Tuesday, March 22, 2016

සුභ සහ යස

දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්?


අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!!






රහතන් වහන්සේ නමක් බොරු කියද්ද ?

39 comments:

  1. ස ර ස තුමා පෙර පෝස්ටුවට දැමූ කොමෙන්ටුව සහ ඔබට ප්‍රදානය කල සර ස සම්මානය නිසා ඔබේ පෝස්ටු නෙලුම් යායේ කාරුනික ඇසට ලක් වීම ගැන ස ර ස තුමා ගේ බල්වවත් ප්‍රීතිය!

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව ඔබට ස්තූතිය !
      එහෙත්, නෙළුම් යායක් ගැන වද විය යුතුද?

      Delete
  2. හරිම 'සිල්ලර' ප්ලෑන් එකක්, හික් !

    ReplyDelete
    Replies
    1. මෙය දෙපැත්ත කැපෙන කතාවකි. ඔබ අදහස් කරන්නේ මා ගැනද ?

      Delete
  3. අපේ උන් රජා = ජනාධිපති කියල හිතන් ඉන්න එක තමයි ලොකුම ගොන් කම

    ReplyDelete
    Replies
    1. මෙයත් දෙපැත්ත කැපෙන එකකි. රාජ්‍යයයේ අධිපති රජු වන්නේ යම් සේ ද ජනරජයේ අධිපති ජනාධිපති වේ. එය නොසළකා හැරිය නොහැකි සමාන කමකි.

      රජකම බොහෝ විට ප්‍රවේණි වශයෙන් සහ සමහර විට සම්මතයෙන් ලැබෙන අතර ජනාධිපති කම ඡන්දයකින් (එ.ජ.) හෝ සම්මතයෙන් (ඉන්දීය) හෝ හිමි වේ. මෙය වෙනසකි.

      දැන් මෙහි ගොන් කම කවරක්ද ?

      Delete
  4. සිරිදූවේ පිටධම්ම............. ධර්මයෙන් පිටනේ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි.......

      සිරිදූවේ පිටධම්ම

      සිරිදූවේ = සිරිලංකාව නං දූපතේ
      පිටධම්ම = ධර්මයෙන් පිට දෙසන්නා....

      Delete
  5. මාත් මේක ඇහුව බුකියෙ ශෙයා වෙලා. කියන දේවල් තර්කානුකූලයි. බෞද්ධ කියල ජෛන සම්ප්‍රදාය සහ හින්දු දේව පූජා තමා අපි කරතියාගෙන යන්නෙ.
    ඒත් ප්‍රශ්නෙ රජකෙනෙක් ගැන කියන එකයි. අපට රජෙක් ඕන නෑ. අපට ඕන මහජන නියෝජිතයන්.ඒකාධිපතියෙක් සැපවිදින රජෙක් ඕන නෑ. ජනාධිපතිකෙනෙක් මදිද

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට ජනාධිපති කෙනෙක් හොඳටම ඇති. හැබැයි රජෙකුගේ වගකීම් වලින් ලොකු කොටසක් එහෙම පිටින්ම ජනාධිපති කෙනෙකුටත් පැවරෙනවා.
      උදාහරණ ලෙස රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, ජනතාවගේ යහ පැවැත්ම වගේ කාරනා.
      එතකොට අර සැප විඳින රජෙක් කියන කාරනාව රජාටත් සරළ ජනාධිපතිටත් පොදු නම්, අපි බලන්න ඕනේ අර කියපු යුතුකම් ඉටුකල හැක්කේ කාටද කියන එක නෙවෙයිද?
      මම රජෙක් නෙවෙයි සරළ ජනාධිපති කියන ගමන් ජර්මනියට ගිහින් කෙස් හිටුවන, අරයගේ පුතා ලැම්බොගිනි පැද්දා කියලා තමන්ගේ පුතාට ඉතාම වටිනා ලැම්බොගිනියක් ගෙනත් දෙන, අරයගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පුතා රට සවාරි ගියා කියලා ත්මන්ගේ පුතා කිසිම තනතුරකින් පරිභාහිරව එක්සත් ජාතීන්ගේ සමුළුවලට ගෙනියන රජෙක් නොවන ජනාධිපති කෙනෙක් හරිම වටිනවා

      Delete
    2. පළමුව කිව යුත්තේ රජෙක් යනු ඒකාධිපතියෙක්ම නොවන බවයි. බොහෝ දෙනෙක් රජා ය කිව් සැණින් (තම හිතේ) ඒකාධිපතියෙක් මවා ගනිති. අනතුරුව හිතේ මවා ගත් ඒකාධිපතියාට දිගට හරහට බැට දෙති.

      ඒකාධිපති පල්ලියේ බලපෑමෙන් ඒකාධිපති රජවරු රජකම් කළ රටවල සිට නිෂ්පාදනය කරන ප්‍රවාද ගෙඩි පිටින්ම ගිලගෙන මේ රටවල පණ්ඩිතයන් ලෙස පෙනී සිටීමට කැමති සිවිල් බලයක් ඇති අයියලා පිරිසක් විසින් එකී ප්‍රවාද ජනමාධ්‍ය ඔස්සේ නිරතුරුව වමනය දැමීම මීට හේතුව බව සිතමි.

      නිදහස් ලංකාවේ මෙතෙක් පහළ වූ ඉතාම තක්කඩි ඒකාධිපති බලලෝභී දූෂිත පාලකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ බව කියමි. ඒ රජෙක් නොවේ, අඩු වශයෙන් ජනාධිපතිවත් නොවේ. මෙවැනි වියරුවක් ඇති තුච්ඡ මිනිසෙකු ලංකාවේ ජනාධිපති පුටුවේ වාඩි වුණොත්...

      Delete
  6. අනේ කුහුඹුවනේ තොපිටත් රජෙක් ඉන්නේ කියල කියපු අපේ උන් දැන්?? රජෙක් එපාලු.. සිංහල ගොන් වහන්සේලා ටිකට නොතේරෙන්නෙ රජා කියන්නෙ සැප විදින එකාට නෙවේ.. සැබෑ නායකයෙකුට .. පිස්සෙක් උනත් කථාවේ මුළ ඉදන්ම ගත යුත්තක් තියෙනවා මේකෙ නන්..

    ReplyDelete
    Replies
    1. රජෙක් සිටීම හෝ නොසිටීම ප්‍රශ්නයකැයි නොසිතමි. විය යුත්තේ අර්ථයෙන්-ධර්මයෙන් රට කරවීමයි. අද නොකෙරෙන්නේ ද එයමයි.

      Delete
  7. ලංකාවේ මිනිස්සු කැමති කද බඩ මහත රජවරුන්ට...

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා කියන්නේ ජනවාරි අට ඊනියා විප්ලවය කළේ ඉන්දියාවෙන් ආපු තුනී කෙසඟ හිඟන්නෝ කියලද ?

      Delete
  8. රහතන් වහන්සේ කෙනෙක් තම රහත් බව සඟවාගෙන සිටිය යුතුමයි කියා මා හිතන්නේ නෑ. එම අදහස මරිය තුමිය ජීවිත කාලයම කන්‍යාවක්ව සිටියා යන අදහස වැනිම බොළඳ එකක්. එමනිසා පිටිදූවේ සමන්ත බද්‍ර හිමි තම රහත්බව පැවසීමේ වරදක් මා දකින්නේ නෑ. අනිත් අතට රහතන් වහන්සේ කෙනෙක් වුවත් කියන හැමදේම පිළිගත යුතුත් නෑ.

    හාමුදුරුවො මෙතනදී කීව අදහසනම් නියමයි. මටත් ඒ දවස්වල හිතුන දේ තමයි. වායු සමීකරණය කරලා තිබුනේ, රූපවාහිනී සවිකලේ අරලියගහ මන්දිරයේ කක්කුස්සියේ විතරද කියන එක.

    ReplyDelete
    Replies
    1. සමන්ත භද්‍ර රහතන් වහන්සේගේ රහත් බව මාතෘකා කර ගැනීම අපේ අවශ්‍යතාවය නොවේ. එහෙත්,

      // වායු සමීකරණය කරලා තිබුනේ, රූපවාහිනී සවිකලේ අරලියගහ මන්දිරයේ කක්කුස්සියේ විතරද //
      මේවා ගොං පාට් ය. මේවා ගොං පාට් බව සැක නැතිව කිව හැක්කේ මේවා ඇදගෙන යාමට තඩි ගොනෙක් යොදා ඇති නිසාය. ඒ තඩි ගොනා රං ගොන්ජා නමින් හැඳින්වේ. රං ගොන්ජා තඩි ගොනෙක් බව ඔප්පු වන්නේ ගම්පහ එ.ජා.ප ලැයිස්තුවෙන් ඉහළින්ම තේරුන බැවිනි.

      Delete
    2. අහෝ අවාසනාවක මහත,
      මේ හැම අවසන් වන්නේ ගම්පහ මතක් කර දීමෙනි
      පබාලාත්, මැරවින්ලාත් ඉහලින් මනාප ගත්තේ ගමපහින්ම බැවින් කුමක් කියන්නද?

      Delete
    3. ගම්පහ ළමයි පාරු පාලමෙන් එගොඩ වී කොළොඹ ඉස්කෝලෙ එන්නේ ඇයි ?

      Delete
    4. අපිත් සියනෑ කෝරලේ

      Delete
    5. රාගම මොන කෝරළේ ද ?

      Delete
    6. ඒ කියන්නේ ජෝසප් මහත්තයත් රාගම පැත්තේ කෙනෙක් වගෙයි !
      රාගමත් සියනෑ කෝරලේ ම තමයි.

      Delete
    7. හික්, අල්ලයි මගේ නැට්ට !
      දැන් අපි එහෙ නෑ.

      Delete
    8. ජෝසෆ් ඉන්නේ දෙක නෑ කෝරලේ.
      අපේ තාත්තා කියනවා ඉස්සර කියමනක් තිබුනලු සියනෑ කෝරලේ 4 දෙනෙක් කන කෑම හතර කෝරලේ එක්කෙනෙක් කනවා, සියනෑ කෝරලේ 7 දෙනෙක් කන කෑම හත් කෝරලේ එක්කෙනෙක් කනවා යනුවෙන්.

      Delete
    9. "අල්ලයි මගේ පස්ස" කියලා නෙවෙයි නේද කිව්වේ ?

      Delete
    10. නෑ එහෙම නෙවෙයි.

      Delete
  9. පහු ගිය දොහේ බ්ලොග් කාරයින්ට සම්මාන් දුන්නලු නේද?
    කතා 32ට සම්මාන දෙන හැටි බලන්න වත් ආරාධනාවක් ලැබුනේ නැද්ද?
    ඔබතුමා මේවා ගනන් ගන්නේ නැති බව හොඳාකාරවම දන්නවා. ඒත් එවැනි ආරාධනාවක් වත් ලැබීම හෝ නොලැබීම තුල ඔවුන්ගේ අගැයීම් නිර්නායක ගැන අපිට යම් වැටහීමක් ගන්න පුළුවන් ඒ නිසයි ඇහැව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔය සම්මාන උලෙල මනසින් අතහරින්න. සිරිධම්ම හාමුදුරුවොත් එහෙම තමයි කියන්නේ.

      Delete
    2. කණිෂ්ක මහත්තයා උත්තරයක් දෙයිද කියලා තව දවසක් දෙකක් බලලා මම ඕක කොහොමත් අත හැරලා දානවා තමයි. එහෙම හොඳ නේද?

      Delete
    3. සම්මාන උළෙලක් අල්ලාගෙන සිටියේ නැත - සා ර ස තුමාගේ අදහසට ප්‍රතිචාරයක් දැමුවා පමණි.

      Delete
  10. පිටිදුවේ හිමියන්ගේ ගමන් මග විමසීමේදී පෙනෙන්නේ ජනතාවට තමන් අමතකව යන විට නැවත මතක් කිරීමේ කලාවේ කෙළ පැමිණියකු බවයි.

    පුද්ගලයා කවරකු වුවද කියන කතාවේ ගත යුත්තක් ඇත. නයා නයකු ලෙස නොසිතන කල බබලත්හු දර මිටියට බඳිති. රජා රජකු ලෙස නොසිතන කල බබලත් නොවන සහ එසේ නොවන්නේත් නොවන අය රජා (ග්‍රාම) සේවකයකු කර ගනිති.

    ReplyDelete
    Replies
    1. "පිටිදුවේ හිමියන්ගේ ගමන් මග විමසීමේදී පෙනෙන්නේ ජනතාවට තමන් අමතකව යන විට නැවත මතක් කිරීමේ කලාවේ කෙළ පැමිණියකු බවයි."
      --- මෙය ඉතාම නිවැරදියි. පිටිදූවේ වැනි කපටි මහණුන් වෙනුවෙන් ප්‍රචාරයක් දීමේ අභිලාශයක් නැතත් ඔහු මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යන කල අලුත් (හෝ පැරණි) මාතෘකාවක් සමග කරළියට පැමිණීමට ඔහු දක්වන දක්‍ෂතාව අගය කළ යුතුයි. ඔහු බ්ලොග් ලිවීමට එකතු නොවීම අප අතර කප් ගැසූ බ්ලොග් ඔස්තාර්ලාගේ වාසනාවකි.

      "පුද්ගලයා කවරකු වුවද කියන කතාවේ ගත යුත්තක් ඇත."
      --- අප මෙය ප්‍රචාරය කළේම ඔය හේතුව නිසයි. මෙය අපත් නොයෙක් වර කියා ඇති මුත් අප කියනවාට වඩා ගැම්මක් පිටිදූවේ වැනි ධන-බල-කිර්තියෙන් ආඩ්ය වූවෙක් විසින් කීමේදී පවතියි. මෙය ප්‍රචාරය කළේ ඔබලාගේ ප්‍රතිචාර වලට වඩා අනාගත බලාපොරොත්තුවකිනි. ඒ මෙයට ඉලක්ක වන ගමරාළගේ ප්‍රතිචාරය ඔස්සේ කතා කිරීමට සුදුසු මාතෘකාවක් ලබා ගැනීමටයි.
      බලාපොරොත්තු වූ ලෙසම ගමරාළ ඊට ප්‍රතිචාර දක්වා තිබිණි.

      නයා නයකු ලෙස නොසිතන කල බබලත්හු දර මිටියට බඳිති. රජා රජකු ලෙස නොසිතන කල බබලත් නොවන සහ එසේ නොවන්නේත් නොවන අය රජා (ග්‍රාම) සේවකයකු කර ගනිති.
      --- මේ මසුරං කියමනකි.

      Delete
  11. පිටිදූවේ සිරිධම්ම හිමියන් මෙරට සම්ප්‍රදායික බුදු දහම සමඟ ගැටුම් ඇතිකරගත්විට රාවය වැනි පුවත්පත් කවදාවත් නැතුව එතුමාගේ බෞද්ධ දේශනා තම පුවත්පත් වල පලකිරීමට කටයුතු කලා. ඔවුන් එසේ කලේ පිටිදූවේ හිමි සහ මෙරට සාම්ප්‍රදායික බුදු දහම සමඟ ගැටීම් ඇතිකර දෙකම වැනසීමේ පවුටු අරමුනින්. නමුත් පිටිදූවේ හිමි ඒ වැඩවලට හවුල් වුනේ නැහැ.
    එසේම එතුමා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගියෙත් නැහැ. එතුමාගේ එම උජුපටිපන්න ගුනය අගය කල යුතුයි. අනිත් අතට වාහනයකට අමතර රෝදයක් අවශ්‍යයි වගේ මේ වගේ විකල්ප බෞද්ධ සම්ප්‍රදායයන් තිබීමෙනුත් හොඳක් වෙනවා. නමුත් ඒවා ප්‍රධාන සම්ප්‍රධාය සමඟ නොගැටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ අදහස සැළකිය යුතු බව පෙනේ.

      Delete
  12. මෛත්‍රීපාල කිව්වා එයා පාවිච්චි කරන්නේ පරණ නිල රථයක් කියලා.
    රජෙක්නම් ගැලපෙන රථයක් පාවිච්චි කල යුතුයි. පරණ කාර් එකක් පාවිච්චි කරනවානම් ගැන තැන් නැන්වල එය කියවීමෙන් වැලකිය යුතුයි. නැතිනම් ඔහු රජෙක් නෙමෙයි, ග්‍රාම සේවක කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේම උන්නැහේ කිව්වා උන්නැහෑගේ ආරක්ෂාවට එකම හමුදා භටයෙක් වත් තවම යොදාගෙන නැහැයි කියලා
      ඒ කියන්නේ උන්නැහේට කොටින්ගෙන් රෝ කල්ලියෙන් ආදී නොයෙකුත් සිරි ලකට විරුද්ධ කල්ලි වලින් කිසිම තර්ජනයක් නැහැ කියන එකත් උන්නැහේම දන්නවා කියන එකනේ. එතකොට උන්නැහේ සිරි ලකේ රජු ද? නැතිනම් ග්‍රාම සේවකද?

      Delete
    2. ජොසෆින් අපිත් එක්ක තරහා වෙලාද?

      Delete
    3. කවුද ඒ?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !