Friday, January 8, 2021

මනුෂ්‍ය නොවන දැනුම්

දැනුම් ගැන කතාව දිග එකකි; බොහෝ දෙනෙකුට ඇත්තේ දැනුම් ගැන කතා නොව, දැනුම ගැන කතාවකි. ඒ වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මේ කතාව මනුෂ්‍ය නොවන දැනුම් ගැනය.

ආචාර්‍ය නලින් ද සිල්වා ලංකාවේ පහල වූ අග්‍රගණ්‍ය මට්ටමේ බරහිර විද්‍යා උගතෙකි; ඔහු තමන් විසින් එසේ හඳුන්වා නොගැනීම වෙනම කාරණයකි. විද්‍යාවේ දර්ශනය ගැන ඔහු සරල සිංහලෙන් කියන (බොහෝ විට ලියන) දේ අනෙක් බටහිර උගතුන්ට නොතේරීම ආචාර්‍ය සිල්වා ගේ අඩුපාඩුවක් නොවේ. මා ඔහුගේ ලිපි සහ ඔහුට පිළිතුරු ලියන අයගේද ලිපි දශක තුනකට වඩා ඈත කළෙක සිට පරිශීලනය කර ඇති බැවිනුත් ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරා ඇති බැවිනුත් ඔහු කියන දේ යම් තරමකින් තේරෙයි. එපමනෙකින් මා ඔහුගේ ගෝලයෙක් යැයි ගම්‍ය නොවෙයි. ඔහු හා මා එකඟ නොවන තැන් බොහෝ වෙයි. එහෙත් මේ කතාව ආචාර්‍ය සිල්වා හා මා දරන මත ගැනත් නොවෙයි.





"මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලබා ගන්නා දැනුම" ය යන්න ආචාර්‍ය සිල්වා විසින් තමන්ගේ ලේඛණ හරහා ජනගත කෙරුණු ප්‍රකාශනයෙකි. එය රජරට වකුගඩු රෝගයට හේතුව / ප්‍රතිකාර සෙවීමේ කැළණි විශ්වවිද්‍යාලයේ ප්‍රයත්නය හා බැඳෙයි. ඔහුම ප්‍රකාශ කළ පරිදි රජරට වකුගඩු රෝගයට හේතුව "ආසනික්" ය. ඒ ගැන හෝඩුවාව විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායමට ලැබෙන්නේ විපස්සක නම් දෙවියෙකු මාර්ගයෙනි. දෙවියා යනු මනුෂ්‍යයෙකු නොවේ; එහෙයින් ඒ දැනුම මනුෂ්‍ය දැනුමක් නොවේ. ආචාර්‍ය සිල්වා අර වචනය යොදා ගන්නේ ඒ බව හැඟවීමට ය. එය කෙටි කෙරී මනුෂ්‍ය නොවන දැනුම යන වචනය වෙනත් අය විසින් භාවිතා කර තිබෙයි. එසේ වුවත් තමන් එයින් අදහස් කරන්නේ අපේ ආචාර්‍ය තුමා අදහස් කරන දෙය ද වෙනත් දෙයක් ද යන්න විස්තර කිරීමට ඒ අය උත්සුක නොවෙයි. සමහර විට ඒ නොදන්නා කම ය; නැතිනම් වෙනත් කමක් ය.

මනුෂ්‍ය නොවන ප්‍රාණීන් ගෙන් ලබා ගන්නා දැනුම ගැන මාගේ නම් විශ්වාසයක් නැත. අර පළමුව කී උදාහරණය වෙත ගියහොත්, රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි කී විට එය විශ්වාස කිරීමට අප සමත් ය. එහෙත් ඒ කැළණි විශ්වවිද්‍යාලයේ කණ්ඩායම නිශ්චිත ක්‍රමවේදයකට අනුව ඒ බව තහවුරු කර ඇතැයි අප ඒත්තු ගන්නේ නම් මිස විපස්සක නම් දෙවියෙකු ඒ බව කී නිසා නොවේ. විපස්සකයා පැමිණ අපට ම ඒ බව කීවේ නැත, කීවත් මා ඌ අඳුනන්නේ නැති බැවින් ඒ ගැන විශ්වාස කිරීමට හේතුවක් නැත. හැරත් විපස්සකයා බොරු නොකියන බවට ඇති සහතිකය කුමක්ද?

එසේ වුවත් වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි කී විට අප එය විශ්වාස කිරීමට සමත් යැයි පෙර කියා ඇත. මන්ද යත් මා විශ්වාස කරන්නේ මනුෂ්‍ය දැනුම මිස අමනුෂ්‍ය දැනුම නොවන බැවිණි.

විපස්සක තෙමේ පැමිණ කිසියම් කාන්තාවකට අර රෝගයට හේතුව මේ යැයි කියයි; එසේ නැතිනම් වෙනත් දෙවියෙකු පැමිණ වෙනත් කාන්තාවකට "මෙනෙවියනි, ඔබ දැන් ගැබ්බර වී ඇතැයි" කියයි. මේ දෙකෙහි වෙනසක් නැත, එකක් විශ්වාස කිරීමටත් අනෙක විශ්වාස නොකිරීමටත් කිසිම හේතුවක් නැත. මේ දැනුම "මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලද දැනුමක්" වන්නේ අදාළ කාන්තාවන් දෙදෙනාටය. රෝගයට හේතුව විපස්සකයා කී එකම දැයි නිශ්චිත ක්‍රමවේදයකට අනුව තහවුරු කෙරීනම් එය දැන් මනුෂ්‍ය දැනුමකි. අනෙක් කාන්තාව ගැබ්බර වී දැයි සෙවීම එතරම් අමාරු නැතත් ගැබ්බර කිරීම දෙවියන් අතින් (හෝ වෙනයම් අවයවයෙකින් හෝ) විණි ද නැතිනම් වෙනත් මනුෂ්‍යයෙක් අතින් (හෝ වෙනයම් අවයවයෙකින් හෝ) විණි දැයි දැන ගැනීම එතරම් සරළ නැත.



ආචාර්‍ය නලින් ලියන්නේ කුමක්දැයි නොදන්නා සමහරු වචනයක් අහුලාගෙන තමන්ගේ ලිපි වල යොදා ගනිති; මේ සම්‍යක් ප්‍රයෝගයෙකි. වෙළෙඳ දැන්වීම් බොහොමයෙක පියකරු කාන්තාවන් යොදා ගන්නේ එකී භාණ්ඩය මිලදී ගන්නා විට කාන්තාව (නැතිනම් ඒ කාන්තාවගේ පහස) නොමිලේ දෙන නිසාම නොවේ. මනුෂ්‍යයාගේ අවධානය නිසගයෙන් ඒ දෙස යොමු වන නිසාමය. සමහර කලා-වෙළෙන්දෝ මෙය විශේෂයෙන් කරති. ගීතයක් ජනප්‍රිය කරවීමට කාන්තාවන් යොදා ගැනීම අද කාලයේ වසංගතයකි. මෙහිදී ඇත්ත වශයෙන් ප්‍රේක්‍ෂකයන් ඇදෙන්නේ ගීතයටම නොවේ. නලින් ද සිල්වා ගේ වචනයක් තමන්ගේ ලිපියක යොදා ගැනීමත් එක්තරා අයුරකින් එවැන්නකි.

ආචාර්‍ය නලින් ද සිල්වාගේ ලිපි වල ඔහුගේ අනන්‍යතාවය රැඳුනු වචන සිය ගණනක් වෙයි. ඒ ලිපි කියවන දහස් ගණනක් ලෝකය පුරා සිටී. ඔහුගේ වචන අනන්‍ය බැවින් අර පාඨකයෝ නලින් ගේ වචනයක් හෝ ඊට ආසන්නව සමාන වචන ඛණ්ඩයක් දුටු විට අර ලිපිය කියවන්නට පෙළඹෙයි. ආචාර්‍ය නලින් යනු brand එකකි. හරිනම් ඔහුගේ වචන යොදා ගන්නෝ ඔරුමිත්තනාඩුවේ පදිංචි වී ධනවාදය ගැන හරබර දෙසුම් පවත්වන්නන් වුවත් ඒ වචන යොදා ගන්නා වාරයක් වාරයක් පාසා නලින් ට royalty ගෙවිය යුතු වෙයි. නලින් දශක ගණනක් තිස්සේ ගොඩ නගා ගත් බුද්ධි පෞර්ෂය ගසා කා ඔහුටම අපහාස කරන මේ හාල්පාරුවන් ගැන වචන ලියන්නට සිදු වීම අවාසනාවකි. ඒ නිසා ඔවුන් ගැන මීට එහා කතා නොකරමු.



මනුෂ්‍ය නොවන දැනුම් ගැන කතා කිරීමට පෙර දැනුම් සහ දැනීම යනු දෙකක් බව තේරුම් ගැනීම වැදගත් ය. දැනීම යනු පංච ඉන්ද්‍රියයන් (එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය) වෙතත් ග්‍රහණය කර ගන්නා සංවේදන වේ. ඊට අමතරව සිතට ද සමහර දේ දැනෙයි. "දැන් නම් මෙතරම් කාලයක් ගත වීය" යනු සිතට දැනෙන දෙයකි.

දැනුම යනු දැනීම් ආශ්‍රයෙන් ගොඩ නගා ගන්නා හෝ නිර්මාණය කර ගන්නා මතක (අමතක ද විය හැක) වේ. අප බොහෝ දෙනාගේ දැනුම බොහෝ කොටම ඇසූ දේ හෝ කියැවූ දේ හෝ වෙයි. ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තමන් නිර්මාණය කර ගත් දැනුම වෙයි. මා සම්බන්ධයෙන් ගතහොත් නම්, මා දන්නා සියල්ල මනුෂ්‍ය දැනුම් ය. මනුෂ්‍ය නොවන (අමනුෂ්‍ය දැනුම්) කිසිවක් මා සතුව නැත. ආචාර්‍ය නලින් සම්බන්ධයෙනුත් එය එසේ යැයි සිතමි. අඩු තරමින් තමන්ට මනුෂ්‍ය නොවන දැනුම් මුලාශ්‍රයක් සමග සම්බන්ධයක් ඇති බවක් ඔහු කිසි තැනක කියා නැත. එසේ නැති බවනම් යම් යම් ලිපි වල ලියා තිබෙයි. එහෙත් ඔහුට එවැනි මුලාශ්‍ර සමග සම්බන්ධතා ඇතැයි පවසන අය සමග සම්බන්ධතා තිබෙයි. අපට එසේවත් නැත.

තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන ඉන්ද්‍රියයක් ඇතැයි පවසන මහාචාර්‍යවරයෙකු ගැන ආචාර්‍ය සිල්වා ලියා තිබෙයි. අපත් කාලයක් සිතා සිටියේ කර්ණශංකය ප්‍රමුඛ පද්ධතිය ගුරුත්වාකර්ෂණය හඳුනා ගැනීමේ හැකියාව ඇති බවයි. අර මහාචාර්‍යවරයා කවුද, ඔහුගේ ඉන්ද්‍රියය කුමක්ද යන්න ගැන නලින් ලියා නැත. අද අපට කියවන්නට ලැබුණු පරිදි අප හිත මිත්‍ර ඔරුමිත්තනාඩුවාසි ඉකොනොමැට්ටා තුමා අර මහාචාර්‍යවරයාගේ ගණයට වැටෙයි. එතුමාට සරල රේඛාව හිතෙන් මවා ගත හැකි ලු.

සරල රේඛාව හිතෙන් මවා ගත හැකි නම් තව බොහෝ දේ හිතෙන් මවා ගැනීමට හැකියාව තිබීම පුදුමයක් නොවේ. සුනඛ දැනුම ඉන් එකකි. අප මුලින් සිතා සිටියේ සුනඛයන් අප හා කතා නොකරන හෙයිනුත් ලේඛනයේ නොයෙදෙන හෙයිනුත් සුනඛ දැනුම යැයි හඳුනා ගත හැකි දැනුමක් වෙතොත් එය ගෝචර වන්නේ සුනඛයින්ට පමණක් බවයි. දැන් පෙනී යන පරිදි සමහර මනුෂ්‍යයන්ට ඒ හැකියාව ඇත. එසේනම් මනුෂ්‍ය නොවන දැනුම් අතරට සුනඛ දැනුමත් එකතු වෙයි.

ඉකොනොමැට්ටා තුමාට මෙන් සරල රේඛාව හිතෙන් මවා ගැනීම වැනි සුවිශේෂ අධි-මානසික හැකියා නැති සමහරුත් සුනඛ දැනුම ගැන විශ්වාස කරති. ඒ සමහර විට සුනඛ දැනුම ගැන මනුෂ්‍ය දැනුම (ඉකොනොමැට්ටා තුමා හෝ වෙන මනුෂ්‍යයෙකු හෝ හරහා) ලබා ගැනීමෙන් විය හැකියි. නැතිනම් ඒ අන්ධ විශ්වාසය විය හැකියි.



එක එක සත්‍වයන්ගේ ඉන්ද්‍රිය පද්ධති වෙනස් ය. අපට නොදැනෙන සමහර දේ සතුන්ට දැනේ, පැරණි සිංහලයෝ අනාවැකි කීමට (බොහෝ කොටම දේශගුණය පිළිබඳව) සතුන්ගේ හැසිරීම් නිරීක්‍ෂණය කළහ. ඒවාට සිනාසෙන සමහර අඩු ජාති කාරයෝ බල්ලන් යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කර ගත් විට හුරේ දමති. මා කියන්නේ මනුෂ්‍යයන් හැර අනෙක් ප්‍රාණීන් සතුව "දැනුම" යනුවෙන් හඳුනා ගත හැකි දෙයක් නැති බව නොවේ. සතුන් සතු දැනුමක් ඇති අතර ඔවුහු එකී දැනුම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය ද කරති, නැතිනම් පැටවුන්ට උගන්වති.

අලි රැළක්, සිංහ රංචුවක් වැනි කණ්ඩායම් සැලකූ කල දැනුම සහ එහි සම්ප්‍රේෂණය වඩා පැහැදිළිව නිරීක්‍ෂණය වෙයි. නමුත් සත්තු ඒ දැනුම අපට උගන්වන්නේ නැත. උන් අපට තේරෙන බසකින් කතා නොකරනවා පමණක් නොව උන් ඒ දැනුම ලියා තබන්නේද නැත. මනුෂ්‍යයා වශයෙන් අප කරන්නේ සතුන්ගේ හැසිරීම් නිරීක්‍ෂණය කරමින් අප දැනුමක් නිර්මාණය කිරීමයි - එවිට එය තවදුරටත් අමනුෂ්‍ය දැනුමක් වන්නේ නැත.

සමහර මිනිස්සු මින් පියවරක් ඉදිරියට ගොස් සත්තු සමහර කාර්‍යයන්ට පුහුණු කෙරෙති. ඉව ඔස්සේ මත්ද්‍රව්‍ය සෙවීමට සුනඛයන් පුහුණු කිරීම මෙවැන්නකි. සුනඛයා මත්ද්‍රව්‍ය දන්නේ නැත. ඌ දන්නේ පුහුණු කළ ගඳ දැනෙන විට බුරන්නට පමණි. මූ බුරණ විට බුරන්නේ මන්දැයි දැන ගැනීම සුනඛ දැනුම නොව මනුෂ්‍ය දැනුමකි. සුනඛයා "කුඩු පැකට් එකක් - කුඩු පැකට් එකක්" කියා හෝ "බෝම්බයක් - බෝම්බයක්" කියා හෝ සැමට තේරෙන අයුරින් බුරන්නේ නැති බැවිණි. ඇමරිකානු ඔරුමිත්තනාඩු හමුදාව මුහුදු බෝම්බ සෙවීමට මුහුදු සිංහයන් පුහුණු කිරීම තවත් මෙවැනි උදාහරණයකි. ඒ අසරණ සතා බෝම්බ ගැන දන්නා ඉටි ගෙඩියක් නැත. පරෙවියන් තමන් ම ලියුම් ලියාගෙන ගැට ගසාගෙන ගොස් බාර දෙයි නම් ඒ පරෙවි දැනුමකි; එසේ නැතිව කකුලේ මොකක් ගැට ගැසුවත් (ගැට නොගැසුවත්) කූඩුවෙන් ගෙන මුදා හළ විට අදාළ ස්ථානයට ගොස් ලැගුම් ගැනීම කරන්නේ නම් ඒ පරෙවි දැනුම නොව පරෙවි නොදැනුම යි.



ඉහත විස්තර කළ දේ මනුෂ්‍ය නොවන දැනුම් ලෙස හඳුනා ගන්නා උගත් බුද්ධිමත් ප්‍රජාව මේ අයුරින්ම බළලුන් ලවා කොස් ඇට බෑවීම "බළල් දැනුම" ලෙස හඳුනා ගනිත් ද?




18 comments:

  1. වසරකට පමණ පෙර වුන අත්දැකීමක් කියන්න කැමතියි.
    එක බ්ලෝග් අඩවියක ලියලා තිබුනා ජාතික ගීය සිංහල දෙමල බාශා දෙකෙන් ගැයීම නිසා සංහිඳියාව ඇතිවෙනවා වගේ අදහසක්.

    ඊට පස්සේ ලිපියේ ඒ රචකයාම මන්තර, ගුරුකම්, සාත්තර මිත්‍යා විශ්වාසය. ඒවා සමාජයෙන් තුරන් විය යුතුය වගේ අදහසකුත් තිබුනා.

    මම කොමෙන්ටුවක් දාලා ඇහුවා දැන් එතකොට ජාතික ගීය සිංහල දෙමල බාශා දෙකෙන් ගැයීම නිසා සංහිඳියාව ඇතිවෙනවා කියන එක විද්‍යාත්මකද? කවුරුවත් ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවද? කියලා.

    මගේ නිගමනය නම් ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා විශ්වාසය සංහිඳියාවයි.

    මට එසේ සිතන්න තරම් මගේ විචාර බුද්ධීය අවදිකල
    විද්‍යාවට වහලෙක් නොවී විද්‍යාව වහලෙක් කරගන්න මග පෙන්වූ.
    නලීන් තුමාට නමස්කාර වේවා!

    ReplyDelete
    Replies
    1. `සංහිඳියාව` යනු සාමය, මානව හිමිකම්, තිරිසන් අයිතිවාසිකම් වැනි තවත් එක ව්‍යාපාරයකි.

      කොළොඹ හතේ ලොකු කඩයක් දමාගෙන ඇන්දවීමේ ව්‍යාපාරයක් (රෙදි) කරගෙන ගිය සල්ලිකාර නෝනා මහතෙක් ඒ කඩ-බඩ සියල්ල විකුණා දමා දඩාවතේ යන බල්ලන් සහ පෙරහැරේ යන අලි ගැන ඇන්දවීමේ ව්‍යාපාරයක් (ප්‍රචාරක) කරන්නට පටන් ගත්තේ නම්, මේ දෙකෙන් වඩා ලාබ ලබන්නට ඉඩ ඇතැයි සිතිය යුත්තේ කවර ව්‍යාපාරයේ ද?

      Delete
    2. සංහිඳියාව කියන්නේම මාර්කට් ඔපර්චුනිටි එකක්

      Delete
  2. බොහෝම වුවමනාවෙන් කියැවූ ලිපියක්.
    බොහෝ පන්ඩිතයන් නිරාගමිකයන් වැනි නූතන රැඩිකල් පරපුර දැනුම් පද්දති කියන වචනය හෝ විග්‍රහ කරගැනීමේ නොහැකියාවෙන් පෙලෙන්නන් බැවින් උන්ට නම් ඔබ කී කී හරුපය තේරෙන්නෙම නැත.
    උන් දැනුම ගැන විවාද පවත්වමින් සිටිනු ඇත.

    අන්‍ය දැනුම් පද්දතියකින් උකහා ගත්තායැයි පැවසෙන දැනුමක් වුවද මිනිස් දැනුමින් වටහා ගත් පසු එය තව දුරටට්ත් අන්‍ය දැනුම් පද්දතියක කොටසක් වන්නේ කෙසේදැයි කීමට මුලින් දැනුම් පද්දති නම් වූ හරුපය තේරුම් ගෙන තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ආචාර්‍ය නලින් ද සිල්වා කතා කරන්නේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලබා ගන්නා දැනුම ගැනයි. මෙහි මනුෂ්‍ය නොවන ප්‍රාණීන් යනු මිනිසුන් විසින් පුහුණු කර උපකරණ (tools) වශයෙන් යොදා ගැනෙන බල්ලන් ආදී සතුන් නොවේ.

      මේ ලිපියේ මාතෘකාව "මනුෂ්‍ය නොවන දැනුම්" යන්නයි; එය ගරු ඉකොනොමැට්ටා තුමාගේ ලිපියකට පිළිතුරකි. මා මෙයින් අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ඔබ උකහාගෙන තිබෙන කරුණමයි. එනම්, මනුෂ්‍ය නොවන මූලාශ්‍රයකින් කිසියම් දැනුමක් ලැබිණි නම්, එය ලැබුණු තැනැත්තාට එය "මනුෂ්‍ය නොවන දැනුමක්" වුවත්, අන්‍යයන්ට එය එසේ වන්නේ නැති බවයි. මෙය ආචාර්‍ය සිල්වා ගේ අදහසට සමපාත අදහසක් නොවේ.

      ආචාර්‍ය සිල්වා ප්‍රකාශ කරන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බවත් ඒ දැනුම කිසියම් දෙවි කෙනෙකුගේ දැනුමක් බවත් ය. අපේ අදහසට අනුව එය මනුෂ්‍ය දැනුමකි. එහි මූලාශ්‍රය මනුෂ්‍ය නොවන ප්‍රාණියෙක් වීම වෙනම කරුණකි. වකුගඩු රෝගයට හේතුව ආසනික් ය යන්න නිවැරදි දැනුමක් ද යන්න වෙනම පරීක්‍ෂා කළ යුතු දෙයකි. ආචාර්‍ය සිල්වා ට අනුව එය නිවැරදි දැනුමකි. ඒ අයුරින්ම කෑගල්ලේ පැණිය හෙවත් ධම්මික පැණියත් ආචාර්‍ය සිල්වා ට අනුව මනුෂ්‍ය නොවන දැනුමකි. එහි මූලාශ්‍රය කාලි අම්මා ය.

      එහෙත් අපට නම් එය මනුෂ්‍ය දැනුමකි. ධම්මික නැමැත්තා මනුෂ්‍යයෙක් වන බැවිණි. ඒ පැණිය ගැන විශ්වාසය ඇති බොහෝ දෙනෙක් මේ වන විටත් එය පානය කර තිබේ. අපට නම් කොහේවත් නැති පැණියකට වඩා අපේ ශරීර ප්‍රතිශක්තිය ගැන විශ්වාසයක් තිබෙයි - දෙවනුව අපේ කර්ම ශක්තිය ගැන විශ්වාසයක් තිබෙයි. ඒ හේතුවෙන් අප පැණිය ගැනවත් එන්නත ගැනවත් වද වෙන්නේ නැත. මීට පෙර ලිපියකින් එන්නත එපා යැයි අදහසක් ප්‍රකාශ කළේ එබැවිණි.
      ...

      Delete
    2. ...
      නැවත පැණිය වෙත ආවොත්, කෑගල්ලේ ධම්මික කපු මහතාට පැණිය ගැන දැනුම මනුෂ්‍ය නොවන දැනුමක් විය හැකි වුවත් මට නම් එය මනුෂ්‍ය දැනුමකි. මෙහිදී මනුෂ්‍ය යනු වඩා නිවැරදිව කිවහොත් ධම්මික කපු මහතා සහ දිලිත් ජයවීර වේ. මේ රටේ බොහෝ දෙනා අර මුදල දී පැණිය බොන්නේ කාලි අම්මා ගැන තිබෙන විශ්වාසයට වඩා බොහෝ කොටම අර දෙවනුව කී මහතා ගැන විශ්වාසයෙනි. "විශ්වාස පරමා ඥාති" යි බුදුන් දෙසුවේ මේ ගැන යැයි සිතමි.

      එන්නත් ගැන විශ්වාසයත් මීට දෙවෙනි නැත. මේ දෙකම වචන කිහිපයකින් පැහැදිළි කළ හැකි රුවන් වැකියක් අපේ පැරැන්ණන් විසින් පවසා තිබේ.

      "සල්ලි දෙයියන්ගේ මල්ලි !"

      Delete
    3. මා හිතන හැටියට ආචාර්‍ය නලින් ද සිල්වා තමන්ගේ බුදු දහමක් ගැන කරන ප්‍රකාශයේදී ඔහුගේ අදහස ඔබගේ මනුශ්‍ය දැනුම පිළිබඳ සංකල්පය හා සමපාත වේ.

      මා මෑතකදී බොහෝ කොටම බ්ලොග් කියැවීමෙන් වැලකී සිටි නිසා (දෙතිස් කථා හැර ) ඉකොනොමැට්ටා හා ඔබ අතර වූ සාකච්චාව පිළිබඳව දැනුවත් නැත.

      Delete
    4. මොන වැඩ තිබුණත්, මා නම් තවමත් නොවරදවා කියවන කිහිපයක් තිබේ.

      ආචාර්‍ය නලින් ද සිල්වා තමන්ගේ බුදු දහමක් ගැන කරන ප්‍රකාශයේදී ඔහුගේ අදහස මා ගේ මනුශ්‍ය දැනුම පිළිබඳ සංකල්පය හා සමපාත වන්නේ යැයි නොසිතමි. එය වඩාත් සමාන වන්නේ "තම තම නැණ පමණින් දැන ගත යුතු" යන සම්භාව්‍ය පද්‍යයේ අර්ථයටයි.

      Delete
  3. මා හිතන හැටියට නලීන් ද සිල්වා දෙවියන්ගෙන් ලද දැනුම කියන කාරනය ඉස්සරහට දැම්මේ බටහිර දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් කරන්න

    ඉස්සර මිනී කනත්තක් ලඟින් යන කෙනෙක් ඔළුව නැති පොලිස්කාරයෙක් දැකලා බය වුනොත් හේතු වාදියෝ කියයි ඒක දෘෂ්ඨි මායාවක් සහ/හෝ මනෝ භ්‍රාන්තියක් කියලා.
    ගමේ ගොඩක් අය ඒක දැක්කොත් කියයි මාස් හිස්ටීරියාවක් කියලා.
    එහෙම කියන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.

    ඒ වගේම ඒ හොල්මනක් කියා අදහන අයත් කිසිම විචාරයක් නැතුව ඒක විෂ්වාස කලා.

    නලීන් ද සිල්වා දැන හෝ නොදැන මේ අන්ත දෙකටම විරුද්ධව මතයක් හැදුවා.

    ReplyDelete
    Replies
    1. නලීන් ද සිල්වා දෙවියන්ගෙන් ලද දැනුම කියන කාරනය ඉස්සරහට දැම්මේ බටහිර දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් කරන්න යැයි මා සිතන්නේ නෑ. බටහිර විද්‍යාව ඉදිරියේ නාථ හෝ විපස්සක එසේ නැතිනම් කාලි අම්මාට වඩා තනි නලින් බලවත්.

      එහෙත් ඉතිරි කොටසට එකඟ විය හැකියි, ඒ අන්ධයින් සේ විශ්වාස කිරීමට විරුද්ධ විය යුතුය යන අර්ථයෙන්. ඔහු කාළාම සූත්‍රය විවරණය කළ ආකාරය ඒ ගැන මා කියවූ / ඇසූ පළමු නිවැරදි විවරණයයි. බොහෝ ස්වාමින් වහන්සේලා (පාසලේදී දහම් පාසැලේ දී ඉගැන්වූ වහන්සේලා පවා) ඒ සූත්‍රය ඉගෙනගෙන තිබෙන්නේ කාලෝ ෆොන්සේකාගෙන්.

      Delete
  4. මේක ලිපියේ මාතෘකාවට අදාල නැති දෙයක්.
    මට ලොකු උදව්වක් ඕනෙවෙලා තියෙනවා.
    මට විෂුවල් බේසික් වලින් හදපු ප්‍රෝග්‍රෑම් එකකට වීඩියෝ ප්ලේයරයක් එක්කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.
    ඒක පෝර්ටබල් වියයුතුයි.
    ස්ලයිඩර් එකක් ඇදලා වීඩියෝවේ අවශ්‍ය තැනට යන්න හැකිවෙන්නත් ඕනේ.
    හැම මීඩියා ෆෝමැට් එකකටම හරියන්නත් ඕනේ.
    කොහොමෙයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. දැනට තිබෙන දැනුමින් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයකි.
      "හැම මීඩියා ෆෝමැට් එකකටම හරියන්නත් ඕනේ." මේක තමයි අමාරුම.

      Delete
    2. හැම එකම නෙමෙයි vlc වලින් පෙන්වන්න පුළුවන් හැම වඩියෝ වර්ගයක්ම බලාගන්න පුළුවන් නම් ඇති.

      Delete
  5. මේ දවස්වල ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන් (මේ අයව හඳුන්වන්නේ බෝන්-අගේන් කල්ලිය කියලා) තමයි. මෙම කල්ලියට අයත් ඇතැම් පුද්ගලයන් පිළිබඳව මැතිවරණ සමයේදී පවා රටට ප්‍රකාශ කළ නමුත් අද එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමති තනතුරු පවා දරමින් සිටින බවත් කවුරුත් කතාවෙන කරුණක්. ඇත්තටම ජනාධිපති කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගන්නේ මෙම බෝර්න් අගේන් කල්ලිය විසින් බව පෙන්වා දෙන සිංහල ජාතිවාදී සංවිධාන අවධාරණය කරන්නේ ජාතික සංවිධානවල මතවාදයට ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවයි. ජනාධිපතිවරයාද තමන්ට මග පෙන්වූ ජාතික සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවට බෞද්ධ භික්ෂූන් මැසිවිලි නගති. ඒ වගේම ඔබ දන්නවාද කාලයක පටන් ලංකාවට භයානක කථා මාතෘකාවක් වී ඇති මේ බෝර්න් අගේන් නමින් හැදින්වෙන ආගමික සංවිධානය ගෝඨ ජනපති වූ විගස ගාර්ලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු වුන සිද්ධිය? මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළානේ. ඇත්තටම ඔය කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවක් වන අතර ඇයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාර්ලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළා. ඇය බටහිර තානාපති කාර්යාලයක ‍රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහා වන අතර එම කල්ලියේම කිලී මහරාජා, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීරගේ සිට නිරාගමික කඩතුරාවෙන් වැසීගෙන රැඩිකල් වගේ රඟන ගමන් බෞද්ධ ආගමික අන්තවාදයට පහර ගසන බෝර්න් අගේන් උපුල් ශාන්ත සන්නස්ගල, චින්තන ධර්මදාස, නිර්මාල රංජිත්, ජවිපෙ ජාජබ බෝර්න් අගේන් කල්ලිය ආදී වශයෙන් විවිධාකාර බෝර්න් කල්ලිවල සහය ඇතුවයි එම නාටකය රඟපෑවේ.

    මෙම බෝර්න් අගේන් අන්තවාදී ආගමික සංවිධානය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ඉතා ශක්තිමත් ලෙසින් පැතිර ගොස් ඇති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්න්ඩායම මෙම සංවිධානයේ ග්‍රහණය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කෙසේ හෝ කණ්න්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තරව කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන ධාරාවේ ආයතන ‍රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.

    රාජ පක්ස පවුලේ මාමණ්ඩිලා බෑනලා හරහා එම පවුල බිලී බා ගැනීම සිදු කළ අතරම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ඔඩොක්කුවේ සිටියදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහණයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්‍රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්‍රමරත්නය.

    ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු මෙම සංවිධානයේ පුද්ගලයන්ට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයක් වූ නමුත් සජිත් එසේ නොවූ අතරම වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ ප්‍රබලම අනුගාමිකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ”බෝන් අගේන් ” සංවිධානය විසිනි.

    සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ ඉතා ශක්තිමත් බලවත් අනුගාමිකාවක් වී ඇති බව වගේම ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද ඔවුන් සමග ඉතා කිට්‍ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස කතෝලික අගරදගුරු තුමාට අපහාස කළේ ඒ කල්ලියට ඇති විරෝධයට එරෙහිවයි. ජවිපෙ ජාතික බලවේගයේ හරිනි, නිරූපා, කැටිපේ, සරෝජා පෝල්රාජ් ඇතුලු බොහෝ දෙනෙක් මෙන්ම අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, ලාල් කාන්ත ඇතුළු බොහෝ අය රහසින් බෝන් අගේන් දහමේ අනුගාමිකයන් වේ.

    ඒ වගේම සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස ආගමික අරමුණකින් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුණක් පමණි. මේ වගේම මොවුන්ගේ ග්‍රහණයට නතු වූ රාජ පක්ස පවුල් ගස මෙන්ම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ක්‍රියා කාරකම් සඳහා යොදා ගැනීම සිදු කෙරේ. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්, ඒකත් එහෙමද.
      //මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න.
      හාංකවිසියක්වත් නොදන්නා දේ ගැන ලියන්නට ක්‍රමයක් නැත.

      Delete
  6. පෙනෙනා ලෙස සියල්ල ඉතා ව්‍යාකූලය.
    මෙවන් අවස්ථාවක ඔබ සම්පූර්ණයෙන් නිහඬ වී ඇයි?

    ReplyDelete
    Replies
    1. අශෝක රජ දවස ශිල්ප ශශ්‍ 18ක් පැමිනීමෙන් පසු එවැන්නක් නැවත සිදුවූ පලමු වතාව තමයි කොළඹ වරාය නගරය ඉදිවීම. මම මෙයට 1000% සපෝට්.

      Delete
    2. කොරෝනා ගැන නැවත නොලියන අදහසක සිටිමි.
      දැන් කුමක් ගැන ලියන්නට ගත්තත් මැක්කාගේ කතාව මෙන් කොරෝනා ගැනම කියන්නට කැරකී එයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !