Thursday, November 10, 2016

තුරුම්පුවා

ඩොනල්ඩ් ට්‍රම්ප් අභය මුද්‍රාව දක්වමින්
වර්තමාන ලංකාවේ ජනතාව ලංකාවට ආදරය කරනවාට වඩා ඇමරිකානු ජනතාව ඇමරිකාවට ආදරය කරන බව පෙන්වා දී තිබේ. 2005 දී රනිල් sms ජනාධිපති ලෙස සහ 2010 දී සරත් facebook ජනාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වූ අයුරින් දැන් හිලරිද ඇමරිකාවේ ජනමත විමසුම් ජනාධිපති ලෙස සතුටු විය හැකිය.

ලංකාවේ සිරිසේන සේම ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් ද ඇමරිකානු ජනතාවගේ නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ අපේක්ෂිකාව වූවාය. වෙනත් වචන වලින් කියතොත් හිලරි ක්ලින්ටන් ටොයියන් ආමන්ත්‍රණය කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇමරිකානු බයියන් වෙතය.

සිරිසේන වෙත ජනමාධ්‍ය සහය සහ ජාත්‍යන්තර සහය පැවති අයුරින්ම හිලරි වෙතද ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර සහය පැවතිණි. ජනාධිපතිවරණයට වසර කිහිපයක් පෙර සිටම රාජපක්‍ෂ ප්‍රතිරූපය වැට්ටවීමට ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියා කළ අයුරින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය වැට්ටවීමට ඇමරිකාවේ සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් ක්‍රියා කෙරිණි.

මේ ක්‍රියා මල්පල ගන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් දිනා ගැනීමට ක්ලින්ටන් සමත් වූයේ ලංකාවේ සිරිසේන වැඩි ඡන්ද හාරලක්‍ෂ ගණනක් ගත් අයුරින් මය. එහෙත් ඇමරිකානු ටොයියන්ගේ අවාසනාවට ඇමරිකානු ජනාධිපතිවරයා මහජනතාවගේ සෘජු ඡන්දයෙන් තේරී පත් වන්නේ නැත.

ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට වාසනාවන්ත වීම පිළිබඳව ඇමරිකානු ප්‍රජාව වෙත දෙතිස් කතාවේ සුභ පැතුම් !




6 comments:

  1. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  2. කනිශ්කට පිස්සු!
    අර හෙළ කරුමේ පාට සිංහයා කියලා තියෙන්නේ තුරුම්පුවා සම කරන්න පුලුවන් සිරිසේන මහත්තයාටයි කියලා.
    අපි පිළිගන්නේ ඒ කථාව තමයි.

    ReplyDelete
    Replies
    1. දැන් අපි කොහොමෙයි තුන් මාසේ දානේ දෙන්නේ ???

      Delete
    2. අන්න එක තමයි කාරනේ,
      තුන් මාසෙ දානේ දෙන්න කලින් මල එකාට පන ඇවිත්.
      කමක් නැහැ දානේ දෙන්න බැරි වුනාට. අපේ එකා පන පිටින් ඉන්න බව දන්නවානේ. ඒකත් මදැයි.

      Delete
  3. මා සිතන අයුරින් නම්, ඇමරිකානු පිරිමින් හා ගැහැණු ට්‍රම්ප් වෙත මනාපය ප්‍රකාශ කරන්නට ඇත. පිරිමිත් නොවන ගැහැණුත් නොවන අය ක්ලින්ටන් වෙත සහය දැක්වූ බව පැහැදිළිව පෙනෙන්නට තිබිණි. ඒ කෙසේ වෙතත් අමරදේව අභාවයෙන් උණු නොවුණු ඔබේ පඬුපුල් අස්න මෙයින්වත් උණු වීම හොඳ නොවැ.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !