මංමුලා වූ බටහිර දැනුම ! ලිපියට ලැබුණු ප්‍රතිචාර අරභයා ලේඛකයාගේ පිළිතුරු මේ ලිපියේ සංග්‍රහ වේ.
මෙයට අදාළ මූලික ලිපිය මෙතැනින් කියැවිය හැකිය.
පෛතගරස් නිරූපනය කරන නූතන චිත්‍රයක් |
පෛතගරස් පිළිබඳ සංවාදය
ප්‍රතිචාරය 1 - ජොසෙෆ් (මැයි 8 දින):
ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි. භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය. සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ.
අප අත්දුටු අනර්ගම ගනයේ එහෙත් සුළු දෝෂ සහිත අදහස් දැක්වීම මෙය වේ. මෙහි දෝෂයක් ඇත්නම් ඒ "ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි." වැකියේ යෙදෙන "අපහාසයක් කොට සිතමි" යන කොටසේය. යමෙකුගේ අදහසක් ඍජුව විවේචනය කල යුතුනම් එය කල යුතුමය. නමුත් එහිදී පුද්ගලික මතය මත යැපීම අනුමත නොකරන්නෙමු. ඉන් නොනැවතී එම මතය නිවැරදි යයි ගෙන ඉදිරියට ගෙනයන තර්කය තමාගේ පණ්ඩිත බව හුවා දැක්වීමට විනා අන්‍යන්ගේ හිතසුව පිණිස වන්නක් විය හැකිද?
ඉහත පළමු උපකල්පනය නිවැරදි නම් ඉතිරය පිළිබඳව කිසිදු ගැටුමක් නැත. එවන් වරදක් සිදුවී නම් එය සාහසික වුත් එක් ජනකොටසක් කෙරෙහි වන ද්වේශය ඉලිප්පීම සහ ඔවුන් නිකමුන්ය අප පමණක් පඩියෝ වම්හ පාරම්බෑමක් පිණිසම වන මුග්ද කරුණු ගොනුකිරීමක් බව අපද පිළිගන්නෙමු. නමුත් එවන් වරදක් කර ඇතිබව තහවුරු නොකර කරන විවේචනයන් බොල් සහ හිස් බවද කිව යුතුමය. දෙවනුව එවන් වරදක් සිදුවී ඇත්නම් එය අප බාර ගැනීමට හේතුවක්ද එම ලිපිය තුල ඇතැයි නොසිතමි. අප එම ලිපිය පුරාවට ඉදිරිපත් කරන කරුණු සදහා උපුටා දැක්වීම් ඉදිරිපත් කිරීමට හැකිතාක් ප්‍රවේශම් වුනෙමු. එම උපුටනයන් ප්‍රමාණාත්මක නොවන්නේනම් කලයුත්තේ තමුන්ම කරනා සොයාබැලීමකි. පෛතගරස් පිලිබඳ කතාව අප නොදැන සිටියද බොහෝ දෙනෙකුගේ සාකච්චාවට බදුන් වී ඇතිබවක් අපට පෙනුනි. යමෙක් තම පොරත්වය පිණිස අන්කෙනෙකුගේ වස්තුවක් බලයෙන් නතු කරගනිමින් (මෙය පැරණි ග්‍රීකයන්ට අදාල නොවේ. බටහිර චින්තකයින්ටම පමණි) හිමිකරුන්වම පිඩාවට ලක් කරන්නේ නම් එය අප අතින් සිදුවුවා යැයි සලකා ඇති වරදට වඩා බරපතල වරදක් වන්නේය. තවත් මෙය ගැටලුකාරී වන්නේ එහි හිමිකරුවන් රවටමින් තවමත් රවටන්නන් විසින් එම වස්තුවම එහෙන් මෙහෙන් අවුස්සමින් එයද විනාස කරමින්, හිමිකරුවන්ට මැජික් පෙන්වමින් සිටින්නේනම්ය. අප මෙම ලිපිය තුලින් මතුකළ නැවුම් අදහසක් (පුද්ගලික අදහසක්) වේ නම් එවැනි ප්‍රශ්න කිරීම් පමණි. යම් කිසිවෙක් එවන් සංවාද (පෛතගරස් හා භාරතය පිලිබඳ වැනි ), තමාගේ යහපත පිණිස නොවන නිසාම බලයෙන් යටපත් කරන්නේද යන්නද අප මතු කල ප්‍රශ්නයකි.
ප්‍රතිචාරය 2 - ජොසෙෆ් (එම):
පෛතගරස්ගේ දෙසුම් ලෙස සඳහන් වන මේ කරුණු පසුකාලීන වෙනස්කම් වලට අනන්තවත් බඳුන් වන්නට ඇත. ඊට අමතරව මේවා පරිවර්තන දෝෂ වලින් ගහණය. පෛතගරස්ගේ 'චින්තනය' ගැන දන්නා අයවලුන් නොවේ මේ පසුකාලීන පරිවර්ථන සහ අරුත් ගැන්වීම් කරන ලද්දේ.
පෛතගරස් යනු පුණ්ණ තෙරුන් වහන්සේමයි හෝ නොවේ උවද අපද මෙම මතය සමග එකඟ වන්නෙමු. එනිසාම සිතුවිලි විසින් නගන ගැටළු වලට පිළිතුරු දීමෙන් වැලකි සිටිමටද ඇතැම් විටෙක සිදුවිය. පෛතගරස් යනු පුණ්ණ තෙරුන් වහන්සේම වුවද ඔහුට චතුරාර්‍ය සත්‍ය අවබෝධයක් තිබුනද බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද චතුරාර්ය සත්‍ය දේශනාවක් නොඅසා චතුරාර්ය සත්‍ය හෝ පටිච්ච සමුප්පාදය එලෙසින්ම විස්තර කිරීමේ හැකියාවක් තිබිය නොහැකි බව අපට ගැටළුවක් නොවේ. ඔහුගේ ඉගැන්වීම් සුත්‍ර කිහිපයකට සිමා විම ලෙස අප එය ලිපියේ දක්වා තිබුණි.
ප්‍රතිචාරය 3 - ජොසෙෆ් (එම):
දිවයින ලිපිය කිසිම තදබල ගවේෂණාත්මක ඉඟියක් මේ ගැන නොදෙයි, එහි ඇත්තේ ලේඛකයාගේ හිතළු වලටත් වඩා තැන් තැන් වලින් ගත් දුර්වල උපුටා ගැනීම්ය.
මෙහිදීද තදබල "ගවේෂණාත්මක ඉඟියක්" යනු කුමක්ද බව පැහැදිලි නැත. "තැන් තැන් වලින් ගත් දුර්වල උපුටා ගැනීම්ය" යනු සත්‍ය නොවේ. එහි උපුටාගැනීම් සුත්‍රය ඇසුරින් සහ අන්තරජාලයේ ලිපි පරිහරණය කරමින් සිදු කර ඇත. එසේ නොවන තැන් ඇතද බොහෝ දේ අවශ්‍ය කෙනෙකුට සොයා ගත හැක. එවැනි තහවුරු නොකළ "බොරු" තුලින් වෙනත් කෙනෙකුගේ මතයන් බිදීම සුදුසු නැතැයි සිතමු. පෛතගරස් යනු පුණ්ණ තෙරුන් වහන්සේමයි හෝ නොවේ උවද ඔහුට දැනුම ලැබුන මාර්ගයක් නොවීම සහ ඔහු දැනුමක ආරම්බකයෙක් වීම අපට ගැටළුවක් විය. භාරතයේ මෙන් භාවනා හෝ යෝග ක්‍රම භාවිතයක් හෝ දීර්ග ඉතිහාසයක් සහිත වේද ග්‍රන්ථ වැනි යමක් ග්‍රීක ඉතිහාසයේ අපට හමු නොවීය. සිතුවිලි නගන ගැටළුවක් වන" රහත් නොවී එවන් දැනුම් ලැබීමට" හේතුවක් අපට නොපෙනුනේ එහෙයිනි. මෙවන් ගැටළු නිසා කරන ලද විමසීමකින් ග්‍රීසිය හා අවට බුදු දහම පැවති බවටත් එම ප්‍රදේශ ආශ්‍රිතවද භාරතයේ දැනුම මෙන්ම වූ දැනුමක් (පඨවි, අපෝ, තේජෝ, වයෝ ) පිළිබඳවූ සාක්ෂි හමුවිය (පෛතගරස්ගෙන් පසුව මෙම දැනුම හමුවේ ).
ප්‍රතිචාරය 4 - ජොසෙෆ් (එම):
ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ යනු වසවර්ති මාරයා බව අප මීට වඩා සංගතව පෙන්වා දී ඇත.
ඔබගේ එම අදහස් දැක්වීම අපට කියවීමට නොලැබුණි. සංගත වීමම එය සත්‍ය වීමට හේතුවක් නොවේ. ඔබට එම මතය "බ්‍රහ්ම ජාල සුත්‍රය ඇසුරින්" පෙන්වා දිය හැකිද. "ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ යනු" තමන් මැවුම් කරුවකු බව සිතා සිටි, ජේසුස් වහන්සේ ලෙස ඉපැද තම පෙර භවය පිළිබඳව විමසීමේ නුවණ ලද්දෙකු බව එම සුත්‍රය ඇසුරින් අප වටහාගෙන සිටින අයුරු වේ.
ප්‍රතිචාරය 5 - ජොසෙෆ් (එම):
පෛතගරස් යනු පුණ්ණ තෙරුන්ය යන කියමන ගැන වැඩි දුර යා යුතු යයි නොසිතමි.
එම මතය දැරීම අවශ්‍යම නොවේ. නමුත් භාරතීය සහ බුදු දහමේ අභාෂය ප්‍රතික්ෂේප කිරීමට එය (පෛතගරස් යනු පුණ්ණ තෙරුන්ය යන කියමන ප්‍රතික්ෂේප කිරීම) හේතුවක් නොවන අතර ගැලිලියෝගෙන් පසුව කෙරෙන බොරුව සහ බලහත්කාරය නම් අප කිසිසේත්ම පිලිනොගන්නෙමු.
