Thursday, January 17, 2019

දෙමළ ජනතාවගේ ආරක්ෂකයා

2018 වර්ෂය අවසන් වී 2019 එළැඹිණි. ජනාධිපති සිරිසේනගේ පදවිප්‍රාප්තියේ සිව් වන සංවත්සරය පසු විය. මේ ඔහුගේ පළමු ධුර කාලයේ අවසන් වසරයි. ඔහුට තව ධුර කාලයක් ලැබේදැයි අප තබා සිරිසේන තබා සිරිසේනගේ ස්වාමින්වත් දන්නේ දැයි සැක සහිතය.

19 වන සංශෝධණය නම් කෛරාටික උපක්‍රමය හරහා බලය කොල්ල කා ගත් වික්‍රමසිංහ දැන් නමට අගමැති කම් කරයි. නමුත් රටේ සැබෑ අගමැති දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ඒබ්‍රහම් සුමන්තිරම්ය. සුමන්තිරම් විසින් විධායකය (ජනාධිපති සහ කැබිනට් මංඩලය) යම් තරමකට හිලෑ කරගෙන ඇත්තේ වික්‍රමසිංහට දමාගෙන ඇති නාස් ලණුවේ උදව්වෙනි. එය ලබා ගැනීම පිණිස තම ග්‍රහණයේ පැවති ව්‍යවස්ථාදායකයේ පාලනය යම් තරමකින් ළිහිල් කර හැරීමට ඔහුට සිදු විය. මහින්ද රාජපක්‍ෂ නමට විපක්‍ෂ නායක වුවත් 19 වන සංශෝධනය විසින් ඇති කෙරුණ ව්‍යවස්ථා සභාවේ සංයුතිය තවම වෙනස් වී නැත. එය තවම පවත්නේ සුමන්තිරම්ගේ ග්‍රහණයේ ය. අධිකරණයේ මතය සහ සුමන්තිරම්ගේ අභිමතය සුමට ලෙස සමපාත වීම අප දුටුවේ හිටපු දූෂිත අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ සිද්ධියටත් පෙර සිටය. දැන් ලංකාවේ ඔටුණු නොපළන් රජු සුමන්තිරන්ය.

මේ වර්ෂයේ ජාතික දිනය උදා වීමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ඔහු විසින් කෙරෙන ප්‍රකාශ සුළු කොට නොතැකිය යුත්තේ මේ පසුබිම තුල සිටය. සුමන්තිරම්ගේ බලය කොතෙක් ද යත් සංඝ රුවනට වන්දනා කිරීම තබා ගරු සරු දී කතා කිරීමවත් නොදත් නමට අගමැති වික්‍රමසිංහ තෙමේ දැන් පන්සලක් පන්සලක් ගානේ බඩගායි - ගස් බදා වැළඳ ගනී - ඔලුව බිම ගහ ගනී. මේ සියල්ල කුමටද? සුමන්තිරන් ගේ අභිප්‍රාය ඉටු කිරීම පිණිස බෞද්ධයා රැවටීමටයි.



පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ ඊනියා ව්‍යවස්ථා සම්පාදක මංඩලය වෙත වාර්තාවක් යැයි කියැවෙන ලියැවිල්ලක් ඉදිරිපත් කෙරෙන ලදී. එය නව ව්‍යවස්ථාව තබා කෙටුම්පතක්වත් නොවන බව සුමන්තිරන්ගේ නාස් ලණුවෙන් ගැට ගැසී සිටින ගොනා වන වික්‍රමසිංහ පොළොවේ පස් කමින් දස අතේ සපත කළත් සිංහල පිටපතේ පුර්විකාවේ සඳහන් වන්නේ එය නව ව්‍යවස්ථාව බවයි.

එසේ හෙයින් සුමන්තිරන්ගේ ගොනා මොනා කීවත් ඒබ්‍රහම් සුමන්තිරන් රජතුමා විශ්වාස කරන අදහන භය පක්‍ෂපාත රට වැසියන් වන අපි ඉහත කී ලියැවිල්ල යම් යම් සංශෝධන සහිතව සම්මත වීමට නියමිත නව ව්‍යවස්ථාව බව සිතට ගෙන මනා සිහියෙන් යුතුව කියැවිය යුතුයි - අවබෝධ කොට ගත යුතුයි - එය රටට පොදුවේත් සිංහලයාට වෙසෙසින්මත් අහිතකර අනිටු විපාක දෙන ලියැවිල්ලක් බව පසක් කරගෙන එය පාර්ලිමේන්තුවට (පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවට නොව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වුණ ඊනියා ව්‍යවස්ථා සම්පාදක මංඩලයටයි - ඊනියා යැයි සඳහන් කෙරෙන්නේ එවැනි මංඩලයක් සැදීම සහ පවත්වාගෙන යාම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති සුමන්තිරන්ගේ/ වික්‍රමසිංහගේ හිතළු මත පමණක් කෙරෙණ කටයුත්තක් හෙයිණි.) ඉදිරිපත් කිරීම වැළක්වීමටත්, ඉදිරිපත් කෙරුණොත් සම්මත නොකිරීමටත්, යම් හෙයකින් ඊනියා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ එය විවාදයට ගෙන ඡන්ද විමසීමකට ගියහොත් එය කඩාකප්පල් කිරීමටත් සංවිධානාත්මකවත් වෙන් වෙන්වත් කටයුතු කළ යුතුයි. රට වර්තමානයේ පත් වී ඇති අසරණ තත්වය සහ සිංහලයා දේශපාලන වශයෙන් දුර්වල වී ඇති මට්ටම අනුව මෙය කිරීම පහසු නොවන බැවින් බෝධි පූජා කර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතා ආරක්‍ෂාව පැතිය යුතුය, දේව කන්නලව් කර පොල් ගසා මේ ගෙනෙන්නට සැරසෙන ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව තුලදී ත් ඉන් පිටතදී ත් පක්‍ෂ වන්නන් පවුල් පිටින් හැඳි ගෑවී ඇඹරී තොලොංචි වී යන ලෙසට පලි ගැසිය යුතුය. බෙලි කටු, වාලම්පුරි, පෙඟ්ශුයි, විශ්වශක්ති, පාරමිතා බල, අලි මන්තර ආදී මෙකී නොකී සියළු බල එකතැන් කර කේන්ද්‍රගත කර නව ව්‍යවස්ථාව නම් අතිප්‍රබල කොඩිවිනය කපා දැමීමට වෙර දැරිය යුතුය.

1818 නිදහස් අරගලය මැඩ පැවැත්වූ ඉංගිරිසින් ඊළඟට කළේ සිංහලයාගේ ඉඩම් උදුරාගෙන ඒවා කල්ලතෝනින් අත පත් කර සිංහලයා චිරාත් කාලයක් තිස්සේ ගොවිතැන් කරගෙන වාවාගෙන කෑ ස්වකිය නිජ බිමේම බිම් අඟලක් හිමි නැති අසරණයෙක් බවට පත් කිරීමයි. 2018 විප්ලවය පරාජය කළ ඉංගිරිසින් (ඔව් සුමන්තිරන් පසුපස සිටින්නේ ඔවුන් තමා) වර්තමාන සිංහලයාට කරන්නට යන්නේත් එයම තමා.

මේ ව්‍යවස්ථාව සම්මත වුවහොත් සිංහලයාට
  • ඒකීය රාජ්‍යය නැති වේ. ඒ වෙනුවට ලැබෙනු ඇත්තේ "මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු" වකි.

    කෙටියෙන්ම කියතොත් මේ කුණුහරුපයකි. උපමාවක් දෙතොත් මේ වනාහි තෙසක රියක පිටුපස ගසා ඇති 4WD ස්ටිකරයක් වැන්නකි. ස්ටිකරයක් ගැසූ පමණින් සක තුනක් පමණක් ඇති රිය 4WD නොවන්නේ යම් සේ ද "ඒකීය" යන වචනය වාක්‍යයක ඇතුලත් කළ පමණින් ඒ වාක්‍යයේ තේරුම ඒකීය රාජ්‍යයක් ගැන විවරණය කරන්නක් බවට පත් වන්නේ ද නොවේ. සුමන්තිරන් සිතා සිටින්නේ සිංහලයන් සිංහලවත් නොදන්නා මෝඩයන් බවද ? මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ රාජ්‍යයක් ඔරුමිත්තනාඩුවක් වන්නේ වුවත් එය ඒකීය රාජ්‍යයක් නම් නොවේ. සිංහලයින් වත්ත බද්දට දී ඇස්සට දත නියව නීයවා සිටීමට සූදානම් ද?
මේ ගෙනෙන්නට සැරසෙන (වික්‍රමසිංහට අනුව ගෙනෙන්නට සැරසෙන්නේ නැති) ව්‍යවස්ථාවට විරුද්ධ වීමට සිංහලයන්ට ඉහත හේතුවම පමණක් ප්‍රමාණවත් ය. එසේ වුවත් ඒ සඳහා තව හේතු බොහෝ ගණනක් පූර්විකාව තුල පමණක් අන්තර්ගය. සරළව කියතොත් සම්පූර්ණ පූර්විකාව ම කෙබරයකි.

වර්තමාන පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ජනවරමක් නැත. ඒ සඳහා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. එසේ පිහිටැවුණු ඊනියා මණ්ඩලයකින් පත් කෙරුණු ඊනියා විද්වත් කමිටුවේ සිංහල විරෝධීන්ගේ මත සමබර කිරීම පිණිස සිංහල ජනමතය නියෝජනය කිරීමට එක විද්වතෙක් වත් නැත. ඒ මණ්ඩලයේ සමහරු මේ ඊනියා වාර්තාව සැකසෙන වකවානුවේ රටෙත් නොසිටි බව ද සැළයි. මෙකී ලියැවිල්ල ජයම්පති වික්‍රමරත්නගේ සහ සුමන්තිරන්ගේ හවුල් පෙම් කතාව බවත් අනෙක් විද්වතුන් කළේ එයට කණ අස්සන් ගැසීම බවටත් කතාවක් පවතී.

මේ තත්වය යටතේ ඊනියා "ව්‍යවස්ථාවක ස්වභාවයේ උත්තරීතර නීතියක් පනවා සම්මත කරවා ගැනීම" ගැන කතාව බොරුවකි. එවැනි අභිලාශයක් ශ්‍රී ලංකාවේ මහජනතාව ප්‍රකාශයට පත් කර නැත. එවැනි අභිලාශයක් ඇත්දැයි දැන ගැනීම පිණිස නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුව තිබිණි. එසේම "ශ්‍රී ලංකාවේ මහජනතාව" වන්නේ "වාර්තාව" යැයි වික්‍රමසිංහ විසින් හැඳින්වෙන මේ පල් හෑල්ල ලියූ වඳ කෙහෙල් ගස් දහය දොළහ නොවේ. මේ පුද්ගලයින්ට එවැනි ප්‍රකාශයක් ඇතුල් කිරීමට බලයක් දුන්නේ කවුද යන්නම ප්‍රශ්නයකි.

මේ පූර්විකාවේ ඇති විසුළු සහගතම කොටස පහත දැක්වේ.

".... අපගේ උත්තරීතර, වාර්ගික, ආගමික, භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය...."

උත්තරීතර - ආච්චිගේ රෙද්ද !



12 comments:

  1. 2019 සුභ වේවා !
    සුමන්තිරන් ව්‍යවස්ථාව භංග වේවා !!
    ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වේවා !!!

    අපට රැක ගැනීමට ඒකීය රාජ්‍යයක් තිබේද යන්න දැන ගැනීමට කියවන්න >>> කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද? - ආචාර්‍ය නලින් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. ඔබ දැකුමින් අප පින් කළ බව හැඟුනි.

      13 වන සංශෝධනයෙන් ඒකීය බවට හානි වී ඇති බව අපගේත් අවංක අදහසයි. නමුත් එය සුළු සීරීමක් ලෙසයි මා දකින්නේ. නිසි පිළියමින් එය සුව කර ගත හැකියි. ඊට සාපේක්‍ෂව 17 වන සංශෝධනය හා පසුව ගෙනා 19 වන සංශෝධනය පිළිකා.

      වික්‍රමසිංහගේ වහලුන් වන ජනතා විමුක්ති පෙරමුණ හරහා ගෙන එන ලද 20 වන සංශෝධනයත් වික්‍රමසිංහ ලවා ගෙන එන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත අඩංගු වාර්තාවත් මේ රාජ්‍යයට ගෙන දෙන්නේ ක්‍ෂණික මරණ. AK දිසානායකගේ 20 සහ වික්‍රමසිංහගේ නව ව්‍යවස්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළක්වීමත් 13 සහ 19 ක්‍රමානුකුලව ආපසු හැරවීමත් ජාතියේ අවශ්‍යතාව වෙයි. කණගාටුවට කරුණ මේ බව ප්‍රසිද්ධියේ පිළිගන්නා දේශපාලන කණ්ඩායමක් අද රටේ නැති වීමයි.

      Delete
  2. ජෙප්පො දැන් රනිල්ටයි, සුමන්තිරන්ටයි කහින කැහිල්ල දැක්කම අම්මපා හිතෙනවා කූඹියෝ නාට්‍ය සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු එකක් ද කියලා...

    ReplyDelete
    Replies
    1. කූඹියෝ බලා නැත.

      ජෙප්පන් රනිල්ටයි සුමන්තිරන්ටයි කඩේ යන බව ඔබ කීවත් අප දකින්නේ ජෙප්පන් සහ වික්‍රමසිංහ කණ්ඩායම් දෙකම සුමන්තිරන් වෙනුවෙන් කඩේ යන බවයි.

      Delete
  3. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාවේ අංක 1 පිටුවේ මෙලෙස දක්වා ඇත.

    "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක ස්වභාවයෙන් උත්තර නීතියක් පනවා සම්මත කරවා ගැනීම ශ‍්‍රී ලංකාවේ මහජනතාවගේ අභිලාෂය වන හෙයින් ශ‍්‍රී ලංකාවේ මහජනතාව වන අප විසින් අපගේ ස්වෙරිභාවය කි‍්‍රයාත්මක කිරීමේදී අපගේ උත්තරීතර වාර්ගික ආගමික, භාෂාවන් සහ සංස්කෘතික විවිධත්වය අගයමින් මෙයින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ‍්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප‍්‍රදානය කර සිටිනු ලැබේ."

    මෙලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ දසදෙනා මෙසේයි.
    1. සුරි රත්නපාල,
    2. ඔස්ටින් පුල්ලේ,
    3. නවරත්න බණ්ඩා,
    4. කපිල පෙරේරා,
    5. නිරන් ඇන්කටේල්,
    6. අසෝක ගුණවර්ධන,
    7. චමින්ද සපරමාදු,
    8. එස්. සෙල්වකුමාරන්,
    9. කමිනා ගුණරත්න සහ
    X. සුරේන් ප‍්‍රනාන්දු.

    මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය නම් මේ දසදෙනාගේ කණ්ඩායම මෙරට සමස්ත මහජනතාවද යන්නයි.

    ->>> http://divaina.com/sunday/index.php/arakshawa/7913-2019-01-18-06-05-44

    ReplyDelete
    Replies
    1. ඔය දහ දෙනා එසේ ලීවත්, සුමන්තිරන්-ජයම්පති විසින් සකස් කරන ලද ලියැවිල්ලකට කණ අස්සන ගැසුවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහුට අනාගත පරම්පරාවක් නැත.

      ශ්‍රී ලංකාව ඔහුගේ නොවන කල ශ්‍රී ලංකාවේ අනාගත පරපුර ගැන කියනුම කවරේද ?

      Delete
  4. ලක්‍ෂයක් කියවලා, ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති. තව හතළිස්දාහක්වත් සිතුවිළි වෙන්නැති. බණත් අහන්නැති ඒ කාලේ. නිවන් දකින්නට පිං මදි වෙන්නැති. ඒකයි තවමත් සංසාරේ.

    ReplyDelete
    Replies
    1. ලක්ෂයක් කියවපු බව දැක්කාම සතුටුයි.
      ජෝසප් ගේ වචනයක් දක්කාම ඊටත් සතුටුයි.
      සිංහල බ්ලොග් කියලා ජාතියක් තියෙන බව මට කියා දීමේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්නේ අපේ ජෝසප් මැතිතුමාටමයි.

      ලක්ෂෙන් භාගයක් කිට්ටුවට මගේ දායකත්වය වෙන්න ඕනේ බවනම් හරියට හරි තමයි.

      මේ කාලකන්නි දේශපාලනය කථා කරන්න ගියාම අපේ හිත් වල ඇති වෙන්නේ ඍනාත්මක සිතුවිලි. පරාජිත හැඟීම්.
      ඒ නිසා මම යම් දුරකට ඒවා නිතර කියවීමෙන් වැලකී ඉන්නවා.
      අනෙක් මිනිසුන්ට ධනාත්මක සිතුවිලි ගොඩනගා ගැනීම, ජීවිතයේ ප්‍රශ්ණ වලට සතුටින් මුහුණ දීම ගැන කියා දෙන මම කොහොමද ඍණාත්මක සිතුවිලි හිතේ පුරවගේන දවස ගෙවන්නේ.
      ඒ නිසා තමයි මෑත කාලීනව මේ පැත්තේ ඒම අඩු වුනේ.

      Delete
    2. @Joseph: ලක්ෂෙට කොඩිය දැම්මා.

      Delete
    3. @නයනේ - සිතුවිළි:
      ධනාත්මක සිතුවිලි ගැන කවුරුහරි කතා කරනකොට මටනම් විකාරයක්. එහෙම ජාතියක් නෑ.

      Delete
  5. සිතුවිළිFebruary 23, 2019 at 7:50 PM

    සිතේ සතුට කියන්නේ මානසික පීඩනය හෝ ආතති තත්වයකින් පෙලෙන පුද්ගලයෙකුගේ ජීවිතයෙන් නොදැනුවත්ව ක්‍රමයෙන් පලා යන හැඟීම්.
    ඉතින් එවැනි අවස්ථාවක සිතේ සතුට වඩවා ගැනීමට හා පවත්වා ගැනීමට දායක වන සිතුවිලි තමයි මම ධනාත්මක සිතුවිලි කියා හැඳින්වූයේ.
    ඇතැමුන් කියන පරිදි ලෝකය දිනන මැජික් එකක් නම් නොවෙයි
    නයනේ - සිතුවිළි

    ReplyDelete
  6. @Joseph,

    The definition of Civil War (Intrastate war in polemology {War studies}) is;

    "War between organized groups within the same state or country. The aim of one side may be to take control of the country or a region, to achieve independence for a region or to change government policies. The term is a kind of a translation of the Latin term "Bellum Civile" which was used to refer to the many kinds of internal wars of the Roman Republic in the 1st century BC.

    (සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ අල්පතර ලෙසින් පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි. එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක. මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.)

    කෙසේ නමුත් බටහිර යුධ සහ දේශපාලන අර්ථ දැක්වීම්වල අනුව නම් ලන්කාවේදී 'තමිළීළ විඩුතලෛප් පුලිකල්' (දෙමළ ඊළාම් විමුක්ති කොටි) නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ත්‍රස්තවාදය දශක තුනක කාලයක් පැවති ශි‍්‍ර ලංකාවේ පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැක.

    ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ගොන්නට ජනතා විමුක්ති පෙරමුණ ද අයත්වෙති. 1971 රාජ්‍ය විරෝධි කැරැල්ල මෙන්ම 1988-1989 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔස්සේ ඔවුන් ජන ජීවිතයට කල බලපෑම් ත්‍රස්තවාදයම වෙයි.

    ජවිපෙ විසින් ඇරඹූ 1971 රාජ්‍ය විරෝධි කැරැල්ල උතුරේ සටන්කාමී දමිළ තරුණයන් මන්මත් කරමින් වඩාඅත් බලසම්පන්න ලෙස දෙමළ ජනතාව තමන් වෙනම ජාතියක් ය යන හැඟීම සහ එම අරමුණ සාධනය කර ගැනීම සඳහා යුධ සටන්කාමීත්වය වෙත පිවිසීම ආරම්භ වුනි. ඒ අනුව 1975 වනවිට යුධවාදී දෙමළ තරුණයන් ආයුධ සන්නද්ධව සංවිධානගත වීම ආරම්භ විය. එම වර්ෂයේදීම යාපනයේ නගරාධිපතිව සිටි නිදහස් පක්ෂයේ ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ අතර එය දෙමළ සටන්කාමී තරුණයන්ගේ පළමු දේශපාලන ඝාතනය විය. එම ඝාතනය කල විසි හැව්‍ රිදි වේළුපිළ්ළඉ පිරපාහරන් නමැත්තා සටන්කාමීන් අතර විශිෂ්ටයකු ලෙස ඔවුන් සිතුවා.

    එකලම උතුරුකරයේ ජන රැල්ල වටහාගත් අවස්ථාවාදී ද්‍රවිඩ සංගමය, ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂය, ලංකා කම්කරු සංගමය එකතු වී 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් ද ගැටුම දැල්වූ අතරම 1974 දී යාපනයේ දෙමළ භාෂා පර්යේෂණ සමුළුවට එල්ල වූ මැර ප‍්‍රහාරයත් තරුණයන් නව දෙනෙකු මරුමුවට පත්වීමත් විශාල තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමත් හරහා දෙමළ දේශපාලන පක්ෂ වඩාත් සටන්කාමී සහ රනකාමී ලෙස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තුළින් 1976 වඩුක්කොඩෙයි ආසනයේ සම්මේලනයක් කැඳවා දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් තනිකර 100% ශුද්ධ ලෙස දමිළයින්ගෙන් සැදුම්ලත් ශුද්ධවූ ඊළාම් රාජ්‍යයක් ඇතිකර ගත යුතු බව ප‍්‍රථම වරට ප‍්‍රකාශ කළා. ඒ අනුව 1970 දශකය මැද භාගයේ සිට 1984 දක්වා උතුරේ සටන්කාමීන් හා දේශපලකයින් උතුරෙ සින්හල ව්‍යාපරිකයින්, සිසුන් හා සින්හල වැසියන් එලවා දැමීමත් නිවාස සහ ව්‍යාපාර ගිනිබත් කිරීමත් සමහරුන්ව මරා දැමීමත් සිදුකලා. එමෙන්ම උතුරේ දමිළ වැසියන් ගත්විට ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත් වුනා, ඉන් අනතුරුව 1984 සිට උතුරු නැගෙනහිර දෙපළාතේ මෙනම් ආසන්න අනුරාධපුර පොලොන්නරුව, මොණරාගල මාඅයිම් ආසන්න සිංහල වැසියන් පවුල්පිටින් දහස් ගණනක් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප‍්‍රදේශ ඉලක්ක කොට ගෙන බෝම්බ පුරුවමින් අහින්සක නිරායුධ සිවිල් වැසියන් තවත් දහස් ගනනක් මරාදමමින් ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.

    ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා 1975 දි ඝාතනය කිරීමත් සමඟ උතුරේ ඊළාම් සටන් ආරම්භ විය. 1978 -1983 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !