Thursday, October 10, 2024

අනුරනිල්

දිවංගත ආචාර්‍ය නලින් ද සිල්වා විසින් ඊනියා අරගලය හඳුන්වන ලද්දේ "පරගලය" නමිනි. ඒ එහි මහමොළකරුවන් පරදේශක්කාරයන් වන්නේය යන අර්ථයෙනි.

ඔහුට සැළකිය යුතු මට්ටමක සම්බන්ධතා තිබිණි. ඊටත් වඩා කිසියම් තනි තනි සිද්ධි ගෙන එකට අමුණා ඒවායේ රටාවක් දැකීමටත් ඒ රටාව උපයෝගී කරගෙන (රටාව පැහැදිළි කිරීම පිණිස) කතාවක් ගෙතීමටත් ඔහුට හැකියාවක් විය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයන්ගේ අභාවය - මරණය විසින් හෝ ස්වයං නිර්ණිත නිහඬ බව විසින් - වර්තමායේ රටේ අවාසනාවයි.


රනිල් වික්‍රමසිංහයන් විසින් ජනතවි මුක්ති පෙරමුණ යන නමින් අවඥාවෙන් හැඳින්වුන පක්‍ෂය කෙරේ කිසියම් කලෙක අපට ලැදියාවක් තිබිණි. ඒ පක්‍ෂයේ පත් වූ පළමු අමාත්‍යවරුන්ගෙන් අතුරින් කෙනෙකුට සහ තවත් අයට මනාප ලකුණු කළ ඉතිහාසයක් අපට වෙයි. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංශ කතා කරන දර්ශණ පෙළකට පහළින් සැකිළි (cartoon) බූරුවෙක් තප්පු ලන ආකාරය පුනර්රූපණය කරමින් ස්වකීය ජනමාධ්‍ය නිදහස සංකේතාත්මකව ප්‍රදර්ශණය කිරීමට සිරස රූපවාහිනිය කටයුතු කළ සමයයි.

එදා සිට අද දක්වා බොහෝ දේ වෙනස් වී තිබේ.

Sunday, September 22, 2024

"වහලුන්" විසින් වහල් හිමියා තෝරා ගැනීම

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා වරණයේ ප්‍රතිඵල දැන් නිකුත් කෙරෙමින් පවතී.

මෙවර 3% කාටද ?

ඊයේ රාත්‍රියේ සිට මේ වන තෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව නිරීක්‍ෂණය වන්නේ 2019 වන විට 69 ලක්‍ෂයක් යැයි ලංකාවේ උ.බු. ඡන්ද දායකයින් සහ ඔවුන්ගේ නායක සහෝදරවරුන් විසින් ගණනය කර "වහලුන්" ලෙස නාමකරණය කර සිටි පොදුවේ "බයියන්" නමින් හැඳින්වූ අයවළුන් ස්වේච්චාවෙන් තමන්ගේ වහල් හිමියා ලෙස වෙනත් කෙනෙක් තෝරා ගැනීමට තීන්දු කර තිබෙන බවයි.

රූපාන්තරණය වූ ඒ වහලුන්ට දෙතිස් කතාවේ සුභාශිංසන !

Wednesday, March 13, 2024

කුමන්ත්‍රණ : ගෝඨාභය එළිදැක්වූ පොතෙන්

කුමන්ත්‍රණ යන වචනයේ සාඩම්බර හිමිකරුවා විමල් විරවංශ හිටපු අමාත්‍ය තුමාය. එය ඒ මහතා ජනතවි මුක්ති පෙරමුණේ © 2005 Ranil Wickramasinghe ප්‍රචාරක ලේකම් ධුරය දරන කාලයේ අත්පත් කර ගත් වත්කමකි. තමන්ට පැහැදිළි කළ නොහෙන යම්කිසි සංසිද්ධියක් - හේතු පැහැදිළි නැති සිදු වීමක් - අනුගාමිකයින්ට පැහැදිළි කිරීම පිණිස ඒ මහතා සහ ඒ මහතා ඒ කාලයේ නියෝජනය කළ සංවිධානය බොහෝ විට මේ වචනය යොදා ගත්තේ භෞතික විද්‍යාඥයන් "අඳුරු" යන වචනය යොදා ගන්නා අන්දමිනි.

විරවංශ මහතා නියෝජනය කළ ඒ සංවිධානය අර වචනය දැන් පාවිච්චි කරන්නේ නැතුවා පමණක් නොව, ඒ සංවිධානය ද අලුත් හැවකින් සැරසී සිටියි. දැන් ඒ අය ආශ්‍රය කරන්නේ නිර්ධන පංතිය නොවේ. මේ ගමන දළ වශයෙන් දශක එකහමාරකට වඩා පැරණි ය. විමල් විරවංශ කැඩී වෙන් වීම පළමු වරට එය එළිපිට දර්ශනය වූ අවස්ථාවයි. එදා සිට අද දක්වා අලුතින් ඡන්ද නාම ලේඛණයට එකතු වූ නම් කොපමණද, එම නාම ලේඛණයෙන් ඉවත් වූ නම් කොපමණද. මෙය අඩු වශයෙන් මිලියන තුනක් මිස ඊට අඩු වීමේ හැකියාවක් නැත.

මේ අදහස් ගොන්න අපට ආවේ හිටපු ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ විසින් එළි දැක්වූ කුමන්ත්‍රණ පොත හේතු කොටගෙනය.

යට දැක්වෙන්නේ ඒ ග්‍රන්ථය එළි දැක්වීම අරභයා හේමන්ත රන්දුණු මහතා විසින් දිවයින පුවත්පතට සම්පාදනය කළ ලිපියකි.


Monday, January 1, 2024

2024


 
නව වසරේ ලැබූ ප්‍රථම ජය සාමකාමීව සමරන්න.

Thursday, November 9, 2023

2023 ICC ලෝක කුසලානය - ii

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික අදියරේ වට අටක් අද අවසාන විය. අද වන විට කණ්ඩායම් ශ්‍රේණිගත වී සිටින්නේ පහත අයුරිණි.
තරඟ වට 8 ක් අවසන කණ්ඩායම් පෙළ ගැස්ම
තව එක වටයක් පමණක් ඉතිරි වී තිබෙන මේ මොහොතේදී නිරීක්ෂණය කළ හැකි නිරීක්ෂණය වන්නේ කණ්ඩායම් තුනක් ස්ථිර වශයෙන්ම මීළඟ වටයට තේරී තිබෙන අයුරත්, තවත් කණ්ඩායම් සතරක් මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අහිමි කරගෙන සිටින බවත් ය. අවාසනාවට අප ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ පසුව කී කණ්ඩායම් සතර අතරටය.

නවසීලන්තය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් තුනෙන් එකක්  පමණක් ඉදිරි දින කීපය තුල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

Tuesday, October 10, 2023

2023 ICC ලෝක කුසලානය

මෙවර ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අප අසල්වැසි භාරතයේ නගර දහයක දී පැවැත්වේ. ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ලංකාව මේ තරඟාවලියේ මූලික වටයේදී එකිනෙකා හමු වනු ඇති අතර එක තරඟයකට දෙක බැගින් වෙන් කෙරෙන ප්‍රසාද ලකුණු වැඩිම ප්‍රමාණයක් එක්රැස් කර ගන්නා වූ, ප්‍රසාද ලකුණු සම වූ අවස්ථාවක වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා වූ, එයත් සම වූ අවස්ථාවක දළ ලකුණු වේගය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම අනුව ඉහලින්ම වැජඹෙන කණ්ඩායම් සතර අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවසන් පුර්ව තරඟ දෙක ජයග්‍රහණය කරන පිල් දෙක අතර අවසන් මහා තරඟය පැවැත්වෙයි. ලකුණු සම වන අවස්ථාවක සුපිරි පන්දු වාර ක්‍රමය යොදා ගැනේ.෴


Sunday, March 19, 2023

අනේ දුකමයි ගෑණු හින්දා

මා වැනි බිළින්දා

වර වර ළඟට කැන්දා

දුක් සැප කුමන්දා


Friday, September 24, 2021

මනුෂ්‍ය මරණ සහ ජඩමාධ්‍ය

පිළිගත් ජනමාධ්‍ය විසින් මනුෂ්‍ය මරණයක් වාර්ථා කරන ආකාරය සම්බන්ධයෙන් සම්මතයක් තිබේ. ජනමාධ්‍ය වල සම්මතය තිබියේවා සාමාන්‍ය සමාජයේ වුවත් මරණයක් ගැන කතා කරන ක්‍රමයක් තිබේ. ප්‍රේමදාස මරණය ප්‍රභාකරන් මරණය වැනි සුවිශේෂ අවස්ථා හැරුණු විට මේ සම්මතය රැකී තිබිණි. තමන් කැමති නැති කෙනෙකු, නැතිනම් තමන්ට කරදරයක් වී සිටින කෙනෙකු මළ අවස්ථාවක තව කෙනෙක් සතුටට පත් වේ නම් එයට වරදක් කීම යුතු නැත. එහෙත් ඒ සතුට රතිඤ්ඤා දල්වා රබන් ගසා සමරයි නම් ඒ මිනිස් කම නොවේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මිය යන විට කොවිඩ් සැදී තිබිණි. අභාවප්‍රාප්ත "අහිකුන්ඨික" සුනිල් මහතා මිය යන විට එම රෝගයෙන් "පූර්ණ" සුවය ලබා වැඩි දිනක් ගත වී තිබුණේ නැත. ඌරුවරිගේ වන්නියාආර්‍යාව වකුගඩු රෝගයකින් කළුරිය කරන විට ඈටත් මෙකී රෝගය වැළඳී තිබුණු බව කියත්. මේ සියළු දෙනාටම පෙර ලංකාවේ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ උස්තාද් පකීර් කෙනෙක් වන මහාරාජා මුදලාලි දිවංගත විය. ඒ ද මේ රෝගයෙනි.

ඊයේ පෙරේදා "ස්වයංජාත" වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහතා කොළොඹ පෞද්ගලික රෝහලකදී මිය ගියේය. ඔහුටත් මේ රෝගය වැළඳී තිබුණු බව අසන්නට ලැබිණි. නමුත් අපේ අවධානයට ලක් වන්නේ ඔහුගේ මරණය ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණු ආකාරයයි.

ඉහත ප්‍රවෘත්තිය පල වන්නේ දිවයින පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ ය. එහි ප්‍රථම වාක්‍යය ප්‍රවෘත්තිය යි. එමෙන් දෙගුණයක් පමණ දිග දෙවන වාක්‍යය ප්‍රභාත් විතාන නමැත්තාගේ ගොබ්බ කමේ ප්‍රකාශනයයි. මේ දිවයින පුවත්පතේ නිල මතය ද?



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !