පසුගිය ලිපි වලින් තිස්තුන්කෝටියක් දෙවියන් යනු කවර දේව කොට්ඨාශයක්දැයි සාධක සොයා බැලුවෙමු; සාධක අනුව එක්තරා නිගමනයකට පැමිණියෙමු. මේ ලිපියෙන් ඒ ගැන තව දුරටත් විග්‍රහ කර ගැනීමත් සාධක ගලපා කතාවක් ගොඩ නංවා ගැනීමත් උත්සාහ කරමු.
ඒ කතාව ගොඩ නැංවීමට පෙර සිත්හි දරා ගත යුතු අදහසක් වෙයි. නා නා පෙදෙස් වල විසූ ජනයා ලෝකය මෙසේ වේ යැයි නා නා කතා ගෙතූහ. ලෝකය කවරාකාරදැයි ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ ශිෂ්ඨාචාර වලට අනන්‍ය වූ ආවේනික හැඩයක් වෙයි. ලෝකයේ සම්භවය ගැනත් ලෝක විනාශය ගැනත් එවැනිම කතාන්තර වෙයි. නිදසුනක් ලෙස, පැරණි චීන්නු ලෝකය ගැන ගෙතූ කතාව පැරණි මිසරයින්, නැතිනම් ග්‍රීකයින් ඒ ගැන ගෙතූ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වේ. පැරණි ජම්බුද්වීපවාසීහු ද තමන්ට ආවේනික කතා කිහිපයක්ම ලෝකය ගැන ගොඩ නැගූහ. සිංහලයින් සතුව පවා එවැනි අදහස් නොතිබෙන්නට හේතුවක් නැත. සක්වල සිතියම, තාරකා දොරටුව වැනි හැඳින්වීම් විවිධ ගුරුකුල විසින් ලබා දෙන ලද, අනුරපුරයෙන් හමු වූ රේඛා සටහන ඇතැම් විටෙක මෙවැනි චිත්‍රයක් විය හැක.
තාරකා දොරටුවක් ද? සක්වල රූපයක් ද? |
ලෝකය සහ පෘතුවිය
විශ්වය යනු ඉංගිරිසියෙන් Universe ය. ලෝකය World වේ. අප සිංහලෙන් ලෝකය හා පෘතුවිය (මහපොළොව≡පඨවිය) යන්න සමානාර්තයේ යොදා ගත්තත් මේ දෙක එකක් නොවේ. පෘතුවිය ඉංගිරිසියෙන් Earth ය. පෘතුවිය ගෝලාකාර බව සැබෑ වුවත් ලෝකය ගෝලාකාරද?නිවුටෝනිය භෞතිකයට අනුවනම් පෘතුවිය යනු සූර්යයා වටා භ්‍රමණය වන ග්‍රහයන් කිහිප දෙනාගෙන් කෙනෙකි. මේ ග්‍රහලෝක වලට චන්ද්‍රයින් එකා-දෙන්නා නොව සමහර විට දුසිම් එක දෙක පවා තිබිය හැක. චන්ද්‍රයින් එකෙක්වත් නැති දිළිඳු ග්‍රහයින් ද සිටී. මේ සියල්ල අඩංගු පද්ධතිය සෞරග්‍රහ මණ්ඩලය නම් වේ. මෙවැනි සෞර ග්‍රහ මණ්ඩල (ග්‍රහයන් නැති සූර්යයන් ද ඇතුළුව) එක් රැස් වී එකට පවතින විට ඒවා මන්දාකිණි (ඉංගිරිසියෙන් Galaxy) නම් වේ. මන්දාකිණි ද පොකුරු වශයෙන් පවතී. මෙවැනි මන්දාකිණි පොකුරු සියල්ලේ එකතුව විශ්වය නමින් හඳුන්වයි. මේ විශ්වය අනන්තයි - අපරිමිතයි. පෘතුවියෙන් ගමන් අරඹා සරල රේඛාවක ගමන් කරන කෙනෙක් නැවත කිසි දිනෙක පෘතුවිය දකින්නේ නැත.
විස්තර අධිකතර වන බැවින් අයින්ස්ටයිනීය භෞතිකය අපට කියා දෙන විශ්වය දෙස නෙත් නොහෙලාම බෞද්ධ විශ්වය දෙස එබී බලමු. බෞද්ධ සූත්‍ර ධර්ම ඇසුරේ පවා විශ්වය ලෙස යමක් (එනමින් නොවේ) හඳුනා ගත හැකි මුත් සැකැස්ම සම්පූර්ණයෙන් වෙනස්ය. නිවුටෝනිය විශ්වයේ තැනුම් ඒකකය සූර්යයන් (හෙවත් තාරකා) වුවත් බෞද්ධ විශ්වයේ තැනුම් ඒකකය සක්වළ වේ. මේ සක්වළ නිවුටෝනිය විශ්වයේ මන්දාකිණි සමග හෝ සෞරග්‍රහ මණ්ඩල සමග හෝ කිසි සේත් තුල්‍ය නැත1.
අර්ථ දැක්වීමට අනුව සක්වළ යනු එක හිරකින් එක සඳකින් ආලෝකය ලබන ලෝක සියල්ලේ එකතුවයි; ලෝක එක්තිසකි. කවර සක්වලක් ගත්තත් මේ ලෝක හෙවත් තල තිස් එකින් විනිර්මුක්ත නොවේ. නිවුටෝනිය (හෝ වෙනත් ඕනෑම බටහිර විද්‍යාවක්) කතා කරන්නේ වැලි, පස් වලින් සැදුණු ග්‍රහලෝක (ඉංගිරිසියෙන් Planet) ගැන වීමත් බෞද්ධ විග්‍රහය කතා කරන්නේ සත්වයින් ප්‍රතිසන්ධිය ලබන තල හෙවත් ලෝක (ඉංගිරිසියෙන් World) ගැන වීමත් ඉහත දැක්වෙන වෙනසට හේතුවයි. මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වෙයි.
අප සාමාන්‍ය ක්‍රමයෙන් මිදී පෘතුවිය, ලෝක, ග්‍රහලෝක, මන්දාකිණි, විශ්වය ආදී පද සමග වරහන් තුල ඉංගිරිසි පාරිභාෂික වචන යොදා ඇති බව පාඨකයා දකින්නට ඇත. බටහිර විද්‍යාව සිංහලෙන් ඉගැන්වීමේදී 'සිංහල විද්‍යාත්මක' වචන නැවත යොදා ගැනීමක් සිදු කෙරිණි. සමහර ඉංගිරිසි පද වලට සරිලන සිංහල පද නැති බැව් දුටු එකල විද්වතුන් සංස්කෘත මුසු ඉන්දීය (හින්දි) පාරිභාෂික පද මුසු කර බටහිර විද්‍යාව තවත් අන්ඩරදෙමළයක් කළහ. මේ සියල්ලෙන් සිදු වූයේ සිංහල පද වල නියම අරුත මැකී යාමයි. ලෝකය යන වදන හොඳම උදාහරණයකි. ලෝකය ගෝලාකාර බව පාසැල් යන දරුවෙකුගෙන් ඇසුවත් පිළිතුරු දෙනු ඇත. එහෙත් ලෝකය සැබවින්ම ගොලාකාරද? මීට දිය යුතු ඉතාම නිවැරදි පිළිතුර ලෝක නිර්මාණය ගැන දෙතිස් කතා විසින් මීට පෙර පළ කළ විග්‍රහයක එයි. අද අප කතා කරන්නේ ඊට මෙපිටින් ඇති භෞතික ලෝකයේ ලෝක විග්‍රහය ගැනයි. ඒ බව සිත්හි දරාගෙන අර ප්‍රශ්නය නැවත අසමු.
- ප්‍රශ්නය: ලෝකය සැබවින්ම ගොලාකාරද?
- පිළිතුර: ලෝකය කිසිසේත් ගෝලාකාර නැත
- ප්‍රශ්නය: එසේනම් ලෝකය කවරාකාරද?
- පිළිතුර: ලෝකය විවිධාකාරයි. ඒ බව
ලෝකය කවරාකාරදැයි ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ ශිෂ්ඨාචාර වලට අනන්‍ය වූ ආවේනික හැඩයක් වෙයි
යනුවෙන් ඉහත දක්වා ඇත.
මතු සම්බන්ධයි...
හ්ම්ම් සද්ද වහල ඊළඟ ලිපිය එනකම් ඉන්නයි හිත. ඒ මොනවා උනත්, පෝය දවසේ ලිපියක් පල කිරීම නම් හොඳ වැඩක්.
ReplyDeleteහොඳ ලිපියක්,
ReplyDeleteමතු සම්බන්ධ කොටසත් කියවලාම අදහස් පලකිරීම තමයි නිවැරදිම ක්‍රමය.
ජෝසප් කියනවා වගේ පෝය දවසටම ලිපියක් පල කොට තිබීම නම් මමත් බොහෝම අගය කරමි.
හිකිස් !!!!!!!!!!!
ReplyDeleteමෙයා හාමුදුරුවන්ට බැන්නට මට බයින්න එන්නේ නෑ. සක්වල ගැන ඕනනං මගෙන් අහන්න. ඔන්න වලිග තරුවකුත් ගෙන්නුවා මම චෝගම් වෙනුවෙන්. හැමෝම අද රෑට බලන්න.
මීට
මහාචාර්‍ය චන්දන ජයරත්න.
මෙතුමා දැන් මහාචාර්ය වෙලාද? අනේ එහෙම තමයි දියුණු වෙන උත්තමයෝ...
Deleteඔබ තුමාටත් එක්ක තමයි ප්‍රහාරය දීල තියෙන්නේ, නොතේරුණා වගේ හිටියට.
බොරු චන්දන පැත්තකට දාමු.
ඉතුරු ටික ලියන්න ඉක්මනට, මට දැන් එපා වෙලා.
හැබැයි රජෝ, "ලෝකය හට ගැනීම හා එහි නිරෝධය" ලිපියේ පින්තූරේ වගේ, ලෝකය ඉබ්බෙක් පිටේ තියෙනවා කියලනම් කියන්න එපා.
අලි ගැන කිව්වට කමක් නෑ, අපි (දෙවියෝ !) ගැනත් කතා කරන්න. හික් !!!
ReplyDeleteබුදු රදුන් සිංහලයෙකු නොවෙයි තමා,
ReplyDeleteඑහෙත් මා යොදා ගත් උදාහරණය ඔබ පිළිගැනීමෙන් මා එය වටහාගෙන ඇති බව තහවුරුවේ. ඔබට ස්තුතියි.
ඉන්ද්‍රිය ගෝචර වුනු රේඛාව තුලින් වියුක්ත මත වාද ගොඩ නැගීමෙහි අසමත් බව පිළිගත යුතුය,
බටහිර විද්යාව වැනි විද්‍යාවන් අප පොලෝ තලයෙන් පැන නොනැගීමෙහි තෙරුමද එයම විය හැක ( මා හිතන්නේ මහාචාර්‍ය තුමා සිටින්නේත් මෙවැනි මතයකය )
ඔව් දැන් මා ඔබ හා එකඟ වෙමි, සිංහලයින් වියුක්ත දැනුම තනා නැත, එහෙත් වියුක්ත දැනුම වඩවා එයට ව්ටිනාකමක් නොදී සිටියාද විය හැක. පරමාර්ථය දකිනා බෞද්ධයාට, රේඛාවක් තුලින් උපද්දන වියුක්ත දැනුම හිස් දෙයක් මිස හරවත් බවක් නොදැනීම එයට හේතු විය හැකිද. මෙම වියුක්ත දැනුමේ හරයද සම්මුතියයි.
අනිත්‍ය දුක්ඛ අනාත්මයෙහි වියුක්ත දැනුම පරමාර්ථයයි.
පළමුවෙන්ම සමාවෙන්න ඕන ගොඩක් පරණ දෙයක් නැවත මතුකිරීම ගැන. සමහරවිට ඔබලා මේ වනවිට නිවැරදි අවබෝධයක සිටිනවාද විය හැක. නමුත් ඉහත ප්‍රකාශනයේ යම්කිසි ගැඹුරු අඩුවක් දැනුන බැවින් මගේ අදහස සමග නැවත ඔබලා සමග අදහස් හුවමාරු කරගැනීමට සිතුනි. මම ඔබලාගේ සංගමයට ඉතාම නවකයෙකි (දිනක් වයසැති). සංවාදයන් රසවත් වූ බැවින් බොහොමයක්ම කියවුවෙමි. බොහොම පින්.
මගේ අදහස මෙයයි. පළමුකොටම ඉන්ද්‍රිය ගොචරයයි කියනවිට පංච ඉන්ද්‍රිය (බාහිර ලෝකයට විවුර්ත ) අදහස් කලේද, නැත්නම් ඉන්ද්‍රිය හයමද (මනසද ඇතුළුව) යන්න පැහැදිලි නැත. මනස යනු මහදුරු නලින් ද සිල්වා අදහස් කරන චිත්ත පරම්පරාව නොව (එතුමන් අදහස් කරන දෙය පාටකයට වැටහෙන අයුරු මිස එතුමන් එය නිවැරදිව අවබෝධ කරගෙන නැතැයි අදහස් නොකරමි) අභිධර්මයේ සදහන් වන ලෙසට තවත් සිත් ඇතිවන ස්ථානයක් ලෙස ගත් විට ඉහත අර්ථයන්හි ගැඹුරු අඩුවක් ඇත. පරමාර්ථ ධර්ම යනු වියුක්ත දැනුමක් නොවේ. ඉන්ද්‍රිය ගෝචර වන්නේම පරමාර්ථ ධර්ම පමනි. ප්‍රඤ්ඤාප්තියෙන් වැසී ඇතිබැවින් එය නොපෙනුනද, පරමාර්ථ ධර්ම යනු සැබෑවටම ඉන්ද්‍රිය ගෝචරවන ධර්මයෝය. සැබෑ වියුක්ත දැනුම නම් ප්‍රඤ්ඤාප්තියයි. බාහිර ඉන්ද්‍රිය මගින් හෝ මනස මගින් එකවර ග්‍රහණය කරගත නොහැකි තරමටම වියුක්ත දැනුමක් නොවුනද ප්‍රඤ්ඤාප්තිය යම්තාක් දුරට වියුක්ත දැනුමකි. නමුත් ප්‍රඤ්ඤාප්තිය ප්‍රත්‍යක්ෂ (මෙය එතුමන් කියන පරිදිම සංස්කෘතියට සාපේක්ෂ වේ )බවට පත්වී ඇති බැවින් එහි වියුක්තය ගැටළුවක් නොවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු වියුක්ත දැනුමක් ලෙස ගත්විට එහි බරපතල අඩුවක් ඇත. එය කිසිවිටකත් ආර්යන් වහන්සේලාට වියුක්ත දැනුමක් නොවේ. නිවනද පරමාර්ථ වශයෙන් ඇතියක් වන්නේ (ආර්යන් වහන්සේලාට පමණක් ප්‍රත්‍යක්ෂ වූ ) එහෙයිනි. බටහිර දැනුම යනු බොරුවක් වන්නේ එය පරමාර්ථ වශයෙන් හෝ ප්‍රඤ්ඤාප්ති වශයෙන් සියල්ලන්ටම බාහිර ඉන්ද්‍රිය ඇසුරින් හෝ ග්‍රහණය කරගත නොහැකි සංකල්ප බැවිනි.
මිතුරු avidyawa, දිනක් වයසැති (අදට නම් තෙදිනක්) ඔබ දෙතිස්කතා වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබ උපුටා දක්වා ඇත්තේ සිතුවිළි විසින් ලියන ලද්දක් විය යුතුයි. මෙවැනි උපුටා දැක්වීමක් කරන විට අදාළ ලිපියේ හෝ ප්‍රතිචාරයේ බැඳිය (link) මූලාශ්‍රයක් ලෙස සපයයිනම් කියවන අයට සන්ධර්භය ගැන හැඟීමක් ඇති කර ගැනීම පහසුයි. ඔබ දැක්වූ තැන, අපගේ මතකය නිවැරදිනම්, සාකච්ඡාව ඇති වූයේ සංයුක්ත දැනුම හා වියුක්ත දැනුම සම්බන්දයෙන් මිස අභිධර්මය ගැන නොවේ. ඒ සන්ධර්භය යටතේ සිතුවිළි විසින් 'ඉන්ද්‍රිය ගෝචර' යැයි සඳහන් කළ විට එතැන කියවෙන්නේ මනස නොව බටහිර විද්‍යාව විසින් හඳුනා ගැනෙන ඉන්ද්‍රිය ගැනයි.
Deleteඔබේ අවිද්‍යා බ්ලොග් අඩවියත් නැරඹීමට ලැබිණි. එය සිත්ගන්නාසුළුයි. විශේෂයෙන් ඔබේ දෙවැනි ලිපිය, "මොණරුන් මැරීම, CHOGAM සහ සංචාරක කර්මාන්තය", රටේ තීරණ ගන්නා අය නොදකින පැත්තක් පෙන්වා දෙන අපූරු සැකැස්මකින් යුත් කදිම ලිපියකි.
ඔබේ බ්ලොග් අඩවිය දියුණුවට පත් වේවා යනු දෙතිස්කතා හි සුභාසිංසනය වේ.
ඔබේ බ්ලොග් අඩවිය දියුණුවට පත් වේවා යනු මගේ සුභාසිංසනය වේ !
Deleteඅවිද්‍යා, කියපන් මචං මනස ගැන අභිධර්මයේ සදහන් වන දේ.
"මනස යනු අභිධර්මයේ සදහන් වන ලෙසට තවත් සිත් ඇතිවන ස්ථානයක් ලෙස ..." කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද ?
ඉන්ද්‍රිය ඇත්තේ පහකි; ආයතන හයකි. ඉන්ද්‍රිය හයක් ලෙස උගන්වන තැන කුමක්ද ?
ඔයා ටිකක් අමාරු ප්‍රශ්නයක් ඇහුවෙ. හේතු දෙකක් තියෙනවා එහෙම කියන්න. එකක් තමයි මගේ ක්‍රමයේ දුර්වලකම. කරුණු අවබෝධයට මුල් තැනක් දීම මිස කරුණු වශයෙන් මතකයේ නොවීම. අනික තමයි ඔයාගේ ප්‍රශ්නයෙන් මුලිකවම මුලාවකට, වෙන අතකට යොමුවීම. මොනවා උනත් අප තවම අනොයෝන්‍ය විශ්වාශය ගොඩනගාගෙන නොමැති බැවින් හැකි සාදාරන විසදුමක් ඉදිරිපත් කරන්නම්. ඔයාටත් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා ( :) ).
Deleteඅවිද්‍යා, කියපන් මචං මනස ගැන අභිධර්මයේ සදහන් වන දේ.
"මනස යනු අභිධර්මයේ සදහන් වන ලෙසට තවත් සිත් ඇතිවන ස්ථානයක් ලෙස ..." කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද ?
මෙම ප්‍රශ්න දෙකටම එකම විසදුමක් ප්‍රමාණවත්. මම නැවත දීර්ග විස්තරයක් ලියන එක තේරුමක් නැති නිසා පහසුවෙන් තේරුම් ගත හැකි තැනක් කියන්නම්.
http://www.rerukanemahanahimi.lk/pdf/36137872-15-Abhidharmaye-Mulika-Karunu-.pdf
(හැකි නම් පොත මිලදී ගන්න )
මෙහි pdf 49 (page 51) භවාංග චිත්තය සහ pdf 134 (page 136) හර්දය රූපය කියවන්න.
http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Vidarshana%20Bhavana%20kramaya.pdf
pdf 74 (page 80)
මනස යන වචනය කෙලින්ම සදහන් වන ස්ථානයක් සොයා ගත නොහැකි වීම ගැන කණගාටු වෙමි. නමුත් මහදුරු නලින් ද සිල්වා මහතාගේ මනසට සාපේක්ෂ මනස යන සංකල්පයත්, භවාංග චිත්තය (මනසට යන පදයට අදාල වේ) යන සංකල්පයත් දෙකක් නොවන බව මගේ හැගීම වේ. කෙසේ වෙතත් මනස සිත් ඇතිවන ස්ථානයක් ලෙස සදහන් කිරීමට හේතුව ඔහු මනේන්ද්‍රිය ලෙස පංච ඉන්ද්‍රියන්ට අමතරව තවත් දෙයක් සදහන් කිරීම සහ එයම මනස ලෙස යොදා ගැනීමයි . මෙය තවත් තැන්වල හමුවී ඇතැයි මතකයේ පැවතියද තැන නිවැරදිව සොයා ගත නොහැක. පංච ඉන්ද්‍රියන්ට අමතරව සිත් ඇතිවන ස්ථානය නම් හර්දය රූපය වේ.
ඉන්ද්‍රිය ඇත්තේ පහකි; ආයතන හයකි. ඉන්ද්‍රිය හයක් ලෙස උගන්වන තැන කුමක්ද ?
මෙම ප්‍රශ්නය නිසා මුලිකවම මුලාවීමක් සහ වෙනතක යොමුවීමක් සිදුවිය. ඔයා කියන කාරණය හරි. ඉන්ද්‍රිය 5කි. ඒ ශ්‍රද්ධා, වීර්ය, සති, සම්ධි, ප්‍රඤ'ඤා වේ. නමුත් අපි කථා කලේ පංච ඉන්ද්‍රියන් ගැනය( ඇස, කන, නාසය, දිව, ශරීරය ) hmmm භාෂාවේ අඩුවක්ද?
@කණිෂ්ක
Delete"අපගේ මතකය නිවැරදිනම්, සාකච්ඡාව ඇති වූයේ සංයුක්ත දැනුම හා වියුක්ත දැනුම සම්බන්දයෙන් මිස අභිධර්මය ගැන නොවේ."
ඔයා මෙහි මතුකරන තර්කය සාධාරණයි. මම පසුව එකතුවීම සහ ඔබගේ අදාල කාරණය පිළිබද මතකය දුර්වලව පැවතීම නිසා කාරණය අවුල් විය හැකිය.
මට ප්‍රදාන වශයෙන් මතුකරන්න ඕන උනේ "අනිත්‍ය දුක්ඛ අනාත්ම" යනු වියුක්ත දැනුමක් නොවන බවයි. සිතුවිලි එය වියුක්ත දැනුමක් ලෙස උපුටා දක්වා තිබු බැවින් බොහෝ පරණ සංවාදයක් උවත් නැවත මතුකරන්නට සිතුනි. (සභාවිකව සිදුවන ලේ රත් වීම නිසාම ). අභිදර්මයෙන් තොරව එය පැහැදිලි කරගත නොහැකි නිසා අභිදර්මය යොදා ගැනීමට සිදුවිය.
එදා පැවති ඉන්දියානු සංස්කෘතියට දේශනා කල පරිදිම හෙළ සංස්කෘතියටත් (දැනුම් පද්දති දෙකක් ලෙස ගත විට) බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරයිද? යන ප්‍රශ්නය කෙනෙක් ඇසුවහොත් මට එකවර පිළිතුරු දිය හැකි නොවේ. එදා පවතී දැනුම් පද්දති දෙකම අද නැත. කෙසේ උවද පහසුවෙන් මතුකරගත හැක්කේ පසුව ඇතිවූ සිංහල බෞද්ධ සංස්කෘතිය යනු මගේ අදහසයි. මෙය "බුදු රදුන් සිංහලයෙකු නොවෙයි" යන ප්‍රකාශයට අදාලව වේ.
හරි, අවිද්‍යා මචං. මම ඒ දෙක කියවන්නම්. මම නොදන්නම දෙයක් තමයි අභිධර්මය. දන්නවද, මිනිස්සු දන්නා දේට කැමති වීමත් කැමති දේ වැඩියෙන් දැන ගැනීමත් තමයි ලෝක ස්වභාවය. බලමු!
Deleteඔයත් එක්ක 100% එකගයි. තමන් දන්න දෙය හරි කියල ගත්තොත් ඉගෙනගන්න තියෙන අවස්ථාව එතනම ඉවරයි. ගොඩක් වෙලාවට හරි දේ හම්බවෙලත් ඒක වැරදි කියල විසි කරනවා. නොදැනම මිය යනව. මම ඔයාට දීපු ලින්ක් වල තියෙන්නේ අභිදර්මයම නෙවෙයි (නැත්තෙමත් නැ). මුලික සංකල්ප ටික. හරියට දාගත්තොත් ගොඩ. මට මගේ පිළිතුරක් දෙන්න තිබුන.නමුත් ඔයාලගේ ප්‍රශ්ණ වලින් මාව සැලෙනකොට මට තේරුණා දන්න දේ කියනවට වඩා නිවැරදි මාර්ගයම පෙන්වීම විතරයි පුංචි comment එකකින් කරන්න පුළුවන් කියල. මම දන්න දේවල් (ධර්මය ගැන ) හරිම ටිකයි. පුංචි අවබෝදයක් තියෙනවා වෙනදට වඩා (නිකන්ම ඉගෙනගත්තු කාලයට වඩා) මගේ කරගෙන හිතන්න පුළුවන්. වැදගත් වෙන්නේ අන්න ඒකයි. එතනට යන්න උත්සාහ කරන්න. (ඉගෙන ගන්න එකත් නරකම නැහැ.විශේෂයෙන් ධර්මය)
Deleteකෝ මේ ක'යන්න?
Deleteඅවිද්‍යා යාළුවේ,
Deleteඔබ වැනි හරවත්ව යමක් කථා කරනා තවකෙකු මෙම අඩවිය හා සම්බන්ධ වීම ගැන මා ඉතා සතුටු වෙමි.
මේ දිනවල ඇති කාර්‍ය භහුලත්වය නිසා වෙබ් අඩවි වල සැරිසැරීම ඉතාමත් කලාතුරකින් සිදුවේ. එම නිසාම ඔබ මෙහි ලියා ඇති දේ මා ඇස නොගැටුනි.
ඔබ මුලින්ම උපුටා දක්වා ඇත්තේ මා ලියූ අදහසකි. අම අදහස ගැන වාදකිරීමකට වඩා එම අදහස මතුකළ සන්දර්බය විමසීම වැදගත්යැයි මා සිතමි. නලින් ද සිල්වා මහතාගේ සියළු ලිපි හදාරන්නෙකු හෝ එලවා ගොස් ඔහුගේ මතවාද හදාරන්නෙකු නොවන මා එතුමා යොදාගන්න ඇතැම් පාරිභාශික පද වලට නවකයෙකි. මා බොහෝවිට මාගේම අර්ථදැක්වීම තුලින් මාගේ විමර්ශනයන්ට අනුව මාතුළම දහම විමසන්නෙකි. එමනිසා මාහට දහම පහදා ගැනීමට පාරිභාශික වදන් වල අව්ශ්‍යතාවයක් නොමැති වේ. එසේම මෙහි කණිශ්ක හා ජෝසප් සමග කරනා කථා බහේදී මා මහාචාර්‍ය තුමාගේ වදන් ඉගෙන ගනිමි (අළුත් යමක් ඉගෙනීම වාසියක් මිස අවාසියක් ගෙන නොදේයැයි මා සිතමි ) ඔබ උපුටා දක්වා අති සාකච්චාව එලෙස මා වියුක්ත දැනුම යන සංකල්පය ගැන ජෝසප්ගෙන් හා කණිෂ්කගෙන් විමසූ අවස්ථාවක ඇති වූ සාකච්ඡාවක් බව මතක ඇත.
අවිද්‍යා ඔබ අවසානයට කියන අදහසනම් මම ඉතාම කැන්මතියි, ඔව් තමන් දන්නා දේ හරි වශයෙන් දෘශ්ටිගත වුවහොත් ඔබගේ දහම විමසීම එතැනින්ම නිමයි. ඔබ අද වටහාගන්නේ අද ඔබගේ සංඥා පද්දතියට ගැලපෙන අයුරිනි. එකම සංඥාවට විව්ධ සංඛාරයන් හා විඥ්ඥානය පහල කල හැකි වීම විමසීමයි. ජෝසප් ඉතා නිවැරදිව කී පරිදි අපගේ හැදෑරීම යොමු වනුයේ අප කැමැති අංශ වෙතයි.
කෙසේ වතුදු ඔබ මාගේ අදහසෙහි වරදක් ලෙස දක්වන කාරනය පැහැදිලිව කියැවී නැති බවක් දුටිමි. එම සාකච්චාවේදී මා ජෝසප් වෙත කීවේ නිර්වාණය යනු වියුක්ත දැනුමක් බවයි එසේ උදාහරණයක් ලෙස නිර්වාණය යොදාගත්තේ මා එම පදය නිවැරදිව හඳුනා ගත්තාදැයි සැක හැර ගැනීමටයි. එහිදී ජෝසප් එම මානයෙන් ඉවත්ව ගොස් බුදු රදුන් සිංහලයෙකු නොවේයැයි පවසන ලදී. එයින් ගම්‍ය වන්නේ මා දුන් උදාහරණය පාර්ශ්විකව නිවැරදි බව මිස අන් කුමක්ද?
නිර්වාණය යනු වියුක්ත දැනුමකි.
සිංහලයා වියුක්ත දැනුම නොසෑදීය යන තර්කය හමුවේ මේ උදාහරණය වැරදිය.
දැන් ඔබ පෙන්වන වැරදි වැටහීම පැහැදිලිව නිවැරදි කර දෙනවාද?
මම කනිෂ්කට කියූ පරිදිම ඔබලාගේ පැරණි සංවාදයකට අලුතෙන් සම්බන්දවිම පුංචි අව්ලක් ඇති කරනවා තමයි. වියුක්ත දැනුමක් ලෙස මම වටහාගෙන ඇත්තේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර යම් සිද්දියක් හෝ සිද්දි දාමයක් පැහැදිලි කිරීමට (සිදුවන ආකාරය හෝ හේතුව) අප තනා ගන්නා සංකල්පයකි. මෙය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් බවට (නැවත නැවත සිදුවීම එතුලින් ඕනෑම කෙනෙකුට පැහැදිලි කරගත හැකිවිට) පත්වූ සංකල්ප වලට (ප්‍රඤ්ඤාප්ති) අදාල නොවේ. වියුක්ත සංකල්පය අප විශේෂයෙන් හදාරා නැත්නම් එවැන්නක් නොපවතින අතර අප එම සිදුවීම වෙනත් ආකාරයකින් පැහැදිලි කල යුතුය. (උදා ගුරුත්වාකර්ෂණය මගින් ඇපල් වැටීම පැහැදිලි කිරීම). කෙසේ උනත් මට අවශ්‍ය උනේ ඔබගේ උදාහරණය වැරදි බව කීම පමණි. ඔබගේ වැටහීම පිළිබඳව ගැටළුවක් නැහැ (මම ඒ පිළිබඳව සිතුවේද නැහැ ).සමහර කරුණු තේරුම් ගත්ත උනත් වෙනත් කරුණු නිසා තේරුම් ගත් කරුණු පැහැදිලි කරන්න යොදාගන්න උදාහරණය වැරදි. මම ආයෙත් කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ වියුක්ත දැනුමක් නෙවෙයි. එම දැනුම ආර්යන් වහන්සේලාට ප්‍රත්‍යක්ෂ දැනුමක්. බටහිර සංකල්ප කාටවත් ප්‍රත්‍යක්ෂ නැහැ. ඒකයි ඒවා පට්ටපල් බොරු කියල එතුමන් (මහාචාර්‍යතුමා ) කියන්නේ. මෙහි ඔබලා එතුමන්ට අදාලව සාකච්චා කර තිබු බැවින්ද යම් දෙයක් ඉස්මතු කල යුතු උන. ඔහු කියන පරිදි වියුක්ත දැනුම පට්ටපල් බොරු. මමත් එතුමාගේ සියලු ලිපි බලන්නේ නැති උනත් සහ සියලු කරුණු සමග එකඟ නොවුනත් මෙම කරුණ නිසාත් අවසානයේ අනිත්‍ය ,දුක්ඛ , අනාත්ම යනු බොරු සංකල්ප නොවෙයි නිසාත් උදාහරණය වැරදි. එපමණයි.
Delete"අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ වියුක්ත දැනුමක් නෙවෙයි. එම දැනුම ආර්යන් වහන්සේලාට ප්‍රත්‍යක්ෂ දැනුමක්."
Delete--- මේ කතාව පිළිගන්න සිද්ධ වෙනවා. ඒත් අපි අපි කතා කරනකොට අපි තාම රහත් වෙලා නැති නිසා ... ඉතුරු ටික පැහැදිළියිනේ.
Joseph සහ අවිද්‍යාව,
Delete"අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ වියුක්ත දැනුමක් නෙවෙයි. එම දැනුම ආර්යන් වහන්සේලාට ප්‍රත්‍යක්ෂ දැනුමක්."
ඉහත ප්‍රකාශයට විරුද්ධ නොවෙමින්ම
"අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ වියුක්ත දැනුමක් නෙවෙයි. එම දැනුම සමහරුන්ට ප්‍රත්‍යක්ෂ දැනුමක්."
යැයි අයෙක් ප්‍රකාශ කළොත් ?
කණිෂ්ක,
Deleteහ්ම්ම්... ටිකක් මේ ගැන හිතා බැලුවොත් එකඟ වෙන්න සිද්ධ .වෙනවා. හැබැයි ඒත් එක්කම පොඩි ගැටළුවක් මතු වෙනවා.
මමම සමහර තැන් වල කියලා ඇති අනිත්‍යය අවබෝධ කිරීම ගැන. ඇත්තටම මම අද මෙතන ඉන්නේ අනිත්‍යය පිලිබඳ අවබෝධයක් තියෙන නිසා. ඒත් අපිට ඒක ප්‍රත්‍යක්ෂයක් ද? මම හිතන්නේ ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. මෙතැනදී ගැඹුරෙන් හිතුවොත් අවිද්‍යා කාරයා එක්ක එකඟ වෙන්න සිද්ධ වෙනවා. අපි රහත් වෙලා නෑ. ඒ නිසා අපේ අනිත්‍යාවබෝධය (මා ඔබෙන් ලැබූ) ප්‍රත්‍යක්ෂයක් නොවේ.
වැරදිනම් නිවැරදි කරන්න.
"අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ වියුක්ත දැනුමක් නෙවෙයි. එම දැනුම සමහරුන්ට ප්‍රත්‍යක්ෂ දැනුමක්."
Delete"වියුක්ත දැනුමක්" යනු කිසිවෙකුට ප්‍රත්‍යක්ෂ නොවූ දැනුමකි.
උදා:
නටුවෙන් ගිලුහුන ගෙඩියක් බිමට වැටීම.
1) ප්‍රත්‍යක්ෂ දැනුමෙන් නටුව කැඩුන නිසා බිමට වැටේ. බර දේවල් ආදාරකයක් නැතිව ඉහල රදවා තැබිය නොහැකිය.
2) මෙය ගුරුත්ව ආකර්ෂණය නිසා සිදුවන බව.
3) සාපේක්ෂතා වාදයෙන් පැහැදිලි කිරීම.
මෙහි 1) සියල්ලන්ටම පැහැදිලි අතර 2) හා 3) කිසිවෙකු ගොඩනැගු සංකල්පයක් (සැබෑ හේතුව නොදනී) ඇසුරෙන් පැහැදිලි කිරීමකි. මෙම සංකල්ප නිර්මාණයන් පමණක් වන අතර "ගුරුත්වාකර්ෂණය" යනුවෙන් දෙයක් නැත. එය කිසිවෙකුට හෝ ප්‍රත්‍යක්ෂද නොවේ. 1) හි "ඉහල", "බිම", "බර" යනු පංච ඉන්ද්‍රිය ගෝචර දැනුමක් වේ. ගුරුත්වාකර්ෂණය දැනගත් විට "ප්‍රත්‍යක්ෂ" නොවේද ඇසුවහොත් එය නොපවතින නිසා ඉන්ද්‍රිය ගෝචර නොවේ. එය ප්‍රත්‍යක්ෂ වන්නේ උවද ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රත්‍යක්ෂයක් බැවින් වියුක්ත වේ. එයට වෙනත් පැහැදිලි කිරීමක් තිබිය හැකිය. එබැවින් සත්‍යයෙන් තොර "පට්ටපල් බොරු" වේ.
"අනිත්‍ය දුක්ඛ අනාත්ම" යනු පවතින සත්‍ය වේ.මෙයට වෙනත් පැහැදිලිකිරීමක් නැත. ඉන්ද්‍රිය ගෝචරද ඇසුවහොත් පිළිතුර ඔව්. ඇසට පෙනෙන රූපය, අපමෙන් රූපයක් ලෙස ගන්නේ නම් කෙලෙස් ඇතිවීම සිදුවිය යුතුය. අප මෙන්ම විතර්කයෙන් "අනිත්‍ය" දැකීම සහ රහතුන්ගේ "අනිත්‍ය" දැකීමෙහි වෙනස එයම විය යුතුය.(අදහසක් පමණි ) මෙයට තවත් පැහැදිලිකිරීම් කිරීමට මා තරම් නොවේ. "අනිත්‍ය" දර්ශනය ඉන්ද්‍රිය ගෝචර කිරීමෙන්ම සෘදි ප්‍රාතිහාර්ය කල හැක යන්න මගේ අනෙක් තර්කය වේ. එහිදී "පවතිනවා යයි අප සිතන ලෝකය" තමාට අවශ්‍ය පරිදි ඉන්ද්‍රිය ගෝචර (අනිත්‍ය නිසාම ) කරගැනීමක් සිදු වේ යයි සිතේ. රහත් නොවී අප මෙන්ම "අනුමාන" අනිත්‍ය දර්ශනය ලබා කසිණ භාවනා වැඩීමෙන් මෙය කල හැකි බව නිසාම "සෘදි ප්‍රාතිහාර්ය" තහනම් කිරීමක් සිදුවුනා විය යුතුය. එවිට ඔහු "සැබෑ අනිත්‍ය" ඉන්ද්‍රිය ගෝචර නොකර අපමෙන් වෙනත් ලෝකයක් සාදාගැනීම සහ එහි ඇලීම සිදුවේ.