Friday, January 8, 2016

ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයි

හෙවත් කළු පාටින් සමරණ බ්‍රා-සිරා ගේ වර්ෂ පූර්ණය



ගමයා අලියාගේ එල්ලී දෙව් ලෝ ගොස් අදට වසරකි. මේ වසරට මෙලෝ ගොබිලෙක් නුදුන් වින්දනයක් අපට ලබා දීමට ගමයා සමත් උනේ නැද්ද? අපේ මාමා "අයියෝ සිරිසේන !" කීවේ මේවාටමය.




ගමයාගේ අණ්ඩ දැමීම


සොඳුරු ඒකාධිපතිත්වය අවසන් කරන්නෙමැයි පාරම් බාමින් පැමිණි මේ ගෝතයා අඩුවක් නොතබාම එය ඉටු කළේ කුරිරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරමිනි. තමා දිව්‍ය ලෝකයට ගෙන ගිය අලියාට කෙළෙහි ගුණ සැළකීම පිණිස කළ මැටි-මෝල් වැඩ ගැන පසුගිය වසර පුරාම කතා කර ඇති මුත් කතා කර නැත්තේ අයවැයට දිනපතා අණ්ඩ දැමූ ආකාරය වේ.

මෙවර අයවැය අමුතුම තාලේ එකකි. ජුන්ටාධිපතිට අවශ්‍ය වන්නට ඇත්තේ 'ෆුල් සූට්' එකක් බවට සැකයක් නැතත් ඉදිරිපත් කරන ලද්දේ කොට කලිසමකි. මේක ටයිඩ් එකක්ද තුන්කාලක් ද නැතිනම් දෙපැත්ත කැපූ රනින් ෂෝටක් ද එසේත් නැත්නම් වෙනම එකක් දැයි අයවැය ඉදිරිපත් කළ පිස්සු බහුබූතයා දන්නේ නැත. හරිහැටි සිංහලවත් නොදන්නා මේ හාදයා වාහන ගැනවත් අඩු තරමින් දන්නේ නම් හීලියම් කාර් වලට බදු සහන දෙන්නට කතා කරන්නේ ද නැත.

කොහොමින් කොහොමින් හරි ඉදිරිපත් කර ගත් අයවැය ජනතාවට ගින්දර සමග විහිළු සපයන්නක් වීම හේතුවෙන් ගමරාළට එයට අත නොදා සිටීමට නොහැකි විය - නැතිනම් ගමයාට ඒකත් ආතල් එකක් ලෙස පෙනෙන්නට ඇත. කළින් සිටි 'සොඳුරු ඒකාධිපතියා' ප්‍රශ්නයක් ඔඩු දුවන තෙක් නිසොල්මනේ සිට අවසන් මොහොතේ අත දමා ලකුණු දා ගන්නා අයුරු මේ ගමයා ද නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ වැඩේ නැගලාම ගියේය. ගමයාගේ අණ්ඩ දැමීම කෙළවර වූයේ කොට කළිසම අමුඩ ලේන්සුවක් වීමෙනි.

මේ අමුඩ ලේන්සුව ජෝකෙක් හෙවත් ලංකට් එකක් ලෙස දුටු කවුන්සිලේ හරක් පට්ටිය තප්පු ලා එය තුනෙන් දෙකක් දී පාස් කළහ. ඒ අයවැයට අණ්ඩ දැමීමේ පුරාවෘත්තයයි. සම්මත වූ අයවැයේ ඇත්තේ කවරක්දැයි දන්නෝ වෙත්ද ?
෴

කළ හොඳ පස්සෙන්


ගමරාළ දිව්‍ය ලෝකයේ සිටි මේ වසරට ඔහු අලියාට හොඳට සැළකිය. එසේම අනෙක් සත්තුන්ට ද මදි නොකියන්නට සළකමින් ඇත. කොටියාට අවුරුදු 100 පමණ තර්ක-වාද කර අවුරුදු 30 ක් කැරළිගසා ලබා ගත නොහැකි වූ දේ දීමට සියල්ල සුදානම් ය. ඔටුවාට ද අවශ්‍ය දේ රටේ සතර දිග්භාගයෙන්ම ලැබෙමින් පවතී. නරින්ට ඕනෑ දේවල් ලැබෙන බවට කිසි සැකයක් නැතුවා පමණක් නොව 2001-2004 කාලයේ තිබූ පරාක්‍රමය එළෙසින්ම පෙන්වමින් සිටී.

එහා රටේ වඳුරු හමුදාව 'සීපා' වෙනුවට වෙනත් නමකින් ගෙනෙන පොරොන්දුවක් පසුපස සඟවා මෙරට ආක්‍රමණය කරනු ඇත. සීපා නොව මොන නමින් ආවත් එන්නේ "හනුමා" බව ගමරාළ දැන ගත යුතු අතර දැන්වත් සිහි එළවා නොගත්තොත් මේ හනුමා මොන මොනවා නොකරාවි දැයි කිව නොහැක. 'සීපා' නම් හනුමා වෙත සුදු හුණු ගාන නූතන විභීෂණ ලා ජනමාධ්‍ය ලෝකයේ පමණක් නොව බ්ලොග් ලෝකයේ ද පහල වන්නේ නිකං ම නොවේ.

ජෙනිවා කවුන්සිලේ චෝදනා කුණු කූඩයට විසි කර දැමිය යුතු මුත් ගමරාළට ඒවා ගැන වගේ වගක් නැත. ලඟදි ඉන්දියාවේ පුවත් පතකට මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයි කියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ මං දන්නෙවත් නෑ නොවැ, හිටං යැයි කියනු ඇති බවට සැකයක් නැත.

එසේ කියා ගිරාඳුරුකෝට්ටේ හෝ මහවිලච්චියේ හෝ දහම් පාසැලක තෑගී බෙදා දීමට ගොස් ඕකුන්ට මඩු වලිගෙන් තලන්න කතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්‍රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.
෴


ඉතිං එයාකාර වැඩ කරන ගමරාළ ගේ මීළඟ වසර වෙනුවෙන් මොනවා පතන්නද ? මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හොඳ ගොන් මාතෘකා ලෙස බ්‍රා-සිරාට තනපටවල් සහ තවත් එවැනි දේවල් වැඩි වැඩියෙන් ලැබෙන ප්‍රීතිමත් වසරක් වේවා කියා පතමුද ?

Friday, January 1, 2016

සමුගැනීම ?

2015 වසරට සමු දුන්නේ ඊයේ ය. අදත් සමු ගැනීමක් ගැන කතා කිරීමට සිදුව තිබේ.

දෙතිස් කතාව ආරම්භ කෙරුණේ 2012 ජූලි මස 5 වැනිදා ය. 2013 ජූලි 5 වැනිදා "අද ජූලි 5 !" ලිපියෙන් දෙතිස් කතාවේ පළමු වසර සමාලෝචනය කළෙමු. අලුත් ග්‍රෙගරියන් දින දසුනක් වෙත මාරු වීම නොව දෙතිස් කතාවට වසරක් පිරීම මෙවැන්නකට සුදුසු අවස්ථාව බව තවමත් අපගේ අදහස වේ.

එහෙත් එහි වෙනසක් කිරීමට දැන් සිදුව තිබේ.




Thursday, December 31, 2015

2016 දින දසුන


2016 දින දසුන මෙතැනින් ලබා ගත හැක.



Sunday, December 27, 2015

ජුන්ටාධිපතිගේ ව්‍යවස්ථා තැනීම

Sri Lanka to convert its Parliament to ‘Constitutional Assembly’ next year: ඒ පසුගිය 18 වැනිදා ඉන්දීය "ද හින්දු" පුවත්පත විසින් පල කරන්නට යෙදුණු ලිපියක සිරස්තලයයි. ඒ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

දෙතිස් කතාව පසුගිය වසර පුරා පුන පුනා ප්‍රකාශ කළ කරුණක් නම් ජනවාරි 9 දින ප්‍රකාශ කළ මැ.කො. ගේ ඡන්ද ප්‍රතිඵලයේ සැබෑ ප්‍රතිඵලය වශයෙන් සිංහලයින්ට -විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට - තමන්ගේ රටේ උරුමය අහිමි වන බවයි. උපන් ගෙයි තක්කඩියෙක් සහ බෞද්ධ විරෝධියෙක් වන රනිල් වික්‍රමසිංහ පියවරින් පියවර මේ ඉලක්කය වෙත ලඟා වන බව අප කළින්ම දුටුවෙමු; එය සටහන් කර තැබුවෙමු.

ජනවාරි 9 දා තකහනියේ හොර අගමැති කෙනෙක් පත් කරන විට අප විරුද්ධ වීමු. කැබිනට් චිට් එකෙන් අගවිනිසුරු ඉවත් කර අධිකරණය විහිළුවක් බවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැගුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහදවාලේ 'හයිජැක්' කර ඒ පක්‍ෂයේ 'දූෂිත' මන්ත්‍රීවරුන්ගේ සහයෙන් කැබිනට් එකක් සාදන විට එයටත් එරෙහි වීමු. නිදහස් පක්‍ෂය සිරිසේනට පාවා දීමේ වරද මහින්ද රාජපක්‍ෂගේ බව අප තවමත් අදහමු.

එසේම කුප්‍රකට 19 වන සංශෝධනය ගෙන එන විට හැකි සියළු වෙර යොදා එය පැරදවිය යුතු බව සටහන් කළෙමු. ගෙන ඒමට තැත් කළ 20 වන සංශෝධනයට එරෙහි වීමු. මහමැතිවරණයෙන් පසු හොරට සාදා ගත් ඊනියා ජාතික ආණ්ඩුවට එරෙහි වීමු. (මෙය තමන් විසින්ම පම්පෝරි ගසා අටවා ගත් 19 වන සංශෝධනයට පවා විරුද්ධ බව රනිල්ගේ ජුන්ටාව නොදන්නේ නොවේ.) තමාට මේ සම්මජ්ජාතියේ ලැබිය නොහැකි ජනාධිපති පුටුවට පාර පෙන්වීම වෙනුවෙන් දෙමළ බෙදුම්වාදයට දෙන කප්පම වශයෙන් විරුද්ධපක්‍ෂ නායක කම දෙන විට ප්‍රතිවිපාක පිළිබඳව ලිපි එකක් නොව තුනක් ම ලිවීමු.

දැන් එළඹී ඇත්තේ ඉහත සියළු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සහ සම්ප්‍රදාය විරෝධී උපක්‍රම වල කූටප්‍රාප්තියයි. ජුන්ටටාධිපති නාමධාරී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට පවසන්නේ තමා විසින්ම කඩිමුඩියේ 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ගේ බෙලි ඇඹරීම මගින් එය සම්මත කර ගනිමින් තමාට රිසි අයුරින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි කර දමා එජාප ව්‍යවස්ථාව වැනි බහුබූතයක් සකසා ගැනීමට තමාගේ අභිප්‍රායක් පවතින බවයි.

මේ බහුබූත වලට ඉඩ දුන්නොත් ලංකාව තවදුරටත් මෙලෙස නොපවතිනු ඇති අතර සිංහලය එහි අවසානය දකිනු ඇත. සිංහලයා තම නිජබිමෙහිම දෙවන පංතියේ පුරවැසියෙක් බවට පත් වනු ඇත. සිංහලයන් ලෙස පෙනී සිටිමින් පරවැඩ කරන වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, ජයම්පති වික්‍රමරත්න, නිර්මාල් රංජිත් වැනි අසිංහලයින්ට පමණක් මේ රටේ තත්වයක් ලැබෙනු ඇත. අප මෙතක් කරුණු පෙන්වා දී ත් මේවා කියවන සිංහලයින්ට මේවායේ වගේ වගක් නැත්නම් මීට වඩා කරන්නට දෙයක් නැත. පෙරද සටහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කරගත හැකි සුළු කරුණක් වෙනුවෙන් මහමගට බැස වෙඩි කෑමේ ආසාවක් හෝ අභිප්‍රායක් හෝ අපට නැත.





Tuesday, November 24, 2015

පොඩි එකාගේ ළියුම...!

කලකට ඉස්සර පොඩි එකාගේ ලියුම නමින් ඉරිදා පත්තරයක අපූරු භාෂා ශෛලියකින් ලියැවුනු ලිපි පෙලක් තිබූ බව යලි මතකයට නැගුනේ ඊයේ පෙරේදා කවුන්සිලයේ ඉදිරිපත් කෙරුනු අපූරු අය වැය ප්‍රකාශනයෙනි.

"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.

එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......

එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.



Tuesday, November 10, 2015

අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ

කපිලවස්තු පුර සුදොවුන් රජුට පුතෙක් ඉපදී පස් දිනකින් නම් තැබීමේ මගුල එළඹින. ඊට වේද වේදාන්ත ඥානයෙන් පරිපූර්ණ, අංග ලක්‍ෂණ විද්‍යාවන් දන්නා, ප්‍රඥාව ඇති බමුණන් එකසිය අට දෙනෙකුන් ගෙන්වන ලදී. මොවුනතරින් ප්‍රධාන වූ රාම ධජ ලක්ඛණ මන්තී කොන්ඩක්ඤ භෝජ සුයාම සුදත්ත යන බමුණන් අට දෙනා ළදරු කුමරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්‍ෂණ දුටහ.
www.telegraph.co.uk
ඔවුනතරින් වැඩිමහල් බමුණෝ සත්දෙන මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයි කියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයි කියමින් එක් ඇඟිල්ලක් පෑහ.

මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.

පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.

මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.


නම් තැබීම


සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.

අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.





Saturday, October 31, 2015

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සමග "යුද අපරාධ"

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා බ්‍රිතාන්‍යයේ රාජනීතිඥයෙකි. ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ලංකා තානාපති ලෙස සේවය කළ ෆෙඩ්රික් ද සිල්වාගේ පුතණුවන් වන ඔහු ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍ය ධුරය දරණ ලද ජෝර්ජ් ඊ ද සිල්වා ගේ මුණුපුරෙකු ද වේ. ඔහු යුගෝස්ලාවියාවේ කත්‍රිනා කුමරිය ආවාහ කරගෙන සිටී.
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියෙරාලියොන් රාජ්‍යයේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබඳ සෙවීම සඳහා ප්‍රධාන විමර්ශක ලෙස පත් කරන ලද්දේ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ය. අපරාධ පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිටින මුල් පෙළේ නීතිඥයෙකු වන ඔහු එහි ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් බෙල්ග්‍රේඩ්හිදී අගමැති වොයිස්ලාව් කුෂ්තුනිට්සා (Vojislav Koštunica) වෙත යුධ අපරාධ චෝදනා පිළිබඳව අනතුරු අඟවා එම රජය අවනත කර ගැනීම සඳහා නියෝජිතත්වය ලබා දෙන ලද්දේ ඩෙස්මන්ඩ් ද සිල්වා ය.

යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ත්‍රස්තවාදය, මානව හිමිකම් යන ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයෙකු වන ඔහු විසින් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2001 වසරේදී හේග් අධිකරණයේදී වරදකරු බවට පත් කරන ලද්දේය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කෙරෙන ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු විසින් පළ කරන ලද වාර්තාව සාරාංශගත කිරීමෙන් පහත ලිපිය සකසා ඉරිදා දිවයින පුවත්පතේ පළ කර තිබිණි.




Wednesday, September 23, 2015

චරිත දෙකක් ගැන කතා ගොඩක්

චරිත දෙකක් පිළිබඳ මේ ලිපිය දින කිහිපයකට පෙර අවසන් කර පල විය යුතුව තිබුණු මුත් කරුණු සම්පිණ්ඩනය කර අවසන් කර ගත නොහැකිව තිබුණු ලිපියකි.

Parliament of World Religions, Chicago, Sept. 1893
අප අද මාතෘකා කර ගත් චරිත දෙක මෑත කාලීන ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ, ලාංකීය ඉතිහාසය වෙනස් කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දායක වූ සුවිශේෂ චරිත දෙකකි. මේ දෙක එකට ගෙන කතා කිරීමට හේතු භූත වූ කරුණ වන්නේ මේ මහතුන් දෙදෙනාගේම ජන්ම දින සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබීමයි.

සැප්තැම්බර් මස 17 දින එකට ජන්ම දිනය සමරන මුත් නිවුන් සොහොයුරන් නොවන මේ යුග පුරුෂයන් දෙදෙනා වන්නේ ක්‍රි.ව.1864 උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ ඊට දශක සතරකට පසු 1906 දී මෙලෝ එළිය දුටු ජූනියස් රිචඩ් ජයවර්ධන යන මහතුන්ය.





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !