ්‍ය වේ. මේ ගැන උපකල්පනයක් ඇත. එය කිව යුතුද නොයුතුදැයි කල්පනා කරමි.

      ඔබට මේ ගැන යමක්‌ එක් කළ හැකිද?

      Delete
    2. මේ කතාව ඉදිරිපත් කළේ ඔබයි. මා කළේ එය වටහා ගැනීමට උත්සාහ දැරීමත් වටහා ගත් දේ සංක්‍ෂිප්තව ඉදිරිපත් කිරීමත් පමණි. ගුරුත්වාකර්ෂණය ගැන කියා දීම ඔබේ කාර්යයක්. ඔබේ උපකල්පනය ඉදිරිපත් නොකරන්නේ ඇයි ?

      Delete
    3. Joseph කථාව හදා ගත්තු විදිහ අගය කරමි. කනිෂ්කයන් එය අනුමත කිරීම නිසා මා හටද නිරවුල් (යම්තාක්) අදහසක් ගොඩනගා ගත හැකි විය. නමුත් මුලදී මා බොහෝ අපහසුතාවයට පත්වුයේ ලිපියෙහි සදහන්වූ මෙම පැනය නිසාය.
      "පෘතුවිය මත මහාමේරු පර්වතය සොයා ගැනීමට උත්සාහ කළ විද්‍යාඥයන් සහ ගවේශකයින් ඉන් පරාජය වූයේ එය ආකාශ වස්තුවක් වන බැවින්ද?"
      මට තවම මෙය පැහැදිලි නැත. කනිෂ්ක හෝ Joseph සතුව පිළිතුරක් ඇතැයි සිතමි.

      Delete
    4. පැරණි ශිෂ්ඨාචාරවාසින්ගේ දැනුම අපට කෙලින්ම නවීන විද්‍යාත්මක දැනුමට එකතු කළ නොහැක. භාරතීයයන් දැනුම ලබා ගත් ක්‍රමය මායා කාරයින් දැනුම ලබා ගත් ක්‍රමයට වඩා වෙනස්ය. ඒ දෙක චීනුන්ගේ ක්‍රමයට වඩා වෙනස් වන අතර මිසර වාසීන් වෙනස්ම ක්‍රමයක් අනුගමනය කරන්නට ඇත. අප අද මේ දැනුම් දෙස බලන්නේ වපර වූ දෑසිනි. අපේ දෑස් වපර කරන ලද්දේ සියවස් ගණනක බටහිර අධිපත්‍යය හේතුවෙනි. අද අපි වයස පහේ සිට (සමහර විට ඊටත් පෙර සිට) ලෝකය දකින්නේ බටහිර විසින් නිර්මාණය කෙරුණු කණ්නාඩි යුගලකිනි. ඒ කන්නාඩියෙන් තොරව බැලුවොත් අපට පෙනෙන්නේ අසම්පුර්ණ ලෝකයකි.

      පෙරදිග දැනුම ක්‍රිස්තු වර්ෂ පසළොස්වන ශතවර්ෂයෙන් පමණ පසු ක්‍රමානුකූල වර්ධනයක් සිදු වී නැත. සිදු වී ඇත්තේ තිබූ දැනුමත් කඩින් කඩ ගිලිහී යාමයි - මීයන් කෑ වස්ත්‍රයක් මෙනි. දැන් ඉතිරි වී ඇති දැනුම් කෑලි එක් කර පැරණි සම්පූර්ණ දැනුම ප්‍රති-නිෂ්පාදනය අසීරු කටයුත්තකි.

      සක්වළ යැයි අපේ පැරැන්නන් විසින් හැඳින්වූ දේ නවීන විද්‍යාවට අනුව විස්තර කළොත් කුමක්දැයි නිවැරදිව කීමට හැකියාවක් නැත. එය මේ පෘතුවිය යැයි උපකල්පනය කළ ගවේෂකයන් පොළොව මත මහාමේරුව සෙවීමට තැත් කළහ. ඇත්ත වශයෙන් හිමාලය ආශ්‍රිත විවිධ පර්වත, ඉන්දුනීසියාවේ යමහලක් සහ මීට සියවසකට පමණ පෙර විදාරණය වූ ක්‍රකටෝවා නම් ගිණිකන්ද පවා මහමෙර ලෙස හඳුන්වන ලිපි අපට හමු වී තිබේ. එහෙත් පෙරදිග දැනුමේ විස්තර කෙරෙන මහමෙර විස්තරය ඒ කිසිම කන්දක් සමග නොගැලපේ.

      අපේ පෞද්ගලික අදහස නම් සක්වළ යනු පෘතුවිය හෝ මේ සෞරග්‍රහ මණ්ඩලය හෝ නොවිය හැකි බවයි. මන්දාකිණි මධ්‍යයේ ගූඪාගාධ ඇතැයි උගන්වන නවීන විද්‍යාත්මක සොයා ගැනීම් සළකූ කළ මහාචාර්‍ය චන්දන ජයරත්න මහතා නිවැරදි වීමටද ඉඩ ඇති බව සිතේ. අපේ පැරැන්නන් කිරි මුහුද ඇතැයි සැළකුවේ අහසේ මිස පොළොවේ නොවේ. එහෙයින් මහමෙරද පොළොව මත පවතින්නක් නොව අහසේ ඇති දෙයක්ම යැයි ගැනීමයි සාධාරණ.

      --- ඒ අපේ පෞද්ගලික අදහසයි. ඔබේ විමතිය දුරු වන්නට ඇතැයි සිතමු.

      Delete
    5. අවිද්‍යාව මල්ලි,
      (අයියා උනත් / මාමා උනත් කරන්න දෙයක් නෑ. මමයි ඉස්සෙල්ල ආවේ ... හික් !)

      K හොඳට දක්ෂයි වැල් වටාරම් ලියන්න. ඒකයි හේතුව. සමහට වෙලාවට, වැදගත් දේ පැත්තක තියල නොවැදගත් දේ එක්ක පොර බදනවා, අපේ කාලෙත් කනවා. අපි දැන ගන්න ඕනේ අවශ්‍ය දේ තොර ගන්න. ඉතිං මම හිතුවේ අර වාක්‍යය ඒ වගේ දෙයක් කියල.

      දැන් ඉතිං පැහැදිළි කිරීමක් ලැබිල තියෙනවනේ. මේක කියවල මම පොඩි සෙවිල්ලක් කළා. බලන්න පහත පින්තූර.

      > http://www.blogcdn.com/www.engadget.com/media/2011/12/black-hole.jpg
      > http://scienceblogs.com/startswithabang/files/2013/02/176201main_longshot_full.jpeg

      කළු කුහර වලින් ගැලවී එන කිසිවක් නැති බවයි ජනප්‍රිය මතය. පාසලේ උගන්වන්නේ එසේයි. එහෙත් කළු කුහර වලින් ඉතා ප්‍රබල X කිරණ විමෝචනයක් සිදු වන බව නවීන විද්‍යාවෙන් දැන් අපට කියයි. අර පින්තූර වල දෙපසට විහිදෙන කදම්භ දෙක ඒ X කිරණයි. ඒ රූප K ඉහත දක්වා ඇති බෙරය හා සසඳන්න.

      ආචාර්ය චන්දන දැන හෝ නොදැන හෝ සැළකිය යුතු යමක් අල්ලාගෙන ඇති බව මටත් සිතෙන්නේ K ඒ ගැන කළ සඳහන ගැන මදක් සොයා බැලූ විටයි.

      සරලව කීවොත්, මහමෙර යනු ක්ෂිරපථ මන්දාකිණිය මධ්‍යයේ පිහිටි කළු කුහරයයි. ඒ වටා ක්ෂිරපථය හෙවත් කිරි මුහුද පිහිටයි. අනෙක් මුහුදු හා පර්වත අහසේම පිහිටිය යුතුයි. K ලස්සනට එතැනින් ගැළවී යන්නේ බටහිර අධිපත්‍යය නිසා ඒ දැනුම අපෙන් ගිලිහී ගිය බව කියමිනි. (හැබැයි එයා දන්නේ නෑ කියන්නේ නෑ ... හික්...)

      ඒ විග්‍රහයට අනුවනම් සතරමහාද්විප පවා මේ පොළොවේ ඇති මහද්වීප විය නොහැක. ඒවා අනිවාර්යයෙන් ක්ෂිරපථයේ සතර කෙළවර (ආලෝක වර්ෂ දහස් ගණනක් දුරින්) පිහිටි ග්‍රහලෝක වේ. එහෙත් එවිට එක මහද්වීපයකට දවල් වන විට අනෙකට සවස්-රාත්‍රී-උදෑසන ආදී වශයෙන් වේලා වෙනස් වන එකම හිරකින් සඳකින් එළිය වන කතා සංගත නොවේ.

      ඊළඟ කෑල්ල ලියනකම් ඉඳිමු.

      Delete
    6. "ඒ විග්‍රහයට අනුවනම් සතරමහාද්විප පවා මේ පොළොවේ ඇති මහද්වීප විය නොහැක. ඒවා අනිවාර්යයෙන් ක්ෂිරපථයේ සතර කෙළවර (ආලෝක වර්ෂ දහස් ගණනක් දුරින්) පිහිටි ග්‍රහලෝක වේ. එහෙත් එවිට එක මහද්වීපයකට දවල් වන විට අනෙකට සවස්-රාත්‍රී-උදෑසන ආදී වශයෙන් වේලා වෙනස් වන එකම හිරකින් සඳකින් එළිය වන කතා සංගත නොවේ."
      Joseph අයිය හරිම තැනින් අල්ලගෙන තියෙනවා. මට කතාව තේරුම් ගන්න බැරිඋනේ ඒකෙ සංගත බව නොතිබුන නිසාම තමයි. මම ප්‍රශ්න අහල අහල හරි සංගත බවක් හදාගන්න තමයි උත්සහ කලේ. මේකට ඉතින් K ට වැරදි කියල හරියන්නේ නැහැ.
      "අප අද මේ දැනුම් දෙස බලන්නේ වපර වූ දෑසිනි. අපේ දෑස් වපර කරන ලද්දේ සියවස් ගණනක බටහිර අධිපත්‍යය හේතුවෙනි. අද අපි වයස පහේ සිට (සමහර විට ඊටත් පෙර සිට) ලෝකය දකින්නේ බටහිර විසින් නිර්මාණය කෙරුණු කණ්නාඩි යුගලකිනි. ඒ කන්නාඩියෙන් තොරව බැලුවොත් අපට පෙනෙන්නේ අසම්පුර්ණ ලෝකයකි."
      K කියන මේ කතාව තමයි ඇත්තම කතාව. අපිට පැරණි දැනුමේ පොඩි දෙයක් තේරුම් ගන්න මහා ගවේශනයක් කරන්න වෙලා තියෙන්නේ. බුදු දහම උනත් නියම විදිහට තේරුම් ගන්න උත්සහ කරනකොට තමයි තේරෙන්නේ අපිව මොනතරම් අසරණ තැනකට පත් වෙලාද කියල. හරිම අදහස පැහැදිලි කරලා දෙන්න කෙනෙක් නැති වෙලාවක සහ බටහිර අධිපත්‍යයට යටවෙලා ඒකවත් එයාල දන්නේ නැතිව අපිවත් මුලාකරන පඩියන් සිටින කාලයක K වගේ අය මෙහෙම හරි මේවා කතා කිරීම අගය කල යුතුය.
      කොහොම හරි Joseph මගේ ප්‍රශ්න බොහොමයක් සරල කලා. ඔබට පින්.
      ඒක නෙවෙයි Joseph, විදුසර පුවත්පතේ මහාචාර්ය නලින් ද සිල්වා සමග සංවාදයක යෙදෙන "දොස්තර" ගැන ඔයාගේ අදහස් දැනගන්න කැමතියි.

      Delete
  6. සිතුවිළිDecember 27, 2013 at 5:26 PM

    ජෝසප්ගෙන් හා කණිශ්කගෙන් මාහට පහදා ගත යුතු පැනයක් ඇත.
    මාතෘකාවට අදාල නොවූවද එය මෙතැනදී අසා දැන ගැනීමට සිතුනු.

    සිත සහ පුනර්භවය යන කරුනු ගැන අප කල පෙර සාකච්ඡාවකදී විඥ්ඥානය පුණර්භවය ලබනවා ලෙස ඇතැම් භික්ෂූන් කරන දෙසුම් ජෝසප් විසින් නිර්දය ලෙස පහර දීමට ලක් කල බව මතක ඇත. මාද විඥ්ඥානයෙහි පැවැත්ම යන මතය දැඩි ලෙස බැහැර කරන්නෙක්මි.
    එලෙස විඥ්ඥානය මියයනවිට සැබැවින්ම ප්‍රථිසන්ධිය ලබන්නේ අවසන් සිතුවිල්ල පාදක කොට උපන් නව සිතුවිල්ලක් පමණි යන මතය මා දැනට දරමි. (නිරවද්‍ය තාවය ගැන නොදනිමි )
    එහෙත් දහමට අනුව සිතක් බිඳී සිතක් හටගැන්මෙහි කාලය නොගිනිය හැකි තරම් ක්ෂුද්‍ර බව දහම කියයි.
    එසේ වූ විට එම කාලය සාපේක්ෂ වන්නේ අදාල ජීවියා දැරූ භවයටද නැතහොත් මිනිස් ලොව කායටද?
    එක් දිනක් මිනිස් ලොව දින දහසක් වන දෙව් ලොවක ක්ශනය ඇතැම් විට අපගේ දිනක් දෙකක් වුව වීමට හැකි නේද. ඔවුනගේ කාලය දීර්ග බව ඔවුනට දැනේනම්, ඔවුනගේත් පගේත් ක්ශනය ක්ශනයමනම් බුදු හිමියන්ගේ පරාජය ලද මාර දිව්‍ය පුත්‍රයා සොව පහ නොවී දෙපා පිරිමදිමින් හඬමින් බිම වැතිර හුන් වෙලේ දියනියන් ඔහු සොයා එන විට ඔහුට සුලු කාලයක් වූ කාලය මිනිස් ලොවට මසක් ඉක්ම ගොස් තිබුනි.

    මේ ගැන ඔබ දෙදෙනාගේ අදහස් දැන ගැන්මට කැමැත්තෙමි.

    ප්‍රශ්නය මාගේ පුතනුවන්ගේය.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි, ඔබ පියාණ කෙනෙක් බව දැන ගැනීම සතුටට කාරණයකි. ඔබේ දරුවා මෙවැනි ප්‍රශ්න නගන පුතෙකු වීම සතුට දෙගුණ කරයි. කවරක් වුවත් ඔබ නගා ඇති පැනය අපටත් වද දුන් පැනයක් බව කිව යුතුය.

      කාලය සාපේක්‍ෂයි. මෙය මීට සියවසකට පෙර එක්තරා යුදෙව් විද්‍යාඥයෙක් විසින් පහදා දෙන තුරු බටහිර ලෝකය දැන සිටියේ නැත. එහෙත් අඩු තරමින් වසර දෙදහසක් තුන් දහසක් තරම් අතීතයේදී පවා පෙරදිග ලෝකය මේ සිද්ධිය බව දෙවියන් ගැන කතා අපට පවසයි.

      එක්තරා දිව්‍යාංගනාවක් ස්වකීය මිතුරියන් හා සමග මල් නෙළමින් සිටින අතරතුරම චුත වීලු. දඹදිව උපන් ඈ තම ස්වාමියාම ලබන ආත්මයේදීත් ලැබේවා කියා පිං දහම් කොට පරලෝප්‍රාප්ත වීලු. ඈට ඇගේ සැමියා මුණ ගැසිණිදැයි මහණුන් විසින් විමසන ලදුව බුදුරදුන් විසින් එය එසේ බවත්, ඈ විසින් ප්‍රාර්ථනා කළ 'සැමියා' මේ භවයේ සැමියා නොව ඉහත ආත්මයේ දිව්‍ය ස්වාමියා බවත් පැහැදිළි කර දෙන ලද බවට කතාවක් අපේ සාහිත්‍යයේ හමුවේ. ඈ ඊලඟ භවයේ දිව්‍ය උයනේ පහල වන විටත් ඇගේ මිතුරියන් මල් කඩමින් සිටියේලු. මෙතෙක් වේලා කොහි ගියේදැයි ඔවුන් විසින් ඇගෙන් අසන ලද බවත් ඇගේ කතාව ඇසූ දිව්‍යාංගනාවන් 'අහෝ මනුෂ්‍ය ලෝකයේ ආයු මද නොවේදැ"යි සංවේග ප්‍රාප්ත වූ බවත් ඒ කතාවේ කියවේ.

      තවත් එක්තරා දෙවියෙක් සිද්ධාර්ථ කුමරෝත්පත්තියට සැරසීමට / පූජාවට මල් දම් ගෙතීම අරඹා පරිනිර්වාණය තෙක් වත් ඒ මල් දම් ගොතා නිම කර ගත නොහී අන්‍ය දෙවියන් අතින් සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ බව අසා අතිශය සංවේගයට පත්ව තවමත් නොනිමි දිව්‍ය මල් දාමයෙන් පූජාවක් කළ බවට තවත් කතාවක් පවතී. ඒ දිව්‍යමය මල් පවා අපේ වසර වලින් 80 පර නොවී පැවති බැව් මින් පෙනේ.

      දැන් ඔබේ ප්‍රශ්නය අතිශය සරල කර ගත්තොත්,
      * එම කාලය (සිතක් බිඳී සිතක් හටගැන්මෙහි කාලය) සාපේක්ෂ වන්නේ අදාල ජීවියා දැරූ භවයටද නැතහොත් මිනිස් ලොව කායටද? ලෙස ගත හැකියි.

      ඔබ පැහැදිලිවම මෙහි විමසන්නේ කාලයක් ගැන නොවේ; කාලාන්තරයක් ගැනයි. එනම් පෙර පැවති සිත නිරුද්ධ වීම හා අභිනව සිත ඇති වීම අතර ඇති කාල අන්තරය ගැනයි. මෙය අත්‍යන්තයෙන්ම ශූන්‍ය වේ. නොගිණිය හැකි තරම් කතාවක් නැත. කාල අන්තරය ශූන්‍ය බව ගත් කළ ඔබේ ප්‍රශ්නය නිරුද්ධ වේ. දෙවියන්ට සාපේක්‍ෂව වුව, බඹුන්ට සාපේක්‍ෂව වුව, අපට සාපේක්‍ෂව වුව ශූන්‍යය නම් ශූන්‍යය මැයි. (ඒ අපේ අවබෝධය මත දිය හැකි පිළිතුරයි - අභිධර්මය මීට හාත්පසින් වෙනස් පිළිතුරක් දීමට ඉඩ ඇත.)

      ඔබේ මූලික ගැටළුවට සම්බන්ධයක් නැතත් තවත් කරුණු දෙකක් ගැන පැහැදිළි කළ යුතුයි.
      1] විඥ්ඥානය පුණර්භවය ලබනවා ...
      2] එක් දිනක් මිනිස් ලොව දින දහසක් වන දෙව් ලොවක ක්ශනය ඇතැම් විට අපගේ දිනක් දෙකක් වුව වීමට හැකි ...

      Delete
    2. 1] විඥ්ඥානය පුණර්භවය ලබනවා ...

      මේ පැහැදිළි ආත්මවාදයකි. "විඥ්ඥානය" පුනර්භවය ලැබීමට නම් එය (එනම් විඥ්ඥානය) මුලින් තිබිය යුතුයි. අපේ වැටහීමට අනුව විඥ්ඥානය කියා ඒකීය දෙයක් නැත. විඥ්ඥානය කියා ඒකීය දෙයක් නැති කළ එය පුනර්භවය ලැබීම ගැන කතාවක් ඇති නොවේ. මේ පුනර්භවය යැයි හඳුන්වන්නේ උත්පත්ති-තිථි-භංග යනුවෙන් ගන්නා අවස්ථාන්තර සම්බන්ධයේ භංග-උත්පාද සංධිය ගැන නොවේ යැයි උපකල්පනය කෙරේ.

      2] එක් දිනක් මිනිස් ලොව දින දහසක් වන දෙව් ලොවක ක්ශනය ඇතැම් විට අපගේ දිනක් දෙකක් වුව වීමට හැකි ...

      මේ නිරීක්‍ෂණය පිළිගත හැක. අර දෙව්දුවගේ මල් කැඩීමත්, දිව්‍යපුත්‍රයාගේ මල්දම් ගෙතීමත් උදාහරණ ලෙස ගත් කළ දේ දෙකින්ම කියවෙන්නේ දෙව්ලොව ක්‍ෂනය මනුලොව අපට අතිශය දීර්ඝ බවයි. සම්බුදුරදුන්ගේ ජීවිත කාලය ශක්‍රදේවේන්ද්‍රයාට දෙදිනක් පමණකි. පංචසිඛයා ශක්‍ර දේව නියමයෙන් බුදුරදුන් අබිමුවට පැමිණ ආ කටයුත්ත පසෙක තබා ස්වකීය ප්‍රේමිය ගැන ගී ගයන විට ශක්‍රයා කලබල වූයේ මේ නිසාම විය යුතුයි. ඒ අවස්ථාවේ ශක්‍රයා බුදුන් වැඳගෙනම ශක්‍රාත්මභාවයෙන් චුත වී බුදුන් ආශීර්වාද කරන විටම නැවත ශක්‍රාත්මභාවයේම උපන් බව සඳහන්ය. මෙතැන අර අප මුලින් ඔබට දුන් පිළිතුර නිෂේද කෙරෙන කරුණු පෙනේ. ඒ ගැන කිව හැක්කේ අප කෙරේ ශූන්‍ය යැයි කියූ දේ බුදුරදුන් කෙරේත් එසේම බව කිව නොහැකි බවයි. උන්වහන්සේ චුතුපපාත ඤාණය ඇති මහෝත්තමයෙකි. එසේ නැතිනම් ශක්‍රයා චුත වන බව දන්නා බුදුරදුන් ඔහු නැවත ශක්‍ර ආත්ම භාවයේ උපදින බව දැනගෙන ආශීර්වාද කළා විය හැක. කෙසේ වුව, එතැන ඒ මොහොතේ සිදු වූ දේ ගැන අපට නා නා ප්‍රවාද ගොඩ නැංවිය හැකි වුවත් ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම සිදු වූයේ මෙය යැයි කිව නොහැක.

      Delete
    3. සිතුවිළිDecember 28, 2013 at 3:49 PM

      බොහෝ පැහැදිලි පිළිතුරකි.

      සරළවම කිවහොත් සිතක් බිඳී සිතක් හටගන්නා අතර කාලය (කාලාන්තරය ) ඔබ දක්වන අයුරින් ක්ෂනයක් නොව ශූන්‍යයකි.
      එය එසේනම් එය කිසිවකට සාපේක්ශ නොවීම පිළිගත හැක. ඔබ දුන් උදාහරණ ඔබගේ අදහස මැනැවින් පහදනවා.

      කෙසේ වෙතත් මේ ශූන්‍යය පිළිබඳ අදහස තව දුරටත් පැහැදිලි කරගත යුතුයැයි සිතමි. මා අසා ඇති සැටියට එහි කාලාන්තරයක් ඇත. එහෙත් එම අදහසෙහි මූලාස්‍රය මතක නැත.

      ඔබට පින්.

      Delete
    4. විඥ්ඥානය පුණර්භවය ලබන බව එක්තරා ධර්ම දේශනාවකදී කීවේ අතිපූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ ස්වාමින් වහන්සේය. ඒ වහන්සේ දැඩි ගන්ධබ්භයෙකි. ගන්ධබ්භයා කුස තුලට පිවිසෙන දෙස බලා සිටියා සේ විස්තර කරයි. එසේ ගන්ධබ්භයා පිවිසෙන්නේ නෑ කියා කවුරු හරි කියන්නේ නම් පිවිසෙන්නේ මොකාදැයි පෙන්වා දෙන ලෙස අභියෝගද කරයි. ඇසිය යුතු ධර්ම දේශනයකි.

      ඔබ "විඥ්ඥානය මියයනවිට සැබැවින්ම ප්‍රථිසන්ධිය ලබන්නේ අවසන් සිතුවිල්ල පාදක කොට උපන් නව සිතුවිල්ලක් පමණි" යන්න තව දුරටත් විස්තර කරන්නේ නම් මේ ගැන සාකච්චා කළ හැකියි. ඊට අමතරව කේ විසින් ශූන්‍යය යන සංකල්පය ඇසුරු කරගෙන දුන් පිළිතුර ගැන සෑහීමට පත් වෙමි. එහි ශුන්‍යය යන සංකල්පයටත් වඩා වැදගත් කොටස කාලාන්තරය යන සංකල්පය බවයි මගේ වැටහීම. කාලාන්තරය සාමාන්‍ය ව්‍යවහාරයේ ඉතා අධික කාලයක් වෙනුවෙන් යෙදේ. එහෙත් කේ ඒ වචනය යොදා ගන්නේ කාල ප්‍රාන්තර දෙකක් අතර ඇති කාලය හඳුන්වා දීම පිණිසයි. මේ ඉතා සුවිශේෂ යොදා ගැනීමක්. එසේම වැරදි වැටහීම් වලට තුඩු දිය හැකි තැනක්. මෙයට එකතු කළ යුතු දේ නම් සිතක් එක්තරා කාලයක් (උත්පාද-තිථි-භංග --- කේ විසින් මේ බව සඳහන් කර ඇත.) පවතින බවත්, ඕනෑම සිත් දෙකක් අතර කාලාන්තරය ශුන්‍ය බවත්ය.

      අදහස පැහැදිලි යැයි සිතමි.

      Delete
    5. සිතුවිළිDecember 30, 2013 at 8:13 PM

      ජෝසප් ඔබගේ දායකත්වයටත් පින්.

      ශූන්‍ය සංකල්පය පදනම් කරගත් විට සාපේක්ශ කාලය පිළිබඳව වූ ගැටළුව නිරාකරනය වේ.
      සිතක් පවතින අංශුමාත්‍ර වූ කාලයක් ඇතත් සිත් දෙකක් අතර කාලාන්තරය ශූන්‍ය විය යුතුය යන්න මෙහි අවසන් උපකල්පනයයි.
      දැන් එතකොට සිතක පවතින 'කාලාන්තරය" අදාල සත්ත්වයාගේ ලොවට සාපේක්ශ විය යුතුයැයි සිතමි. මෙහි කණිෂ්කයන් විසින් යොදාගෙන ඇති උදාහරණ මගින් එය තහවුරු වේයැයි සිතමි.

      Delete
    6. සිතුවිළි,

      "එතකොට සිතක පවතින `කාලාන්තරය`" යන්නෙන් ඔබ විසින් අදහස් කරන ලද්දේ සිතක් පවත්නා කාලය නම්, එය "අදාල සත්ත්වයාගේ ලොවට සාපේක්ශ විය යුතුයැ" කීම ගැන එකඟ නොවෙමි. සිතක උත්පාද-තිථි-භංග ලෙස අවස්ථා තුනකි. මින් උත්පාද සහ භංග ක්‍ෂණික (එනම් කාලය ශූන්‍ය වන) සිද්ධි බව අපේ අදහසයි. කාලයක් ගැන කතා කළ හැක්කේම තිථි යන අවස්ථාවේ පමණි. උත්පාද සහ භංග යන අවස්ථා කාලයක් ග්‍රහණය නොකර ගනීනම් ඒ දෙක අතරතුර කාලයක් නැති වීමත් තේරුම් ගැනීම පහසු විය යුතුයි.

      එසේ සැලකූ කල තිථිය යනු චිත්තක්‍ෂණයක් වේ. සිත පවතින්නේම චිත්තක්‍ෂණයක කාලයක් වන නිසාත් කිසියම් මැනීමක් කිරීම පිණිස එක සිතක් ප්‍රමාණවත් නැති නිසාත් සිතට ග්‍රහණය කර ගත හැකි අඩුම කාලය චිත්තක්‍ෂණය බව සිතමි. දැන් ඔබේ ගැටළුව වෙත නව කෝණයකින් බැලුවොත්, ඔබ විමසන්නේ සෑම සත්ත්වයෙකුගේම චිත්තක්‍ෂණය එක සමානද? යන ප්‍රශ්නයයි. මේ කාලය ගැන නොව කාලයේ වේගය ගැන ප්‍රශ්නයකි.

      මෙයට කලින් කලට විවිධ පිළිතුරු ගෙතුවෙමි. දැන් අලුතින් පිළිතුරක් නිර්මාණය කිරීමට කාලය යැයි සිතමි.

      මිතුර, මේ ගැන ඔබේ අදහස කුමක්ද? මිතුරු ජොසෙෆ් මේ ගැන දරන අදහසක් වේද? අලුතින් එක් වූ 'අවිද්‍යාව' අප විද්‍යාව කරා ගෙන යාමට සමත්ද?

      අභිධර්මය දන්නා කෙනෙක් සතුවනම් මීට සකස් කළ පිළිතුරක් ඇති බව සිතමි. ඔබලාගේ පිළිතුරු ලැබෙන තෙක් ඉවසමි.

      Delete
    7. සිතුවිළිDecember 31, 2013 at 12:41 PM

      අභිධර්මය දන්නා කෙනෙකු තුල මීට "සකස් කළ පිළිතුරක්" යන වදනින් මා වටහා ගත යුත්තේ අභිධර්මය ගැන ඔබ දරන මතයදැයි මට නිකමට සිතුනි.
      මන්ද මා එවන මතයක් ගැන මා තුලින්ම සිතා ඇති බැවිනි!

      Delete
    8. 2] එක් දිනක් මිනිස් ලොව දින දහසක් වන දෙව් ලොවක ක්ශනය ඇතැම් විට අපගේ දිනක් දෙකක් වුව වීමට හැකි ...

      මේ නිරීක්‍ෂණය පිළිගත හැක.
      මෙම සංවාදයට සම්බන්ධ වීමට පෙර බොහෝසේ සිතීමට සිදුවිය. මෙම කරුණු සරල යයි පෙනෙන සරල නැති කරුණු වේ. මා හටද තවම පැහැදිලිම අදහසක් නැත. "ක්ශනය" යන්නට නිශ්චිත අර්ථදැක්වීමක් මට හමුවී නැත. "ක්ශනය" ලෝකයෙන් ලෝකයට පමණක් නොව පුද්ගලයෙකුගෙන් පුද්ගලයකුටද සාපේක්ෂ විය හැකියැයි විටක සිතුනද මෙතරම් වෙනසක් ඇතැයි සිතිය නොහැක. ප්‍රථමයෙන්ම "ක්ශනය" යනු සංකල්පයක් බව වටහා ගත යුතුය. යම් ලොවක "ක්ශනය" අපේ ලොවේ දිනදෙකක් වන්නේනම් එම ලොව සහ අපේ ලොව අතර කිසිම අන්තර් සම්බන්ධතාවයක් පැවතිය නොහැකිය. යම් රූපයක් හැදින ගැනීමට පමණක් සිත් බොහෝ ගණනක් ඇතිවී නිරුද්ධ විය යුතුය. එමනිසා "ක්ශනය" යනු සාපේක්ෂ විය හැකි උවද ආසන්න නිරපේක්ෂ සංකල්පයක් විය යුතුය.
      කාලය යනු සාපේක්ෂ දෙයකි. එසේ නැතිනම් වෙනස්වීම තුලින් පනවා ගැනීමකි. වෙනස්වීම සෙමෙන් සිදුවන තැනක (රෝහලේ ඇදක් මත ) සහ වේගයෙන් වෙනස්වන (වැඩ අදික විට ) තැනක "වේලාව" ගතවීම ප්‍රයෝගිකව නිරීක්ෂණය කිරීමෙන් කාලය දැනීම "ක්ශනය" මත රදා පැවතිය යුතු නැත යනු මගේ අදහස වේ. දෙව්ලොවක කාලය දැනීම සහ අපේ ලොවේ කාලය දැනීම වෙනස් වුවද ඇතිවන සිත් ප්‍රමාණයට එහි සම්බන්ධයක් ඇතැයි නොසිතමි. එකම ආකාරයේ ඇතැම් සිත් බොහෝ සේ ඇතිවනවිට කාලය (වේලාව )ඉතා සෙමෙන් ගතවන්නේ යැයි අපට දැනේ. මා සිතන අනෙක් කරුණ නම්, සිතක උත්පාද-තිථි-භංග ගැන කතා කලද එය පැවති දෙය පුර්ණව විනාස වී අලුත් දෙයක් හටගැනීමක් නොව, පවතිදේය වෙනස් දෙයකට හැරීමක් පමණක් සිදුවන්නේය යනුයි. සුදු රෙද්දකට තීන්ත බින්දුවක් දැමුවිට එය සුදුරෙද්දක් නොවේ. මේ ආකාරයේ වෙනස්වීමක් පවතින විට සිත් අතර කාලයක් පිළිබඳව ගැටළුවක් නොවේ. වෙනස්වීම නිරීක්ෂණය කළහැකි අවම කල චිත්තක්ෂණයක් වේ. උත්පාද-තිථි-භංග යනු සර්වසම කාල පරාස ලෙස සදහන්වේ. තවද සිතක් ඇතිවූ විට එය එතැනම නිරුද්ධ වේ. සිතක් ඇතිවීම (වෙනස්වීම ) සිදුවන්නේ භවාංග චිත්තයට සාපේක්ෂව විය යුතුය. මතු සම්බන්ධයි.

      Delete
    9. සිතුවිළිJanuary 3, 2014 at 8:06 PM

      අවිද්‍යා,
      මෙහි වැටහෙන නොවැටහෙන (එකඟ විය හැකි නොහැකි ) තැන ඇතැයි සිතේ. එහෙත් ඔබගේ පූර්ණ අදහස දැන ගැනීමකින් තොරව අදහස් පල කිරීම නුසුදුසු වේ මන්ද අසම්පූර්ණ අදහසෙහි මා වටහා ගන්නා ආකාරය අසම්පූර්ණ විය හැකි බැවින් මා වැරදි වීමට ඇති ඉඩ බොහෝ නිසා.
      ඔබගේ සහභාගිත්වය අගයමි.
      ඔබගේ පූර්ණ අදහස බලා සිටිමි.

      Delete
    10. මා පෙර සදහන් කල ලෙස සිතක උත්පාද-තිථි-භංග යනු සර්වසම කාල පරාස ලෙස සදහන්වේ. එසේ සදහන් වන්නේ අභිධර්ම ඉගැන්විමෙහිය. තමා ලෙසත්, බාහිර ලෝකය ලෙසත් ගත් අරමුණු ඇසුරේ ඇතිවන හැගීම් මාත්‍රයක් වන සිත බෙදීම කෙසේ කරන්නේ දැයි අවබෝදයක් නැත. අභිධර්ම ඉගැන්විමට අභියෝග කිරීමට තරම් අභිධර්මය හදාරා නැත සහ නොගැලපීමක් හමුවිද නැත. සංකල්ප බාවිතයෙන් පුද්ගලයා ලෙස අප දකින දෙය බෙදා දැක්වීමක් සිදුකිරීම එමගින් සිදුකරන්නේ යැයි සිතමි. එය අවබෝදය පහසු කිරීමට සංකල්ප බාවිතයක් පමණක් විය හැකිය. එසේ සංකල්ප බාවිතයෙන් තොරව කිසිවක් පැහැදිලි කල නොහැක. චිත්තක්ෂණය යනු නිරන්තර වෙනස්වෙමින් පවතින "හැගීම් මාත්‍රයක" නොවෙනස්ව පවතින කුඩාම කාලය නම් එයද උත්පාද-තිථි-භංග යන සර්වසම කාල පරාස තුනකින් යුක්ත වේ යනු මගේ අදහස වේ. "චිත්තක්ෂණය" ලෝකයකින් ලෝකයකට වෙනස්ලෙස අර්ථ දැක්වීමක් හෝ පරමාර්ථ ධර්ම "ලෝක" සාපේක්ෂ බවක් සිතිය නොහැක. මෙහි පරමාර්ථ ගණයට වැටෙන්නේ සිතයි. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරන විට එම ධර්මය ඇසීමට සහ අවබෝදයට දෙවියන්ට හා බ්‍රහ්මයන්ට ගැටළුවක් නොවන්නේ එකම කාලයක් තුල එකම වේගයකින් සිදුවන සිදුවීම් එකම ලෙස ග්‍රහණයට (පුද්ගල සාපේක්ෂතාව නොසලකා)ඇති හැකියාව නිසා යයි සිතමි. දෙවියන් සහ සාමාන්‍ය මිනිසුන් සහ රහතන් වන්සේලා සහ දෙවියන් අතර නොයෙක් ආකාරයේ සම්බන්ධතා සාහිත්‍ය තුල හමුවන බැවින් අන්තර් ලෝක සම්බන්ධය බුදුරජාණන් වහන්සේ පමණක් සතුවූ හැකියාවක්ද නොවන බැවින් සිත (පරමාර්ථ ධර්මයක්ද වන බැවින්) වෙනස්වීම එය පවතින ලෝකයට සාපේක්ෂ නොවේ යනු මගේ අදහස වේ.( මෙහි සිත යනුවෙන් දෙයක් හෝ වස්තුවක් පවතිනේ නැතිබැවින් සහ එය වෙනස්වීම් මාත්‍රයම පමණක්ම බැවින් අපගේ සංකල්ප බාවිතයෙන් පැහැදිලි කිරීම පහසුද නැත. අපගේ සංකල්ප නිර්මාණය වී ඇත්තේ වස්තු හෝ ද්‍රව්‍ය පැහැදිලි කිරීමටය.)

      Delete
    11. සිතුවිළිJanuary 7, 2014 at 6:20 PM

      අවිද්‍යා,
      ඔබගේ ලිපිය යම් අයුරකින් සංක්ශිප්ත බවක් දක්වන නිසා ඔබ අමගින් කීමට තැත් දරන දේ කුමක්දැයි වටහා ගැනීම යම් පමණකට දුශ්කරයි.
      කෙසේ වෙතත්, සිත පරමාර්ථ දර්මයක් ලෙස ඔබ කරන හැඳින්වීම විශේෂයෙන් මාහට ගැටළු සහගත වේ. මා දකින සැටියෙන් නම් සිත යනු සම්මුති ධර්මයකි. ඔබ සිත පරමාර්ථ වශයෙන් දැක්වීමෙහි පසුබිම පහදා දිය හැකිනම් ඔබගේ මතය වටහා ගැනීම පහසු වේවි.

      Delete
  7. 2014 සියලු දෙනාට සුභ නව වසරක් වේවා !
    කේ, අපිට 2014 ට දින දසුනක් ලැබෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දින දසුන ලැබෙන්නට ඇතැයි සිතමි.

      Delete
  8. අවිද්‍යාව, සිතුවිළි සහ ජොසෙෆ්,

    ---------
    සිතුවිළි: එක් දිනක් මිනිස් ලොව දින දහසක් වන දෙව් ලොවක ක්ශනය ඇතැම් විට අපගේ දිනක් දෙකක් වුව වීමට හැකි ...
    කණිෂ්ක: මේ නිරීක්‍ෂණය පිළිගත හැක.
    ---------
    ඉහත සංවාදය අරභයා පැහැදිළි කිරීමක් කළ යුතුව ඇතැයි හැඟේ.

    ඉහත 'අවිද්‍යාව' විසින් උපුටා දක්වන්නේ "ක්‍ෂණය" සම්බන්ධයෙන් ඇති වූ සංවාදයයි. ක්‍ෂණය ගැන අවිද්‍යාව දක්වන කරුණු සමග එකඟ වීමේ නොහැකියාවක් අපටනම් නොපෙනේ. අප විසින් ක්‍ෂණය සැළකෙන්නේද නිශ්චිත අර්ථ දැක්වීමක් රහිත සරල සංකල්පයක් වශයෙනි. එහෙත් එහි ප්‍රමාණය තැනින් තැනට සාපේක්‍ෂ බව අපේ පිළිගැනීම වේ.

    එහෙත් 'අවිද්‍යාව' විසින් "ක්‍ෂණය" හා චිත්තක්‍ෂණය පටලවාගෙන ඇතැයි සිතේ. අප විසින් දෙව් ලොව හා මනුලොව ක්‍ෂණයක් අසමාන බවට එකඟ වූවා මිස චිත්තක්‍ෂණ අසමාන බවට එකඟ වූ බවක් මතකයේ නැත.

    ක්‍ෂණය යනු ඉතා කුඩා කාලයකි. 'අවිද්‍යාව' විසින් විවිධ සාධක ගෙනහැර පාමින් ස්ඵුට කිරීමට තැත් කරන්නේ දෙවියන්ගේ චිත්තක්‍ෂණය අපේ චිත්තක්‍ෂණයට සමාන විය යුතු බවයි. මේ ගැන විවාදයක් නැත. අප අසඤ්ඤතලය ගැන වැඩිමනක් නොදන්නා මුත් එහි පවා චිත්තක්‍ෂණයක් වේනම් එය අපේ චිත්තක්‍ෂණයට සමාන විය යුතු බව සිතමි.

    දැන් ඉහත කරුණ සාරාංශ කළොත් චිත්තක්‍ෂණය යන්න කාලය මැනීමේ සර්වත්‍ර මිනුමක් ලෙස සැළකිය හැකියි.
    (බටහිර විද්‍යාඥයන් විසින් කාලය මැනෙන්නේ තත්පර වලිනි. තත්පරය පවා වෙනස් වන මිනුමකි. එය සර්වත්‍ර මිනුමක් නොවන්නේ අධික වේග වලදී තත්පරය දීර්ඝ වන බව සාපේක්‍ෂතාවාදයේදී ඉගැන්වෙන බැවිණි.)

    එවිට, අපේ ක්‍ෂණයට වඩා දෙවියන්ගේ ක්‍ෂණයට බොහෝ චිත්තක්‍ෂණ ගණනක් පවතී යැයි කීමෙන් ඉහත මත භේදය නිරාකරණය වේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. කනිෂ්ක,
      "අප විසින් ක්‍ෂණය සැළකෙන්නේද නිශ්චිත අර්ථ දැක්වීමක් රහිත සරල සංකල්පයක් වශයෙනි. එහෙත් එහි ප්‍රමාණය තැනින් තැනට සාපේක්‍ෂ බව අපේ පිළිගැනීම වේ.

      එහෙත් 'අවිද්‍යාව' විසින් "ක්‍ෂණය" හා චිත්තක්‍ෂණය පටලවාගෙන ඇතැයි සිතේ. අප විසින් දෙව් ලොව හා මනුලොව ක්‍ෂණයක් අසමාන බවට එකඟ වූවා මිස චිත්තක්‍ෂණ අසමාන බවට එකඟ වූ බවක් මතකයේ නැත"

      මා විසින් "ක්‍ෂණය" යනු "නිශ්චිත අර්ථ දැක්වීමක්" රහිත "සංකල්පයක්" යනුවෙන් අදහස් කරන ලද්දේ එය පරමාර්ථ ගණයට නොවැටෙන බව පමණි. "ක්‍ෂණය" යනු අභිධර්ම ඉගැන්වීමේදී සම්මත අර්ථයක් සහිත යෙදුමකි. සියලුම සංකල්ප සම්මත අර්ථ සහිතය. චිතක්ෂණය උත්පාද ,තිථි ,භංග වශයෙන් බෙදුවිට එයින් එක් කොටසක් "ක්‍ෂණය"ක් ලෙස ගැනේ. මා පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සහ ලෝකයෙන් ලෝකයට සාපේක්ෂ විය හැකියයි අදහස් කරන ලද්දේ "චිතක්ෂණය"මය. එය එසේ නොවේ යනු නව අදහස වේ. චිත්තය යනු පරමාර්ථ දර්මයක් නිසා එහි වේගය නිරපේක්ෂ විය යුතුය. මෙහි වේගය යනු වෙනස්වීමේ වේගයයි.

      එවිට, අපේ ක්‍ෂණයට වඩා දෙවියන්ගේ ක්‍ෂණයට බොහෝ චිත්තක්‍ෂණ ගණනක් පවතී යැයි කීමෙන් ඉහත මත භේදය නිරාකරණය වේ යැයි සිතමි.

      ඉහත අදහස සමග එකඟ විය නොහැක. එය කාලය දැනීමේ සාපේක්ෂ බවක් පමණි. අපගේ තත්පරයට වඩා දෙවියන්ගේ තත්පරය බොහෝ විශාලය ලෙස මෙය වෙනස් විය යුතුය.

      Delete
    2. සිතුවිලි,
      පරමාර්ථ ධර්ම යනු ලෝකය සහ සත්වයා බෙදා දැක්වුවිට තවදුරටත් බෙදිය නොහැකිව පවතින දෙය පැහැදිලි කිරීමට යෙදෙන සංකල්පයක්ම වේ. මෙහි අර්ථයන් ලෝක සපෙක්ෂතාවයෙන් සහ පුද්ගල සාපේක්ෂතවයන්ගෙන් තොරය. පරමාර්ථ ධර්ම 82කි. චිත්තය හෙවත් සිතද එයට ඇතුලත්ය. එනිසා සිත යනු සහ එහි වෙනස්වීමේ වේගය ලෝකයෙන් ලෝකයට වෙනස් වන දෙයක් විය නොහැක. මෙහි "සිත" ලෙස සදහන් කලද එය වෙනස්විමම පමණක් මිස සිත ලෙස පවතින දෙයක් නැත. වෙනස්වීමේ වේගය නම් වෙනස් නොවී පවතින කුඩාම අවස්ථා දෙකක් අතර කාලය සම්බන්ද කර ඇතිකරගන්නා සංකල්පයකි. අප සිත ලෙස බොහෝ සේ යොදා ගත්තද එක් සිතක් පමණක් කිසිවිටෙකත් අපට නොදැනේ. වෙනස්වීම් සන්තතිය හෙවත් සිත් බොහෝ ගණනක් එක්වුවිට සිතුවිලි හෝ හැගීම් දැනීම් ලෙස අපට දැනීමක් (යම් කාලයක් තුල ඇතිවූ වෙනස්වීමේ එකතුවක්/ මතකය මෙහිදී සත්‍ය වැසීමට බොහෝ දායකත්වයක් දරයි) ඇතිකරයි. අප ලෝකය සහ තමා ලෙස ඇතිකරගන්නා දැනීම් හෝ හැගීම් මාත්‍රයම චිත්ත සන්තතිය වේ. එසේ පවතින දැනීම් හැර ලෝකයක් හෝ පුද්ගලයෙක් නොපවතින බැවින් (අපෙන් තොරව පවතිනවා යයි අප සිතන ලෝකයද වෙනස්වීම් මාත්‍රයන් පමණි) මෙම වෙනස්වීම් අතර කාලය නියතයක් විය යුතුය. ඔබ පවසන ලෙස මෙය සංක්ෂිප්ත අදහස් දැක්වීමක් පමණක්ම නොවේ. මෙය තේරුම් ගැනීමට සහ තේරුම් කිරීමට ඉතා අපහසු තැනකි. බොහෝ දිර්ගව විස්තර කලවිට වෙනත් අදහස් ඇතිවිය හැකිය. මෙය "ගැඹුරු" තැනකි. තනිව තේරුම්ගැනීමට උත්සහ කල යුතුය.

      ඉහත සියලු විස්තර අනුව කිව යුත්තේ ප්‍රශ්නය වැරදි බවය.
      1) එසේ වූ විට එම කාලය සාපේක්ෂ වන්නේ අදාල ජීවියා දැරූ භවයටද නැතහොත් මිනිස් ලොව කායටද?
      කාලයේ සාපේක්ෂ බව දැනෙන්නේ චිත්ත සන්තතියට බැවින් "එක් ජාතියකින්" "වෙනත් ජාතියකට" යාමේදී ජාතින් දෙක අතර කාලයක් ලෙස දෙයක් නැත. මෙය වටහා ගැනීමට නම් සිතට රූප ඇතිකළ හැකිබව සහ මිනිස් ලෝකය ලෙස අප සිටින "මේ ජාතියේදීම" අප "දිව්‍ය ලෝකයේ" "බ්‍රහ්ම ලෝකයේ " මෙන්ම "සතර අපායේද" නිරන්තර හටගන්නා (භවාංග චිත්තයන්) විටින් විට ඇතිකරගන්නා බව වටහා ගත යුතුය. ඉතින් අප මැරෙන මොහොතේ අපට ඇත්තේ කිනම් ලෝකයක හටගන්නා සිතක්ද, එහිම ඊලග සිත (කර්මයට අනුව) රූපයන් ඇතිකරමින් අදාල ලෝකයේ පහලවේ. මෙහිදී වෙනස්වීම් සන්තතියේ කිසිදු කාල අන්තරයක් නැත. ඔබ මනුලොව (සම්මුතියට අනුව සහ මහාබුත රුපය හෙවත් පටවි අදින් සැදී රූපකය) සිටියද ඔබගේ ශරීරයේ ඒ මොහොතේ පැවති අනෙක් රූපයන් සහ චිත්තය අනෙක් ජාතියට අදාල ලෝකයේ හටගන්නා සිත් සහ රූපයන් වේ. සන්තතිය බිදීමක් මෙහි සිදු නොවේ. මෙහිදී සිදුවන කර්මයේ බලපෑම විස්තර කිරීමට මා සමත් නොවේ.
      තවත් අප අවබෝධ කරගත යුතුම වැදගත් දෙයක් වන්නේ ඇසට පෙනෙන වර්ණ රූපයන්ට අමතරව රූප 27ක් ඇති බව සහ මහබුත ඇසුරෙන් පවතින රූපය නිරන්තර වෙනස්වන දෙයක්බවත්ය. මෙම වෙනස්වීමට, නිරන්තර සිදුවන වෙනස්වීමට අමතරව සිත මගින් ඇතිකරන රුප, කර්මජ සහ අහාර රූප හේතූන් වේ. කාමයට ලැදි පුද්ගලයකු හමුවට එන අඩ නිරුවත් නිරුපිනියකගේ රූපය දැකීමෙන් අදාල පුද්ගලයා එම ගැහැණු රුව තුල දකින ගුණයන් එහි ඇති ගුණයන් නොවුනත් එම වැරදි සිතුවිල්ලද සහිතව ගැහැනියගේ එක්, එක් අවයවයන් තම සිතෙහි ඇති උපාදාන සමග සසදමින් ඇතිකරන හැගීම ඔහුට ගැහැනියගේ ඇදුම (රෙදි කැබැල්ලක ) ස්පර්ෂයෙන් පමණක් වුවද මහත් සැපයක් ඇතිකරන රූපයන් ඔහුගේ රූප කයෙහි ඇතිකරයි. එම විශේෂ රූපයන් නිසාම ඔහුට එම ස්පර්ෂ දැනේ. මෙහි ස්පර්ෂ දැනෙන රූප ඇතිකරන්නේ සිත මගින් වන අතර වෙනත් අරමුණක් ගැනීමෙන් එම රූපයන් නැතිවේ. එනම් සිත මගින් ඇති කරන රූප පවතින්නේ සිත පවතින තුරු පමණි. ඉහත දක්වන ලද අවස්ථාවේ පුරුෂයාගේ රූපය ඔහුගේ භවාංග චිත්තය මගින් ඇතිකරන රූපය නොවේ. චිත්යද භවාංග චිත්තය නොවේ. නමුත් එයට වෙනස් වන්නේ එය සිදී අලුතෙන් හටගැනීමෙන් නොව පැරනිදෙයම වෙනස් දෙයකට හැරීමෙනි. මෙම අවස්ථාවේ ඔහුතුල හටගන්නා සිත් ඇතැම්විට තිරිසන් අපායේ හටගන්නා (භාවංගය ) වියහැකි අතර රූපයන්ද එයට අනුරුපවම වේ. ඉතින් ඔහු මෙවිටම මියයන්නේ නම් එම සන්තතිය කර්මය අනුරුපවම අදාල ලෝකයේ පවත්වයි.
      භවාංග චිත්තය යන සංකල්පයද පැහැදිලි කල යුතුයැයි සිතමි.
      භවාංග චිත්තය ලෙස සදහන් වන්නේ ජාතියේ මුලින්ම ඇතිවන සිතයි. සාමාන්‍යයෙන් සිත් ඇතිවන්නේ පවතින සිතට සර්වසම ලෙස ඊළඟ සිත ඇතිවන ලෙසට වේ. වෙනස්වීම සිදුවන්නේ ඉන්ද්‍රියන් ඇසුරෙන් ගන්නා අරමුණු නිසා වේ. ප්‍රතිසන්දී චිත්තය වන්නේ පෙර ජාතියක චුති චිත්තයට සර්වසමව මේ ජාතියේ හටගත් මුල්ම සිත වේ. මෙයට භවාංග චිත්තය ලෙසද හැදින්වේ. වෙනස්වීමක් සිදුනොවන්නේ නම් මෙම ජාතියේ මරණයෙන් කෙලවර වනතෙක් හටගන්නේ භවාංග සිත්ම වේ. මෙම සිත ඇතිකළ/ඇතිකරන රූපයන්ද මරණය තෙක් වෙනස්වෙමින් පවතී. අරමුණක් නොගන්නා සෑම විටම භවාංග සිත් ඇතිවෙමින් චිත්ත හා රූප සන්තතිය පවත්වයි. වෙනත් අරමුණක් ගන්නා විට වෙනස්වන සිත නැවත භාවංගය දෙසට වෙනස්වන්නේය.ඉතින් අප තුල ඇතිවන්නේ මිනිස්ලොව ඇතිවන සිත් පමණක්ම නොවේ. ඉදහිට අපද දිව්‍ය ලෝක සැපද විදින්නෙමු!

      Delete
    3. සිතුවිළිJanuary 8, 2014 at 7:26 PM

      කණිශ්කයන්ගේ අදහසත්, ඊට පිළිතුරු ලෙස ඉදිරිපත්ව ඇති අවිද්‍යාගේ පිළිතුරත් පමණක් කියවා මෙසේ අදහස් පල කරමි.

      සත්ත්‍යය වශයෙන්ම මාගේ හැඟීම වූයේද අවිද්‍යා විසින් චිත්තක්ෂනයත් ක්ෂනයත් පටලවාගෙන ඇති බවකි. මා ඒ බවක් කීමට ඉක්මන් නොවී වැඩි දුරටත් පැහැදිලි කර ගැන්මට තැත් දැරුවේ එබැවිනි.
      කෙසේ වෙතත් කණිෂ්කයන්ගේ අදහස හා මාගේ වැටහීමෙහි කිසිදු ගැටීමක් නොමැත. සැබැවින්ම මා ක්ෂනය ලෙස දැක්වූයේ කණිෂ්කයන් අදහස් කරන පැහැදිලි අර්ථ දැක්වීමකින් තොර පොදු භාවිතයේ යෙදෙන ක්ෂනයයි. එහෙත් මෙහි පටැලැවීම වී ඇත්තේ අවිද්‍යා ක්ෂනය යන්නට අභිධර්මයෙහි ඇති අරුත සිත්හි දරාගෙන පිළිතුරු දීමයි.
      දැන් සියලු පිළිතුරු පැහැදිලිය. මාත් කණිශ්කත් එක් අරුතකින් වදනක් වහරන විට අවිද්‍යා එම වදනම වෙනත් අරුතකින් යොදා ගැනීම නිසා ගැටළුව හට ගැනී ඇත.
      මාගේ කාල වේලාව බාධා සහිත නිසා ඉඩක් ලද විගස අවිද්‍යා මා අරඹයා ලියා ඇති අදහසද කියවා මාගේ අදහස ඉදිරිපත් කරන්නම්.

      Delete
    4. සිතුවිළිJanuary 12, 2014 at 6:25 PM

      අවිද්‍යා,
      මාමෙහි දෙන පිළිතුරු බොහෝ විට ගැටළුකාරී විය හැක එහෙත් මා එය එසේ කියමි. මෙම ස්ථානය යම් පමණකින් අවබෝධයෙන් සාකච්චා කරන්නන් ගැවසෙන තැනක් නිසා එසේ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.
      අන් තැනෙක නම් මා මේ වන් දේ ගැන දැන් කථාවට බොහෝකොට මැලි වෙමි.
      පරමාර්ථ ධර්ම යනුද සංකල්පම බව ට කරනු ලබන ඔබගේ අදහස් දැක්වීම හා මා එකඟ වෙමි / නොවෙමි.
      නිර්වානය යනු පරමාර්ථ ධර්මයකි. එහෙත් නිර්වානයක් අව්ශ්‍ය භව ගාමී සත්ත්වයාටය. එවන් වූ භවගාමී සත්ත්වයාට නිවන යනුවෙන් පරමාර්ථ ධර්මයක් බුදු හිමියන් විසින් පෙන්වා දී ඇත. එහෙත් එම පෙන්වා දීම සංකල්පයක් පහල කිරීමක් යැයි කීම වරදක් නොවේ. එහෙත් බුද්ධිමයවිමසුමකින් එය දකින කෙනාට පරමාර්ථ ධර්මයන් සංකල්පයකින් ඔබ්බට පරමාර්ථ ධර්මයන් ලෙසම දැකිය හැකිවේ. එහෙත් සාකච්චාවේදී මිනිස් වදන් යන රූපක යොදා ගන්නා බැවින් සියළු පරමාර්ථ ධර්ම සංකල්ප ලෙස සාකච්චාවට බඳුන්වේ.
      පරමාර්ථ ධර්ම 82ක් ඔබ සිහියෙන් දැක තිබේද? නෝසේනම් අභිධර්මය හැදෑරීමෙන් ලද දැනුමක්ද? එය දැනුම නම් ඉන් ඔබ ඵලයක් ලබනවාදැයි මහට සැක සහිතය. අඩුම ගනනේ පංච උපාධාන ස්කන්ධය වටහා ගැනීමේ දුශ්කරතාවයකින් මා තවම පෙලෙමින් සිටිමි. එකිනෙක වටහා ගනිමින් සිටිමි. මෙවන් සාකච්චාවකදී මා විසින්ම පැවසූ අදහසක් පදනම්ව මා සති කිහිපයකට පෙර සංඥා ස්ඛන්ධය ගැන ආලෝකයක් ලැබුවෙමි. ඉතින් මා කෙසේ මේ පරමාර්ථ ධර්ම 82ක් ගැන වටහා ගන්නද?

      මාගේ ප්‍රෂ්නය වැරදියැයි ඔබ නගන චෝදනාවට නැවත මා එකඟ නොවෙමි.
      මන්ද?
      මා ප්‍රශ්නය නැගුවේ සම්මුතුතලයේදීය. එහෙත් ඔබ පිළිතුරු ගොනුකරන්නේත ප්‍රශ්නය වැරදියැයි කියන්නේත් පරමාර්ථ තලයෙහි විමසමිනි. එය නිවැරදිද?
      පරමාර්ථ තලයෙහිදී කාලය යැයි යමක් තිබිය හැකිද?
      මේ ගැන ඔබගේ දැක්ම පවසන්න. විමසුම අපහට ප්‍රඥාව මතුකර දේවී.
      ඔබට බොහෝ පින්.

      Delete