Sunday, October 26, 2014

නලින්ගේ බුදුදහම

ජාතික ගැටළුව හමුවේ සත්පුරුෂයා සතු වගකීම.. යනු ජාතික නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන ලංකා සයිබර් නිවුස් නම් වෙබ් අඩවියේ පසුගිය පොහොය දිනය වෙනුවෙන් පල වූ ලිපියක මාතෘකාවකි. ඒ ලිපිය ලියා ඇත්තේ ගරුතර වැල්ලවායේ සුමනබෝධි නම් ස්වාමින් වහන්සේ නමක විසිනි. දහස් ගණනක් විසින් බැලෙන, දුසිම් ගණනක් විසින් සිය ගණනක් ප්‍රතිචාර දැමෙන ඒ වෙබ් අඩවියේ Business Case නම යොදා ගන්නා පාඨකයෙකු විසින් පහත ප්‍රතිචාරය දක්වන්නට යෙදිණි.
Business Case says:

October 18, 2014 at 6:19 pm

හාල්මැස්සා

නියමසින් හ​

අපේ නලින් ඇදුරුතුමන් ගේ විදුසර වෙබ් අඩවියේ අපේ ප්‍රවාද යටතේ සුටුස් ගා බා ගත හැකි ලියවිලි
මා නම්
සලකනු ලබන්නේ,
බුදුගොස් තෙරුන් වැනි උතුමන් කල පරිදි,

දහමේ තමන් වටහා ගත් අරුතට කරන ලද
අටුවාවක් ලෙසයි.

නලින් ඇදුරුතුමන් එහි සඳහන් කල
”ත්‍රිපිටකයේ චතුරාර්‍ය සත්‍ය මිස, ‘සම්මුති සත්‍ ය’ (සම්මුති නොවේ) හෝ ‘පරමාර්ථ සත්‍ය’ (ප්‍රමාර්ත නොවේ) යන යෙදුම් නොමැති බව”

මා උපුටා දැක් වූ පමනින්,
මා ‘නලින්වාදියෙක්’ නොම වේ!
මීට පිළිතුරු බඳින වෙනත් පාඨකයෙකු විසින් පහත ප්‍රතිචාරය දක්වන්නට යෙදිණි.
හාල්මැස්සා says:

October 18, 2014 at 10:26 pm

එක එක්කෙනාට ඔන විධයට බුද්ද දේශනා වෙනස් කරන්න බැහැ. රහතන් වහන්සේ කෙනෙකුටවත් එහෙම කරන්න බැහැ කොටින්ම නාථ දෙවියන්ටවත් බැහැ. නලීන් වාදීන් පිලි ගත්තට බෞද්දයො එහෙම පිලි ගන්න සූදාම් නැහැ.
ඒ අරභයා ඇති වූ සංවාදයට අපත් සහභාගී වූ බැවින් එය මෙසේ පල කරමු.



Monday, October 20, 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට සහ එහි සාම්ප්‍රදායික පරිණාමයට ඉතා දැඩි බලපෑම් කළ තනි පුද්ගලයෙක් වේ නම් ඒ 1989 වසරේ මළවුන්ගේ මාසයේ එක් කරුමක්කාර දවසක මූසල රාත්‍රියක කාත් කවුරුවත් නැති පාළු කනත්තක දී ඌර්ධවපාතනය වූ, හෙළයේ අසිරිමත් විප්ලවවාදියා ලෙස ඔහුගේ කණවැන්දුම් දේශපාලන ව්‍යාපාරයේ සගයන් විසින් හඳුනා ගැනෙන, රෝහණ විජේවීරයන්ය.

ලංකා විශ්ව විද්‍යාලට කිසිදා ශිෂ්‍යයෙක් ලෙස ඇතුලත් නොවූ, රුසියාවේ තමන් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයෙන් ද දොට්ට දැමුණු විජේවීරගේ විප්ලවය ආරම්භයේ සිට කනත්ත කරා යොමු වූවක් වුනත් මීට වෙනස් මගක් ගත් පුද්ගලයෙක් ද විය. රෝහණ බටහිර ධනවාදයට එරෙහිව බටහිර ම සමාජවාදය සරණ ගියේය. ඔහු පමණක් නොව බොහෝ දෙනා එකල ඒ මග ගිය මුත් ඉන් සමහරු වාසිය දුටු සැණින් බොරු ගෝසාව අතහැර තමන් එතෙක් පට්ට ගැසූ ධනවාදී ප්‍රවාහයේ කප්පිත්තන් බවට පත් වී සූරා කෑමේ උපරිමය ප්‍රදර්ශනය කළෝය. තවත් සමහරු අපට නොපෙන්වුවත් තමන්ගේ බටහිර වෙසෙන ධනවාදී ස්වාමින් වෙනුවෙන් මෙරටේ පය ගසාගෙන සිටිමින් තවමත් අර බොරු ගෝසාව පවත්වාගෙන යති.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වාගේ ඡායාරූපය
ආචාර්ය නලින් ද සිල්වා
මේ බොරු සමාජවාදී අපතයන් ගැන කතා කිරීම එලොවටත් මෙලොවටත් පලක් නැති දෙයක් (හෙවත් අපලයක්) වන නිසා ඔවුන් හැර දමා දමා, දීර්ඝ කාලයකට පෙර ඒ මගින් ඉවත් වී ස්වාධින මාවතකට පැමිණ, ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර, තවමත් ඒ මග ගමන් කරන භූමි පුත්‍රයෙකු ගැන කතා කරමු. ඒ රජරට වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඇතැයි කියා පවසන ලෝකයේ එකම විශ්ව විද්‍යාල ආචාර්ය වරයා වන, විශ්‍රාම ලත් මහාචාර්ය, කැළණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ආචාර්ය නලින් ද සිල්වා ය.



Sunday, October 5, 2014

ලං වී ම ට අත නොතබනු !

විදුලි බිලට 25% සහනයක් දෙන බව අපේ රටේ හැමෝගෙම "දෙන දෙයියා" වන අතිගරු ජනාධිපති ශ්‍රීමතාණන් විසින් පවසා වදාරා තිබේ.

රෝමයේ වතිකාන මාලිගයේදී ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය බැහැදුටු අවස්ථාව. (ඡායාරූපය:- සුදත් සිල්වා) - සිළුමිණ
සර්වබලධාරී දෙවියන් වහන්සේට පසුව සිටින උන් වහන්සේගේ මෙලෝ නියෝජිත තැන්පත් වතිකානුවේ රාජ්‍ය ශ්‍රී වළඳන ශුද්ධෝත්තමයානන් වහන්සේට පමණක් දෙවැනි වන (ඉහත සිළුමිණ පාඨය බැලූ විට මෙහි අනික් පැත්ත සත්‍යය කියා නොසිතෙන්නේ කාටද...), සතුරු තෙද බිඳින මහත් බල ඇති තමන් වහන්සේගේම බෑයන් වහන්සේ විසින් යෙදූ ආරක්‍ෂා විධිවිධානයන්ගෙන් සුරක්‍ෂිත, නෛකශ්‍රීයෙන් විරාජමාන කොළොම්පුර වැඩ වසන්නා වූ කරුණා නිධාන වූ, ත්‍යාගි ගුණයෙන් අනේපිඩු සිටාණන් පරදා වෙස්සන්තර රජාණන් හා සමතැන් ගැනීමට සුදුසු අප මහා රාජෝත්තමයාණන් වහන්සේ කීවොත් යමක් කීවාමය. දෙනවාය කීවොත් දෙනවාමය.

රාජෝත්තමයාණන් වහන්සේ අපේ හාමුදුරුවනේයි පපුවට ගසාගෙන විදුලි බිල අඩු කරන බව දෙසා වදෑරුවේ නම් මේ වන විටත් එය අඩු කිරීම පිණිස ආඥාවක් නිකුත් කර ඇතුවා නිසැකය. එකී රාජාඥාව මෙතෙක් ක්‍රියාත්මක වී නැත්නම් හේතුව මේ රජය තුල ම ඉන්නා කිසියම් බලවත් ආර්ථික ඝාතකයෙක් ම විය යුතුය. මේ රටවාසී යම් හුදියෙකුට මේ කරුණ ගැන යන්තම් හෝ සැකයක් ඇත්නම් වාසි වෙලාවට දේශප්‍රේමී වන පංචායුධ පක්‍ෂයේ ලස්සන රැවුලක් ඇති ඇමති තුමාගෙන් විමසා දැන ගනිත්වා !

ඒ ඒ වහන්සේලාට තමන් වහන්සේලාගේ ජෝගි තමන්ගේ පාඩුවේ නටා ගැනීමට ඉඩ දී විදුලි බිල ගැන අද කතා කරමු.




Saturday, September 27, 2014

Cloud storage for File backup

අප සතු විවිධ ගොනු (file) ව්‍යසනයකදී සුරැකිව තබා ගැනීමට අන්තර්ජාලය භාවිතා කළ හැකි බව සඳහන් කළෙමු. එහෙත් ඒ ගැන වැඩිදුර විස්තර කිරීමට අවස්තාවක් නොවීය. ඒ සඳහා යොදා ගත හැකි සේවාවන් කිහිපයක් ගැන අද කතා කරමු.



Microsoft OneDrive Promotion
Microsoft OneDrive
ඩිජිටල් කැමරාවේ හඳුන්වාදීම බොහෝ දෙනා ඡායාරූප ශිල්පින් බවට පත් කළ බව අවිවාදිත කරුණකි. එහි දෙවන පරිච්ඡේදය ජංගම දුරකථනයට ඩිජිටල් කැමරාව ඈඳා ගැනීමයි. කැමරා ෆෝන් ලෙස මුල් යුගයේ හැඳින්වුණු මේවා රූපාන්තරණයට ලක් වී ස්මාට් ෆෝන් බවට පත් වීමත් මේ වන විට අලුත් පුවතක් නොවේ. අන්තර්ජාල සම්බන්ධය සහිත (සම්බන්ධිත) වඩා උසස් තත්ත්වයේ කැමරා අන්තර්ගත ජංගම දුරකථන පමණක් නොව දැන් දැන් නිපැයෙන ඩිජිටල් කැමරා පවා සැකසෙන්නේ Wi-fi වැනි උපක්‍රමයක් යොදා සම්බන්ධතාවයක් සහිතවයි. මේ සියල්ල හුදෙකලා සිදු වීම් නොවේ. ඒවාට පහසුකම් සැපයීම පිණිස අන්තර්ජාලය අනුවර්තනය වීමත් ඒ සමගම බැඳී ඇත.

Monday, September 15, 2014

සරසවිගතවීම සහ ආරණ්‍යගතවීම

වැඩි කතාවක් ඕනේ නෑ, අද දෙතිස් කතාවේ පල වෙන්නේ කතාවක්වත් නොවන නිසා. විස්තර කරන්න ගියෝතින් මේ මුලු ලිපියම පලක් නෑ. ඒ නිසා කෙළින්ම කාරණේට බහිමු. පහත දැක්වෙන රචනය සරසවි සිසුවෙකුගේ බව පමණක් මෙහිලා සඳහන් කරමු.

ජිවිතාවබෝධය



Two monks
ආරණ්‍යගත වීම

Monday, September 8, 2014

අග්‍ර ශ්‍රාවිකාවෝ

දසබෝධිසත්තුප්පත්තිකථාව බොහෝ සාකච්ඡාවන්ට ප්‍රස්තුත විය. අසංඛ්‍ය යනු කවරක්ද, කල්පය යනු කවරක්ද, ආදී සුවිශේෂ ගැටළු ගණනාවක් ඉහත ලිපිය විසින් ඇති කෙරිණි. මේ ලිපිය ඒ ප්‍රශ්න වලට ශක්ති පමණින් පිළිතුරු සැපයීම පිණිස ගත් ඇරඹුමකි.



මෙහෙණින් වහන්සේලා
ගෞතම සම්මාසම්බුද්ධ සාශනයේ මෙහෙණිසස්න පිහිටවූ උතුම් බිනර පුර පසළොස්වක පෝ දිනය අදයි. මේ පෝ දිනය පිළිබඳ වැදගත් කරුණු මීට දෙවසරකට පෙර පල කෙරුණු බිනර පුර පසළොස්වක පෝය යන ලිපියේ අඩංගු වේ.

ගෞතම සම්මාසම්බුද්ධ සාශනය පමණක් නොව ඊට පෙර පහල වූ සම්බුද්ධ සාශන වලත් පසුව අනාගතයේ පහල වන සාශන වලත් මෙහෙණි සස්න පවතින බව බුද්ධ වංශ දේශනා වලින් පෙනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඛේමා - උප්පලවන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකා ලෙස පත් කර වදාළ අයුරින් තමන් වහන්සේලා ගේ සස්නේ මෙහෙණින් වහන්සේලාට නායකත්වය දීම පිණිස සෑම සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්ම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ලා නම් කර වදාළත්. අද ලිපියෙන් අප ඒ පුරාණ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ගැන දැන ගනිමු.

Sunday, August 10, 2014

දසබෝධිසත්තුප්පත්තිකථාව



මේ වස් කාලයයි. පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින වෙහෙර විහාර වල ගජරාමෙට පින් කම් සංවිධානය කෙරෙන්නේ මේ කාලයේදී ය. පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා වෙතොත් උන් වහන්සේලා පසුවස් සමාදන් වන්නේ නිකිණි පෝ දිනයේය.
සම්මා සම්බුදුවරු
මේ කාලයේ පැවැත්වෙන විචිත්‍ර පිංකම් අතර බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා, සත්බුදු නමස්කාරය ආදී විවිධ පූජා වේ. කෙරෙන දේ බොහෝ දුරට එක සමාන වන මුත් සංවිධායකයන් වහන්සේගේ සිතැඟි පරිදි සහ අනුග්‍රාහක පිංවතුන්ගේ ශක්ති පරිදි මෙකී නොයෙක් පුද පූජා තෝරාගනු ලැබේ.


Friday, August 1, 2014

වළා



අද මාතෘකාව වළා. මෙය 'වලා' නොවන බව දෙතිස් කතා කියවන පාඨකයන්ට පළමුව මතක් කරමු. එවැනි මතක් කිරීමක් කිරීම තම බුද්ධියට කළ නිගාවක් ලෙස සිතේනම් අප පාඨකයින් ඒ ගැන කමාව භාජනය කරත්වා. එසේම පහත රුපවාහිනී සාකච්චාවේ යෙදෙන බුද්ධිමතා වලා නොවන බව දෙවනුව මතක් කරමු.

මේ සියලු වැල්වටාරම් ආරළු-බූරුලු වල අරුත වලා ගැන අද කතා නොකෙරන බවයි. අද මාතෘකාව වළාය. ඔව්, අර අහසේ පාවෙන ඒවා.

විශ්ව බන්ධු ගුප්තා මහතා
පහත සාකච්ඡාවේ යෙදෙන බුද්ධිමතා IT පිළිබඳ විශේෂඥයෙකි. එතුමා IT පිළිබඳ තමාගේ පෘතුල දැනුම සහ දීර්ඝ කාලින අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඉන්දියාව වෙලාගෙන තිබෙන දූෂණය සහ වංචාවට එරෙහිව සටන් කරන සමාජ ශෝධකයෙකි.


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !