Wednesday, July 31, 2013

මම සියල්ල අත හැරියා !



ගෙදර කවුරුවත් නැති අතරේ බුදුන් වඳින්න ගිය ඇයට බුදු හිමියන්ගේ මුහුණ බලාගෙන සිනහවක් පහල උනා

දැනට දින තුනක් තිස්සේ හේතුවක් හොයා ගන්න බැරි කාරනයකට ඇය ඔහුත් සමග අමනාපයෙන් සිටි වග ඇයට සිහි උනා, ගෙදර ගැටළුවක් ඇති උනෙත් නැහැ, ඒත මොකක්දෝ හේතුවකට ඇය අමනාපයෙන් වග ඇයටම වැටහුනා. ගෙදර වැඩකට උදව්වක් ගන්න ලොකු පුතාට කථා කලාම අම්මට මාවම විතරද පේන්නේ කියල මග ඇරල ගිය එකටත් ඇය තුල අමනාපයක් ගොඩ නැගිලා තිබුනු බව ඇය දැනගෙන හිටියා.

මම මොකටද මේ කිසි දෙයකට බැඳෙන්නේ, මේ ඔක්කොම අත හැරලා දැම්මනම් මොන හිතේ අමාරුවක් වත් නැහැ, මීලඟ ආත්මෙනම් මම පිරිමියෙක් වෙලා ඉපදිලා මහන වෙන එක වෙනවාමයි, ඇය හිත කරදර උනු වෙලාවට හිතන්නේ එහෙමයි. දැන් ඇගේ හිත කියන්නේ ඇය සියල්ල අත හැරීමට සූදානම් කියලයි. බණ පොත් කියවන කොට හිතෙන්නේත් එහෙමයි. දැන නම් තව දුරටත් මේ ජීවිතෙ කිසි දෙයක් මට ඕනා නැහැ. මට හැම දෙයක්ම අත හැරිය හැකියි. ඇය හිතන්නේ එහෙමයි.

ඔහොම ඉන්න අතරේ ගෙදර කවුරුවත් නැති වෙලේ අද තනියම බුදුන් වඳින්න ගියේ. මල් පහන් පූජා කරලා ගාථා කියන්න කලින් නිකමට වගේ බුදු හිමියන්ගේ මුහුණ බලාගෙන හිටියේ. බුදු හාමුදුරුවෝ කිව්වෙත් හැම දෙයක්ම අත හැරීමෙන් සහනය ලැබෙනවා කියලානේ ඇය තනිවම සිතා ගත්තා. එතකොට ඇයි මට තරහා ගියේ? හදිසියේම පැනයක් හිතට නැගුනා. ඇයි මම නොරිස්සීමෙන් හිටියේ? අත හරින්න පුළුවන්නම් අත හැරියම එහෙම වෙන්නෙ කොහොමද? ඇයටම ප්‍රශ්න වැලක්. නැහැ මගේ අත හැරීම එහෙම පුළුවන් කියන මුලාවක් විතරයි නේද! කෝ අත හැරීමක්, මට ඕනේ විදියට පුතා වැඩ නොකරන කොට, සැමියා මොහොතක් කතා නොකර වෙන වැඩක යෙදිලා ඉන්න කොට ඔය හිතන තරමටම අත හැරීමට සූදානම් නම් මට නොරිස්සුමක් එන්නෙ කොහොමද?

අත හරින්න පුළුවන් කියලා හිතුවට ඒක මොන තරම් මුලාවක්ද? අත හැරීම නෙවෙයි මම සැමියට දරුවන්ට මොන තරම් බැඳිලද. බුදු හාමුදුරුවෝ දේශනා කරන අත් හැරීම මොන තරම් දුෂ්කර දෙයක්ද, ඇයටම හිතුනා.

දරුවන් එක්කයි සැමියා එක්කයි මෙතරම් නොරිස්සුමක් හට ගන්නේ මම ඔවුන්ටම බැඳිලා නිසා මිසක් කාගෙවත් වරදකින් නෙවෙයි නේද කියලා ඇයටම හිනා ගියා.

සුපුරුදු පරිදි බුදුන් වැඳීම අවසන් කළ ඇය සැමියත් දරුවනුත් එනතුරු මග බලාගෙන හිටියා.........

2 comments:

  1. 'ඔහු ඇතුලට ඇරුනු සිතැත්තෙක්'

    ...ඒ අතිගරු Joseph උතුමාණන් විසින් මැයි මස 7 දින දහවල් 2:59 ට සිතුවිළි ගැන පල කල අදහසක්.

    දැන් කියන්න...
    එතුමා වැරදිද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ......
      එතුමා වැරදි නෑ.
      (කවුරුත් එහෙම කිව්වද?)
      ---------------
      සිත අභ්‍යන්තරයට විනිවිද ගොස් මෙවැනි ප්‍රබන්ධයක්‌ නිර්මාණය කිරීමනම් අපට කළ නොහැකියි. එබැවින් මේ ප්‍රබන්ධය දෙතිස් කතා වෙත එක් කිරීම වෙනුවෙන් සිතුවිළි වෙත අපේ ප්‍රණාමය.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !