Friday, April 5, 2019

මෝඩයාගේ ක්‍රීඩාව

ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ විට හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව යනුවෙනි. එය gentlemen's game යන්නේ පර්වර්තනයකි. මේ නම පටබැඳෙන්නට හේතුව මෙකී ක්‍රීඩාවේ ඇති ඊනියා මහත්මා ගතියක් නොව වෙනත් ක්‍රීඩා වලට සාපේක්‍ෂව ෆුල් සූට් ගසා කරන ක්‍රීඩාවක් වීම බව සිතමි. පිජාමා ක්‍රිකට් ගසන මේ යුගයේ මහත්මා කතාව තේරුමක් නැත.

සමහරු මෙකී ක්‍රීඩාව කාලකන්ණි ක්‍රීඩාවක් ලෙස හඳුන්වත්. ඊට හේතුව කාලකන්ණි ජාතකයේ මේ ගැන සඳහන් වීම නොව මේ ක්‍රීඩාව දින පහක් පුරා පැවැත්වීමයි. සමහර විට එයත් ජය පරාජයෙන් තොරව අවසන් වේ. එක දවසෙන් ප්‍රතිඵල දෙන වරුවෙන් ප්‍රතිඵල දෙන "එක්දින" හා "T20" ක්‍රිකට් ගසන මේ කාලයේ ඒ කතාවත් එතරම් වලංගු නැත. තව සමහරු මේ ක්‍රීඩාව හඳුන්වන්නේ මෝඩයාගේ ක්‍රීඩාව නමිනි. ඊට හේතුව මිනිසුන්, විශේෂයෙන්ම නවයොවුන් සහ යොවුන් වයස් වල පසු වන්නන්, වැඩ පාළු කරගෙන ඉගෙනීම ආලපාළු කරගෙන රූපවාහිණී නම් ලත් යකාගේ පෙට්ටිය වට කරගෙන පැය ගණන් නාස්ති කිරීමයි. මෙයින් රටේ ජනතාවට අහිමි වන කාලය අති විශාලය. එහෙත් ඉන් ලැබෙන ආතල් එක හෙවත් සුදිය අර අහිමි වන කාලයේ වටිනාකමට වඩා වැඩි නිසාදෝ රටේ මහජනතාවගෙන් වැඩි පිරිසක් අවිඥානිකවම වෙළෙඳ දැන්වීම් වල ගොදුරු බවට පත් වෙති.




මේ වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේදී ය. මේ තරඟාවලිය එංගලන්තයේ පැවැත්වෙන්නේ පස් වැනි වරටය. මෙතෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි පැවති වර්ෂය - පැවැත්වූ රට(වල්) - සහ ජයග්‍රාහක කණ්ඩායම පහත දැක්වේ.
  • 1975 - [එංගලන්තය] - බටහිර ඉන්දීය කොදෙව්
  • 1979 - [එංගලන්තය] - බටහිර ඉන්දීය කොදෙව්
  • 1983 - [එංගලන්තය] - ඉන්දියාව
  • 1987 - [ඉන්දියාව හා පාකිස්ථානය] - ඔස්ට්‍රේලියාව
  • 1992 - [ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය] - පාකිස්ථානය
  • 1996 - [ඉන්දියාව, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව] - ශ්‍රී ලංකාව
  • 1999 - [එංගලන්තය] - ඔස්ට්‍රේලියාව
  • 2003 - [දකුණු අප්‍රිකාව] - ඔස්ට්‍රේලියාව
  • 2007 - [බටහිර ඉන්දීය කොදෙව්] - ඔස්ට්‍රේලියාව
  • 2011 - [බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, හා ශ්‍රී ලංකාව] - ඉන්දියාව
  • 2015 - [ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය] - ඔස්ට්‍රේලියාව.
(ඉහත විස්තරය මතක ඇති පරිදිය. වැරැද්දක් පෙන්වා දෙතොත් බාර ගනු ලැබේ.)

මෙවර තරඟාවලිය කණ්ඩායම් 10 කට සීමා වේ. ඒ ඒ කණ්ඩායම අනෙක් සියළුම කණ්ඩායම් සමග මූලික වටයේදී තරඟ වදිනු ඇත - එනම් සෑම කණ්ඩායමක් ම මූලික වටයේ තරඟ 9 කට සහභාගී වනු ඇත. අපගේ මතකය නිවැරදි නම් මේ තරඟාවලි ඉතිහාසයේ එක කණ්ඩායමක් මූලික වටයේ මුහුණ දෙන වැඩිම තරඟ සංඛ්‍යාවයි. මූලික වටයෙන් අනතුරුව අවසාන පූර්ව තරඟ දෙකක් සහ එහි ජයග්‍රාහකයින් අතර අවසන් තරඟයත් පැවැත්වෙනු ඇත.



මෙවර ICC ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් පහත පරිදි වේ.
  1. ඇෆ්ගනිස්ථානය
  2. ඉන්දියාව
  3. එංගලන්තය
  4. ඔස්ට්‍රේලියාව
  5. දකුණු අප්‍රිකාව
  6. නවසීලන්තය
  7. පාකිස්ථානය
  8. බටහිර ඉන්දීය කොදෙව්
  9. බංග්ලාදේශය
  10. ශ්‍රී ලංකාව
මෙතෙක් පැවති තරඟාවලි අතරින් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරඟාවලි දෙක බැගින් ජය ලබා තිබේ. ඔස්ට්‍රේලියාව තවත් තරඟාවලි පහක් ජය ගෙන සිටී. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එක තරඟාවලිය බැගින් ජය ගෙන සිටී. එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ සාපේක්‍ෂව නවක කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානයට තරඟාවලියක් ජය ගැනීමේ හැකියාවක් මෙතෙක් ලැබී නැත.

මෙවර තරඟාවලිය ජය ගනු ඇතැයි ඔබ සිතන්නේ කවර කණ්ඩායමද?

ශ්‍රී ලංකාව මෙවර තරඟාවලිය ජය ගනු ඇතැයි ශ්‍රී ලාංකිකයන්වත් සිතන්නේ නැත. විශ්‍රාමලත් කණ්ඩායම් නායක කුමාර සංගක්කාර මහතා පසුගියදා අනාවැකි පල කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම අනාගතයේ ඉතා ප්‍රබල කණ්ඩායමක් බවට පත් වනු ඇති බවයි. එහි අරුත මේ මොහොතේ අප කණ්ඩායම අජපල් තත්වයට වැටී ඇති බවයි.

මීට පෙර 1999 දී එංගලන්තයේ සහ එහි යටත් විජිත වන ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේත්, නෙදර්ලන්තයේ (එනම් ඕලන්දයේ) ත් පැවති තරඟාවලියට අප අත ලෝකයා මවිත කරවන තුරුම්පු ඇතැ'යි දහසක් පුරසාරම් දොඩා පිටත්ව ගිය අර්ජුණ රණතුංග සහ පිරිවර දුර්වල අප්‍රිකානු කණ්ඩායම් වන සිම්බාබ්වේ සහ කෙන්යා කණ්ඩායම් හමුවේ පමණක් ජයග්‍රහණ වාර්තා කර අනෙක් තරඟ සියල්ල පරාජය වී මූලික වටයෙන්ම පෙරළා පැමිණියහ. පසුව මාධ්‍යවේදීන් විසින් අර තියෙනවා'යි කී තුරුම්පු කෝ, ඒවාට මොකද උනේ යැයි විමසූ විට අර්ජුණ පිළිතුරු දුන්නේ මුල් තරඟ දෙක පරාජය වූ පරාජය වූ අන්දමට තුරුම්පු පාවිච්චි කිරීම තේරුමක් නැති බව පෙනී ගිය බවයි.



තරඟ ජය ගන්නා විට හුරේ දැමීමට සෙනග සිටී. පරාජයෙන් පසු නායකයා, පුහුණුකරු නැතිනම් තේරීම් කමිටුව බැණුම් අසනු ඇත. එහි වරදක් ද නැත. මේ අයට මිලියන ගණන් ගෙවන්නේ බැණුම් ඇසීමටත් එක්කම ය. මේ බණින අයගෙන් බොහෝ දෙනෙක් හරි එහෙනං මම ගෙදර ඉන්නම් උඹ ගහපං කීවොත් බාර ගන්නේ නැත. ක්‍රිකට් ගැසීම තබා පුහුණුකරු තනතුරවත් බාර දුන්නොත් හරියට කිරීමට මේ බණින්නන් බොහෝ දෙනෙකුට පරිචයක් නැත. එහෙත් අපේ සුවහසක් ක්‍රීඩා ලෝලීන්ට කළ හැකි එක දෙයක් තිබේ. ඒ තේරීම් කමිටුවේ කර්තව්‍යයයි.

එසේනම් මේ අභියෝගය ඒ ලෝලීන්ටයි.

මෙවර ICC ක්‍රිකට් තරඟාවලියට ඒ ඒ රට වලින් ක්‍රීඩා කණ්ඩායම් නම් කිරීමේ අවසාන දිනය මේ මස 23 වැනිදාය. මෙවර තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායම තේරීම් කමිටුව විසින් තෝරනු ඇති අතර ලංකාවේ මෙතෙක් එක්දින තරඟ ක්‍රීඩා කළ සියළුම ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලංකාව විසින් බිහි කළ විශිෂ්ඨතම ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඔබගේ සිහින කණ්ඩායම නම් කරන්න.


අප විසින් නම් කෙරෙන සිහින කණ්ඩායම පහත පරිදි වේ.
  1. ...
  2. ...
  3. ...
  4. ...
  5. ...
  6. ...
  7. ...
  8. ...
  9. ...
  10. ...
  11. ...


මෙවර තරඟාවලිය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා විකිය බලන්න.


ඉහත පින්තූරය ද උපුටා ගත්තේ එයිනි.

10 comments:

  1. Dettisse, what about this team?

    1. Sanath Jayasuriya,
    2. Marvan Atapattu,
    3. Kumar Sangakkara,
    4. Aravinda de Silva,
    5. Mahela Jayawardene (vc),
    6. Arjuna Ranatunga (C),
    7. Ashantha De Mel - pace
    8. Chaminda Vaas, pace
    9. Lasith Malinga, pace
    10. Rumesh Ratnayake, pace
    11. Muttiah Muralitharan, ob

    (Ravi Ratnayaka/ DS de Silva reserve)

    I'm a paceman & thus I preffered more pacies than spinners. Can select more spinners on slow pitches FYI

    ReplyDelete
  2. දියුණු නොවුන බොහෝ රටවල තියෙන දෙයක් තමයි රස්සාවෙන් මිනිස්සු මනින්න යන එක. මේ රටේ සල්ලි තියෙන උදවියගේ දරුවෝ ඉගෙන ගන්න පිටරට ගියාම බොහෝ වෙලාවට ඒ රටවල කරන්නේ මෙහෙදී ඔය පහත් කියලා සදහන් කරන රස්සා තමයි. මොකද ඒ රටවල එහෙම වර්ගීකරණ නෑ. මේ රටේ දොස්තර කියන්නේ උසස් රස්සාවක්, කුණු ගෙනියන කම්කරුවා අන්තිම පල්ලෙහා රස්සාවක්. දොස්තර කරන්නේ ලෙඩ සනීප කිරීම හැබැයි අර කම්කරුවා කරන්නේ මිනිස්සු ලෙඩ වෙන එක නැවත්වීම. මේ රටවල් එක තැන පල් වෙන්නේ ඔන්න ඕකයි.

    ReplyDelete
  3. සිතුවිළිApril 18, 2019 at 11:27 AM

    අනේ මේ කහත්වරුන්ගේ ක්‍රීඩාව ගැන නම් මම දන්නේ නැහැ.
    ඒ නිසා අදහස් පලකෙරෙන්නේ නැහැ.

    මීට පරිභාහිර කාරනාවකට ඔබතුමාගේ උදව්ව අව්ශ්ය වෙලා තියෙනවා.
    "ප්‍රාර්ථනාවෙන් යාඥාවෙන් ලැබිය හැකිනම් මේ ලොව කාට කුමකින් අඩුවක් වෙයිද"
    කියන බුදු වදන ඇතුලත් සූත්‍රය කුමක්දැයි අදහසක් ඔබ සතුද?
    එය මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇති නිසා සොයමින් වෙහෙසෙනවා.
    හැකිනම් උදව්වක් කරන්න.

    ReplyDelete
    Replies
    1. මතකයට නොඑයි.
      සොයා බලන්නම්.

      Delete
  4. ඉදිරියේ ජනාධිපතිවරණයක් එනවා. අදි දින සිදුවූ බෝම්බ ප්‍රහාරය නිසා ජනතාව හිතන්න පුළුවන් ඉදිරියේ මේවගේ දේ සිදුවීම වලක්වන්න නම් පණ ඇති මිනිහෙක් ජනාධිපති කරවිය යුතුයි කියලා. එහෙම කෙනෙක්ට ඉන්නේ ඝෝඨාභය. එනම් මේ බෝම්බ ප්‍රහාරයෙන් වාසි ලබන්නේ ඝෝඨාභයයි. එමනිසා මේක කලේ ගෝඨාභයමයි. පුළුවන්නම් මේක ඝෝඨාභයගේ වැඩක් නෙමෙයි කියා ඔප්පු කරන්න. :)

    ReplyDelete
    Replies
    1. මේ දින වල වහින වැස්සෙන් වාසි ලබන්නේ ගොවියායි.
      මේ වැසි වැස්සවීම කලේ ගොවියමයි.
      පුළුවන් නම් මේක ගොවියාගේ වැඩක් නෙවෙයි කියා ඔප්පු කරන්න.

      Delete
    2. @Jagath Pathirana,
      අපේ සිතට ක්‍ෂණිකව පැමිණි එක් උපකල්පනයක් නම් මෙයයි. ඒ "බෝම්බයක් පුපුරලා" යන පුවත ඇසුණු සැනිනි.
      ඒ සමගම අනෙක් අතින් සිහියට ආවේ ජනාධිපතිවරණයේ වාසි පිණිස ඒ උදවිය විසින් මෙය කරන්නට ඇතැයි සැක පිට අත් අඩංගුවට පත් කිරීමේ සහ අපකීර්තියට පත් කිරීමේ අවධානමයි. ජනාධිපතිවරණය පසු වී වෙනකෙක් ජය ගත් පසු බොරු නඩුවෙන් නිදහස් වුණත් වැඩක් නැත.
      එහෙත් ප්‍රහාරයේ පරිමාව දැනුණු විට ඒ අදහස් දෙකම තුරන් විය.

      Delete
    3. @නයනේ - සිතුවිළි,
      වැස්සෙන් විදුලිබල මණ්ඩලයටත් වාසියි. කාසල්රි පෙදෙසට කෘතීම වැසි වැස්සවීමට ඔවුනුත් උත්සාහ කළ බව මතකද ?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !