![]() |
| මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ |
෴
![]() |
| මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ |
මා ඉයන්ගේ අඩවිය කියවන්නට පෙළඹුනේ ම එහි දෙමළ බෙදුම්වාදය හා එහි ඉතිහාසය සම්බන්ධව පළ වූ ඉතා වටිනා කරුණු ඇතුලත් ලිපි හේතුවෙනි. එය විවිධ මාතෘකා යටතේ රසවත් ලිපි පල වූ සංවාද මණ්ඩපයකි. පසු කාලීනව ඉයන් පාගාගෙන සිරිකොතේ ප්රචාරක අංශය මේ අඩවිය අත්පත් කර ගැනීම නිසා ඊට පිවිසීම කෙමෙන් අඩු විය. එහෙත් මේ කතාවට ඒවා අදාළ නැත.පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?
"පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.
බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම්;ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ."
- ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
- කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
- උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
- උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.
![]() |
| ප්‍රහාරයෙන් පසු |