Wednesday, December 24, 2014

2015 දින දසුන

2015 වසර ඉක්මනින් එළඹින. අපට ඒ ගැන කළ හැකි දෙයක් නැත. කාලය අප වසඟයේ නොපවතී. පැරණි පඬියෙක් කාලය ගැන කියූ පඬි වදනක් අපට සිහියට නැගේ.
ඔබට කාලය කා දැමිය නොහැක. මක් නිසාද යත්, කාලය විසින් ඔබව කා දමන බැවිණි.
ඒ පඬි වදන කාලය ගැන කියූ ඉතාම වටිනා විග්‍රහයක් බව වසරක් අවසාන වන මේ සමයේ අප සිහියට ගත යුතුය.




ලබන වසරේ බලාපොරොත්තු විය හැකි දේ...

දින දසුන ලබා ගැනීම පිණිස මෙතැන කොටන්න
ලබන වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව මේ වන විට සැවොම දන්නා කරුණකි. ඒ ජනවාරි අට වැනිදාය. අලුතින් පත් වන අපේ ජනාධිපතිතුමා බැහැදැක ආශිංසන පළ කිරීම පිණිස පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයා ඉතාම බලවත් වතිකාන රාජ්‍යයේ අධිපති තුමාය. එතුමෝ ජනවාරි මස තෙලෙස්වැනි දා මෙරට සැපත් වෙති.

පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ඉතාම ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී හා නවසීලන්තයේදී ආරම්භ වේ. මේ තරඟාවලියෙන් අනතුරුව තම එක්දින ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම පිණිස මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.

මෙයට අමතරව පළාත් සභා මැතිවරණ සහ මහමැතිවරණයකුත් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. මේවා පැවැත්වෙන දින හරියටම දන්නේ 'ඊනියා' රාජකීය දෛවඥයන් පමණකි.

කෙසේ වුව ලබන්නා වූ නව වසර වෙනුවෙන් මෙවරත් දින දසුනක් සැපයීමට අප සූදානම්. පසුගිය වසරට වඩා මෙවර කර ඇති වෙනස නම් ඉහත විස්තර කළ ආකාරයේ සිද්ධි සටහන් කර ගැනීම පිණිස ඉඩක් එහි සපයා තිබීමයි. මෙවර දෙතිස්කතා දින දසුන ඉහත රූපය මත කෙටිමෙන් හෝ පහත බැඳිය වෙත යාමෙන් හෝ බා ගත හැක.


https://drive.google.com/file/d/0By77vdcQt-jyWEc0TzBQa290NW8/view?usp=sharing
සැමට සුබ නව වසරක් වේවා !

18 comments:

  1. වටිනවා..................... තුති

    ReplyDelete
  2. කථා 32 මිතුරු සැමට ලැබුවාවූ 2015 නව වසර සියළු පැතුම් ඉටුවන සාර්ථක වසරක් වේවායි මා සතුටු සිතින් පතමි.

    ReplyDelete
  3. මේවගේ බ්ලොග් එකක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැතුව ඇති. මෙහි ඉදිරිපත් කෙරෙන සමහර අදහස් විකාර වගේ පේන්න පුලුවන් ඒ වුනත් මේ වගේ සිතී මෙන් මිනිසාගේ නිර්මාණශීලිත්වය වර්ධනය වෙනවා. ඔබලාගේ කටයුතු ඉදිරියටත් සාර්ථකව කරගැනීමට ශක්තිය හා ධර්යය ලැබේවා

    ReplyDelete
  4. හැමෝම මේ දවස් වල චන්ද වැඩ වගෙයි!

    කථා 32 අමතක වෙලාද?

    ReplyDelete
    Replies
    1. කිසිසේත් නැත.
      චන්ද වැඩද නැත. දෙතිස් කතාව අමතක වී ද නැත. එහෙත් ලිවිය යුතු අලුත් කතාවක් තෝරා ගත නොහැකිව ලත වෙමි.

      Delete
    2. චන්දය පවත්වා අවසාන වීමට පෙර චන්දය ගැන ලිපියක් නොලියන්නේ ඇයි?
      අවසාන වූ චන්දයක් ගැන විග්‍රහ කිරීමට ඕනෙම ගොනෙකුට හැකියි නේද ?

      Delete
    3. අහන්නත් සතුටුයි!
      ඒත් ඇයි එහෙමනම් අර ජගත් තමාගේ අදහසක් අපගේ අවධානයට යොමුකල එක ගැනත්, ඇනොනිමස් කෙනෙකු නගා ඇති පැනයටත් කිසිම අවධානයක් යොමු වී නැත්තේ?

      Delete
    4. provocation at its best !

      Delete
    5. අපේ ලොකු උන්නැහේ ගැනයි මේ කියන්නේ.
      හැබැයි උන්නැහේට ඇඟිල්ලක් දික් කරනකොට අපි දිහාවට ඇඟිලි කීපයක් දික් වෙලා තියෙනවා. ඒකයි අවුල. හික් !

      Delete
    6. ලොකු උන්නැහේ නෙවෙයි අපිනේ මෙතන මරාගන්නේ. ඉතින් මම බැලුවා මේ මොකද හිටි ගමන් ගේමක් ඉල්ලන්නේ ඡන්ද උනුහුම වැදිලද කියලා.
      අනේ මන්ද ලොකු උන්නැහේනම් බොහෝම නිස්සද්දයි.
      මට හොඳ මාතෘකාවක් ලැබුනා ඒ ගැන ලිපියක් සකසමින් ඉන්නේ ඒත් ඒක මට කියන්න ඕනේ දේ කියවෙන විදියට සකසා ගන්න අමාරුයි තව ටිකක් උත්සහ කරන්න ඕනේ කාලේ වැය කරලා.

      Delete
    7. ඔබ තුමා ලිපියක් ලියන්න. මම හුරේ දාන්නම්. හික් !
      හැබැයි අපේ ලොකු උන්නැහේට මොකද දන්නේ නෑ උනේ. චන්දෙ පහු වෙනකම් හැංගෙන්න වැඩක් වෙලාද දන්නේ නෑ. නැත්නම් අර දවසක වගේ ඉන්ටෙර්නෙට් කපල වෙන්නත් පුළුවන්. පව් දුප්පතා. මහරජාට කඩේ ගියාට කිසිම වාසියක් ගත්තේ නැතුව ඇති.

      Delete
    8. මහරජාට කඩේ යාම එකකි. මහරජා පිළිබඳ හැඟීම් පල කිරීම තවෙකකි.
      පරිගණකයට සිදු වූ අකරතැබ්බයක් නිසා ජාලයෙන් වහං වී සිටීමට සිදු විය. 9 වැනිදා ලිපිය පල කළේ අපගේ පරිගණකයෙන්ද නොවේ. ඒ ගැන සිතීමට දෙයක් දැන් නැත.

      Delete
  5. කුසලෙන් පිනෙන් බර වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !! සියලු දෙනාටම.

    ReplyDelete
  6. මාර පරාජය !
    කොහොමද සිරිසේනගේ වැඩ !!!
    දැන් 'අයියෝ සිරිසේන කියන්න වෙන්නේ මයින්දට... හික් !
    මේවට තමා ඉල්ලන් කනවා කියන්නේ, ඇදගෙන නානවා කියලත් කියනවා.

    ReplyDelete
    Replies
    1. හදිස්සි උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනවා.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !