Friday, July 5, 2013

අද ජූලි 5 !


මාදුරුඔය ජලාශයේ සුන්දර දසුනක්

අද ජූලි 5.


ඒ මීට වසරකට පෙර දෙතිස් කතා බ්ලොග් අඩවිය ආරම්භ කරමින් (බ්ලොගයක ඇරඹුම සනිටුහන් කරමින්) අප සටහන් කළ වදන් පෙලයි. එදා එසේ සටහන් කළ මුල්ම ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාර එකම එකකි.

ජය වේවා කිව්වා. ඔය කිව්වට දිගටම ලියයි. ලෙස ඒ දිරිගැන්වීම අපට ලැබුනේ අප හිත මිතුරු සාලියගෙනි. එතැනින් ඇරඹුණු දෙතිස් කතාහි පසුගිය වසර තුල 'කතා' එකුන් සතළිසක් පල කෙරිණි. ඒ සියලු ලිපි අතර වැඩිම කියැවීමක් ලද ලිපිය ලෙස 'ලෝකය හට ගැනීම හා එහි නිරෝධය' ලිපියත්, වැඩිම ප්‍රතිචාර ලද ලිපිය ලෙස 'සමනල පව්වේ සිරිපා පිහිටවූ වෙසක් පුර පසළොස්වක' ලිපියත් පෙරමුණේ වෙයි.

දෙතිස් කතා හා අප ගැන


පසුගිය වසර තුල දෙතිස් කතා ලත් විශාලම ජයග්‍රහණය දෙතිස් කතා සිරිතක් ලෙස පරිශීලනය කරන මිතුරන් පිරිසක් ඒ හා එකතු වීමයි. කලන මිතුරන් ලෝකයේ දුර්ලභයි. අතලොස්සක් වුවත් එවන් මිතුරු පිරිසක් ලැබීම පාප මිත්‍රයන් දහස් ගණනක් ලැබීමට වඩා ලාභයකි.

දෙතිස් කතා, කියවීමට පමණක් නොව ලිවීමටත් අවස්ථාවක් සපයයි. එය සාකච්චා මණ්ඩපයකි. මෙහි ලියැවෙන්නේ සාමාන්‍ය සිත් තුල පහල වන සාමාන්‍ය අදහස් ය. මේ සාමාන්‍ය බව තුලම අසාමාන්‍ය බවක් ගැබ්ව තිබීම දෙතිස් කතාහි ඇති අපූර්වත්වයයි. දෙතිස් කතා වෙත නිරන්තරයෙන් අදහස් දක්වන පිරිසගේ අදහස් කියැවීම බොහෝ විට අප විසින් පල කෙරෙන මූලික ලිපිය කියැවීමට වඩා බොහෝ දෙනාගේ සිත් ගන්නේ එහෙයිනි.

මේ වෙනත් වෙබ් අඩවියක දෙතිස් කතා ගැන ලියැවුණු ප්‍රසංශාවකි.
"කේ ගැන කිව යුතු යමක් නම් ඔහු ලියන දේ හරියට තේරුම් ගන්නා පිරිස ඉතා සුළු බවත් තේරුම් නොගන්නා හා වැරදියට තේරුම් ගන්නා පිරිස අතිමහත් බවත්ය. (ලැබෙන බොහොමයක් ප්‍රතිචාර මෙකරුණ සනාථ කරන බව ඔබ දකිනවා ඇත.) මේ කේ ගේ වරදක් නොව ජාල සන්නිවේදනයේ සොබාවයයි. හුදී ජනයාට පිටුවකින් කිව යුතු දේ වැකියකින් කීම එක හේතුවකි. x යනු කිමැයි නොදත්තවුන් සහිත පිරිසකට කලනය ඉගැන්වීම වැනි දෙයක් සිදු වීම තව හේතුවකි. (මේ කරුණ කේ ට පමණක් නොව ඔබත් අපත් මේ අඩවියේ කොටන බොහෝ දේටත් එලෙසින්ම අදාළ බව අපගේ වැටහීමයි.) මෙහිදී කාට වුව වරදක් පැවරිය නොහැකි බවත් මේ ජාල සන්නිවේදනයේ අරුමය බවත් වටහා ගැනීම අප සතු කාරියෙකි. ඔබ දුන් යොමු ඔස්සේ විටින් විට අප එම අඩවිය කියවා ඇති අතර කේ ගේ තරම දිස් වන්නේ මුල් ලිපියට වඩා ඔහුගේ අටුවාවේ (කොමෙන්ටු වල) බවත් ඉන් අප උගත් දෑ බොහෝ බවත් කිව යුතුය. කේ හා අපගේ සමානකමක් ඔබ ලියා තිබු බැවින් කේ ගැන වැනුම මින් නවතමු."
මෙහි පෙන්වා දෙන අපගේ අඩු පාඩු මේ වසරේදී අවම කර ගැනීම දෙතිස් කතා හි ප්‍රමුඛ අභිප්‍රාය වේ. මේ හැර බොහෝ දෙනා විසින් වරින් වර ඉදිරිපත් කෙරුණු බොහෝ යෝජනා පවතී. ඒවාද ඉදිරියේදී සළකා බැලෙනු ඇත.

දෙතිස් කතා මේ වන විට එක ලේඛකයෙකුගේ යාං හෑලි එකතුවක් නොවේ. සිතුවිළි සහ ජොසෙෆ් (Joseph) යන සහෘදයින් දෙදෙනාගේ රචනා මේ අඩවියේ විටින් විට පල වේ. සමහර වෙබ් අඩවි මෙහි එන ලිපි උපුටා දැක්වූ අවස්ථාද වේ. ඒවා දෙතිස් කතා බ්ලොග් අඩවියේ සාර්ථකත්වයේ සංකේත ලෙස හඳුනා ගත හැක.

දෙතිස් කතා අරඹමින් අප ඉදිරිපත් කළ මුල්ම ලිපියේ ඉදිරිපත් කෙරුණු පින්තූරය (ලිපියේ ඉහල ඇත්තේ ඒ පින්තූරයයි) මාදුරුඔය ජලාශයේ ඡායාරූපයකි. ඒ තෝරා ගැනීම අහඹු සිදු වීමක් නොවේ. මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කෙරුණු ඉතා විශාල ජලාශයක් වන මෙහි මිනුම් කටයුතු සඳහා මෙහි පැමිණි විදෙස් (කැනේඩියානු) ඉංජිනේරුවන් මිනුම් කර ජලාශ බැම්ම සඳහා තෝරා ගත් ස්ථානයේ ඉදි කිරීම් ඇරඹීම පිණිස කැනීම් කරන විට හමු වූයේ එතැනම කලින් ඉදි කෙරුණු පැරණි සිංහල වැවේ වැව් බැම්ම සහ හොරොව්වයි. එහි ඉංජිනේරු විද්‍යාත්මක තත්වය ගැන විස්මයට පත් ඒ ඉංජිනේරුවෝ ඒ හොරොව්ව අනාගත පරපුර උදෙසා රැක ගත යුතු අමිල වස්තුවක් සේ සළකා නව ජලාශ බැම්ම මීටර ගණනක් පසුපසට ගෙන ගිය බැවින්, මහසෙන් රජු විසින් සෑදවූ බවට විශ්වාස කෙරෙන පැරණි වැව් බැම්ම හා හොරොව්ව අපට අදද දැක ගත හැකි ලෙස නිරුපද්‍රිතව පවතී.

මාදුරුඔය ජලාශය සෑදීම පිණිස කැනීම් කරද්දී හමු වූ පැරණි ගඩොල් බැම්ම සහ සොරොව්ව
දෙතිස් කතා භාවිතා කරන්නේ ද නූතන තාක්ෂණයයි. එහෙත් අපගේ පැරණි දැනුම විසින් අර ඉංජිනේරුවන් එදා විස්මයට පත් කෙරුණු ලෙස අප අප විසින් ම විස්මයට පත් කෙරෙන අවස්ථා බොහෝය. එදා ඒ විදෙස් ඉංජිනේරුවන් තැබූ පියවරට වඩා එක පියවරක් ඉදිරියට තැබීමට අපි කැමැත්තෙමු. ඒ අපේ (එනම් 'සිංහල') සම්භාව්‍ය දැනුම ගැන අපේ යම් අවබෝධයක් වේ නම්, එය ඒ දැනුම ලබා ගැනීමට කැමති අය හා බෙදා හදා ගැනීමයි. එසේම, එවැනි දැනුම ඇති තව අය වෙත්නම් ඒ දැනුම අප වෙත ලබා ගැනීමට මණ්ඩපයක් තනා ගැනීමයි. බටහිර දාර්ශනිකයෙක් වරක් පැවසූයේ අප දෙදෙනා සතුව ඇපල් ගෙඩි දෙකක් වේ නම්, අප ඒවා හුවමාරු කර ගත් විට අපට ඇපල් ගෙඩිය බැගින් ලැබේ. එහෙත් අප සතුව දැනුම ඇත්නම්, අප ඒ දැනුම හුවමාරු කර ගත් විට අපේ දැනුම දෙගුණ වේ. යනුවෙනි. එහි සත්‍යයක් ඇත.

දෙතිස් කතා ඒ දැනුම හුවමාරු කර ගැනීම පිණිස සැම විටම සැදී පැහැදී සිටී.

මෙතෙක් කල් දෙතිස් කතා හා එක්ව සිටි සහෘද කැල වෙත අපෙන් පිරිනැමෙන ත්‍යාගයක් වෙයි. ඒ අප ගමන් ආරම්භ කළ තැන, එනම් මාදුරුඔය ජලාශයේ ඡායාරූප කිහිපයකි. මාදුරුඔය ජලාශය සහ මාදුරුඔය වාරි ව්‍යාපාරය ගැනත්, එහි වූ පැරණි වැව ගැනත්, එවැනි වැව් දහස් ගණනක් නිර්මාණය කළ සිංහල වැව් තාක්‍ෂණය ගැනත් කතා කිරීමට ආරාධනයක් ද ඒ සමගම වේ.

මාදුරුඔය ජලාශය (ලිපියේ ඉහල පල වී ඇති පින්තූරය)

මේ මාදුරුඔය ජලාශය එහි එක් අන්තයකට දිස් වන ආකාරයයි. පැද යන ඔරුවක්‌ සහ ඉවුරේ නවතා ඇති ඔරු කිහිපයක් දිස් වේ.
බා ගැනීම:
  1. 1024 x 768
  2. 1440 x 900

මාදුරුඔය ජලාශයේ පැරණි වැව් බැම්ම හා නව වේල්ල

මෙහි වම් පස කළු ගල් අතුරා ඇත්තේ නව වේල්ලයි. දකුණත් පස වනයෙන් වැසී ගොස් කඳු ගැටයක් සේ දිස් වන්නේ පැරණි වැව් බැම්මයි.
බා ගැනීම:
  1. 1024 x 768
  2. 1440 x 900

38 comments:

  1. දිනෙන් දින සාර්ථක වේවා!! සියලු ලෝසතුන්ගේ ප්‍රඤ්ඥාව බැබලේවා!!ඔබට තෙරුවන් සරණයි! වසරක් පිරෙන මොහොතේ.......

    ReplyDelete
    Replies
    1. බිංදු, ඔබේ බුදුපිළිම අඩවියට දෙතිස් කතා වෙතින් (දකුණු පස තිරයෙන්) ස්ථාවර බැඳියක් සපයන්නම්.

      එය ඔබට උපකාර වේවි. ඔබේ බුදුපිළිමත් දිනෙන් දින වැඩි දියුණු වේවා කියා පතමි.

      Delete
  2. සිතුවිළිJuly 6, 2013 at 7:58 AM

    අහා...!
    කථා 32ට තවම අවුරුද්දයිද?
    පෙන්වන පරිනත බව ඊට බොහෝම වැඩියි.
    කේ ඔබ වැන්නෙකුට මෙවැන්නක් ඇරඹීමට සිත් දීම ජාතියේ වාසනාවකි.
    ඔබගේ දැනුම හා අවබෝධය තව තවත් පුළුල් වීමටත්, මේ අඩවිය සාර්ථකත්වයෙන් සාර්තකත්වයට ගමන් කිරීමටත් මා හෘදයාංගමව සුභ පතමි..!

    ලංකා සී නිව්ස් ඔබගේ ලිපියක් උපුටා දක්වා ඇති බව මා දැන නොසිටියෙමි.
    එය මේ කෙටි කල තුල මෙම "බ්ලොගය" (මේ සඳහාත් අප යම් හෙලෙ උරුවකින් වචනයක් තනා ගනිමු ) ලද හොඳ පිළිගැනීමක් කොට මා සිතමි.

    ජය වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJuly 9, 2013 at 1:33 PM

      අහෝ මා කොතරම් අවධානයෙන් තොර වූවෙක්ද?

      "කනිෂ්ක" ඔබගේ නම මාගේ අවධානයට ලක් නොවූ හැටි!

      අළුත් නම ගැන මාගේ සුභ පැතුම්.

      (අම්මා තාත්තා දුන්නු නමමද කියල අපි දන්නේ නැහැනේ)

      Delete
    2. සිතුවිළි,

      "බ්ලොගය" වෙනුවට "පම්පෝරිය" කොහොමද ?

      ගොඩක් බ්ලොග් වල ගහන්නේ පම්පෝරි නොවැ !

      Delete
    3. සිතුවිළිJuly 10, 2013 at 11:42 AM

      ඒ කියන්නේ මෙතැනත් එහෙමද?

      අයියෝ මටත් වෙච්චි දෙයක්!

      කමක් නැහැ එහෙනම් "පම්පෝරිය" කියමු හැබැයි මේ වචනයේ උච්චාරනය අනුවනම් දෙමළ ඌරුවක් ඇති වචනයක් වගෙයි පෙනෙන්නේ. ඔය අගට "ය"යන්නක් දාලා අපේ කරගත් වචන බොහෝමයක් වෙනත් භාශාවන් වලින් ගත් වචන.
      බ්ලොග් එකට අපි බ්ලොගය කියලා සිංහල කර ගන්නවා වගේ තමයි ඒකත්.

      Delete
  3. මගේ පළමු කොමෙන්ටුව ඔබේ තෙවන ලිපියට දමා තිබූ බව සොයා ගතිමි. වසරක් ගත වූ ඉක්මන.

    ඒ පළමු කොමෙන්ටුවෙන් මා ඉල්ලූ දේ ඉටු නොකලත්, ඔබ ඊට වඩා බොහෝ දේ මේ වසර තුල ඉටු කරගෙන ඇති බව පෙනේ. නමක් දා ගැනීමම කොපමණ වැදගත්ද ! ඔය නම වෙනුවෙන් මම යාඥා කොකලා පමණි. පහත ඇත්තේ ඒ පළමු කොමෙන්ටුවයි.

    "මා ඔබේ අගය කරන ගුණාංගයක් වන්නේ වෙනස් කෝණයකින් දැකීමේ හැකියාවයි. ඕනෑම කෙනෙක් සංවේගය දනවන පුවතක් ලෙස විස්තර කිරීමට කැමති ලේනාගේ මරණය ඔබ දැක ඇති කෝණය ඊට උදාහරණයකි. දිනපතා කෑමට පැමිණි පවුලේ සමීප සත්ත්වයකු වූ ඌ කුරුල්ලෙකුගේ ගොදුරක් වූ විට ඔබ ලියන්නේ "ලේනුන්ගේ ආප්ප පාටිය කඩාකප්පල් කළ කුරුළුගොයා නිසොල්මනේ ඉඳ ලේනා බරු ගසයි." කියාය. හරි ජොලි !!!

    ඔබ ඔය සිද්ධියම සංසාරය-කර්මය ආදිය යොදාගෙන විස්තර කරන ලිපියක් කියවීමට කැමැත්තක් ඇත. අපේ පැරණි සාකච්චා වලට ප්‍රස්තුත වූයේ ඒවා නිසා හැකිනම් එවැනි විග්‍රහයක් පළ කරන්න. ඔබට එය කළ හැකි බව මම දනිමි."

    ReplyDelete
    Replies
    1. සංසාරය: සංසාරේ තමයි අපි ඔක්කොම මේ ගමන් කරන්නේ.
      කර්මය: කර්ම තමයි අපි ගෙවන්නෙත්, නැවත කරන්නෙත්.

      ජොසෙෆ්, ලේනා කුරුළුගොයා කියලා වෙනසක් නෑ. අපි මේ දෙතිස් කතා තුල වැඩියෙන් කතා කර ඇත්තේත් කර්මය සහ සංසාරය ගැනම නේද.

      Delete
    2. මේක කපටි කමක් !

      Delete
  4. @ කණිෂ්ක: ඇනිවසරි වැනි දේට අපගේ එතරම් රුචියක් නැතත් යහපත් චේතනාවෙන් යුතුව බොහෝ දෙනාගේ හිතසුව පිණිස අසීරු වූ යමක් කෙරෙමියි අදිටන් කොට ඒ දේ වසරක් පුරා කිරීම අගය කළ යුතු පැසසිය යුතු දෙයක් බැවින් මේ කාරිය ගැන අපිදු සුබ පතමු.

    ReplyDelete
  5. @ සිතුවිළි: ඔබ ඉල්ලු යොමුව සහිත කොමෙන්ටුව cnews හි පල නොවීය. එම යොමුව: www.lankaweb.com/news/items/2013/07/03/time-magazine-was-wrong-burmese-nationalist-monk-wirathu-stands-vindicated/

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJuly 9, 2013 at 1:13 PM

      සිත්,
      මේ බැඳිය යොමු කලාට ස්තුතියි,
      සත්ත්‍යය වශයෙන්ම මාහට උවමනා වූයේ එම බැඳිය සී නිව්ස් හී පල කරවා ගැනීමටයි.
      ඔවුන්ගේ අරමුන කෙරෙහි ඔවුන් ඉතා සූක්ශම බව පෙනේ.

      Delete
  6. සාලිය: ...................

    Anonymous: කවුද බොලේ මේ? අසෝකමාලගේ මහත්තයද?

    දැන් සිටින 'ජෝකර්ලා' වෙනුවට ලංකාවේ විකට සිනමාවේ හෝ ප්‍රභසන කලාවේ මෙම Anonymous වැනි අය සිටී නම් අපටද විනෝද විය හැකි යමක් නිර්මාණය වනු ඇත.

    ReplyDelete
  7. වෙනත් අඩවි වල අප කොටන්නේ බොහෝ කොටම පරාර්ථය තකාය. හෙවත් අප දත් දේකින් අන් කාට හෝ යහපතක් වනු ඇතැයි චේතනාවෙනි. මේ අඩවියට අප පිවිසුනේ බොහෝ කොටම ආත්මාර්ථය තකාය. හෙවත් යම් විසදුමක් අපේක්ෂාවෙන් අපට ඇති යම් යම් ගැටළු ඉදිරිපත් කරන අටියෙනි. මේ දක්වා එවන් කරුණු දෙකක් ඉදිරිපත් කෙරින. බුදුදහම හා හෙළ ඉතිහාසය ගැන තවත් එවන් පැන කිහිපයක් තිබේ. ඉතිහාසය, වංශකතා, විශේෂ යටතේ මේ එවන් එක් පැනයක් වන අතර මේගැන කණිෂ්ක හෝ Joseph ගේ ප්‍රතිචාරයක් වේ නම් අගයමි. ලංකාවතාර සූත්‍රය ගැන ඔබගේ අදහස කුමක්ද? http://lirs.ru/do/lanka_eng/lanka-nondiacritical.htm

    අනවශ්‍ය දිශාවෙක නොයාම පිණිස සුළු විස්තරයක් (හෙවත් අපගේ අදහස) පළමුව ඉදිරිපත් කරමු. මහායානිකයන්ගේ ප්‍රධානම සූත්‍රයක් වන සකුවෙන් රචිත ලංකාවතාර සූත්‍රය අභයගිරි වාසීන්ගේ නිර්මාණයක් යනු අපගේ අනුමානයයි. එහි මධ්‍යයේ ඇති ගැඹුරු දහම් කරුණු ගැන අපට ගැටළුවක් නැත. එහි අවසන ඇති නිර්මාංශ පරිච්චේදය ගැන අපගේ පැහැදීමක් නැති නමුත් ගැටළුවක්ද නැත. (ගැටළුවක් නැත යනු අනුමත කරනවා යන්න නොව වැඩක් නැත යන්නයි.) අපට ගැටළුව වන්නේ මුල් පරිච්චේදයයි. ලංකා, මලය කඳු, පුෂපක යාන, යක්ෂ (හෝ රාක්ෂ) පිරිසේ නායක රාවණ, දසිස් රාවණ, නාගකන්‍යාවන්, නාගයන්ගේ නායක සහ රාවණ ආදී දේ සහ වඩාත් වැදගත් දේ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය රාවණ රජුගේ ඇරියුමෙන් බුදුරදුන් ලංකාවේ මලය කඳුකරයේ යක්ෂයනට දෙසු බව එහි සඳහන්ය. දැන් පැනය නිශ්චිතව, ලංකාවතාර සූත්‍රයේ, වෙසෙසින් පළමු පරිච්චේදය, අභයගිරි විහාර වාසීන් නිර්මාණය කෙළේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලංකාවතාර සූත්‍රයේ ඇති දේ කියා දුන්නාට ඔබට පින්. අප මෙතෙක් නම අසා තිබුණා පමණයි. මේ සූත්‍රය කියවා බැලීමෙන් තොරව ඔබේ ගැටළුවට පිළිතුරු දීම පලක් ඇතැයි නොසිතමි.

      ඔබ දී ඇති කෙටි විස්තරය අනුව නම් අපට දිය හැකි කෙටි පිළිතුර වන්නේ අභයගිරිවාසින්ට විදෙස් බලපෑම් වැඩියෙන් පැවති බවයි. (මෙසේ කියන්නේ අප මහා විහාරයට පක්‍ෂ නිසයි - අභයගිරියට පක්‍ෂ කෙනෙකුට මේ කතාව අනෙක් පැත්තට කිව හැකි බව දනිමි). ලංකාවේ අදත් කෙරෙන ලෙස මහා විහාර සම්ප්‍රදායට එරෙහි 'විකල්ප' ඉතිහාස එකක් හෝ කිහිපයක් ගොඩ නැගීමට විදේශ වලට අවශ්‍යව තිබෙන්නට ඇත.

      Delete
    2. SiTh,

      මා සිරිතක් ලෙස කොමෙන්ට් දමන වෙබ් අඩවි ඇත්තේ දෙකකි. දෙතැනම කොමෙන්ට් දමන්නේ පරාර්ථය තකාය. මෙතැන දී වෙබ් අඩවියත්, සී නිවුස් හි දී පාඨකයාත් මගේ මූලික ඉලක්කය වේ. කොමෙන්ට් කියවීම ස්වාර්ථය තකා කරමි.

      ලංකාවතාර සූත්‍රය යනුවෙන් මහායාන සුත්‍රයක් ඇති බව සහ එහි නමෙන් ද පෙනී යන පරිදි ලංකාව ගැන යමක් අඩංගු බව මිස වෙනත් දෙයක් නොදැන සිටියෙමි. මේ ගැන මගේ අදහස කනිෂ්ක මිතුරාගේ අදහස හා සමපාත වේ.

      ලංකාවතාර සූත්‍රය මහායාන සූත්‍රයකි + ලංකාව මහායානය පිළිනොගනී => ඒ නිසා ලංකාවතාර සූත්‍රය, එහි කුමක් තිබුනත්, අප පිළිගත යුතු නැත.

      Delete
    3. සිතුවිළිJuly 10, 2013 at 11:35 AM

      ලංකාවතාර සූත්‍රය පිළිබඳ මා දන්නා තරමද ජෝසප් දන්නා තරමට වෙනස් නොවේ. මා දන්නා ඒ ටිකත් පුවත් පත් ලිපි වල ඒ ගැන සඳහන්ව තිබීමෙන්ම පමණි.
      කෙසේ වෙතත් එය මහායානිකයන්ගේ වූ පමණින්, මහායානය ලංකාවෙහි පිළිනොගන්නා පමණින් එය පිටුදැකිය යුතු යැයි කීමට මා එකඟ නැත.

      එයත් කියැවීමට ලැබෙනවානම් කියැවීමෙහි දොසක් නැත. කියවන්නාට එය පැහැදිලිව විමසීමෙහි නුවණ තිබිය යුතුය.
      ඒත් ඉතින් බුදු හිමියන්ම දෙසූ තවම අප කියැවීමට තැතක්වත් දරා නැති සූත්‍ර ධර්ම දහස් ගනනක් තිබියදී මෙය ගැන වෙහෙසීම පල රහිත විය හැක.

      ලෝක නිර්මාණ අප විමසූ අයුරින් විටින් විට දුර්ලභ හා නිතර සාකච්චාවට බඳුන් නොවන සූත්‍ර ධර්මයක් ගෙන විමසමු. එය කාටත් වැඩක් වේවි.

      තව කරුනක්, ලංකාවතාර සූත්‍රය ලියැවී ඇත්තේ සකුවෙන් බව සිත් කියයි. එය බරපතල ගැටළුවකි, මා අසා ඇති පරිදි බුදු හිමියන් දහම සකුවට නැගීම වලක්වා ඇත. අනු කිසිදු බසකට එවන් වැලැක්වීමක් නැත.

      Delete
    4. SiTh,

      මෙහි ඉඳහිට ප්‍රතිචාර දක්වන සාලිය මේ ගැන බොහෝ දුරට දන්නා කෙනෙක්. එකම ගැටලුව ඔහුගේ ලජ්ජාශීලි ස්වභාවයයි. ඔහු ලංකාවතාර සූත්‍රය ගැන යමක් කියයිනම් අප සියලු දෙනාටම ඉන් ඉගෙන ගත හැකි දෙයක් තිබිය හැකියි.

      මදක් ඉවසමු මේ නූතන රාවන කුමක්ද කියන්නේ කියා.

      Delete
    5. @ කණිෂ්ක:

      ඔබේ ප්‍රතිචාරයට තුති. ඔබේ කෙටි පිළිතුර කියවූ විගස සිතට ආවේ "ඒකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්" වැනි අදහසක් වුව ඔබේ (හෝ වෙනත් කෙනෙකුගේ) වැඩිදුර කරුණු සහිත පිළිතුරක් (වේ නම් ඒ,) ලැබෙන තෙක් නිගමනයකට එළඹීම නුසුදුසු බව පෙනුනි. අප ඇසු පැනය සම්බන්ධයෙන් ලංකාවතාර සූත්‍රයේ (අප දුන් යොමුවේ) පළමු පරිච්චේදය දැන සිටීම ප්‍රමාණවත්ය.

      මහාවංශය ලියවෙන්නේ හයවන සියවසේ පමණ වනවිට ලංකාවතාර සුත්‍රය ලියවෙන්නේ හතරවන සියවසේ පමණ ය. එසේ වුව මහාවංශයට සමීප දීපවංශය මේ දෙකටම බොහෝ පෙර ලියවෙන අතර ලංකාවතාර සුත්‍රයේ පළමු පරිච්චේදය පසුව එක් කළ බවට මතයක් ද වේ. එබැවින් කුමක් පළමුව බිහි වීද යන්න අපැහැදිලිය. අපට පෙනෙන හැටියට ලංකාවතාර සුත්‍රයේ පළමු පරිච්චේදයේ අරමුණ ඉතිහාසය ලිවීම නොව අන් යමෙකි. එම පරිච්චේදයේ "ඉතිහාසය" ලෙස ගැනීමට තරම් යමක් එහි නැත.

      අපගේ පැනයට ඔබෙන් විස්තරාත්මක පිළිතුරක් වේ නම්, ඔබේ පිළිතුර අපගේ පැනය අරබයාම බවට සැලකිලිමත් වන්න. උදාහරණයක් ලෙස "සුදු කොඩි අරන් එන කොටි නායකයන්ට වෙඩි තියන්ඩ කියල ගෝටා කිව්වා කියලා ෆොන්සේකා කිව්වා කියල ෆෙඩ්රිකා ලිව්වේ ඇයි?" කියා අසන පැනයට දෙන පිළිතුරට කොටි සුදු කොඩි අරං ආවද නාවද ආදී කරුණු වැදගත් නැත.

      ~_~ ~_~ ~_~ ~_~ ~_~ ~_~ ~_~ ~_~ ~_~

      "මදක් ඉවසමු මේ නූතන රාවන කුමක්ද කියන්නේ කියා." මේ නූතන රාවන යනු කවුද?

      Delete
    6. @ Joseph : ඔබේ ප්‍රතිචාරයට තුති. ඔබේ පරහිතකාමී චරියාව කෙරෙහි අපගේ ගෞරවය වේ.

      ඉන්දියානු ඉතිහාසය ගැන කරුණු සොයන හින්දු හෝ කිතුනු දහම අදහන පුද්ගලයෙකු එම කාලයේ රජවරු සිටුවරු ආදීන් ගැන ත්‍රිපිටකයේ එන විස්තර සලකා බැලීම හෝ ත්‍රිපිටකය බුදුදහමේ නොවේ, මම බුදුදහම පිලිනොගනිමි, එහි කුමක් තිබුනත් අප පිළිගත යුතු නැත යැයි බැහැර කිරීම හෝ යන දෙකින් වඩා උචිත කුමන පිළිවෙත යැයි ඔබ සිතන්නේද?

      Delete
    7. @ සිතුවිළි : අපගේ අවධානය යොමු වන්නේ ලංකාවතාර සුත්‍රයේ ගැඹුරු දහම් කරුණු නොව වටපිටාව ආගිය කතා ඇති පළමු පරිච්චේදය වෙත පමණක් බව ඉහත සටහනේ පැහැදිලිව දක්වා ඇත. ඔබේ අරමුණ නිවන නම් ථෙරවාද ත්‍රිපිටකය ඒ සදහා ප්‍රමාණවත් සේම ඉන් බැහැර නොවීම ද අවශ්‍ය වේ. මහායානික සූත්‍ර ඉගෙනීම, බුදුදහමේ ශාකා හා විකාශය ආදිය ගැන උගතෙකු වීමට කැමති කෙනෙකු කළ මනා දෙයකි. ලංකාවේ (වෙසෙසින්, සරසවි වල සේවය කරන) ගිහි පැවිදි ඇතැම් ඇදුරෝ එවන් දේ කෙරෙති. මහායානික ක්‍රමය තුල නිවන් දැකීම සිදු නොවන විට වෙනත් දේ කිරීමට සිදු වෙන අතර (නලින් ද සිල්වා නිතර මතු කරන) දැනුම නිර්මාණය කිරීම යම් පමණකට කළෝ ඔව්හුය.

      Delete
    8. සිතුවිළිJuly 14, 2013 at 11:45 AM

      මිතුර SiTh,
      අනවශ්‍ය දෙයට කට නොදා හිටු!

      යන ඔබගේ සොඳුරු අවවාදය පිළිගනිමි.

      Delete
    9. @ SiTh:

      ඔබ ඉන්දියානු ඉතිහාසය ගැන කරුණු සොයන බවක් නොදැන සිටියෙමි. මගේ නම් ඉතිහාසය ගැන එතරම් දැඩි බැඳීමක් නැත. පිළිගැනෙන ඉතිහාසය ලංකාවේ බෞද්ධ ඉතිහාසය තහවුරු කරන බැවින් ඒ ගැන දැනුම ඇති කර ගැනීමට කැමතියි. එහෙත්, බෞද්ධ ඉතිහාසය තහවුරු නොකරන (ඔබ කියන දේ ඇතුව මහායාන ඉතිහාසයක් තහවුරු කිරීමට යොදා ගත හැකි) දේ ගැන මගේ එතරම් තැකීමක් නැත.

      බොහෝ විට සිදු විය හැක්කේ ඔබ ඉන් කරුණු ගෙනහැර දැක්වුවොත් එය ප්‍රතික්ෂේප කිරීම පිණිස මූලාශ්‍රය කියවීම මිස 'ඉතිහාසය' දැන ගැනීම උදෙසා එය කියවීමට පෙළඹීම නොවෙයි. අනෙක් දේ ඔබ දුන් ලින්ක් එක ඉංගිරිසි බව දුටු නිසා එය කියෙව්වෙත් නෑ. ඉංගිරිසි පරිවර්තන කියවීම කම්මැලි වැඩක් වනවාට අමතරව ඒවා වැරදි වලින් ගහනයි.

      ඔබ අසන ප්‍රශ්නය පුද්ගලබද්ධයි, එහි කියැවෙන පුද්ගලයා මා නොවෙයි. (මෙය කේ ආඩම්බර කරන පිළිතුරක් යනු මගේ අදහසයි.)

      Delete
    10. @ සිතුවිළි: ඔබ තුමාට අවවාද දීම අපගේ අරමුණ නොවීය. ඒ සඳහා සුදුසුකමක් මට ඇතැයි ද නොසිතේ. "අනවශ්‍ය දෙයට කට නොදා හිටු!" යන්න එම සටහනේ ගම්‍ය නොවන බව අපගේ අදහසයි. අපට කීමට අවැසි වුයේ හුදෙක්ම 'මේ දේ කළ යුත්තේ මේ දේ අපේක්ෂා කෙරේ නම්' වැනි දෙයකි.

      Delete
    11. @ Joseph : 1. ඔබ අපගේ පැනයට පිළිතුරු දී නැත. 2. ඉහත සටහනේ "පුද්ගලයෙකු" ලෙස දක්වා ඇත්තේ මා යැයි ගැනීම ඔබ විසින් කර ඇති උපකල්පනයකි. එම උපකල්පනය වැරදිය. 3. ඔබේ ප්‍රතිචාරයේ ඔබ කර ඇත්තේ ඔබේ කලින් සටහනේ දැක්වූ අදහස වෙනත් අයුරින් කීමයි. 4."එහි කියැවෙන පුද්ගලයා මා නොවෙයි." මේ අප ඇසු පැනයේ සඳහන් පුද්ගලයා ගැන නම් එම "පුද්ගලයා" කිසියම් පුද්ගලයෙකු මිස ඔබ හෝ මා හෝ නොවේ. (පේන හැටියට එම පුද්ගලයා ඉන්දියානුවෙකි.)

      ලංකාවතාර සුත්‍රයේ සිංහල පරිවර්තනයක් මා සතුව නැති බැවින් විකල්පයක් නැත. ඔබ කියන ලෙස (පෙරදිග දැනුම් පද්ධතියේ ඇති දේහි ) ඉංගිරිස් පරිවර්තන කියවීම ගැටළු සහගත බව සැබෑය. කාට හෝ එම සුත්‍රයේ දහම් කරුණු කියවීමට අවැසි නම් ඔබ දක්වන පරිවර්තන දෝස සැලකිය යුතු ලෙස බලපායි. එවන් ගැඹුරු කරුණු රහිත පළමු පරිච්චේදයට මෙම ගැටළුව බලපානුයේ අඩුවෙනි.

      විදෙස් බලපෑම් හෝ විකල්ප ඉතිහාස ගෙතීම් කෙසේ වෙතත් ලංකාවේ ඉන්නේ සිහළුන් පමණක් නම් ඉතිහාසය ගැන සෙවීමට මටද ලොකු ඕනෑකමක් නැත. ලක්දිව බුදුසසුනේ හා ජාතියේ අනාගත පැවැත්ම ගැන අපේක්ෂාවක් වේ නම් වත්මන් මග සකස් කිරීමේදී ජාතියක් ලෙස අප ඉතිහාසය (අතීතය) ගැන හැකි තාක් දැන සිටීම වැදගත් බව අපගේ අදහසයි.

      කෙසේ වෙතත් ඔබ දැක්වුයේ ඔබගේ අවසන් නිගමනය නම් මේ ගැන මීට වඩා ඔබට කරදර නොකරමි.

      Delete
    12. SiTh,

      ලංකාවතාර සූත්‍රය යනු:

      [1] චීන බසින් ලියැවුණු [2] මහායාන සූත්‍රයක් බවත්, එය

      [3] චීනයේ හා අග්නිදිග ආසියාතික රටවල ප්‍රචලිත බවත්, එහි මුල් පරිච්චේදයට අනුව,

      [4] ඒ සූත්‍රය "එක්තරා" බුදු රජාණන් වහන්සේ කෙනෙකු විසින් [5] "මලය" කඳු මත පිහිටි [6] ලංකා බලකොටුව (Castle of Lanka) වාසි, යක්ෂ සේනාවට අධිපති [7] රාවණා නම් තැනැත්තෙකුගේ ආරාධනයෙන් ඔහු සහ පිරිවර උදෙසා දෙසූ බවත් පැහැදිලිය.

      මෙයින් අපට බොහෝ ගැටළු ඇති වේ.

      පලමු ගැටලුව නම්

      (1) මලය කඳු යනු කවරක්ද යන්නයි. මේ සූත්‍රයට අනුව මලය කන්ද මුහුද මැද පිහිටි අතර එහි පාමුල සයුරු රළ වදී. අද අපි සිටින ලංකාව මෙවැනි කන්දක් නොවේ.

      (2) ලංකා බලකොටුව ලෙස මේ සුත්‍රය විසින් හැඳින්වෙන්නේ කුමක්ද? නමෙන් හැඟෙන ලෙස ම ලංකා යනු බලකොටුවකි; නැතිනම් (එය පරිවර්තන දෝෂයක් වීනම්) රාජධානියකි. ලංකාව ලංකාව වූයේ නිදහසින් පසුව බව සලකන විටත්, අප දන්නා ඉතිහාසය අනුව එය එනමින් ඊට පෙර හඳුන්වා නැති විටත්, මේ දෙකම එකක් ලෙස සැළකීම හුදෙක් උපකල්පනයකට වඩා වැඩි දෙයක් නොවේ.

      (3) රාවනා කාලය ලෙස අද පිළිගැනෙන කාලය ක්‍රි.පූ. 1000 ට වඩා අතීතයට යන විට, මේ සූත්‍රයේ කියවෙන "එක්තරා" බුදුන් අපේ ගෞතම බුදුන් වීමේ ඉඩකඩ අඩුය. මෙහිදී සිහි කර ගත යුතු වන්නේ ෂට්ශාස්තෘ වරුය.

      (4) ඔබ කියන අභයගිරිවාසි භික්ෂුන් විසින් මෙය රචනා කලේනම්, එය චීනය ආදී රටවල ප්‍රචලිත කිරීම පිණිස ඔවුන් සතු වූ ක්‍රමවේදය කුමක්දැයි කියාත් අප විසින් විමසීම වටි.

      SiTh,

      ඉහත සියලු කරුණු අපට ඇති වන ගැටළු මිස කිසිවකට පිළිතුරු නොවේ. ඒ ගැන කණගාටු වෙමි. ඔබ මේ ගැන අපට වඩා උනන්දු නිසා ඔබට මේ ගැටළු ප්‍රයෝජනවත් විය හැක. කේ සහ (ඔහු කියන) නූතන රාවනටත් මේ ගැටළු වලට පිළිතුරු සපයා ගැනීමට උනන්දු විය හැක. මා නම් නැවතත් කියන්නේ, මේ ගැන සෙවීම අනවශ්‍ය වෙහෙසක් බවමයි.

      Delete
    13. @ Joseph: අපුලෙන් වුව ඔබ ඉංගිරිස් පිටපත කියවා ඇති සෙයක් පෙනෙන බැවින් පළමුව ඔබේ ප්‍රතිචාරයට තුති පුදමි. ඔබ මතු කර ඇති කරුණු හා නගා ඇති පැන සාධාරණ ය. මේ කරුණු ගැන අපගේ අදහස පසුව දක්වමු. අපගේ පළමු සටහනේ "ලංකාවතාර සූත්‍රයේ, වෙසෙසින් පළමු පරිච්චේදය, අභයගිරි විහාර වාසීන් නිර්මාණය කෙළේ ඇයි?" ලෙස පැනය ඉදිරිපත් කිරීමට එක හේතුවක් ඔබ මතු කළ කරුණු මගහැරීම ය. මේ බව අපගේ දෙවන සටහෙනෙක "උදාහරණයක් ලෙස "සුදු කොඩි ...... ආදී කරුණු වැදගත් නැත." ලෙස උලුප්පා දක්වුයේද එබැවිනි. මෙහිදී කිව යුත්තේ පැනයට අදාල පිළිතුර කණිෂ්ක කෙටියෙන් දී ඇති බවත් එම හේතුන් පිළිගත නොහැකි තත්වය අප විසින් පැහැදිලි කළ යුතුව ඇති බවත්ය. අප ඇසු පැනය ගැන අපගේ අදහස නම් මහාවංශයේ හා ලංකාවතාර සුත්‍රයේ පළමු පරිච්චේද යන දෙකම පෙන්නුම් කරන්නේ එකල භික්ෂුන් බුදුසසුනේ පැවැත්ම පිණිස යක්ෂ ගෝත්‍රය හා කටයුතු කළ ආකාරය බවයි. cnews හි අපගේ සටහන් කියවන ඔබට මේ අදහස අළුත් නොවිය හැක. මේ ගැන වැඩිදුර විස්තර කළ යුතුව ඇත.

      Delete
  8. සිතුවිළිJuly 9, 2013 at 2:09 PM

    යාළුවේ කණිෂ්ක,
    මම මහන්සි වෙලා පොත් ගොඩක් අතේ තියාගෙන එක එක පෙරලලා බලලා සවිස්තරව දිග පොත් වට්ටෝරුවක් ලියලා දුන්නු එක ගැන නිහඬව සිටීමනම් එතරම් හොඳ නැහැ නේද? අඩු ගානේ මම ඒක දැක්කා කියලවත් කිව්වනම්.

    .................................

    මේ තමයි ධර්මය ගැන සාකච්චා කරන අපේ යථා ස්වභාවය, පොත් ගැන විස්තර දෙන්නේ දාන පාරමිතාවෙන්. ඒ උනාට අඩු ගානේ ලැබුනා කියලවත් කියන්න ඕනේ කියලා බලා පොරොත්තු වෙනවා. හාමුදුරුවන්ට දානේ දුන්නහම හොඳට පින් දෙන්න ඕනෙ කියලා බලා පොරොත්තු වෙනවා.
    කෝ පුරුදු කළ යුතු අත් හැරීම?
    දානයේ සැබෑ අරුත.....?
    ඇත්තටම දීලාද? නැතිනම් තාමත් මගේද?

    ReplyDelete
    Replies
    1. සමහර විට...

      සමහර විට, ම ගේ කොමෙන්ට් වලට වූ සෙතම ඔහුගේ කොමෙන්ට් වලටත් වුණා විය හැක. මොකද වෙන්නේ ?

      ඇත්තටම සිතුවිළි, ඔබේ පොත් ලැයිස්තුවට මමත් ප්‍රතිචාරයක් දැම්මා වගේ මට මතකයි.

      Delete
    2. සිතුවිළි,

      ජොසෙෆ්ගේ පිළිතුර විසින් අපගේ දෑස් විවර කරන ලද බව කිව යුතුය. ඔබලාගේ (හා අපගේ) ප්‍රතිචාර 'Spam' ලෙස වර්ගීකරණය වී දිස් නොවී පැවතුන අයුරු සොයා ගතිමි. එය අප විසින් පල කර තිබෙන්නේ 'July 5, 2013 at 11:36 PM' යන වෙලාවටයි.

      අදින් පසු ඒ ගැනද නිතර සොයා බලන්නම්.

      Delete
    3. ඔබේ කොමෙන්ට් ද 'Spam' ලෙස සළකනවා නම් එය දිනපතා පරික්ෂා කිරීම සුදුසුයි නේද ?

      සිතුවිළි ගේ පොත් ලැයිස්තුව ගැන මම කොමෙන්ට් එකක් දමා තිබුනේ නැත්ද ?

      (මට ඒ ගැන කීමට ඇවැසි වූයේ ඒ එක පොතක් වත් කියවා නැති බවයි.)

      Delete
  9. කණිෂ්ක,
    "මාදුරුඔය ජලාශයේ පැරණි වැව් බැම්ම හා නව වේල්ල" ලෙස නම් කර තිබූ චායාරූපය ලබා ගතිමි. ඔබ ඒ ගැන කර ඇති සටහනට අනුව නම් මේ චායාරූපය ඓතිහාසික වැදගත් කමකින් යුක්තයි. ඔබේ මෙහි ගියාද ? මාදුරුඔය පැරණි සොරොව්ව ගැන ඔබට කිව හැක්කේ කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. මිතු, http://budupilima.blogspot.com/2012/08/maduru-oya.html මෙතරම් ලස්සන ජලාශයක ආරක්ෂව වෙනුවෙන් බුදුහාමුදුරුවන්ද වැඩ සිටින සේක!

      Delete
    2. වසර කිහිපයකට පෙර ගිය අවස්ථාවේ ගත් සේයාරූය අප ඉදිරිපත් කළේ.

      ඉහත දෙවන පින්තූරයේ ඇත්තේ ඒ සොරොව්වේ සේයාරුවයි. වැව් බැම්ම ගඩොලින් බැඳ ඇතුලත බිත්ති සුවිශාල ගල් පතුරු වලින් සකසා ඇති බව පැහැදිලියි. ගඩොල් බැම්මක් වීනම් ජල පහරට දිය වී යාමට වැඩි දවසක් ගන්නේ නෑ.

      එහෙත් මෙහි අප දුටු සුවිශේෂ අංගය කළු ගලෙන් සකස් කළ දිය සොරොව්වට ඉහලින් ගඩොලින් තනා ඇති තුන්හුලස් කවුළුවයි. මෙය මේ අයුරින්ම එදා පැවතිණිද නොහොත් නූතන පුරා විද්‍යාඥයන් විසින් එසේ තැනවිණිදැයි දැන ගැනීමට ක්‍රමයක් අපට තිබුණේ නෑ. එය එදා වැව් තැනූ සිංහල වඩුවාගේ නිර්මාණයක් නම්, එය වැවෙන් ජලය පිට වන විට එහි සුළි අවම කිරීම පිණිසත්, පිට වන ජලය වෙනුවට වාතය එවමින් දිය පහරේ සැඩ බව පාලනය කිරීම පිණිසත් තනෙන්නට ඇති බව අපේ උපකල්පනය වේ.
      (පහල සතරැස් කවුළුවෙන් ජලය ඉවතට - ඉහල තුන්හුලස් කවුළුවෙන් වාතය ඇතුලට.)

      දෙතිස් කතා කියවන යම් පාඨකයෙක් මේ ගැන දන්නේ නම් අපට විස්තර කර දීමට මේ කාලයයි.

      Delete
  10. පොඩි ළමයාJuly 13, 2013 at 12:06 PM

    කේ,

    "දෙතිස් කතා" උපන්දිනයට ප්‍රමාද වී සුභ පැතීමට සිදු වීම ගැන කනගාටු වෙමි. අධික ලෙස කාර්ය බහුල වී සිටි නිසා මෙහි එන්නට බැරි විය.

    ඔබේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වේවා යයි ඉතා සිතින්ම ප්‍රර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයාගේගේ සුබ පැතුම පිළිගනිමු. එමතුද වුවත්, උපන් දිනය යන යෙදුම නිවැරදි නැත. දෙතිස් කතා අරඹමින් අප විසින් අපටම කර ගන්නා ලද අභියෝගයක් වෙයි.

      "දැන් ඉතිං බලමු මේක කොච්චර කාලයක් කරගෙන යයිද කියලා. මේක මමම මටම කර ගන්නා අභියෝගයක් !"

      එයයි අභියෝගය. ඒ අභියෝගයෙන් පරාජය නොවී වසරක් දරා සිටීමේ අභිමානයයි අප මේ ලිපියෙන් ඉදිරිපත් කළේ. අභියෝගයෙන් අප පරාජය නොවීමේ උත්සාහයේ සෑහෙන බරක් දෙතිස් කතා කියවන ඔබලා විසින් දරන ලද බව නිහතමානීව පිළිගත යුතුයි. ඒ හෘදයාංගම ලෙන්ගතු කම වෙනුවෙනි විශාල ප්‍රමාණයේ සේයාරූ දෙකක් අප විසින් තිලිණ කරන ලද්දේ.

      මේ වසරේදීත් ඒ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්‍ෂාවයි. ඔබලාගේ සහය ලැබේනම් පසුගිය වසරට වඩා පහසුවෙන් මේ වසරේ අභියෝගය ජය ගත හැකියි.

      Delete
  11. සිතුවිළිJuly 13, 2013 at 7:52 PM

    උපන් දිනය සමරා ටික දිනකින් 10,000 සීමාවත් පසුකලා නේද?

    අගෙයි ඔහොම යං

    දනගාලා බඩ ගාලා ඇවිදින එක හොඳයි එක පාර දුවන්න යන්නේ නැතුව.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !