ජීවීන්හට පොදු වූ ලක්ශණ රාශියක් හා ඒ මගින් ජීවින් අජීවීන්ගෙන් වෙන්කොට ගත හැකි වගක් අපි කුඩා කාලයේදීම උගත්තෙමු. ගලක් ? ඒ අනුව ජීවීන් ආහාර ගනියි, ස්වසනය කරයි, තම වර්ගයා බෝ කරයි ආදී වශයෙන් වූ පොදු ලක්ෂණ භාවිතා කරමින් ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර ගැනීමේ ශාස්ත්‍රය අපි උගත්තෙමු. ඒ අනුව ගස් වැල්ද සතා සීපාවාද ඇසට නොපෙනෙන කුඩා කෘමිසතා හා අන්වීක්ශීය ක්ශුද්‍ර ජීවියා දක්වාද ජීවීන් ලෙස අපි පැහැදිලිවම ශාත්‍රානුකූලව හඳුනා ගතිමු. එසේම ඒ ජීවීන් ජීවත් වන බවත් උන් තුල ජීවයක් ඇති බවත් ඒ ජීවය හානි වීමෙන් මරණයට පත් වන බවත් ඇසින් දැක, කනින් අසා, අතින් ස්පර්ශ කොට නුවනින් වටහා ගතිමු. තවත් කුමක්ද, මේ සියළු දෙනා ජීවීන්මය එය අපි ප්‍රත්‍යක්ශයෙන් දනිමු. නෑ, ගල් ආදෙක් ! එහෙත් අද වන විට නූතන විද්‍යාව ජීවී අජීවි වෙන් කිරීමෙහි නිර්නායක ගැන පැහැදිලි කිරීමකින් වැලකී සිටිති. එසේනම්, මෙසෙ අප ප්‍රත්‍යක්ශ කල දැනුම සත්‍යයද? මේ පිළිබඳව ධර්මානුකූලව සලකා බැලීමෙන් වෙනත්ම මානයකින් මේ කරුන විග්‍රහ කල හැකි බවක් මට වැටහේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් මස අව අටවක නම් තිථිය ලත් සඳු දින ෴
සිතුවිළි අපට එකතු වූයේ මේ අඩවියේ මුල්ම කාලයේ දී ය. බුදු පිළිම අඩවිය පවත්වාගෙන ගිය (මෙහි යාවත්කාලීන කිරීමක් කලෙකින් දුටුවේ නැත) බිංදු සහ සිතුවිළි දෙතිස් කතාවේ ප්‍රාරම්භක පාඨකයෝ ය. ප්‍රතිචාර තීරය හරහා පළමුව අදහස් බෙදා ගත්තද ඔහුගේ සාරවත් අදහස් වලට ඉඩ දීම පිණිසත්, නව මං ඔස්සේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දීම පිණිසත් ලේඛකයෙකු ලෙස දෙතිස් කතාව හා එක් වන ලෙස මිතුරු ජොසෙෆ් හා සිතුවිළි වෙත කළ ආරාධනාව ජොසෙෆ් විසින් ප්‍රතික්‍ෂේප කෙරුණත් සිතුවිළි විසින් බාර ගන්නා ලදී. නයනේ නිසා උපන් සිතුවිළි ඒ අනුව සිතුවිළි විසින් රචිත ලිපි බොහොමයක් දෙතිස් කතාවේ පල කෙරිණි. පහත දැක්වෙන්නේ ඒවාය. 2013 මැයි 16: නාම ගොත්ථං න ජීරතී ! 2013 ජූලි 31: මම සියල්ල අත හැරියා ! 2015 මාර්තු 5: ගිහි පංචසීලය හා නිර්මාංශ වෘතය 2015 ජූලි 13: සිකුරුගෙන් බ්‍රහස්පතිට අභියෝගයක් ! 2015 ජූලි 23: ඒකාධිපතියෙක් තෝරා පත් කර ගැනීමේ නිදහස 2015 නොවැම්බර් 24: පොඩි එකාගේ ළියුම...! දැන් සිතුවිළි නම වෙනුවට සැබෑ නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට සිතුවිළි සුදානම්ය. ඔහුගේ නව අඩවියට මෙතැනින් පිවිසිය හැක. ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් පුර තියවක නම් තිථිය ලත් සඳු දින ෴