![]() |
| මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය |
Tuesday, April 12, 2016
අවුරුද්දට නිවාඩු කෝ
Tuesday, March 22, 2016
සුභ සහ යස
දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්?
අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!!
Monday, March 7, 2016
වත්ත බද්දට දී ඇස්සට දත නියවීම
- Standstill Agreement
- Instrument of Accession
ඉන්දීය මහකොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට පෙනෙන වර්තමාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යවල දී කිසියම් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා හමුදා බලය 1/3 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත්, බ්‍රිතාන්‍ය අගමැති විසින් රුපියල් බිලියන ගණනක් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා `ප්‍රතිසංවිධානය` උදෙසා `දන් දීමට` ප්‍රතිඥා දීමත් මේ සන්ධර්භය යටතේ විග්රහ කළ යුතු කරුණු වේ.
Thursday, February 25, 2016
කේවට්ඨ සූත්‍රය
ඉන්දියාව සෑදුණු හැටි
ඉන්දියාව අරාබින්ගේ නිර්මාණයකැයි සිතමි. තමන් යුරෝපයට විකුණන අගනා කුළුබඩු සහ මුතු මැණික් ඈ වටිනා දේ උකහා ගන්නා මූලාශ්‍රය සඟවනු කැමති අරාබීහු අල් ටකියා ක්‍රමයට ඒවා උපදින්නේ ඉන්දියාවේ යැයි යුරෝපීයයන්ට කියන්නට ඇත. ඉතා වටිනා දෑ උපදින අරුම පුදුම රටක් වූ ඉන්දියාව සොයා යාමට යුරෝපීයයන්ට අවශ්‍ය වන්නේ එහෙයිණි.![]() |
| බුරුමයද ඇතුලත් වන බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යය (මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර නොගත් දේශීය පාලකයන් යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍ය වේ) - මූලාශ්‍රය: Wikipedia |
Saturday, February 20, 2016
මිතුරෙක් නැති රටක්
වර්ථමාන ඉන්දියාව ගැන හැඳින්වීමක්
ඉන්දියාව: එය දන්නා කාලයේ පටන් අපේ අසල්වැසියන්ගේ සතුරු රාජ්‍යයකි. ඉන්දියාවට මිතුරන් නැත - සිටින්නේ අපරාධකාරී හවුල්කරුවන් පමණි. සෝවියට් සමුහාණ්ඩුව විසුරුවා හරින තෙක් ඕ තුරුළේ සිට සිය අසල්වාසීන්ට කෙණෙහිලිකම් කළ ඈ දැන් ඇමරිකා එක්සත් ජනපද ප්රමුඛ බටහිර රටවල සහය ඇතිව ස්වකීය අසල්වාසී රාජ්‍යයන්ට අතපෙවීම් කරන්නීය.
![]() |
| බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාව - මූලාශ්‍රය: The British Library |
Wednesday, February 10, 2016
CEPA එපා නම් ETCA හොඳද ?
ශ්‍රී ලංකාවේ හෙට දවස අඳුරු කරවන ETCA ගිවිසුම පරදවමු
ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංජිනේරු සංගම් / වෘත්තීය සමිති එකාබද්ධව පිහිටුවා ගනු ලැබූ ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය විසින් බෙදා හරිනු ලැබූ පත්‍රිකාවක සිරස්තලය. එයින් ශ්‍රී ලංකික මහජනතාවට ආයායචනය කර සිටින්නේ වික්‍රමසිංහ රෙජීමය විසින් ඉන්දියාව සමග ලහි ලහියේ අත්සන් කිරීමට සැරසෙන ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට එරෙහි වන ලෙසයි.
පළමුව අපි ඒ අත් පත්‍රිකාව කියවා සිටිමු.
පත්‍රිකාවට අනුව අප මෙකී ගිවිසුමට විරුද්ධ විය යුතු වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය.
- ලාංකිකයන්ගේ රැකියා වෙළෙඳපොල ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනීම
- ගිවිසුම් පාර්ශවකරුවන් අතර ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් වියදම් අධික එසේම ශ්‍රී ලංකා අධිකරණ බලාධිකාරියෙන් එපිට ඇති බේරුම්කරණ ආයතන වෙත යාමට සිදු වීම
Labels:
ආර්ථික,
කාලීන ප්රවණතා,
දේශපාලන,
නව තාක්ෂනය
Friday, January 8, 2016
ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයි
හෙවත් කළු පාටින් සමරණ බ්‍රා-සිරා ගේ වර්ෂ පූර්ණය
ගමයාගේ අණ්ඩ දැමීම
සොඳුරු ඒකාධිපතිත්වය අවසන් කරන්නෙමැයි පාරම් බාමින් පැමිණි මේ ගෝතයා අඩුවක් නොතබාම එය ඉටු කළේ කුරිරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරමිනි. තමා දිව්‍ය ලෝකයට ගෙන ගිය අලියාට කෙළෙහි ගුණ සැළකීම පිණිස කළ මැටි-මෝල් වැඩ ගැන පසුගිය වසර පුරාම කතා කර ඇති මුත් කතා කර නැත්තේ අයවැයට දිනපතා අණ්ඩ දැමූ ආකාරය වේ.
මෙවර අයවැය අමුතුම තාලේ එකකි. ජුන්ටාධිපතිට අවශ්‍ය වන්නට ඇත්තේ 'ෆුල් සූට්' එකක් බවට සැකයක් නැතත් ඉදිරිපත් කරන ලද්දේ කොට කලිසමකි. මේක ටයිඩ් එකක්ද තුන්කාලක් ද නැතිනම් දෙපැත්ත කැපූ රනින් ෂෝටක් ද එසේත් නැත්නම් වෙනම එකක් දැයි අයවැය ඉදිරිපත් කළ පිස්සු බහුබූතයා දන්නේ නැත. හරිහැටි සිංහලවත් නොදන්නා මේ හාදයා වාහන ගැනවත් අඩු තරමින් දන්නේ නම් හීලියම් කාර් වලට බදු සහන දෙන්නට කතා කරන්නේ ද නැත.
කොහොමින් කොහොමින් හරි ඉදිරිපත් කර ගත් අයවැය ජනතාවට ගින්දර සමග විහිළු සපයන්නක් වීම හේතුවෙන් ගමරාළට එයට අත නොදා සිටීමට නොහැකි විය - නැතිනම් ගමයාට ඒකත් ආතල් එකක් ලෙස පෙනෙන්නට ඇත. කළින් සිටි 'සොඳුරු ඒකාධිපතියා' ප්‍රශ්නයක් ඔඩු දුවන තෙක් නිසොල්මනේ සිට අවසන් මොහොතේ අත දමා ලකුණු දා ගන්නා අයුරු මේ ගමයා ද නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ වැඩේ නැගලාම ගියේය. ගමයාගේ අණ්ඩ දැමීම කෙළවර වූයේ කොට කළිසම අමුඩ ලේන්සුවක් වීමෙනි.
මේ අමුඩ ලේන්සුව ජෝකෙක් හෙවත් ලංකට් එකක් ලෙස දුටු කවුන්සිලේ හරක් පට්ටිය තප්පු ලා එය තුනෙන් දෙකක් දී පාස් කළහ. ඒ අයවැයට අණ්ඩ දැමීමේ පුරාවෘත්තයයි. සම්මත වූ අයවැයේ ඇත්තේ කවරක්දැයි දන්නෝ වෙත්ද ?
෴
කළ හොඳ පස්සෙන්
ගමරාළ දිව්‍ය ලෝකයේ සිටි මේ වසරට ඔහු අලියාට හොඳට සැළකිය. එසේම අනෙක් සත්තුන්ට ද මදි නොකියන්නට සළකමින් ඇත. කොටියාට අවුරුදු 100 පමණ තර්ක-වාද කර අවුරුදු 30 ක් කැරළිගසා ලබා ගත නොහැකි වූ දේ දීමට සියල්ල සුදානම් ය. ඔටුවාට ද අවශ්‍ය දේ රටේ සතර දිග්භාගයෙන්ම ලැබෙමින් පවතී. නරින්ට ඕනෑ දේවල් ලැබෙන බවට කිසි සැකයක් නැතුවා පමණක් නොව 2001-2004 කාලයේ තිබූ පරාක්‍රමය එළෙසින්ම පෙන්වමින් සිටී.
එහා රටේ වඳුරු හමුදාව 'සීපා' වෙනුවට වෙනත් නමකින් ගෙනෙන පොරොන්දුවක් පසුපස සඟවා මෙරට ආක්‍රමණය කරනු ඇත. සීපා නොව මොන නමින් ආවත් එන්නේ "හනුමා" බව ගමරාළ දැන ගත යුතු අතර දැන්වත් සිහි එළවා නොගත්තොත් මේ හනුමා මොන මොනවා නොකරාවි දැයි කිව නොහැක. 'සීපා' නම් හනුමා වෙත සුදු හුණු ගාන නූතන විභීෂණ ලා ජනමාධ්‍ය ලෝකයේ පමණක් නොව බ්ලොග් ලෝකයේ ද පහල වන්නේ නිකං ම නොවේ.
ජෙනිවා කවුන්සිලේ චෝදනා කුණු කූඩයට විසි කර දැමිය යුතු මුත් ගමරාළට ඒවා ගැන වගේ වගක් නැත. ලඟදි ඉන්දියාවේ පුවත් පතකට
මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයිකියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ
මං දන්නෙවත් නෑ නොවැ, හිටංයැයි කියනු ඇති බවට සැකයක් නැත.
එසේ කියා ගිරාඳුරුකෝට්ටේ හෝ මහවිලච්චියේ හෝ දහම් පාසැලක තෑගී බෙදා දීමට ගොස්
ඕකුන්ට මඩු වලිගෙන් තලන්නකතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.
෴
Friday, January 1, 2016
සමුගැනීම ?
දෙතිස් කතාව ආරම්භ කෙරුණේ 2012 ජූලි මස 5 වැනිදා ය. 2013 ජූලි 5 වැනිදා "අද ජූලි 5 !" ලිපියෙන් දෙතිස් කතාවේ පළමු වසර සමාලෝචනය කළෙමු. අලුත් ග්‍රෙගරියන් දින දසුනක් වෙත මාරු වීම නොව දෙතිස් කතාවට වසරක් පිරීම මෙවැන්නකට සුදුසු අවස්ථාව බව තවමත් අපගේ අදහස වේ.
එහෙත් එහි වෙනසක් කිරීමට දැන් සිදුව තිබේ.
Subscribe to:
Posts (Atom)
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.
එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !


