ඩොනල්ඩ් ට්‍රම්ප් අභය මුද්‍රාව දක්වමින් |
ලංකාවේ සිරිසේන සේම ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් ද ඇමරිකානු ජනතාවගේ නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ අපේක්ෂිකාව වූවාය. වෙනත් වචන වලින් කියතොත් හිලරි ක්ලින්ටන් ටොයියන් ආමන්ත්‍රණය කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇමරිකානු බයියන් වෙතය.
සිරිසේන වෙත ජනමාධ්‍ය සහය සහ ජාත්‍යන්තර සහය පැවති අයුරින්ම හිලරි වෙතද ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර සහය පැවතිණි. ජනාධිපතිවරණයට වසර කිහිපයක් පෙර සිටම රාජපක්‍ෂ ප්‍රතිරූපය වැට්ටවීමට ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියා කළ අයුරින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය වැට්ටවීමට ඇමරිකාවේ සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් ක්‍රියා කෙරිණි.
මේ ක්‍රියා මල්පල ගන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් දිනා ගැනීමට ක්ලින්ටන් සමත් වූයේ ලංකාවේ සිරිසේන වැඩි ඡන්ද හාරලක්‍ෂ ගණනක් ගත් අයුරින් මය. එහෙත් ඇමරිකානු ටොයියන්ගේ අවාසනාවට ඇමරිකානු ජනාධිපතිවරයා මහජනතාවගේ සෘජු ඡන්දයෙන් තේරී පත් වන්නේ නැත.
ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට වාසනාවන්ත වීම පිළිබඳව ඇමරිකානු ප්‍රජාව වෙත දෙතිස් කතාවේ සුභ පැතුම් !
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
ReplyDeleteජයවේවා!
ReplyDeleteකනිශ්කට පිස්සු!
ReplyDeleteඅර හෙළ කරුමේ පාට සිංහයා කියලා තියෙන්නේ තුරුම්පුවා සම කරන්න පුලුවන් සිරිසේන මහත්තයාටයි කියලා.
අපි පිළිගන්නේ ඒ කථාව තමයි.
දැන් අපි කොහොමෙයි තුන් මාසේ දානේ දෙන්නේ ???
Deleteඅන්න එක තමයි කාරනේ,
Deleteතුන් මාසෙ දානේ දෙන්න කලින් මල එකාට පන ඇවිත්.
කමක් නැහැ දානේ දෙන්න බැරි වුනාට. අපේ එකා පන පිටින් ඉන්න බව දන්නවානේ. ඒකත් මදැයි.
මා සිතන අයුරින් නම්, ඇමරිකානු පිරිමින් හා ගැහැණු ට්‍රම්ප් වෙත මනාපය ප්‍රකාශ කරන්නට ඇත. පිරිමිත් නොවන ගැහැණුත් නොවන අය ක්ලින්ටන් වෙත සහය දැක්වූ බව පැහැදිළිව පෙනෙන්නට තිබිණි. ඒ කෙසේ වෙතත් අමරදේව අභාවයෙන් උණු නොවුණු ඔබේ පඬුපුල් අස්න මෙයින්වත් උණු වීම හොඳ නොවැ.
ReplyDelete