ඔබට කාලය කා දැමිය නොහැක. මක් නිසාද යත්, කාලය විසින් ඔබව කා දමන බැවිණි.ඒ පඬි වදන කාලය ගැන කියූ ඉතාම වටිනා විග්‍රහයක් බව වසරක් අවසාන වන මේ සමයේ අප සිහියට ගත යුතුය.
ලබන වසරේ බලාපොරොත්තු විය හැකි දේ...
ලබන වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව මේ වන විට සැවොම දන්නා කරුණකි. ඒ ජනවාරි අට වැනිදාය. අලුතින් පත් වන අපේ ජනාධිපතිතුමා බැහැදැක ආශිංසන පළ කිරීම පිණිස පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයා ඉතාම බලවත් වතිකාන රාජ්‍යයේ අධිපති තුමාය. එතුමෝ ජනවාරි මස තෙලෙස්වැනි දා මෙරට සැපත් වෙති.පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ඉතාම ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී හා නවසීලන්තයේදී ආරම්භ වේ. මේ තරඟාවලියෙන් අනතුරුව තම එක්දින ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම පිණිස මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.
මෙයට අමතරව පළාත් සභා මැතිවරණ සහ මහමැතිවරණයකුත් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. මේවා පැවැත්වෙන දින හරියටම දන්නේ 'ඊනියා' රාජකීය දෛවඥයන් පමණකි.
කෙසේ වුව ලබන්නා වූ නව වසර වෙනුවෙන් මෙවරත් දින දසුනක් සැපයීමට අප සූදානම්. පසුගිය වසරට වඩා මෙවර කර ඇති වෙනස නම් ඉහත විස්තර කළ ආකාරයේ සිද්ධි සටහන් කර ගැනීම පිණිස ඉඩක් එහි සපයා තිබීමයි. මෙවර දෙතිස්කතා දින දසුන ඉහත රූපය මත කෙටිමෙන් හෝ පහත බැඳිය වෙත යාමෙන් හෝ බා ගත හැක.
https://drive.google.com/file/d/0By77vdcQt-jyWEc0TzBQa290NW8/view?usp=sharing