Thursday, August 6, 2020

ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ

2020 මහමැතිවරණය අවසන් ය. ඒ සමගම පුරා පස් වසරක් රට වෙලාගෙන තිබුණු අරාජිකත්වය දෙවියන්ගේ පිහිටෙන් පහව යනු ඇත. පවත්නා භාරකාර ආණ්ඩුව තව දින කිහිපයක් ඉදිරියට යනු ඇති අතර ලබන ඉරු දින නැතිනම් සඳු දින මහින්ද රාජපක්‍ෂ මහතා සිව් වැනි (සහ බොහෝ විට අවසන්) වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ඇත. එතුමෝ පළමු වරට 2004 මහා මැතිවරණයෙන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේත්, දෙවැනුව 2018 වසරේ ඔක්තෝබර විප්ලවයෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේත් අවසන් වරට 2019 ජනාධිපතිවරණයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේත් ඒ තනතුර දරා තිබේ. ඔහු මේ මැතිවරණයේ ප්‍රධානම ජයග්‍රාහකයා වෙයි.

එහෙත් අද කතාව පුද්ගලයින් ගැන කතාවකට වඩා පක්‍ෂ ගැන කතාවකි.




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු සංධානය

මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ විශාලම සංධානය මෙයයි. මැතිවරණ කොමිසම තෙමේම මැදිහත් වී කෙරෙන ජිල්මාට් එකක් නොවෙතොත් මහමැතිවරණයේ ප්‍රථිපල ප්‍රකාශ කෙරෙන විට පොහොට්ටු සංධානය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය ලබාගෙන තිබිය යුතුය. මෙවර අප බලාපොරොත්තු තබන අවම ආසන සංඛ්‍යාව 120 කි, එහෙත් එය 130 ඉක්මවා යාමක් බලාපොරොත්තු වීම අධිතක්සේරුවක් බව සිතමි.

මෙවැනි විටෙක ඒ සංධානයේ නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ලෙස පත් වනු ඇති බව තර්කානුකූල නිගමනය වෙතත්, කොළොඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා වඩා සුදුසු බව අපගේ අදහසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

නිදහස් පක්‍ෂය පොහොට්ටුව සමග සංධානගතව තිබුණත් සමහර දිස්ත්‍රික්ක වල ඒ පක්‍ෂය වෙනම තරඟ කළේ නාම යෝජනා ගැටළු හේතුවෙන් විය හැකිය. ඒ පක්‍ෂය උපරිම වශයෙන් ආසන දහයක් ගනු ඇතැයි උපකල්පනය කෙරෙන අතර මැතිවරණයෙන් අනතුරුව ඇති කෙරෙන ජාතික ආණ්ඩුවක ප්‍රධානම හවුල්කරුවා වනු ඇත. නිදහස් පක්‍ෂයේ නායකයාත් අගමැති තනතුර ගැන ඇස ගසාගෙන සිටින අතර තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම (නිදහස් පක්‍ෂයෙන් වෙනම තරඟ කළ කණ්ඩායමම නොව පොහොට්ටු සංධානයෙන් තරඟ කර පත් වූ මන්ත්‍රී වරුනුත් ඇතුළු) මෙකී කේවල් කිරීමට භාවිතා කරනු ඇති බව පැහැදිළිය. පොහොට්ටුවේ සරළ බහුතරය නැති කිරීමට අවශ්‍ය විටෙක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමත් වනු ඇතැයි සිතමි.

එක්සත් ජාතික පක්‍ෂය

එක්සත් ජාතික පක්‍ෂය පිරිසිදු වීම මේ මැතිවරණයෙන් සිදු වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විවිධ කුමන්ත්‍රණ, කූටෝපක්‍රම මගින් 1994 සිට මේ දක්වා පක්‍ෂ නායකත්වය රැකගෙන ආවත් මේ ඔහුගේ නික්ම යාමට කාලයයි. පක්‍ෂය තුල අටුවම් බැස සිටි දූෂිතයන් කට වාචාලයන් ඇතුළු දේශපාලන මළ මිණී සජිත් ප්‍රේමදාසගේ පිටේ තබා ගැට ගැසූ රනිල් තව වසර දෙකකින් නැතිනම් තුනකින් පක්‍ෂය රුවන් විජේවර්ධනට බාර දී කේම්බ්‍රිජ් ටෙරස් වෙත පසු බසිනු ඇත. දැනට ඊට ඇති එකම බාධාව දයා ගමගේ ය.

13 වැනි සංශෝධනය සේම 19 වැනි සංශෝධන මර උගුල ඇටවීමේ පාප කර්මය එක්සත් ජාතික පක්‍ෂයට ඇති ලොකුම දේශපාලන බරකි. 19 අහෝසි කිරීමට මීළඟ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය සපයා දීමේ ඓතිහාසික කාර්‍ය භාරය පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සතුව තිබේ. ඔහුට ඒ සඳහා ධෛර්‍යයක් තිබේදැයි පෙන්වා දීම අනාගතයට බාර කරුණකි.

එක්සත් ජාතික පක්‍ෂය අඩු තරමින් ආසන 20 ක් දිනා ගනු ඇතැයි අනුමාන කරමි, එය 40 නම් ඉක්මවනු නැති බව ස්ථිරය. ඒ පක්‍ෂයට එවැනි තත්වයක් ඇති වීමට හේතුව පක්‍ෂය විසින් සිංහලයන් අතහැර දැමීමත් අසිංහලයන් විසින් පක්‍ෂය අතහැර රනිල් වික්‍රමසිංහට වඩා දේශපාලන පෞර්ෂය අඩු පතෝලයෙක් වන සජිත් වෙත විතැන් වීමත් බව කිව හැක.

සමගි ජන බලවේගය

මේ සංධානයකි; පසුගිය යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂය සමග සිටි ආරළු බූරළු එක්සත් ජාතික පක්‍ෂයේ නොවැදගත් පිරිසක් සමග අවස්ථාවාදී ලෙස එකතු වී තනා ගත් තාවකාලික සංධානයකි. මැතිවරණයෙන් පසු මේ සංධානය එකක් ලෙස පවතින්නේ නැත. මේ සංධානය තනි පක්‍ෂයක් ලෙස ලබා ගන්නා ආසන ගණන එතරම් වැදගත් නැත; වැදගත් වන්නේ සජිත් සමග ඉතුරු වන මන්ත්‍රී සංඛ්‍යාව යි. මේ සංඛ්‍යාව එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩාමට වඩා සංඛ්‍යාත්මකව විශාල වීමේ ඉඩකඩ අල්පය. බොහෝ විට මෙය 15-20 (උපරිම වශයෙන් 30) පමණ වනු ඇත. නමුත් ස.ජ.බලවේගයේ නායක ලෙස සජිත්ට විපක්‍ෂ නායක වීමේ විභවයක් තිබෙන මුත් එය තීරණය වන්නේ සංධානයේ අනෙක් පක්‍ෂ - විශේෂයෙන් ජාතිවාදී කොටස් - වල හැසිරීම මතය.

විපක්‍ෂ නායකධුරය ලබා ගැනීම කෙසේ වෙතත් මේ කණ්ඩායමේ ප්‍රධාන අභිලාශය වන සිරිකොත ඇල්ලීම නම් මේ මැතිවරණයෙන් ඉෂ්ඨ සඵල වන්නේ නැතැයි සිතමි; කොළොඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය පරදවා ඒ පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහට වඩා මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වෙතොත් එය තීරණාත්මක සහ විශාලම ජයග්‍රහණය වෙයි.

ජාතික ජන බලවේගය

මේ විදෙස් අරමුදල් මත යැපෙන නොරාජ්‍ය සංවිධාන සහ පුද්ගලයින් විසින් ග්‍රහණයට ගත් ජනතා විමුක්ති පෙරමුණයි. ඒ පක්‍ෂයේ නායකයින් විසින් බොරුව මත ගොඩ නැගූ දේශපාලන සිහින මාළිගා කඩා වැටීම ආරම්භ වී ඇති මේ මොහොතේ බොහෝ දෙනා අනුමාන කරන්නේ ඊට ජනාධිපතිවරණයේදී ලැබුණු 3% ත් අහිමි වන බවයි. අපේ තක්සේරුව ඊට වෙනස් ය.

මේ කණ්ඩායම බොහෝ විට ආසන කිහිපයක්, උපරිම වශයෙන් පහක්, දිනා ගනු ඇත; එසේම ජනාධිපතිවරණයට වඩා ඡන්ද ගණනත් වැඩි කර ගනු ඇත. නමුත් වඩා වැදගත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණට මින් මන්ත්‍රී ධුර කීයක් හිමි වනවාද යන්නයි.

ජනාධිපතිවරණයේදී AKD සහය දැක්වූයේ ගෝඨාභයගේ ප්‍රතිවාදියාටය. බොහෝ ජවිපාවුන් තම මනාපය සජිත්ට දෙන ලදී; එසේ තිබියදීත් වැටුණු 3% වන්නේ කට උල් කර ඇස් රවුම් කර කියන බොරු වලට පහසුවෙන් රැවටෙන ලංකාවේ මන්දම මන්ද බුද්ධික ඡන්දයි. ඒ ඡන්දත් බොහෝ විට මේ බලවේගයටම ලැබෙනු ඇති අතර ගිය වර සජිත්ට දුන් AKD ඇතුළු නියම ජවිපාවන් මෙවර තම තමන්ටම මනාප දී ගනු ඇති බැවින් ඒ කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට 5% ට ලං වනු ඇත.

උතුරු සහ නැගෙනහිර පමණක් ක්‍රියාත්මක වන ජාතිවාදී ප්‍රාදේශීය පක්‍ෂ

මේ පක්‍ෂ වල ග්‍රහණය පසුගිය පාර්ලිමේන්තුවට වඩා අඩු වනු ඇත, බොහෝ විට ආසන ගණන 12-14 වනු ඇත. පොහොට්ටු සංධානයට නොව පොහොට්ටු පක්‍ෂයට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය ලැබුණොත් මේ ජාතිවාදීන්ගේ බලය නිශේධ කළ හැක. එසේ වුවත් පොහොට්ටු පක්‍ෂයේ වගකිව යුත්තන් (ප්‍රතිපත්ති සම්පාදකයන්) වන බැසිල් රාජපක්‍ෂ සහ GL පීරිස් වැන්නන්ට ඒ සඳහා උවමනාවක් ඇත්දැයි පැහැදිළි නැත.



කතාවේ සාරාංශය මෙසේය.
  1. පොහොට්ටු සංධානය සරළ බහුතරය ලබනු ඇත.
  2. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය (සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය) සමග එය ජාතික ආණ්ඩුවක් තනනු ඇත. ඊට තුනෙන් දෙකේ බලයක් තිබෙනු නැත.
  3. 19 වන සංශෝධනය අහෝසි කිරීමේ අපේ අභිප්‍රාය වෙනුවට එහි තෝරාගත් කොටස් සංශෝධනය කිරීමේ පියවරකට ආණ්ඩුව යනු ඇත. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සහ සමගි ජන බලවේගයේ සමහර කොටස් වල සහය ලබා ගනු ඇත.
  4. රනිල් වික්‍රමසිංහ විසින් තමන්ගේ කෘතහස්ථ දේශපාලන අත්දැකීම් සහ කූඨ ඥාණය යොදවා දෙමළ සංධානය ගොනාට අන්දවා AKD කල්ලිය නන්නත්තාර කරවා ඉබේ අහෝසි වන්නට සැලැස්වූ පළාත් සභා දුරදිග නොබලන බලලෝභී රාජපක්‍ෂවරුන් විසින් (බැසිල් !) නැවත පිහිටුවා ලීමේ ඉඩකඩ විවෘතව තිබේ.
  5. සජිත් ප්‍රේමදාසට විපක්‍ෂ නායක තනතුර ලබා ගැනීමට හොඳ අවස්ථාවක් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහට ඔහුගේ පෘතුල දේශපාලන අත්දැකීම් සහ 2015 සාර්ථකව අවසන් ඇමරිකානු පාඨමාලාව සැළකූ කළ ඊට වඩා හොඳ අවස්ථාවක් තිබේ.
  6. රාජපක්‍ෂ පවුලේ ග්‍රහණය තවදුරටත් දැඩි වනු ඇත, ජනාධිපති - අගමැති - කථානායක යන බල කේන්ද්‍ර ත්‍රිත්වය එක පවුලක් අත පත් වීමේ පෙරමග ලකුණු පෙනේ. 19 වන සංශෝධනය අහෝසි නොකළොත් මෙය හිතකර තත්වයක් නොවේ.
  7. AKD සන්නාමය යටතේ දැනට man-power සමාගමක් බවට පරිවර්ථනය කර තිබෙන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී ලැයිස්තුගත සමාගමක් වනු ඇත. ඒ රූපාන්තරණය දැනටමත් ඇරඹී තිබේ.
  8. ජාතිවාදීන් පසුගිය පාර්ලිමේන්තුවේ හෙබැවූ බලය තවදුරටත් එළිපිට ඔවුන්ට ලැබෙන්නේ නැත. එසේ වුවත් තිරය පිටුපස කෙරෙන ඩීල් මගින් ඔවුන් තමන්ගේ බලය ආරක්‍ෂා කර ගැනීමට උපරිම උත්සාහ දරනු ඇත.
  9. පාස්කු ප්‍රහාර සහ මහබැංකු කොල්ලයට සම්බන්ධ ඉහළ පෙළේ අයවළුන්ට අධිකරණය විසින් දඬුවම් කෙරුණොත් ඒ අපගේ රටවැසියාගේ වාසනාව වේ.
  10. නව ආණ්ඩුවේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිස්සු කෙළීමට අප සිතනවාට වඩා කළින් ආරම්භ කරනු ඇත.
බලා සිටිමු !



6 comments:

  1. This part alone shows your analytical skill. Time to learn to see things objectively.

    ".. වැදගත් වන්නේ සජිත් සමග ඉතුරු වන මන්ත්‍රී සංඛ්‍යාව යි. මේ සංඛ්‍යාව එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩාමට වඩා සංඛ්‍යාත්මකව විශාල වීමේ ඉඩකඩ අල්පය. ....
    විපක්‍ෂ නායකධුරය ලබා ගැනීම කෙසේ වෙතත් මේ කණ්ඩායමේ ප්‍රධාන අභිලාශය වන සිරිකොත ඇල්ලීම නම් මේ මැතිවරණයෙන් ඉෂ්ඨ සඵල වන්නේ නැතැයි සිතමි; කොළොඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය පරදවා ඒ පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහට වඩා මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වෙතොත් එය තීරණාත්මක සහ විශාලම ජයග්‍රහණය වෙයි. ..."

    ReplyDelete
    Replies
    1. අපේ අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබට පිං !

      Delete
  2. අහෝ මධු මාවට කෙලවිය!

    ඔහුගේ ෆේස්බුක් පිටුවතුල සිංහල කතෝලික පරයන් වහසිබස් දොඩා තිබෙනු දුටුවෙමි.

    ReplyDelete
    Replies
    1. මා විමල් විරවංශ ගැන අලුත් ලිපියේ ලියා ඇති දේත් උදය ගම්මන්පිළ ගැන එහිම ලියා ඇති දේත් බලන්න. මධුමාධවගේ මේ වැරදි දෙකම ඇත. ඊටත් අමතරව එතරම් සුදුසු නැති වුණත් මා නම් මනාපය ඉල්ලන තැනැත්තාගේ පවුල් පසුබිමත් (විවෘතව ඇති තොරතුරු මත පදනම්ව) සළකා බලමි. මධුසමයෙන් පසු මදුමාධවගේ පවුල් ජීවිතය සාර්ථක ද?

      මධුමාධව ඡන්ද එකතු කිරීමට නොව ඡන්ද දායකයින් තරහ කර ගැනීමට සුදුසුය. ඔහු පාර්ලිමේන්තුවට නොතේරීම මයි හොඳ. මා මෙය මීට කළින් සටහන් නොකළේ ඔබේ සිත තැලෙයි කියා ය. ළඟදී දිනෙක ITN වැඩසටහනකට පැමිණි ඔහු පාස්කු ප්‍රහාරය ගැන කියා හැරී ගියේය, එසේ ගිය ඔහුට පාලිත තෙවරප්පෙරුම හොඳ උත්තරයක්ද දුන්නේය. තෙවරප්පෙරුමට මහජනතාව උත්තර දුන් බව අමතක කර එතැනදී මම තෙවරප්පෙරුම සමග එකඟ වෙමි.

      Delete
  3. අහෝ ගොන්ජාට මනාප ලක්ෂයකුත්
    පාසුවකාට මනාප 60 000 කුත් ලැබී ඇත.

    සිංහලයා තවමත් අවශ්‍ය තරම් දේශපාලනිකව පරිනතවී නැතිබව පෙනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ ජෙප්පෝ !

      ගොන්ජා අමතන්නේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ටයි; ගොන්ජාට විසිල් ගහන්නේ ඒ ප්‍රේක්ෂකයන්. ඉතිං ප්‍රේක්ෂකයෝ විසිල් ගහනවා ගොන්ජා බල්ටි ගහනවා. සර්වජන ඡන්ද බලය යටතේ ඕක තමයි වෙන්න පුළුවන්.

      වෙන පැත්තක ඉන්න අපි මොනවා කීවත් වැඩක් නෑ, ඇත්තටම අපි ඒ මිනිස්සුන්ට මොනවත් කියන එක වැරදියි. එහෙම කිව්වම අපි අකුදි ගේ මට්ටමට වැටෙනවා. අපි උගේ මට්ටමට වැටුණොත් ඌ පළපුරුද්දෙන් අපිව පරාද කරනවා.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !