Wednesday, March 11, 2015

අයියෝ සිරිසේන ii - ICC ක්‍රිකට් ලෝක කුසලානය 2015

නෙල්සන්හි Saxton Oval ක්‍රීඩාංගනය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය, පෙබරවාරි 16
2011 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අටයි ( පාකිස්ථානය [A1], ශ්‍රී ලංකාව [A2], ඔස්ට්‍රේලියාව [A3], නවසීලන්තය [A4], දකුණු අප්‍රිකාව [B1], ඉන්දියාව [B2], එංගලන්තය [B3], බටහිර ඉන්දීය කොදෙව් [B4] යන කණ්ඩායම් ). එම තරඟාවලිය පෙළ ගස්වා තිබුණේම එසේ වන අයුරිණි.

මෙවරත් සෑම දෙනාම බලාපොරොත්තු වූයේ එම කණ්ඩායම් අට ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතිය යන්නයි. 2011 දී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ඊළඟ වටයට ගියේ නැති මුත් මෙවර A සහ B යන කාණ්ඩ දෙකෙන් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව අපරාජිතව දෙවන වටයට පිවිසෙන ලකුණු පෙනේ.




Thursday, March 5, 2015

ගිහි පංචසීලය හා නිර්මාංශ වෘතය

නිර්මාංශ සීලයක් රැකීමත්, පානාතිපාතා සිල් පදය රැකීමත්, ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන සංකල්පයත් එක් කොටගෙන මෑතකාලයේ අප සාකඡ්චාවෙන් සහභාගී වන වෙබ් අඩවි තුල බොහෝ කථාබහ ඇතිවිය.

සත්ත්වයා පිරිසිදු වන්නේ ආහාරයෙන්ද
මේ කථා බහ ඇතිවීමත් එය තුලින් ඇතැම් විට වාද හා මිතුරු දම් පලුදු වන ආකාරයේ ගැටුම් කාරී ස්වභාවයන් වර්ධනය වීමත් ගැන සලකා මේ පිළිබඳව මා දරන අදහස් මෙසේ ලිපියකින් දැක්විය යුතුයැයි සිතීමි.




Friday, February 13, 2015

2015 ලෝක කුසලානයට පෙරවදනක්

2015 ICC ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 14 දින සිට මාර්තු 29 දින දක්වා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සාරවත් තණ භූමි හරිතවර්ණ තණ තීරු සහිත ක්‍රීඩාංගන 14 කදී පැවැත්වේ.
ICC ලෝක කුසලානය 2015, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය
මෙවර තරඟාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් දහ හතරක් සුදුසුකම් ලබා ඇත.




Wednesday, February 4, 2015

එක්සත් මුක්කුව සහ නිදහස

පෙබරවාරි 4, අද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික දිනය.

නිල වශයෙන් අපගේ ජාතික දින උත්සවය කෝට්ටේ පාර්ලිමේන්තුව අබියස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. එසේම ශ්‍රී ලංකාව යලි අත්පත් කරගැනීමේ ප්‍රීතිය සමරමින් ඉන්දීය, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද, නොර්වේ ආදී රටවලින් පැමිණෙන සම්භාවනීය අමුත්තන්, තානාපති සහ මහකොමසාරිස්වරුන් ඒ උත්සව සභාව සරසනු ඇත.
බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩිය
පෙබරවාරි 4 වැනි දිනය ශ්‍රී ලංකාවේ ජාතික දිනය බවට පත් වන්නේ මීට වසර හැට හතකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කළ දිනය මෙය වීම නිසාය. ඉහත දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු යටතේ පාලනය වූ සමයේ බ්‍රිතාන්‍ය සිංහලයේ (British Ceylon) ජාතික ධජය ලෙස භාවිත කෙරුණු එක්සත් මුක්කුව (Union Jack) ඇතුලත් කොඩිය වේ. බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගැනුණු සෑම රටකම පාහේ ධජ මෙවැනි දක්නට ලැබිණි, අදත් දක්නට ලැබේ. උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ෆිජි දිවයින් දැක්විය හැක. (මේ බැඳීයේ ඇත්තේ මෙවැනි ධජ කිහිපයක් පිළිබඳ ඔබේ දැනුම පරීක්‍ෂා කිරීමකි.) පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන අන්තර්ජාතික අන්‍යෝන්‍යාධාර සමිතියේ සාමාජික රටවල් බොහොමයක, විශේෂයෙන් එංගලන්ත රජු තම රාජකීයයා ලෙස ව්‍යවස්තානුකුලව හඳුනා ගන්නා කොළණි වල, මෙකී "මුක්කුව" දක්නට ලැබේ.




Tuesday, January 27, 2015

ජහඃපාලනය සහ ඉන්දියානු අභිලාෂ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම ධුරය බාර ගනිමින් කීවේ මම මේ රටේ අයිතිකාරයා නොව භාරකාරයා වෙමිය යන්නයි. එහෙත් 2009 න් පසු ඔහු තරමක නිර්වින්දනයකට ලක් වූ බව පෙනිණි. තමාට බලය ලබා දුන්නේ දුප්පත් බොහෝ දුරට අසරණ සිංහල ගැමි ජනතාව බව ඔහුට අමතක වීය කියා බොහෝ දෙනා කියතත් අප ඒ අදහස සමග එකඟ නොවෙමු.
කෑ පතේ පහරන්න එපා මනුස්සයෝ !

කෙසේ වුව නියමිත කාලයට පෙර කැඳවූ ජනාධිපතිවරණයෙන් පරාජය වී ඔහුට රජගෙට සමු දෙන්නට සිදු වීය. ඒ පරාජය ඔහුගේ සැලසුම් වල තිබුණක් නොවන බවනම් පැහැදිළිය. එසේම අනවශ්‍ය ජනාධිපතිවරණයක් කැඳවා පරාජය තමා වෙතට කැඳවා ගත්තත්, වෙනත් පක්‍ෂයකින් තරඟ කළ සිය ප්‍රතිවාදියාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පවරා නොදිය යුතුය යන්න අපේ අදහස වුවත්, මහින්ද රාජපක්‍ෂ, වෙස්සන්තර රජ තෙමේ ඇලිඇතා දන් දුන් සේ පක්‍ෂයත් නිකංම දන් දී කිසි කලබලයක් නැතිව මැදමුලනට පල්ලම් බැස්සේය.




Friday, January 16, 2015

ලංකාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ?

ජෙනරල් සරත් ෆොන්සේකා
ලංකාවේ වඩාත් ජනාදරයට පත් හමුදා නිලධාරියා ඔහුය. සක්‍රිය සේවයේ යෙදී සිටියදීම ඉහලම නිලයෙන් පුද ලද එකම නිලධාරියා ඔහුය. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හැරුණු කොට 'සෙන්පති' යන නාමයෙන් ජාතියක් විසින් හෘදයාංගමව හඳුනා ගන්නා ලද සහ ජාතික වීරයෙක් ලෙස රටේ පොදු ජනතාව වෙතින් පිදුම් ලැබූ යුධ හමුදා නිලධාරියා ඔහුය. ඒ එදා 2009 මැයි මස 18 වැනි දින, ඉන්දිරා ගාන්ධිගේ ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව එක්ව තමිල්නාඩුවේ දී නිෂ්පාදනය කර මෙරට ආක්‍රමණය කිරීමට එවූ, දෙමළ ආක්‍රමණික හමුදාව නන්දිකඩාල් කලපුවේ දී නින්දා සහගත පරාජයකට ලක් කිරීමට ඔහුගෙන් ලද දායකත්වය නිසාය.



Monday, January 12, 2015

යහපාලනයක්

මේ දෙතිස් කතාවේ පල වන 100 වන ලිපියයි. සියය සපුරන මේ ලිපියෙන් යහපාලනය ගැන සොයා බලමු.
ඔන්න මාත් දිවුරුම් දුන්නා... හිටං !


Friday, January 9, 2015

මෛත්‍රී පාලනයක් ... හැබෑට !!!

කෝ දෙනවා කීව යහපාලනේ කියල සමහරු අහනවා හිටං !



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !