Sunday, October 5, 2014

ලං වී ම ට අත නොතබනු !

විදුලි බිලට 25% සහනයක් දෙන බව අපේ රටේ හැමෝගෙම "දෙන දෙයියා" වන අතිගරු ජනාධිපති ශ්‍රීමතාණන් විසින් පවසා වදාරා තිබේ.

රෝමයේ වතිකාන මාලිගයේදී ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය බැහැදුටු අවස්ථාව. (ඡායාරූපය:- සුදත් සිල්වා) - සිළුමිණ
සර්වබලධාරී දෙවියන් වහන්සේට පසුව සිටින උන් වහන්සේගේ මෙලෝ නියෝජිත තැන්පත් වතිකානුවේ රාජ්‍ය ශ්‍රී වළඳන ශුද්ධෝත්තමයානන් වහන්සේට පමණක් දෙවැනි වන (ඉහත සිළුමිණ පාඨය බැලූ විට මෙහි අනික් පැත්ත සත්‍යය කියා නොසිතෙන්නේ කාටද...), සතුරු තෙද බිඳින මහත් බල ඇති තමන් වහන්සේගේම බෑයන් වහන්සේ විසින් යෙදූ ආරක්‍ෂා විධිවිධානයන්ගෙන් සුරක්‍ෂිත, නෛකශ්‍රීයෙන් විරාජමාන කොළොම්පුර වැඩ වසන්නා වූ කරුණා නිධාන වූ, ත්‍යාගි ගුණයෙන් අනේපිඩු සිටාණන් පරදා වෙස්සන්තර රජාණන් හා සමතැන් ගැනීමට සුදුසු අප මහා රාජෝත්තමයාණන් වහන්සේ කීවොත් යමක් කීවාමය. දෙනවාය කීවොත් දෙනවාමය.

රාජෝත්තමයාණන් වහන්සේ අපේ හාමුදුරුවනේයි පපුවට ගසාගෙන විදුලි බිල අඩු කරන බව දෙසා වදෑරුවේ නම් මේ වන විටත් එය අඩු කිරීම පිණිස ආඥාවක් නිකුත් කර ඇතුවා නිසැකය. එකී රාජාඥාව මෙතෙක් ක්‍රියාත්මක වී නැත්නම් හේතුව මේ රජය තුල ම ඉන්නා කිසියම් බලවත් ආර්ථික ඝාතකයෙක් ම විය යුතුය. මේ රටවාසී යම් හුදියෙකුට මේ කරුණ ගැන යන්තම් හෝ සැකයක් ඇත්නම් වාසි වෙලාවට දේශප්‍රේමී වන පංචායුධ පක්‍ෂයේ ලස්සන රැවුලක් ඇති ඇමති තුමාගෙන් විමසා දැන ගනිත්වා !

ඒ ඒ වහන්සේලාට තමන් වහන්සේලාගේ ජෝගි තමන්ගේ පාඩුවේ නටා ගැනීමට ඉඩ දී විදුලි බිල ගැන අද කතා කරමු.




ලංවිම මනු කියවීම

මූලාශ්‍රය: විදුලිබල මණ්ඩල වෙබ් අඩවිය
පහත දැක්වෙන්නේ පසුගිය ජූලි මස 30 දින දිවයිනේ පල වූ ලිපියකි.

කර්තෘට ලියුම් - ඒකක 90 සහනය කෝ?

අඩු ආදායම්ලාභී පාරිභෝගිකයනට සහනයක්‌ වශයෙන් ඒකක 90 ක්‌ දක්‌වා සහන මිලකට විදුලිය ලබා දීමට ජනාධිපතිතුමා ලංකා විදුලිබල මණ්‌ඩලයට උපදෙස්‌ දුන් බව ප්‍රචලිත කරුණකි. එසේ වුවද මගේ නිවසේ පසුගිය මස ඒකක 83 ක්‌ පාවිච්චි කිරීම නිසා රු. 1685.90 ක විදුලි බිල්පතක්‌ මනු කියවන්නා ලබා දුනි. ඊට කලින් මස ඒකක 90 ක්‌ සඳහා බිල්පත වුයේ රු. 1120/- කි ඒ අනුව රු. 586/- ක වැඩිපුර මුදලක්‌ අයකර ඇත. මේ බිල්පත සම්බන්ධ කරුණු ගැන ලං. වි. ම. අවිස්‌සාවේල්ල විදුලි ඩිපෝවෙන් දුරකථනයෙන් විමසූ විට එහි නිලධාරියකු පැවසුවේ එම විදුලි බිල්පත නිවැරැදි බවයි.

මීට ටික කලකට පෙර ජනමාධ්‍ය මගින් මහා ඝෝෂාවක්‌ කරමින් විදුලි පාරිභෝගිකයනට සහනයක්‌ ලෙස ඒකක 90 ක්‌ දක්‌වා සහන මිලක්‌ ලබා දෙන බව ප්‍රචාරය කිරීම මේ වන විට පුස්‌සක්‌ වී ඇති බව ඒ අනුව පෙනී යයි.

විශේෂයෙන් අප වැනි විශ්‍රාමික රාජ්‍ය සේවකයනට ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් මෙවැනි බිල්පත් ගෙවීම මහත් අසීරු කරුණකි. මෙම කරුණ සම්බන්ධ ජනාධිපතිතුමාගේත්, විදුලි බල ඇමැතිතුමියගේත්, ලං. වි. ම. සභාපතිතුමාගේත් කාරුණික අවධානය යොමුකර ඒකක 90 සහනය යළි ලබාදීමට කටයුතු සිදු කරන්නේ නම් මැනවි.

පාදුක්‌ක ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයෙක්‌.
ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයින්ට තම තමන් විසින්ම තම මාසික ගාස්තුව ගණනය කර ගැනීමේ පහසුකම සළසා ඇති බව බොහෝ දෙනා නොදනී. මනු කියවන්නන් අතට මණ්ඩලය විසින් ලබා දෙන්නේ වගුවකි. විදුලි බල මණ්ඩලය තම මාසික ගාස්තු ගණනය කරන්නේ ඒ ඒ මනු කියැවීම් චක්‍රයට අදාළ දින ගණනට අනුරූපව බව ඉහත ලිපිය ලියූ පාරිභෝගිකයා දන්නේ නැත. අපි කෙළින්ම ලංවිම වෙබ් අඩවියට යමු.

එය භාවිතා කිරීමෙන් තමන්ටම තමන්ගේ මාසික විදුලි බිල බලා ගත හැකි අතර විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ ඔබේ මාසික විදුලි බිල පරාමිති දෙකක් මත මූලික වශයෙන් රඳා පවතින බවයි.
  1. බිල් චක්‍රයේ දින ගණන
  2. භාවිතා කළ ඒකක ගණන
මේ කරුණ අවබෝධ කර ගත් පසු ඉහත දිවයින පාඨකයෙක් වන පාදුක්‌ක ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයාගේ දුක් ගැනවිල්ලට පිළිතුර ලැබේ.

මෙය අවබෝධ කර ගැනීමට පහත උදාහරණය සළකමු.
ගණනයේ පහසුව තකා මාසයට දින 30 බැගින් අවුරුද්දට මාස 12 බව උපකල්පනය කරමු.

ගණනය 1: මාසයකට ඒකක 90 බැගින් භාවිතා කළේ නම්, විදුලිය සඳහා මාසික ගාස්තුව රු: 771.00 වේ.
මුළු අවුරුද්ද සඳහාම මෙවිට:
  • ඒකක = 90 x 12 = 1080.00
  • ගාස්තුව = 771.00 x 12 = 9250.00
ගණනය 2: මාස 6 ඒකක 89 බැගින් හා මාස 6 ක් ඒකක 91 බැගින් භාවිතා කළේ නම්, ඒකක 89 සඳහා රු: 761.00 ද, ඒකක 91 සඳහා රු: 798.75 බැගින් ද ගාස්තු වේ.
මුළු අවුරුද්ද සඳහාම මෙවිට:
  • ඒකක = 89 x 6 + 91 x 6 = 1080.00
  • ගාස්තුව = 761.00 x 6 + 798.75 x 6 = 9358.50
ඒකක ගණන නොවෙනස් ව තිබියදී අවුරුද්දක් සඳහා ගෙවිය යුතු මුදල වෙනස් වී ඇති අයුරු ඉහත උදාහරණයෙන් පෙනේ. ඒකක 90 ට අඩු බිල්පත් සඳහා මාසික ස්ථාවර ගාස්තුව රු: 90.00 වන විට ඒකක 90 ඉක්මවූ බිල්පත් සඳහා ස්ථාවර ගාස්තුව රු: 480.00 යන සාධකය ද සැළකූ කල මේ වැඩි වීම රුපියල් දහස් ගණනකි.

වැරැද්ද සිදු වී ඇත්තේ පාරිභෝගිකයාගේ අතින්ම මිස ලංකා විදුලිබල මණ්ඩලය අතින් නොවන බව ඒ අනුව පැහැදිළි ය. ඔහු ඒකක 90 දින 30 තුල භාවිතා කර, ඊළඟ වාරයේ ඒකක 83 ක් ඊට වඩා අඩු දින ගණනකින් (දින 27 කට වඩා අඩු ගණනකින්) භාවිතා කර ඇති බව කිව හැකිය. මනු කියවන්නා හරියටම දින 30 කින් ම පැමිණියේ නම් ඒ පාරිභෝගිකයා ඒකක 90 සීමාව ඉක්මවා භාවිතා කර මීටත් වඩා වැඩි බිලක්‌ ලබනු ඇති බවට සැකයක් නැත. මෙයින් ගැලවීමට නම් පාදුක්කේ පාරිභෝගිකයාට සිදු වන්නේ දින කිහිපයක් විදුලිය විසන්ධි කර අඳුරේ සිටීමට හෝ දින කිහිපයකට නිවෙස වසා දමා සඤ්චාරයක යාමටයි.

විදුලිබල මණ්ඩලය ඒකක ගාස්තුව නියම කරන ඒකක ගණන දැනගෙන ඊට අඩුවෙන් මාසික පාරිභෝජනය තබා ගැනීමට යත්ත දැරීම මේ අනුව වඩා පලදායි වේ.

පාදුක්ක ප්‍රදේශයේ පාරිභෝගිකයාගේ අත්දැකීම අප ද පෙබරවාරි මාසයේ දී පෞද්ගලිකව අත් වින්දෙමු. මේ ක්‍රමය "තක්කඩි" ක්‍රමයක් බව අපේ නිගමනය විය. ඇත්ත වශයෙන් මේ ගාස්තු නියම කිරීමේ ක්‍රමයේ වැරද්දක් ඇත. වැරැද්ද නම් පාරිභෝගිකයා ක්‍ෂණික වර්ගීකරණයකට ලක් කිරීමයි.

පාරිභෝගිකයා වර්ගීකරණයකට ලක් කළ යුත්තේ දීර්ඝ කාලින දත්ත ඇසුරෙන් බව අපේ පෞද්ගලික අදහසයි. උදාහරණයක් ලෙස පසුගිය වසරේ විදුලි පාරිභෝජනය සළකා මාසික පාරිභෝජනය ගණනය කර (365 න් බෙදා 30 න් වැඩි කර) පාරිභෝගිකයා A, B, C, ... ආදී වශයෙන් කාණ්ඩ කළ හැක. ඒකක 30 ට වඩා අඩු අය එක කාණ්ඩයක්, 30-60 අතර, 60-90 අතර ආදී වශයෙන් තෝරා ගත්තේ නම් මාසයෙන් මාසයට අධික විචලන නොවන අතර පාදුක්කේ පාරිභෝගිකයාගේ දුක්ගැනවිල්ල වැනි දේ අසන්නට නොලැබෙනු ඇත.

එහෙත් එය ප්‍රයෝගික නැත. ඊට වඩා දැන් පවතින ක්‍රමය මණ්ඩලයටත්, එතරම් උගත් පිරිසක් නොවන මනු කියවන්නන්ටත්, එසේම විදුලි බල මණ්ඩලයේ ලිපිකරු පිරිසටත් පහසුය. මේ ගණනය සිදු කරන පරිගණක පද්ධතිය යාවත්කාලින කරන පරිගණක ක්‍රමලේඛකයින් ද මෙහිදී සිහිපත් කළ යුත්තේ ඒ අය අමතක කළොත් අර පිරිසට අගෞරවයක් විය හැකි බැවිණි.

අනෙක් අතින්, අප යෝජනා කරන ආකාරයේ කාණ්ඩ කිරීමක් කළොත්, ඊට ද පාරිභෝගිකයින් කැමති වේ යැයි කිව නොහැක. දැන් ක්‍රමයේ දී මනු කියවන්නා මිත්‍ර කර ගැනීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ ඒකක 91,92,93 පමණ වන බිලක්‌ ඒකක 90 ට සාදා ගැනීමෙන් රුපියල් සිය ගණනක වාසියක් ලැබේ. මාස කිහිපයක් මෙසේ කර එක මාසයක ඒකක 115 පමණ එකවර පරිභෝජනය කළ ලෙස සාදා ගැනීමෙන් වංචා කළ හැකි මුදල ඒ ඒ පුද්ගලයාට ම් ගණනය කර ගැනීමේ පහසුව ලංවිම ම සළසා දී තිබේ. ඉතිං තව මොනවාද...

මේ සියල්ලට හේතුව මීට වසර කිහිපයකට පෙර හඳුන්වා දුන් මේ කෛරාටික ගාස්තු ක්‍රමයයි.

මීට පෙර පැවති ක්‍රමයේ දී ඒකක 90 වඩා භාවිතා කළත්, ඒකක 90 දක්වා වන ඒකකයකට ගෙවිය යුතු මුදල ඒකක 90 ට වඩා අඩුවෙන් භාවිතා කළ පාරිභෝගිකයාට වඩා වෙනස් වුනේ නැත. ඒකක 90 දක්වා මේ දෙකොට්ඨාශයටම එකම ගාස්තුවකි. ඒකක 90 ට වඩා වැඩිපුර භාවිතා කළ පුද්ගලයා ඒ වැඩිපුර භාවිතා කළ ඒකක ගණනට පමණක් වැඩිපුර ගෙවයි. දැන් කරන්නේ ඒකක 90 ඉක්මවූ වහා 90 ඉක්මවූ ඒකකයක මිල මුල් ඒකක 90 ට ද ගෙවිය යුතු ලෙස ගණනය කිරීමයි.

මේ මගින් ඒකකයක මිල අඩුවෙන් පෙන්වා පාරිභෝගිකයාට මානසික අල්ලසක් දිය හැක. එහෙත් බිල එන විට ඔහුට අල්ලාඃ නම් අති භයානක රාක්‍ෂයා ආරූඪ වීම නම් වැළැක්විය හැකි ජගතෙක් නැත.

වැදගත් මූලාශ්‍ර:

57 comments:

  1. අවංකවම, මේක නම් සුපිරි ලිපියක්.

    1. වහන්සේලා ගැන විග්‍රහය කිරි ගහට මෝල් ගහෙන් ඇනලා වෙඩිත් තිබ්බා වගේ. 100% හරි.
    2. පාදුක්කේ පොරගේ මෝඩ කම සාධක සහිතව ඔප්පු කර බිල් පත් ක්‍රමයේ "කෛරාටික" බව මනාව හෙළි කර ඇත.
    3. අවසානයේ "මේ මගින් ඒකකයක මිල අඩුවෙන් පෙන්වා පාරිභෝගිකයාට මානසික අල්ලසක් දිය හැක. එහෙත් බිල එන විට ඔහුට අල්ලාඃ නම් අති භයානක රාක්‍ෂයා ආරූඪ වීම නම් වැළැක්විය හැකි ජගතෙක් නැත." යනුවෙන් මේ කූඨ උපක්‍රම වලට එල්ල කරන ප්‍රහාරය මාරාන්තික එකක් බව පෙනේ.
    4. ආරූඪ වන අති භයානක රාක්‍ෂයා අල්ලාඃ නම් වීමත් නියම වචන යෙදීමකි - ඌට වඩා අති භයානක රාක්ෂයෙන් ඇත්ත වශයෙන් නැත.

    මේ අනුව මෙතෙක් ලියවුනු ලිපි අතර ඉහල තැනක මේ ලිපිය ස්ථානගත කළ හැකි බව කිව හැක. (කලින් ලිපිය චාටර් කියපු නිසා සනසන්න කියනවා නෙමෙයි ඕං !)

    දැන් මම කරන්න යන්නේ අර කියපු වංචා ක්‍රමයෙන් කොහොමද වැඩ කරන්නේ කියලා ගණන් හදන එකයි. හික් !!

    ReplyDelete
    Replies
    1. හඃ !
      වංචා කරන්න එපා මල්ලි. වංචා කරන්න දෙතිස් කතාවෙන් උල්පන්දම් දීල නෑ.

      Delete
    2. වංxහා කිරීම කෙසේ වෙතත් වංචා අල්ලාගැනීමට නම් ඉන් ඉඩක් සැලසුනි.
      මා ඉඳහිට මාස කිහිපයකට වරක් බිල්පත් මෙසේ වෙබ් අඩ්වියෙන් පරික්ශා කිරීම කර ඇත. එහෙත් මෑතකදී එසේ නොකලේ පරීක්ෂාකරන සෑම විටකදීම බිල් පත නිවැරදි වූ බැවිනි.
      එහෙත් මෙවර බිල්පත නැවත සසඳා බැලුවෙමි. ආශ්චර්‍යයකි, වෙබ් අඩවිය කියනවාට වඩා මා හට ලැබී ඇති බිල්පත රුපියල් 855.00 කින් වැඩිය. දැන් ඉතින් පලයන්කෝ උන්ගේම පස්සෙන් ලියුම් ලියාගෙන මේ 855.00 අඩුකරගන්න.
      මොකට මේ ලිපිය කියෙව්වද කියල හිතුන එතකොට.

      Delete
    3. සිතුවිළි,
      ඔත්තුවක් දෙන්නම්.

      වැදගත් මූලාශ්‍ර වල තියෙනවා "සැප්තැම්බර 16 දක්වා බල පැවැත්වූ ගාස්තු ක්‍රමය" කියල එකක්.

      ඒකෙ තේරුම තමයි අලුත් බිල් ක්‍රමය බලපවත්වන්නේ එදා සිට ඉදිරියට. දැන් ඔන්ලයින් කැල් එකෙන් හදනකොට ගාන එන්නේ මුළු මාසයම අළුත් ක්‍රමයට ගණනය කරන්නට ඇත කියා සිතමි.
      // මගේ සිතුවිල්ලක් නිසා වැරදි විය හැක.

      Delete
    4. ඒක වෙන්න බැහැ,
      අළුත්ක්‍රමය තවම ගැසට් කරලවත් නැහැ. එක හරියටම කොහොමද කියලා දන්න කෙනෙකුත් නැහැ.
      ගැසට් කරාට පස්සේ මීලඟ මාසයේ බිල්පතේ සිට අළුත් මිල ක්‍රමය බල පැවැත්වෙන බවක් කියා තිබුනා. ඒ වගේම දැනට නිකුත් කොට ඇති බිල්පත් වල සැප්. 16යෙන් පසු කාලය සඳහා මීලඟ බිල්පතෙන් අඩුකිරීම දෙන බවකුත් කියා තිබුනා.
      කොහොම උනත් මම දැන් ඉතින් මුන්ගේ පස්සෙන් යන්න පටන් ගන්න ඕනේ මේක නිවැරදි කර ගන්න.
      කතා 32 නොකියවා හිටියනම් මේ මුකුත් නැහැනේ.

      Delete
    5. සිතුවිළි,

      ඔබේ ඉඟිය අනුව ම ගේ විදුලි බිලත් පරීක්‍ෂා කළෙමි. 'ආශ්චර්‍යයකි, වෙබ් අඩවිය කියනවාට වඩා මා හට ලැබී ඇති බිල්පත' 18.18% කින් වැඩිය. මේ අනුව නිගමනය පහත පරිදි වේ.
      1. වෙබ් අඩවිය යාවත්කාලින කර ඇත.
      2. මනු කියවන්නාට දෙන වගුව යාවත්කාලින කර නැත (ඔහු පැරණි වගුව අනුව ගාස්තු නියම කරයි).
      3. ලංවිම ලිපිකරු පිරිස විසින් ඔබේ පරිභෝජනයට අනුව නිවැරදි බිල්පත් අගය ගණනය කර ඔබේ ගිණුමට බැර කරනු ඇත.
      4. එය ඊළඟ මාසයේ (ඔක්තෝබර්) බිල නිකුත් කරන විට ඒ ගාස්තුවෙන් අඩු කරනු ඇත. මෙය කිරීම පිණිස මනු කියවන්නාට අලුත් වගුවක් මේ මාසය තුලදී ලබා දෙනු ඇත.

      අපගේ උපකල්පනය: නව බිල්පත් ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් 16 සිට වන නිසා මනු කියවන්නා අතට නව වගුව යන්නේ ඔක්තෝබර් 16 වෙනිදාය. එතෙක් බිල්පත් ලැබෙන්නේ පරණ ක්‍රමයට ම වේ.

      මේ අනුව, ඔබ 855 කින් වැඩි බිලක්‌ කීවත් එතරම් මුදලක් ඔබේ බිලෙන් අඩු නොවනු ඇත. රුපියල් 300 පමණ අඩු වීමේ ඉඩ පවතී.

      Delete
    6. හ්ම්ම්....
      එහෙමනම් ඊලඟ බිල එනකම් ටිකක් ඉවසගෙන බලා ඉමු.....

      Delete
  2. සැ.යු.: IE11 දෙතිස් කතා පෙනෙන්නේ නෑ හලෝ. මොනවා හරි කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන යමක් කරන්නම්.
      දෙසතියක් කල් දෙන්න.

      Delete
    2. හා !
      ඔක්තෝබර් 20 වෙනකම් කල් දෙනවා.

      Delete
  3. "වාසි වෙලාවට දේශප්‍රේමී වන පංචායුධ පක්‍ෂයේ ලස්සන රැවුලක් ඇති ඇමති තුමාගෙන් විමසා දැන ගනිත්වා !"

    LcN එක බෞද්ධ ලෙස පෙනී සිටින බෞද්ධ විරෝධී ගුබ්බෑයමක් බව පැහැදිළියි. දැන් බලන්න, පෝය දවසට මුන් වැඩ !
    අද නිවාඩු !! හරක් කපන්න ගිහිං බඩ දෙල් වෙන්න කාල බුදි ඇති හැතිකරේ..

    සාමාන්‍යයෙන් මම LcN ගැන ඒකට දාන කොමෙන්ට් උන් පල කරන්නේ නැතුව කපල දානවා, විශේෂයෙන්ම උන්ගේ හෙඩ්ලයින් ගැන. උන් බෞද්ධ කමට කිසිම සම්බන්ධයක් නැති දේ වලටත් සම්බන්ධයක් තියෙන විදියට හෙඩින් දානවා. මම මුලින් මුලින් හිතුවේ හිට් වැඩි කර ගන්නයි මෙහෙම කරන්නේ කියලා. දැන් පැහැදිළියි මේ අයියලා හදන්නේ නැති අවුල් ඇති කරන්න කියලා. මේ උදාහරණ:

    * මහ දවාලේත් යෝගාවචර භික්‍ෂුන් පෙනී නොපෙනී යන හාස්කම් වනපෙතක් අනුරාධපුරයෙන් හමුවේ…
    * අනුරාධපුරයේදී රහතන් වහන්සේ නමක් දානය පිළිගෙන එර්දි වේ..
    * පන්සලේ ඉඩම විකුණා ඇත්තේ BBS මුදල් ලේකම්.. ඒක අපිට අවුලක් නෑ – ඥාණසාර (පසුව 'හිමි' කරන ලදී )
    * සෝභිත හිමි රජ කරවන රජ බඩු ටික මෙන්න
    * ඥානසාරට උත්තර දෙන්න හරක් ඉන්නවා.. මං මොනවත් කියන්නෙ නෑ
    * චිරතු හිමියන් ශ‍්‍රී ලංකාවේ.. ඊයේ රාත‍්‍රී ඇවිත්..
    * වතිකානුව, රවි කරුණානායක හා එක්ව ලංකාවට එරෙහිව සාහසික කුමන්ත‍්‍රණයක
    * බොදු බල සේනාවේ අලූත් ජාතික නායකයා ගෝඨාභයලූ
    * සතුන් මරන්න ඕනෑ මෘදු ලෙස වේදනාව නොදැනෙන්නයි.. – ජමිතුල් උලමා
    * ලංකාවට එන්නේ තවත් එක් පාප්තුමෙකු නොවේ.. එතුමන් ඉතිහාසයේ පෙරළිකාරම චරිතයයි…

    මේ හැම ලිපියකම තේමාව බෞද්ධ බලවේග වලට පහර දීම; නැතිනම් පහර දීමට අවස්ථාව සළසා දීම.

    ReplyDelete
    Replies
    1. ජෝසප් ඔබේ මේනිරීක්ෂනය ගැනමමත් 200% එකඟයි. ඔබ මෙන්ම මමත් මේ ආගම් අතර කෙටීම් ඇති කරවන සුළු මාතෘකාවන්ට එරෙහිව කොතෙකුත් අදහස් පල කොට තිබෙනවා. එහෙත් කිසි දිනෙක ඒවා පලනොවුනු අතර එම මාතෘකාවන් වෙනස් කිරීමක්ද වූයේ නැත.
      ඔවුනට උවමනා ජාතීන් අතර ගැටුම් කාරී බවින් හිට්ස් ගාන වැඩිකර ගැනීම විය හැකියැයි මා සිතුවෙමි.
      එසේම අද දිනයේ ඔවුන් නිවාඩු ගොස් ඇති බවද පැහැදිලිවම නිරීක්ෂනය කලෙමි. එහෙත් මෙහි අදහස මොවුන් මිසල්මානුවන් බවද?

      Delete
    2. lankacnews අඩවිය අප ඉහත සඳහන් කළ ලස්සන රැවුලක් ඇති ඇමති තුමාගේ නායකත්වයෙන් යුත් වාසි වෙලාවට දේශප්‍රේමී වන පංචායුධ පක්‍ෂයේ වෙබ් අඩවියයි. කිසිම තේරුමක් නැති, එහෙත් ඒ පක්‍ෂයට සම්බන්ධයක් ඇති පල් හෑලි පදරංගයන් සේ දිග හැරෙන්නේ ඒ නිසාය.

      මේ වන විට නියම අරමුණක්-ප්‍රතිපත්තියක් නැතිව එදා වේල පක්‍ෂයක් බවට පත් වී ඇති මේ පක්‍ෂයේ ක්‍රියා පටිපාටියට අනුකූල වන ලෙස ඒ වෙබ් අඩවිය පුවත් පල කරනු පෙනේ. ඒ කිසි පිළිවෙලක් නැති ඉලක්කයක් නැති ඕපාදූප තැන් තැන් වලින් එකතු කර පල කිරීමෙනි.

      මෙහි පල වන බොහෝ පුවත් වෙන තැන් වලින් ගත් copy-paste වේ. නියම මූලාශ්‍රය වෙත බැඳියක් නො-සපයන බැවින් බොහෝ දෙනා සිතන්නේ මෙය තමන් විසින් පුවත් සොයා පල කරන පුවත් වෙබ් අඩවියක් බවයි.

      එහෙත් සත්‍යය ඊට වඩා වෙනස් ය. lankacnews යනු ඉලක්කගත නොවූ දේශපාලන අරමුණක් සහිත ඕපාදූප ගොටුවකි. චන්දයක් ඇති කාලයට ප්‍රචාරක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කිරීම පිණිස පවත්වාගෙන යන මේ වෙබ් අඩවිය ජන්දයක් නැති කාලයට පිරිස රඳවා ගැනීම දරන උත්සාහයයි මිතුරු ජොසෙෆ් අපට පෙන්වා දෙන්නේ.

      "LcN එක බෞද්ධ ලෙස පෙනී සිටින ..." බවක් ජොසෙෆ් කෙසේ තේරුම් ගත්තාදැයි සිතිය නොහැක. lankacnews කිසි තැනක බෞද්ධ ලෙස පෙනී සිට නැත.

      තමන් දේශප්‍රේමී ලෙස පෙනී සිටීම පිණිස දේශද්‍රෝහී බලවේග වලට එරෙහි ලිපි පල කිරීමත්, තමන් "දේශප්‍රේමී"න්ගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීමේ උවමනාව මත අනෙක් "දේශප්‍රේමී"න්ට පහර පිට පහර දීමේ මෙහෙයුමක නියැලීමත් අපට මුල සිට නිරීක්ෂණ වූ කරුණකි.

      ඔබලාට කිසියම් නිදහසකින් ප්‍රතිචාර දැමීමට ඉඩ දීම හැර වෙන වැදගත් සේවයක් එමගින් ඉටු නොවේ. දෙතිස්කතා වෙත කිසියම් පාඨක ප්‍රමාණයක් ඒ වෙබ් අඩවිය ඔස්සේ පැමිණෙන බව සැබෑවකි. එහෙත් ඒ වෙබ් අඩවියේ පිළිවෙත විවේචනය කිරීමට ඒ පෞද්ගලික හවුල බාධාවක් නොවිය යුතුය.

      Delete
    3. මේ කතාව එක්ක එකඟ වෙන්න පුළුවන්. විමල් වීරවංස, මුසම්මිල් සහ අර අනිත් මැර පෙනුමක් තියෙන තට්ට පොරගේ මගුල් මහා දිගට දානවා. බොදු බලේ පෙන්නන්න බෑ. පාටලීට හෙළ උරුමෙට හීන් නූලෙන් කැපිල්ල දානවා. නලියට ඉන්න දෙන්නේ නෑ.

      LcN එක ලෑස්ති වෙන්නේ දේශප්‍රේමේ sole agent වෙන්න තමයි - හරියට පිරබාරන් දෙමළ ජාතිවාදයේ "එකම නියෝජිත" වෙන්න හැදුවා වගේ. දෙතිස් කතාවේ කතා කරන්න හොඳ සෙනඟක් නැති නිසා මිසක්... නැත්නම් මම LcN අතෑරල දානවා. මම කීප සැරයක්ම ඒකෙ කොමෙන්ට් දාන එක නැවැත්තුවත් ආපහු දාන්න සිද්ධ උනා.

      Delete
  4. විදුලිබිල ගනනම් දාල තියන ලිපියනම් සුපිරි සීනිව්ස් කාලකන්නි ගෑනනම් කියල වෑඩක් නෑ උන් කිසිම කොමෙන්ට් එකක් පළකරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අපි දාන ඒවගෙන් නම් බහුතරය පල වෙනවා. මම හිතන්නේ LcN එකේ ඉන්න කොන කපපු සැට් එක ඊයේ හජ්ජි නිවාඩු. හික් ! බෞද්ද වගේ පෙන්නුවට අතේ මාට්ටු. මුන් පෝය දවසට නම් පස්ස ඉරාගෙන වැඩ.

      Delete
    2. * අපි දාන ඒවගෙන් නම් බහුතරය පල වෙනවා. LcN එකට බැන්නත් පල වෙනවා. ඒත් තර්කානුකුලව පිළිවෙලට වැරැද්ද පෙන්වා දුන්නොත් කපනවා. මොකද එතකොට මේ අයගේ කුහක කම් අනිත් මිනිස්සුන්ට තේරෙන නිසා.

      Delete
    3. මිතුර ඔබ දෙතිස් කතාවට සාදරයෙන් පිළිගනී. ප්‍රතිචාරයක් දැමීම ගැන තුති.
      ඊළඟ ප්‍රතිචාරය දමන විට ගැලපෙන අන්වර්ථ නාමයක් යොදා ගන්නේ නම් මැනවි.

      Delete
  5. ලං වී ම ට අත නොතබනු !
    ලංවීමට අත තිබ්බත් කමක් නැ. පාප් වහන්සේට අත නොතබනු!

    ReplyDelete
    Replies
    1. බිංදුට තමයි ඒක අහු උනේ !
      (බිංදුටත් අහු උනේ නැද්ද දන්නේ නෑ - එහෙම උනොත් මට හූ !!!)

      මම ඇත්තටම මේ ලිපියට මුලින් යොදා ගත්ත මාතෘකාව වෙන එකක්. හැබැයි අපේ ජනපති යුවල ඒ අයගේ ගැලවුන්නාන්සේ එක්ක ඉන්න පින්තූරේ දැක්කම මේක තමයි සිහියට ආවේ.
      ලංවිමට අත නොතබනු ! ==> ලං වී මට අත නොතබනු !

      බලන්නකෝ ආරියාව ලඟට වෙලා ඉන්න අපූරුව - පාප් වහන්සේගේම බාරියාව වගේ.
      පාප් වහන්සේට මෙහෙම හිතෙන්න ඇති කියලා මට හිතුනා.

      Delete
  6. Replies
    1. ලංවිමට අත නොතබනු ය යන්න චන්ද්‍රිකා ජනාධිපති සමයේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමේ මෙහෙයුම යටතේ විදුලි බල මණ්ඩලය හත-අටකට කඩා ඒකාධිකාරය බිඳ පෞද්ගලිකකරණයට යාමට කළ සැළසුමට එරෙහි උද්ඝෝෂකයන් අත පැවති සටන් පාඨයකි.

      Delete
    2. මම අත පිච්චෙයිද ඇහුවේ බිංදුගෙන්.
      ඒ කිව්වේ පාප් වහන්සේට අත තිබ්බොත්, කියන අදහසින්
      හැබැයි ප්‍රථිචාරය වැටුනෙ හරි තැන නෙවෙයි. ඒක නරක වෙලාව.
      ලං වී මට අත නොතබනු! ඒකනම් අගේ ඇති කථාව.

      Delete
  7. "සර්වබලධාරී දෙවියන් වහන්සේට පසුව සිටින උන් වහන්සේගේ මෙලෝ නියෝජිත තැන්පත් වතිකානුවේ රාජ්‍ය ශ්‍රී වළඳන ශුද්ධෝත්තමයානන් වහන්සේට පමණක් දෙවැනි වන.." මෙපමණ ආගමික වටිනාකමක් ඇති පුද්ගලයකු වෙත අත තියයි කියලා මට බය හිතුනා. ආර්යාව ඉන්න තැන හොද මදියි නේද?

    ReplyDelete
    Replies
    1. හික් හික් ...
      ඔය ඩයල් වලට ඕව මහ ප්‍රශ්න නෙමේ. පාප වහන්සේලා කියන්නේ ඉතිහාසය පුරාම පාපයට බර සත්තු කොට්ඨාශයක්.

      Delete
  8. කතු තුමනි, දැන් මේකද මේ සැරේ පෝය ලිපිය?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං, මේ සැරේ අපේ කතුතුමාට පෝය අමතක වෙලා......!

      Delete
    2. මුන්දැට හඳ මෝරන කාලේද දන්නේ නෑ. හික් !!
      කථින පිංකමක් කරන්න යනවා කියලා ටෝක්ස් ඉසූ කර කර නේද හිටියේ.. දෙකක් නෑ ඉන්ටනෙට් එකට බඩු හම්බ වෙන්නැති.
      සම්මාදම් කරලා ලබන පෝයටවත් ඉන්ටනෙට් ගත්තොත් ලිපියක් දායි.

      Delete
    3. හා.. ඒකත් එහෙමද .

      Delete
  9. කතා වට පිටාව - ලංකාවේ නුතන බෞද්ධ යැයි සිතා සිටින දරුවන් යම්තන් විශ්ව විද්‍යාලයෙන් පිටවී රස්සාවක් හොයා ගත්තාට පසු කසාද බැන්දාත් කියමුකෝ. ඊලගට ඉඩමක් මිලදී ගැනීම, ගෙයක් දොරක් සාදා ගැනීම, ළමුන් පාසල් වලට දැමීම මේ ආදී ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේ. මේවා පිලිවෙලකට සිදු කරගන්නා යාන්ත්‍රණයක් ලංකාවේ නැත . පහසුකම් සාදරණව බෙදෙන්නේ නැත. තවත් බොනසුත් කියා රට කරවන උන්නාන්සේලාගේ විගඩම් නොදැක්කා සේ සිටීමටත් සිදුවී ඇත .
    මේ ඈ කාරණා නිසා බොහෝ දෙනා උත්සහ කරන්නේ ඔස්ට්‍රේලියාව වැනි රටකට සංක්‍රමණය වී තමාගේ පාඩුවේ වැඩක් බලාගෙන සිටීමටය.

    ප්‍රශ්ණය - මේ සංක්‍රමන නිසා අහිමිවන ලංකාවේ සිටීමෙන් හිමි වීමට තිබු දෙලොවටම වටිනා අවස්ථා (opportunities ) මොනාද?

    මට විශ්ලේෂණය කර ගැනිමට පුළුවන් වූ තරම නම්-

    මව්පියන්ට හිතේ හැටියට සලකා ගැනීමට නොහැකි වීම [මව්පියන්ට සැලකීම මහත් කුසලයකි. දෙලොවම වැඩ ගෙන දේ. ගමේ සිල්ලර කඩය නොසැහෙන්නෙකු කප්රුක දැක දැක super market එකෙන් බඩු ගැනීමට නතර වීම බදු යැයි මට සිතේ.].

    ගුණයෙන් පිරි සංග්‍ය වහන්සේලා තාමත් ඔය රටවලට වැඩියෙන් ලංකාවේ බහුල වීම නිසා නිවැරදි ශ්‍රද්ධාවෙන් වැදුම් පිදුම් කිරීමෙන් කුසල් රැස් කිරිඉමටත් , නිවන් මග සදහා නිවැරදි උපදෙස් ලැබීමත් සිදුවේ.

    දරුවන්ට ලබා දිය හැකි හොදම දායාදය වන ධර්ම දායාදය නිසියාකාරව ලබා දීමට නොහැකි වීම ( වෙනස් සංකෘතික පාදමක වැඩුනු කල්හී , ප්‍රබල පෙර ජාතිවල පුහුණු කිරීමක් නොකල අයෙකුටනම් බුද්දගම අපබ්‍රන්ශයක් සේ හැගී යාවී යයි මට සිතේ . අපේ (සිංහල) නුතන සංකෘතිය තුල හැදුණු බොහොමයක් දෙනාද එසේ සිතයි. එය වෙනම කතාන්දරයකි :D නමුත් හොද පෙර පුරුද්දක් ඇත්තෙකට යාමට තාම මග හොදින් තිබේ යයි මට සිතේ)

    තරුණ කාලයෙඉ හොදින් පුරුදු පුහුණු කලේ නම් වයස ගිය පසුත් උපරීම පල නෙලා ගත හැකි පරිදි සකස් වූ යාන්ත්‍රණයක් තාමත් බහුතරයක් පන්සල් ආශ්‍රිතව ගොඩ නැගී තිබිඉම [වසර පුරාඅ දිවෙන පින්කම්]. වයසට ගොස් එලොව සිහිවී පන්සල් යන අයගේ නම් මොලේ කචල් වී යනු ඇත.

    බලාපොරොත්තුව - මම කතා වට පිටාවේ සදහන් තත්වයේ නැව් පිටිනි යාළුවන් සංක්‍රමණය වනු දකිමින් සිටින්නේක්මි. සංක්‍රමණ පිළිබද අප අතර කතා බොහෝය. LCN එකේ ජෝසේෆ්ගේ ලින්ක් එකක් දැක මෙහෙ පිවිසුනුමෙනි . ඔබලා අතර සිදුවන හරවත් සාකච්චා දැක ප්‍රශ්ණය කොටස ඉදිරිපත් කිරිඉමට සිතුවෙමි. ප්‍රශ්නය ලියු පසු පහසුව තකා කතා වට පිටාව ඇතුළු කෙරුවෙමි. මගේ විශ්ලේෂණය අන්තිම නරක විය හැක. ඒ අතින් මගේ කුසලතාව අඩුය. ඔබලාගේ අදහස් ලැබේනම් ඉතා අගය කොට සලකමි.

    කතුතුමා එලි පහලියක නොසිටින වෙලේ මෙය ඇසීම නොතරම්ද දන්නේ නැත .

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රශ්නය නම් සැබැවින්ම දැවෙන කාලීන ප්‍රශ්නයකි.
      ඔබ විස්තර කරනා තත්වයට ඉඳුරා පටහැනි තීරණ ගන්නා මිනිසුන්ද හමුවී ඇත. බටහිර ස්කැන්ඩිනේවියානු රටක ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ මා හඳුනන්නෙකු සිය පවුල සමග නැවත ස්ථිර පදිංචියට ලංකාවට පැමිණ ඇත්තේ එහිදී දරුවන් හදාගත නොහැකියි යන හේතුව නිසාය. දරුවන් හා බිරිඳ මෙහි තබා මසකට වරක් පමණ දින කිහිපයකට එතෙර යන ඔහු ව්‍යාපාරයන් පවත්වාගෙන යයි.
      අපි බලමු මේ ගැන අපේ කණිෂ්ක මහත්තයා මොන වගේ අදහසක් දරයිද කියලා.
      වහාම නොවුනත් ඔබට ඉක්මනින් පිළිතුරක් නම් ලැබෙයි. ටිකක් බලමු.

      Delete
    2. Anonymous ඉදිරිපත් කරන කාරණය ගැඹුරෙන් කතා කළ යුතු එකකි. ඒ ගැන කතිකාවක් ආරම්භ කිරීමට ඔබ ඉදිරිපත් වීම සතුටකි. බලමු, ඉඩකඩ ලැබෙන ලෙසට සාකච්චාවක් ගොඩ නගන්නට.

      Delete
    3. ඔබ තුමාට ඉඩ පාඩු තියන හැටියකට පහදලාදෙන්න. ඔබේ ලිපිත් ඒවාට වැටෙන comments කියවීමෙන් සැහෙන දෙයක් ඉගෙන ගත හැක. බොහොම පින්.

      Delete
  10. ස්තුති සිතුවිලි. නිවසේ ඇති දෙමාපියන්ගේ සංස්කෘතියත් , ඒ ඒ රටවල් වල සංස්කෘතියත් අතර ගැටෙන දරුවන් බොහෝ විට ඒ රටවල් වල ස්වදේශික දරුවන්ටත් වඩා වෙනස් ආකාරයට හැසිරෙන බව මන් අසා ඇත. ක්ෂණ සම්පත්තිය ගැන ලොකුවට සිත සිටින අපට සංක්‍රමණය නිසා අහිමි වෙන දේවල් ලෙස මට දැනුන දේවල් තමා ඉහත සදහන් කලේ. අපි බලමු කතු තුමා සහ අනෙක් අය මොනා කියාවිද කියා.

    ReplyDelete
  11. නිමක් නැති ආශා වලින් පිරුණු සිත්සතන් තුලට පමණයි මෙවන් දුක් කරදර පවතින්නේ, නැතිනම් අපි උපන්න මවුබිම තුල කාලා, ඇදලා ,දෙමාපියන්ට සලකලා, දුදරුවන් සමග යතින් ජිවත් වන්න මේ පොලොව රත්තරන්. ආශාවල් පොදි බැදගෙන එකිනෙකා පරයමින් යන තරගකාරී ජිවන රටාව නිසා මෙලෙස නිදහස අහිමි වෙනවා, කියන එකයි මට සිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බිංදු, ඒක ඇත්ත.

      Delete
    2. මේ උන්නට බිංදුවට යස අපූරුවට ලියන්ට ඇහැක් නොවැ. මන්දැයි බ්ලොක්කෙටියක් අටවා ගන්නැත්තේ ..?

      Delete
    3. බලාගෙන යනකොට ඔක්කොටම හොඳට ලියන්න පුළුවනි.
      වැරැද්ද කවුරුවත් ලියන්නේ නැති එකනේ.
      කාලෙකින් කථා 32කේ කිසිම ප්‍රගතියක් දැක්කේ නැහැ.

      Delete
    4. ස්තුතියි දිරිගැන්වීමට ! බිංදුගේ වැඩ බලන්න පොඩ්ඩක් ගොඩ වෙලාම බලන්න, බොහොම අහිංසක වැඩ කොටසක් කරගෙන යනවා මේ වන විට.

      Delete
    5. Joseph,
      බිංදුගේ අලුත් වැඩ-කිඩ මෙතනින් බලන්න.
      මාර්ගෝපදේශ

      Delete
    6. බිංදු,
      ඔබගේ අළුත් ව්‍යායාමය ඉතාමත් අගෙයි.
      බොහෝම වැදගත් තොරතුරු රැසකින් දැනටමත් එය පොහොසත්. තව දුරටත් වර්ධනය කරන්න. කාටත් වැදගත් තොරතුරු එකතුවක් වේවි.
      යෝජනාවක්, ඒ ඒ තැන ගැන විස්තර සමග යම් කිසි ඡායාරූප එකතුවක් පල කල හැකිනම් අගය බොහෝ වැඩි වේවි.

      Delete
    7. සිතුවිලි ,
      ස්තුතියි! ඔබ වැනි මිතුරන්ගේ දිරිගැන්වීම, මම ඉතාමත් ඉහළින් අගය කරනවා. ඡායාරූප එකතුවක් ගෙන එන්න අදහසක් තියෙනවා.

      Delete
  12. Joseph අයියා මේකට මුකුත් එකතු කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. comments දාන්න නමක් හදාගන්න ඔබේ කතාව කොටසේ register වෙන්න ඕනෙද?

      Delete
    2. යාළුවා,
      නමක් දා ගන්න register වෙන්න ඕනේ නැහැ.
      පල්ලෙහා Comment as කියන තැන drop down menu එකට යන්න.
      එතැනින් NAME/URL කියන එක තෝරා ගන්න
      එතකොට එන Box එකේ NAME කියන තැන ඔබ තෝරාගත් නම් සිංහල හෝ ඉංග්‍රීසි අකුරෙන් දමන්න
      URL එකක් අත්‍යාවශ්‍ය නැහැ.
      ඔබට මෙහි ඔබේ හරවත් අදහස් නිදහසේ සාකච්චා කල හැකි තැනක්.
      ඔබට ජය!

      Delete
    3. මිතුර නමක් සාදා ගැනීම එකකි.අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම අනෙකකි. "ඔබේ කතාව" මේ දෙකින් එකකටවත් සුදුසු තැන නොවේ.

      සරල නමක් යොදා ගැනීම පිණිස සිතුවිළි දුන් උපදෙස පිළිපදින්න.

      එකම අනන්‍යතාවයක් සහිතව සාකච්චා කිරීම පිණිස ඒ පිණිසම සාදා ගත් ගූගල් ලිපිනයක් භාවිතා කරන්න. ඔබලා ප්‍රතිචාර දැක්වීමට භාවිතා කරන ගූගල් විද්‍යුත් පිලිනය අපට නිරාවරණය වන්නේ නැත.

      ඔබේ කතාවේ ඔබ එය යෙදුවොත් හෝ අපට කෙළින්ම ලිපියක් එවුවොත් හෝ පමණක් එය නිරාවරණය වේ.

      Delete
    4. Joseph අයියා මේකට මුකුත් එකතු කරන්නේ නැද්ද?

      මලේ, මේකයි කීවේ මක්කද ?

      Delete
  13. @සිතුවිළි,කනිෂ්ක - ස්තුති ඔබ තුමාලගේ උපදෙස් වලට. නමක් හදාගන්න පුළුවන් උනා.
    @ජෝසේෆ් අයියා - මේක කිව්වේ දැන් කාලේ හෝ ගාලා සිද්ද වෙන සංක්‍රමණ ගැන.

    ReplyDelete
    Replies
    1. සංක්‍රමණ ගැන මගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. ඒ නිසා ඒ ගැන කතා නොකර සිටිමි.
      ප්‍රවීණ ගායිකා නන්දා මාලිනි 'නැන්දා' විසින් ගායනා කරන සරුංගලේ වරල් සැලේ ගීතය අසන්න. මට මේ ගැන කීමට අවශ්‍ය දේ එහි යථා පරිද්දෙන් කියවේ.

      Delete
    2. පැංචා,

      සංක්‍රමණ ගැන අපේ අදහස ජොසේෆ්ගේ අදහස හා බොහෝ දුරට සමපාත වේ. මේ ගැන ලිපියක් ලිවීමට අදහසක් වෙතත් තවම කරුණු හරි හැටි එකතු වුණේ නැත.

      ඉතාම සරලව සංක්‍රමණ දෙකොටසක් මම දකිමි.
      1. අවස්තාව අනුව කෙරෙන හෙවත් එසේ කරන්නට සිදු වීම නිසා කෙරෙන සංක්‍රමණ.
      2. සංවිධානාත්මක සංක්‍රමණ හෙවත් සංක්‍රමණය වෙනුවෙන්ම සැළසුම් සහගතව උපක්‍රම යොදාගෙන කෙරෙන සංක්‍රමණ.

      මේ දෙකම වෙන වෙනම විමසිය යුතු අවස්ථා වේ. එසේම මේ පෘථුල බෙදීම තුල තව අනු-බෙදීම් බොහෝ ගණනක් ද වේ. මේ මාතෘකාව උසස් උපාධි නිබන්ධනයක් වෙනුවෙන් පර්යේෂණයක් කිරීමට තරම් සුදුසු මාතෘකාවකි. හැකි ඉක්මනින් අපේ අදහස ලිපියෙකින් එළි දක්වන්නම්.

      එසේ නොමැතිනම් මෙසේ කරුණු එකින් එක ප්‍රතිචාර ඔස්සේ ඉදිරිපත් කිරීමත් කළ හැකි මුත් එවිට කරුණු ගලා යාමේ ගැටළු ඇති විය හැකි බව සිතේ.

      Delete
    3. ඉතිං ලිපියක් ලියන්ටකෝ අයියා... මේ පැංචා බලා ඉන්නවා නොවැ..

      Delete
  14. අලුත් බිල කොහොමද ?
    මම මේ මාසේ බිල වෙබ් සයිට් එකෙන් චෙක් කළා. ඒක වැරදි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඒ අය වැරදි.
      වෙබ් එකේ ඇති ගණනය වැරදි බව අප කළ සොයා බැලීම් අනුව හෙළි විය. එහි කර ඇත්තේ පැරණි ගාස්තු ක්‍රමය වෙනුවට යෝජිත ගාස්තු ක්‍රමය ආදේශ කිරීමයි.
      එහෙත් නව ගාස්තු ක්‍රමය මේ වන විට භාවිතයට නොගනී. ඒ වෙනුවට පැරණි ක්‍රමයටම ගණනය කර 25% වට්ටමක් ලබා දීම කරයි. එසේම ඔබේ මේ මස බිල්පත ලැබෙන විට පසුගිය මස (සැප්තැම්බර්) බිල්පත සමග සංසන්දනය කළොත් ගියවර ඔබට ලබා දුන් ගාස්තුව ඊට වඩා අඩුවෙන් පරිගණකය විසින් සටහන් කර ඇති බවත් නිරීක්‍ෂණය වනු ඇත.

      Delete
    2. හ්ම් ඒකත් එහෙමද !

      Delete
  15. මගේ පසුගිය මාසයේ මනු කියවීම 19239 කි. ඒ දෙසැම්බර් 4 දින වේ. ජනවාරි 4 දින නව මනු කියවීම 19301 කි.
    ඒ අනුව ඔබ පෙන්වා ඇති ලංවිම link එකෙන් ගණනය කළ විට ගාස්තුව විය යුත්තේ ඒකක 62 සඳහා රුපියල් 287.85 කි.

    ඒත් අපේ විදුලි මනුව ලකුණු කරන්නට එන ගල් ආඳා මනුව 19321 ලෙස කියවා ඒකක 82 ලෙස ලකුණු කර රුපියල් 776.70 ක බිලක් අපට දී මාරු වී ඇත. මොහුට විරුද්ධව පැමිණිලි කරන්නේ කෙසේද? මෙය නිවැරදි කර ගන්නේ කෙසේද?

    --- අසාධාරණයට ලක් වූ විදුලි පාරිභෝගිකයෙක්

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !