Tuesday, May 7, 2019

ඉස්ලාම් ත්‍රස්තවාදය සහ කතෝලික දේශපාලනය

මේ ලිපිය ලිවීම ඇරඹෙන්නේ ප්‍රහාරයෙන් සතියකට පසුය. එය ආරම්භ කළේ මෙලෙසිනි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ප්‍රශස්ථ අයුරින් තම රාජකාරිය ඉටු කරනු පසුගිය සතිය පුරාම දිස් විණි. ඒ සම්බන්ධව අපගේ හදපිරි උත්තමාචාරය ඒ උතුමන්ට හිමි වේ. එසේම ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්, ත්‍රස්තවාදීන්ගේ අඹුවන්ගේ (බහු වචන !) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, එසේම බේබද්දෙක් පාරේ ටෙලිෆෝන් කණුවක හැප්පුනත් සිංහල බෞද්ධයාට වරද පටවන කුරුඳුවත්තේ මුහන්දිරම්ලාගේ බෑගිරි ගෑම් ද පසුගිය සතිය පුරාම අසන්නට ලැබුණේ නැත. උන්ගේ මුඛ පූට්ටු කිරීම වෙනුවෙන් මරාගෙන මැරුණු මුස්ලිම් සහෝදරවරුන්ට අපගේ විප්ලවීය ආචාරය හිමි වේ.

වඩාත්ම පුදුමය උනුත් එකයි මුණුත් එකයි අපි තමයි සදාචාරාත්මක දේශපාලනේ කරන්නේ රට හදන්න අපට දෙන්න යනාදී නොයෙක් සටන් පාඨ දෙසමින් සියල්ලේ වරද රාජපක්‍ෂ නාමයට ඌනනය කරන්නට වෙර දරන රතු සීනු කාඩරයන්ගේ නිහඬතාවයයි. තමන්ගේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයා අහිංසකයෙකු බව කීම හැර වෙනත් ප්‍රකාශයක් ඒ පක්‍ෂයෙන් අපට ඇසුණේ නැත. නායකතුමා සහෝදරයා තාම රටද ?

දැන් මේ වන විට ඉහත කී සෑම කණ්ඩායමක් ම දුඹුටු ගසා දමා ඇඳවල් යටින් එළියට බැස සිංහල බෞද්ධයාට විරුද්ධ නොයෙක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී නැත. ඒ ගැන කතා කිරීම පසෙක තබා වෙනත් දෙයක් කතා කරමු.



පෙර ලිපියන් අප දැක්වූ අදහස් කිහිපයක් නැවත උපුටා දැක්වීම සුදුසුය සිතමි.
  1. මේ ආණ්ඩුව විසින් ජනතාව විසින් තමන්ට පවරා ඇති මූලික වගකීම වන මහජනතාව ආරක්‍ෂා කිරීමේ වගකීම පැහැර හැර තිබේ. සත්‍යය නම් ඉස්ලාම් ත්‍රස්තවාදීන් සිටින්නේ ආණ්ඩුව ඇතුළේම බවයි.
  2. දැන් උදා වී තිබෙන්නේ බෙදී වෙන් වී එකිනෙකාට ඇඟිලි දික් කළ යුතු හෝරාවක් නොවේ. එක්ව සතුරාට මුහුණ දිය යුතු හෝරාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම මීළඟට පැවැත්වේ යැයි සිතන ජනාධිපතිවරණය ගැන සිතීම පසෙක ලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මේ කාරණය උදෙසා සහය දැක්විය යුතුය.
  3. රනිල් වික්‍රමසිංහ ක්‍රිස්තියානි නුතනත්වයේ නියෝජිතයාය - මහින්ද රාජපක්‍ෂ මේ රටේ මධ්‍යස්ථ කතෝලික දේශපාලනයේ (සිංහල කතෝලික) සංකේතය යි. ඒ සංධානයට ජනාධිපති සිරිසේනත් එකතු වේ නම් අගනේය.

අසමත් ආණ්ඩුව

මේ ආණ්ඩුව අසමත් බව දැන් ප්‍රත්‍යක්ෂයකි, ඒ ගැන කිසි විවාදයක් නැත. මුස්ලිම් ත්‍රස්තවාදීන් සිටින්නේ ආණ්ඩුව ඇතුලේම බවත් බොහෝ දුරට නිගමනය කළ හැක්කේ දැනට ලැබෙමින් පවත්නා සාක්‍ෂි එසේ ඉඟි කරන නිසාය. බටහිර ජනමාධ්‍ය සහ ඒවාට අරක් ගත් දෙමළ ජාතිවාදීන් කෙසේ විවරණ දුන්නත් දෙමළ ත්‍රස්තවාදය දේශජ නිර්මාණයක් නොවේ. එය ඉන්දියාව විසින් ජාතක කර හදාවඩා ආරක්‍ෂා කර පවත්වාගෙන ගිය එකකි. බටහිරයන් ඊට ආවරණය සහ අනුග්‍රහය දුන්හ.

ඒ ලෙසම දැන් පැන නැගී තිබෙන ඉස්ලාම් ත්‍රස්තවාදය ද දේශජ නිමැවුමක් නොවේ. මේ රටේ ආරක්‍ෂක සංවිධාන වල දුර්වලතා (එනම් ආණ්ඩුවට තම මූලික වගකීම අමතක වීම) හේතු කොටගෙන මේ ත්‍රස්තවාදී ප්‍රහාරය අපහසුවකින් තොරව සාක්‍ෂාත් කර ගත හැකි වූ බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රහාරයට ඉලක්ක වීමට හේතුව රාජ්‍යාරක්‍ෂාව දුර්වල වීම ම නොවේ. ලංකාව මුස්ලිම් ග්‍රහණයට හසු වීම වසරකින් දෙකකින් සිදු වූවක් නොවන්නා සේම ඒ ගැන කෙරුණු අනතුරු ඇඟවීම් ද බොහෝ කාලයකට පෙර සිටම සිදු කෙරිණි. පසුගිය සතියේ කෙරුණු ප්‍රහාර එකී වර්ධනයේ එක මංසළකුණක් පමණෙකි.

යට දැක්වෙනුයේ Sinhalayo නම් Yahoo කණ්ඩායම විසින් 2008 අගෝස්තු 7 දින ප්‍රචාරය කෙරුණු ලිපියෙකි. මේ 2018 නොව 2008 අගෝස්තු බව අවධාරණය කළ යුතුය.
> Islam is not a religion, nor is it a cult. In its fullest form, it is a complete, total, 100% system of life.
>
> Islam has religious, legal, political, economic, social, and military components. The religious component is a beard for all of the other components.
>
> Islamization begins when there are sufficient Muslims in a country to agitate for their religious privileges.
>
> When politically correct, tolerant, and culturally diverse societies agree to Muslim demands for their religious privileges, some of the other components tend to creep in as well.
>
>
> Here's how it works.
>
> As long as the Muslim population remains around or under 2% in any given country, they will be for the most part be regarded as a peace-loving minority, and not as a threat to other citizens. This is the case in:
>
> United States -- Muslim 0.6%
> Australia -- Muslim 1.5%
> Canada -- Muslim 1.9%
> China -- Muslim 1.8%
> Italy -- Muslim 1.5%
> Norway -- Muslim 1.8%
>
> At 2% to 5%, they begin to proselytize from other ethnic minorities and disaffected groups, often with major recruiting from the jails and among street gangs. This is happening in:
>
> Denmark -- Muslim 2%
> Germany -- Muslim 3.7%
> United Kingdom -- Muslim 2.7%
> Spain -- Muslim 4%
> Thailand -- Muslim 4.6%
>
>
> From 5% on, they exercise an inordinate influence in proportion to their percentage of the population. For example, they will push for the introduction of halal (clean by Islamic standards) food, thereby securing food preparation jobs for Muslims.
>
>
>
> They will increase pressure on supermarket chains to feature halal on their shelves -- along with threats for failure to comply.
>
>
>
>
> This is occurring in:
> France -- Muslim 8%
> Philippines -- Muslim 5%
> Sweden -- Muslim 5%
> Switzerland -- Muslim 4.3%
> The Netherlands -- Muslim 5.5%
> Trinidad & Tobago -- Muslim 5.8%
>
> At this point, they will work to get the ruling government to allow them to rule themselves (within their ghettos) under Sharia, the Islamic Law. The ultimate goal of Islamists is to establish Sharia law over the entire world.
>
> When Muslims approach 10% of the population, they tend to increase lawlessness as a means of complaint about their conditions. In Paris , we are already seeing car-burnings.
> Any non-Muslim action offends Islam, and results in uprisings and threats, such as in Amsterdam , with opposition to Mohammed cartoons and films about Islam. Such tensions are seen daily, particularly in Muslim sections, in:
>
> Guyana -- Muslim 10%
> India -- Muslim 13.4%
> Israel -- Muslim 16%
> Kenya -- Muslim 10%
> Russia -- Muslim 15%
>
> After reaching 20% , nations can expect hair-trigger rioting, jihad militia formations, sporadic killings, and the burnings of Christian churches and Jewish synagogues, such as in:
> Ethiopia -- Muslim 32.8%
>
> At 40% , nations experience widespread massacres, chronic terror attacks, and ongoing militia warfare, such as in:
>
> Bosnia -- Muslim 40%
> Chad -- Muslim 53.1%
> Lebanon -- Muslim 59.7%
>
>
> From 60% , nations experience unfettered persecution of non-believers of all other religions (including non-conforming Muslims), sporadic ethnic cleansing (genocide), use of Sharia Law as a weapon, and Jizya, the tax placed on infidels, such as in:
> Albania -- Muslim 70%
> Malaysia -- Muslim 60.4%
> Qatar -- Muslim 77.5%
> Sudan -- Muslim 70%
>
> After 80% , expect daily intimidation and violent jihad, some State-run ethnic cleansing, and even some genocide, as these nations drive out the infidels, and move toward 100% Muslim,
> such as has been experienced and in some ways is on-going in:
>
> Bangladesh -- Muslim 83%
> Egypt -- Muslim 90%
> Gaza -- Muslim 98.7%
> Indonesia -- Muslim 86.1%
> Iran -- Muslim 98%
> Iraq -- Muslim 97%
> Jordan -- Muslim 92%
> Morocco -- Muslim 98.7%
> Pakistan -- Muslim 97%
> Palestine -- Muslim 99%
> Syria -- Muslim 90%
> Tajikistan -- Muslim 90%
> Turkey -- Muslim 99.8%
> United Arab Emirates -- Muslim 96%
>
>
> 100% will usher in the peace of 'Dar-es-Salaam' -- the Islamic House of Peace. Here there's supposed to be peace, because everybody is a Muslim, the Madrasses are the only schools,
> and the Koran is the only word, such as in:
>
> Afghanistan -- Muslim 100%
> Saudi Arabia -- Muslim 100%
> Somalia -- Muslim 100%
> Yemen -- Muslim 100%
>
> Unfortunately, peace is never achieved, as in these 100% states the most radical Muslims intimidate and spew hatred, and satisfy their blood lust by killing less radical Muslims, for a variety of reasons.
>
> 'Before I was nine I had learned the basic canon of Arab life. It was me against my brother; me and my brother against our father; my family against my cousins and the clan; the clan against the tribe; the tribe against the world, and all of us against the infidel. --
> Leon Uris, 'The Haj'
>
> It is important to understand that in some countries, with well under 100% Muslim populations, such as France, the minority Muslim populations live in ghettos,within which they are 100% Muslim, and within which they live by Sharia Law. The national police do not even enter these ghettos. There are no national courts nor schools nor non-Muslim religious facilities. In such situations, Muslims do not integrate into the community at large.
> The children attend madrasses. They learn only the Koran. To even associate with an infidel is a crime punishable with death. Therefore, in some areas of certain nations, Muslim Imams and extremists exercise more power than the national average would indicate.
>
> Today's 1.5 billion Muslims make up 22% of the world's population. But their birth rates dwarf the birth rates of Christians, Hindus, Buddists, and Jews, and all other believers. Muslims will exceed 50% of the world's population by the end of this century.
>
> Adapted from Dr. Peter Hammond's book:
> Slavery, Terrorism and Islam:
> The Historical Roots and Contemporary Threat
මෙකී ලිපියේ අන්තර්ගතය සනාථ කිරීමට හෝ අනාථ කිරීමට හෝ සාධක පෞද්ගලිකව අප සතුව නැතත් එවැනි දැනුවත් කිරීම් දශකයකට පෙර සිටත් පැවති බව ස්ථිරවම කිව හැකියි. මීට වඩා දුර ගිය බද්යුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාත් සාලි ආදී වර්තමාන ආණ්ඩුවේත් (එකල මහින්දගේ ආණ්ඩුවේත්) බලවන්තයන්ගේ නම් ගම් සඳහන් සිද්ධි ගැන මෙවැනි කණ්ඩායම් දැනුවත් කිරීම් එකලත් සිදු කෙරිණ - දැනටත් තිබෙණු ඇත. සැබෑ උවමනාවක් ඇතොත් රාජ්‍ය බුද්ධි අංශ වලට ක්‍රියාත්මක වීමට හොඩුවාවල් සපයා ගැනීම පිණිස සමාජ ජාල සහ මෙවැනි කණ්ඩායම් ගොඩ නැගීම් සහ තොරතුරු හුවමාරුව නිරීක්‍ෂණය පමණක් වුව ප්‍රමාණවත්ය.

ඒ දැනුවත් කිරීම් වල තිබෙන කරුණු සත්‍ය නම් ඉහත නම් කී පුද්ගලයින් අද නිදැල්ලේ ඇවිද යාමත් අර්ථකථනය කළ යුත්තේ ආණ්ඩුව විසින් අප, එනම් රටේ මහජනතාව, ස්වකැමැත්තෙන් ත්‍රස්තවාදීන්ට පාවා දීමක් වශයෙන් පමණෙකි. සියල්ල සත්‍ය නොවුණත් එවැනි දැනුවත් කිරීම් සියල්ල අසත්‍ය යැයි බැහැර කිරීම රජයක් විසින් හෝ රාජ්‍ය බුද්ධි අංශයක් විසින් හෝ නොකළ යුතු මන්ද බුද්ධික කමකි.



පසුගිය බෝම්බ පිපිරවීමේ ඊනියා මහමොළකරු සහ ඔහුගේ පවුලේ උදවිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් වශයෙන් සාර්ථක වීමෙන් හා අනෙක් අය අත් අඩංගුවට පත් වීමෙන් මේ ව්‍යසනය අවසන් යැයි සිතීම නුනුවණ කමෙකි. ඉස්ලාම් ත්‍රස්තවාදය ශරීර ස්පර්ශයෙන් වැළඳෙන හෝ පරම්පරාවට යන හෝ රෝගයක් නොවේ. එය වැළඳෙන්නේ පොතෙනි. පොත කියවන ඕනෑම කෙනෙක් ත්‍රස්තවාදියෙක් වීමේ සම්භාවිතාවක් ඇත. ඒ සඳහා අත්අඩංගුවේ සිටින ඉබ්‍රාහිම් නානා ආශ්‍රය කර තිබීම අනිවාර්‍ය සාධකයක් නොවේ. ඔහු ආශ්‍රය කිරීම ප්‍රමාණවත් සාධකයක් ද නොවන බව මෙහි සටහන් කරන්නේ ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන් අතර ද අහිංසකයන් සිටිය හැකි බව මතක් කිරීම පිණිසය.

එබැවින් මේ ත්‍රස්තවාදය අවසන් යැයි කිසිවෙකු විසින් සිතිය යුතු නැත. ඉස්ලාම් ත්‍රස්තවාදය දෙමළ ත්‍රස්තවාදය මෙන් මුලිනුපුටා දැමිය හැක්කක් නොවේ. දෙමළ ත්‍රස්තවාදයේ මුල් බොහෝ තිබුණත් පිරබාහරන් විසින් ඒ මුල් සිඳ දැමිණි, අවසන ඔහු නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමීමෙන් එය අවසන් විය. ඉස්ලාම් ත්‍රස්තවාදයේ මුල මොහොමඩ් නබි සහ ඔහුගේ ග්‍රන්ථ රත්නය යි. ඒ කලපුවෙක ගිල්වා දැමිය හැක්කක් නොවේ. එසේනම් කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ කුමක්දැයි කීම නිකංම හුදියෙක් වන අපේ වගකීමක් නොවේ; කීවත් ගණන් ගන්නේ කවුද. කිසිවෙක් නැත. එසේ හෙයින් කළ යුත්ත ඒ ඒ අයටම පවරා දී ඊළඟ මාතෘකාවට යමු.



ඊට පෙර එක දෙයක් අවධාරණ කරමු. කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තමන් පුපුරවා ගත්තත් ත්‍රස්තවාදී නායකයා එසේ පුපුරුවා ගත්තේ නැත. ඌ මළේ අප හමුදා ප්‍රහාරයෙනි. ඒ සංවිධානයේ දෙවෙනි පෙළ නායකයින්ද එසේමය - නැතිනම් නඩේසන් ගේ බිරිය වස්සලාදෙවී "අනේ මගේ මාතියා සුදු කොඩි තමා අරං ආවා කුබියෙකුට කරදරයක් නෑ පව් අසරණයා මුං මරා ගත්තා... ආඩවනේ !!" කියා ජෙනිවා ගොස් හඬා වැටෙන්නේ නැත. ඔව්, "අපිට සයනයිට් - උන්ට සුදු කොඩි" අරුලානන්දම් අරුන් කියන්නේ ඇත්ත තමා.

එසේනම් දැන් මේ ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ නායකයන් පමණක් මරාගෙන මැරුණා යැයි සිතන්නට යුතුද? කිසි සේත් නැත. මරාගෙන මැරෙන්නෝ එක්කෝ මෝඩයෝය, නැතිනම් අසරණයෝ ය. මෝඩයන් සහ අසරණයන් කිසියම් කණ්ඩායමක නායකත්වයකට පත් වන්නේ නැත. ඒ නිසා තේරුම් ගත යුතු සත්‍යය නම් මෙහි නායකයන් හෙවත් මෙහෙයවන්නන් තවමත් නිරුපද්‍රිතව සිටින බවයි. හමුදා බුද්ධි අංශ මෙහෙයුම් මගින් ඔවුන් තවමත් අත් අඩංගුවට ගෙන නැත්නම් එහි අරුත ආණ්ඩුව විසින් මෙකී ත්‍රස්තවාදයේ නිර්මාතෘවරුන් ආරක්‍ෂා කර පෝෂණය කෙරෙන බව මිස වෙන කුමක්ද ?



ජනාධිපතිවරණය ගැන සිතීම පසෙකලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මේ කාරණය උදෙසා සහය දැක්වීම

මෙය ඉටු වන්නේ නැත. මහින්ද පිළ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිටින බව පැහැදිළිය. ගෝඨාභය තම ඇමරිකානු එක්සත් රාජ්‍ය පුරවැසිභාවය අහෝසි කර ගැනීම එහි පෙරනිමිත්තකි. අනෙක් අතින්, අගමැති වික්‍රමසිංහ තමාට ද එවැනි උවමනාවක් නැති බව මේ වන විට ප්‍රකට කර ඇත.

ඔහුගේ උද්දච්ඡ පාර්ලිමේන්තු කතාව ඒ බව කියා පායි. දේවස්ථාන වල මිය ගිය කතෝලිකයින්ගේ මරණ ඔහුට විහිළුවකි. ඔහුට දැනෙන්නට ලංකා සභාව නමින් පෙනී සිටින ඇන්ග්ලිකන් පල්ලියකම බෝම්බ පිපිරවිය යුතුද? ඊළඟට ඔහු විදෙස් මාධ්‍ය වලට දුන් සම්මුඛ සාකච්ඡා සළකතොත් අප පළමුව පෙන්වා දුන් කාරණය වෙත නැවත යාමට සිදු වේ.

ඉස්ලාම් ත්‍රස්තවාදීන් ගැන දැන සිටි මුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ලංකාවේ නීති නැතැයි ඔහු කියයි. මෙය වැටෙන්නේ බොරුවක්ය යන වර්ගීකරණය යටතට නොවේ. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට මේ රටේ නීති ප්‍රමාණවත්ය. නුමුත් වික්‍රමසිංහ 2015 "වෙනස"ට පෙර ස්වකිය බටහිර ස්වාමින්ට දුන් පොරොන්දු මාලාවක් තිබේ. ඊනියා "ප්‍රති ත්‍රස්ත" පනත (හෝ වෙනත් පනතක්) ගෙනැවිත් ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරවීම මේ පොරොන්දු මාලාවේ එකක් පමණකි. එක විදෙස් නාළිකාවකට ලංකාවේ නීති නැතැයි ප්‍රකාශ කර සිංහලයින්ට දැනෙන්නටත් පෙර මේ කියන ප්‍රති ත්‍රස්ත පනත වහා සම්මත කළ යුතු බව තවත් නාළිකාවකට ප්‍රකාශ කිරීමයි. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ නිවැරදිව කී ලෙස මේ නව පණත ත්‍රස්තවාදීන්ට අංග සම්පූර්ණ සහන පැකේජයකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් 28 වන දා කළ විශේෂ ප්‍රකාශය

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පසුව කාදිනල්තුමන් පැවැත්වූ දේව මෙහෙයටත් එමෙන්ම කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙයටත් මා සහභාගී වුණා. මේ සතිය ඇතුළත අදාළ ප්‍රහාරය පිළිබඳ කරුණු ගණනාවක් සොයාගෙන ඒ ප්‍රහාරයට සහභාගිවූ බොහෝ දෙනෙක් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජිහාඩ් ත්‍රස්තවාදීන් කරගෙන යන මේ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් වහාම හඳුනාගෙන එම සියලූදෙනා නීතිය හමුවට ඉදිරිපත් කොට මෙය වහාම අවසන් කළ යුතුව තිබෙනවා. අප ඒ සඳහා නියෝග නිකුත් කර තිබෙනවා. සමස්ත ආණ්ඩුවම එම නියෝගය ලබාදී තිබෙනවා. ජනපති, මා සහ කැබිනට් මණ්ඩලය එම නියෝගය ලබාදී තිබෙනවා. තවත් වසර 30 ක යුද්ධයක් කරන්නට අප කිසිලෙසකින්වත් බලාපොරොත්තු වන්නේ නැහැ.

මෙම ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය ඉරිදා දහවල් කාලයේදීයි. අදාළ සිද්ධිය වී පැය කිහිපයක් ඇතුළත දෙමටගොඩදී ඊට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එහිදී නිර්භීත නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිතය අහිමි වුණා. ඊට අමතරව ආරක්‍ෂක අංශයේ එක් ජීවිතයක්වත් මෙම මෙහෙයුම්වලදී අහිමිවී නොමැති බව කිව යුතුයි.

පසුගිය සිකුරාදාත්, සෙනසුරාදාත් සමන්තුරේ, නින්දවූර්, අඩ්ඩාලච්චේනෙයි, සයින්දමරුදු ප්‍රදේශවල නිවාස කිහිපයකින් ජිහාඩ් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආයුධ අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙය කරන්නට හැකි වුණේ ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ලබාදුන් ඔත්තු සහ කරුණු දැක්වීම් නිසයි. බෝම්බ සැදීම සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහ තවත් උපකරණ ගණනාවක් මේ නිවාසවලින් සොයාගැනීමට හැකියාව ලැබුණා. එක් නිවාසයක සැගවී සිටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ දරුවන් දිවිනසා ගත්තා. ඒ මෙහෙයුමේදී පහලොස් දෙනෙක් මරුමුවට පත්වූ බව අප දැනටමත් දන්නවා. තවත් කණ්ඩායමක් තුවාල ලබා රෝහල් ගතව සිටිනවා. දැන් ඒ අයත් හඳුනාගැනීමේ වැඩ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා.

වනාතවිල්ලූවේ කරන ලද සෝදිසි කිරීමේදී හමුවූ ආයුධ අතර ටී 56 ගිනිඅවියක් ද තිබෙනවා. ගම්පොළදී ඉතා වැදගත් සොයාගැනීමක් සිදු කර තිබුණා. දැන් අදාල සැකකරුවන් රාශියක් හඳුනාගෙන තිබෙනවා. මේ සඳහා සහභාගී වූ අදාල අංශවලට ස්තඣතිය පළ කළ යුතුව තිබෙනවා.

අපගේ බුද්ධිඅංශ හතක් තිබෙනවා. ඔවුන් පසුගිය වසර තුන හතර තුළ විදේශ බුද්ධි සේවා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කර ගෙන වැඩකටයුතු කරගෙන යනවා. මේ කාලයේදී මීට පෙර නොතිබූ සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඊට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධි පරීක්‍ෂා කරගෙන ගොස් පසුගිය සතියේදී සැකකරුවන් බොහෝ දෙනෙක් හඳුනාගත්තා. අප අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ශක්තිමත් කර තිබෙනවා. ඊට අමතරව පොලිසියත්, ත්‍රිවිධ හමුදාවත් ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකර තිබෙනවා. මේ සියලූ පාර්ශ්ව සඳහා රටේ ස්තඣතිය හිමිවිය යුතුයි.

මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ හොදින් සංවිධානය වූ කුඩා පිරිසක් බව කිව යුතුයි. ඒ අය සාමාන්‍ය මුස්ලිම් ජනතාව නොවෙයි. නොමඟ ගිය අන්තවාදී අදහස් ඇති පිරිසක් බව අවධාරණය කළ යුතුයි. මඩකලපුව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට මොවුන් මේ අපරාධ ක්‍රියා ආරම්භ කළා. පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා ඔවුන් එම අපරාධය කළා. ඊට පසුව මාවනැල්ලේ බුදුපිළිම කඩා දමා කබීර් හෂීම් ඇමැතිතුමාගේ මුස්ලිම් ලේකම්වරයාට වෙඩි තැබුවා. වනාතවිල්ලූවේ ඔවුන්ගේ පුහුණු කඳවුරක් තිබුණා. මෙම කඩාකප්පල් කිරීම්, විනාශ කිරීම් ආරම්භ කළේ ඉන්පසුවයි. මෙම ක්‍රියාවන්ට විරුද්ධව අප දැන් කටයුතු කරගෙන යනවා.

මෙරට විවිධ අධ්‍යාපන ආයතනවල නියමිත රැකියා වීසා නොමැතිව සේවය කරන ගුරුවරුන් සිටින බව වාර්තා වී තියෙනවා. ඒ සියලූ දෙනාටම රටින් පිටකිරීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයත්, ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් ක්‍රියා කරනවා. ඒ සමගම මුස්ලිම් ප්‍රජාව සමඟ අදාළ අමාත්‍යංශය සාකච්ඡා කොට විවිධ නීති සහ ගත යුතු පියවර පිළිබඳව තීරණය කොට රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුස්ලිම් ජනතාව දෙන සහයෝගය අගය කළ යුතුයි. ඔවුනට කිසිඳු හිරිහැරයක් නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලූම දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ජිහාඩ් ත්‍රස්තවාදය නැති කිරීම සඳහා ක්‍රියා කරනවා. ස්වදේශ කටයුතු ඇමැතිතුමාත්, රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිතුමාත් දෙදෙනාම එකතු වී මෙරට දේශසීමාව තුළ ඇතුළුවීම, පිටවීම, බඩු භාණ්ඩ ගෙන ඒම ආදිය අප අනුමත කර ඇති සැලැස්ම අනුව ක්‍රියාත්මක කරනවා. ඊට සම්බන්ධ සියලූම දෙපාර්තමේන්තු ද ඊට එක්වී සිටිනවා. ඉන්ටර්පෝල් සමඟ එක්ව තොරතුරු හුවමාරු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැනට එහි ප්‍රගතිය ගැන වාර්තා ලබාගෙන තිබෙනවා. ඉතිරි ප්‍රගති සමාලෝචන වැඩකටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අදාළ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීම සඳහා දැනට හදිසි නීති ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවෙන් පිට සිදුවෙන ත්‍රස්තවාදී ක්‍රියාවලට, වෙනත් රටවල ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ වන ලාංකිකයන් පිළිබඳ ක්‍රියාකරන වගන්ති අපේ නීතියේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහය සීමාවී තිබෙන්නේ ලංකාවේ කරන අපරාධවලට පමණයි. 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සීමාවී ඇත්තේ ලංකාවේ කරන ත්‍රස්තවාදී ක්‍රියාවලට පමණයි. දකුණු ඉන්දියාවේ කඳවුරුවල සිටින අයත් පසුව එම නීතියට ඇතුළත් කර ගෙන තිබෙනවා. එහි දෙවන, තුන්වන වගන්තිවල ඉතා පැහැදිලිව ඒ කරුණ සඳහන්වී තිබෙනවා.

1974 වසරේ එංගලන්ත නීතිය අනුව මෙහිදී අප ක්‍රියා කර තිබෙනවා. එදා එම නීතියත් ක්‍රියාත්මක වුණේ උතුරු අයර්ලන්තයේ ත්‍රස්තවාදයට පමණයි.

මේ හිඩැස පිරවීම සඳහා අප ප්‍රති ත්‍රස්තවාදී පණත් කෙටුම්පතට කරුණු ඇතුළත් කර තිබෙනවා. ප්‍රති ත්‍රස්තවාදී කෙටුම්පතේ තුන්වන වගන්තියේ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ජන කණ්ඩායමකට තර්ජනය කරනවා නම්, ලංකාවේ හෝ විදේශ ආණ්ඩුවකට නීති විරෝධීව බලපෑම් ඇති කරනවා නම්, එම ආණ්ඩු ක්‍රියා කිරීම නතර කරනවා නම්, ඕනෑම රටක භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් කරනවා නම් ඔවුන් ලංකාවේ අපරාධයක් කරන බව එහි සඳහන් වනවා.

මෙම ලංකාවේ සිදුවූ සිද්ධියට අදාළ සැකකරුවන් මේ අපරාධ කිරීමට පෙර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ මේ නව නීති සම්මත කර ගැනීමට නොහැකි වූ නිසයි. මෙම කෙටුම්පත 2018 වසරේදී අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ අදාළ කොමිටියේ සිරවී තිබෙනවා. මේ කොමිටියේ සිට "පොල් ගාන්නේ නැතිව" වහාම වුවමනා සංශෝධන කරන්න මම අවධාරණය කර සිටිනවා. මෙය ප්‍රමාද කිරීම තුළින් අපට මෙම ත්‍රස්තවාදීන් නීතිය යටතට ගැනීමට ඇති අවස්ථාව නැති වී ගියා. දැන්වත් අප ඒ වැඩකටයුත්ත වහාම කළ යුතුයි.


එමෙන්ම අප නව නීති ගණනාවක් ගෙන ඒමට කටයුතු කරනවා. මෙම ජිහාඩ් ත්‍රස්තවාදය වහාම නැති කර දැමිය යුතුයි. මෙම ත්‍රස්තවාදයෙන් ක්‍රිස්තියානි ආගමට පමණක් නොව අපගේ සංස්කෘතිය අනුව මුස්ලිම් ආගම අදහන අයටත් ප්‍රශ්න ඇති වුණා. බුදුන් වහන්සේගේ ප්‍රතිමා කඩන්නට පටන් ගත්තා. හින්දු කෝවිල්වලට ප්‍රශ්න ඇති වුණා.

මොවුන් අන්තවාදී කොටසක් බව පැහැදිලිව කිව යුතුයි. ඔවුන් කිසිම ආගමකට අයත් කොටසක් නොවෙයි. එසේ නම් මෙම අන්තවාදය ඉවත් කොට මෙවැනි දර්ශනයක් පැතිරීම වැළැක්වීම සඳහා අප ක්‍රියා කරනවා. දැන් බොහෝදුරට මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිසක් මියගොස් සිටිනවා. දැන් අපට සාමාන්‍ය තත්ත්වයකට එළඹිමට හැකියාව තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවට ඒ පිළිබඳව දන්වාවි. එසේ නම් අප සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීමට සහය වෙමු.


මූලාශ්‍රය: දෙරණ
රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බටහිර ස්වාමින් මේ සැරසෙන්නේ බොර දියේ මාළු බෑමට මිස වෙන කිසිවකට නොවේ. ලෝකයේ හොඳම ඔත්තු සේවාව ලෙස සැළකෙන CIA එකේ අයිතිකාරයන් වන එක්සත් ජනපද රාජ්‍යය හෙවත් ඇමරිකානු ඔරුමිත්තනාඩුව මේ ප්‍රහාර ගැන කල්තබා දැන නොසිටි බවට කෙරෙන තානාපති ප්‍රකාශ පිළිගත යුතු නැත. එමතුද නොව මේ ප්‍රහාර පිටුපස ද ඔවුන් සිටිනු විය හැකි බව කෙනෙක් උපකල්පණය කරතොත් ඊට සකාරණව විරුද්ධ විය හැක්කෙක් නැත.

රනිල් වික්‍රමසිංහගේ දාසයා වන අයර්ලන්තයේ පදිංචි කරුවෙක් වන අනුර කුමාර විසින් "ඡන්දයක් ඉල්ලන්නේ ම්ලේච්ඡයෝ" යැයි බෙරිහන් දෙන්නේ නිකංම නොවේ. රනිල් විසින් තමන් ලවා ඉදිරිපත් කළ 20 වන සංශෝධනය මෙතැනින් ඉදිරියට ගෙන යා නොහැකි තත්වයක් යටතේ මැතිවරණයකින් තොරව තම ස්වාමියා බලයේ තබා ගැනීමට කළ හැකි සියල්ල කිරීම ඔහුගෙන් බලාපොරොත්තු විය යුතුය. ඡන්දය දුන් අයට වෙඩි තැබූ ඉතිහාසයක් ඇති පක්‍ෂයක් විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැකේ යැයි බලාපොරොත්තු විය හැකිනම් කුකුළන් රැකීම නරින්ට බාර දුන්නත් කමක් නෑ තමා.

ඔක්තෝබර 26 අසාර්ථක විප්ලවයෙන් පසු විදෙස් බලවේග ඉතාම ශක්තිමත් තත්වයක මේ වන විට සිටී. ජනාධිපති සිරිසේන 2015 දක්වා තමන් විසින් ජීවිත කාලයක් පුරා කළ දේශපාලනයත් 2020 න් පසු ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ බලලෝභී උවමනාවත් අතර දෝලනය වෙමින් සිටී. එදා ඔහු වටා භ්‍රමණය වෙමින් සිටි කිසි ග්‍රහයෙක් අද ඔහු වටා නැත. 19 වන සංශෝධනය ගෙන ඒමට ශ්‍රී.ලං. නිදහස් පක්‍ෂයේ සහය බලහත්කාරයෙන් ලබා දුන් පාපය ඔහු පසුපස දිගටම එමින් පවතියි. මේ කොඩිවිනය කපා දැමීමට ජනමත විචාරණයක් කැඳවීම මිස මේ වලෙන් ගොඩ ඒමට වෙන මගක් නැත.



රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ස්වාමින්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට සහය දී ඊනියා ප්‍රති ත්‍රස්ත පනත සහ වෙනත් පනත් ගෙන ඒමට ඉඩ දී නිකං බලා සිටියොත් ගෝඨාභය මහතා මොන පිටපොට ගැසුවත් ඔහුගේ ජනාධිපති සිහිනය ඉටු වීම පිණිස ජනාධිපතිවරණයක් ඒ ද නේ ද කියා ඇමරිකානු තානාපතිගෙන් ම ඇසිය යුතු තත්වයකි ඇත්තේ.



මහින්ද රාජපක්‍ෂ සහ මධ්‍යස්ථ කතෝලික දේශපාලනය

පසුගිය දින කිහිපය තුල මැල්කම් කාදිනල් රංජිත් කොළොඹ අගරදගුරු තැන ජනප්‍රියතාවයේ හිණි පෙත්තට නැගිණි. දුෂ්කර අවස්ථාවක ඔහුගේ ක්‍රියාමාර්ග තේරීම ප්‍රතිවාදීන්ගේ පවා ප්‍රසංශාවට ලක් විය. අද පවතින තත්වය යටතේ හදිසි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර එතුමා ඊට ඉදිරිපත් වුවහොත් ගෝඨාභය රාජපක්‍ෂට වඩා ඡන්ද ගැනීමට ද ඉඩක් නැතුවා නොවේ.

නමුත් එතුමා එවැන්නක් කරන්නේ නැත. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ කතෝලිකයන්ට අත් වී තිබෙන ඉරණම ගැන එතුමන් සිටින්නේ සතුටින් නොවේ. දේශපාලනඥයා පසුපස යන බෞද්ධ පූජ්‍ය පක්‍ෂය මෙන් නොව කතෝලික දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනයා කෙරේ කාදිනල් තුමාගේ බලපෑමක් තිබේ.

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බටහිර ක්‍රිස්තියානි ස්වාමින්ගේ ක්‍රියා මාර්ග ඉදිරියේ අද බෞද්ධයාට ඇති ප්‍රබල ශක්තියත් මල්වතු අස්ගිරි මහානායක තැන් නොව කාදිනල් තුමාමය (අස්ගිරි මහානායක කියන දේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව බද්යූර්දීන් ගේ පඩයක් තරම්වත් ගණන් ගන්නේ නැති අතර මල්වත්තේ මහානායක තැනට රටට වඩා UNP එක ලොකුය). එසේ හෙයින් ලක්දිව කතෝලිකයන්ගේ දේශපාලන නායකයා වන මහින්ද රාජපක්‍ෂ වහ වහා කළ යුතුව ඇත්තේ කාදිනල් තුමා හරහාවත් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට බලපෑම් කර ඊනියා ප්‍රතිත්‍රස්ත පනත වළක්වා ගැනීමයි. එසේ නැතිව "මේක ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් අපේ හාමුදුරුවනේ !" කියා අදෝනා නැගීමෙන් පලක් නැත.


4 comments:

  1. "මෙරට ඇති ප්‍රධාන ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම. ඒ අහිමි කරන්නන් නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන හරහාත් ක්‍රියාත්මක වෙනවා. දෙමළ ජාතිවාදය ඇතිකෙරුණේ ඉංගිරිසින් විසින් 1833 දී. ඒත් සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට.

    සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන ඊනියා සංහිඳියාව වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන පිළිගනිමින් අනෙක් සංස්කෘතීන් ද පවතින සහජීවනය අවශ්‍ය වෙලා තියෙනවා. මා හිතන්නේ පාස්කු ප්‍රහාරයෙන් බටහිරයන් බලාපොරොත්තු වුණු දෙය වෙනුවට ඒ සහජීවනය ඇති කර ගැනීමට මගක් පෑදී තිබෙනවා. හාමුදුරවරුන් පල්ලි අතුගෑම එහි සංකේතයක්. ඒ කතෝලික පල්ලිවලට පමණක් නොවෙයි මුස්ලිම් පල්ලිවලටත් හින්දු කෝවිල්වලටත් ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ කියන්නෙ මෙරට මුස්ලිම් අන්තවාදය මුලිනුපුටා නොදාන්න කියන එක නො වෙයි."


    උපුටා ගැනීම: කාලය.org
    http://www1.kalaya.org/2019/05/blog-post_9.html#more

    ReplyDelete
  2. මේ ගැන දෙඩීමට අප දන්නවා මදි ය. ඔබ කියන අයුරින් ඇමරිකානු තානාපතිනිය නම් දන්නවා වන්නට පුළුවන. දෙවියන් වහන්සේගේ දෙවන පෙළේ නියෝජිතයෙක් වන කාදිනල් තුමාද ඈ දන්නා තරම් මේ ගැන දන්නේ නැති බව විශ්වාසය.

    කාදිනල් තුමා දන්නා දේ කියා සිටී, තානාපතිනිය දන්නේ නෑ යි කියා සිටී. ඉඳින් හුදියන් වන අප ගැන කවර කතා ද? අප මේ ගැන කතා කළ යුතු නැත.

    මට දැනෙන පරිදි:
    * මේ ප්‍රහාර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුකූලව බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක් සහභාගී කරගෙන දීර්ඝ කාලයක් තුල සැළසුම් කෙරී සවුදි අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කෙරුණකි.
    * මේ ගැන ශ්‍රී ලංකා රජය දැන සිටියේ නැත (රනිල් වික්‍රමසිංහ නොදැන සිටි බවක් මින් ගම්‍ය නොවේ).
    * මුස්ලිම් පල්ලි වල කැපෙන ආයුධ එක් රැස් කර තිබුණේ තණකොළ කපන්නට නොවේ. ලංකාවේ මුස්ලිම් පල්ලි ආශ්‍රිතව රට ඉඳි ගස් මිස කිතුල් ගස් නැත. ඔවුන් පැතිරී ගිය මැර-ප්‍රහාර මාලාවක් බලාපොරොත්තුවෙන් සිටි බවයි ඉන් කියැවෙන්නේ.
    * සිංහලයාගේ ඉවසීම (ඔව් අමාරුවෙන් සතියක් ඉවසාගෙන සිටීම) නිසා වසර ගණනක් සැළසුම් කර ඩොලර් මිලියන ගණනක් වියදම් කර ටක්කෙටම නිල බලා ක්‍රියාත්මක කළ සැළසුමක් ව්‍යර්ථ විය.
    * දැන් ඉතුරු ටිකත් බලා සිටීම මිස වෙන විකල්පයක් සාමාන්‍ය ජනතාව වශයෙන් අපට නැත. මේ බලා සිටීමේදී රනිල් වික්‍රමසිංහගේ යටිකූට්ටු ක්‍රියා සහ ඇමරිකානු තානාපති ගේ කියුම් කෙරුම් ගැන විශේෂ අවධානයකින් සිටිය යුතුය.
    * මුදල් ඇමති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට බැරිනම් රිය අනතුරකට හෝ ලක් වීම මැනවි. පල්ලි වල අහිංසකව යාතිකා කරමින් සිටි අසරණ සාමාන්‍ය ජනතාව කුඩු පට්ටම් වී යද්දී මේ රටේ ආරක්‍ෂක අංශ බිඳ වැට්ටවීම පිණිස ඔහු තරම් කටයුතු කළ කෙනෙක් නැත. එහෙත් ආරක්‍ෂක ලේකම් / පොලිස්පති මරාගෙන කෑමට සැරසෙන මේ රටේ මේ පර බල්ලාට හෙණ ඉල්ලන කෙනෙක් නැත.

    ReplyDelete
    Replies
    1. "මේ රට සිංහලයාට අයිති රටක් නොවෙයි" යනුවෙන් සිංහලයන් කුපිත කරන ප්‍රකාශයක් කළේ ඔය "පර බල්ලා" නාමධාරී මුදල් ඇමති ය. ඔහුගේ කතාව ඇත්ත උනත් එය කීවේ නොකිව යුතු අවස්ථාවක ය. දැන් හලාවත සහ කුලියාපිටියේ ආශ්‍රිත ප්‍රදේශ වල සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගෙන් සිදු වූ හානියේ කිසියම් ප්‍රමාණයක් ඔහුටත් බැර වේ. ඔහු සමග එකට ඈඳිය යුතු "පර බැල්ලී" කොළොඹ නගරාධිපතිනියයි. ඇගේ සොයා ගැනීම "සිංහල ත්‍රස්තවාදය" නමි.

      මේ සියළු පර බල්ලන් බැල්ලියන් ඔටාරා මැතිණියගේ පුණ්‍යායතනයට බාර දීම මෙරට ඡන්ද දායකයන්ගේ වගකීමයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !