ඔබට කාලය කා දැමිය නොහැක. මක් නිසාද යත්, කාලය විසින් ඔබව කා දමන බැවිණි.ඒ පඬි වදන කාලය ගැන කියූ ඉතාම වටිනා විග්‍රහයක් බව වසරක් අවසාන වන මේ සමයේ අප සිහියට ගත යුතුය.
ලබන වසරේ බලාපොරොත්තු විය හැකි දේ...
ලබන වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව මේ වන විට සැවොම දන්නා කරුණකි. ඒ ජනවාරි අට වැනිදාය. අලුතින් පත් වන අපේ ජනාධිපතිතුමා බැහැදැක ආශිංසන පළ කිරීම පිණිස පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයා ඉතාම බලවත් වතිකාන රාජ්‍යයේ අධිපති තුමාය. එතුමෝ ජනවාරි මස තෙලෙස්වැනි දා මෙරට සැපත් වෙති.පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ඉතාම ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී හා නවසීලන්තයේදී ආරම්භ වේ. මේ තරඟාවලියෙන් අනතුරුව තම එක්දින ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම පිණිස මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.
මෙයට අමතරව පළාත් සභා මැතිවරණ සහ මහමැතිවරණයකුත් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. මේවා පැවැත්වෙන දින හරියටම දන්නේ 'ඊනියා' රාජකීය දෛවඥයන් පමණකි.
කෙසේ වුව ලබන්නා වූ නව වසර වෙනුවෙන් මෙවරත් දින දසුනක් සැපයීමට අප සූදානම්. පසුගිය වසරට වඩා මෙවර කර ඇති වෙනස නම් ඉහත විස්තර කළ ආකාරයේ සිද්ධි සටහන් කර ගැනීම පිණිස ඉඩක් එහි සපයා තිබීමයි. මෙවර දෙතිස්කතා දින දසුන ඉහත රූපය මත කෙටිමෙන් හෝ පහත බැඳිය වෙත යාමෙන් හෝ බා ගත හැක.
https://drive.google.com/file/d/0By77vdcQt-jyWEc0TzBQa290NW8/view?usp=sharing
එල !
ReplyDeleteවටිනවා..................... තුති
ReplyDeleteකථා 32 මිතුරු සැමට ලැබුවාවූ 2015 නව වසර සියළු පැතුම් ඉටුවන සාර්ථක වසරක් වේවායි මා සතුටු සිතින් පතමි.
ReplyDeleteඑසේම වේවා !
Deleteමේවගේ බ්ලොග් එකක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැතුව ඇති. මෙහි ඉදිරිපත් කෙරෙන සමහර අදහස් විකාර වගේ පේන්න පුලුවන් ඒ වුනත් මේ වගේ සිතී මෙන් මිනිසාගේ නිර්මාණශීලිත්වය වර්ධනය වෙනවා. ඔබලාගේ කටයුතු ඉදිරියටත් සාර්ථකව කරගැනීමට ශක්තිය හා ධර්යය ලැබේවා
ReplyDeleteහැමෝම මේ දවස් වල චන්ද වැඩ වගෙයි!
ReplyDeleteකථා 32 අමතක වෙලාද?
කිසිසේත් නැත.
Deleteචන්ද වැඩද නැත. දෙතිස් කතාව අමතක වී ද නැත. එහෙත් ලිවිය යුතු අලුත් කතාවක් තෝරා ගත නොහැකිව ලත වෙමි.
චන්දය පවත්වා අවසාන වීමට පෙර චන්දය ගැන ලිපියක් නොලියන්නේ ඇයි?
Deleteඅවසාන වූ චන්දයක් ගැන විග්‍රහ කිරීමට ඕනෙම ගොනෙකුට හැකියි නේද ?
අහන්නත් සතුටුයි!
Deleteඒත් ඇයි එහෙමනම් අර ජගත් තමාගේ අදහසක් අපගේ අවධානයට යොමුකල එක ගැනත්, ඇනොනිමස් කෙනෙකු නගා ඇති පැනයටත් කිසිම අවධානයක් යොමු වී නැත්තේ?
provocation at its best !
DeleteAt whom?
Deleteඅපේ ලොකු උන්නැහේ ගැනයි මේ කියන්නේ.
Deleteහැබැයි උන්නැහේට ඇඟිල්ලක් දික් කරනකොට අපි දිහාවට ඇඟිලි කීපයක් දික් වෙලා තියෙනවා. ඒකයි අවුල. හික් !
ලොකු උන්නැහේ නෙවෙයි අපිනේ මෙතන මරාගන්නේ. ඉතින් මම බැලුවා මේ මොකද හිටි ගමන් ගේමක් ඉල්ලන්නේ ඡන්ද උනුහුම වැදිලද කියලා.
Deleteඅනේ මන්ද ලොකු උන්නැහේනම් බොහෝම නිස්සද්දයි.
මට හොඳ මාතෘකාවක් ලැබුනා ඒ ගැන ලිපියක් සකසමින් ඉන්නේ ඒත් ඒක මට කියන්න ඕනේ දේ කියවෙන විදියට සකසා ගන්න අමාරුයි තව ටිකක් උත්සහ කරන්න ඕනේ කාලේ වැය කරලා.
ඔබ තුමා ලිපියක් ලියන්න. මම හුරේ දාන්නම්. හික් !
Deleteහැබැයි අපේ ලොකු උන්නැහේට මොකද දන්නේ නෑ උනේ. චන්දෙ පහු වෙනකම් හැංගෙන්න වැඩක් වෙලාද දන්නේ නෑ. නැත්නම් අර දවසක වගේ ඉන්ටෙර්නෙට් කපල වෙන්නත් පුළුවන්. පව් දුප්පතා. මහරජාට කඩේ ගියාට කිසිම වාසියක් ගත්තේ නැතුව ඇති.
මහරජාට කඩේ යාම එකකි. මහරජා පිළිබඳ හැඟීම් පල කිරීම තවෙකකි.
Deleteපරිගණකයට සිදු වූ අකරතැබ්බයක් නිසා ජාලයෙන් වහං වී සිටීමට සිදු විය. 9 වැනිදා ලිපිය පල කළේ අපගේ පරිගණකයෙන්ද නොවේ. ඒ ගැන සිතීමට දෙයක් දැන් නැත.
කුසලෙන් පිනෙන් බර වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !! සියලු දෙනාටම.
ReplyDeleteමාර පරාජය !
ReplyDeleteකොහොමද සිරිසේනගේ වැඩ !!!
දැන් 'අයියෝ සිරිසේන කියන්න වෙන්නේ මයින්දට... හික් !
මේවට තමා ඉල්ලන් කනවා කියන්නේ, ඇදගෙන නානවා කියලත් කියනවා.
හදිස්සි උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනවා.
Delete