අනිත්‍ය(ය) පිළිබඳ සංවාදය
ප්‍රතිචාරය 6 - සිතුවිළි (මැයි 6):
එසේම යමෙකු අනිත්‍යය අවබෝධකරයි නම් එය කිසිදු සැකයකින් තොරවම අර්හත්වයයි
නැත. එය කිසිසේත්ම එකඟ විය හැක්කක් නොවේ.
ත්‍රිලක්ෂණය යනු නිවන් අවබෝධය නම් සහ එහි එකක් අවබෝධය අනෙක් දෙක හා බැදේ නම්, චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ලෙස පමණක් දේශනා කල යුතුව තිබුණි. තවද අනිත්‍ය නොදන්නා වූ ආත්මවාදියෙකු සිටිය හැකිද? ඔහු අනිත්‍ය අවබෝධය ලැබූ නිසාම ආත්මවාදියෙකු වේ යනු අපගේ අදහස වේ. මෙහිදී එකල සිටියවුන්ගේ දැනුම හුදු අනිත්‍ය දැක්මක් පමණක් වේ යන්න අප පිළිනොගන්නේ සතර පද ගාථාවකින් පමණක් සත්‍ය අවබෝධය ලැබිය හැකි මට්ටමේ දැනුමක් ඔවුන් සතු වූ බැවිනි. එය හුදු කර්මය හෝ පින ලෙස පිළිගැනීමට නොහැක. ඔවුන් නිරන්තර විමසමින් සිටි ගැටලුවකට පිළිතුරු ලැබීම එයට හේතුව විය යුතුය. අනෙක් කාරණය වන්නේ අපට මෙම ත්‍රිත්වය එකක් ලෙස හැගෙන්නේ අප බුදු දහම ඇසුරේ විමසන නිසාය. එවැන්නක් ඇතැයි නොදැන සිටියෙකු මෙය කෙසේ විමසනු ඇතිද? තවද චතුරාර්ය සත්‍ය උවද දුක අවබෝදය, දුකට හේතුව දැනගැනීම වන්නේ නැත. දුකට හේතුව දැනගත්තද එය නැතිකරන්නේ කෙසේද යන්න දැනගත්තා වන්නේ නැත. දුක නැතිකරන මාර්ගය දැනගැනීම, දුක නැතිකිරීම වන්නේද නැත.
චතුරාර්ය සත්‍ය ග්‍රන්ථය -අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහතෙරුන්වහන්සේ, 22 පිටුව
"මීට අමතරව අනාත්මය නොදකින්නේ ද අනිත්‍යය නොදැකීම නිසා හෙවත් යම් දේ නිත්‍ය හෙවත් ආත්ම වශයෙන් ගැනීම නිසායි." මෙහි තේරුම කුමක්ද?
ප්‍රතිචාරය 7 - කණිෂ්ක(මැයි 6):
අනිත්‍ය සහ අනිත්‍යය යනු එකක් නොව දෙකකි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ඔබ වියුක්තව නොසිතන්නේ නම්, අනිත්‍යය යනු අනිත්‍ය තුල උප කුලකයක් බව පැහැදිලි විය යුතුය. පෑනේ අනිත්‍යය, පොතේ අනිත්‍යය, පෘතුවියේ අනිත්‍යය, පඩියාගේ අනිත්‍යය ආදී වශයෙන් අනිත්‍ය බොහෝ ගණනක් තිබිය නොහැකිය. ඔබගේ පැනය පිළිබඳව පළමුව ඇතිවන වික්ෂිප්තය වියුක්ත චින්තනය තුලින් ඇතිකරන මවාපෑමක් පමණි.
ප්‍රතිචාරය 8 - ජොසෙෆ් (මැයි 8):
මෙය කිසි විටෙක සිතා නොතිබුණු දෙයකි. එහෙත් ඔබ කියා ඇති දේ දුටු සැණින් "සත්‍ය" සහ "සත්‍යය" යන දෙක දෙකක් බව සිහි විය.
ඉහත 7 යටතේ ඇති පිලිතුරම ප්‍රමාණවත් යයි සිතමි.
ප්‍රතිචාරය 9 - ජොසෙෆ් (මැයි 8):
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි - හෙවත් ලෝක ස්වභාවයයි. මෙයින් එකක් අවබෝධ කරගෙන අනෙක් දෙක අවබෝධ නොකරගෙන සිටීමේ ඉඩක් නැත. මක් නිසාද යත් මේ තුන එකිනෙක වෙන් කළ නොහැකි බැවිණි. තේ, සීනි සහ කිරි එකතු කර කිරි තේ කෝප්පයක් සාදා ගනී නම් එයින් තේ පමණක් පානය කර සීනි සහ කිරි ඉතුරු කළ හැකිද?
මෙහිද Josep දිර්ගව විමසු ඔහුගේ මුල් "අදහස් දැක්වීම" මෙන්ම සාවද්‍ය උපකල්පනයන් හෝ අර්ථයන් තමාම සපයා එය මත තර්කයන් ගොඩනගන බවක් පෙනේ. "මෙයින් එකක් අවබෝධ කරගෙන අනෙක් දෙක අවබෝධ නොකරගෙන සිටීමේ ඉඩක් නැත." මෙය සැමවිටම සත්‍ය නොවේ සහ "මක් නිසාද යත් මේ තුන එකිනෙක වෙන් කළ නොහැකි බැවිණි" මෙය කිසිසේත්ම සත්‍ය නොවේ.
මුලික ලිපියේ ප්‍රතිචාර තැනින් තැනින් ගෙන ඒවාට වෙන වෙනම පිළිතුරු එක් කරමින් සකස් කරන ලද දෙවන ලිපිය, මනා හැඩගැස්මක් සහිතව පිළිවෙලකට සකස් කර පින්තුරයක් සහ වෙනත් මූලාශ්‍රයක්ද එකතු කරමින් ලිපිය පහසුවෙන් කියවීමට හැකි ලෙස සකස් කිරීම "කණිෂ්කයන්" විසින් මනාව සිදු කර ඇත. ඔබට තුති!.
ReplyDeleteකණියා වැඩ කරු !
Deleteඒක නෙමේ මහත්තයෝ.
Delete"... වෙනත් මූලාශ්‍රයක්ද එකතු කරමින් ලිපිය පහසුවෙන් කියවීමට හැකි ලෙස සකස් කිරීම 'කණිෂ්කයන්' විසින් ..."
මේ එකතු කරලා තියෙන 'සන්නස' ලිපිය ඔබතුමාගේ ලියමනක් නෙමෙයි වගෙයි පෙනෙන්නේ. ඒ වගේම ඒක හොයල දාල තියෙන්නෙත් ඔබ තුමා නෙමෙයි. මම වැරදිද ?
ඒ ලිපියේ තියෙන කරුණු ඔබ තුමා අනුමත කරනවද ?
මේ එකතු කරලා තියෙන 'සන්නස' ලිපිය ඔබතුමාගේ ලියමනක් නෙමෙයි වගෙයි පෙනෙන්නේ.
Deleteනැත. එය හෝ වෙනත් කිසිදු ලිපියක් "අවිද්‍යාව" අඩවියේ සහ දෙතිස්කතාහි හැර අප විසින් පලකර නැත.
ඒ වගේම ඒක හොයල දාල තියෙන්නෙත් ඔබ තුමා නෙමෙයි. මම වැරදිද ?
ඔබ හරි.
ඒ ලිපියේ තියෙන කරුණු ඔබ තුමා අනුමත කරනවද ?
එම ලිපියේ කරුණු සහ අපගේ ලිපියෙහි කරුණු මුලික අර්ථයෙන් එක හා සමාන වේ. ඒ හැර නිවැරදිම ඉතිහාසයක් එම ලිපිවල කතුවරුන්ට හෝ අපට හමුවීමට හැකිවන ලෙස කිසිම ජගතෙකුට "වාස්තවික" ඉතිහාස සටහනක් තැබිය හැකි යයි අප නොසිතන බැවින්, සමස්ථ කරුණු දැක්වීම් තුල ඇති කරුණු නොගැලපීම් පිළිබඳව ගැටුම් ඇතිකරගත යුතු නැතයි සිතමු. කෙසේවෙතත් එම ලිපියේ කරුණුද අපටද වෙනත් මුලාශ්‍ර ඔස්සේ හමුවී ඇත. බොරුවක් පවත්වා ගැනීම සදහා අපටද ඇතුළුව වර්ථමානයේ "උගන්වන " සම්මත ඉතිහාසය විනිවිද ගවේෂණයක් කිරීමෙන් තවමත් සම්මතයට පටහැනි කරුණු ඇති බව දැකිය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ බලවත් ශ්‍රද්දාවක් (අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කල සත්‍ය පරම සත්‍ය වේ. එසේ දේශනා කරන ලද මාර්ගයෙන් හැර නිවැරදි දැනුමක් හෙවත් සත්‍ය සොයාගත හැකිද නොවේ)සහ "I had therefore to remove knowledge, in order to make room for belief." වැනි දැක්මක් වේ.
'සන්නස' කරන ලලීන්ද්‍ර සන්නස්ගම නැමැත්තා තමන්ගේ බ්ලොගේ පල කලත් ඒ ලිපිය ඔහුගේ පරියේෂණයක් නොව තැන් තැන් වලින් ගත් උපුටා ගැනීම් වල එකතුවකි. ඔහුගේ කතාව කරුණු එකිනෙක සංගත නොවේ. ඔබේ ලිපියද එසේම වේ.
Deleteකෙසේ වුවත් පෛතගරස් යනු පුණ්ණ තෙරුන්මය යන කතාව ඔබේ ප්‍රවාදයක් නොවන විට සහ ඒ කතාවේ අසංගත බව "සමස්ථ කරුණු දැක්වීම් තුල ඇති කරුණු නොගැලපීම් පිළිබඳව ගැටුම් ඇතිකරගත යුතු නැතයි සිතමු" කියා ඔබම පිළිගෙන ඇති විට ඒ ගැන මින් එහාට කතා කිරීමේ තේරුමක් නැත.
"ප්‍රතිචාරය 1" ගැන යමක් කියන්නම්.
එය "භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය. සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ. ඒ නිසා පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි." කියා වෙනස් කළොත් ඔබේ චෝදනාව නිෂ්ප්‍රභ වේයැයි සිතමි.
ඇත්ත වශයෙන් මා කළේ මට කීමට අවශ්‍ය දේ සංශිප්තයෙන් කියා පසුව ඊට හේතු දැක්වීමයි. අපේ අනෙක් මිතුරන්ට මගේ ක්‍රමය හුරු වුවත් ඔබට ඒ ක්‍රමය නුහුරු වන්නට ඇතැයි සිතමි.
'සන්නස' කරන ලලීන්ද්‍ර සන්නස්ගම නැමැත්තා තමන්ගේ බ්ලොගේ පල කලත් ඒ ලිපිය ඔහුගේ පරියේෂණයක් නොව තැන් තැන් වලින් ගත් උපුටා ගැනීම් වල එකතුවකි. ඔහුගේ කතාව කරුණු එකිනෙක සංගත නොවේ. ඔබේ ලිපියද එසේම වේ.
Deleteඔබගේ ඊනියා "පර්යේෂණ" කුමන ආකාරයෙන් වේ දැයි අප නොදන්නෙමු. නමුත් "ලලීන්ද්‍ර සන්නස්ගම" වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමද අපට කල නොහැකි බැවින්, වෙනත් බාහිර උපුටාගැනීම් හෝ නිර්දේශ (References) මෙහි විවේචනය නුසුදුසු යයි සිතමු. අපගේ ලිපියේ බොහෝ කරුණු කෙටියෙන් කීමට උත්සාහ කිරීම නිසා එවැනි අසංගත බවක් ඔබට පෙනෙන්නේ නම් අප එයට පිළිතුරු දීමට කැමැත්තෙමු. (ඔබගේ විවේචනය පිළිගන්නෙමු). කරුණාකර ගැටළු මතුවූ තැන් උපුටා දක්වන්න.
කෙසේ වුවත් පෛතගරස් යනු පුණ්ණ තෙරුන්මය යන කතාව ඔබේ ප්‍රවාදයක් නොවන විට සහ ඒ කතාවේ අසංගත බව "සමස්ථ කරුණු දැක්වීම් තුල ඇති කරුණු නොගැලපීම් පිළිබඳව ගැටුම් ඇතිකරගත යුතු නැතයි සිතමු" කියා ඔබම පිළිගෙන ඇති විට ඒ ගැන මින් එහාට කතා කිරීමේ තේරුමක් නැත.
"කෙසේ වුවත් පෛතගරස් යනු පුණ්ණ තෙරුන්මය යන කතාව ඔබේ ප්‍රවාදයක් නොවන විට" - ඉතිහාසය පිලිබදව කරුණු සෙවීමක් කළහැකි වනවා හැර ප්‍රවාද ගොඩනැගීමක් කිරීමේ අර්ථයක් වේද? (අප චාල්ස් ඩාවින් වාදී නොවන්නෙමු). අප කරුණු විමසුවේම "දිවයින" ලිපිය හේතුවෙන් බවට අප මුලින්ම ප්‍රකාශ කර ඇත.
ඒ කතාවේ අසංගත බව "සමස්ථ කරුණු දැක්වීම් තුල ඇති කරුණු නොගැලපීම් පිළිබඳව ගැටුම් ඇතිකරගත යුතු නැතයි සිතමු" කියා ඔබම පිළිගෙන ඇති විට ඒ ගැන මින් එහාට කතා කිරීමේ තේරුමක් නැත.
ඒ හැර නිවැරදිම ඉතිහාසයක් එම ලිපිවල කතුවරුන්ට හෝ අපට හමුවීමට හැකිවන ලෙස කිසිම ජගතෙකුට "වාස්තවික" ඉතිහාස සටහනක් තැබිය හැකි යයි අප නොසිතන බැවින්, සමස්ථ කරුණු දැක්වීම් තුල ඇති කරුණු නොගැලපීම් පිළිබඳව ගැටුම් ඇතිකරගත යුතු නැතයි සිතමු.
මෙම යෙදුම තුල ඔබට යම් වැරදි අර්ථ නිරුපනයක් විනිනම් එය නිවැරදි කල යුතුය. අප "කරුණු" ලෙස මෙහි සලකන ලද්දේ පසුව විමසන ලද ලිපියේ අප ඇතුලත් කරන ලද පුද්ගල නාමයන්ට අමතරව තවත් බොහෝ නාමයන් වීමයි. අප එම පුද්ගලයන් පිලිබන්දව දිර්ගව කරුණු සෙවීමක් මෙතෙක් කර නැති බැවින් එම කරුණු වල ඇති වෙනස්කම් වෙත් නම් ඒ පිළිබඳව නොසලකන බව පමණක් අදහස් කරන ලදී. උදා:- අදාල ලිපියේ සදහන් කරන ඊශොප් ආදීන් ගැන ඇතැම්විට ඔබට වෙනත් පැහැදිලිකිරීම් තිබීමට හැකිය. අප ඔවුන් පිළිබඳව විමසා නැත්තෙමු!.
වඩාත් පැහැදිලිව එය
"බටහිර දැනුමේ" නව දැනුමක් කොහෙත්ම නැත (ඇත්තේ වැරදි දෘෂ්ටියක් තුලින් විවර කල විනාශයේ මාර්ගය වේ ) යන අපගේ කතාවේ අසංගත බවක් පිළිගැනීම නොවේ.
"භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය."
Deleteභාරතයේ බිහිවූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප ආරක්ෂා කරන්නෙමුයි අපටද අභිමානයක් හිමිය. එනිසා ග්‍රීකයන්ගේ දැනුම (කොහෙන් ලැබුනත්) පසුව (මුස්ලිම් ආක්‍රමනයෙන්ගෙන් පසුව) විකුර්තියක් ලෙස අරුත්ගන්වමින් පවත්වා ගැනීමක් කරන්නේ නම් එය ඔවුන්ගේ සැබෑ "අභිමානය" ආරක්ෂා කිරීමක්ද?
අනන්‍යතාවයක් ඇතයි කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සියල්ලට හටගැනීමක් (- හේතුන් රහිතව) ඇතයි පිළිගැනීමද?
සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ.
ඔබ මෙමගින් කුමක් අදහස් කරන්නේදැයි නොදන්නෙමු. නමුත් " සිතන මුග්ධ පණ්ඩිතයෙකුට" ලෙස යොදා ගැනීම සුදුසු නැත. අප එසේ සිතන බවට ඔබට අවශ්‍ය තරම් කරුණු ලිපියෙන් සහ පසු අදහස් තුලින් සොයාගත හැක.
"අපට දිවයින ලිපිය හමුවූ විට අප කලේ එයින් ලැබූ උද්දීපනය හේතුවෙන්ම දිර්ගව කරුණු සෙවීම වේ. ඒ සදහා මාස කිහිපයක් තුල ඉඩ ලද බොහෝ කාලයක් ගත කළෙමු. අප එවැන්නකින් උද්දීපනයක් ලබන්නේ එය හුදු සුද්දන්ට විරුද්ධ වීමක් නිසාම නොව, අපගේ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට ඇති අපරිමේය වූ භක්තිය නිසාම වේ. සැබෑ "අනිත්‍ය" බුදු කෙනෙකුගේ ධර්මය තුලින් හැර තමුන්ටම අවබෝධ කරගත හැක්කේ තවත් බුදු, පසේබුදු වරයෙකුට පමණක්ම වේ යනු මා තරයේ විස්වාස කරමි." මෙහි අනිත්‍ය යන්න "චතුරාර්ය සත්‍ය" ලෙස වෙනස් විය යුතුය. අනිත්‍ය අවබෝධ (ප්‍රත්‍යක්ෂ ) කළවුන් බුදුහිමියන් පහලවූ කාලයේ භාරතයේ සිටියේය යනු අපගේ නව අදහස වේ. (ඔවුන්ට එසේ දැනගත හැකි දැනුමක් සහ ක්‍රමවේදයක් එකල විය)
කෙළක් නැති සසරක සරණ අප, නිමේෂයක් බදු නවාතැනක බඩපිලුම් ගසන්නේ අබුද්ධෝත්පාද කාලයක ලෝකය කෙබදු විය හැකිද යනු නොදැනම විය යුතුය. බටහිරයන් උන්ගේ යයි පැවසුවද මෙවන් විනාශකාරී බටහිර චින්තනය තුලටද යම් හෝ මානව හිතවාදී දැක්මක් එක් වී ඇත්නම් ඒ බුදු දහමේ අභාසය තුලින් බව මතු කිරීම අපගේ අරමුණ විය.
මේ සියල්ල කෙසේ වෙතත් "මානව හිතවාදී දැක්මක්" යන්න එක් මුලයකින් ඇරබුනේ යයි අප සිතු බවට නිදසුන් වේ. කෙසේ වෙතත් යම් මාර්ගයකින් හෝ හේතුන් රහිතව යමක් සිදුවීම විශේෂයෙන් මෙවැනි දැනුමක් ඉබේ පහළවීම අපට ගැටලුවකි.
Pythagoras' religious and scientific views were, in his opinion, inseparably interconnected.
Religiously, Pythagoras was a believer of metempsychosis. He believed in transmigration, or the reincarnation of the soul again and again into the bodies of humans, animals, or vegetables until it became immortal.
Heraclides Ponticus reports the story that Pythagoras claimed that he had lived four previous lives that he could remember in detail.
According to accounts of Aristotle and others, some ancients believed that he had the ability to travel through space and time and to communicate with animals and plants.
Pythagoras asserted he could write on the moon.
ඔබට මේවාට හේතුන් (මාර්ගය) පැහැදිලි කල හැකියයි සිතමු!. (පිළිගත හැකි කරුණු සහිතව)
ප්‍රථිචාරය 6 ගැන මගේ අදහස්,
ReplyDeleteඅහෝ මේ නම් මුල මැද අග පටලවාගෙන මටම දොස් තැබීමකි.
ඔබ විසින්ම උපුටා දක්වා ඇති රේරුකානේ හිමියන්ගේ ගතෙහි ඇති ධර්ම කොටස මැනැවින් කියවන්න. සිහියෙන් හා තැන්පත් මනසින් විමසන්න. එය ඔබට මා කීදෙයම තහවුරු කරනවා ඇති.
මට වැටහෙන හැටියට මා නොකී දෙයක් කිවායැයි ගෙන ඔබ වාදයක සැරසෙන හැටියකි. එය එසේ නම් මා ඔබටම දිනුම දී නිහඬ වීමට වඩාත් කැමැත්තෙමි.
ඔබගේ පහසුව පිණිස මා නැවත කියන්නම්,
යමෙකු අනිත්‍යය අවබෝධ කරයි නම් ඔහුහට එය පමණක් කල නොහැකි බව මාගේ තර්කයයි. ඒ සඳහා දුක්ඛය හා අනාත්මයද දැකිය යුතුමය. දුක්ඛය කී විට එය වටහා ගැනීමට නම් සතර සත්‍යයම නුවණින් දැකිය යුතුය. එසේනම් මේවා එකක් වටහාගෙන අනෙක වටහා නොගෙන තිබීම අභව්‍ය බවම මාගේ දහසයි.
රේරුකානේ හිමියන් කියන්නේ කුමක්ද? සතර සත්‍යයෙන් එකක් පමණක් කෙනෙකුට වටහා ගත හැකි බවක්ද?
කෙසේ ව්තත් අනිත්‍යය හා නිවන යනුත්, ඵිතගරස් යනු පුණ්ණ හිමිද යනුත් එකිනෙකට බොහෝ වෙනස් මතවාද දෙකකි. එම නිසා මේ ලිපිය තුල මේ ඔස්සේ තවදුරටත් සාකච්ඡා නොකිරීමට මා සිතාගතිමි. සුදුසු තැනෙකදී යලි සාකච්ඡාවෙහි යෙදෙමු.
අවිද්‍යාවගෙන් [ප්‍රතිචාරය 9 - ජොසෙෆ්] සම්බන්ද විග්‍රහයෙන් ප්‍රශ්නයක් ඇසීමට කැමතියි.
ReplyDeleteමේ තුන (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) එකිනෙක වෙන් කළ නොහැකි බැවිණි යන්න කිසිසේත්ම සත්‍ය නොවේ යැයි ඔබ කියයි.
මේ තුන වෙන් වෙන්ව (අවස්ථා 3 කි) හෝ දෙක බැගින් එක්ව (අවස්ථා 3 කි) හෝ පවතින අවස්ථා වලට උදාහරණය බැගින් දිය හැකිද? මේ තුනෙන් කිසිවක්ම නැති අවස්තාවක් ඔබට නම් කළ හැකිද?
(තුනම එක්ව පවතින අවස්ථා වලට උදාහරණ දීම ජොසෙෆ්ට බාර කරමි)
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ තුනම එක්ව පවතින අවස්ථා වලට උදාහරණය මේ මුළුමහත් ලෝකයම වේ.
Deleteඒ පිළිතුර දුන් විට මේ තුනෙන් කිසිවක්ම නැති අවස්තාවක් (කිසිවක්ම නැති අවස්ථා බොහෝ ගණනක් නැත !) අවිද්‍යාවට සොයා ගත හැකි විය යුතුයි.
නමුත් ඔහුගේ අදහස් මගේ අදහස් හා සම නොවන බැවින් පිළිතුර සෙවීම ඔහුටම බාර කරමි.
සිතුවිළි කැමතිනම් සම්බන්ද වේවා.
(ඊයේ වැරදිලා දැමූ ප්‍රතිචාරය මැකුවාට තුති.)
ජෝසප් ඔබගේ සරළ එහෙත් ගැඹුරු පිළිතුර ඉතා අගෙයි. සමස්ථ ගැටළුවම වදනකින් නිමා කොට ඇත.
Deleteකණිෂ්ක. ඔබ මෙහිදී මැදිහත් කරුවකුගේ චරිතය රඟන බැවින් මෙවන් ප්‍රශ්න නැගීම වරදක් නැත. මේ ප්‍රශ්න තුලින් අපට කිසිසේත්ම ඔබ සිටිනා තැන ගැන වැටහීමක් ලැබිය නොහැකියි. කෙසේ වෙතත් අවසනට බැලූ කල අනිත්‍යය දුක්ඛය අනාත්මය යනුද ලෝක ස්වභාවය පැහැදිලි කිරීම පිණිස ගොඩනගනා ලද සංකල්පයෝම වෙති. එම නිසා කැමැත්තෙකුට මේවා වෙන් කොට විග්‍රහ කිරීම කිසිදු අපහසුතාවයක් නැතැයි සිතමි. එම නිසා ඔබගේ පැනයෙන් මෙයට නිවැරදි පිළිතුර කරා යොමුවීමක් වේදැයි සැක සහිතය.
ජෝසප් තව දෙයක්, ඔබගේ මේ ප්‍රකාශයෙහි මුළුමහත් ලෝකය කියනා කාරනය "අප ග්‍රහනය කර ගත් මුළුමහත් ලෝකය" යැයි කීවොත් වඩා නිවැරදි දැයි දැන ගැනීමට කැමැත්තෙමි.
මේ තුන වෙන් වෙන්ව (අවස්ථා 3 කි) හෝ දෙක බැගින් එක්ව (අවස්ථා 3 කි) හෝ පවතින අවස්ථා වලට උදාහරණය බැගින් දිය හැකිද?
Deleteඔබගේ ප්‍රශ්නයේ යම් ගැටලුකාරී බවක් ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම උදාහරන බාවිතයෙන් වෙන්කර දක්වන්න ලෙස සකස් කරගත් ගැටළුවට පිළිතුරු දීමට උතසාහ කරමු. මේවා (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) වෙන්, වෙන් වශයෙන් පැවතීම අවබෝධ (ප්‍රත්‍යක්ෂ) කරගත යුතු දේවල් මිස යම් වස්තුවක් හෝ සත්වයෙක් තුල පැවතීමක් පෙන්වාදීම කල හැකි යයි නොසිතමු.
අනිත්‍ය
පර්වත, ගස්, ජලය, පෑන, පොත, පැන්සල ආදී වශයෙන් වූ සකල සංස්ඛාර අනිත්‍ය වූ (නිරන්තර වෙනස්වන ) දේට උදාහරණ වේ. මේ කිසිවක් තුල දුකක්, හෝ ආත්ම බවක් නැත.(අවශ්‍ය නම් දුකට "හේතුන්" කරගත හැකි සේම "ආත්ම වශයෙන්ද ගත හැකිය". ආත්ම වශයෙන් ගැනීමද "දුකට හේතු" වේ. දුකට හේතුන් කරගැනීම හෝ ආත්ම වශයෙන් ගැනීම කියන ලද වස්තුන් තුල ඒවා පැවතීමක් නොවේ)
දුක්ඛ.
අපාය දුක, ලෙඩවිමේ දුක, ජරා (වයසට යාම) දුක, මරණ දුක, කුසගිනි දැනීමේ දුක ආදී වශයෙන් සත්වයාට ඇති නිත්‍ය දුක් ප්‍රමාණයක් කල නොහැක. මෙම සියලු දුක්වල අනිත්‍ය (නැතිවීම) සැපයකි. භවය ඇතිතාක් මේවායෙන් මිදුනේ නොවේ. මේවා ආත්ම වශයෙන් නොවීම සැපයකි. එනම් ඒවායෙන් තාවකාලික මිදීමක් (අපායට ගියවිට එහිම සිටීමට නොවීම, හිසරදය සුව වීම) ඇතිබව සැපයකි. එම මිදීම වෙනස්වීම නිසා (හේතුවක් වුවද) සිදු වුවද එය වෙනස්විමම නොවේ. වෙනස් වෙමින් එහිම (දුකෙහිම ) පැවතීමක් වේ නම් එය දුකකි.
අනාත්ම
කාම රාගයට ගිජු රාගාධික පුද්ගලයකු සරාගී ස්ත්‍රීයක් දුටු විට ඔහු එම ස්ත්‍රියගේ යම් යම් ශරීර අංගයන් බලමින් වින්දනයක් ලබයි. ඔහු මරු _ක , මරු _ල්, මරු __ දෙක ආදී නොයෙක් දේ කියයි. ඔහු එම ස්ත්‍රී රූපය තුල ඒවා ඇතැයි දකියි. ඒවා හිමි කර ගැනීමට ඔහුට හැකි විනි යයි සිතමු. එවිට ඔහු ලබන්නේ වෙනස් වන, කුසගිනි දැනෙන, මල මුත්‍ර පිටකරන දිරන රූපයකි. එම රූපය හිමි වීම නිසා ඔහුට බොහෝ දුක් විදීමට සිදුවේ (ගෙවල් සෑදීම, දරුවන් ලැබී ඔවුන්ගේ අවශ්‍යතා ඇති වීම, ලෙඩ වීම, නෑයන්ගේ අවශ්‍යතා). එම දුක් රූපයේ අනිත්‍ය බව "හේතුවෙන්" හෝ එයට අන්‍ය හේතු නිසා හෝ විය හැකිය. අනිත්‍ය බව වෙන දෙයකි. දුක වෙන දෙයකි. එකක් අනෙකට හේතු විය හැකිය. දැන් එම පුද්ගලයා ලැබූ රූපය වෙනස් වීමෙන් හෝ ලෙඩ වීමෙන් හෝ ඔහු එම රූපයෙහි මෙතෙක් දුටු "මරු" දේවල් නැති වීමෙන් (එය රූපය හිමි වීමෙන් එහි දුක් සහිත බව දැනීම නිසාද ඇතිවිය හැකිය. එනම් අනිත්‍ය නිසා මෙන්ම දුක නිසාද විය හැකිය) එම රූපය කෙරෙහි පෙර තිබු ඇල්ම (රාගය ) නැති විය හැකිය. නමුත් ඔහු පාරේදී නැවත හමුවන සරාගී ස්ත්‍රීයක් තුල මරු _ක දකී. එනම් ඔහු තුල පනවා ගත් මරු _කක් ඇත. එක් _කක් අනිත්‍ය වීම, දුක වීම දැකීම ඔහු ආත්ම වශයෙන් පනවාගෙන ඇති "මරු _ක " නැති වීමට හේතු නොවේ. එම පනවාගෙන ඇති මරු _ක අනිත්‍ය නොවේ. එය දුකක්ද නොවේ. එවැන්නක් නැත. එය හුදු දැනුම හෙවත් සන්ඤ්ඤා ඇසුරින් පනවා ගත් දෙයක් හෙවත් ස්ත්‍රි රූප තුල ආත්ම වශයෙන් ඇතැයි ගන්නා සැබෑවට නැති දෙයකි. සැබෑ දෙය ගද ගසන, මල පිට කරන දෙයකි. මහාචාර්ය නලින් සිල්වා මෙය වියුක්ත ලෙස හදුන්වයි. මෙලෙසම වේදනා ඇසුරින්ද අප ආත්ම වශයෙන් පනවා ගත් බොහෝ දේ ඇත. රාගය, මරු රසයන් ආදිය, මරු සීතල, මරු දක්ෂතා, කෙළවරක් නැත. එලෙසම රූපයන් ඇසුරේද ගොඩනගාගත් ආත්ම සංකල්ප ඇත. එවැනි දේ දුක් නොවේ. අනිත්‍යද නොවේ. ඒවා සැබෑවට පවතින දේ නොවේ. අනාත්ම වේ. "රෝස මල් ගහේ මලක් පිපිලා". මෙය සලකන්න. මෙහි රෝස මල් ගහ ලෙස ගත විට එය කුමක්ද?. මුල් ඇති, කොළ ඇති, දඩු ඇති, පොහොට්ටු සහ මල් ඇති ගසට මල් ගස යයි කියමු මල් ගස පනවා ගන්නේ එසේය. එහි මලක් පිපිලා යයි කීමේ තේරුම කුමක්ද?. අදාල වාක්‍ය තුල කියන්නේ එක්තරා රෝස ගසක පෙර නොතිබූ මලක් හට ගැනීමකි. එම ගස දිනක විනාස වීමෙන් එහි අනිත්‍ය දැකිය හැකි වුවත් ආත්ම වශයෙන් ගත මල් ගස යන සංකල්පය, දැනුම, හෝ සන්ඤ්ඤාව නැති වන්නේ නොවේ. ඒ එවැන්නක් නැති බැවිනි. එය මරු බව කවරකුහෝ පෙර දවසක කීම නිසා හෝ අත්දැකීම් නිසා අප පනවාගත් දෙයක් පමණි. මෙය අනාත්ම ලක්ෂණය වේ. එය අනිත්‍යයෙන්ද, දුකෙන්ද අන්‍යය දෙයකි.
මේ තුනෙන් කිසිවක්ම නැති අවස්තාවක් ඔබට නම් කළ හැකිද?
Deleteඑසේ යමක් පැවතිය හැකිනම් එයට ඇරබුමක් හෝ අවසානයක් හෝ දැනීමක් තිබිය නොහැක. මෙය නිවන සහ අවකාශය විය යුතුය.
මෙයත් කියවන්න. මෙම තුන වෙන්ව පවතින බවට වෙනත් අදහසක්.
http://vidasuna.blogspot.com/2013/08/blog-post.html
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ තුනම එක්ව පවතින අවස්ථා වලට උදාහරණය මේ මුළුමහත් ලෝකයම වේ.
මේ මුළු මහත් ලෝකයම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දැකීම කුමක් සදහා හේතු වන්නේද?
සිතට එන අරමුණු එවිටම එලබුනු සිහියෙන් දකිමින් ඒ ඒ අරමුණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින් කෙලෙසුන් නැසීමෙන් නිවන ලැබිය හැකිය .
චතුරාර්ය සත්‍ය ග්‍රන්ථය -අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහතෙරුන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථයේ, 167 පිටුව. පින්තුර එකතු කල නොහැකි වීම නිසා මෙහි පල කල නොහැක.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන් වෙන්ව අවබෝධ කල හැකි බව පසුව විමසමු.
අනිත්ය දුක්ඛ අනාත්ම ලක්ශනයන් එකිනෙක ස්වායත්ත බව පැවසීම පිණිස අවිද්‍යා ගොඩනගා ඇති තර්කයන් හමුවේ මට කීමට දෙයක් නැත. මා මුලින්ම කනිෂ්කයන්හට කී ලෙසම සංකල්පීය මට්ටමේදී කෙනෙකුට මේවා වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිබවම අවිද්‍යා අපට පසක් කරදී ඇත.
Deleteඉතින් මේ ගැන තවත් කුමක් කථා කරන්නද?
ජෝසප් මෙ දිගු පිළිතුරට ඔබගෙන් යම් පථිචාරයක් වේද? මා එය දැක ගැන්මට ඉතාමත් කැමැත්තෙමි.
කණිශ්ක, දැන් මැදිහත් කරුවාගේ භූමිකාවෙන් මිදී ඔබගේ අදහසුත් අප හා බෙදා ගන්න. අප නොගැටී අදහස් ගැටීමට සැලැස්වීමෙන් අප සැමගේ ප්‍රඥ්ඥාව වැඩේයැයි සිතමි.
මා මුලින්ම කනිෂ්කයන්හට කී ලෙසම සංකල්පීය මට්ටමේදී කෙනෙකුට මේවා වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිබවම අවිද්‍යා අපට පසක් කරදී ඇත.
Deleteඉතින් මේ ගැන තවත් කුමක් කථා කරන්නද?
"සංකල්පීය මට්ටමේදී" යනුවෙන් අදහස් කලේ කුමක්ද? අවබෝධාත්මක මට්ටම වෙනස් බවද? එසේනම් අවබෝධාත්මක මට්ටම හෝ ඔබ කියන වෙනත් මට්ටමේදී මෙය වෙනස් වන ආකාරය පැහැදිලි කරදෙන්න.
මිතුර අවිද්‍යා,
Deleteඔබගේ පැහැදිලි කිරීම් ඉල්ලීම මා පිළිගනිමි. මා දකිනා සැටි මෙසේයි.
ඕනෑම පරමාර්ථ කාරනයක් වුවද පැහැදිලි කිරීම පිණිස අපහට සංකල්ප ගොඩ නැගීම අවශ්‍යයම වේ. එසේ නැතිවුවහොත් ඒවා හුදු එක් පුද්ගලයෙකුගේ අවබෝධයට පමණක් සීමා වේ.
බුදු හිමියන් උන් වහන්සේ අවබෝධ කල පරම සත්ත්‍යය එක් එක් පුද්ගලයාට ස්වයංව අවබෝධ කිරීමට පොළඹවන ලද්දේ එබැවිනි. උන් වහන්සේ අවබෝධ කල පරම සත්ත්‍යය අනෙකෙකුට එලෙසින් පැවසීමට උන් වහන්සේද අපොහොසත් විය.
ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන වචන අප ගත හොත් ඒවා එකිනෙකට ස්වායත්ත බව පැවසීම නිවැරදිය. යමෙකුට එවන් වදනක අරුත ස්වායත්තව වටහා ගැනීමේ හැකියාවද මා බැහැර නොකරමි. එහෙත් අනිත්‍යය යන වචනය වටහා ගැනීමත් අනිත්‍යය වටහා ගැනීමත් යනු එකක් නොව දෙකක් බව ඔබ පිළිගනු ඇත.
අනිත්‍යය දුක්ඛය හා අනාත්මය එකිනෙකට ස්වායත්ත බව පෙන්වීමට ඔබ ලියූ ඉහත දිගු රචනාව පිළිබඳ මා මෙසේ අදහස් දක්වවන්නම්.
අනිත්‍යය,
ඔබ මේ පිළිබඳ උදාහරන දක්වමින් ඒවා තුල දුක්ඛය හෝ අනාත්මය නැතැයි පවසයි. මා දකිනා හැටියට මෙය නිවැරදි නොවේ. ධර්ම කාරනා විමසීමේදී අප සිත මූලිකව විමසීම ඉතා වැදගත් වේ.. ඒ අනුව බලන කල. ඔබ දක්වන උදාහරණ අනිත්‍ය වන්නේ ද සිත මූලිකවය. (භෞතික තලයේදීද ඒවා අනිත්‍යයම වීම වෙනත් කරුනකි )
ගෙමිදුලෙහි ඇති සරුසාරම පොල් ගස (වල්ලකට ගෙඩි විසි පහක් තිහක් පල ගන්නා ) හදිසියේ අකුනකින් මිය ගියහොත්. ගස අනිත්‍ය වේ. ගස නිසා වතු හිමියාට දුක ජනිත වේ. ගස පවතිනවා කියා සිතුවිල්ල අනිත්‍ය වන නිසාම එය අනාත්ම වේ. ඉතින් මෙතැන මේ තුනම නැතැයි කියන්නේ කෙසේද?
දුක්ඛ,
මෙයට ඔබ දක්වා ඇති උදාහරණ දහම අනුවම ගත හොත් ජාති, ජරා, ව්‍යාදි, මරණ, ශෝක, පරිදේව ආදි කොට දැක්විය හැකිය. මේ දුක්ඛයන් හට ගන්නේ කුමකින්ද? (නැවතත් දුක්ඛය විමසිය යුත්තේද සිත මූලිකවය ) ජරාවට හේතුව සිරුර නිත්‍ය නොවීම හෙවත් අනිත්‍ය වීම නොවෙයිද? පංච උපාධාන ස්කන්ධයත් සිතත් අනිත්‍ය වීම නිසාම අනාත්ම නොවෙයිද?
දුකට හේතුව තෘශ්නාවෙන් වැලඳ ගත් දෑහි අනිත්‍ය බාවය නම් අනිත්‍ය වූ නිසාම ඒවා අනාත්ම නම්, දුක්ඛය , අනිත්‍ය හා අනාත්ම ධර්ම හා බැඳි නැතැයි කිව හැකිද?
අනාත්මය,
මේ සඳහා ඔබ දක්වා ඇති උදාහරණ ගැලපෙන්නේ අනිත්‍යය පිළිබඳවමය. ආත්ම යන්නෙහි මා වටහා ගත් අරුත නම් අඛණ්ඩ පැවැත්ම යනුයි. මෙය වෙනස් වීමකින් හෝ න්බිඳ වැටීමකින් තොර පැවැත්මක් විය යුතුය. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ ආත්මීය ධර්ම සෙවීම කුමකට උපමා කොට දැක්විය හැකිද?
මේ අනුව පැහැදිලි කිරීම පිණිස යොදාගන්නා සංකල්ප වශයෙන් ගත් කල මේ කරුනු තුන එකිනෙකින් ස්වායත්ත බව මා නැවත කියමි. එහෙත් ලෝකය තුල හැසීරීමේදී මේ තුන සැම විටම එකිනෙක මත යැපෙමින් පැවතීම වටහා ගත හැක. තවත් වටහා ගත යුතු දෙයක් නම් අප අවිද්‍යාවෙන් පෙළෙන සත්ත්වයා ලොවෙහි දකින්නේ අනිත්‍යය දුක්ඛය හා අනාත්මය නොව. නිත්‍යය සුඛය හා ආත්මයයි.
මේ අනුව බලන කළ කෙනෙකුට මේ තෙ කාරණා වලින් එකක් වටහා ගෙන අනෙක් තුන වටහා නොගෙන තිබීමේ අවකාශය ශූන්‍ය බවයි මා දකින්නේ.
තව දුරටත් ඔබ ජෝසප් වෙත දක්වන අදහස මා දකිනා සැටි.
මේ තුනම නැති අවස්ථාව නිවන හෝ අවකාශය විය යුතුය.
මෙහි නිවන නිවැරදිය. එහෙත් අවකාශය සාපේක්ශය. අවකාශය යනු යම් කිසි හේතුවක් නිසා තව දුරටත් අවකාශයක් ලෙස පැවතීම වෙනස් වීමකට ලක් විය හැකි දෙයක් නේද? එසේ වූ කල එයද අනිත්‍ය දහමට යටත්යැයි මා සිතමි.
සාපේක්ශ වූ කිසිවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දහමින් ගැලවෙන්නේ නැතැයි මා සිතමි.
අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම ඇති තැන මුළුමහත් ලෝකයම වන්නේ අප ලෝකයම නිත්‍ය සුඛ ආත්ම ලෙස වරදවා වටහා ගන්නා නිසාමයි. සිතට එන අරමුණු නිසාම අප ලෝකය ගොඩ නගා ගනු ලබන බැවින් ඒ අරමුණු තුල ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නුවණින් දැකිය යුතු වීම ඉතාමත් සාධාරණ ඉගැන්වීමකි.
ධර්ම කාරනා විමසීමේදී අප සිත මූලිකව විමසීම ඉතා වැදගත් වේ..
Deleteමෙය ඔබගේ පුද්ගලික අදහසක් පමණක්ද? පරමාර්ථ ධර්ම සිත මුලිකව විමසන අයුරු පැහැදිලි කල හැකිද?. ඔබ සිත යයි කියන දෙයට අන්‍යව පවතින පඨවි ධාතුව ආදිය පැහැදිලි කරන්නේ කෙසේද?
ඒ අනුව බලන කල. ඔබ දක්වන උදාහරණ අනිත්‍ය වන්නේ ද සිත මූලිකවය. (භෞතික තලයේදීද ඒවා අනිත්‍යයම වීම වෙනත් කරුනකි )
ඒ අනුව නොබලා උදාහරණ හෝ නිර්දේශ ගෙනහැර දක්වන්න. (සුත්‍ර හෝ අභිධර්ම පිටකයෙන්). සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය හැර දුකක් කොයින්ද? සංස්කාර ධර්මයන් තුල දැනගන්නා කෙනෙක් සිටීද? එසේ නැතත් ඒවා නිත්‍යව පවතීද? සම්මුති අනිත්‍ය නොව පරමාර්ථ වශයෙන් විමසා උදාහරණ දෙන්න. ගසක් මියයාම සම්මුති අනිත්‍යක් පමණි. පරමාර්ථ වශයෙන් ගසක් නැත. මහාබුත පමණක් පවතී. ඒවාද නිත්‍ය නැත.
මෙයට ඔබ දක්වා ඇති උදාහරණ දහම අනුවම ගත හොත් ජාති, ජරා, ව්‍යාදි, මරණ, ශෝක, පරිදේව ආදි කොට දැක්විය හැකිය. මේ දුක්ඛයන් හට ගන්නේ කුමකින්ද? (නැවතත් දුක්ඛය විමසිය යුත්තේද සිත මූලිකවය ) ජරාවට හේතුව සිරුර නිත්‍ය නොවීම හෙවත් අනිත්‍ය වීම නොවෙයිද? පංච උපාධාන ස්කන්ධයත් සිතත් අනිත්‍ය වීම නිසාම අනාත්ම නොවෙයිද?
මේ කුමන ධර්මයක්ද?
මේ දුක්ඛයන් හට ගන්නේ කුමකින්ද?
හටගන්නා දෙයක් පවතීද? දැනගනු කැමැත්තෙමි.
(නැවතත් දුක්ඛය විමසිය යුත්තේද සිත මූලිකවය )
මෙය පවසන ලද්දේ කව්රුන් විසින්ද? මෙහි අප සලකා ඇත්තේ දුක්ඛ වේදනාවයි. ස්කන්ධ වශයෙන් වේදනා ස්කන්දයට අයත් වේ. එය දැනීමකි. එය ස්පර්ශය හේතුවෙන් හටගනී.
ජරාවට හේතුව සිරුර නිත්‍ය නොවීම හෙවත් අනිත්‍ය වීම නොවෙයිද?
ජරාවට හේතුව ජාතිය වේ. ජාතිය ඇතිතාක් ජරාව පවතී. එය සවභාවය වේ. සිරුරක් පනවා නොගෙන මෙය පැහැදිලි කල නොහැකිද? සැබෑවටම ඔබ දකින අනිත්‍ය කුමක්දැයි පැහැදිලි කල හැකිද? ජරාව හෙවත් දිරිමට අනිත්‍ය හේතුවක් උවත් දිරිමම දුකක් වන්නේ කෙසේද? ජරවද දුකට හේතුවක් පමණි. ජරාව නිසා හටගන්නා දුක් වෙනම ඇත.
ගස පවතිනවා කියා සිතුවිල්ල අනිත්‍ය වන නිසාම එය අනාත්ම වේ.
අනිත්‍ය වූ නිසාම ඒවා අනාත්ම නම්
මේ මොන අපප්බ්‍රන්සද?
ආත්ම යන්නෙහි මා වටහා ගත් අරුත නම් අඛණ්ඩ පැවැත්ම යනුයි. මෙය වෙනස් වීමකින් හෝ න්බිඳ වැටීමකින් තොර පැවැත්මක් විය යුතුය.
ඔබ සියල්ල විමසා ඇත්තේ අවබෝධ මට්ටම සලකා දැයි විටෙක සිතේ. කණිෂ්ක අසා තිබුනේ වෙන් වෙන්ව පවතින අයුරු පැහැදිලි කරන ලෙසයි. අවබෝධ මට්ටම වෙනම පසුව විමසමු.
අනෙක් ඔබගේ කරුණු විමසීමට පෙර කරුණාකර මෙය කියවන්න.
http://vidasuna.blogspot.com/2013/08/blog-post.html
අවිද්‍යා,
Deleteඔබ ඔබට නොවැටහෙන ඇතැම් තැනෙක එය විමසීම සඳහා මේ මොන අපභ්‍රංශයක්දැයි ආකාරයෙන් නිර්දය ප්‍රශ්න කිරීමක් කරනු ලබයි. එහි ගැටළුවක් නැත. මන්ද ඔබගේ අභිප්‍රාය අනෙකා තම දැනුම පිළිබඳ මානයෙන් කෙන්ති ගස්සවා ඔහු තුල ඇති දැනුම මතුකිරීමයි. මෙය හොඳ උත්සහයකි එහෙත් ධර්ම සාකච්ඡාවකට කොතෙක් දුරට ගැලපේදැයි නොදනිමි.
කෙසේ වෙතත් ඔබගේ ප්‍රශ්න මා කල ප්‍රකාශ හා එක එල්ලේම ඉදිරිපත් කොට ඇති නිසා පිළිතුරු දිය යුතුමය.
පිළිතුර දීර්ඝ වන බැවින් මදක් කල් ගන්නෙමි.
ජෝසප් විසින්පහත කර ඇති යෝජනාව මා අගය කරමි. කණිෂ්ක සොයුර, අනිත්‍ය ගැන අප අතර මෙතෙක් සාකච්ඡා වූ කරුණු එක් රැස් කොට නව ලිපියක් සම්පාදනය කරන්න. එහිදී අප මේ ගැන වඩාත් හරවත්ව සාකච්ඡාවක් කරමු.
ඔහු මේ සතියේ කිසිවක් නොකරනු ඇති නිසා 'අනිත්‍යය' යන මාතෘකාවෙන් ලිපියක් ලියා ඔහුට යැවිය හැකියි. ඔහුට එය පල කිරීම හැර වෙන විකල්පයක් නැත.
Deleteඑසේ නොමැතිනම් ඔහුම කියන ලෙස ඔබටම ලිපියක් පල කල හැකියි නේද?
අවිද්‍යා,
Deleteදහම විමසීමේදී සිත මූලිකව එය කල යුතුයැයි මා කියන්නේ කුමන මූලාස්‍රයක් පදනම්වදැයි ඇත්තෙන්ම මා නොදනිමි. එහෙත් එය නිවැරදි බව මා දනිමි. මා වැරදියැයි ඔබ කියනවානම් ඔබ විසින් එය වැරදි බව සනාත කරන්න. නැතහොත් මා කියනා දෙය නොතකා හරින්න. මා කියනා නිසා ඔබ එය එසේයැයි පිළිගත යුතු නැත.
පරමාර්ථ ධර්ම වල ඔබට විමසීමට දෙයක් ඇතිදැයි මා නොදනිමි. ඔබ විමසිය යුත්තේ සම්මුති ධර්මයන්මය. ඒ තුළින් ඔබ මතුකොය්ට ගත යුත්තේ පරමාර්ථ ධර්මයන්මයි. එය මතුකොට ගැනීම යනු අවබෝදයයි. එහි තව දුරටත් විමසීමට දෙයක් ඇති බවක් මට පෙනෙන්නේ නැහැ.
සිත මූලිකව පටවි දාතුව පැහැදිලි කිරීමට නම් ඔබ පළමුව අවිද්‍යා යන පුද්ගලයා පටවි ධාතුව ඇති බව දැන ගන්නේ කෙසේදැයි විමසන්න. ඉන් පසු එය දැන ගන්නේ කවුදැයි විමසන්න. පඨවි ධාතුව ඇතැයි දැනගනු ලබන්නා කවුදැයි ඔබට සොයා ගත හැකිනම් මා කියනා දෙය තව දුරටත් පැහැදිලි කිරීම් අනවශ්‍යයැයි මා සිතමි.
භෞතික ද්‍රව්‍ය අනිත්‍ය වීම සිත මූලිකව සිදු වන්නේ කෙසේදැයි ඔබ විමසයි. මෙය ඇත්තෙන්ම මාහට පැහැදිලි කිරීම තරමක් අසීරු කාරනයකි.මන්ද මා එය පැහැදිලි කල යුත්තේ වදන් වලින් නිසා මා පවසනවාට වඩා ඔබ වෙනත් අරුතක් ගැනීමෙහි ඉඩ කඩ ඉතා වැඩියි. කෙසේ වෙතත් . ඔබගේ එක් ප්‍රකාශයක් මා මෙහිදී විශේශ කොට දකිමි. එනම් පරමාර්ථ තලයේදී මහා භූත පමණක් පවතී යන්න යි. මහා භූත නම් වූ දෙය පරමාර්ථ දර්මයක් ලෙස දහමෙහි කියැවෙන්නේ කොතැනද? මෙය මා දකිනා හැටියට මුලාවකි. මහා භූත යනුත් සම්මුති කාරනා මිස පරමාර්ථ ධර්ම නොවෙයි. තවඩ්‍රටත් පරමාර්ථ වශයෙන් නැත්තේ ගස නොවෙයි. ගස ඇතැයි හඳුනා ගන්නා ඔබගේ විඥ්ඥානයයි, එය හේතු කොට හටගන්නා ඔබගේ සිතයි.
දුක යන කාරණය විමසීමේදී ඔබ පැහැදිලිවම සම්මුති හා පරමාර්ථ යන දෙකාරනා පටලවාගෙන ඇති බවක් දකිමි.
එනම් ඔබ පවසන අයුරු දුක්ඛය අයත් වන්නේ වේදනා ස්ඛන්දයටයි. වේදනා ස්කන්දය යනු හුදු වේදනාවම පමණි. එහි සුඛ දුක්ඛ බෙදීමක් දැකිවිය හැක්කේ කෙසේද? වේදනාවක් විඥ්ඥානය විසින් හඳුනා ඒ කෙරෙහි උපදින සිත් අනුවම එය සුඛ දුක්ඛ ලෙස බෙඩේ යැයි මට වැටහේ. සිතක් නොමැතිනම් වෙදනාවක් සුඛ හෝ දුක්ඛ වන්නේ කෙසේදැයි ඔබට පහදා දිය හැකිද?
ජරාවට් හේතුව ජාතිය යැයි කීවේ කවුද? ඔබ එය දන්නේ බුදු හිමියන් එසේ කියා දුන් නිසාම නේද? ඔබ බ්දු හිමියන් ඉගැන්වූ දෙය දනී එහෙත් එය නොදනී. ඔබට ජරාවට හේතිව ජාතිය යැයි යන පුළුල් අරුතින් ගත හැකියි. එහෙත් ජරාවට පත් වීම යනු කුමක්ද?, ජරාවට පත් වීම දුකක් වන්නේ කෙසේද? ජරාවට පත් වීම නිසා දුක්වන්නේ කවුද? ඒ මා නම් මාගේ කුමන අවයවයක්ද?
හැකිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න.
දිරීම දුකක් වන්නේ කෙසේද?
නොදිරා සිටීමට ඇති කැමැත්ත හෙවත් තෘශ්නාව නිසා කැමැත්ත ඉටුනොවීමෙන් ඇති වන අපේක්ශා භංගත්වයම දුක තනයි. මේදුක හට ගන්නේත් ඉන් පීඩාවට පත් වන්නේත් සිතයැයි ඔබට වටහා ගත හැකිද?
අනිත්‍ය නිසාම අනාත්මයි යන කාරනය ඔබට අපභ්‍රංශයකි! හොඳයි නිත්‍ය වූ එහෙත් අනාත්ම වූ දෙයක් ඔබට පෙන්වා දිය හැකිද? කෙනෙකු යමක් ආත්ම වශයෙන් ගැනීම කියන කාරනය ඔබගේ දැනුමේ හැටියට අරුත් ගන්වන මෙන් මා ඉල්ලා සිටිමි. ඔබ වචනය විග්‍රහ කරන අයුරු නොදැන මේ ඔස්සේ කථා කිරීම හර වුන් වෑයමකි.
අවබෝධ මට්ටම සැලකීම යනු කුමක්දැයි මට නොවැටහේ. ඔබට යමක් අවබෝධයෙන් දැකිය හැකිමන් ඊට මෙහායින් අදහස් දක්වන්නේ කුමකටද? අවබෝධ මට්ටම යන සංකල්පය ගැන යමක් දැන ගැනීමට මා සතුටුවෙමි.
ඔබගේ පැනයන්ට පිළිතුරක් ලැබිනැයි සිතමි.
"අනිත්‍ය සහ අනිත්‍යය" දෙකක්දැයි ඇසීම සම්බන්දයෙන් අප පැහැදිළි කිරීමක් කර ඇත.
ReplyDelete> http://katha32.blogspot.com/2014/04/stray-knowledge.html?showComment=1400263796617#c1664630286912269587
කණිෂ්ක ඔබ අදහස් කරන දෙය පැහැදිලියි. අපටත් "නිවන් අවබෝධය " යන අරුතින් " අනිත්‍යය යන යෙදුම භාවිතා වන අවස්ථා හමුවී ඇත. අදහස් ප්‍රකාශනයේදී අප වචන භාවිතා කරන්නේ වචනයන්ගේ "නිශ්චිත අර්ථ" ඇතයි කීමට හෝ එවැනි අරුත් මතුකිරිමටම නොවේ. නමුත් එම වචනයන් යොදා ගන්නා ආකාරයෙන් වැකියට යම් අරුතක් එක් කිරීම රචකයා ප්‍රවේසම් විය යුතු සේම, රචකයා එය යොදා ගන්නා ආකාරය වටහාගැනීමට පාටකයා සමත් විය යුතුය. රචකයා එය පටලවා ඇත්නම් කළයුතුව ඇත්තේ පළමුව ඔහු කියන්නට උත්සාහ කරන දෙය විමසීමයි. එසේ නොමැතිව පාටකයා තමුන්ට අවශ්‍ය පරිදි ලිපියක වචන අරුත්ගන්වා, තමා දන්නා දෙය ප්‍රකාශ කරන්නට යාම ලිපියට කරන අසාධාරණයකි. අප පසු අදහස් දැක්වීමකදී "අනිත්‍ය" යන වචනය බාවිතා කිරීම තුලින් "නිවන් අවබෝධය" ලෙස වරදවා ගැනීමට සාධාරණ හේතු තිබේද?
Deleteබටහිරද පසු කාලීනව බිහිවූ විශිෂ්ට යයි සම්මත විද්වතුන්ද "අනිත්‍ය" අවබෝධය තෙක් පැමිණ ඇතිබවට අපගේ මුල් ලිපියේ කරුණු දක්වා ඇත. ඒ හැර ඔවුන්ද ඔවුන්ගේ පෙර දැනුම සබැ සත්‍ය දැකීමට බාදාවක් බවට ඉගි පලකොට ඇත!. වත්මන් දැනුම ඉන් ඔබ්බට යාමට නොදී අපව බැද තබන්නේද?
අප මුල් ලිපිය තුල යොදා ගත් විද්වතුන්ගේ නාමයන් ඇත. අදහස් කරන ලද්දේ ඔවුන්ය. "පෛතගරස්" යනු රහතන් වහන්සේ නමක්ද යන්න ලිපියෙන් වෙනම ප්‍රශ්න කිරීමක් කර ඇති නිසා එම නාමය පසු කාලින (පසු කාලින යනුවෙන් අදහස් වූයේම ඔහුගෙන් පසුව බවයි) විද්වත් ලේඛනයට ඇතුලත් කරගැනීමට හේතුවක් නැත.
"කෙහෙල් ගෙඩිය සිතෙන් මවාගත හැකි යෑයි විශ්වාස කරන පුද්ගලයකු මවා ගන්නේ තමන් දැක ඇති කෙහෙල් ගෙඩියකට සමාන කෙහෙල් ගෙඩියක් මිස වියුක්‌ත කෙහෙල් ගෙඩියක් නො වේ."
ඉහත උපුටාගැනීම මහාචාර්ය නලින් සිල්වාගේ විදුසර සංවාදය තුලිනි. අප පෙර අදහස් දකිවිමේදී සදහන් කල පරිදිම, අප ආත්ම ලෙස අදහස් කරන්නේද මෙම වියුක්ත යන සංකල්පයම වේ. කෙසේ හෝ අප විමසන ලද ගැටලුවට යම් සාධාරණ පිළිතුරක ඉගියක්ද මෙහි ඇත.
බටහිරද පසු කාලීනව බිහිවූ විශිෂ්ට යයි සම්මත විද්වතුන්ද "අනිත්‍ය" අවබෝධය තෙක් පැමිණ ඇතිබවට අපගේ මුල් ලිපියේ කරුණු දක්වා ඇත. ඒ හැර ඔවුන්ද ඔවුන්ගේ පෙර දැනුම සබැ සත්‍ය දැකීමට බාදාවක් බවට ඉගි පලකොට ඇත!. වත්මන් දැනුම ඉන් ඔබ්බට යාමට නොදී අපව බැද තබන්නේද?
ආත්ම වාදයක් වූ බටහිර දැනුමේ කෙල පැමිනියන් වන අපට "අනාත්මය" වටහා ගැනීම අපහසු විය හැකිමයි නේද?
සිතුවිළි මගේ අදහස නිවැරදිව තේරුම් ගෙන ඇත. මා "කිසිවක්ම නැති අවස්ථා බොහෝ ගණනක් නැත !" යනුවෙන් අදහස් කරන ලද්දේ නිර්වානයමයි.
ReplyDeleteමේ තුනෙන් කිසිවක්ම නැති අවස්තාවක් ලෙස අවකාශය නම් කිරීම පිළිගත නොහැක. ඒත්...
පැහැදිලිවම කණිෂ්ක මැදින් පැන ඉදිරිපත් කල ගැටළුවේ හරය මතු වන්නේ දැන්ය. අවිද්‍යා විසින් "අනිත්‍ය" යැයි හඳුන්වන දේ මා විසින් සහ සිතුවිළි විසින් අනිත්‍යය යයි හඳුනා ගන්නා දෙයින් වෙනස්ය. (අනිත්‍ය සහ අනිත්‍යය අතර වෙනස මොහොතකට නොසළකමු). අප දෙදෙනා හඳුනා ගන්නා දේ ද එකම දේ යැයි සහතිකයක් නැත.
කණිෂ්ක යෝජනා කළ ලෙස මේ ගැන ගැටළුව විසඳා ගැනීම සුදුසුය.
(අපි කණියට කියලා "අනිත්‍ය(ය)" කියලා ලිපියක් පල කරමු අපි තුන් දෙනාගේම අදහස් එකතු කරලා... මේ වගේ වැඩකට කොමෙන්ට් තීරුව ගැලපෙන්නේ නෑ)
සිතුවිළි
ReplyDeletebusiness case යනු මාතර ආතර
නමැති පරණ නට් කේස් එකමනම්
යසක යනු ?/= වී
හෙළ යනු හීන් සැරේ වෙන්නට බැරිද
?
ජෝසප්,
Deleteබිස්නස් කේස් කාරයානම් ආතරයාම තමයි.ඒ ගන කිසිම සැකයක් නැහැ. ආතර සමග ගැටෙන ආකාරයෙන් හෙළ කියන්නේ හීන්සැරේ වෙන්නට හොඳටම ඉඩ තියෙනවා
හැබැයි යසක කියන්නේ =/? වෙන්නට ඇති ඉඩ බොහෝම අඩුයි කාරනා දෙකක් නිසා. =/? කිසිදවසක සරල ඇදහීම් බුද්ධාගමෙන් එපිටට ප්‍රශ්නයක් නගා නැහැ. ඔහු කරන්නේ අන්‍යාගමිකයන්ටත් ගැඹුරු කරුන් සාකච්ඡා කරන බෞද්ධය්න්ටත් ප්‍රහාර එල්ල කිරීම විතරයි. අනෙක් කරුන ඔහු මාව දැක්කොත් මා සමග එල්ලීම නම් වලක්වන්න බැහැ. මේ යසක මගේ දහස් එක්ක ගැටුනේ නැහැ කියවූ බවක්වත් පෙනෙන්නට නැහැ.
=/? කෙසේ වෙතත් නියමසිංහයා නම් කොටි පැටියා වගේ කන්ඩමයි පනින්නේ. එයාව අර හාමුදුරුවන් හොඳටම චූන් කරලා. අපරාදේ, කොහොම හිටපු කොල්ලෙක්ද.
Deleteජෝසප් ඔබ හාමුදුරුවන්ගෙන් මා ඇසූ ප්‍රශ්නත් ඒවාට උන් වහන්සේ දුන් පිළිතුරුත් කියෙව්වාද?
Deleteරූපය පරමාර්ථයැයි කියා උන් වහන්සේ ඉන් ලිස්සා ගිය හැටි ඔබ දුටුවාද? තමාත් මුලා වී අන අයත් මුලා කිරීමට වෙර දරන හැටියකුයි මට නම් පෙනෙන්නේ.
නියම සිංහ කවදත් ඔය පාරෙම ගිය කෙනෙක් නිසා එතනින් ඉවතට එන්න ඔහුට අමාරුයි. ඉතින් ඒ පාරෙම යන දෙන්නෙක් සෙට් උනාම වැඩේ හොඳටම නැගලා යනවා.
ආතරනම් සෙක්කුවේ බැඳපු ගොනා වගේ එකම තැන වටේට කැරකෙනවා
ඒ වහන්සේ අභිධර්මය වමාරයි. මට ඒ ගැන එතරම් රුචියක් නැත. ගණිතය හා අභිධර්මය එක ලෙස දකිමි. චක්කරය කටපාඩම් කිරීමත් අභිධර්මය ඉගෙන ගැනීමත් ඒකාකාරිය. ඒත් නියමසිංහයා ඉන් නියම ජොලියක් ලබනු පෙනේ.
Deleteඅප අදහන බුදුදහම සේම ඒ අය අදහන බුදුදහමත් පස්වාන් දහසක් පැවතිය යුතුය යන අදහසේ මා සිටින නිසා ගැටීම් වෙත නොයමි. ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් ඉගෙන ගනු මිස ඒ වහන්සේ කෙනෙකුට ඉගැන්වීමට අපට සුදුසු කම් නැත.
ඒ නිසා හැකි පමණ කියවමි.
ජෝසප්,,
Deleteඔබ හා එකඟ වෙමි. ඔබ ඉතා සූක්ශමව මා නිවැරදි විය යුතු තැන පෙන්වා දුන් බවක් දකිමි. ඔව් මා එකඟයි.
එහෙත් මා උන් වහන්සේට ඉගැන්වීමට තැත් කලා නොවෙයි.
මා සීමාව දුටු නිසා එතැනින් නැවතීමි. ඔබ මෙන්ම හැකි අයුරින් එහි සාකච්චා වන දෑ කියවමින් සිටිමි.
යන්තං නියමසිංහයයි බිස්නස් කේස් එකයි එක තැනකට ගාල් කර ගත්තා, කළු කුහරයක් පෙන්නලා. දැනට ඒ ඇති.
Deleteආතරයයි, නියමසිංහයයි හාල්මැස්සයි යසක නමින් =/? යි ඔක්කොම දැන් මතුවෙලා ඉන්නවා
Deleteහාමුදුරුවනුත් යන්තම් එක පොටකට ඇවිත් වාගේ පෙනෙනවා.
ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් අපේ කණිෂ්කටයි අවිද්‍යාවටයි මොකද උනේ දෙන්නම අතුරුදහන් වෙලා වගෙයි පෙනෙන්නේ?
ක'යන්න අවුරුදු (සොරි සොරි දවස් !) 7 කට අතුරුදහන් වෙනවා කියල පරවියෙක් ඇවිත් කිව්වා. අ'යන්න පොත් කියවනවා ඇති. හික් !
Delete---
"අනිත්‍ය සහ අනිත්‍යය යනු එකක් නොව දෙකකි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?" යන ප්‍රශ්නය ගැනත් "ඔබ වියුක්තව නොසිතන්නේ නම්, අනිත්‍යය යනු අනිත්‍ය තුල උප කුලකයක් බව පැහැදිලි විය යුතුය. පෑනේ අනිත්‍යය, පොතේ අනිත්‍යය, පෘතුවියේ අනිත්‍යය, පඩියාගේ අනිත්‍යය ආදී වශයෙන් අනිත්‍ය බොහෝ ගණනක් තිබිය නොහැකිය. ඔබගේ පැනය පිළිබඳව පළමුව ඇතිවන වික්ෂිප්තය වියුක්ත චින්තනය තුලින් ඇතිකරන මවාපෑමක් පමණි." යන පිළිතුර ගැනත් මම ටිකක් හිතුවා.
"ඔබ කියා ඇති දේ දුටු සැණින් 'සත්‍ය' සහ 'සත්‍යය' යන දෙක දෙකක් බව සිහි විය. මගේ අදහස ඒ වෙනසම මෙහිත් පවතින බවයි." යන්න ඊට මවිසින් දුන් පිළිතුරයි.
මේ ගැන ඔබට කිව හැකි දෙයක් තිබේද?
ජෝසප්,
Deleteපැහැදිලිවම සත්‍ය හා සත්‍යයත් අනිත්‍ය හා අනිත්‍යයත් යනු අදහස් දෙකක්ම බව මට සිතේ.
මෙය ඉංග්‍රීසි බසින් වඩා හොඳින් පැහැදිලි කල හැකියැයි සිතමි.
කෙසේද යත් සත්‍ය යනු "truth" වන විට සත්‍යය යනු "the Truth" වන ලෙසිනි.
අනිත්‍යය පිළිබඳවද මෙම තත්වය මෙසේමයැයි සිතමි.
අප කථා කරන්නේ සත්‍යය හා අනිත්‍යය ගැනනම් ඒවා බොහෝ ගනනක් තිබිය නොහැකියි යන මතය මමද තරයේ දරමි.
එම නිසාම මෙය සිංහලෙන් භාවිත කරන විට අගට "ය" යන්නක් යෙදීම හෝ ඉංග්‍රීසියෙන් භාවිතා කරන විට මුලට "The" කියා යෙදීම නිවැරදි යැයි සිතමි.
i. "කළු කුහරයක් නිසා නිහඩ නොවුනෙමි. අනිත්ය තාවයෙන් පීඩාවට පත්වුනෙමි." - වැල්ලවායේ සුමනබෝධි හිමි
ReplyDeleteii. "සියලු සංස්කාරයෝ අනිත්යය වන බැවින් හතරමහා භූතයන්ගෙන් නිමවා ඇති පරිගණක ද අනිත්ය වේමය." - වැල්ලවායේ සුමනබෝධි හිමි
ඉහත අනිත්‍යය හා අප කතා කරන අනිත්‍යය යන දෙකම එකක් වේද?
මා කථා කරන අනිත්‍යය ඉහත සුමනබෝධි හිමියන් කථා කරන අනිත්‍යය නොවේමය.
Deleteඋන් වහන්සේට අනුව සතර මහා භූතයෝ පරමාර්තය නිත්‍යය. එවන් වූ දහමක් ගෞතම සම්මා මබුදු රදුන් විසින් දෙසූ බවක් මා නම් පිළිගන්නේම නැත.